Tuesday, May 29, 2012

ගැටයාව ලොක් කලෙමු...


සෑමා 13 වසර ගණිත පන්තියේ සිටියදී ඒ පන්තියේම සිටියේ ගැටයාය. පොර ඉස්කෝලෙ යද්දී තනි ඇටයාය.  තනියා ඒ අවධියේ රගපෑවේ අප පාසලේම සිටි නදීෂා හේමමාලි සමගය. පසු කලෙක කැම්පස් ගිය විට කාඩ් එක ගැටයා ලෙස වෙනස් වී තිබුනේය. එහෙව් ගැටයා බ්ලොග් කරනයට (අනිවාරතේ බ්ලොගය) පිවිසි විට සෑමා ගැටයාට උපහාර කතාවක් ලීවේය. එය සෑම්, හෝම්ස් සහ වොට්සන් නම් විය. ඒ කතාවෙන් ලද පන්නරයෙන්ද, ගැටයාගේ උදව්වෙන්ද සෑමා මේ බ්ලොගය අටවා ගත්තේය. ඒ අතුරු කතාය. දැන් පටන් ගන්නේ කතාවය.

මේ අපේ ගැටයාගේ බ්ලොග් පොටෝවයි.

ඉස්සර අපේ සෙක්ෂන් එකින් පහලට බහින තැන මදක් ඉදිරියෙන් තිබ්බේ ශිෂ්‍යනායක කාමරයය. ඒ කාමරේ සිටියේද අපේ වයසේ තිත්ත නායකයෝය. එතනට ගිහින් ඒ කාමරය දෙවනත් කිරීම හා ඔවුනට බාධා වන අයුරින් හැසිරීම අපගේ පාසල් ජීවන චක්‍රයේ එක කොටසක් විය.

දිනක් සෑමා ඇතුලු පිරිස එතැන සිටියදී අපේ ගැටයාද එතැනට සම්ප්‍රාප්ත වූයේය. ඌටත් ඕනේ නැති දෙයක් නැත්තේය. පාසල ඇතුලේ කෙහේ කොතැනක දුටුවත් පොතක් රෝල් කරගෙන එහේ මෙහේ ඇවිදින්නේය. බොහෝ විට එය පුස්තකාලයෙන් ගත් පොතක්ය. කොටින්ම කීවොත් ඔහු ඒ කාලේ නොබලපු පොතක් නැත්තේය. පෙරලපු පොතක් නැත්තේය. ඒ අතර ගැටයා මාසික සගරාවක් කළ බව සෑමාට මතකය. එය ප්‍රින්ට් කරපු සගරාවක් ‍නොවේය. ගැටයාගේ අකුරින්ම හාෆ් ෂීට් කිහිපයක් පිරෙන්න ලියු කතා සහිත සගරාවක්ය. පොර මාසිකව හෝ එය ලියා අහවර කළ පසු අපේ එවුන් ඒක අරගෙන පැල් බැදගෙන කියවපු කාලයක් තිබුනු බවද සෑමාට මතකය.

ශිෂ්‍ය නායක කාමරය අසලට සපැමිනි ගැටයා අපේ කතාවට සම්බන්ධ වුවේය. ඒ අතර එම කාමරයේ දොරේ එල්ලා තිබු ඉබ්බා සෑමාගේ ඇසට අසුවිය. යතුර නොමැතිව ඉබ්බා පමනක් දොරේ එල්ලී තිබුනේ අගුල ඇරුනු ආකාරයටය. එය දුටු සැනින් සැමා ඉබ්බාව තම මිතුරන්ට පෙන්නුවේ ඇස් කොනින්ය. ඉගිය වටහා ගත් සියල්ලෝම වට කොට අපේ ගැටයා අල්ලා ගත්තෝය. සිදුවු කිසිත් සිතා ගත නොහැකිව ගැටයා බිත්තියට තද වී සිටියදී ගැටයාගේ කලිසමේ ලූප් එකට ටොකොස් ගා වැටුනේ ඉබ්බාගේ ලොක් එකය.

