තෙල් කොහෙවත් නැතිය. ඊයේ සවස සිටය. තියෙනා තැන් වලත් පෝලිම්ය. පෝලිම ඉවර වෙද්දී තෙලුත් ඉවරය. දැවෙනා ප්‍රශ්නයක්ය. පිළිතුරු සොයා ගත යුතුය. ෂෙඩ් ඇරෙන්නට තෙල් තියෙන්නේ සිල්ලර කඩවලය. ලීටරේ ගානට බෝතලයක් සාධාරණ මිලට ගත හැකිය. බෝතලය හා ලීටරය අතර වෙනස නොදන්නා එකාට පට්ටම සාධාරණය. සිල්ලරට පෙට්ට්‍රල් ගත හැකි තැනක් ඇත්තේ පැත්තම එකකි. විල්සන් මාමාගේ කඩේය. ඒ පැත්තට කාලෙකින් ගියේ නැතිය. විල්සන් මාමාගේ නැන්දා කටහැකරය. කවුරුත් කියනා එකක් සාවධානව අසා සිටීමේ පුරුද්දක් නැතිය. විල්සන් මාමා ඒ නිසාම නැන්දාට කිසිත් තේරුම් කර දෙන්නට නොයන්නීය. විල්සන් මාමා නාකි වී බැන්ද නිසා දුව පොඩිය. ඒ ඉස්සරය. දැන් ඇටෙන් පොත්තෙන් මිදි ඇතිය. කාලෙකින් දැක්කේද නැතිය. විල්සන් මාමාගේ නැන්දම්මාද සිටින්නේ එහෙමය. ගෑණිද කියන එකක් නාහන එකියක් නිසා ඒ ආච්චී ගැනද කතා කරලා වැඩක් නැතිය. ඒත් ටෝක්ස් නම් ආතල්ය. බෝතලයක් දෙකක් ගසා ගැනීමට සෑමා ඇදුනේ විල්සන් මාමා ගේ දූගෙන් තෙල් බෝතලයක් ගැනීමටය.

විල්සන් මාමාගේ ගෙට හැරෙන පාරේ සිට පෝලිමය. ගෙදරම සිල්ලර කඩය නිසා සෑමා ගෙදරටම ගියේය. අපිට එදා ඉදන් කවුන්ටර් නැතිය. කෙලින්ම බිස්නස් ගෙදර සාලයේ සිටය. නැන්දා කඩේය. පෝලිම දිගය. මාමා ලන්ච් එකට ඇවිල්ලාය. සාලයේ ටීවී බලන ගමන් බත් කන්නේය. සාලයේම පෙට්ට්‍රල් බූලි දෙකක්ය. ආච්චී එකක් උඩ ඉදගෙන විටක් හපනවාය.
"විල්සන් මාමේ.."
"ආ.. ඉදගන්න පුතා.. කාලෙකින්.."
කන්වර්සේෂන් එක ඕපන්ය. ආච්චී කට කන ඇහැ ඇරගෙනය. අපි දිහා නොබලාය. ටීවී එක දිහා බලාගෙනය. ප්‍රශ්න අපේ ය. මගෙන් මාමාටය. මාමාගෙන් මයට. විටක පිළිතුරු ආච්චී ගෙන්ය.
"අද සරුයි වගේ විල්සන් මාමා.."
"හහ්.. හා.. කමුද පුතා බත් ටිකක්.."
"නෑ මාමෙ කාලා ඉන්නෙ.. මොකෝ බිසී වෙලාවෙ නැන්දට කඩේ බාර දීලා.."
"පායනා කාලෙදී.. රෑ දවල් මහන්සි වී.. කන්න දේ රැස් කරයි.. කූඹියෝ..."
ප්රශ්නය වෙනස්ය. මාමා දුන් උත්තරය බොහෝම වෙනස්ය. නැවත ප්‍රශ්න කළ යුතුය. නැවතත් ප්රශ්නය යොමු කළ යුතුය. පිළිතුරු මෙසේය.
"මේකනෙ පුතා, මේ වගේ රශ් එක තියෙන වෙලාවට අපි වගේ උන් කඩේ ඉදලා බෑ.. අපෙ ගෑණි වගේ කට හැකර ඩෑල් එකක් සීන් එකෙ ඉන්නෝනි. පෝලිමෙ එන උන් මරා ගන්නවා බං නැත්තං..."
ඒ පිලිතුරට ආච්චී ඔරවා බැලීය. තමන්ගේ දුවය. සැටිපිකේට් දෙන්නේ බෑණාය. ඉතිං අවුල්ය. කරන්නට දෙයක් නැතිය. ඇය උගුරේ තිබූ බුලත් හපය කාරා නැවතට කටට ගෙන වැරෙන් හපන්නට වූවාය.
"පුතා ඩිංගක් ඉන්න මම හොදි ටිකක් බෙදං එන්නම්.."
විල්සන් මාමා මාරුය. ආච්චී කට කොනින් හිනාවක් දැම්මාය. චැට් එකකට වේව් කිරීමක්ය. අත වැනීමක්ය. නිහඬව සිටීම අවුල්ය. ආවේ කාලෙකින්ය. පුංචි කාලේ කඩෙන් ජුජුබ්ස් උස්සා මාට්ටු වූ දවසේද වැඩේ ශේප් කළ කාන්තාවය.
