Monday, December 18, 2017

මගේ සඳ ඇවිත්.. - Victor's Full Moon !!


මගේ සඳ ඇවිත්
කොඳ කැකුළු තරු ද සතපා
රැයෙහි කොපුල් රහසින් සිඹ
හිරු දිළෙනා මද්දහනේ
මගේ සඳ ඇවිත්


ඇවිත් ඇත්තේ මගේ සඳය. මෙතුවක් පාළු වූ හද රෑ අහස ආලෝකමත් කරනවා නම් පැමිණිය යුත්තේ සඳය. ඒ නම් රෑකය. රහසේමය. දහවල දහසක් නෙතු අවදියෙන්ය. කොපුල් සිඹිනට රැයද දහවල්ද වෙනසක් නැතිය. එහෙත් මේ පෙම අසම්මතය. ඇයට මට නොව, දකින උන්ට අසම්මතය. යෞවනය ඇත්තේ හදවතේ මිස බාහිරව නොවන බැව් නුඹ දන්නා නිසාම මෙය අපට සම්මතය. ඇය ඇගේ යෞවනය කැප කොට, කොඳ කැකුළු සුවඳත්, තරු රැසක අංකාරත්වයත්, කාන්තාරයක අතරමංවූ හිතකට පාර කියන තරු රැසක් රැගෙන ඇය ඇවිත්ය. 


වදුලූ කොනක සිත සඟවා
දියට බැස නෙළුම් සිඹිනා
බිඟු රැවටූ මා බලන්න
මගේ සඳ ඇවිත්


ඇය සවිමත් විය යුතුය. දහසක් කතන්දර අමතක කොට සිටින්නට ශක්තිමත් විය යුතුය. ඇය ඇගේ සිත වදුලු කොනක සඟවා ඇති අයුරක්ය. නැති නම් මෙතරම් ශක්තියක් අසම්මතයට එරෙහිව ඇයිට තිබිය නොහැකිය. සම්මතයේදී වුයේ මුලාවක් පමණක්ය. මලට හොරෙන් සුවඳ උදුරන බිඟුන් මෙතුවක් මා රවටා ඇත්තේය. එහෙව් මා දකින්නට අසම්මතයට අකුල් හෙලන තැනක, හිරු දිළෙනා මහ දවාලක, සඳ ඇවිත්ය. සමාජයටම සරදමක්ය. කොටින්ම හිරු තමන්ගේම කර ගත් ගිණි මධ්‍යහනේම ඇයි ඇවිත්ය. ඒ නම් මගේ සඳමය.


දෙවමින් දිවයුරුට නිගා
දේදුන්නක පෙම තවරා
මම රැවටූ මා බලන්න
මගේ සඳ ඇවිත්


සඳ යැපෙන්නේ හිරුගෙන්ය. එහෙව් තැනක හිරුට කෝචෝක් කරන්නට සඳට ශක්තියක් තිබිය නොහැකිය. එහෙව් තැනකදී හිරුට නිගා දෙමින් සඳත් ඒ අහසේම දිලෙනවා නම් අපූරුය. ඒ ඇගේ නොපරදින ගතිය ය. මෙතුවක් මුලාවූ, මියැදෙමින් තිබෙන සිතකට හිරුට කෙලින් පායන්නට සඳට හැකි නම් ඒ සඳ මගේමය. අපූරු සප්ත වර්ණ දේදුන්නක එතී, මා විසින්ම රැවටුනු මා අසල මගේ සඳය. ඒ මා බලන්නටමය. 


ඉතිං ඒ සඳ
සියල්ලටම බියෙන්
අහිමි කර ගත යුතුද?



Lyrics: Chandana Manoj Withana
Music / Vocalist: Victor Rathnayaka

9 comments:

  1. ඇයි බං මෙච්චර පරක්කු උනේ

    ReplyDelete
  2. මේ නං සෑමාගේ තාත්තාගෙ පුතා සෑමාමය

    ReplyDelete
  3. ෂා! අපුරුයි නේ.. දවස් දෙක තුනකට කලින් මටත් ඔහොම සඳක් පෑයුවා නේ..

    කලා සොළොසම මඟ හැර..
    හොරෙන් ඇවිදින් පුරහඳ..
    රෑ.... අමාවක අහසට..

    යලි යවන්නත් ලෝබයි..
    ඒත් නොගිහින් කෝමැයි..
    දොස් කියයි මුළු ලොව..

    ඔබට අවමන් දෙනු බෑ..
    ඔබ නැතුව ඉන්නත් බෑ..
    උභතෝකොටියක අමාවක..
    සරා සඳ තුරුලෙම..

    https://kalahitha.blogspot.com/2017/12/sweet-worries.html

    ReplyDelete
    Replies
    1. අතශයින් සුන්දර කවි දෙකක්! පෝස්ටුවක් හා කමෙන්ටුවක්!

      Delete
  4. ජීවිතයේ තනි මංසල තරමන් වෙලා
    හුදකලාව සුසුම් හෙලන හදවත සනසා
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා .............. ආරාධනා ...............
    විචාරක දියණිය

    ReplyDelete
  5. pitch eka out neda mekata dan kiyanna ba wage

    ReplyDelete
  6. හරිම ලස්සනයි.සුබ පැතුම් !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...