Wednesday, June 19, 2013

මතක අමතකද? කමක් නැත... Absent Minded? No matter...!!


මේ අපේ එකෙක් ගැනය. ඒත් හැම එකාම මෙහෙමය. කොටින්ම කිවොත් සෑමාද එසේමය. අපේ එකා ගැන කීමට පෙර මේ පැත්තේ අංකල් කෙනෙක් ගැනද කිව යුතුය. අංකල් නම් නිව්ටන්ය. පොරගේ වෘත්තිය කිව්වොත් ගොඩක් උන් දැන ගන්නා නිසා ඒවා වැඩක් නැතිය. අංකල් හැමදාම උදේට අපේ කඩේට එන්නේය. අංකල් මහින්දාභිනන්දනයෙන් ඉන්නේය. ඒ නිසා කියවන්නේ දිනමිණය. ඒත් පත්තරය දෙකට නමන ගමන් හෙඩ් ලයින් එක කියවා අම්මා මුත්තා සිහි කරන්නේය. අංකල්ද මතක අමතක වෙන පොරක්ය. සමහර දාට සල්ලි දී දිනමිණ නැතුවම ගෙදර යන්නේය. එන්නේ වෑන් එකේය. වෑන් එක සුදු නොවේය. නිල් පාටය.

“බලන්නකෝ මම ගිය සතියෙත් කණ්නාඩි කුට්ටමක් හැදෙව්වා..“

“ඇයි කලින් තිබ්බ එකට දැන් පේනවා අඩුද?“

“නැහැ නැහැ.. මගෙ කල්පනාවෙ තරම තමා.. සතියකට පාරක් නැතිවෙනවා....“

“මගෙ අප්පේ... එච්චර කල්පනාව අඩුද?“

“ඔව් ඊයෙ පෙරේදා වෑන් එක සර්විස් එකට දැම්මා.. එතකොට සීට් එක අස්සෙ තිබිල කණ්නාඩි කුට්ටම් පහක් හයක් හම්බුණා...“

කියන්නට දෙයක් නැත. ඒ නම් අංකල් කෙනෙක්ය. ඒත් අපේ එකා තරුණ කොල්ලෙක්ය. ඒ අතින් බලන කල අංකල් ගේ කල්පනාව අපේ එකාට වැඩිය හොද බව සෑමාට හැගෙන්නේය. මෑතකදී සෑමා පැරකුම් බලන්න ගියේය. ඒ අතර මේ කියන අපේ එකාද සිටියේය. ඉන්පසු සෑමා මහරජාගෙ උන්ට නැති එක ගැනද ලීවේය. එදා හදිසියේ සැට් වූ නිසා පැරකුම් බැලුවේ කොච්චිකඩේ පැත්තේ හෝල් එකකින්ය. නිකං ගෙදර ටීවී එකෙන් බැලුවා වගේය. ඒ තිරය පොඩිකමක් නිසා නොවේය. තිරය ලොකු වුණාට, හෝල් එකේ පුටු මහා ගොඩක් තිබ්බාට, ඇතුලේ හිටියේ අපේ ගෙදර ඉන්න සාමාජික ගණන තරම් වත් නොවන පිරිසක් නිසාය. මේ හෝල් කොහෙම දුවනවාද දන්නේ නැතිය.

කෙසේ හෝ ෆිල්ම් එක අහවර වී අපේ එකාව රැගෙන ආවේ සෑමාය. කොච්චිකඩේ සිට වත්තල පැත්තටම විත් තේ එකක් ගහමු යැයි කියා අපේ එකා පර්ස් එක හෙව්වේය. සැප කනේය. පර්ස් එක නැතිය. “මචං අනිවා පර්ස් එක ඇත්තේ එහා පැත්තෙ සීට් එකේ... “ ක්ෂණික ගැසූ යූ ටර්න් එකෙන් කොච්චිකඩේටම දැක්කුවේ පර්ස් එක තිබේද? නැද්ද යන දෙගිඩියාවෙන්ය. හොද වෙලාවට හෝල් එකේ සෙනග නැතිය. පර්ස් එක තිබ්බ තැනම එසේම තිබ්බේය. ඒ නැති වුණා නම් නැවත හරවාගෙන ගිය පෙට්ට්‍රල් ටිකත් අපතේය. ඒ අපේ එකාගේ මතකේ තරමය. මෙහෙම ප්‍රශ්න හැම එකාටම ඇත්තේය. එහෙත් සිහි එළඹවා ගැනීමට මේවා ලිවිය යුතුය.

පැරකුම් කේස් එකට පසු දිනෙක අපේ එකාට සෑමා සහ දිලා කතා කළේ ඌව මාරවිල පැත්තට ගෙන්වා ගැනීමටය. 

“මචං මම දැන් මීගමුව පැත්තට එනවා..“ ඒ අපේ එකාය.

