Tuesday, February 26, 2013

මගතොටදී ගහපුවා...


සෑමාගේ ෆෝන් එකේ මෙච්චර කල් එහාට මෙහාට වෙවී තිබ්බ ෆොටෝ ටිකක් අල්ලලා පෝස්ට් එකක් කෙටිය යුතු යැයි සෑමා යම් මතකයට ආවේය. එහි ප්‍රථිඵලයක් ලෙස මෙ මෙසේ ලියැවෙන්නේය.

ඉස්සර පාසල පටන් ගත්තේ උදෑසන අටටය. අහවර වූයේ දහවල් දෙකටය. එහෙත් සමහරක් දෙනා පාසලට ආවේ උදෑසන 9යත් පසු වූ විටය. එහෙත් පාසලෙන් පිටත් වූයේ දහවල් දෙකටත් කළින්ය. මෑතකදී 2006 ශිෂ්‍ය කණ්ඩායමේ ව්‍යාපෘතියක් ලෙස විවෘත වූ ජලනල පද්ධතිය සම්බන්ධ යම් කිසි කාර්‍යයකට පාසලට ගිය සෑමා සහ කමිටු සාමාජිකයන් විදුහල්පතිතුමා හමුවීමට කාර්යාලයට ගියෝය. එහිදි විදුහල්පතිතුමා පාසල පුරා පිහිටුවා ඇති කැමරා මගින් ලැබෙන රූප රාමු මොනිටර් කරමින් සිටියේය. උදෑසන 10ට පමණ වූ ඒ වේලාවේ ගුරුවරියක් අතින් ඇදගෙන ආවේ පාසල් සිසුවෙක්වය.

“සර්.. මේ ලමයා තාප්පෙන් පැන්නා..“

“මේ වෙලාවේද මේ කොල්ලා ඉස්කෝලෙට ආවේ??“

“ඔව් සර් පරක්කු වුණා මදිවට මේ කොල්ලා තාප්පෙනුත් පැනලා පන්තියට ආවහම අල්ලගෙන ආවේ..“

එකී ශිෂ්‍යා කාර්්‍යාලයේ එළියෙන් මදක් තබන ලෙස ඉල්ලා සිටි විදුහල්පතිතුමා අප සමග සිනහා මුසු මුහුණින් කතාව ඇරඹුවේය.

“බලනවා ඕගොල්ලො හිටපු කාලෙ වගේමයි තාමත්..“

“ඒත් සර් අපේ එවුන් ගොඩක් අහුවුණේ එළියට පනින්න ගිහින් නේ.. මේ ලමයා අධ්‍යාපනය ලැබීමේ චේතනාවෙන් ඇතුලට පැන්න කොල්ලෙක් නිසා වරදේ ප්‍රමාණය අඩු වෙනවා නේද?“

අපි එකී සොයුරාගේ දඩුවම ලිහිල් කිරීමට තැත් කළෙමු.

පාසලට ප්‍රමාද වී එන්නේද, පාසලෙන් කළින් පනින්නේද, වේලාව පිළිබද දරුවන්ට නිවැරදි අවබෝධයක් පාසල මගින් නොලැබෙන නිසා බව සිතු ඌරාපොල පැත්තේ පාසලක් පාසල පටන් ගන්නා සහ අවසන් වන වේලාවන් ප්‍රදර්ශණය කළේ මේ ආකාරයෙන්ය. මෙය අනිකුත් පාසල්ද ආදර්ශයට ගැනීම උචිතය.


වංගු වලදී සිදුවන අනතුරු බොහෝය. ඒවා අවම කිරීමට පොලිස් නිලධාරීහු වැඩ භාර ගන්නේ සවස් ජාමයේ හෝ වාහන වැඩිපුර ගැවසෙන උදෑසන ජාමයේය. එහෙත් සාමාන්‍ය අතුරුපාරවල් වලදී එලෙස පොලිසිය හෝ කලර් ලයිට් පිහිටුවන්නේ නැති නිසා මීගමු ප්‍රෙද්ශයේ අතුරුපාරක ජනතාව අනතුරු අවම කිරීමට ගත් උත්සාහයක් ප්‍රදර්ශනය වූයේ මෙසේය.


