Sunday, June 28, 2015

පායලා දේදුන්න.... - Unexpected Rainbow !!





ටියුන් වෙන අතර පොඩි රේඩියෝ කට්ටා
ඇසෙනා ගීතයක මගේ හිත හිට්ටා
ඉපැරණී ගීතයම ගයන්නේ වික්ටා
ලියන්නට සිත් වුණේ කවක් මට පට්ටා


 කුරුල්ලට ගී ගයන්න තනන්නේ වික්ටා
කුරුල්ලා ගේ (gay) දැයි නොදන්නෙමි ගැත්තා
ගීතය ගයන්නට ඇගේ හඬ ඉල්ලා
"දේදුන්නට හැඩය දෙන්න නෙත් බැමිත්" ඉල්ලා


අපූරුයි පද වැලම අවසනින් කොඳුරා
හැපි හැපී ඉල්ලයි ඇගෙන් ඔහු ඉඳුරා
මොක වුනත් කමක් නැත වටේටම දීලා
"එපා මැණික සිත පමණක්" කාටවත් දෙන්ටා


සුන්දරයි සම්මතයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි
බැදෙයි ප්‍රේමෙන් ලොවට අරුමයක් නොම වෙයි
දේදුන්න ගැන කිව්ව ගීයෙ පද සිහිවෙයි
පාන්දර බුකියම දේදුන්න වාගෙයි


නොදන්න උන් රැල්ලකට අසු වෙලා
දේදුන්නෙ පාට මැද තම රූපෙ දමාලා
දන්න උන් තමන්ගේ කට සද්ද වසාලා
පැත්තකට වී මේක ආතල්ද අසාලා


ගේ සීන්, ලෙස් සීන් කමක් නැත කියාලා
ආදරේ තිබේ නම් කමක් නැහැ නේ ඩලා
කෙල්ලෙක්ට බැදි තැල්ල තම අතින් ගලෝලා
කොල්ලෙක්ට බඳින්නේ තෝ කෝම අසාලා


වැල සයිට් අහු මුල්ල පීරමින් ගිය එවුන්
ආප්පේ කැටගරිය පුල පුලා බලපු උන්
කෙල්ලෙක් කෙල්ලෙක්ගෙ නලලෙ බැදි තැල්ල රන්
වැරදීද ? හරි නැද්ද ? අහපු හැටි සමාජෙන්


දැන නොදැන දේදුන්න දාගත්ත උන්දෙලා
හවසකට සමූපෙට ගොඩ වෙන්න ගිහිල්ලා
වෛයි වර්ණ දේදුන්නෙ පාට ඇත සැගවිලා
විවිධ සේවා දෙන්න උන් ඇත්තෙ පෙළඹිලා



Written_by_sAm_ශ්‍රී_Perera_2:05pm_28/06/15

පලි - ලංකාවේ බහුතරය ඇමරිකානුවන් බව සමාජ ජාලා වෙබ් අඩවි වලින් දුටු නිසා සමූපකාරයේ දේදුනු පැහැය දැක අපේ දේ අගයන්නට පද බැදි කයියකි.

16 comments:

  1. මොකටද බං ඔය කොහෙවත් රටක
    රේන්බෝ ෆ්ලැග් ගැන හිතන්නෙ.
    අපේ සමූ පකා රය ගැන හිතල
    දාගමුකො දේදුන්නක්.

    ReplyDelete
  2. හ්ම්.............. හ්ම්

    ReplyDelete
  3. සෑම් කොල්ලෙක් ගහලා නෑ ව ගේ...

    ReplyDelete
    Replies
    1. උඹනම් අය්යේ යූ ඇන් පී කාරයෙක්ම තමා

      Delete
  4. කොල්ලො ගහපු උං නං අනන්ත ඉන්නව ඒත් ගේ නෙවෙයි... කෙල්ලො අතර නං ඒව කෝමද දන්නෑ...
    ඇත්තම කතාව නං එකෙක් කලොත් ඒ පස්සෙං යන දාහක් ඉන්න හංද ඉහුතරයක් ඇත්ත සීන් එක නොදන්න එකයි නැද්ද මං අහන්නෙ

    ReplyDelete
  5. සෑම් ගේ නෙමෙයිනෙ. ඒ නිසා ඔයා කළබල වෙන්න ඕනෙ නෑනෙ.

    ReplyDelete
  6. සමූපකාරේ කොඩියත් වැඩිකල් නොයා වෙනස් කරන්න වෙයි වගේ. නැතිඋනොත් පිටරට සමලිංගිකයෝ උන්ගේ සුසයිටියක් මෙහෙත් තියෙනව කියල හිතයි.

    ReplyDelete
  7. අපිට සමරිසි වැල සිරා වුනාට, ප්‍රසිද්ධ සමාජෙදි සමරිසියන් හෙළා දැකීම අවුල් නේද? ගුස්ටාව් ප්ලෝබෙයා ගෙ එමා බෝවාරි සිරා උනාට, ගමේ ගොඩේ ගෑණු කොටු පනින එක අවුල්...

    මං හිතුවෙ සෑම කියන්නෙ මේ ගැන කියලා... පස්සෙ සමුපකාරෙ දැක්කෙ.

    ReplyDelete
  8. සමලිංගිකත්වයට පක්ෂව කිසි දෙයක් ප්‍රසිද්ධියේ කරන්න තාම අපේ සමාජයෙන් ඉඩක් නෑ. ඒක ඉස්සරහටත් එහෙමමයි. හැබැයි සමූපෙ කොඩියට මුවා වෙලා සමලිංගික ක්‍රියාකාරීන් එලියට ආවොත් මමනම් ඒ ගැන පුදුම වෙන්නෙත් නෑ. උන් ඒ තරම් නූල් සූත්තර කාරයෝ . තමන්ගේ යටි අරමුනු වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන් මොකකින් උනත් උන් ප්‍රයෝජන ගන්නව.

    ReplyDelete
  9. පිස්සු..බං..
    මට නම් අදාලම නෑ..

    ReplyDelete
  10. ඇයි උඹ අහලා නැතිද "දේදුන්නේන් එන සමනලුනේ"කියලා සින්දුවක් එහෙම.

    ReplyDelete
  11. ලොල් අප්පා!

    ReplyDelete
  12. අම්මා ගහයි සෑමා...
    බ්ලොග් වලිං සමු අරං ආයේ අලුතෙන් බ්ලොගේකින් එනකොට පරණ බ්ලොගර්ස්ලා ගොඩක් බ්ලොග් වලිං සමු අරං. සර්ච් කරනකොට ටික දෙනෙක් හමුවුනා.දැං ඉතිං ආයෙත් පරණ ** ජෙමා විදියට බ්ලොග් ලෝකේ හතරවරං ගහනවා...

    ReplyDelete
  13. උබත් දැන් ලියන්නේ නැ වගේ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...