Monday, June 22, 2015

පාන් කතාවක්... - Bread Talks !!


ඉස්සර පාන් නම් රසය. බරය. ගුණය. ඒ කාලේ තිබ්බේ දර පෝරණු පාන්ය. දැන් තාක්සනය නිසා වැඩිපුරම ඇත්තේ කරන්ට් පාන් හෙවත් විදුලි අවන්වලින් හදනා පාන්ය. ඔය කියන කරන්ට් පාන් මාකට් එකට එන්නට පටන් ගත් කාලයේ මාර ඉල්ලුමක් තිබ්බේය. දර පෝරණු පාන්කරුවන් පාන් කියා ගත නොහැකි තත්වයකට ඇඳ වැටුනේ කරන්ට් පාන් මාකට් වූ කාලයේය. ඒත් ඔවුන් නොසැලී දුක්ඛිතව තම රාජකාරිය කළෝය. ඒ දුකෙහි ඵල ඔවුන් නෙලන්නේ මේ කාලයේය. මන්ද කරන්ට් පාන් වලට ඇති මාකට් එක දැන් අහිමි වී යන නිසාය. කොහේ හෝ තැනක තඩි අකුරින් දර පෝරණු පාන් ඇත කියා ගසා ඇත්තේ නම් එතැනින් පාන් ගන්නට බත් නොකන ජනතාව පෙළඹී ඇත්තෝය. ඒ නිසා කරන්ට් පාන් මාකට් එක බැසී දර පෝරණු පාන් මාකට් වෙනු ෂුවර්ය. කාලයේ හැටි ඒමය. අමුඩය මාකට් නැති වී ජොකාට බැස, නැවත අමුඩය ගසන කාලයට එළැබෙන්නේ කාලයේ විපරියාසයෙන්ය.



හරි බරට, හරි ප්‍රමිතියට තිබුණු කාලයේ පාන් රාත්තලක් කන්නා වැඩ්ඩෙක්ය. එහෙම කාපු එකෙක් සමාජයක් මැද කතා කරන්නේ යුග පුරුෂයෙක් ආකාරයෙන්ය. පාන් පෙත්තක බටර් ගා සීනි දමා කෑවත් බඩ පිරෙන කාලයක් තිබුණා කියා අපද දන්නේය. දැන් නම් පාන් රාත්තල පෙති දෙකකට කපා කෑවත් බඩ පිරෙන්නේ නම් නැතිය. පාන් වලට සැට් වෙන්නේ බටර්, ජෑම් නොව පරිප්පු හොද්ද බව සෑමා ඉන්තේරුවෙන්ම දැන ගත්තේ බාල සන්ධියේදීය. එයටම මිරිස් හොද්දක් මික්ස් කොට පොල් සම්බෝල දැමූ විට රස යැයි අම්මා කීවත් එය කනකට නොගත්තේ සෑමාය. පසු කලෙක ඒලෙවල් කරන්නට ගම්පහ සමාධියට ගොස්, ඉන්ටර්වල් එකට ඉතා අපිරිසිදු කඩයකට පිටුපසින් රිංගා, කඩයේ කුස්සියේ හිටගෙනම, ප්ලාස්ටික් පිගානේ දමාගෙන පරිප්පු, මිරිස් හොඳි සමඟ පොල් සම්බෝල කන විට අම්මා කීවේ ඇත්තක් බව සෑමාට වැටහුණේය. එය සත්‍ය බව දැන සිටි අපේ උන් එම කුස්සියේ සිටම දෙසා බෑහ. ඉන්ටර්වල් එකට ලැබෙන කාලය අඩු නිසාත්, ගෙදර එන්නට බස් එකට සල්ලි වුවමනා නිසාත් පාන් බාගයකට සීමා වීමට අපට සිදු වූයේය.