ඒ හඩින් ගැටයාගේ දැගලිල්ලද අඩු වුවේය. අපේ එවුන්ද පැත්තකට වී ගැටයාව නිදහස් කලෝය. ගැටයා ඔළුව කසමින් යතුරු කැරැල්ල සෙවීමට ශිෂ්‍ය නායකයින් පසුපස ගියේය. එකල්හි ප්‍රධාන ශිෂ්‍යනායකයා වුවේද අ‍පේම පන්තියේ රුවන් ය. ගැටයාගේ වෙලාවට රුවන් එදා පාසලේ සිටියද පෙනෙන මානයක සිටියේ නැත. බැරිම තැන ගැටයා තම ෂර්ට් එක ඉබ්බා සිටින පැත්තෙන් පමනක් උඩින් දමාගෙන පැත්තකට වී සිටියේය. එදා ගැටයාගේ කටට ලොක් එකක් වැටුනා හා සමාන විය.

12 වසරේ පාසල් වාරය පටන් ගත් මුලදීම රුවන් අපේ පන්තියට වැටුනේය. අපට ඒ වසරේ අලුත්ම ඩෙස්ක් පුටු ලැබුනා මතකය. ඒවායේ කිසිත් නොලියා තබා ගැනීමට අපි වෙරදැරුවෙමු. ඒ අතර දිනක් රුවන් උදේම තම පුටුව පිටුපස කවරෙකු හෝ යමක් ලියා ඇති බව කියමින් කෑගැසුවේය. උ/පෙ ගණිත පන්තියේ මුල් දින කිහිපයේ අපි ඉංජිනේරුවන් ලෙස කල් ගෙවුවෙමු. ඒ මානසිකත්වයෙන්ම අපේ එකෙක් රුවන්ගේ පුටුවේ ලියා තිබුනේ "ඉංජිනේ-රුවන්" කියාය. අද තාමත් ලියපු එකා නොදන්නා මුත් රුවන් දුටු සැනින් අපි කියන්නේ අන්න ඉංජිනේරුවන් එනවා කියාය.

‍ඉබ්බා දමා ගත් ගැටයා සාංකාවෙන් දවස ගෙවද්දී රුවන් හදිසියේ පන්තියට ආවේය.

"සෑම් ‍කෝ බං අපේ ඉබ්බා.. ?"

"අනේ අපි දන්නෙ නැහැ මචං.. ඔය තනියා එල්ල ගත්තා ඒක මරු ගැජට් එකක් කියලා..."

"උබල පිස්සු කෙලිනවනේ බං. අපිට රූම් එක වහන්න විදිහක් නැහැ ඉබ්බ නැතිව. මම යතුර අරන් ආවා ඉබ්බ අරන් යන්න. කෝ දැන් තනියා?? "

මොහොතකින් තනියා පන්තියට ආවේ පොතක් රෝල් කරගෙනය. දැන් පොර ෂර්ට් එය හොදින් යට කරගෙන ආඩම්බරයෙන් සිටින බවක් පෙනෙන්නට විය.

"තනියා කෝ බං ඉබ්බා..??" ඒ රුවන්ය.

"මොන මගුලක්ද බං. ඒක එල්ලගෙන ඉන්න බැරිම තැන මම ලූප් එක ගලවලා ඉබ්බව එහා වත්තට විසික් කලා.."

තනියා ඉබ්බා විසික්කල වත්ත කියා කසිප්පු අංකල්ගේ වත්ත පෙන්නුවේය. රුවන්ට කට උත්තර නැත.

Written by sAm_9.50pm_29.05.2012

96 comments:

  1. තනි ඇටය හින්දා සමබර වෙන්ටැ ඉබ්බ එල්ලුවේ

    ReplyDelete
    Replies
    1. මම කලින් පෝස්ටුවක දැම්මා තනි ඇටයා කියන එක ‍රසායන විද්‍යා ටිචර්ට ඇහුනම එයා අහපු දේ.

      මුලදි තනි ඇටයා කිව්වට අපි පස්සේ ලේසියට 'තනියා' කිව්වා. මේක ටීචර්ට ඇහිල තේරුම ඇහුව. කෝමද බං කටක් ඇරල ඇටේ ගැන කියන්නෙ. ඉතිං අපේ එවුන් මුකුත් නොකියා මුනට මූන බලං හිනා වෙද්දි ටීචර් කිව්වා
      "ආ... මට තේරුනා එයා තනියම පාඩම් කරන නිසා නේද තනි ඇටය කියන්නේ???"

      එතකොට පන්තියේ හිනාව දෙගුන වුනා..