"පුතා මොකද කාලෙකින් මේ පැත්තෙ.."
"දන්නැද්ද ආච්චි එහෙමට එළියට බහින්න වෙලාවක් නැහැ දැන්.."
"අපෙ මිණිබිරිත් කිව්වා පුතා ව එහෙන් මෙහෙන් දැක්කා කියලා.."
"හැ.. වෙන්න බෑනෙ ආච්චි.. මට එයාව හම්බුනේම නැ.. දැක්කෙ නෑ කාලෙකින්.."
"නෑ නෑ.. ඔයාගෙ එෆ්.බී එකෙ ඉන්නවලු කිව්වෙ.."
"ආ එහෙමද??"
මා දන්නා එහෙව් එකියක් මගෙ බුකියේ නැතිය. එහෙත් ආච්චිගෙන් එව්වා ප්‍රශ්න කළ යුතු නොවේය. විටක ඒකි ෆේක් එකකින් මගෙ ලිස්ට් එකෙ අරක් ගෙන සිටිනවා ඇතිය. හිටියත් අනික ඒ ඇච්චි කෙල්ලගේ නම දැන් මට දැන් අමතකය.
"බලන්නකො ආච්චී මේ තෙල් ප්‍රශ්නයක් නේ.."
"අපොයි ඔව් බොල. කෝ මුං කියන එකක් අහනවැ. ඔය අපෙ උන්දැ.. විල්සන්ගෙ තාත්තා ඌ නැති වුනෙත් ඔය තෙල් සීන් එකෙන්ම තමා. බලහං ඉතිං මේ විල්සා ටත් තියෙනවා තෙල් ප්‍රශ්නෙ. ඌ කියලත් පරිස්සම් වෙන එකක් අෑ.."
"ඒ මොකක්ද ආච්චි ඒ.. එහෙම එකක් නෙවෙ මම කියන්නෙ.."
"උබ කෝම එකක් හිතුවත්, මම කියන එක පිළිගං. ඒක තමා ඇත්ත. දැවෙන පස්න. ඕකගෙ ට්‍රයිග්ලිසරයිඩ් වැඩියි. ඒකයි ලොකුම හෙනේ. නැත්තං අවුලක් නැහැ. ඉතිං තෙල් අඩුවෙයිද..??"
ආච්චී වෙන ට්‍රැක් එකකය. පැහැදිලි කිරීම් අනවශ්‍යය. කරන්න ගියොත් කතාව වන වෙනවාය. සියල්ලට හිස සැලිය යුතුය. විල්සන් මාමාද මිසින්ය. උෟ හොඳි බෙදාගෙන කුස්සියේම වාඩි වී කනවා විය යුතුය.
සාලයට යා බද කාමරයෙන් ඔලුව දැම්මේ කෙල්ලෙක්ය. ආච්චී නන්ස්ටොප්ය. හිස දැමූ එකී එළියටම ආවාය. අම්මට උඩු අමන්දා ෆර්ඩිනන්ස්ය. මගෙ බුකියේ මිතුරියය. කන්වර්ෂේසන් වැස්සය. බලනකොට විල්සන් මාමාගේ කෙලීය.
"හායි.. අයියා.."
"ආ නංගී.. කොහොමද??"
"ඉන්නවා අප්පා.. අපෙ ආච්චිගේ කටර් එකට අහු වෙලා වගේ.."
"නෑ අපි මේ තෙල් ප්‍රශ්නෙ ගැන කතා කළා නංගී.."
"අයියෝ අයියේ.. ඇත්තට ඕකට බෙහෙත් එහෙම නැද්ද. මටත් ඔය ප්‍රශ්නෙමයි.."
ඈ මා ඉදිරියේ ඉඳගත්තාය. ආච්චී කට ඇරගෙන කෙලීගේ විගඩම් ගැන කනස්සල්ලෙන් විය යුතුය. ඇගේ කටර් එක වැහෙනා පාටක්ය. අමන්දා ගේ කටර් එක පටන් ගන්නා පාටක්ය.
"ඇයි නංගිටත් අංකල්ට වගේ කලොස්ට්‍රෝල් ද?"
"නෑ අනෙ පිස්සුද.. ඒක නෙවෙ. මගෙ ස්කින් එක හෙන ඔයිලි අප්පා. කරන්නම දෙයක් නැහැ. ට්‍රීට්මන්ට් කළා හරි ගියෙ නැහැ. ස්කින් එක ඩ්‍රයි වෙලා පුපුරන්න ගත්තා. හැම පුපුරන තැනකින්ම සැර පිට වුණා. ඊට පස්සෙ තෙල් එන එක වැඩි වුණාද මන්ද අයියා.. මුකුත් දන්න කියන බෙහෙතක් වත් නැද්ද මට පාවිච්චි කරන්න..."
"එහෙම නම් දන්න එකක් නැහැ නංගි. මම බලන්නම්. දන්න කෙනෙක්ගෙන් අහලා කියන්නම් කෝ.."
