Wednesday, April 4, 2012

දෝදු සහ ටෙලිෆෝන් කතන්දර...


දෝදු.... යනු අමුතුවෙන් හැදින්විය යුතු නැති නමකි. ඔහු ගේ සැබෑ නම කවුරුත් (බහුතරයක්) තවම නොදන්නා නිසා පොර තාමත් සෑමාගේ මිතුරාය. කතා සියල්ල කියවමින් පොර මට බනින්නේ කුණු හබ්බ වලිනි.

එදා අපි ගම්පහ ක්ලාස් යන දවසකි. උදේ පාන්දර 7ට ටියුට් එකක් දෙන නිසා ලමයි පන්තියට ආවේ 6ට පමණය. සෑමා නම් ගෙවල් ලගින් බස් එකට නැග්ගේත් 6ට පමණය. ඒ කාලේ අපේ එකාලා ක්ලාස් ගියේ හුලුඅතු පත්තු කරගෙනය. කුකුලා අතේ තියාගෙනය. සෑමා සහ පුෂ්පේ ගෙවල් ලග හෝල්ට් එකෙන් නැග හෝල්ට් දෙකක් ඉදිරියට යද්දී එම බසයටම නගින්නේ අපේ දෝදුවාය. විටෙක පොර බස් එකට නගින්නේ නැත. විටෙක කීවාට බොහෝ විට දෝදුට නින්ද යන නිසා එන්නේ ප්‍රමාද වෙලාය. සර් හැමදාම ප්‍රමාද පිරිස් ඉදිරිය ඩෙස්ක් වලට ගන්නා නිසා අපි ක්ලාස් එකේ ඉදගෙන සිටියදි දෝදු පන්තිය මැදින් යනවා අපි අනන්තවත් දැක ඇත්තෙමු.

ක්ලාස් එන්න නැගිටින්නට පමා වන්නේ රෑට පාඩම් කර නිදි මත නිසා යැයි කීම සාධාරණය. එහෙත් පොර 7ට පමණ නිදා ගන්නේ පහුවෙනිදා ක්ලාස් යා යුතු නිසාය. ඒත් පොර එන්නේ පමා වෙලාය. එහෙව් දෝදුවා ක්ලාස් එකේද ටියුට් එක කර නිදා ගන්නේය. විටෙක ටියුට් එක අතක තබාගෙන හිස ඩෙස්ක් එක මත තබා ගොරවද්දි පුෂ්පේ හෝ සෑමා දෙපස සිට දෝදුව වත්තම් කරගෙන නැගිට්ටනවාය. දවසක් දෝදු එලෙස නිදා සිටියේ නුගේගොඩ මැත්ස් ක්ලාස් එකකදීය. එක පාරට නැගිට දෝදුවා සෑමාගෙන් ඇසුවේ ඇයි බං සර් විසිල් ගැහුවේ කියාය. සර් ගහපු විසිල් එකක නැත. එක්කෝ දෝදුවා හීනෙන් හෝ පොලිසියට මාට්ටු වී ඇත. නැතිනම් සිහිනයක් පාට පාටින් දැක ඇත. සෑමා නැහැ කියද්දිත් දෝදුවා කීවේ සර් විසිල් ගැහුවා කියාමය. බැලින්නම් අඩ නින්දේ සිටින දෝදුට සර් ගේ මයික් එකට සුලං වැදී එන විසිල් එකක් වැනි සද්දය ඇසී කලබල වී ඇත. සෑමා කීවේ අවුලක් නැහැ මචං සර් තව විසිල් එකක් ගැහුවොත් ඇහැරවන්නම් උඹ නිදා ගනිං කියාය.

ඒ ක්ලාස් එකේම දවසක් දෝදු පමා වී පැමිණ හිද ගත්තේ සෑමා හා පුස්පේ ඇතුලු සෙට් එක සිටි ඩෙස්ක් එකට ඉදිරියෙනි. ඒ ඩෙස්ක් එකේ සිටියේ දෝදු සහ ඊට බොහෝ දුරින් තවත් තිදෙනෙකු පමණි. පැය දෙකකට විතර පසු දෝදු ඩෙස්ක් එක මත සමපාත වී සිටියේය. ඉස්සර බහුතරයක් ක්ලාස් දරුවෝ දමන්නේ බාටා කැබලිය. නිකන්ම බාටා නොවේය. බෝල බෝල බාටාය. අපේ බොහොමයක් දැම්මේද ඒවාය. දෝදු ඉදිරිපෙල නිදා සිටියදී අපේ එකෙක් දෝදුගේ ‍ගලවා තිබූ සෙරෙප්පු දෙක අරන් දෝදුගේ දකුණු අත පැත්තේ එකකුත්, වම් අත පැත්තේ තව එකකුත් තැබුවේය. කෙල්ලෝ කොල්ලෝ දෝදු දෙස බලා සිනා සෙමින් සිටියත් දෝදු නැගිට්ටේ තම නින්ද කෙළවර කළ පසුවය. ඉන් පසුත් විනාඩි 15ක් වත් යනතුරු දෝදු සෙරෙප්පු නොදැක්කේමය.

ඒ දෝදු ගැන අතුරු කතාය, දැන් දෝදුගේ ෆෝන් කතන්දර...

