Thursday, June 13, 2013

මහ රජාගෙ උන්ට නැති එක... King's Family Missed it... !!


රාජ මාලිගවෙන් එලියට බහින කොල්ලාගේ රාජාභරණ ගැලවෙන්නේය. රාජ සළු පිළි ගැලවෙන්නේය. කොල්ලා හෙවත් කුමාරයා ඇදුමින් පවා නිදහස ලබන්නේය. රාජ කුමාරයෙක් නොවන ගමේ කොල්ලා රෙදි නැන්දා අල්ලාගෙන සිටි අත අතැර ඉවත දිව යන්නේය. කොල්ලා නිදහස් සුව විදින්නේය. දෙඅත් අහසට උස්සා හිරු කිරණ, පහස විදින්නේය. රෙදි නැන්දා පස්සෙන් දිව එන්නේය. කොල්ලා පතන නිදහස ලබා, හිර ගෙදරක වන් මාලිගාවක තිබූ සීමා මායිම් බිද දෙඅත් අහසට විහිදා කැරකෙන්නේය. එහෙත් ලද නිදහස සීමා කරන්නට රෙදි නැන්දා වද දෙන්නේ කොල්ලා පසුපසින් ආරක්ෂාව දෙමින් ගමන් කරන නිසාය.

කොල්ලා පිරිවර වටකොට ගෙන ගමන් කරන්නේය. ඒ රාජ මාලිගාවේදීය. සැපක් නැත්තේමය. නිදහසක් නැත්තේමය. තනිවම වැඩක් කරන්නට බැරිය. පිරිවර වටකොටගෙන නිදහස් සුලගක සුවයක් විදින්නට නැත්තේමය. කොල්ලා අහසින් වැටෙන වැහි දිය දහරක සුවය විදින්නට වැස්සේ තෙමෙන්නේය. රාජ පුරුෂයෝ හෙවත් වටේට සිටිනා පිරිවර පැමිණ හිසට ඉහලින් රෙද්දක් අල්ලන්නෝය. සැප නැත්තේමය. හිතු දේ කරන්නටම බැරිය. උන් වද දෙන්නේය. නිදහසේ වැස්සක තෙමෙන්නට වත් නොදෙන්නේය.

රෙදි නැන්දා සමග යන කොල්ලා ගල් තලාවකට නගින්නේය. අහසේ සියොතුන්ගේ නද සමගින් අහස දෙස දෑත් යොමා ගල් තලාව මත කැරකෙන්නේය. කුඹුරු මැදින් යද්දී වතුර පාරකට පැන දගලන්නේය. නිදහස එමටය. කොල්ලාට සතුටුය. කොල්ලා පසුපස එන රෙදි නැන්දා වද දෙන්නේය. ඒ කොල්ලා රැක ගැනීමටය. කොල්ලාට රජ මැදුරේ තිබ්බ තරම් වන්නට නම් වදයක් නැත්තේය. මාලිගාවේදී කණ්ඩුල නම් අලි පැටියා පිට යද්දී පවා රාජ පුරුෂයෝ පැමිණ තමන්ව බස්සා ගන්නේය. නිදහසක් නැත්තේය. එහෙත් එළියට බැස්ස මොහොතේ සිට කොල්ල දැන් නිදහස්ය. රජ සැපට වඩා ආතල්ය.

කොල්ලා රැක ගැනීම රෙදි නැන්දාගේ වගකීම කොට අය සිතන්නීය. එහෙත් කොල්ලාට හිර ගෙයක් වූ රජ මැදුරෙන් එලියට ආ මොහොත සිට ලැබෙන නිදහස බිදුවක් හෝ අඩු වූයේ රෙදි නැන්දා නිසාය. කොල්ලාට ඒ දණ්ඩේ යන හැටි රෙදි නැන්දා කියා දෙන්නීය. ඇය ඉස්සර වන්නීය. පසු පසින් කොල්ලා දිව යන්නේය. රෙදි නැන්දා නැවතී හැරී බලන කළ කොල්ලා නැත්තේය. කොල්ලා රෙදි නැන්දා පසු පස සැගවී සිට එළිය එන්නේය. රෙදි නැන්දා තම වගකීම ඉටු කරන්නීය. කොල්ලාට එය තරම් වදයක් නැත්තේය. කොල්ලාට දෙන ගස් ගෙඩිය කොල්ලා කටේ දමා ගන්නේය. ඒ මදි වූ තැන කොල්ලා ගසට නැග තවත් ගෙඩි කඩාගෙන ලග තබා ගන්නේය. ඉස්සර නැති නිදහස කොල්ලා විදින්නේය.


