Google+ Followers

Wednesday, November 22, 2017

උස නම් ශිෂ්‍ය නායක, මිටි නම් ශිෂ්‍ය.. - Height Matters !!


ලියන්නට යන්නේ ලිවිය යුතු දෙයක් නොවේය. ඒත් නොලියාම බැරිය. නැත්තං කසනවා වගේය. ටීචර්ස්ලා ගැන වැරදි ලිවීම වැරදි වැඩක්ය. එහෙත් නොලියන්නේ නම් මෙව්වා කියවන ටීචර්ස්ලාවත් හැදෙන්නේ නැතිය. ඒ නිසා ලිවිය යුතුම යැයි සෑමා තීරණය කළේය. 

මෑත කාලයේදී ගුරුවරුන්ගේ ඔලමොට්ටල වැඩ නිසා දරුවන්ට පාසැල් අහිමි වීම් වැනි සිද්ධි බොහෝමයක් වාර්ථා විය. එලෙසම පාසැලේ දී අනෙක් දරුවන් අතර කොන් වීමට පවා බොහෝ දරුවන්ට හේතු වූයේ ගුරුවරුන්ගේ මොට්ට වැඩය. කිසිම ලෙඩක් නැති දැරිවියකට HIV වැලදී ඇතැයි කතන්දර ගොතා දරුවාට පාසල අහිමි කිරීම, ජීවත්වන පරිසරයෙන්, ගමෙන් කොන් කර හැරීම වැනි බොහෝ සිද්ධීන් වලට හේතු කාරණා වූයේ පාසැලේ ගුරුවරුන්ගේම ක්‍රියාකාරකම් බව කිව යුතුය. එදා මෙදා කියලා වෙනසක් නැතිය. ගුත්තිලලා ඉන්නා කාලේ මූසිලලාද සිටි නිසා ඉවසා සිටිය යුතු වන්නේය. samsung සුසුමන් පාවීලා කියා එදා සෑමා ලිව්වේද මේ වගේ කතාවක්ය. නිවැරදි විනිශ්චය කිරීම් නොකිරීමෙන් පාසැල් එපා වන්නේ දරුවන්ටය.

උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු කියා කියූ විට අපට සෙනිකව සිහිවන්නේ පාර්ලිමේන්තුවේ එක්කෙනකේ වය. එහෙත් උස මිටි අනුව තනතුරු බෙදූ ඉතිහාසයක් අපට නොතිබුණාම නොවේ කියා සෑමාට සිහි වූයේ මෑතකදීය.


ඒ හරියටම 2003 වසරය. අපි සිටියේ 11 වසරේය. ඒ පාසැලට ශිෂ්‍ය නායකයින් තෝරන දවසක්ය. හිටි හැටියේම ප්‍රධාන ගුරුවරයෙක් අපෙ ක්ලාස් එකට ඇන්ටර් වූයේය. කොරිඩෝවෙන් පන්තිය ඇතුලට විත් හිටගත්තේය. පන්තියම තක්කු මුක්කු වෙලාය. සර්ට හැමෝම බයය.

"හා දැන් නැඟිටිනවා බලන්න ඉස්කෝලෙ ශිෂ්‍ය නායක වෙන්න කැමති උන්"

බහුතරයක් නැඟිට්ටාහ. එහෙම නැගිට්ටවා සිල්ලරට පට්ටම් දෙනවා නම් හෝල් සේල් ගැනීමට හැමෝම කැමතිය. සෑමා ද ඒ අතර වූයේය.

"හා හා.. මේ ඔක්කොම ශිෂ්‍ය නායක වුණාම කවුද ඉතිරි වෙන්නේ.."

සෙනඟ අඩු කිරීමට සර් උපක්‍රම සෙව්වේය.

"හා තමුසෙ ඉඳගන්නවා.. තමුසෙ කොට වැඩියි. හා.. තමුසෙ උස ගානට.. තමුසෙ ඉන්නවා.."

සර් ප්‍රේමදාස කාලයේ අයෙක් විය යුතුය. උස උන් ශිෂ්‍ය නායක ලෙසත්, මිටි උන් ශිෂ්‍ය ලෙසත් ලේබල් ගසා සර් වැඩේ ගොඩ දැම්මේය. ඒ තියරියම අපේ කාලේ ප්‍රේමදාසයානෝ පාවිච්චි කළ බව සෑමාට සිහිවුයේ මෑතකදීය. කෙසේ හෝ ඒ කාලයේ අවසනාවන්ත මිටි අපි වැනි උන් ශිෂ්‍ය ලෙස ලේබල් ගසා පුටු වල නැවත හින්දුවේය.