අවම ඉඩ ප්‍රමාණයකින් වැඩිම වැඩ කොටසක් ගන්නේ ස්වර්ණවාහිණීය කීවොත් සෑමා නිවැරදිය. ඔවුන්ගේ රාත්‍රී අටට ප්‍රවෘත්ති යන වේලාවට එය මනාවට පසක් කරන්නේ යටින් දැමෙන තඩි දැන්වීම් තීරුව නිසාය. එම ක්‍රමය ප්‍රෙයෝජනයට ගත් කඩයක් අපට දැක ගන්නට ලැබුනේය. එහි ෆොටෝවක් මෙසේය. එකම කඩදහියේ දැන්වීම් දෙකක් දැක්වීම ඔවුන් උගත්තේ උක්ත නාලිකාව බැලීමෙන්ද?


සූකිරි බෝල යනු ලොසිංජරයක් ආකාරයේ එකක් විය යුතුය. කෙසේ වෙතත් එය රුපියල් 25/-ක් විය නොහැකිය. දිනක් සවස ප්ලේන්ටියක් ගැසීමට කඩයකට ගිය සෑමා සහ ඔහුගේ සගයන්ට දකින්නට ලැබුනේ ඇස් උඩ යන මිල දර්ශණයක්ය. එහි සදහන් වූයේ සූකිරි බෝලයක් රුපියල් 25/-ක් බවය. පසුව ප්ලේන්ටිය ගසා මුදල් ගෙවීමට කැෂියර් එක ලගට ගිය විට සෑමා මුදලාලි මලයාගෙන් ඇසුවේ “මොකක්ද බං සූකිරි බෝල කියන්නේ කියාය.“ අර තියෙන්නේ කියා ඔහු අත දික් කළේ “ඥාන කතා“ ගොඩටය. “ඒ ඥාන කතානේ බං...“ කියූ සෑමාට සිනහ මුසු මුහුණින් ඔහු පිළිතුරු දුන්නේ “ඔව් අපේ ගෝලයට ඒක ලියන්න තේරෙන්නෙ නැහැ කිව්වා...“ කියාය.


ත්‍රීවීල් යනු ට්‍රැෆික් මවන්නෝය. එසේම අනතුරු වැඩි කරන්නෝය. එක පැත්තකට සිග්නල් දමා අනිත් පැත්තට කැපීමෙහි ලා ප්‍රමුඛයෝය. තමන් අතින් වරදක් වූ තැන අන් අයට බනින්නේද, වරද තමාගේ බව තේරුණහොත් අන් පිරිස් බනින නිසා නෑසුනාක්මෙන් ඉදිරිය බලා ධාවනය කිරීමේද ප්‍රමුඛත්වය ගන්නේ ත්‍රීවීල් රියදුරෝමය. මහමග වැරදි මහගොඩක් කරන්නේ ඔවුන් බව සෑමා සැක නැතිව කියන්නේ මහමගදී සිදුවෙන සිද්දීන් නිසාමය. එවන් ත්‍රීවීල් වල අලවා ඇති ස්ටිකර් නම් සිනා යන සුළුය. මේ සෑමා බේස් ලයින් එකේ ට්‍රැෆික් එකේ සිටියදී ගත් රූපයක්ය. I'm Safety Hero - Accident Zero ! 


අපේ සම්පා නම් දරුණු දක්ෂ රියදුරෙක්ය. ඔහු වාහනයක් ඉස්සර කරන්නේද පාරේ දකුණු පැත්තේ එහා ඉවුරෙන්ය. ඒ නිසා ඔහු සමග ගමන් කරන විට අපේ උන් සීට් බෙල්ට් දමාසිටියද සිටින්නේ භීතියෙන්ය. වාහනය සර්විස් කළ දා සර්විස් සෙන්ටර් එකෙන් වාහනයේ කාපට් එකට උඩින් දමා තිබු කඩදහිය ලෙලි යන තුරු ඉවත් නොකළ ඔහු ඉන් පසුව කාපට් එක උඩට පත්තර පිටු දමන්නට පටන් ගත්තේය. එමගින් වාහනයේ රැදෙන වැලි දූවිල අවම කිරීම සම්පාගේ අභිප්‍රාය වූයේය. ඔහුගේ අරමුණ කුමක් වුවත් දක්ෂ දරුණු රියදුරෙකුට අදාල වන වැකියක් සහිත පත්තර පිටුවක් ඔහු තම ඇක්සලේටරයට යටින් දමා තිබුණේ අප කැමරාකාචය ඒ දෙසට යෙමු වේ යැයි සිහිනෙකින්වත් නොසිතා විය යුතුය. කෙසේ වෙතත් “අවවාදයයි !! පරිස්සම් වන්න“ ලෙස ස්ටිකරයක් සම්පාගේ වාහනයේ පිටත ඇලවිය යුත්තේය.