ඉහත කී සියල්ල සිරි පැරකුම් චිත්‍රපටයේ සෑමා දුටු ඒවාය. ගීතය, පද, ගැලපීම සෙලටම ඇත්තේය. එයටම ගැලපෙනම වීඩියෝවක්ය. එය බලන අතරතුර සෑමාට සිහි වූයේ රජා ගැනය. රජාගේ දරුවන්ට නැති සැපක් අපේ උන් ගන්නා බවක් සෑමාට සිහි වූයේය. උන්ට ආතල් ඇත්තේ සිරවූ සීමාවක් තුලය. අපේ උන් ගන්නා ආතල් උන්ට නැති බවක් පෙනෙන්නට ඇත්තේය. උන්ට එළිය බහින්නට බැරිය. තනියම යන්නට එන්නට බැරිය. සද්දෙට පඩයක් අරින්නටවත් බැරි තරම්ය. අපේ උන් තරගෙට සද්දෙට පඩ අරින්නේ ආතල් එකටය. උන්ට ඒ නිදහසවත් නැති තරම් යැයි සෑමාට හැගුනේ මේ වීඩියෝව දැකිමෙන් පසුවය.

පිටින් බලන අපේ උන් කියන්නේ උන්ගේ සැප කනේ කියාය. ඔව් සැප කනේ පමණක්ය. අපේ උන්ට සැප ඇග පුරාම ඇත්තේය. ඕනෑම වෙලාවක එළියට බහින්නට නිදහස ඇත්තේය. බස් එකක නැග යන්නට නිදහස ඇත්තේය. වටේට හුස්ම ගන්නට, හුලං වදින්නට නොහැකි තරමේ පිරිවරක් නැත්තේය. හිටියත් හිටින්නේ අපේම උන්ය. අපේ මිත්‍රයන් මිස අපිට කෙලින්නට එන්න හදන උන් නෙවේය. එහෙත් උන්ට එන්නේ කෙලින්නටය. ඒනිසා වටේට සිටිනා පිරිවර වැඩි කරගැනීම උන්ගේ පරමාර්ථයමය.

චිත්‍රපටය පුරාවට දිව ගිය, රාජ කුමාරයෙක් නොවන ගමේ කොල්ලා නිදහසේ සිටින ආකාරය සෑමාගේ සිත් ගත්තේය. ඒ නිසාම සිතේ උපන් කතන්දර මෙසේ අකුරු කරන්නට සිත් වූයේය.

ඔබ ලබා ඇති නිදහස උපරිමයෙන් රැකේවා.
ජය !

Written by sAm_ශ්‍රී_Perera_9:22pm_16.06.13

48 comments:

  1. මුල් ටික කියවද්දිම හිතුවා.. :D

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ෆිල්ම් එකට වඩා මම දැක්කෙ රජ පොඩි එකා මාලිගාවෙන් එලියට බැස්ස දවසෙ ගත්ත ආතල් එක..

      ජය !

      Delete
  2. සිරි පැරකුම් චිත්‍රපටය තවම නරඹා නැත. නමුත් සෑමා ලකේට ලියපු ලියවිල්ලේ සිතුවිල්ල සහතික ඇත්තය." පිටින් බලන අපේ උන් කියන්නේ උන්ගේ සැප කනේ කියාය. ඔව් සැප කනේ පමණක්ය. අපේ උන්ට සැප ඇග පුරාම ඇත්තේය"

    ReplyDelete
    Replies
    1. මොක කිව්වත් අපිට තියෙන ආතල් එක උන්ගෙ සැපට වඩා සැපයි..

      ජය !

      Delete
  3. මදැයි හොදවැයින් එකක් බලන්ඩ ආවා

    ReplyDelete
    Replies
    1. චිකේයියා..

      අර යට තියෙන කමෙන්ට් එක වගේ පොඩි උන්ගෙ පුකවල් පෙන්නනවා :))

      ජය !

      Delete
  4. බැලුවා. මටනං චිත්‍රපටිය ලස්සනයි. (මට ඔය සම්භාව්‍ය විචාර කරන්න දැනුමක් නැත.) සැමාගේ කතාවද සෙටිෆිකේට් ට්රූ ය. ජය...!

    ReplyDelete
  5. සහතික ඇත්ත සැමා. ඒ නිදහස කොච්චර වටිනවාද ?

    ReplyDelete
    Replies
    1. ගොඩක් උන්ට තේරෙන්නෙ නැහැ.

      කිරුලක් පැලදි හිසක් - නොලබයි සුව නින්දක් !

      ජය !

