Wednesday, November 15, 2017

කොල්ලෙක් වෙනුවෙන් බිලි වීම.. - Die for a Friend !!


ඔබට ඔෆීස් එකේ නප්පෙට කෙලවූ අවස්ථාවක් නොතිබූ තරම් නැති තරම් විය යුතුය. එවැනි අවස්ථාවක ඔබේ ඔෆීස් එකේ මිතුරෙක් ඔබ ලඟට පැමිණ ඔබගෙන් මෙසේ ඇසුවේදැයි සිතා බැලිය යුතුය.

"මචං කේස් එක දරුණුවටම යනවා.. උබට කේස් එකක් පත්තු උනොත් මම වැඩේ බාර ගන්නම් ද? එතකොට උබට බේරෙන්න පුලුවන්.."

දරුණු කේස් එකක්ය. පත්තු වුනොත් ගෙදර යන්න වෙන තරම්ය. ඔෆීස් එකේ එකෙක් උබෙ වැරැද්ද, උගෙ කර ගැනීමට ඉල්ලා සිටින්නේය. සිහිනයක්ය. නැත්තම් ඌ පිස්සෙක් විය යුතුය. එහෙම එව්වා ඉන්දියන් නාට්‍ය වලවත් නැතිය. එහෙව් තව එකෙක් ගේ කේස් එකකට බෙල්ල තියන උන් ඔෆීස් වලදි නම් සෑමා දැක නැත්තේය. එවැනි අවස්ථාවක ඇඩ්වයිස් දෙන උන් නම් සිටින්නෝය. එක්කෝ උබව ගොඩ දැමීමටය. නැත්තම් ප්‍රශ්නය බරපතල් කිරීමටය. බොර දියේ සාරි ගප්පියෙක් හොයා ගන්නටය. විටක ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් දකින්නටය. 



හැබැයි එහෙම උන් සෑමා දැක ඇත්තේය. ඒ පාසැල් කාලයේය. ඕනෙම එකෙක්ගේ සීන් එකකට බෙල්ල තැබීමට ඕනෙම එකෙක්ගේ සීන් එකකට එන්ටර් වීමට බොහෝ උන් පොර කෑවෝය. ඒ පාසැල් කාලයේය. එදායින් පසු එහෙම උන් මලාද දන්නේ නැතිය. සීන් එක සරලය. ඒ කාලේ වෙන එකෙක් ගේ සීන් එකකට බැනුමක් හෝ ගුටියක් කාපු එකෙක් වීරයෙක්ය. මිතුරා වෙනුවෙන් දිවි දීමක්ය. මොරාල්ය. ගැම්මය. ෆිට් එකය. පාසැලෙන් ඉවත් වූදා සිට උන්ව කවුරුන් හෝ සමූල ඝාතනය කරන්නට ඇතිය.

නැහැ සිද්ධිය සරලව මෙසේය..

පාසැල් කාලේ ඉන්නේ කල්ලි වශයෙන්ය. පාසැලෙන් ඉවත් වූ දා සිට කල්ලි කැඩෙන්නේය. උසස් පෙළින් පසු කට්ටිය තැන් තැන් වලය. එවිට කල්ලි කුඩා වී ශේෂ වී යන්නේය. නැවත කට්ටිය එක් රැස් වෙන්නේ අවුරුදු දෙකකටවත් පසුය. සරල සිද්ධාන්තය එසේය. තනි වී ජොබක් හොයන්නට, කෝස් එකක් කරන්නට, කැම්පස් යන්නට හැප්පෙන තුරු කල්ලි නැතිය. එවිට දැනෙන්නේ පාසැල් යන කාලේ ආතල් එක නොවේය. ඒ තනිව හැප්පෙන කාලයේ සිට කාගෙවත් කෝච්චියකට බෙල්ල තියන්න හෝ අත දමන්නටවත් හොඳ නැති බව තේරුම් යන්නේය. පාසැල් කාලේ නම් ඕනෙ සීන් එකට බෙල්ල තිබ්බොත් උපරිමය වන්නේ ගෙදරින් ගෙන්වීම හෝ පන්ති තහනම් කිරීමය. එව්වාද ආතල් සීන් මිස ජීවිතයට හානියක් වෙන තරම් දේවල් නොවේය.