ඉහත කී පරිදි දෝදු ගම්පහ ක්ලාස් යන්නට අපේ බස් එකටම නැග්ගේය. පොරගේ පොත් කිහිපය ඇරෙන්නට එදා අනිත් අතේ තිබ්බේ කළු ටියුලිප් බෑගයකි. ඒ දුටු අපට ප්‍රශ්න වැලකි.

"මොකක්ද බං ඔය? අද උබ දවල් කෑමත් ගෙනාවද?" දෝදු කෑමට සූරයා නිසාම ඇසුවෙමු.

"නැහැ මචං, අපේ සී.ඩී.එම්.ඒ ෆෝන් එක කැඩිලා. ඒක එන ගමන් නුවර පාරෙ ඇවිත් කිරිබත් ගොඩ ටෙලි ෂොප් එකට දෙන්න ඕනේ." දෝදු කීවේය.

"අම්මා මෙයා අදත් හෙන වට වන්දනාවක් සෙට් කරයි වගේ.." මීට කලිනුත් දෝදු බස් නැතිව පයිං යන ගමන් බහුලව අපට සෙට් කර ඇත.

"හරි හරි බං යන තැනය යං, ක්ලාස් ඉවර වෙලානේ... ඔය මගුල එල්ල ගෙන ඉන්නේ නැතිව පොත් ටිකත් දා ගනිං ඔය බෑග් එකට.." සෑමා දෝදුට ෆයි-එස් (5S) සිංහල ක්‍රමයට කියා දුන්නේය.

දෝදු කියන දේ අහන කොල්ලා නිසා බෑග් එකට පොත් ඔබා ගත්තේය. සුපුරුදු පරිදි එදා ක්ලාස් යද්දී අම්බානක පමාය. එනිසා සර්ගේ සුහද ඇරයුම යටතේ ඉදිරිපෙල මන්ත්‍රී අසුන් අපට හිමි විය. එහෙම පමා වී ක්ලාස් එකට ගියත් අපි සර්ට පෙනෙන මානයේදී පමණක් බොරු කලබලයක් ඇගට ගන්නෙමු. සර්ව දැක් හැටි‍යේ මහ කලබලයෙන් ඉදිරියට ගොස් හිද ගතිමු.

දෝදු මැදට හිටින පරිදි සුපුරුදු ලෙස හිද ගත්තේ පොරව විනාඩි 30කට වරක් ඇහැරවිය යුතු නිසාය. නැතිනම් දෝදු පන්තියෙන් එලියට දානවා ශුවර්ය. කලබලයෙන් හිදගත් දෝදු බෑග් එකට අත දමාගෙන පාඩමට අදාල පොත සොයන්නට විය. මතක විදිහට ඕගනික් කෙමෙස්ට්‍රිය. අත දමා කරකවා බැලුවද පොත සෙට් නොවුණ තැන දෝදු බෑග් එකෙන් එලියට ගත්තේ සී.ඩී.එම්.ඒ දුරකතනයයි. එය ඔසවා ඩෙස්ක් එක පැත්තකින් තැබුවේය. ඉතිරි පොත් ටික අනිත් පසින් තැබුවේය. දැන් දෝදු නිකං ඔපීස් එකක මහත්තයෙක් වගේය. පැත්තක පොත් ෆයිල් ගොන්නකි. පැත්තක දඩාර ෆෝන් එකකි. එහා පැත්තේ සිටි කොල්ලෝ සෙට් එක දත් මිටි කාගෙන සිනාසෙද්දී, කෙල්ලෝද දෝදුව අමු විලි ලැජ්ජාවට පත් කරමින් සිනාවෙන්නට වූහ. දෝදුට ලැජ්ජ නහර නැති වුනාට සර් දැක්කොත් විනාසය. අපි දෝදුගේ අතිජාත මිත්තරයෝ නිසා අපටද වීසා ලැබෙනු ශුවර්ය.



"මොකද pකෝ කරන්නේ.. ඕක දාගනින් ඇතුලට ඇඩ් එකක් නොවී.." කීවද දෝදු නිසලය. සෑමාම බෑග් එක අතට ගෙන ෆෝන් එක ඇතුලට එබුවේ විලි ලැජ්ජා‍වේ බැරි නිසාය. සර්ට මාට්ටු නැත. එහෙත් එදා ඉන්ටර්වල් එකේදී පිටුපස සිටි සෙට් එකේ කොල්ලෙක් සෑමාට තට්ටු කලේය.

"මචං අද ගෙදර කවුරුත් නැද්ද ?" පොර ඇසුවේය.

"ඇයි මචං එහෙම ඇහුවේ.." සෑමා ප්‍රශ්නාර්ථ ලකුණින් ඇසුවේය.

"නැහැ.. ගෙදරට එන කෝල් මිස් වෙයි කියලද උබ ලෑන්ඩ් ෆෝන් එකක් ගෙනාවේ.." දෝදුගේ ‍වැඩෙන් බැට කෑවේ සෑමාය.

"මේ හු** වැඩ බං.. මේක වැඩ කරන්නෙ නැහැලු.. හදන්න දෙන්න ගෙනෙල්ලා.." සෑමා කීවේ දෝදු පෙන්නමිනි.