ඌරාගේ මාළු ඌරාගේ ඇගේ තිය කපන පොටෝව ගත්තේ සෑමාය. එහි වූයේ රියදුරෙකුගේ පිටේ තබාගෙන පොලිස් මාමෙක් දඩ කොලයක් ලියන දර්ශනයක්ය. රාජකාරිය නියමාකාරයෙන් සිදු කරන පොලිස් නිලධාරියෙක් තම ඇදුම, පැළදුම ගැන නොසිතා සේවයේ යෙදෙන ආකාරය සෑමා දුටුවේ ලමා රෝහල ඉදිරිපිටදීය.


වාහනය පාර්ක් කර ගැනීමට නොහැකි වූවෝ වාහනය පාර මැද දමා හෝ යන්නට සැරසෙන්නෝය. සමහර විටක අනවසර පාර්ක් කිරීමක් කොට ඉවත්ව ගොස් නැවත වාහනය ලගට එන විට වාහනය අසල පොලිසිය ඉන්නා බව දුර තියා දුටුවහොත් සිදු කළ යුත්තේ ඔවුන් යනතුරු සවස් වන තුරු හෝ ඈති රැදී සිට ඔවුන් ගියාට පසුව වාහනය අසලට යාමයි. ඒසේ නොකර දඩ කොළ කෑ මිත්‍රයන් සිටිනා බව සෑමා වගකීමෙන් කියන්නේය. දිනක් කඩයක් ඉදිරිපිට වාහනය නවතා නැවත පැමිණෙන සෑමාට ඒ කඩයේ ඇන්ටී හොද සංග්‍රහයක් දුන්නාය. “ඇයි ඔයාට ලයිසන් ගනිද්දි කියල දුන්නෙ නැද්ද පාර්ක් කරන හැටි“ කියා ඇය අසද්දී අනේ නැහැ ඇන්ටී කියමින් මාරු වූයේ නැතිනම්, කලින් කියා අහවර කරන්නට බැරි වූ කුණු හබ්බ ටික ඇන්ටී තෙපලනවා ෂුවර්ය. මේ හාඩ්වෙයාර් අයිති කරුවෙකු තම වාහනය තම හාඩ්වෙයාර් එක ඉදිරිපිටම නවත්වා තැබූ අයුරුය. කාණුව ඔහුට කිසිම බාධාවක් නොවන බව ඔහු පසක් කර ඇත්තේය.



කොත්තා, යනු පාසල් කාලයේ ඉලෙක්ට්‍රොනික් කප්පිත්තෙක්ය. සෑමා කොත්තා ගැන කතා කිහිපයක්ම ලීවේ බ්ලොග පටන් ගත් මුල් කාලයේය. කොත්තා, Kight Rider Circuit සමග දැමූ සෙල්ලම ඒ අතර වන්නේය. කොත්තාව මෑත භාගයේ පාසලේ කිසියම් වැඩකට සම්බන්ධ කර ගැනීමට අපි කොත්තාට අප්‍රමාණව දුරකථන ඇමතුම් දුන්නෙමු. නමුත් ඔහුට කෝල් කරන වාරයක් පාසා අපට ලැබුණේ ඔහු සිටින තැන හගවන මැසෙජ් එකක්ය. ඔහු වත්තල ඉන්නා විටක අප ඔහු ඇමතුවේ නම්, දුරකථනය විසන්ධි වී ක්ෂණිකව අපට ලැබුනේ ඔහුගේ විකාරකාරී මැසේජ් එකක්ය. එහි ඔහු ඉන්නා තැන සටහන්ව තිබුනේය. ඉන්පසු දිනක අපට කොත්තාව මුණ ගැසුනේය. උක්ත සිද්දීන් පිළිබද කොත්තාට අම්මා මුත්තා මතක් කර බනිද්දී ඔහු පෙන්නුවේ ඔහුගේ වෑන් එකට සම්බන්ධකොට තිබු පහත ගැජට් එකය. එය GPS SYSTEM එකක් බවත්, එයට තම දුරකථන සිම්පත දැමු බවත්, එයට කෝල් කළ විට ඉන්නා තැන මැසේජ් එකක් යන බවත් ඔහු කීවේය. එය තවදුරටත් දියුණු කිරීමෙන් වාහනය පදවන ගමන්ම දුරකථනයට පිළිතුරු දිය හැකි ක්‍රමයක් සැලසෙන බවත් හේ කීවේ පැත්තක තිබු මයික් එක පවා පෙන්නමින්ය. සියළු විස්තර කිරීම් අවසානයේ වුවමනා වේලාවට කෝල් එකක් ගන්න බැරි මගුලකට සිම් එකක් දැමූ කොත්තාට අපේ උන් සුපිරි කුණුහබ්බ ටිකක් දෙසා බෑවෝය.