මෑතකදී සෑමාගේ මිත්‍රයෙක් කියූ අපුරු කතාවක් සිහි වූ නිසා අනුන්ගේ සීන් වලට එන්ටැර් වීම ගැන සිහි වූයේය. මිතුරා කිව්වේ ඔහුට වෙච්ච සිද්ධියක්ය. ඒකත් ආතල්ය. සෑමාට වෙච්චි සීන් එකක් ලෙස ලිව්වොත් අනිවාර්යෙන් මඩ වදිනවා ෂුවර්ය.

අපෙ මිතුරා පාසැලේ ගේට්ටුව ලඟදී අත් අඩංගුවට ගෙන ඇත්තේ කොණ්ඩය නොකැපීම සම්බන්ධයෙන්ය. ඒ කාලේ අපේ උන්ව කොණ්ඩයට ඇල්ලුවොත් කරන්නේ පෝලිමේ පිට්ටනිය මැද්දට ගෙන යාමය. පසුව ප්‍රින්සිපල් බාබර් වන්නේය. පිට්ටනිය මැද පෝලිමේ ඉන්න උන්ගේ කොණ්ඩය අසමජ්ජාති විදිහට කැතට කපන්නේ ප්‍රින්සිපල්ගේම සුරතින්ය. එදාට කොණ්ඩය විනාශ වූවෝ සිටින්නේ හැංගෙමින්ය. කාටවත් මුහුණ දෙන්නට බැරි විදියට කොණ්ඩය කපන්නේ පාඩමක් ඉගෙන ගන්නටය. කෙසේ හෝ අප මිත්‍රයා කොණ්ඩය නොකැපීමේ වැරදි පෝලිමේ සිටිද්දී ඔහුගේ තවත් මිතුරෙකු පැමිණ ඇත්තේය. ඒ ඔහු ගේට්ටුවෙන් එන්ටර් වී පාසලට ආ මොහොතේමය. 

"මොකො බං මෙතන.."

"කොණ්ඩෙ වැඩිලු බං.. මාව ඇල්ලුවා.. පෝලිමේ ඉන්න කිව්වා.."

"පොඩ්ඩක් හිටහං.. මාත් එනවා උබත් එක්ක.."

අන්න ඌ බෙල්ල තිබ්බේ එසේය. කොල්ලා ෆිට් එකය. ගැම්මය. අපේ එකෙක් වැරැද්දට අහු වෙලාය. තනියෙන් ඉන්නට දෙන්න හොඳ නැතිය. කනවා නම් එකා මෙන් ගුටි කෑ යුතුය. බෑග් එකත් එල්ලාගෙන මිත්‍රයා පෝලිමේ සිටියේය.

"කට්ටිය පෝලිමේ යමු ඔහොම ඔෆීස් එකට.."

හෙඩ් ප්‍රිෆෙක්ට්ය. පණ්ඩිතයාය. පිනාට මුට්ටිය ය. ටීචර්ලාට පන්දම ය. ප්‍රිෆෙක්ට්ස් ලා ඔක්කොම එකය. මුන්ට කෙලවන්න ඕනෑය. එකා මෙන් ගුටි කෑ යුතුය. උන්ට පෙන්විය යුත්තේ අපේ ශක්තිය ය. නැත්තං මුං හිතන්නේ අපි එකාට එකා නැහැ කියාය. උන්ගේ සෙට් එක පොඩ්ඩය. බහුතරය අපේය.

පෝලිම ශේප් එකේ ස්ටාෆ් රූම් එක පහුකරගෙන ඔෆිස් එකට ඇදෙන්නේය. ඉස්සරහ උන් හැංගෙන්නට හදන්නෝය. පස්සේ උන් කකුල් පන නැති ගානටය. සියල්ල සිදුවන්නේ හෙමින්ය. ප්‍රිෆෙක්ට්ස් ලාට තදියමය. උන්ට ඕනෑ වැටෙන ලකුණ ඉක්මනට දමා ගන්නටය. 

"ආ.. මේ පුතා මොකද මෙතන..??"

ටීචර් කෙනෙක් ස්ටාෆ් රූම් එකින් එලියට එද්දී අපෙ මිත්‍රයාව දැක ඇත්තේය. අපෙ එකා ටීචර්ට තත්වය පහදා දී ඇත්තේය.

"නෑ ටීචර් මේ කොණ්ඩේ වැඩියි කියල ඇල්ලුවා.. ඒත් පැත්තට පීරුවම පේන්නෙත් නැහැ.."

අපෙ මිත්‍රයා වැරදි නැති බව පෙන්නුවේය. ටීචර්ද ඌට සපෝට්ය. ප්‍රිෆෙක්ට්ස් ලා බලාගෙනය.