      Delete
  2. ඉබ්බෙක් ගිය දුරක්. නදීෂා හේමමාලි ගියේ ගුරුකුලේට නේද ?? උඹත් ගුරුකුලේද ???

    ReplyDelete
    Replies
    1. උබ දන්න දේවාල්.. ඒ කෙල්ලව ඒකෙන් පැන්නුව නොවැ.. අන්තිම වසර 2 සිටියේ අපේ පාසලේ.. එතකොට පාසලේ නම දන්නව ඇති නොවැ..

      බොලා ඒ පැත්තෙද ?

      Delete
    2. මම මාවරමංඩියේ.... ගුරුකුලේ එවුන් තමා ඔය කතාව මට කිව්වේ... පන්නපු කතාවක් නම් උන් කිව්වේ නැහැ

      Delete
    3. අපේ පුංචි‍ගේ ගෙවල් ලග නොවැ උබ ඉන්නේ.. :)

      පන්නලා අපේ ඉක්කෝලෙට ආව නොවැ.. දන්න එකෙක් ගෙන් අහපං කෝ..


      ජය !

      Delete
    4. සන්තෝෂය් එක ගම් පළාතේ බ්ලොග්කාරයෙක් හඳුනාගන්න ලැබුණු එක ගැණ :)

      Delete
    5. මී ටූ...

      බොලා බුකියේ නැද්ද? හදී නම් රික්වෙස්ටුවක් දමන්ට. නැතිනම් මේලයක් දමන්ට. මේල් ලිපිනය උඩ ඇති.. ජය !

      Delete
  3. චැහ් ... ඌ එල්ලගෙන ඉන්න එක මදිවටද බං තව එකක් එල්ලුවෙ.

    ReplyDelete
    Replies
    1. මී ගොඩය කිව්ව වගේ සමබර වෙන්ට බොල.. පොරට එකයි නොවැ තිබ්බේ..

      Delete
  4. හික්ස්ස්.....තොපි කරොත් කරන්නෙ ඔය වගේ අලුගුත්තේරු වැඩක් තමා....:D :D

    ReplyDelete
    Replies
    1. අලුගුත්තේරු කිව්වෙ අයියා ???

      Delete
  5. අනේ අපි නම් ඔය වගේ අලුගුත්තේරු වැඩ කරේ.. නෑ.. අපේ යාළුවන්ට..ඉන්ඩකෝ අපි කොයිතරම් යාලුවන්ට ගරු සරු කලාද කියලා ලියලා තියෙන පෝස්ට් එක දමන කන්..අපි එහෙමයි..

    ReplyDelete
    Replies
    1. හරි හරි බලමුකෝ මේ අයියලගෙත් වැඩ..

      Delete
  6. ඒ කියන්නේ මේ මුත් බෲස් ලී වගේ... මල සේක.. නදීෂා මුගෙන් ගැලවුනේ ඔය එකේ කේස් එකටද? එකී ***පාලේ නේද ඉස්කෝලේ ගියේ..

    ReplyDelete
    Replies
    1. නැහැ බොල ඒකි ***පාලේ නෙවේ..

      ***ලෝකේ.. :)

      ජය !

      Delete
  7. උඹල නදීශගේත් මොනවා හරි එල්ලන්න ඇති, ඉස්කෝලේ දාල යන්න වුනේ...

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒ එල්ලපුව නිසා තමා අද ඉහලින් වැජබෙන්නේ.. :)

      Delete
  8. අහන්නත් දෙයක් නෑ කලොත් අළුගුත්තේරු වැඩක්මනේ පට්ටම සීන් එක.... ඕක ගැටයට නොදැනෙන්න දැම්මනම් තමයි පට්ටම ආතල් එක... මොනා උනත් යාළුවා ගැන අනුකම්පාවක් තිබිලනේ

    ReplyDelete
    Replies
    1. තනිකරම ගැටයාගේ වැරැද්ද බං.. පොර ඇයි ඒ වෙලාවේ එතනට ආවේ. එන්නෙ නැතිව හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ.

      ජය !

      Delete
  9. අපේ පන්තියේ හිටි සිස්ස නාකියෙක් (බැජ් එක ගහපු අළුතම) අපේම පන්තියේ එකෙක්ගේ කො‍න්ඩෙ කප්පලා "යකා ගහනවා" පාරක් දුන්න.. සෑමෝ ඒවගේ වැඩ එහෙම කොරල නැතෙයි???