ඒ ෆෝන් එක කැඩිලා කිව්වාට කෝල් එකක් ආවොත් රින්ග්ස් යනවාය. විටෙක ඩිස්ප්ලේ එකේ අවුලක් තිබ්බ නිසා දෝදු එය රෙපයාර් කිරීමට රැගෙන විත් ඇත. එය හිරු එලියට ඇල්ලූ විට ඩිස්ප්ලේ එකද අවුලක් නැතිව පෙනෙනවාය.

එදා දෝදු සමග අප බස් එකට නැග්ගේ කිරිබත්ගොඩ ගිහින් ෆෝන් එක හදා ගැනීමටය. 

ඒ ලෙවල් කරන කාලේ සෑමට හෑන්ඩ් ෆෝන් නැත. සෑමා ප්‍රථමයෙන් ෆෝන් එකකට ගත්තේ රේඩියෝ ඇති සුට්ටං එල්.ජී ෆෝන් එකකි. ඒ 2008 වසරේදීය. ගෙදරින් ඉල්ලා නෙවේය. තමාගේම මුදලිනි. ඒ ෆෝන් එකෙන් ඇරඹි පෙම තවම තියෙනවාය. දැන් වසර 4කි. ෆෝන් එක නම් කැඩුනේ වසර එක හමාරක් විතර භාවිතයෙන් පසුවය. ඒත් එය තාමත් කෞතුක භාණ්ඩයක් ලෙස ගෙදර තබා ඇත.

දෝදු සමග බස් එකට නැගි අපි සෙට් එකට තිබ්බේ පුෂ්පේගේ නොකියා ෆෝන් එකක් පමණි. බෑග් එක උස්සගෙන සිටියදී එතන සිටි ක්ලාස් එකේ කෙල්ලෙක් දෝදු දිහා බැලුවේ නැත. කලින් දෝදුගෙන් පාඩමක් උගත් ඇත්තියක විය හැක.

"මොනාද අනේ බෑග් එක ගන්නකෝ.." දෝදු බැග් එක බලෙන්ම පැටෙව්වේය. කෙල්ලද කරන්නට දෙයක් නැති තැන ගත්තාය. ඇය තම පොත් ගොඩට උඩින් දෝදුගේ බෑග් එක පිලිවෙලකට තබාගෙන ඊට උඩින් තම මොලැ කැටි දෑත් තබා ගත්තාය.

"මචං ගනිං උබේ ෆෝන් එක.." දෝදු ඉල්ලා ගත්තේ පුෂ්පේගේ ෆෝන් එකයි.

"තෝ මොකෝ කරන්න යන්නේ.. අඩේ සල්ලි නැහැ බං.." පුෂ්පේ දෝදු ගැන දන්නා නිසා සියල්ල විස්තර ක‍ර ෆෝන් එක දුන්නේය.

"කවුද බං සල්ලි ඉල්ලුවේ.. මම ඉල්ලුවේ ෆෝන් එක.." දෝදු සද්ද දැම්මේය.

එහෙව් ෆෝන් එක ගත් දෝදු අර දැරිවිගේ ඔඩොක්කුවේ තිබි ෆෝන් එකටම රින්ග් කලේය. අර කෙල්ල එක වර අත්දෙක උඩට ඉස්සුවේ බෑග් එක දෙදරද්දී බයේ ගැස්සිලාය. ඇය එවර දෝදු දෙස බලා අහක බලා ගද්දී දෝදු මුකුත් නොදන්නා ලෙස අහක බලා සිටියේය. 

දෝදු නැවත රින්ග් කලේය.

අර කෙලි පොඩිත්ත හිස ඔසවා බැලුවාය.

"තමුසෙගෙ බෑග් තියා ගන්නයි, ‍ජෝක් බෙදාගන්නයි මට බැහැ. ‍ආහ්.. මේක තියා ගන්නවා"

Written by sAm_6.45pm_04.04.2012

පලි - ඩිස්ප්ලේ ගිය හෑන්ඩ් ෆෝන් එකෙන් දෝදු මැසේජ් ලියයි/කියවයි ලගදීම....

77 comments:

  1. අම්මෝ දොදු මාර පොරක්නේ. අර කෙල්ලනම් සාදාරනයි. හිකිස්‌..
    දොදු ගේ කතා නියමයි වගේ :)

    ReplyDelete
    Replies
    1. මම මේ කාලෙකින් 1 උනාමද කොහෙද බ්ලොග් එකක., ජය වේවා මට :)

      Delete
    2. අප්පද බොල එක තේරීමේ තරගය මෙහාටත් ඇවිල්ල නොවැ..

      මීට පස්සේ මා ඔබව හැමදාම එක කරමි. පෝස්ටුව දැමූ සැටියේ ලින්කුව ඔබට දමමි...

      සෑමාට ජය !!

      Delete
    3. ලින්කුව කියන එකේ අකුරු එහෙ මෙහෙ වෙලා බං දැක්කේ..මේලක් එව්වා බැළුවද....

      Delete
    4. අඩේ සිරාවට ලින්කුව ඔබට දමමි අකුරු වෙනස් වුනා අප්සට් නේද ???

      ඔව් මචං මේල් එක දැක්කා... මොනා කරන්නද හොරු නොවැ හැමතැනම..