"පිස්සද?? ඔය වැඩි නැහැ.. යනවා යනවා පන්තියට.."

ටීචර් අපෙ එකාව ගොඩ දැම්මේය. පිටිපස්සෙ සිටි බෙල්ල තිබ්බ එකාගේ ඇස් ගියේය. අපෙ එකාටද කර ගන්නට දෙයක් නැතුව අවුල් සීන් එකේ පන්තියට ගොස් ඇත්තේය. මොහොතකින් කොල්ලා වෙනුවෙන් බෙල්ල තිබ්බ මිත්‍රයාද පන්තිය පැමිණ ඇත්තේය.

"අඩෝ සොරි මචං.. මොකෝ උනේ.."

"බෑග් එක තියල යන්න බං ආවේ.."

"ඇයි ඇයි... මොකෝ උනේ.."

"ඔක්කොම වැරදි කරපු උන් එකතු කරලා රැස්වීමක්.. මම ගිහින් එන්නමි බං.."


අන්න එදා සිට පාසලෙන් ඉවත්ව ගිය උන්, තව එකෙක් වෙනුවෙන් බිලි වීම නවත්වන්නට ඇතිය. නැත්තං ඔෆීස් වල, සමාජයේ, ඉන්නා උන් මෙච්චර ආත්මාර්ථකාමී වෙන්නට මෙතරම් ඉඩක් නැතිය.

Written_by_sAm_ශ්‍රී_11:25_15/11/17

12 comments:

  1. පුදුම පිනාලානේ ඉඳලා තියෙන්නේ!
    ඔහොම බාබර් පිනෙක් ගැන මං මේ ඇහැව්වා ම යි!

    ReplyDelete
    Replies
    1. පස්සෙ පිනාට අපෙ උන් බොරු කියන්න ගත්තා.
      කොණ්ඩෙ කපන්න සල්ලි නැහැ කිව්වාම පොර කස්ටිය අරගෙන යනවා ලඟම සැලුන් එකට..

      Delete
  2. ඔක්කොම එකතුවෙලා පිනාගෙ කොණ්ඩෙ කපන්න හැදුවෙ නැද්ද බොල.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා අයියෙ මතකයිද ප්‍රේමදාස සර්

      Delete
    2. ප්‍රසා - පිස්සුද බොල. ජෙල් හෝදන පුරුද්දක් පිනාට තිබිලා අපෙ එකෙක් ෂැම්පු ගාගෙන නම් ආවා. එදා සර්ට එපා වෙලා ඌට ගහල පැන්නුවා. ඇයි හෝදන්න හෝදන්න පෙන එනවා. සර්ට එපා වුනා.

      ටෙක් - උබල එක ඉක්කෝලෙද?

      Delete
    3. එහ්හෙනං එක ගම්පොජ්ජෙ... එක ඉස්කෝලපොජ්ජෙ

      Delete
  3. APE RAVI AIYAGE KRISH NAM OYA JAATHIYE DAL EKAK
    DAMITH

    ReplyDelete
  4. අපි නම් කරේ එකාවන්ව ප්‍රිෆෙක්ට් ලාව මුලින්ම මර්ධනය කරපු එක.. අන්තිමට ඉස්කෝලෙට උනා අපි අතරින් එකෙක්වම ප්‍රිෆෙක්ට් කෙනෙක් කරන්න.. මොකද කාලයක් ආවා ප්‍රිෆෙක්ට් ලා රාජකාරි කරන්න තියා ප්‍රිෆෙක්ට් බැජ් එක ගහන්නවත් බය උන.. අන්නේහෙමයි අපි වෙනුවෙන් අපි හිටියේ.. :)

    මොනවා උනත් යාළුවගේ යාළුවට මගේ රෙස්පෙක්ට් එක.. :)

    ReplyDelete
    Replies
    1. හිකිස්..

      අපෙ උන් එකොලහ වසර ඉද්දි දොලහ වසරෙ ප්‍රිෆෙක්ට්ස් ලට කෙලියා 13 වසර එක්ක සැට් වෙලා. අම්මෝ ඒම භීෂණ සමයක් !!

      Delete
  5. නෝට් ගාගෙන ආපහු ඉස්කෝලෙට එනකොට කෙල්ලො ඔලොක්කුවට හිනාවෙනකොට තමයි යකා නගින්නෙ

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ නැතුව..

      අපෙ උන් ෂූ පොලිෂ් ගාපු කාලයක් තිබ්බා නෝට් එක වැහෙන්න

      Delete

Related Posts Plugin for WordPress, Blogger...