Google+ Followers

Sunday, May 13, 2018

මදර්ස් ඩේ ලු.. - Mother's Day !!


නිදහස් දාට රට ජාතිය මතක් වෙන උන්ය. වෙසක් දාට බුදු වෙන්න හදන උන්ය. පොසොන් දාට ඉන්දියාවෙන් බුද්ධාගම රැගෙන ආවාට මිහිඳු හිමිට සහ ඉන්දියාවට තෑන්ක්ස් කියන උන්ය. වැලන්ටයින්දාට ලව් කරන සිල් කඩන උන්ය. මව් වරුන්ගේ දිනයට ෆොටෝ දාන උන්ය. පියවරුන්ගේ දිනය මතක නැති උන්ය. හැමදාකටම බැන ඡන්දය දාට ගිහින් ආදරෙන් කතිරෙ ගහන උන්ය. අපි සිරිලංකාවේ උන්ය. 

සෑමා මව්වරුන්ගේ දින පියවරුන්ගේ දින වලට පෝස්ට් දාන එකෙක් නෙවේය. එහෙත් මේ ඊයේ සිට තාමත් අත් දකින නිසා හොඳට දැනෙනා දෙයක්ය. ලිව්වාට පව් නැතිය. නොසලකනා උන්ට දැනගෙන හැදෙන්නටය. 



පොඩි සෑමාට ඊයේ සවස සිට උණය. සවස හතරේ සිට තාමත් නොනැවතී සීයෙන් පහළට නොබසින උණක්ය. කිටියා ඉපදී දවස් හතක් වත් නැති පොඩි එකී එක්ක එක පොරයක් ය. කිටියාගේ අම්මා මෙන්ම, සෑමාගේ අම්මාද අවුලෙන්ය. කොල්ලා ඈලිමෑලිය. කතා නැතිය. වැටුන තැන කෙදිරි ගාමින්ය. උණ වැඩිවී පොඩි කාලේ ෆිට් එක ආව නිසා එකසිය දෙකට උණ දිගට තිබියදී බය වැඩිය. රෑ වෙද්දී බය වැඩිය. හදිස්සියක් වුණොත් ගෙදර ඉන්න එක බයය. කෑමත් බීමත් නැතුව කොල්ලා එලෙසමය. කිටියා කෙල්ල සමඟ සටනේය.

රෑ 11ට පමණ එකසිය දෙක පන්නලා උණ වැඩි වුණ පසුව බලා ඉන්නට බැරි තැන උදා වූයේය. කිටියාට හොස්පිට්ල් යා නොහැකිය. හවස ගත් බෙහෙත් වේල කොල්ලා දොට්ට දැම්මේ අප්පිරියාවෙන්ය. එතැනින් එහාට බෙහෙතක් ඇඟට නැතිය. කොල්ලාව ඔසවා ගත් සෑමා කිටියාගේ අම්මද දමාගෙන හේමාස් එකට ගියේ ගෙදර තියාගෙන උණ වැඩි වේ යැයි බයේය. පැනඩෝල් සිරප් කොල්ලාට ආන්සර් කරන්නේ නැතිය. කැල්පෝල් දුන්නේ ඒකය. ඒකත් වමනය කළේය. සපොසිටරි එකක් දැම්මේ උණ බහින්නටය. රෑ දෙක වෙනතුරු හොස්පිට්ල් එකේ පාර්ක් කරගෙන, පාන්දර දෙක තුන වෙනතුරු තියාගෙන ගෙදර ආවේ ඇඩ්මිට් කර සිටින්නට බැරිම තැනය. ඇඩ්මිට් කළොත් කිටියා සහ කෙල්ල ගෙදරය. සෑමා සමඟ කොල්ලාට ඉන්න සිදුවන්නේය. හෙට දවසේ වැඩේ ශේප් වෙයි යැයි ගෙදර ආවේ හිත හදාගෙනය.