      ටැංකූ !!

      Delete
  2. දොදුවා එල පොරක්නේ
    අඩේ මන් දෙක

    ReplyDelete
    Replies
    1. දෝදුවා පට්ට පදිරි සුපිරි පොරකි..

      මන් දෙක කියන එක දැක්කේ 'අං දෙක' වගේ :))

      ජය !

      Delete
  3. බොලාලගෙ ජෝගි බලන්නයි උදව් කරන්නයි බෑ....
    අන්න සිරා කෙල්ලෙක් ඈ...
    එල එල සෑමයියේ..

    ReplyDelete
    Replies
    1. බොලාලට කෙල්ලො නම් සිරා..

      අපේ අහිංසක දෝදුවා ගුටි කෑව නම්.. ??

      Delete
    2. දෝදු ගුටි කෑවනං නේ....
      ඒකත් ප්‍රස්නයක් තමා...

      Delete
  4. දෝදුවා නම් සිරා පොරක් සෑමාටත් වඩා :D CDMA ෆෝන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. හිකිස් සෑම්ටත් වඩා සිරා කිව්වේ.. අපි සිරා නැද්ද ආ???

      CDMA ගැන කියලා වැඩක් නැත්තේ මන්ද ?

      Delete
  5. දෝදුවා පට්ටනෙ බොලේ...
    අන්න පෝන් නං පෝන්....සීඩීඇම්ඒ.. :ඩී

    ReplyDelete
    Replies
    1. :ඩී

      මරු කමෙන්ටුව.. :ඩී

      Delete
  6. ‍උදවු කරන්න ගියාම ඔහොමත් කරනවද මං අහන්නේ..... මාර කොල්ලෙක්නෙ ...

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ ඒ කෙල්ලට නින්ද ගිහින් වගේ කියල හිතෙන්න ඇති අපේ දෝදුට..

      ඒක නිසා ඇහැරවන්න කරන්න ඇති..

      ස්තුති මෙහෙ ආවට.. !

      Delete
  7. දොදුවා නිසා ගුටි කෑවේ නැද්ද? කාගෙන්වත්..

    මොනවා වුනාත් හොඳ වැදගත් කෙල්ලෙක්.නැත්නම් ඒ බෑග් එකෙන්ම ගහනව නේ.අනිත් ඒක ඌ පංති යන්නේ නිදාගන්නම විතරයි ද?

    ReplyDelete
    Replies
    1. ගුටි කෑවෙ නැද්ද?? මතක් කරන්න එපා.. දෝදු සමග අපි කෑව කැළණි හන්දියෙම ක්ලාස් ගිහින් බස් එකෙන් බැස්ස හැටියෙම. ඒක දෝදු සෙට් කරපු එකක් නෙවේ හැබැයි.. අපිට නිකං ඇදිච්ච ටිකට් එකක්.. වෙන එවුන් සෙට් එකක් කියල අපිට ගහල නොවැ..

      අනේ මන්ද බං.. පැයකට වරක් නැගිටල ඈනුමක් ඇරල වටපිට බලල ආයෙත් දොයි..

      අපිත් ඉදල හිටල දොයි තමා !

      Delete
  8. හැක් හැක්! ඌ නම් සිරා පොරකි. මේ කතා ලියා ඇති විදියට ඔක්කොම වගේ වර්චස් වැඩ කරන්නේ සෑමාගේ යාලුවෝය. සෑමා හොඳ එකාය.

    මීට දෝදුවා ඩිස්ප්ලේ ගිය ෆෝන් එකෙන් මෙසේජ් යැවීමටත් වඩා කියවූ හැටි දැන ගැනීමට පුල පුලා බලා සිටින henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අප්පොච්චි‍යේ යාලුවො බිල්ලට තබා නොලියමි. සෑමා කුජීත වූ ඒවාද දමා ඇත්තෙමි.
      පරන පෝස්ටු ප්‍ර‍වේසමෙන් බලන්ට.. :))

      පන්තියේ බල්ල කක්ක කරපු සීන් එකෙත් සෑමා ටීචර් සමග සාධාරණය වෙනුවෙන් මරාගතිමි.

      මැසේජ් සීන් එක දමමි. ඉවසිම හොද ගතියකි. එවට සැනසීම ලැබේමය.

      ඔබට ජයය !

      Delete
    2. ඔව් ඔව් මූ බබා.. අනේ මගෙ කට...!

      Delete
    3. මට බබා හම්බවෙන්න ගිය සීන් අනන්තව ඇත. දමමි.. !

      Delete
  9. අපරාඩෙ හලේ අර ගෑනුළමය අරටික කියල විතරක් නැවතුනේ....මම වගේ වුනානම් කෙලින්ම දානව බෑග්එක බිමට.......:/

    ReplyDelete
    Replies
    1. මගේ අප්පේ.. එහෙම දරුණු වෙනවද දෝදු වගේ සිරා කෙල්ලෙක්ට ??

      ඔයා ඒ කෙල්ල වුනා නම් සුවර් එකටම දෝදුට මුකුත්ම කියන්නෙ නැහැ..

      Delete
  10. හෙහ්.. මදැයි කෙල්ල බෑග් එකෙන්ම දමලා නොගැහුවා..

