Friday, June 12, 2015

මාරු සල්ලි... - Changed Money !!


මාරු සල්ලි යනු කෙටි කතාවක් නොවේය. බ්ලෙග් කතාවක්ය. මාරු සල්ලි හමුවේ සෑමා දුටු කතාවක්ය. එය හුදෙක් පුද්ගලයන්ගේ පරාර්ථය හෙළි කරන්නක් බව සෑමා සිතුනේ කාසි, නෝට්ටු හෝ මුදල් සමඟ මෙතුවක් ජීවත් වීමෙන්ය. ඉස්සර මාරු සල්ලි වලට නියම ඩිමාන්ඩ් එකක් තිබුණේය. ඒ පාසල් යන කාලයේ කිව්වොත් නිවැරදිය. කැන්ටිමෙන් ලැබෙන ඉතුරු සල්ලි හෙවත් කාසි, පසු දිනට හෝ එදිනටම යලි ආයෝජනයක්ය. එලෙසම බස් එකේ යද්දී නම් මාරම වටින්නේය. ඒ නම් හැමදාම අපව රවටන කොන්දාව අපට රැවටිය හැක්කේ අතේ මාරු සල්ලි තිබුණොත් පමණක් නිසාය. තවත් අතකින් මාරු කාසි යනු පාසල් සමයේ කලෙක්ෂන් හෙවත් “ලොන්තේ“ දමන උන්ට නම් සහන මල්ලක්ය. හැමදාම ලැබෙන කප්පම් මුදල මාරු සල්ලි වලින් එකතු වුවද විශාල මුදලක් වන්නේය. එලෙසම කප්පමට ලක්වන්නෝද මාරු කාසි දීමෙන් තම පොකැට්ටුව බේරා ගත්තේ නෝට්ටු වලින් වෙන්නට යන විනාශය කාසි කිහිපයක් කප්පම්කරු අතට දීමෙන්ය. ඒ කෙසේ වෙතත් පාසලේදී, පන්තියේදී නම් සාක්කුවේ තිබෙන කාසි දෙකතුනක් හෝ බිම වැටී “සල බලාං“ සද්දය ආවොත් වටේ ඉන්න උන් කෑ ගහන්නේ “අඩෝ.. අන්න අරූගේ කැටේ කැඩුනා“ කියාය. එහි ඇති විලි ලැජ්ජාව නම් අපේ උන් “කැටේ“ කිව්වේ “ගුද මාර්ගය ආදායම් මාර්ගය“ කරගත් විටය.

මාරු සල්ලියේ දේශපාලනය නම් මෙසේය. විටක පුද්ගලයාගේ ආත්මාර්ථය, පරාර්ථය, හෝ කම්මැලි කම විදහා දැක්වෙන්නේ මාරු සල්ලි වලින්ය. බොහෝ විට මාරු කාසි වලින්ය. එහා පැත්තේ සැලුන් එකට එන කොණ්ඩය දන් දෙන්නෝ දහසේ මුදල් නෝට්ටුවක් අතේ තබාගෙන “හොට් සීට්“ එකේ වාඩි වන්නෝය. හොට් සීට් එක කිව්වේ සැලුන් එකේ කොණ්ඩය කපන සීට් එකටය. සෑමාට නම් ඒක හොට්ය. සැලුන් එකේ එකා කොණ්ඩය වැරදියට කැපුවොත් කැපුවාමය. මොන අටමගලය වුණත් මුදල් දී එන්නට වන්නේය. කෙසේ හෝ එහා පැත්තේ සැලුන් එකේ කස්ටර්මර්ස්ලා මාරු සල්ලි අතේ නැතුව, හිතුමතාම, කලින් නොදන්වාම, හොට් සීට් එකේ හිඳ ගන්නෝය. ඉනපසු කොණ්ඩය කැපුවාට පසු රුපියල් දාහේ නෝට්ටුව දික් කරන්නෝය. අසරණ වන්නේ සැලුන් එකේ එකාය. ඉන්පසු මාරු සල්ලි හොයමින් ඌ දිව එන්නේ සෑමාගේ කඩයටය. කොණ්ඩය කපන්නට ආ එකාගේ ආත්මාර්ථකාමීත්වය, කම්මැලිකම නිසා දුක් විදින්නේ වටේ ඉන්න උන්ය. බැරිම තැන සෑමාගේ අම්මා පෝස්ටර් එකක් ඇන්දේය. “කරුණාකර මාරු සල්ලි රැගෙන එන්න“ පෝස්ටරය සැලුන් එකේද, එහා පැත්තේ ඉඳිආප්ප කඩේද ගැසුවේ සෑමාගේ අම්මාය. ඒත් කරදරය එසේමය. කොණ්ඩය කැපුවාට පස්සේ මෙන්ම, ඉඳිආප්ප කෑමෙන් පසුද දිගු කරන්නේ රුපියල් දහසේ කොළයක්ය. සදාතනික දුක අපටය. 

