Thursday, May 24, 2018

බෑ කියනවාට වඩා හා කියනවා පහසුය.. - Easiest Way to Love !!


ඉස්සර කෙල්ලෝ මැටිය. අමුම අමු මැටිය. කොල්ලෙක් ලියුමක් දුන්නොත් බනිනවාය. එක්කෝ ඔරවනවාය. නැති නම් දන්න අයියලා බස්සලා ගස්සනවාය. කොල්ලා කොයි තරම් හැකියාවක් තිබ්බත් කෙල්ලගේ අයියා ගැහුවොත් ඉවසනවාය. ගහපං අයියේ මම අනුකම්පාවෙන් හෝ ඒකිව සැට් කර ගන්නවා කියා ඉන්නවාය. ඒ කෙල්ලගේ සීයා ආච්චි ඇවිත් ගැහුවත් එහෙමය. කොල්ලා දරාගෙන ඉන්නවාය. ඉන්පසු කෙල්ලගේ හිත උණු වෙනවාය. තෙල් තාච්චියට දැමු වතුර බිංදුවක් මෙන් කෙල්ලම ඇබරිලා ඇවිත් කොල්ලා සිප සනසනවාය. ක්ෂණිකව නොවන දෙයක් නොවේය. ඒත් කාලයට ඉඩදී තුවාල වේලෙන්නට, තැල්ම මැකෙන්නට, ඉඩ දුන්නාම කෙල්ල අතේය. ඉන්පස්සේ කෙල්ලට බූට් එකය. අර ගහපු අයියා, ආච්චි හෝ සීයා ඇවිත් කෙල්ල සමගම වැද වැටෙනවාය. අවුල්ය. ඒත් එව්වා දෛවයේ සරදම්ය. පව් ය.

එහෙමත් නැතිනම් වෙන්නේ කෙල්ල ලියුම අරගෙන මිසින් වෙනවාය. කොල්ලා රිප්ලයි එනකල් බලා සිටින්නේය. ඒත් කෙල්ල පිට පාරේ ගෙදර යනවාය. කොල්ලාට එපා වෙනවාය. ඉතිං එක්කෝ ඌ ඒකි වෙනුවෙන් තනිකඩව බලා සිටිනවාය. එක්කෝ ඒකත් එනතුරු බලාගෙන ඉන්නා ගමන් තවත් එකක් කරලා බලනවාය. කෙල්ල විභාග අහවර වී කැම්පස් යන්නට ලෑස්ති වී අර කොල්ලාව හොයනවාය. ඒ යාලු වෙන්නටය. එක්කෝ අරූව ආයේ ෆෝම් කර වචනයක් නැවතත් ගන්නටය. එතකොට කෝච්චිය ගිහින්ය. එක්කෝ කොල්ලා තවමත් තනිකඩවය. නැතිනම් කොල්ලා දරු පවුල් කාරයෙක් වෙලාය.

සමහර කෙල්ලෝ කරන්නේ ලියුම අරගෙන රිප්ලයි නොදී අරූව තවදුරටත් මෝල් කිරිමය. ඌ ඇස් දල්වාගෙන හැමදාම මහ මඟය. අරකී ඇස් කරකවා පද්දලා හා අයියේ කියලා ලයින් එකක් දෙන්නීය. කොල්ලා ෆුල් සැටිස්ය. හැම එකාටම කියන්නෙ වැඩේ හරි කියලාය. කෙල්ල ඌව තියාගන්නේ සමාජයට තමන්ට ඇති ක්‍රෂ් ප්‍රමාණය අති මහත් බව පෙන්වන්නටය. කොල්ලා හෙනම සීන් එකේ තනියම ආතල් එකක් ගන්නේ ඒකි හා කියනවා ෂුවර් බව හිතේ තියාගෙනය. හැබැයි කෙල්ල ගේම ගොඩ දා ගන්නවාය. කොල්ලා ඒකි හරි තමා කියමින් වෙන එකක් වත් බලාපොරොත්තු නොවී ඉන්නවාය. එක්කෝ කලින් කිව්වාක් මෙන් තව එකක් කරගන්නා බුද්ධිමත් උන්ද ඉන්නවාය.