    අඩේ උඹලා පන්ති යනකොට හෑන්ඩ් ෆෝනුත් ගෙනිච්චද..? අපි යනකොටනම් හෑන්ඩ් ෆෝන් ලංකාවෙත් නැහැ මගෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. අපිටත් පෝං තිබ්බෙ නැහැ මචං.. 2006 වසරේ නොවැ.

      අපේ සසී කියල කොල්ලෙක්ටයි, පුෂ්පෙටයි තමා‍ පෝං තිබ්බේ. මම පෝං එකක් ගත්තේ 2008 දී.

      අපි 11 වසරෙදි (2003 දී) අපේ යාලුවෙක් හිටිය පප්ප කියලා පොර ගෙනාවා කැමරා දෙකේ පෝං එකක්. ඒක ලක්ෂ ගානක් වෙනව ඒ කාලේ. අපේ සෙක්ෂන් එකේම එවුන් පෝලිමේ ගිහිං පෝං එක බැලුවා.. :))

      Delete
  11. මොනවා උනත් දෝදුවා නම් එළ ඩයල් එකක්...
    ඔය වගේ මිත්තරයෙක් අපටත් ඉන්නවා රුවන් කියලා... පොර නිදාගෙන ඉන්න ගමන් කතා කරනවා
    ළග ඉන්න එකාට තට්ටුවකුත් දානවා වැදගත් දෙයක් කියන්න වගේ...කකුලකුත් හොලවනවා...හැබැයි මේ හැම දෙයක්ම කරන්නෙ හොදට නිදාගෙන

    ReplyDelete
    Replies
    1. හිනා ගියා රුවන් ගැන කියපු විදිහට. පොර නින්දෙන් වයිබ්‍රේට් වෙන ඩයල් එකක් වෙන්න ඇති.

      අපේ දෝදු හිටපු ගමන් ‍මැරිච්ච එකෙක් නැගිටනව වගේ නැගිටලා හිරි අරිනවා. සර් නොදැක එක තමා අරුමය !

      Delete
  12. සෑමටම හරි ගිය යාළුවා.. හොද වෙලාවට අර පෝන් එකට ක්ලාස් එකේදි කෝල් එකක් ආවේ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. නැහැ මචං.. දෝදුවා ඔය වැඩේ ප්ලෑන් කරල කරන්න ඇත්තේ. මට මතකයි අපි ඩිස්‍ප්ලේ එක වැඩද බලන්න ක්ලාස් ඉවර වෙලා ඕක ඔන් කලා. එයිට කලින් ඕෆ් එකේ තියෙන්න ඇත්තේ.

      හැබැයි බස් එකට නගින්න කලින් ඕෆ් කලේ නැහ මයෙ හිතේ. ඕකගේ වැඩ හිතා ගන්න බැහැ බං..

      ක්ලාස් එකේදි රින්ග් වුනා නම් ඒක දෝදු‍ගේ ජීවිතේ අන්තිම කෝල් එක වෙන්න තිබ්බා.. (සර් සැරයි නොවැ.. දවසක් බැන්නේ දෝදුගේ ජීවිතේ ලයිට් ඕෆ්වෙන්න ගහනවා කියලා..)

      Delete
  13. හික් හික් හික් මම හිතුවේ සුවර් එකටම සර්ගේ ඉස්සරහා කෝල් එකක් එයි කියලා..බැලින්නං මූ හෙන කුප්පයෙක් නේ...

    ReplyDelete
    Replies
    1. ක්ලාස් එකේදි රින්ග් වුනා නම් ඒක දෝදු‍ගේ ජීවිතේ අන්තිම කෝල් එක වෙන්න තිබ්බා..

      මතකද "ලයිට් නිවා අලබොන්ඩා කෑ හැටි" පෝස්ටුවේ සර් බැන්නේ දෝදුගේ ජීවිතේ ලයිට් ඕෆ්වෙන්න ගහනවා කියලා...

      කුප්ප කියන්නේ විනාස කාරී කුප්පයෙක් බං. :))

      කුප්ප + අයියා = කුප්පයියා

      Delete
  14. දෝදුගේ මුහුණ දැක ගැනීමේ ආශාවක් අවා මට. මාර එක්කෙනෙක් අනේ එයානම්..

    ReplyDelete
    Replies
    1. මුහුණු පොතේ සහ සෑමා ලග දෝදුගේ පොටෝ ඇත්තේය. දමන්නට නොහිතෙන්නේ පොරට කරන අසාධාරනයක් බැවි සිතෙන නිසාය.

      මරු එකක් තියෙනවා දෝදු කන්දක් නැග්ග හැටි..

      Delete
  15. මෝබයිල් ෆෝන් නැති හන්දා ඒ කාලේ කෙල්ලෝ අල්ලගන්ට හරි අමාරු වෙන්ට ඇති නේද? :D

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව් පෝං එක ගත්තත් හරි එකක් සෙට් වුණා කියන්නේ තවම ගලව ගන්න බැරිව ඉන්නේ :ඩී

      Delete
  16. මරු කථාව :-D ටික කාලෙකට ඉස්සෙල්ලා සිරස හිනා ඉනා එකෙත් ඔය වගේ joke එකක් ගියා.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මටත් මතකයි මචං හිනා ඉනා එකේ ඔය සීන් එක. එයිට කලින් තමා ඔය කෙහෙල් මල කලේ..