“යකෝ අහුමුළු වලට සිම් ඔඹන, මේ හු** වෑන් එකක්ද නැත්තං ෆෝන් එකක්ද?“





sAm ශ්‍රී Perera_06:58pm_26/02/2013

67 comments:

  1. අඩේ සිරාවටම ඕනේකමින් බැලුවොත් කොච්චර දේවල් අල්ලගන්න පුලුවන්ද නේ..? සෑම් අයියගේ ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තියලා කපන කතාවක් බැලුවා මතකයි මම බ්ලොග් ලියන මුල් කාලෙම.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා අද සිතුම් පැතුම් දාලා තිබ්බා පොටෝ සැට් එකක්ම.

      ජය !

      Delete
  2. කෝ උඹලගේ දේශ ප්‍රේමේ.. කොත්තා වගේ ජාතික සම්පත් වලට කුණු හබ්බෙන් බනින්නේ?

    "වාහනය සර්විස් කළ දා සර්විස් සෙන්ටර් එකෙන් වාහනයේ කාපට් එකට උඩින් දමා තිබු කඩදහිය ලෙලි යන තුරු ඉවත් නොකළ ඔහු ඉන් පසුව කාපට් එක උඩට පත්තර පිටු දමන්නට පටන් ගත්තේය. එමගින් වාහනයේ රැදෙන වැලි දූවිල අවම කිරීම සම්පාගේ අභිප්‍රාය වූයේය." - මා ද එසේමය. :)

    ReplyDelete
    Replies
    1. කොත්තා දැන් ලෙක්චරර් කෙනෙක් බං !

      බකට් කාපට් එකක් දාපං කුණා නොවී !
      ජය !

      Delete
    2. බකට් කාපට් එකට උඩින් සර්විස් කඩදහිය තියා ගන්නේ, හරිය...

      Delete
    3. හිකිස්... එතකොට නම් උබත් මං වගේ :)

      Delete
  3. ත්‍රී වීල් කාරයෝ ගැන කිව්ව කතා නම් සැටිෆිකට් ඇත්ත.පොලිස් මාමා කොමිස් එක ගන්න දඩය කාපු එකාගේ පිට උඩ නෙවේ පුක උඩ තියන් හරි දඩේ ලියයි.ෆොටෝ ටික නම් එළ සැමෝ!

    ReplyDelete
    Replies
    1. මට පේන්න බැහැ බං සත් ගුණවත් ත්‍රීවිල් අයියලා..

      ජය !

      Delete
  4. ෆොටෝ ටික කාලා මූ මොකක්ද සුදු ඉරක් මැද්දෙන් දාලා..

    ReplyDelete
    Replies
    1. නැතුව බැහැ බං. උබට මතක ඇති - සෑමා උගත් පාඩම් මේවා..

      ජය !

      Delete
    2. ඒ වුනාට හරියට ප්‍රතිසංධානය වෙලා නෑ.. :D

      Delete
    3. ඇයි බං මෙහෙම නෙවේද කරන්නේ ? ;/

      Delete
    4. විහිළුවක් බන්ස් කළේ.. ඒත් සමහර ඒවා ප්‍රතිසංධානය හින්දා පැහැදිලි නෑ.. විශේෂයෙන් අර වංගුවෙ තියන බෝඩ් එක..

      Delete
  5. සැමෝ අර සූකිරි බෝල කඩේ ගෝලයට වගේම මුදලාලිටත් " ඥාණකතා " කියලා ලියා ගන්න බෑ වගේ...හි හි හී

    ReplyDelete
    Replies
    1. මටත් ලියන්න බැහැ බොල. ගෝලයගෙ වැඩේ මුදලාලියා කරන්නෙ නැතුව ඇති :)

      ජය !