ඉන් පසුව අප දහම් පාසලේ ශිෂ්‍ය නායක තේරීමේ ඉන්ටර්විව් එකක් තිබුණේය. එයට රැගෙන ආ යුතු ලිය කියවිලි ලිස්ට් එකක් ලැබුණේය. තමන් මෙතෙක් ලද සියළු සහතික, දැනට දහම් පාසලේ පන්තියේ ලියන සියළු පොත් පත්, සහ වාර්ථා පොත ඒ අතර විය. ලියන පොත් බලන නිසා ඉන්ටර්විව් ආ සියල්ලෝම පිළිවෙලකට පොත් සකසාගෙන ආවෝය. සමහරු පොතම නැවත මුතුවන් අකුරින් ලියාගෙන ආවේ පත්වීම ලබන්නටය. වාර්ථා පොතේ පහ වසරේ සිට සියළුම ඉතිහාසය සටහන් වී තිබුණේ විෂය බාහිර ක්‍රියාකාරකම් සහිතවය. පෝ දාක උදේ ආරම්භ වූ ඉන්ටර්විව් එක අවසන් වූයේ හවස් ජාමයේය. ඉවසීම නැති උන් මඟදී නැඟිට ගෙදර ගියෝය. රැකියාවකට ගනිද්දීවත් නොකරන මට්ටමේ මහ ලොකු ඉන්ටර්විව් එකක්ය. දහම් පාසලකට තරම් නොවන මට්ටමේ උනත් ප්‍රායෝගිකය.

සෑමා පාසැල හා දහම් පාසල සංසන්දනය කරන්නට නොගියේය. එහෙත් උස නම් සිකුරිටි මිටි නම් කම්කරු තියරිය මීට බොහෝ කළකට ඉහතදි භාවිත කළ බව පමණක් මතක් කර දුන්නේය.

Written_by_sAm_ශ්‍රී_11:15pm_21/11/2017

18 comments:

  1. සහතික පෙරල පෙරල නිකං මිනිස්සුංගෙ කාලෙ කන්නැතුව අර සර් වගේ වැඩ කළානං. බලන්න කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා ප්‍රසා

      Delete
  2. අනාදිමත් කාලෙක සිට එන බෙදීමක්.

    ReplyDelete
    Replies
    1. විජයගෙ කාලෙ ඉදන් ලු !

      Delete
  3. අපේ සර්ලා නම් එච්චරවත් මහන්සි උනේ නෑ.. සර්ලා ටිචර්ලාගේ ළමයි 'ඩිෆෝල්ට්' ශිෂ්‍ය නායක පත්වීම් ගත්ත.. එහෙම ගන්න ඒ ය අතර තරඟයක් ආවොත් සැනසිලි තෑගී විදියට පන්ති නායක කම්, නිවාස නායක කම්, වගේ ඒවා බෙදල දුන්න.. මට මතක කාලේ අපේ ඉස්කෝලේ සුදුස්සෙකුට තැනක් ලැබුනේ නිවාසාන්තර තරඟ වල ක්‍රීඩා නායකයින්ට විතරද මංදා.. ඒවා උන් බෙදා ගන්න එක ගැන අපිට ලොකු අවුලක් තිබ්බෙත් නෑ.. හැබැයි තමන්ගේ පාඩුවේ බැජ් එක ගහගෙන ඉන්නේ නැතුව 'ලොකු සීන්' දෙන්න ආපු උන්ට නම් කෙලිම්ම 'ශිෂ්‍ය නායක භීතිකාව' එන්නම සැළකුව.. ඒක කොච්චර නැගලා ගියාද කියනවානම් අපේ අන්තිම කාලේ වෙනකොට ඉස්කෝලේ ශිෂ්‍ය නායක කම් දුන්නේ හිටපු වසවර්තිම උන් බලල.. :))

    තේරෙන කාලේ ඉඳලම ඔය බේදේ ගැන මටනම් තිබුනේ පිළිකුල මුසු කළකිරීමක්!