උඩ කී ආකාර සියල්ල ඉස්සර ජාතියේ උන්ය. එහෙම ලව් සෙට් වුනත් හෙන බෝරිං සීන්ය. දැන් වගේ ක්ෂණික රිප්ලයි නැති නිසා වැඩක් කර ගත් එවුන්ද අල්පය. ඒකට දැන් කාලේය. ලියුම් නැතිය. ක්ෂණික රිප්ලයිය. බෑ කියනා උන් නැහැය. ඩිමාන්ඩ් කරන උන් අල්පය. වැඩේ නැගලා යනවාය. සරලව කිව්වොත් මරා ගැනිලි නැත්තේය. දෙදෙනාම කතා බහය. එක්කෝ මීට් වෙනවාය. කාලයත් සමඟ ගැලපෙන උන් ඉතිරි වී නොගැලපෙන ලව් මග ඇරී යනවාය. ඒ ක්‍රමය ඉතා හොඳය. ඇරියස් නැතිය. උන් දෙන්නා දෙපැත්තට ගිහින් වෙන උන් බැදගත්තත් තරහවක්, වෛරයක්, ඉරිසියාවක් නැතිය. අන්න ඒක සැබෑ ආදරයය. ඒ අස්සේ ගොං පාට් ලව්ද නැතුවා නොවේය. 99%ක් ගිය එකා ගියාවේ, ආපු එකා එක්ක පවුල් කනවා කියා සිටින්නෝය. ඉතිරි 1% තමන්ගෙ එක කන ගමන් ගිය එකාගේ එකත් කන්නට, විනාස කරන්නට දඟලන්නෝය.



කැමති එකාට, පස්සෙන් එන එකාට, කෙලින්ම කතා බහ කර කැමතියි කීම හෝ ලඟින් තබා ගැනීම සරල සහ ලේසිම ක්‍රමයය. ටික දිනකින් කොල්ලා කෙල්ලගේ තරම තේරුම් ගෙන එක්කෝ ඈත් වෙනවාය. නැති නම් ඔන්න ඔහෙ ඕන මඟුලක් කියා ඒකි එක්කම ඉන්නවාය.

sAm_ශ්‍රී_9:34pm_24/05/2018

7 comments:

  1. චැහ්... අපිටත් තව පොඩ්ඩක් පහුවෙලා ඉපදෙන්ඩ තිබ්බෙ.......

    හැක් හැක්...

    ReplyDelete
  2. සෑමා මොකෝ පරණ ලව් එකක්වත් මගදි සැට් උනාද? යකෝ දැං දෙදරු පියෙක් නේද?

    ReplyDelete
  3. අපෝ..ඒ කාලේ මට නම් හොඳය....⁣කොල්ලා ලියුමක් දික් කරන් ආවාම කන පලන්න පුළුවන්ය...ඊට පස්සේ දුක හිති මඟ බලන් ඉන්න පුළුවන් ....සොරි කියන්නවත් ටයිම් නොතියා කොල්ලා මිසින් වුණාම නොකා නොබි ඉන්න වාර කියක්ද අප්පා...ඒ ඇ ලියුම් දුන්න කාලේ හොඳයි අප්පා...

    ReplyDelete
  4. අපෝ..ඒ කාලේ මට නම් හොඳය....⁣කොල්ලා ලියුමක් දික් කරන් ආවාම කන පලන්න පුළුවන්ය...ඊට පස්සේ දුක හිති මඟ බලන් ඉන්න පුළුවන් ....සොරි කියන්නවත් ටයිම් නොතියා කොල්ලා මිසින් වුණාම නොකා නොබි ඉන්න වාර කියක්ද අප්පා...ඒ ඇ ලියුම් දුන්න කාලේ හොඳයි අප්පා...

    ReplyDelete
  5. අපි නම් ලියුම් දී නැතිය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...