ඉතිං අද මව්වරුන්ගේ දිනයය. ඊයේ සිදුවීම සහ අද දවසේ කොල්ලාගේ ලෙඩේ වෙනුවෙන් වූ මහන්සිය හා වේදනාව අතීතයට ඇප්ලයි කළා නම් අපිට නම් දරා ගන්නට බැරිය. අපෙ කොල්ලාගේ සහ කෙල්ලගේ වයස ගැප් එක අවුරුදු තුනක්ය. ඒත් ඊයේ සිද්ධිය වෙලාවේ අපිට මැනේජ් කර ගන්නට බැරි තරම් අවුලක්ය. අපෙ අම්මාට අනුව නම් අක්කාගේ සහ සෑමාගේ වයස ගැප් එක අවුරුද්දක්ය. එහෙව් වෙලාවක එකෙක්ට අසනීප වුණාම කරන්නට වෙන හරිය මහ මෙරක්ය. දෙන්නා ගැනම බැලිය යුතුය. සෑමා ප්‍රශ්නය යොමු කළේ අම්මලාටය. කිටියා ගේ සහ සෑමාගේ අම්මා පිළිතුරු දුන්නේ ඒ කාලේ පහසුකම් සහ දැන් කාලේ පහසුකම් මනාවට ගැලපීමෙන්ය.

උබලට වගේ ඒ කාලෙ අපිට වාහන තිබ්බෙ නැහැ... දෙදෙනාම ගලපන්නට වූයේ පහසුකම් වල වෙනසය. රෑට අසනීප වුණොත් හදිස්සියක් වුණොත් ප්‍රයිවට් හොස්පිට්ල් වලට අරන් යන්න විදියක් නොතිබුණේය. දැන් කාලේ වගේ දිවා රාත්‍රී බෙහෙත් සාප්පු නැතිය. තාක්ෂණික සහය අවමය. දවාලක වුණත් දරුවෙක්ට හදිසි අසනීපයක් වී බෙහෙත් ගන්නට දොස්තර ලගට ගියොත් පෝලිමය. කලින් ඇපොයින්මන්ට් දැමිය නොහැකිය. හදිසි ලෙඩකට ගියත් පෝලිමේ සිටිය යුතුය. සමහර දාක අසනීපව දරුවන්ට බෙහෙත් ගන්නට ගියත් තාත්තා දැන ගන්නේ වැඩ ඇරී ගෙදර ආ පසුය. කෝල් කර කියන්නට වත් දුරකථන නැතිය. අඩියෙන් අඩියට දොස්තරලා ද නැතිය. එක දොස්තර කෙනෙක් නැති වුනොත් අනිත් කෙනා සොයන්නට සැතපුම් ගණන් යා යුතුය. විටක දොස්තර හොයන් යද්දී සමහර ලෙඩ නිකන්ම හොද වෙලාය. ටැප් එක ඇරියාම වතුර නැතිය. දර ලිපේ හෝ භුමිතෙල් ලිපේ කෑම හැදිය යුතුය. දරුවන් අසනීප යැයි එව්වා අහසින් පහළ වෙන්නේ නැතිය.

එකී මෙකී නොකී කතන්දර සියල්ල අසා අවසන, දැන් කාලේ නම් මොනවාදැයි සෑමාට සිතුණේය. මේ බ්ලොග් පෝස්ට් එක මේ මොහොතේ කියවන ඔබ ඒ කියන ලද එකම වේදනාවක් වත් තමන්ගේ කරගෙන විඳ නැති අයය. ඒ කියන්නේ ඔබට මට වඩා ඔවුන් දුක දන්නා බවය. දරුවන් එකෙක් දෙන්නෙක් හදන පහසුකම් පිරුණු අද දවසට වඩා අඩු පහසුකම් මැද දරුවන් තුනකට වඩා හැදුනු එදා ගැන සිතද්දී අපි මොක්කුද කියා සිතුණාට වැරදි නැතිය.