      උබට මතකද හිනා ඉනා එකේ සෙට් එකක් උඩ බලං ඉන්නවා බොරුවට. එතකොට අනිත් මිනිස්සුත් උඩ බල බල යනවා. ඒ සීන් එක අපි එයිට කලින් අපේ හන්දියේ කලා.. මාර ආතල් එකක් ගත්ත නොවැ..

      මචං කිව්වාට සොරි.. බලකොටුවට ගිහින් බැලුවා මේල් ද ෆීමේල්ද කියලා හොයා ගන්න බැරි වුනා !!

      Delete
  17. ඔය වගේම හැබැයි ටිකක් විතර වෙනස් කථාවක් දවසක් කොච්චියෙ යද්දි මම දැක්ක.. මට මතක විදිහට මම අටේ නවයෙ වගේ පන්තියක ඒ වෙද්දි.. හලාවත කෝච්චියේ.. දවස සෙනසුරාදාවක්.. වාඩිවෙලා යන්න තරම් පිනක් නෑනේ උදේ කොච්චිවලින් මගින් නගින කොට.. ලස්සන ගෑනු ළමයි ටිකක් නැග්ග එඩේරමුල්ල හරියෙන්.. ‍නැගපු ගමන් සෙට්එකම තිබිච්ච තඩි බෑග්, පොත් හෙන සෙට් එකක් වාඩිවෙලා හිටපු අබාධිත (මට තේරුණ විදිහට නම් ගුවන් හමුදා වගේ) සෙබලෙකුට දුන්න.. දැන් කෙල්ලො ටික එක ‍එක ඒව කිය කියා යනවා අර සෙබලට.. හැබැයි වහෙන් ඔරෝ.. එයත් මොකුත් නොතේරුණා වගේ හිටිය හැබැයි. එකියක් ඉදල ඉදල කිව්ව "ගොනා බර අදියි හොඳට" කියලා..
    එකපාරටම අර සෙබලට දීල තිබ්බ පොත් ටිකයි, බෑග් ටිකයි විසිකළා කොච්චියෙන් එලියට.. එතනින් එහාට උන දේ හිතාගන්න පුළුවන්නේ... හිකිස් !!

    ReplyDelete
    Replies
    1. මමත් අහලා තියෙනවා ඔය වගේම කතාවක් ඔයිට වඩා ටිකක් වෙනස් විදියට
      ඒ කතාවෙ බෑග් ටික පටවන්නෙ ඉස්කෝල කොල්ලෙක්ගෙම ඔඩොක්කුවට...සිද්ධිය වෙන්නෙ බස් එකකදි, ඔය විදියටම කෙල්ලො හින්ට් පාස් කරනවා...කොල්ලා සද්ද නෑ. එක අවස්ථාවකදි කෙල්ලෙක් කියනවා " ගොනා කරත්තය අදියි " කියලා ඒ වෙන කොට කොල්ලගේ මල ගානට පැහිලා...පොර "ගොනා කරත්තය පෙරලයි" කියලා බෑග් ටික ජනේලයෙන් පාරට පෙරලනවා....

      Delete
    2. @ සුමිත්.. ඒ කියන්නේ මේ වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනවා වගේ.. මේක මම දැකපු සිද්ධියක්.. හිකිස් !!

      Delete
    3. සමහර කෙල්ලොන්ගේ ගොන් වැඩ.හොඳ වැඩේ ඒ වගේ පඩත්තල කෙල්ලොන්ට.

      Delete
    4. සිරාවට මචං.. මනුස්සකමට බෑග් එක ගත්තම හිතන්නේ මනමාලකමට කියල. එහෙව් මම ලේසියෙන් ගන්නෙ නැහ බෑග්.

      ඒත් දවසක් බබෙක් හම්බෙන්න කියල හිතල මහත අක්ක කෙනෙක්ට ඉදගන්න දුන්න දවසෙ තමා කැත චාටර් එකක් කෑවේ.

      "මල්ලි මම ප්‍රෙග්නන්ට් නැහැ. තැන්කූ" හොරෙන් වගේ කියල ඉදගත්ත.

      Delete
  18. දෝදුව එල කො‍ල්ලෙක්නෙ... :)

    ReplyDelete
  19. ආඩේ දොදුවා මරැ බුලට් එකක්නේ.. කෙල්ලට උන් හිටි තැන් අහිමි වෙන්ඩ ඇති නේද..? අනිත් පෝස්ට් එකත් ඉක්මනට දාපන්..

    ReplyDelete
    Replies
    1. ‍දෝදු ගැන එක දිගට නොදමමි. මම ගමේ සිටිය යුතුය.

      නැතිනම් දෝදුවා අපේ ගමට විත් සෑමා විනාස කරනු ඇත.

      ලගදීම දෝදුවාගේ තව ඒවා දමමි.

      Delete
  20. මෙවන් යාලුවන් ලද දෝදුවා කෙතරම් වාසනාවන්තද

    ReplyDelete
  21. මේ විදියට මේ සීරිස් එක නැගලා ගියොත් දෝදුවා ගෑල්ලමයින්ගෙන් සපත්තු පාරවක් කෑ හැටි කතාවක්ද තියෙන්නට පුළුවන් කියා මට සිතේ..