“හරි මචං.. උබ ඇවිත් කෝල් එකක් ගහපං..“

මීගමුවට දෙතුන් පාරක් එන්න කාලය ගත වෙද්දී අපි නැවත අපේ එකාට කෝල් කළෙ ඉන්නා තැන දැන ගැනීමටය. පොරගේ ඩයලොග් පෝං එක කට් වෙන්නේය. රින්ග්ස් ගොස් නැවත කට් වෙන්නේය. එක්කෝ පොර ලග පාතක ඉන්නා නිසා කට් කරනවා විය යුතුය කියා අපි හිත හදාගත්තෙමු. මොහොතකින් අපේ එකාගෙන් කෝල් එකක්ය.

“බලපං සෑමා *** සීන් එක වුනේ..“

“මොකද බං?? අපි කෝල් කරද්දි උබ කට් කළානේ..“

“නැහැ බං.. කට් කළේ නැහැ.. මගෙ ඩයලොග් සිම් එක තියෙන ෆෝන් එක නැති වුනා..

“ඇහ්..“

“ඔව් බං මම බෑන්ක් එකට ගිහින් ඇවිත් වාහනේට නගිනකොට පෝං එක නැහැ. ඉතිං මම ආයෙ බැංකුවට ගිහින් එතන දෙක කළා බං.. උන් හැම එකාම හොයන්න ගත්තා.. ඒ අස්සෙ ඇතුලෙ ඉන්න සික්කා හිටන් බැලුව බං.. තිබ්බෙ නැහැ..“

“ඉතිං කෝමද යකෝ හම්බුණේ...??“

“මම මචං මගෙ මොබිටෙල් එකෙන් කෝල් කළා, බැංකුව ඇතුලට යන්න කලින්ම. එතකොට පෝං එක කට් කරනවා.. රිංගස් යනවා කට් කරනවා.. මම හිතුව හොරකම් කරලම තමා කියල..“

“ඉතිං..“

“ඊට පස්සෙ මම බැංකුව ඇතුලට ගිහින් සීන් එක කියල එලියට එද්දි එළියෙ සික්කා දුවගෙන එනවා.. අර තියෙන්නෙ සර්ගෙ පෝං එක වාහනේ ඇතුලෙම කියාගෙන...“

“කොහොමද බං කෝල් කරද්දි කට් වුණේ එතකොට..??“

“මම පෝං එක උඩ ඉදගෙනමයි බං කෝල් කරල තියෙන්නේ.. රිංග්ස් යනව ඇහුනෙ නැහැ. මගෙ පුකටම කෝල් එක කට්වෙලා..“

“අයියෝ බං.. විලි ලැජ්ජාවයි නේ.. තෝ බැංකුවෙ උන්ටත් නෝන්ඩි වෙලානේ..“

“ඔව් බං.. මට කලිසම කටින් ගලවන්න හිතුණා...“

Written by sAm_ශ්‍රී_perera_11:01am_19/06/13

40 comments:

  1. කොහොමද බං *කට කට් වෙන්නෙ වෙන එහෙකින් කට් උනාද දන්නෙනෑ නේ..!!?

    ReplyDelete
    Replies
    1. අනෙ බන්ද බං.. *කේ කූරක් ඇනිල තිබ්බද දන්නෙ නැහැ..

      Delete
  2. අම්මපා? අමතක වීම මර ලෙඩකි...

    ReplyDelete
    Replies
    1. ලෙඩක් නෙවෙ බං හැටි..

      Delete
  3. මම පාවිච්චි කරන පොං එක හරිම 'තැපලියි' ඒ කියන්නේ හරිම තින්. මම දවසක් ගමනක් යන්න ගෙදරින් එලියට බැහැලා, 'කෝ මේ පොං එක ගත්තේ නැහැනේ' කියලා වරුවක් හෙව්වා. ගේ පෙරරලා හෙව්වත් මේ අහංකාර පොං එක හම්බවුනේ නෑ. ඔන්න ඒ වෙලාවේ මගේ අතේ තිබුන දිග ලියුම් කවර වගයක් අස්සෙන් පොං එක කෙඳිරිගාන්න පටන් ගත්තා. අම්මපා මට ආව ලැජ්ජාවටයි කෙන්තියටයි, පොං එක බිස්කට් එකක් වගේ බර බර ගාලා හපලා කන්න හිතුනා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. කවරෙට මුද්දරයක් ගහල යවන්න තිබ්බෙ තැපෑලෙන්ම..

      Delete
  4. කමෙන්ට් කරන්න අමතක උනා බං!

    ReplyDelete
    Replies
    1. රිප්ලයි කමෙන්ට් එකත් දාන්න අමතක වුනා බං !

      Delete
  5. විලි ලැජ්ජයිනේ බොලව් :D

    ReplyDelete
    Replies
    1. :)

      මනුස්ස ජීවිතවල හැටි නොවැ

      Delete
  6. අමතක වීම ස්භාවික දෙයක්. ඕක හැම එක්කෙනාටම වෙනවා. ගණන් ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. නැතුව නැතුව.. මටත් වෙනව නොවැ

      Delete
  7. හෙ හෙ, පට්ට සීන් එක සෑමො

    ReplyDelete
  8. මෙතැන අපේ එකා = සෑමා...