ඒවා මැජික් නොවේය. අපේ සද එදා අයගේ දරා ගැනීමේ හැකියාවේ මට්ටම්ය. අම්මලා තාත්තලා කරපුවා අපිට කරන්නට බැරිය. අද ඔබට එසේ සිතේ නම් හෙට ඔබේ දරුවාටද එසේ සිතෙනවා නොඅනුමානය. අද නොව දිනපතාම මව් පිය දිනය යැයි සිතා ඒ මොහොතේ ඔබගේ දෙමාපියන් සතුටින් තබන්න. එය ඔවුනට ඕනවාටත් වැඩිය සතුටක්ය. !!

Written_by_sAm_ශ්‍රී_Perera_9:15pm_13/05/18

9 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඔබේ මව එලෙසම කළා නම් මෙතන කමෙන්ට් කරන්නට අවජාතකයකු ජනිත නොවේ

      Delete
  2. ඊට අවුරුදු 5 කට පෙර ඊට වඩා අමාරු වෙන්න ඇති...

    ReplyDelete
  3. දැං වගේ හැම ලෙඩකටම ඒකාලෙ ඉස්පිරිතාල ගානේ උස්සගෙන දිව්වෙත් නැති වෙන්න ඇතිය. කොහොම උනත් ලියමන අගනේය.

    ReplyDelete
  4. ඒ කාලේ දැං වගේ ජර්මොෆෝබියා තිබ්බේ නැත.ළමයි බය නැතුව පොළොවේ පය ගහලා හිටියෝය.ඇළෙන් නෑවාට මී උණ හැදුනේ නැත.බිම තිබ්බ බත් ඇටයක් අහුළං කෑවාට බඩේ අමාරු හැදුනේ නැත.හැම ලෙඩටම කන්සල්ටන්ලා ඇල්ලුවේ නැත.ඉඟුරු කොත්තමල්ලි, වෙනිවැල්ගැටවලින් ගොඩක් ලෙඩ හොඳ විය.
    දැං සබං කොම්පැණිවලින් අපේ ඔළු කාලාය.
    සෑමෝ ඇල්මැරිණු වතුරෙන් ඇඟ පිහදාලා බැලුවද? ගොඩක් වෙලා උණ තියන් ඉන්න එපා කලින් උණ වලිප්පුව ආවනම්.

    ReplyDelete
  5. ඒකනම් ඇත්තය ... අපි මේ එකෙකු එක්ක අල්ලන පොරය දකින අපේ අම්මලා තාත්තලාද ඕවාම කියති.ඇත්තටම එහෙම වෙලාවට අපි මොක්කුදැයි සිතෙන වාර ආන්තය.

    ReplyDelete
  6. පැනඩෝල් සිරප් කොල්ලාට ආන්සර් කරන්නේ නැතිය. කැල්පෝල් දුන්නේ ඒකය- මේක නම් හොඳටෝම වැරදිය. පැනඩෝල් වල හා කැල්පොල් දෙකේම තියෙන්නේ පැරසිටමෝල් ය. වෙනස් වෙළඳ නාමයේ විතරය. කවදාවත් පැනඩෝල් හා කැල්පොල් එකට දෙන්නට එපාය. ඩෝස් එක වැඩිවී අනතුරුදායක වේ. කැල්පොල් පැය හයකට සැරයක් දෙන්න. නියුරෝෆෙන් පැය හතරක සැරයක් දෙන්න. එකියන්නේ රෑ 9.00 ට කැල්පොල් දුන්නොත් උන බහින්නේ නැත්නම් , පැය 2-3 කට පසු නියුරෝෆෙන් දිය හැකිය. රෑ 12.00 ට නැවත කැල්පොල් උදේ 3.00 දිය හැකිය. නියුරෝෆෙන් උදේ 4 ට දිය හැකිය.

    ReplyDelete
  7. එ් කාලේ මේ වගේ වසංගත තිබ්බේ නැතුවත් අැති

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...