    ReplyDelete
    Replies
    1. අපේ එවුන්ටම සද්ද දැම්මෙ නැහැ මචං අපේ තිත්ත නායකයෝ.. එහෙම කලත් ඉතින් දන්නවනේ වෙන දේ.. :)

      Delete
  10. පැත්තකට වෙලා පාඩම කරන අහින්සකයෙකුටවත් ඉන්න දෙන්නේ නැති එකෙක් නේ බෝල. චික් විතරක්..

    ReplyDelete
    Replies
    1. ගැටයා??? කාටවත් කරදරයක් නැහැ?? උබ දන්න තරම තමා.. පොර හීන් නූල් කාරයා..

      Delete
  11. උඹලා කලොත් ඔහොම දෙයක් තමයි...

    ReplyDelete
    Replies
    1. මතක් කරන්නත් ඉතුරු එච්චරයි මචං..


      ජය !

      Delete
  12. ඈබොල සෑමෝ. අවිහින්සාව ගැන බණ කියන උබ නේද මේ අලුගුත්තේරු වැඩ කොරලා තියෙන්නේ.කියන කොට එහෙමයි කොරන කොට මෙහෙමයි වගේ නේද. හෙහ් හෙහ්. ජය..!


    මට ‍රැංගොගේ පෝස්‍ටුවට කමෙන්ට් කරන හැටි තේරෙන්නේ නෑ. පොඩ්ඩක් කියලා දීපන් මචෝ.

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං ඇල් වතුරත් නිවල බීල තමා මේව කලේ.. ඒ ඉස්සර දැන් වෙනස් නොවැ.. ;)

      රැංගෝගේ අරුණැල්ල බ්ලොගේ පෝස්ටුවක් ගැනද මචං උබ කියන්නේ ??

      Delete
    2. අන්න හරි. ඒක ගැන තමයි. ඉතින් කියලා දීපන්කෝ මචෝ.ජය...!

      Delete
  13. අනේ ඇත්තට මේ කොල්ලන්ට නම් පුදුම මොකක්ද එකක් වෙලා තියෙන්නෙ.....

    ReplyDelete
    Replies
    1. මෙකක්ද එක කිව්වේ .. ??

      Delete
  14. ගැටයා නම් සිරා ඩයල් එකක් සේ ඔහුගේ නාට්‍ය තුලින් පෙනේ ...!!, එල කොල්ලෙකි..!
    එක නෙවෙයි අර නදීෂා ගේ මුකුත් එල්ලුවේ නැද්ද බන්..??

    ReplyDelete
    Replies
    1. නිදීෂා අපි නිසා ගොඩක් තැන් වල එල්ලුනා.. :)
      ගැටයා සුපිරි නාට්‍ය කරුවෙකු බව අවිවාදිතය..

      ජය !

      Delete
  15. ගැටයාගෙ උදව්වෙන් සෑමා බ්ලොගය අටවා ගත්තද ? නැත්නම් ඒකෙ අනිත් පැත්තද ?

    අපොයි තොපි වගේ නසරානි යක්කු ටිකක් ඒ අහිංසකයට දීලාතියන වදයක් !

    එකක් කියන්ඩ ඕනා, ගැටයා හොඳ නිර්මාණශීලී පොරක්. ඌ තලමල් පිපෙන්aනැහෙ පෝස්ට් දැම්මට ඒවා මාර ගති.

    ඩබලටම ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. //ගැටයාගෙ උදව්වෙන් සෑමා බ්ලොගය අටවා ගත්තද ? නැත්නම් ඒකෙ අනිත් පැත්තද ?//
      ඇයි මචං එහෙම ඇහුවේ..?

      අහිංසකයා කිව්වේ ?? ගැටයටද ?? දන්න තරම තමා.. හීන් නූල් කාරයා නම් ගැටයාය.

      ගැටයා නිහඩ නිර්මානකරුවෙකි. රටටම හොල්ලපු එකක් කෙරුවා මත‍කනේ.. අනික හෙල්ලෙන්න වැඩක් කරලා ටිකක් නිහඩව ඉන්නවා.. බයටද මන්දා//

      Delete
    2. මොකක්ද බන් ගැටයා කරපු රටම හොල්ලපු නිර්මාණේ ??