      Delete
  6. අපේ චන්ද්‍රිකා මැඩමුත් හරියට ත්‍රීවීල් කාරයෝ වාගේ.. වමට සිග්නල් දාලා දකුණටයි ගියේ...

    ReplyDelete
    Replies
    1. එතකොට වටේ හිටපු උන් තාමත් ඔය ඉන්නෙ බං :)

      ජය !

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මග තොටේදී ගහපුවා කිවම මම හිතුවේ වෙන විදියේ එකක් ..හික් ,

    ReplyDelete
  9. අම්මප මාත් ආදුර්සෙට ගන්න ඕන...!!

    ReplyDelete
  10. අර පිටේ තියං දඩ කොලේ ලියන එකට උඹට සම්මානයක් ලැබෙන්න තිබ්බා ඒක තව පොඩ්ඩක් ඉස්සරහට ගිහින් හරි, කලින් හරි ගත්තා නම් අර පොරව පේන්න. මේක උඹ කිව්වේ නැතිනම් හොයාගන්න අමාරුයි දෙන්නෙක් ඉන්නවද කියලා.

    අර අන්තිම එක හොඳ ට්‍රැකිං සිස්ටම් එකක්නෙ,

    ReplyDelete
    Replies
    1. මේ ඒක නෙමේ ඩූඩ්..

      Delete
    2. දඩකොලේ සීන් එක වෙනම පෝස්ට් එකක් කලින් දාපු එකක් මචං !

      සියළු හිමිකම් ඇවිරිණි ද? ඇහිරිණි ද? - http://www.samindikasrimantha.blogspot.com/2012/01/blog-post_17.html

      ජය !

      Delete
  11. මොකද්ද බන් අර වාහන ෆෝන් ගැජට් එක?

    ReplyDelete
    Replies
    1. වාහනේ ඉස්සුවොත්, වාහනේ තියෙන තැන ට්‍රැක් කරන්න පුලුවන්ලු. ඉක්මනට කෝල් එකක් ගහන්න තියෙන්නේ ගැජට් එක ඇතුලෙ දාල තියෙන සිම් එකට.

      ජය !

      Delete
  12. පැපරාසි බොලව් හැමතැනම.ෆෝන්වලට කැමරා සෙට් කරන්ඩ හොයා ගත්තු එකාටනං අම්මපා ඇත්තට *##%^$@#*

    ReplyDelete
    Replies
    1. උබත් පරිස්සම් වෙයන් මලයා...

      ජය !

      Delete
  13. සූකිරි බෝලේ නම් මරු ඈ..

    මට නම් හිතෙන්නම උඹ මෙතන දැම්ම ඒවට වැඩිය ප්‍රසිද්ධියේ දාන්න බැරි එවුවත් ගොඩක් උඹ ගාවා තීනවාමයි කියලා..

    ReplyDelete
    Replies
    1. හිටපං එහෙම ඒවා තියෙනවද බලන්න..............

      ම්..............
      ම්.........
      ම්.....
      ම්...
      ම්..

      ඔව් මචං. එදා ගෙට්ටුවෙදි සිහින මදාරා කියල කෙනෙක් මාව කිස් කරන එකක් තියෙනවා :ඩී

      ජය !

      Delete
  14. අඩේ බං සෑමයියේ..
    අර එදා පෙන්නපු කඩවත සැලුං එකේ අක්කගේ පොටෝ එකක් නැද්ද??????
    අර බං බොලා හැමදාම එතනිං යනවනං බලනවා කිව්වේ...
    අර කොට සාය ඇදං නැමිලා හිටියේ බං අපි යනකොටත්...

    ReplyDelete
    Replies
    1. ඒ ඒ සැමෝ එකත් දාපන් කෝ.

      Delete
    2. සෑමෝ......... දාපිය ඒකත්!

      Delete
    3. අහ්.. ඒක-ට මම දැම්මා !

      ජය !

      Delete
  15. අර ෆොනේ ගජෙට් එක හොඳයි උඹලා නොහිතුවට එකෙන් වැඩක් ගන්න පුළුවන්. හදිස්සියෙවත් හොරු ඉස්සුවා. බොන්න ගිහිල්ල පාර්ක් කරපු තැන අමතක වුනා බලපන් කොච්චර වැදගත් වැඩක් ද කියල.