      Delete
  6. තාම බලන්ට බැරිවුනා සෑමෝ... ඉංගිරීසි ඒවාමනේ බලන්නේ... මොකද ලංකාවේ හොඳ එකක් ආවේම නැහැනේ කාලයකින්. මේක නම් ගොඩ දෙනෙක් හොදයි කීවා. ගොහින් බලන්ට ඕනේ තමා...

    ReplyDelete
    Replies
    1. ගිහින් බලපං. දැන් යන්නෙ රජ කාලෙ කතන්දර රැල්ලක් නොවැ.

      අපෙ උන්ට හිතල කරන්න දෙයක් බැරි නිසාම..

      ජය !

      Delete
  7. හොඳ උනත් නරක උනත් මූගේ ෆිල්ම් බලන්නේ නෑ. මූ සරත් ෆොන්සේකාට බල්ලා කිව්වා.....

    ReplyDelete
    Replies
    1. බව්වා බූරා හේ කන්දා පාතා නහී හේ නේ මචං..

      අර සූකරයා ද මොකාද එකාත් දැන් රජ ටිකට ඉන්නෙ.

      මාත් ඕකව අදහන්නෙ නැහැ. මොකද මූට හිතල දෙයක් කරන්න බැරි නිසා දැන් ගහන්නෙ රජ කතන්දරමයි. මේක බලන්න ගියා නෙවෙ බං. බලන්න සිද්ද වුනා. අපෙ උන්ට වෙලාව කා ගන්න විදිහක් නැතුව, හද්ද ඩොටේ හෝල් එකකින් බැලුවෙ. :ඩී

      ජය !

      Delete
  8. සෑමාගේ කතාවනං ඇත්තය. බලය, සල්ලි තියෙන කළ නිදහස සීමා වන්නේය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං. පස්සෙ අපි ඉන්න තත්වෙටම වැටෙනවා. එදාට කැදත් නැහැ.

      ජය !

      Delete
  9. බැලුවේ නෑ සෑමා. කවුද ඕක හැදුවේ? මේ හැමෝම කියන නිසයි මාත් අහන්නේ.

    ReplyDelete
    Replies
    1. සෝමෙ මාමා.

      පුලුවන් උනොත් බලපං. ඌට මාත් කැමති නැහැ. ඒත් අහම්බෙන් බලලා මට හොදයි කියල හිතුනා.

      ජය !

      Delete
  10. අන්තිම වාක්‍යයට නම් පට්ට ලයික්..!!++++++

    ReplyDelete
  11. ඇත්තටම උඹ බැලුවෙ නෑ නේද? කවුරුහරි කියපු එකක්නේ මේ ගියල තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. බැලුව? ඇයි සැකද?

      ෆිල්ම් එකේම විචාරයක් නෙවෙ බං මට දාන්න ඕනෙ වුනෙ. මේ සිංදුවට, වචන වලට, වීඩියෝ එකේ ගැලපීමට හිත ගියා. ඒකයි දැම්මෙ. ෆිල්ම් එකේම විචාරයක් වගෙ දාන්න මම සෝමෙව අගය කරන පොරක් නෙවෙ නේ.. :)

      ජය !

      Delete
    2. නෑ මම කිව්වෙ ටිකට් අරගෙන හෝල් එකට ගියත් බැලුවෙ නෑ කියල :-)

      Delete
    3. මූ ගිහින් තියෙන්නේ කොල්ලෙක් එක්කනේ :D

      Delete
  12. සෝමරත්න දිසානායක මාර චමත්කාරජනක ළමා ලෝකයක් පෙන්නලා අපේ සල්ලි කඩාගන්න දස්සයා. ෆැන්ටසිය තකා නං උගේ ෆිල්ම් බැලීම අවුලක් නෑ. ඌත් මහරජාට මුවාවී කොරන බලු වැඩ නං ලොවෙත් හෙළාදකිනවා.

    ReplyDelete
    Replies
    1. දැන් ජන කතා බං ගහන්නෙ. මම ඌව අගය කළා නෙවෙ. ෆිල්ම් එකම විචාරයක් දැම්ම නෙවෙ. හිත ගිය ටික මම දැක්ක විදිහට ලිව්වා.

      පොඩි එකෙක් නාන සීන්, කැලේ සීන් වගේ ඒව පොර හොදට මාර්කට් කර ගන්නව තමා :ඩී

      ජය !

      Delete
  13. ඔය සෝමරත්න මහත්තයලගේ ප්ලෑන වැඩ කරලා තියෙන්නේ.දැං ඉතිං සෑමා ඇතුලු අපි හැමෝම අර රජතුමාගේ පුත් කුමාරවරු ටික කාර් රේස්, පිටරට සවාරි, පාර්ටි, ක්ලබ් ගානේ ගිහිල්ලා කිසි සැපක් නැතුව දුක් විඳිද්දි උදේ හවස දාඩිය පෙරාගෙන බස් එකේ ගිහිල්ලා අතර මග චාටර් වෙලා උපරිම සැප අරගම්මු.අරුන්ට චෝදනා නොකර අනුකම්පා කරන්ඩ පුරුදු වෙමු.