      Delete
    3. ඇයි මචං ඇඩෙනවා "ප්‍රතිඵලය දුටුවාම - තනි ඇහැට.."

      මතකයි නේද ? යූ ටියුබ් එකේ හිට් වුනා මාර විදිහට..

      Delete
    4. මම නම් අහලවත් නෑ. කෝ බන් ? දාපන්කො ලින්ක් එක.

      Delete
    5. ඇයි දන්නේ නැහැ හෙන ආන්දෝලනයක් ගියේ.

      Delete
    6. http://aniwarathe.blogspot.com/2011/12/blog-post_27.html

      Delete
  16. අඩෝ සෑමො දැන් මම මොනවහරි කියන්න ඕනේද?

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ මයෙ හිතේ..

      Delete
  17. හපොයි ඒ කාලේ කියලත් වැඩි වෙනසක් නෑ නේද?
    ඇත්තටම අර කියන නිළිය හිටියේ ඔයාලගේ ඉස්කෝලෙද? :D

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ ඔව් අපේ එකටත් රිංගුවා යන්න තැනක් නැතිව..

      :ඩී

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. එදා ඉඳල කොල්ලෝ කලිසම් වල ලූප් ගලවල දාන්න ඇති නේද ? නැත්නම් සෑමා අරව මෙව්වා එල්ලන හින්දා.

    ReplyDelete
    Replies
    1. පස්සේ කාලේ ස්ටයිල් එකක් වුනේ ඒකමද මන්දා..

      Delete
  20. අයියෝ මෙහෙමත් යාළුවෝ.!!
    හිනා වුනා උදේ පාන්දරම..හික්ස්..

    ReplyDelete
    Replies
    1. අපි සැබෑ මිතුරෝ වෙමු..

      Delete
  21. සෑමලට අලුතෙන් ඉබ්බෙක් අරන් දෙන්න වුනේ නැද්ද??

    ReplyDelete
    Replies
    1. එයාල අපිට එහෙම බලපෑම් කරන්න බයයි නොවැ.. :ඩී

      Delete
  22. අපිත් අපේ යාලුවෙකුට මේ වැඩේම කරා.... ඌ නම් ඉබ්බව පේන්නේ නැති වෙන්න කලිසම අස්සේ ගහගත්තා... ඊට පස්සේ උගෙන් ඉබ්බා කෝ කියලා අහපුහවම කීවේ 'ඉබ්බා *කේ' කියලා...
    එදායින් පස්සේ ඌව අහල පහල හැම ඉස්කෝලෙකම ප්‍රසිද්ධ උනේ 'ඉබ්බා' කියලා.... අදටත් උගේ ඇත්ත නම දන්නේ නැති උන් පවා ඉබ්බා කීවහම දන්නවා....

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ලියික් ආ.. හිනා ගියා බං..

      පොරට නම දාන්න කිව්වේ ඉබ්බ *කේ කියලා..

      ජය !

      Delete
  23. මේකෙ රිටන් එක සෑමට හම්බුනේ නැද්ද

    ReplyDelete
    Replies
    1. රිටන් ආපුව ඉතිං අමතක කරල තියෙන්නේ.. එතකොට මට ලැජ්ජ වෙනව නොවැ..

      * අපේ ගැටයා හොද එකාය. රිටන් නොමැත. හිනා වෙනවා පමනි *

      Delete
  24. බඩුම ත්මා සෑමෝ....

    ReplyDelete
  25. අනේ මෙහෙමත් නොසන්ඩාලයෝ හැබෑටම

    ReplyDelete
  26. අෆ්ෆා... පජාතයිද මන්දා.. :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  27. අපේ එකෙක් කුත් හිටියා ඔය තනි ඇටයා කියල නම තියෙන,
    අනේ අම්මප උඹල කරොත් කරන්නේ ඔය වගේ කුප්ප වැඩක් තමය් :ඩ්

    ReplyDelete
    Replies
    1. බොලාගෙ තනි ඇටයත් යන්නේ ඇදේට බැලන්ස් නැතුවටද ? (එකක් අඩු නිසා..)

      Delete
    2. ‘තනි ඇටය‘ල වැඩි නැද්ද බං. ‘ඇට මරියා‘ කියල එවුන් හිටියෙ නැත් ද?