    ඉස්සර අපේ ඉස්කෝලේ ගේට්ටුවෙත් ගහල තිබුනා පාසල ආරම්බ කරන වීලාව,අවසාන වෙන වෙලාව..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං අර ගැජට් එක සිරා තමා.. ඒත් බං උගෙ වෑන් එක කවුරු නම් උස්සයිද???

      තොපිට වෙලාව ගහන්න ඕනෙ ඉස්කෝලෙ තාප්පෙ නෙවේ, එල්ලන්නෝනි බෙල්ලේ !

      Delete
  16. හපොයි...සූකිරි බෝලයක් රුපියල් 25 යි.

    සෑම ඉන්න පැත්තකින් යන්ට හොඳ නෑ. ෆොටෝ වැදිලා බ්ලොග් එකේ පින්තුරුත් තියෙයි.:D

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමිලා තමා වැඩිපුර වදින්නෙ මේකට :)

      ජය !

      Delete
  17. අර ට්‍රැකින් සිස්ටම් එකනම් නියමයි. බැරිද මටත් එකක් හදා ගන්න.

    ReplyDelete
    Replies
    1. මට ෆෙස්බුකි මැසේජ් එකක් දාපං. අපේ යාළුවා සෙට් කරල දෙන්න්ම්.

      ජය !

      Delete
  18. පොටෝවේ වැදගත්ම තැනින් සැමා ඉරි ගහලනේ.

    ReplyDelete
    Replies
    1. නැතුව බැහැ බං. බේරගන්න. පේස්බුකි පේජ් කාරයෝ වැහි වැහැලා. බ්ලොග් කාරයින්ට කෙලවනවා.

      ජය !

      Delete
  19. මීටර් ටැක්සි (ට්‍රීවිල්) සමහරක් දැන් අලුත් මාෆියාවක් කරගෙන යනවා. ඔවුන් මීටරය ශූක්ෂම අන්දමින් වෙනස් කරනු ලබනවා.
    ඌරාගේ ඇගේ මාළු උගෙ ඇගේ තබා කැපීමේ ඉහත අවස්තාවට සමාන ඡායාරූපයක් මා FB එකෙත් දැක්කා.
    තව දෙයක් තියෙනවා, මේ කතාවේදී වාහනය ෆෝන් එකක් කර ගත්තාට සමහරු වාහනය ලොකූ කැසට් එකක්, තොරණ කර ගත්තු අවස්ථා ද එමටයි.

    ReplyDelete
    Replies
    1. ඇයි බොල අර ටිකට් කඩන මැෂින් එක ලෝකෙ කාටවත් වෙනස් කරන්න බැරි වෙච්ච එකක්. ඒක සිරිලංකාව කියන රටේ උන් සාර්ථකව වෙනස් කළා. එහෙව් එවුන්ට මේව කජු කනව වගේ :)

      අපේ පැත්තෙ ආච්චි කෙනෙක් ත්‍රීවිල් එකක හැප්පුනා. ආච්චි පොලිස් ඇන්ට්‍රිය දාල තිබ්බා ලොකු කැසට් එකක් ඇවිල් ඇගේ හැප්පුනා කියලා.

      ජය !

      Delete
  20. “ඒත් සර් අපේ එවුන් ගොඩක් අහුවුණේ එළියට පනින්න ගිහින් නේ.. මේ ලමයා අධ්‍යාපනය ලැබීමේ චේතනාවෙන් ඇතුලට පැන්න කොල්ලෙක් නිසා වරදේ ප්‍රමාණය අඩු වෙනවා නේද?“

    අන්න කියමන.

    ReplyDelete
    Replies
    1. අපි ඉස්සර ඔහොම හිතුවෙ නැහැ බං රාජ්. ඇතුලට පැන්නෙ අධ්‍යාපනය කෙසේ වෙතත් ආතල් එකක් ගන්න නොවැ ;0)

      ජය !

      Delete
  21. ඔක්කොම හොඳයි අර මැදින් තියන පතරංග ජාතක කතාව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නං... ඕන තැන් වහලා වැඩක් නැති තැන් ඇරලා..