විල්සන් මාමා තවමත් මිසින්ය. මාව මුදවා ගන්නා පාටක් නැතිය. විල්සන් නැන්දා ඇවිත් ආච්චී හිඳගෙන සිටි පෙට්ට්‍රල් බූලියත් රැගෙන ගියාය. ඊට පිටුපසින් විල්සන් මාමා අනෙක් බූලියත් රැගෙන ගියාය.
"පුතා පොඩ්ඩක් ඉන්න මම ඉස්සරහට ගිහින් එන්නම්. ඇන්ටිට කන්න එන්න ෂිෆ්ට් එක මාරු කරන්න ඕනෙ.."
"ඉතිං බලන්න අයියා.. මගේ යාලුවෙක් ට්‍රීට්මන්ට් කරලා ස්කින් එක හදා ගත්තා. එයාගෙ දැන් ඔයිලි ගතිය අඩුයි. ඒත් ඒකි හරි කුහකයි. මට ට්‍රීට්මන්ට් කරපු තැන කියන්නෙ නැහැනේ.. බලන්නකෝ.."
"අපො නංගි.. ඕකුන් ඔහොම තමා කෙල්ලො නේ.."
"එහෙම නෑ අයියා.. හැම කෙල්ලම එහෙම නෑ.. අපි බලන්නකෝ.."
"ආ පුතා.. මොකෝ කරන්නෙ..කාලෙකින්.."
"ඔව් ආන්ටී.. මේ තෙල් ප්‍රශ්නෙ නේ.. ඒකයි ආවෙ මේ පැත්තෙ.."
"අපොයි ඔව් බලන්න තෙල් ප්‍රශ්නෙ.. උදේ ඉදන් කියනවා මේ මිනිහට.. කෝ ගෙනාවද??"
"ඇයි ඇන්ටි තෙල් නැද්ද??"
"නැතුව.. ගේ හරියක පොල් තෙල් බිංදුවක් නැහැ. ඊයෙ රෑ මේකුන් බයිට් හදං අන්තිම බින්දුවත් ඉවර කරලා. පුතා බයික් එකෙ නේද ආවෙ. පුලුවන්නම් ගිහින් පොල් තෙල් ජුන්ඩක් ගේනවද??"
අලි මදිවට කොටිය. බයික් එකෙත් අන්තිම තෙල් ජුන්ඩය. කරන්නට දෙයක් නැතිය. නංගිත් ඉන්න නිසා සපෝට් එකක් දිය යුතුය. ඇන්ටී බෝතලයක් දුන්නේ පොල් තෙල් ගේන්නටය.
"හරි ඇන්ටී මම සුටුස් ගාලා අරන් එන්නම්."
හන්දියට යන්නට ගිය බයික් එකේ අන්තිම තෙල් ජුන්ඩ මිසිං වූයේ පොල් තෙල් අරන් ආපසු හැරෙන විටය. කරන්නට දෙයක් නැතිය. තල්ලු කරගෙන ගෙදර යා යුතුය. ඇන්ටිව සතුටු කළ යුතුය. බයික්කෙකට තෙල් ගසාගෙන ගෙදර හෝ යා යුත්තේ එලෙසය.
"ආනේ පුතා පරක්කු වුණා නේ.. මම මේ පපඩම බදින්නෙත් නැතුව බලං උන්නා.."
"අනෙ ඇන්ටි බලන්නකෝ.. මඟදි බයිකෙක හිට්ටා නේ.. තල්ලු කරගෙනම ආවේ.. තෙල් ටිකක් ගහ ගන්න කියලා.."
"අනෙ පිං සිද්ද වෙනවා පුතා. මේ මිනිහට කියලා වැඩක් කරගන්න බැහැනෙ..."
"'හරි ඇන්ටි තෙල් ටිකක් ගහගන්න පුලුවන් වෙයි නේ..??"
"ඉස්සරහ අංකල් ඇති පුතා ගන්න පුලුවන්.."
"අංකල් පෙට්ට්‍රල් බෝතල් දෙකක් විතර දෙන්නකො.."
"අයියෝ බං කොල්ලෝ උබ මෙච්චර වෙලා අපෙ එකි එක්ක කයිය ගහලා දැන්ද තෙල් ඕනෙ උනෙ. දැන් මොකැ කරන්නෙ. තෙල් ඉවරයි නේ.."
විල්සන් ඇන්ටිට හාල් ගරන්න තෙල් ඉවරය. ඇන්ටිට පපඩම් බදින්න තෙල් හොයන්න ගිහින් පෙට්ට්‍රල් ජුන්ඩට කෙළ විය. කරන්නට දෙයක් ඇත්තේම නැතිය. බයික්කෙක විල්සන් අංකල් ලෑ ගෙදර දමා පයින් යා යුතුය. අංකල් පෙට්ට්‍රල් ගෙනා විටක ඇවිත් අරගෙන යන්නට හිත හදා ගත යුතුය.
සියල්ලට සමුදී ගෙදර යා යුතුය... !
Written_by_sAm_ශ්‍රී_3:44pm_04/11/2017