    ReplyDelete
    Replies
    1. උබලගෙ එකා සෑමා වුවත්, අපේ එකා වෙන එකෙකි :)

      Delete
  9. ඌ නං සෑමටම හරියන පොරක්.

    ReplyDelete
  10. මටත් සැරටම තියෙනව බොල ඔය අමතක වෙන ලෙඩේ....

    ReplyDelete
  11. දවසක් මම රෙදි ගන්න ෂොප් එකකට ගිහින් රෙදි ගත්තුවට සල්ලි දීල ඉතුරුත් අරන් කෝ මගේ රෙදි ටික ඇහුවා .. රෙදි කවරේ අතේ තියාගෙනම ...හැක් හැක් :D

    ReplyDelete
  12. අනේ මන්දා බං, පෝස්ටුව කියවද්දි කොමෙන්ට් එකක් හිතට ආවා. පහලට ස්ක්‍රොල් කරං එද්දි අමතකයි බං.

    ReplyDelete
  13. මට හිතෙන්නෙ අපේ එකා සෑමා කියලයි, නැත්නම් ඔච්චර හොදට විස්තරේ ලියන්න අමාරුයි වගේ නේද? :P

    ReplyDelete
  14. හික්.. හික්....
    මටත් ඔය ලෙඩේ නම් තියෙනවා.... සමහර වෙලාවට උත්සන්න වෙනවා :D එතකොට ඉතින් වාර්තා පිට වාර්තා තියල තමයි කෙලවර වෙන්නේ.....
    ගොඩක් වෙලාවට මට වෙන දෙයක් තමයි... බස් එකට නැග්ගම යන දිහා අමතක වෙන එක! අපොයි ඒ වගේ දුකක්... මම ඒ හින්ද බස් එකට නගින්න කලින් හොදට හිතට අරගෙන නගින්නේ.. කොන්දොස්තර ලගට එනකල් යන තැන හෙමින් මුමුණනවා.... විකාරයි නේද?

    ReplyDelete
  15. අඩේ උගේ පස්ස පැත්ත එච්චර පොඩියිද..බටන් එකක් තරන්? කිව්වට මම නිකමට ට්‍රයි කළා. මලාට කට් වෙන්නේ නෑ අයියේ.

    ReplyDelete

  16. හොඳට නාලා, ඔළුවටත් එක්කම සබන් ගාලා, ඊට පස්සෙ නාලා ඉවර වෙලා කණ්නාඩිය ඉස්සරහට ගිහින් ඔළුව පීරන්න යද්දි ඔළුවෙ සබන් එහෙම්මම තියනකොට කොහොමද ? සබන් ගාලා ඉවර වෙන කොට ඌට අමතක වෙලා පොර නනා හිටියෙ කියලා. පස්සෙ ඇඟහෝදගෙන එළියට ඇවිත් කණ්නාඩිය ඉස්සරහට ගියාම තමා මතක් වෙලා තියෙන්නෙ සබන් ගෑවට පස්සෙ ඇඟ හේදුවා මිසක් නෑවෙ නෑ නේද කියලා..

    ReplyDelete
    Replies
    1. කවුද බං ඌ?

      Delete
    2. හික්.. හික්.....
      එක නම් පිස්සු වැඩක් අය්යෝ.... මට නම් ඒ වැඩේට හොදටම හිනා ගියා :-D

      Delete
  17. උගේ පස්ස පත්තේ කරගැට හෙම තියෙනවද දන්නේ නෑ හරියටම ඒ බටොං එක එබෙන්න! :O

    ReplyDelete
  18. මට හිතාගන්න බැහැ මම කොහොමද මේකට හිනා වෙන්නේ කියල..

    කාලෙකින් ඔරිජිනල් සෑමාගෙන් කතාවක්.

    ReplyDelete
  19. බංකුවෙන් එලියට එද්දී උගේ මුණ බලන්න තිබ්බනම් තමයි තවත් මරු..

    ReplyDelete
  20. // ඒත් හැම එකාම මෙහෙමය. කොටින්ම කිවොත් සෑමාද එසේමය.//
    මේක නම් සහතික ඇත්ත!!

    ReplyDelete
  21. අර අපේ හෙන්රි කියල තියෙන එක තමයි මමත් කොටන්න කියල හිතන් ආවෙ.
    අපේ එකා කියන්නෙත් කලාතුරකින් දකින්න ලැබෙන පට්ට !@#$පුතෙක් වගෙ.

    ReplyDelete
  22. හැපෝ මෙහෙමත් අමතක වෙනවද.... ෆෝන් එක තියපු තැන අමතක වෙන එක නම් කුජීතයි තමයි විශෙශයෙන්ම සයිලන්ට් කරල තියෙද්දි.

    ReplyDelete
  23. හෙන ගහනවනේ පස්චාත් බාගේ වයිබ්‍රෙට් වෙලාවත් නැද්ද.

    ReplyDelete
  24. මාර #කක්නේ සෑම් අයියේ! :ඩි

    ReplyDelete
  25. නැට්ට පිටින් අලි මැරෙන රටේ ඕව මොනාද බං. මිනීමරලත් මට මතක නෑ කියපු රටක් මේක.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...