    වෝටර් මාක් එකක් දාන හැටි ඉගෙනගනින් (මම දන්නෙත් නෑ).. එතකොට නරඹන්නාගේ රස විඳනයට බාධාවක් නෑ

    ReplyDelete
    Replies
    1. වෝටර් මාක් කියන්නෙ ඔපෑසිටි වැඩි කරල දාන එක නොවැ. ඔය අටමග වගේද බං පේජ් කාරයෝ ඕවත් මකලා දානවා බං බුකියේ. එතකොට තමා ඇඩෙන්නේ. දැන් මගෙන් කිසිම සමාවක් නැහැ :)

      ජය !

      Delete
  22. මමත් ඔය සමපා වගේම තමයි. පත්තර කොළ නාවනවා. සුද්දකරද්දී ලේසියි වැඩේ

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයෝ එක හොඳ වැඩක් නෙවේ, දුවිලි A/C එකට ඉතාම හානිකරයි. ඉතින් ඔය විදිහට පත්තර කොළ දපුවහම කොලේ මතට වැටෙන දුවිලි කර එක ඇතුලේ circulate වෙන්න තියෙන ඉඩ වැඩියි, එතකොට මේ දුවිලි A/C cooler එකේ තැන්පත් වෙනවා, එතකොට නිතරම A/C එක සර්විස් කරන්න වෙනවා, නැත්නම් චූල් එක අඩුවෙනවා විතරක් නෙවේ cooler එක ඉක්මනට දිරනවා.

      ඒ නිසා පත්තර දමන්නේ නැතිව දුවිලි කාපට් එකට වැටෙන්න දෙන්න.

      Delete
    2. පත්තර පිටු දාලා දිනපතා උදේට අස් කලොත් මොකද තත්වේ? සුභ දායකද?

      ස්තුති අදහස් වලට !

      Delete
  23. පට්ට ඕයි මේක :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  24. මේකා ඉන්න තැන් වල මමනම් ආයේ පාරේ යන්නෙත් දකුණු පැත්තෙන්! නැත්නම් මේකා ඒවත් දායිද දන්නේ නෑනේ!

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ වැරදි හොයන්නේ බං අර සුරුවරනාලිකාවෙන් නේ !

      ජය !

      Delete
  25. මේක පාරෙ තියෙන ඒව හොරෙං කැමරා කරල මදිවට තව මැදිං තමුංගෙ නමත් ගහගෙන.

    ReplyDelete
    Replies
    1. ඒක වැරදිද අයියා ?? :)

      ජය !

      Delete
  26. මට නම් හැමදාම ඔය වගේ අජූත පින්තූරයක් සෙට් වූ විට කැරමාව හෝ ෆෝන් එක නැති බව අත දමා පිරික්සීමකින් අනතුරුව තහවුරු වෙයි...

    ReplyDelete
    Replies
    1. අපරාදේ යකෝ...

      ජය !

      Delete
    2. මොනවා කරන්න සෑම්. අර කථාවකුත් තියෙන්නේ දුක තමා ෆාතිමා කියලා... :D දැන් නම් කැරමාව බෑග් එකේම තමා.

      Delete
  27. ක්මෙන්ට් එක කොයි මගේ :/

    ReplyDelete
  28. අර කොන්තාගේ ගැජමැටික් එක අපූරුයි..ඒ ගැන වෙනම ලිපියක් ලියන්න පුළුවන්ද සෑමෝ..

    ReplyDelete
  29. සෑහෙන්න ආදර්ශ ගොඩක් තියනවනේ

    ReplyDelete
  30. ලියන්න අමාරු හැම එකටම සමාන පදයක් තියනම් බැරියෑ...සුකිරි බෝල මමත් කන්න ආසම කෑමක්..

    ReplyDelete
  31. නාවල හන්දිය කිට්ටුව කඩයක් තියෙනවා ඒකෙ බෝඩ් එක තියෙන්නේ "රන්දෙනි හෝටලය සහ හාර්ඩ්වෙයාර්" කියලා.

    ReplyDelete
  32. අහ්හ්,, කාලෙකින් මෙහෙ ආවෙ.., කතා සෙට් එක මග ඇරුනානෙ :/

    හික් හික්.. මරු සූකිරි බෝලෙ තමා.. මමත් ආස කෑමක් හැබැයි!! ඒ..හැබැයි ටයිප් කොරන්න නම් අවුල්ද මංදා... :O :O මෙ ටික ලයිව් ඇට් එයිට් එකට දැම්මා නම් හලි :p :P

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...