      Delete
    3. සිරා බන් පොරට ඒ නම වැටිලා තියෙන්නේ බය්සිකලයේ යනකොට පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා, ඒක නිසා අහවල් දෙකන් එකක් අයින් කරන්න වෙලා සිරා..

      Delete
    4. // ඇටද බොරියේ //

      ඒ බං, මේ ප්‍රංශ ද? :D

      යා .. යා.. ඇට බොරියේ. :D

      Delete
    5. @ පුබුදු,
      උඹ කියපු එක බොරුයි කියල නෙමෙයි බං මං කිව්වෙ. ඒක නිකන් ජෝක් එකක්.

      Delete
    6. :) ඒක අව්ලක් නෑ බන්

      Delete
    7. මගෙ අප්පේ අවුල් නම් තියා ගන්ට එපා බොලවු.. ;)

      Delete
  28. මං හිතුවෙ දොරට තියල ඉබ්බ දැම්ම කියල. එහෙම කලානං හරි බං.

    ReplyDelete
    Replies
    1. ඒකත් සිරා වැඩේ.. ඒත් හිතන්න වෙලාවක් නැති නිසා ක්ෂණික දීපු ගේමක් මචං..

      Delete
  29. තොරණ යටින් ඉස්කොලේ ගිය උඹල කරලා තියන වැඩ.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අපි ආවේ අනිත් පැත්තෙන්.. :)

      Delete
  30. අපරාදේ ඉබ්බා

    ReplyDelete
    Replies
    1. ඉබ්බා කිව්වේ ගැටයටද :ඩී

      Delete
  31. අනේ අපි දන්නෙ නැහැ මචං.. ඔය තනියා එල්ල ගත්තා ඒක මරු ගැජට් එකක් කියලා..."


    මේ කැල්ලනම් මාරු බං ... මැවිලා පේනවා..

    එල කතාව ...

    ReplyDelete
    Replies
    1. ලියපු කතාවක් මැවිලා පෙනෙද්දි හිනා යනවා වැඩි තමා මචං

      ජය !

      Delete
  32. හෑෆූ........මෙයාලනම්...........:P

    ReplyDelete
    Replies
    1. ඇයි මෙයාල සුපිරි නේද ?

      Delete
  33. කලොත් කරන්නේ මේ වගේ වැඩමයි මේ කොල්ලෝ නම් පව් අප්පා අර අහිංසකයා...
    අන්තිමට ඉබ්බා හම්බුනා කෙනාට යතුරත් නැ..යතුර තියන කෙනාට ඉබ්බත් නෑ..:)

    ReplyDelete
    Replies
    1. යතුරත් එහා වත්තට විසික්කරන්න තිබ්බේ නේද ?

      ජය !

      Delete
  34. හහා...නියම දේවල්නෙ මේ ගොල්ලොත් කරලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අපි ඒම තමා.. දම්මියෝ !

      Delete
  35. අම්මපා මූට කාටහරි අටමගලයක් අටවන් නැතුව ඉන්ඩ බැරිහැටි ඈ..කොහොම හරි අහකහිටිය එකේකුට ටොෆිය සෙට් උනා නේව...හික්ස්

    ReplyDelete
    Replies
    1. මතක් වෙද්දි ආසයි මචං.. බොරුද මං අහන්නේ? කෝමද ඉස්කෝලෙ ගිය කාලේ?

      Delete
  36. ඉබ්බා දාන්න දඟලපු එව්වෝ ටික දත කට විකාගෙන හරි ගැටයාගේ බඩ තද කරලා ලුප් දෙකක් අල්ලලම ඉබ්බා දැම්ම නම් මරුවට තියෙයි.

    ReplyDelete
    Replies
    1. මගුලයි එහෙනම් එදා තමා ගැටයාගේ අන්තිම දවස..

      Delete
  37. අඩේ ගැටයා ඒ කාලෙත් පට්ට වැඩ නෙව කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපිත් එකක් හිටියම ඒම තමා බොල.. :ඩී

      Delete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. ගැටයා ගැන පෝස්ටුවක් නම් නදීෂා එතන..පුදුම ලව් එකක් නෙව..(ම‍ගේ පල‍‍වෙනි කමෙන්ටුව ඔන්න ඇ..)

    ReplyDelete
  40. මේ ගැටයා හරි හොට්ටෙක් නේ? බලන්නකො නහයේ ඇගිල්ල ගහන් ඉන්න හැටි :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...