Sunday, December 4, 2011

කිටී කොන්දා වු හැටී...

සෑමාගේ පාසල් ආදර කතාව ලියන්නට ප්‍රමාද වෙන හේතුවකි මේ. පාසල් ආලය ලත් තැනම ලොප් වූ නිසාත්, අලුත් ලව් ස්ටෝරිය (අලුත් කිව්වට දැනට අවුරැදු 4ක් විතර දිරච්ච ඉතිහාසයක් තියෙන ස්ටෝරිය) ලිව්වේ නැත්නම් සෑමාගේ ප්‍රජා අයිතියත් අහෝසි වන බව දන්නා නිසාම ඇගේ කිටීගේ කතාවක් මෙසේ කොටන්නෙමි.

කාන්තා අධිපත්‍යය යනු ස්ත්‍රිය සැනසෙන වචනයකි, නමුත් එය සෑමා‍ගේ අර්ථ කථනයට අනුව පුරැෂයා ස්ත්‍රියගේ කන්දොස් කිරියාව හා වදය නිසා කියන හැමදේම ඉවසා සිටීමේ ක්‍රියාවලියයි. මෙය කාන්තාව තේරැම් ගෙන ඇත්තේ කාන්තා අධිපත්‍යය කියාය.

කිටී බස්එකට නැග ඇත්තේ රාජගිරියෙනි. ඒ කිටී කඩුවෙල දක්වා එන ගමනකි. ඉක්මනින් යා යුතු නිසාත්, ගමන පහසු නිසාත් කිටී නැග ඇත්තේ 177 ඒ. සී බසයකටය.
ඒ කිටී කඩුවෙල දක්වා එන ගමනකි.

ලංකාවේ ඉන්න හැමෝම මෙහෙ බස් සේවය ගැන දනිති. නෙදන්නෝ හුදෙක් ශ්‍රී ලාංකීය අනන්‍යතාව දන්නෝ නෙවෙති. පෙර දිනක් සෑමා බස් එකක ආපු හැටි ලිවා මතක ඇත්තෝ සිටිති. නොදන්නෝ සබැදිය බලා අප්ඩේට් වේවා.

කිටී ඉක්මන් සැප පහසු ගමනකට ඒ සී බස් රියකට නැග ගත්තත් හිතූ තරම් ප්‍රතිලාභ ලැබී නැත. සවස බසයට නැග ඇති කිටීට බත්තරමුල්ල ‍ප්‍රදේශයට එන විට සවස 6.30 පමණ වී ඇත. හිදගන්නට අසුනක් වත් නැතිව ඇය සිටගෙන සිට ඇත්තේ කොන්දා මාමා සිටින දොර ලගය. කොපමණ සෙනග සිටියත් මගී ජනතාව අතරමං කිරීමට එරෙහි සිත් ඇති කොන්දා මාමා නොනැවති තව තවත් පිරිස් එකතු කරන්නට වී ඇත්තේ බසයෙන් බැස ගෙනය.

"සීට් තියෙනවා නගින්න... සීට් තියෙනවා නගින්න.." පුරැදු වදන ගොතමින් කොන්දා මාමා පිරිස් එකතු කළේ ජනතාව වෙනුවෙන් සේවය කරන අවංක කොන්දොස්තරවරයෙකු විලසිනි.

පිරිස් හිටගෙන සිටියත් කොන්දා මාමා කීවේ බොරැ නොවේය. සීට් ඇත. නමුත් ඉදගන්නට පමණක් සීට් නැත. කෙසේ ‍හෝ පැත්තට ඇලවූ බසය අමාරැවෙන් මාලබේ හන්දියට පමණ ඇවිත් ඇත. මාලබේට එන විට කොන්දා මාමාගේ උත්සාහය නිසා පිරැණු අපමණ මගී කන්දරාව හමුවේ බස් රථයේ දොර පවා වසන්නට නොහැකි තත්වයක් තිබී ඇත්තේය.

කොන්දා මහතා එතෙක් කළ ජනතා සේවයේ අඩුව මකාලමින් තවත් මගීන් පුරවා ගැනීමට මාලබේ හන්දියෙන් බසයෙන් බැස "නගින්න නගින්න තව ඉඩ තියෙනවා" කියමින් සෙනග එකතු කර ඇත..