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ දෝදුවා පිං කරපු කොල්ලෙක්. එහෙව් වැඩ වෙලාම නැත..

      Delete
  22. අච්චර උදව් කරන කෙල්ලටනෙ මේ උඹල............
    දෝදුව එල කොල්ලෙක්නේ.

    ReplyDelete
    Replies
    1. අච්චර කිව්වට ඒච්චර උදව් කලේ නැහැනේ මචං..

      දෝදු නම් සාරය
      වැඩ නම් බයං කාරය
      කෙස් ගස් විකාරය
      අපායට ඒ මැදින් පාරය

      මගුලයි අන්තිම පද පැටලුනා..

      Delete
  23. පට්ට සීන් ටික දෝදුවා නිකන් මිස්ට බීන් වගේ පොරක්නේ බලාගෙන ගියාම... ක්ලාස් එකේ ඉද්දි ෆෝන් එක රිංග් කලානම් බඩු බනිස් වෙනවා අපේ එවුන් නම් ඔහොම්මයි අනිවා රිංග් කරනවා...

    දවසක් මගේ යාළුවෙක් යූත් සෙන්ටර් එකේ සෙමිනාර් එකකට ගිහින් කෙල්ලෝ සෙට් එකක් එක්ක පැණියක් දාගෙන හිටියා.පොරට තිබ්බේ දිග ඇන්ටනාවක් තිබ්බ ෆෝන් එකක්(alcatel) උගෙ අම්මා බයටම ඕක පටෝලා එවනවා.මූ පැණිය හලද්දි අපේ එකෙක් රිංග් කලා අරූට කට් බටන් එක හොයාගන්න බැරිව කෙල්ලෝ ඉස්සරහම බැට්රිය ගලවං ආවේ අම්මා අප්පා මතක් කර කර...2006දි වෙච්චි සීන් එකක්.

    මම මුළින්ම ෆෝන් එක ගත්තේ 2009 එතකොට මම 12 වසරේ.හැබැයි ගත්තේ ටියුෂන් ගිහින් කන්න බොන්න දෙන සල්ලි එකතු කරලා.2000ට අරගෙන අවුරුද්දක් පාවිච්චි කරලා තව මාස 6ක් ෂෙලෝටේප් වටේම ඔතාගෙනත් පාවිච්චි කලා.... තාම ඒ පෙම තියෙනවා...

    අර කෙල්ල මොනා උනත් හොඳ කොන්දක් තියෙන එකියක්.පට්ට කතාව

    ReplyDelete
    Replies
    1. නැහැ මචං.. දෝදුවා ඔය වැඩේ ප්ලෑන් කරල කරන්න ඇත්තේ. මට මතකයි අපි ඩිස්‍ප්ලේ එක වැඩද බලන්න ක්ලාස් ඉවර වෙලා ඕක ඔන් කලා. එයිට කලින් ඕෆ් එකේ තියෙන්න ඇත්තේ.

      හැබැයි බස් එකට නගින්න කලින් ඕෆ් කලේ නැහ මයෙ හිතේ. ඕකගේ වැඩ හිතා ගන්න බැහැ බං..

      පව් බං ඇල්කටෙල් යාලුවා. උබ ඕක කිව්වම අපේ මහප්පට රජයේ මුද්‍රන දොපාර්තුමේන්තුවෙන් (හිටපු සහකාර මුද්‍රණාලාධිපති) දීපු තඩි පෝං එක මතක් වුනා. ගමටම තිබ්බේ ඒක. මහප්ප ඒක දැම්මේ අල්මාරියේ. අපි පොඩි එවුං. අල්මරිය අරිනකොට වට වෙලා බලනවා පෝං එක දිහා.

      ‍ෂෙලෝටේප් ගැහුවත් කෝල් එනවනම් මොකෑ බං.. කනට තියලා ගහපං ටේප් එකක් ආන්සර් කරන්න ලේසි වෙන්ට..

      කෙල්ල සිරා තමා.. කොන්ද ගැන නොදනිමි.

      Delete
  24. අදත් එල කතාවක් තියෙන්නේ ...... :)

    ReplyDelete
  25. හොද ගෑනු ලමයෙක්..කෙලින් කතා කරනවා. මෙයාලට බයේ හිටියේ නෑ.

    අර ෆෝන් එකෙන් පටන් ගත්ත ආදරේ තාම තියෙනවා කිව්වා නේද වාසනවන්ත ආදරයක්.. සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. කෙලින් කතා කරන ගෑනු ලමය ඉදිරියට පැන පහර දුන්න නම් සොරිය.

      ස්තුති සුභ පැතුමට. මුල් පෝං එකේ ඉදලා දැන් පෝං 4ක් විතර මාරු කර කර හොද පෝං ගත්ත. ඒත් අර පරන ආදරේ අලුත් කරන්න බැරි වුනා නොවැ..


      නැවත තුති !

      Delete
  26. දැන් කාලෙ කෙල්ලො කියන දේ කියනව නේ මූණටම............ දෝදු සෑම් අයියලගෙ සෙට් එකේ ජෝකර්ද............