ඉතිරි කාසි වෙනුවට ටොෆි ලැබෙන, බුලත් විට ලැබෙන සිද්ධීන් අවම කර ගත හැක්කේ තමන්ටමය. ඒ මාරු සල්ලි, මාරු කාසි අතේ තබා ගැනීමෙන්ය. විටක මුදලාලි ඉතුරු සල්ලි දෙද්දී පාරිභෝගිකයාගෙන් අහන්නේ මාරු තියෙනවාද කියාය. එවිට පර්ස් එක, පොකැට්ටුව විහිළුවටවත් අතගා නොබලන පාරිභෝගිකයා මාරු කාසි නැහැ කියන්නේය. එවිට මුදලාලි කඩේ තිබෙනා එක්ස්පයර් මට්ටමේ ඒවා ඔතා එවන්නේ ඉතුරු සල්ලි ලෙසය. දිනක් කඩේකට පැමිණි ඩෑල් එකක් මොන මොනවාදෝ බඩු ටිකක් ගත්තේය. ඒ අතර තමා අත තිබූ කාසි කිහිපයකින් කඩේ ලෑල්ලකට තට්ටු කරමින් සිටියේය. මුදලාලි බඩු කිරන කල්ම, ඔහු ලෑල්ලට තට්ටු කළේය. මුදලාලි ඩෑල් එක ඉතුරු දෙන්නට මාරු “කාසි තියෙනවද මහත්තයා ?“ කියා අසද්දී කඩේට ආපු ඩෑල් එක කට පුරා කීවේ “අනේ නැහැ“ මුදලාලි කියාය. ඒ උපන්ගෙයි ආත්මාර්ථකාමීත්වයය. මුදලාලියා රකුසු බැල්මට් එකෙන් පාරිභෝගිකයා දෙස දෙනෙත් හෙලා, “ඔය අතේ තියෙන කාසි ටික හරි දෙන්න මහත්තයා“ කීවේ කිංඩියටය. අරූට රෙදි නැතිය. පොර සමාජය මැද්දේ එළියට දැම්මේ තම ආත්මාර්ථයය. 

මාරු සල්ලියෙන් පුද්ගලයන් මැනිය හැකි බව කියන්නේ සෑමාය. සෑමාගේ පඩිටෝක්ස් පැත්තකින් තබා පුදගලයන් තමන් ගැනම හිතනා අය නම් මාරු සල්ලි නිවැරදිව පරිභෝජනය කළ යුතුය. රුපියල් පහේ කාසි කිහිපයක් පර්ස් එකේ දමාගෙන සතියක් දෙකක් ගත කළ විට පර්ස් එකට වෙන හානිය වැඩිය. පර්ස් වලට වැඩිය දැන් භාවිත වන්නේ වොලට්ය. එහි නම් කාසි දමන්නටම බැරිය. කෙසේ හෝ රැගෙන යාමේ අපහසුව, පර්ස් එකේ දැමීමේ අපහසුව, දන්නා උන් නම්, මාරු කාසි නිවැරදිව භාවිත කොට ඉතුරු සල්ලි ලෙස නෝට්ටු ලබා ගැනීමට උත්සුක විය යුතුය. රුපියල් හැත්තෑ පහේ භාණ්ඩයට රුපියල් සියයක් මුදලාලීට ලබා දී, රුපියල් 25ක් ඉතුරු සල්ලි ලබා ගැනීම සාමාන්‍ය ඩීල් එකය. ඒත් සෑමාට ආතල් වෙනස් විදියකටය. එනම් රුපියල් 105ක් මුදලාලියාට ලබා දී රුපියල් 30ක නෝට්ටු ලබා ගැනීමය. එහෙම කරන්නට ගොස් කෙළවුණ අවස්ථාද නැතුව නොවේය. එවන් අවස්ථාවක මුදලාලියා රුපියල් 20ක නෝට්ටුවක් සහ 10 කාසියක් දුන් විට මුදලාලියාගේ මෑණියන් සිහිවන්නේය. එහෙත් අප නොසැලී මාරු කාසි / සල්ලි නිවැරදිව භාවිත කළ යුතුය.

පලි - කාසි ගැන කියද්දී, සෑමාට මතක් වුණේ අපේ කාසියාගේ කතාවය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:10am_12/06/15

පපලි - වෙන උන් අම්මාගේ උපන්දිනය දා ලියන්නේ මව් ගුණ පෝස්ට්ය. එසේ නොලියා මාරු සල්ලි ගැන ලිව්වාට සොරිය. දරුවෙක් හදන්නට මව්වරු, පියවරු විදිනා දුක දැනුනු පුතෙකු, අමුතුවෙන් විශේෂ දිනයක මව් ගුණ ලිවිය යුතු නැති බව සිතුනේය.