    ReplyDelete
    Replies
    1. ගුරුවරුන්ගේ දරුවන්ට තිබුණ ඇඳිල්ල එච්චර දරුණු නැහැ අපෙ. කොටින්ම නැති තරම්. උන් සාමාන්‍ය විදියට හිටියා. අපෙ තාත්තා ගමේ ඉක්කෝල උගන්නද්දි මාත් ශිෂ්‍ය, කිසිම චෑන්ස් එකක් නැහැ. ඔක්කොම කේලම් ගෙදරටම එනවා. තාත්තට කියල වැඩක් නැති නිසා ටීචර්ස්ලා අම්මටම තමා කියන්නෙ.

      ලොකු සීන් උන්ට භීතිකාව දීලා යථාවබෝධය දෙන එක නම් වටිනවා කමියා..

      Delete
  4. අපේ නම් ශිෂ්‍ය නායිකා පට්ටම් දෙන්නේ උසස් පෙළ සිසුවියන්ට විතරයි, ඉතින් ඒ කාලේ කට්ටිය පාඩම් කරන්න ඕන නිසා බෑ කියනව.

    ඒ නිසා ළමයින්ට වැඳල වගේ ප්රිෆෙක්ට් පට්ටම් දුන්නෙ.

    දැන් ඒ නිසාම ඕ ලෙවල් පන්ති වල ඉඳන් ප්රිෆෙක්ට් වෙන්නට ඉඩ දෙනව. නැත්නම් ප්රිෆෙක්ට් ල ගේන්න වෙන්නේ පිට සක්වලින් තමයි.

    ReplyDelete
    Replies
    1. අපෙ 11 වසරෙදි දුන්නා. ඒක මට මතක විදිහට කනිෂ්ඨ, පස්සෙ උ/පෙ වලදි ජේෂ්ඨ වුණා. අනිත් උන් උ/පෙ ක්ලාස් යන අස්සෙ සිස්ස නායක අපෙ උන් කට්ට කෑවා ඉස්කෝලෙ වැඩ වලට..

      Delete
  5. එහෙමත් වුනාද ? අපේ ශිෂ්‍ය නායක වෙන එවුන් ගේ ආඩම්බරේ තමයි කන්න බැරි. එනිසා ගණන් ගත්තෙම නැහැ.

    ReplyDelete
    Replies
    1. ගණන් නොගැනීම තමා නියම බේත. අපෙ ඒම ලොකු අවුලක් තිබ්බෙ නැහැ. සිස්ස නායකයෝ අපෙ උන්ට කේස් නොදාපු නිසාම.

      Delete
  6. ඔන්න මමත් අවා එහෙනම් සෑම්ගේ ලෝකයට .
    ඉස්කෝලේ සමහර කාලේ ගුරුවරුන් ගේ තේරීම් ගැන දැන් මතක් වෙනකොටත් හිනා යනවා තමයි . මේකත් ඒකට හොදම උදාහරණයක් සහිත කතාවක් !

    ReplyDelete
    Replies
    1. ස්තුති කලනයා... අපි අවකලනය වෙමු..

      Delete
  7. අපේ එකෙකුත් ප්‍රධාන ක්‍රීඩා ශිෂ්‍ය නායක විදිහට තේරුවා... බැජ් එක ගහපු දවසෙම ඉස්කෝලෙ අස්සෙ සිගරට් එකක් බීලා මාට්‍ටු උනා...

    ReplyDelete
    Replies
    1. පව් යකු.. ඌට නායක බලතල පාවිච්චි කරන්න දීලත් නැහැ..

      Delete

  8. බාලිකා පාසලක් වෙච්ච අපේ ඉස්කෝලෙත් ඔයිට සමානයි ඉතින් මිස්ලගේ ළමයි මිස්ළට කඩේ යන ළමයි එහෙම තමා ඉස්සරහින්ම.

    ReplyDelete
    Replies
    1. අපො බාලිකා නම්, කඩේ යන උන් ඕසෙට !

      Delete
  9. වාසුදේවඃ පුරඃකෘත්‍ය - සර්වේ වාමනාච කාෂඨාඃ
    මධමස්තු විෂක්ෂණම් - අති දීර්ඝෝ මහා මුර්ඛඃ

    කෘෂ්ණගේ පටං හැම මිට්ටෙක්ම කපටියෙකි
    මධ්‍යම ප්‍රමාණයේ අය විචක්ෂණශීලීයි - ගොඩක් උස උං මෝඩ මැට්ටො වෙති.

    ඒ අනුව ශිෂ්‍ය නායක කමට උස උං ගැළපෙනව

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...