බස් රථය ගමන් කිරීමට වූ නිසාත්, රථයේ දොර වැසීමට අසීරැ වූ නිසාත් කිටී කර ඇත්තේ තමා විසින්ම දොර වැසීමයි. එතැන් සිට බස් රථය‍ වේගයෙන් ගමන් කර ඇති අතර, රථයේ කලින් තිබූ කෑ ගැසීම් හා කලබලය අවම වී ඇත්තේය. බස් රථයද නවත්වා ඇත්තේ හෝල්ට් කිහිපයක් ගොස් බහින්නට අයෙක් සිටි නිසාමය.

දොර අරින්නටවත් කෙනෙක් නොවුණ තැන එම පුද්ගලයා තමා විසින්ම දොර ඇරගෙන බැස ගොස් ඇත්තේ "සීට් තියෙනවා කියලා බලෙන් නග්ග ගන්නේ බහිනකොට දොර අරින්න එකෙක් නැහැ" කියමිනි.

නැවත ගමන් ඇරඹූ බසය නවතා ඇත්තේ හෝල්ට් එකක නෙවේය. වැඩි දුර යන්නට පෙර පිටු පසින් පැමිණි ත්‍රීවීල් රථයක් බසය හරස් කොට නවත්වා ඇත.

ඉන් බැස ආවේ කොන්දා මාමාය


කොන්දා මාමාට වුණේ කුමක්ද?
වග කිව යුත්තේ කවුද?

Written by sAm_2.07pm_01.12.'11


11 comments:

  1. මටත් ඔහොම සිද්දියක් නුවරදි උනා. ගෙදර එන්න බස් එකකට ගොඩ වෙනකොට කොන්දා කෑ ගහනවා සීට් තියෙනවා සීට් තියෙනවා කියලා. හැබෑ නේන්නම් සීට් තියෙනවා. වාඩි වෙන්න තැනක් තමා තිබ්බේ නැත්තේ.

    ReplyDelete
  2. @මධුරංග- නුවර වුවත් ලංකාව තුල සිදුවීමක් නිසා විය හැකි සිදුවීමකි. ඩ්‍රයිවින් සීට් එක ඉල්ල ගන්න තිබ්බේ.. ස්තුති මෙහෙ ආවට..

    ReplyDelete
  3. හප්පටසිරි කොන්දව හලලා ඇවිල්ලා....ඔය බස් වලට නග්ග ගන්න සීන් එකට පස්සෙන් එන බස් එකේ කොන්දා කියන්නේ වයිපරේ දාලා ගිහිල්ලා කියලා...අර වීදුරුව පිහිදිලා වතුර ඔක්කොම පිහිදෙනවා වගේ හෝල්ට් ඔක්කොම පිහිදගෙන ගිහිල්ලනේ....හික් හික්

    ReplyDelete
  4. //ඔය බස් වලට නග්ග ගන්න සීන් එකට පස්සෙන් එන බස් එකේ කොන්දා කියන්නේ වයිපරේ දාලා ගිහිල්ලා කියලා...// සිරා කතාවය, අහුවේ අදමය.. ඔබට තැන්කූ වේ..

    ReplyDelete
  5. මගෙත් බස් කථා ටිකක් තියෙනවා. ඒ ටිකත් ලියන්න ඕනේ. මරු කථාව සෑමෝ :-D

    ReplyDelete
  6. ලහිරැ - නුවර බස් ගැන අප‍ නොදත් ‍දේ ලියා අපව දැනුවත් කරනු අගනේය.. නුඹට තුති හිරැ..

    ReplyDelete
  7. අප්පට සිරි, කොන්දව හලලා නේද ගිහිං තියෙන්නේ....? හොඳ වැඩේ....

    ReplyDelete
  8. ගෝල්ඩ් ෆිෂ්- එහෙම කියන්ට එපා පව් අහිංසක කොන්දා.. තැන්කූ මේ පැත්තේ ආවට.. :)

    ReplyDelete
  9. කියන්න කෙසේ කීවත් අසන්නනා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය

    ReplyDelete
  10. මචන් මං හිතුවේ ට්‍රීවිල් එක හරස් කරේ මැරයෝ කියල. මාර අතල් කතාව කියවල බඩ රෙදෙනවා හිනාවෙලා

    ReplyDelete
  11. ඇනෝ නංගී- කමෙන්ටුවට තුති.. ඒත් තේරැනේ නැතිය

    අසරණයා- කොන්දා එන්නට ඇත්තේ මැරයෙක් වගේය.. කියෙව්වට කමක් නැතිය. බඩේ අමාරැ වැනි ලෙඩ හදා ගන්නට එපාය.. තුති.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...