27 comments:

  1. අම්මට සුභ උපන්දිනයක්!

    මාරු කාසි විතරක් නෙවේ බං දහයෙ කොලත් නෑ. මොන මගුලක්ද මංද. කාසි අවශ්‍ය ප්‍රමාණයට වැඩිය විශාල ප්‍රමාණයක් ලංකාවට ඔ්න. මොකද කැට/පිංකැට ආදියේ තියනවනෙ සෑහෙන්න.

    ReplyDelete
    Replies
    1. අම්මට..

      ලංකාවට වැඩිය ලංකාවෙ කාසි තියෙන්නෙ ඉන්දියාවෙ කැටවලනෙ බං..

      Delete
  2. අන්තිමට දාපු කතාව පලිය නං ඇත්ත.. බං. ඒක නෙමෙයි හැබෑට උඹට කාසි ඔය තරං ඇලජික්ද??

    කසාදෙන් පස්සෙ බ්ලොගයට කෙලවුනු තවත් අයෙකි මේ. හැක්

    ReplyDelete
    Replies
    1. කසාද බැන්දාට පසු පුතාට අම්මාට වඩා බිරිඳ ලොකු වෙලා ද?

      Delete
    2. @දේශක - සිරාවට බං. කාසි නම් වදේ. නෝට්ටු නම් මම ආාසයි :ඩී
      ලෙල්ලටම කෙලවෙලා තියෙන්නෙ මාමි.

      @රසිකො - //කසාද බැන්දාට පසු පුතාට අම්මාට වඩා බිරිඳ ලොකු වෙලා ද?//
      කවුරුත් ලොකුත් නැත, පොඩිත් නැත, වගකීම්, යුතුකම් හොඳින් ඉටු කරමි. !

      Delete
  3. මව් ගුණ නොලීවට ගාණක් නෑ බං.අම්මත් ඉන්ටරස්ට් මාරු කාසි වලටනෙ ඒ නිසා ගැලපෙනවා.
    ඔබේ මවට සුබ උපන් දිනයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ.

      කඩේ ඉද්දි අම්මට තද වෙන්නෙ මාරු සල්ලි නැති වුනාම තමා.

      Delete
  4. මව්තුමියට සුබ උපන්දිනයක් පතමි.

    මාරු කාසි තියා 10 ඒවාද නැති එකෙන් අපිදු මාර දුකක් විඳින්නෙමු. ටොෆි දුන් විට මල පනින පාරිභෝගිකයින්ට හොඳම විසඳුමනම් හැකි පමණ මාරු කාසි තමා ළඟ තබාගැනීමය.
    නැත්තං දැං එටිසලාට් එකෙන් සකසා අැති 1/- සහ 5/- ඉතුරු කාඩ් පත් වලින් ඉතුරු ඉල්ලා සිටිය හැක. අනෙක් ෆෝන් සේවාද ඒ ආකාරයට කරන්නේ නම් මැනවි.

    ReplyDelete
    Replies
    1. අඩෝ අසික්කිතයි නේ.. රුපියලේ කාඩ් එකෙන් ඇස්.ඇම්.ඇස් කීයක් යවන්න පුලුවන්ද බං???

      Delete
  5. රුපියල් 10ත් එන්නෙ දැං කාසි වලිං නෙව. ගොඩක් වෙලාවට මිනිස්සු මාරු නං දෙන්නෙ නෑ තමා. මොකද මන්දා. ආස ඇති මයෙ හිතේ.

    කාලෙකිං මේ පැත්තෙ ආවෙ.

    අහ් අම්මට සුභ උපන්දිනයක් වේවා!

    - ආගන්තුකයා

    ReplyDelete
    Replies
    1. මාත් මේ පැත්තට ආවෙ කාලෙකින්. ;)

      අඩේ ආගන්තුකයා අලුත් ප්‍රොෆියිල් එකක්ද? නම මාරු කරලද?

      Delete
    2. නෑ අයියණ්ඩියෙ, අර ගූගල් එකේ මොකද්ද මන්දා කොරන්න ගිහිං අන්වර්ථ නාමෙ නැති වෙලා හරි නම වැඩුනා නෙ ප්‍රොෆයිල් එකට. අයිං කොරගන්න විදිහක් නෑ. දැං ඉතිං මෙහෙම්ම යනවා!

      Delete
    3. බොලා ඉන්නෙ ජී + එකේ ප්‍රොෆයිල් එකෙන්ද මන්ද,

      බ්ලොග් ප්‍රොෆයිල් එකට මාරු කරපම් !

      Delete
  6. මාරු කාසි හිගයක් රටේම තියෙනවා...මාරු කාසි පිළිබද නිවැරදි ප්‍රතිපත්තියක් තාම නෑ..මමත් මාරු කාසි හිගය නිසා දුක්විදිනවා.