    ReplyDelete
    Replies
    1. හිකිස්..

      උන් හිර වෙලා බං ඉන්නෙ. කවද හරි අපිටත් වඩා කඩා වැටීමක් වෙයි. කරන ජඩ කම් වලට. ඒත් කරදර අස්සෙ හරි අපි ලබන ආතල් එක, නිදහස, සැපක් කියල මට හිතුන. ඒක සෝමෙ අයියගෙ ප්ලෑනේ ඵලයක් නෙවෙ. මොකද ගොඩක් උන් මේ පැත්ත දැක්ක නම් මෙලහකට අපි ඉන්න විදිහ ආතල් කියල හිත හදාගෙන...

      ජය වේවා ! :))

      Delete
  14. බලන්න ඕනි ලගදිම. තිනවට එක්ක යන්න කෙල්ලෙක් සෙට් කරලා දීකො අයියේ ;)

    ReplyDelete
  15. එක එකාගේ ආතල් සාපේක්ෂයි. උන් ආතල් ගන්න ගමන් අපේ ආතල් වලට හිනා වෙනවද කියල කවුද දන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් වෙන්න බැරි නැහැ. මුන් වගෙ මැට්ටෝ අපි වගේ උන් පත් කලා කියනව ඇති නේ බං ?

      ජය !

      Delete
  16. සැප යනු වර්ග කීපයකි..!

    අර ඉන්දියාවෙන් ගෙන්නාගෙන ගන්නා සැප..?

    ReplyDelete
  17. ලංකාවෙ කාලයක් ෆිල්ම් හැදුවා ෆයිට් එකක් නැටුමක් නැත්නම් වැඩක් නෑ කියලා. ඊළඟට කෙල්ලෙක් රෙද්දක් ගැලෙව්වේ නැත්නම් වැඩක් නෑ කියලා. මෙයා ෆිල්ම් හදන්නේ පොඩි එකෙක්ගේ පුක පෙන්නුවෙ නැත්නම් වැඩක් නෑ කියලා. මොක උණත් මේක බලන්න ඕනි. :)

    ReplyDelete
    Replies
    1. පොඩි උන් නාන සීන්
      කැලේ සීන්
      රජ කතා
      ජන කතා

      වගේ ඒව තමා දැන් මාකට් කරන්නෙ.

      ජය වේවා !

      Delete
  18. රාජ පුතණ්ඩියලට ලැබෙන සැප,එක පැයකට සැමා ලැබුවොත් මේ කතා සේරම බයිල වෙනව.
    රාජ පියා ඉස්සර අතුරුදන් දරුවන්ගෙ දෙමාපියන්ට කතා කරද්දී දෙමාපියන්ගෙ කන් වලිනුත් කදුළු ගැලුව.

    ReplyDelete
    Replies
    1. අන්තිම වාක්‍ය, තේරුනෙ නැහැ බං.

      Delete
  19. තාම බලන්න බැරි වුණා බං. විස්තරේ කියෙව්ව ම නං ආස හිතෙනවා. බලලා කියන්නංකෝ.

    ReplyDelete
  20. අම්මපා එතකොට අපෙ බෙබිලා ටික මාර දුකක් නෙ විදිනව ඈත්තෙ

    ReplyDelete
  21. සැප සාපේක්ෂයි සෑමෝ. අපි නිතරම නැති එකටමයි කැමති.

    ReplyDelete
  22. මේ මොකක්ද කියලා බැලුවා. පස්සෙනේ වැඩේ තේරුනේ

    ReplyDelete
  23. මුලින් රජා රජා කියද්දි මං බැලුවේ අඩවි රජාද කියලා
    මට ඕක බලන්න හිතෙන්නෙම නෑ ඕයි

    ReplyDelete
  24. ""එය බලන අතරතුර සෑමාට සිහි වූයේ රජා ගැනය. රජාගේ දරුවන්ට නැති සැපක් අපේ උන් ගන්නා බවක් සෑමාට සිහි වූයේය. උන්ට ආතල් ඇත්තේ සිරවූ සීමාවක් තුලය. අපේ උන් ගන්නා ආතල් උන්ට නැති බවක් පෙනෙන්නට ඇත්තේය..""
    Ado sama..umba neda box 1e podi kellekuta monada karala mattu une..e 4weni parata siriperakum balapu wele nedooo...??? :P

    fatta fata fata a..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...