    ReplyDelete
    Replies
    1. අපි සියල්ලෝම ‍ෆන් සෙට් එකක් වෙලා බං හිටියේ. දෝදු තම උපරිම. ඒකට හරියන් අපි හිටපු නිසා හොදා. නැත්තම් දෝදු එක්ක ඉන්න බැහැ නොවැ !

      Delete
  27. කේසිරි සර්ගෙ නොකියා 1100 කතාව වගේ, එක උනේ කලාස් එකේ කොල්ලො සෙට් එකක් ෆෝන් වලින් හැමදාම සින්දු අහනවා, සර්ට දවසක් මට්ටු උනාම අපේ එකෙකුත් අහුඋනා, ඌ හිටියෙ කෙල්ලට කොට කොට, සර් එනවා දැකලා ඒකා පොන් එක කලිසම අස්සට දා ගත්තා. සර් දැක්කා මූ මොකක්ද හංගනවා, ඌව ඉස්සරහට ගෙන්නලා ගන්නවා ෆෝන් එක කිව්වා, මූ දහහතේ දහඅටේ දිවුරනවා ෆෝන් එකක් නෑ කියලා. සර් මං ගන්නද කියලා ඇහුවම මූ අනිත් පැත්ත හැරිලා 1100 එක අස්සට අත දාලා අරං සර්ට දෙනවා, සර්ට බකස් ගාලා හිනා ගියා. පජාතයි, ඕකත් අරං යනෝ ඕයි කියලා ඌව ආපහු යැව්වා, සිංදු අහපු එවුන්ගෙ නං බඩු සවුත්තු වෙලා තිබුනා.

    ReplyDelete
  28. @සොදුරු මිනිසා - පුදුමයි මචං සිරි සර්ට හිනා ගියා..

    තරහ ගියාට නියම සර්.. අපේ එකාල එලෙව්වේ කෑගහලම තමා..

    ReplyDelete
  29. ඒ මටත් ඔහොම වැඩක් උනා.. අපේ O/L කාලේ අපේ පංතියන කෑල්ලකට අපේ අයියා කෙනෙක් උගේ ඔර්ලෝසුවක් දෙන්න කියලා පැක් කරලා එහෙම දුන්නා.. මාත් හා කියලා අරන් හවස පංති ගියා. යද්දී පරක්කු වෙලා නිසා කෙල්ලට පංති ඉවර උනහම අරක දෙනවා කියලා තියාගන ඉද්දී මෙන්න 4ට විතර එලාම් එකක් වදිනවා ඒ මගුලේ.. මොනවා කරන්නද චාටර් පිට අර පැක් එක ගලවලා එලම් එක ඕෆ් කොලා වස ලැජ්ජාව පංතිය මැද..

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අයියා එලාම් තියල දෙන්න ඇත්තේ.. :))

      අඩේ අර වයින් කරන තඩි ඔ‍රලෝසුවක්ද? ඒ වගේ ඒවා පැලෙන්න සද්දෙට එලාම් වදිනවා...

      Delete
  30. දෝදු දෝදු පොරක් නොව, අමුතුම බුවෙකි....
    අර කෙළි පොඩ්ඩ දොදුගේ මුණත් තහඩුව CDMA වෙන්නම නෙළපු නැති එක උගේ වාසනාවකි.

    පන්තියේ ඉන්න ගමන් සහ පන්ති යනඑන ගමන් බස් එකේ(හිටගෙන) නිදාගෙන අපිටත් හොඳ පළපුරුද්දක් තියෙයි සෑමෝ... :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දෝදු වාසනාවන්ත පොරකි.. :))

      අප්පේ ඔව් බං. ක්ලාස් එකේ ඉන්නවට වැඩි වෙලාවක් පාරේ. බස්වල තමා හිටියේ.
      ගම්පහ / කොලබ දෙකම එකම දුර. පැය 2ක් වත් බස් එකේ. එතකොට ඉතිං බයිට් කෑල්ලක් සෙට් වුනේ නැත්තං දොයි තමා..

      Delete
  31. නියම කෙල්ල.. ඔන්න මන් ආවා ඉස්සෙල්ලම මම කැමතිම පොස්ට් එකට(දේශ ප්‍රේමීයා) ගිහින් ලිවුවා. වෙලාව ඇති විදිහට ඔක්කොම බලන්න, ඕනේ..

    ReplyDelete
    Replies
    1. ජයෙන් ජය ! ස්තුති සහෝ..

      Delete
  32. මම මේ කල්පනාකොලේ පන්තිවල නිදාගන්නෙ නැති කාලකන්නිත් හිටියනෙ බං

    ReplyDelete
    Replies
    1. සිරාවට.. එහෙව් එවුන්ගෙන් ක්ලාස් එකට වැඩකුත් නැහැ සර්ට වැඩකුත් නැහැ...

      Delete
  33. දෝදු.....පොහ් ...නෝ කමෙන්ට්ස්

    ReplyDelete
    Replies
    1. ඉෆ් ඉට් ඊස් දෝදු.. සෝ‍ මෙනි කමෙන්ට්ස් නෝ..

      Delete
  34. අාතල් වල හොඳම එ්ව! :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...