    ReplyDelete
    Replies
    1. අඩේ ධම්මිකයා මොකැ මාරු කාසි නැති නිසා දුක් විදින්නෙ?

      Delete
  7. මාරු කාසි කිව්වාම සමහර වෙලාවට කොන්දොස්තරව මරන් කන්න හිතෙනවා උන් කරන වැඩ වලට.කැට වල එකතු වෙන මාරු කාසි දවසේ ගානේ බැංකුවලට වත් යවන ක්‍රමයක් හැදුවොත් මේකට පොඩි හරි විසඳුමක් ලැබේවි.

    අම්මාට සුබ උපන්දිනයකුත් වේවා..:)

    ReplyDelete
    Replies
    1. හපොයි කොන්දලා ගැන කතා එපා බං. උන් හම්බ කරන්නෙ මාරු සල්ලි වලින්.

      ස්තුතියි !

      Delete
  8. වැඩි දවසක් නෑ බන් මේ පෙරේදා...

    "ඔයා ගාව රුපියල් පහක් නැද්ද ?"

    "ම්ම්ම් හ්හ්ම්හ්හ්... "

    "එහෙනම් පහළවක් ගන්න නැද්ද ? "

    උඹ මේක ලියලා තියෙන්නේ වෙළෙන්දාගේ කෝණයෙන්නෙ... අපි හිතන් ඉන්නේ කඩ කරන උන් ඕනෑම ගානක් මාරු කරලා දෙන්න පුළුවන් විදිහට මාරු සල්ලි තියන් ඉන්න ඕනා කියලා. දහයේ කාසි වලනම් මොකක්ද දිස්ත්‍රික් කේස් එකක් තියනවලු නේද ? ඒකයි ඒවා නැත්තෙ.... කට්ටිය හෝ ගාලා එකතු කරනවලු...

    මමනම් මාරු කාසි අතේ තියගෙන ඉන්නෙම නැති තරම්. පර්ස් එකේ දාන්නෙම නෑ ඒකට කෙලවෙන නිසා.

    ReplyDelete
    Replies
    1. වෙලෙන්දාගේ කෝණයෙන් විතරක් නෙවෙ බං, පාරිභෝගිකයාගේ කෝණයෙනුත් එක්ක නිසා තමා ඉතුරු අඩුවෙන් ලැබීම, පර්ස් එක විනාශ වීම ගැන ඒම ලියල දැම්මෙ.

      දිස්තිරික්ක සීන් එක නිසා දහයෙ කාසි හිගයි තමා. අපෙ කාසි ගහන හැත්ත දාන බොරු ලෙඩ තමා ඕවා !

      Delete
  9. අම්මට සුබ උපන්දිනයක් වේවා !

    ReplyDelete
  10. මාරු සල්ලි ගැන කියද්දි දැන් දැන් දහයෙ නෝට්ටු නැති වෙගෙන යනවා වගේම ඒ වෙනුවට ආදේශ කරපු දහයෙ කාසිත් නැති වේගෙන යනවා වගේ මේ එකතු කිරිල්ලක් හින්දා.

    ReplyDelete
  11. මවු ගුණ ගැන බ්ලොගේ නොලිවුවට ඒ යුතුකම් වෙනවනම් තව මොනවද බං ඕන.. පරක්කු උනා.. ඒත් සුබ පතමි..

    මාරු සල්ලි, දැන් පොඩි සල්ලි වලින් ගන්න දෙයක් නැති වී ගෙන යන හන්දා ඒවා මිසින් බං..

    ReplyDelete
  12. දහයෙ කාසි එකතු කිරිල්ලත් නැගලම යනවා... මාරු කාසි නම් අවුල්.හිඟන්නෙක්ට දුන්නත් බැනුම් අහ ගන්න වෙන්නෙ...

    ReplyDelete
  13. මට මාරු කාසි ලැබුනොත් පෝස් එකේ දාගෙන තියා ගන්නේ නැහැ, ගෙදර තියල තමයි එන්නේ. සමහර වෙලාවට කැටේකට ඔබනවා.
    මාරු කාසි ගෙනියන්නේ නැත්තේ, එකක් මළ වදයක් නිසා අනික පෝස් එකේ තියෙන කාඩ් කෑලි වල ආරක්ෂාව ගැන හිතලා.

    මගේ ගාව ඉස්සර එකතු කරපු සත 25 කාසි හාර පන් දාහක් තියෙනවා බෝතල් වල පුරවලා...
    මාරු කාසි හිඟයක් තියෙන්නේ මගේ ජාතියේ එවුවො එක එක ජාතිවල කාසි එකතු කරන නිසා එහෙම වෙන්න බැරිද... ;)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...