පාන් අරුම පුදුම කෑමක් ලෙස සෑමා දැන ගත්තේ මෑත භාගයේ සිදුවූ සිද්ධියක් නිසාය. ලකස් සබන් කැටයේ මැද සඟවා රන් කාසි එවූ කාලයක් තිබුණේය. සබන් කෑල්ල අතුල්ලං යන විට එක පාරට රන් කාසිය මතු වන්නේය. එහෙම කාසි ලැබුනු එකෙක්වත් අහලා, දැකලාවත් නොතිබුණත් අපි ඒ කාලේ සබන් ගෑවේ පරිස්සමටය. රන් කාසියකට වුණත් ඇඟපත තුවාල කරගත නොහැකි නිසාය. එලෙසම පාන් අස්සේද තෑගි සඟවා එවූ කාලයක් තිබුණේය. එහෙම එකක් සැට් වූවේ අපේ ගමේ අංකල් කෙනෙක්ටය. ඒ රෝයල් බේකරියෙන්ය. එය සොයාගත් අංකල් තෑගිත් එක්කම හිරු නිවුස් වල සිටියේ මහත් ආඩම්බරයෙන්ය. රෝයල් යනු අපි ජුන්ඩි කාලයේ ඉදන් නම ගිය එකක්ය. තිබුණේ සහ තාම තියෙන්නේ ගෝනවලය. අපේ පැත්තේ උන්ගෙන් ඉස්කෝලෙ කොයිද බං ඇහුවාම “රෝයල්“ කියන උන් කට අරින්නේ ටිකක් බයෙන්ය. එහෙම කිව් එකෙක්ගෙන් නැවත අහන්නේ “ආහ්.. ගෝනවල රෝයල්ද?“ කියාය. ඒනිසා මේ පැත්තේ උන් ඉස්කෝලෙ රෝයල් කියන්නට මැලි වන්නෝය. කෙසේ හෝ අර කී වාසනාවන්ත අංකල්ට පාන් ගෙඩිය මැද තිබී තෑග්ගක් හම්බුණේය. පොර එය දුටු සැනින් කතා කර ඇත්තේ ගමේ PHI ටය. පොරත් සිද්ධියට මැදිහත්ව, පාන්ගෙඩිය මැද තිබූ රෝයල් එකේ පිත්තල යතුර සමඟ නිවුස් වලට පෙනී සිටියේ මහත් ආඩම්බරයෙන්ය. එහෙ තෑගි ලැබෙන්නත් පිං කළ යුතුය. අපට එහෙව් පිනක් නැත්තේය. එක පාරක් යකඩ ඇණයක් පමණක් තෑගි ලෙස ලැබුණා මතකය. එය සැනසිලි ත්‍යාගයක් නිසාම රූපවාහිණියේ පෙනී නොසිට අප කඩේ එකා හමුවී අම්මා මුත්තා පමණක් මතක් කොට ප්‍රීතිය බෙදා හදා ගත්තේය.

සෑමාට පාන් ගැන ලියන්නට හිතුනේ ඊයේ හවස පාන්, බනිස් හන්දියට ගිය නිසාය. සෑමාගේ හන්දියේ බේක් හවුස් නම් 5ක්ම ඇත්තේය. අඩියෙන් අඩියට ඇති බේක් හවුස් වලින් කුමකට යනවා දැයි ගෙදරදීම සිතාගෙන එළියට බැසිය යුත්තේය. නැත්තං අතරමංය. එහෙම හිතාගත් බේක් හවුස් එකකට ගොඩව සෑමා බනිස් ගෙඩි සැට් එකක්ද, රෝස් පාන් තුනක්ද ඉල්ලා සිටියේය. කඩේ එකා බඩු සැට් එක ෂෝ කේස් එක මත තැබුවේය. සෑමා මුදල් දී ෂෝ කේස් එක මත තිබු බැග් දෙකම අතට ගෙන එන්නට හැරුණේය. පැත්තක ප්ලේන්ටියක් ගසමින් සිටියේ යසපාල අංකල්ය. පොර කකුල් දෙක පද්දමින් ආතල් එකේ ප්ලේන්ටිය තොල ගාන්නේය. අංකල්ගේ ආතල් නොකඩා, අංකල්ට අමතා සැලුට් එකක් ගසා සෑමා එලියට පැන්නේය. ගෙදර විත් බෑග් දෙක චැක් කරද්දී බනිස් සහ රෝස් පාන් හතරක් සහිත එක මල්ලකුත්, තවත් මල්ලක තවත් රෝස් පාන් හතරක්ය. සෑමාගේ පපුව හෝස් ගා ගියේය. අහෝ මෙහෙව් හොරකමක් ලොවෙත් කිරීම මහා පාපයක්ය. පාන් යනු ජාතික වස්තුවක්ය. වහාම පාන් බෑග් එක ගෙන සෑමා කඩේට දිව්වේය. 

යසේ තාමත් ප්ලේන්ටියේ ආතල් එකෙන්ය. කඩේ එකා බිස්නොස් එකේය. සෑමා හිතුවේ කඩේ පත්තු වෙලා ඇති කියාය. කාටත් ගානක් නැත්තේය. පාන් එකේ හිමිකරු හෝ සද්දයක් දමන්නට කාලය ඇතිය. කඩේ එකාට බෑග් එක දුන් විට ඌ හොල්මන්ය. ගාණක් නැතිය. සෑමාගේ මූණ දිහා බලාගෙනම හිටියේය. “ඔයා කාට හිරි දීපු බෑග් එකක්, දාල ගිහින් වෙන්න ඇති.“ සෑමා පහදා දුන්නේය. “කමක් නැහැ මල්ලී, ඔතනින් තියල යන්න..“ කඩේ එකා කිව්වේය. යසේ පැත්තට හැරුණු සෑමා යසේට ස්ටෝරිය කිව්වේය. පොරටත් හිනාය. හිනාව අවසන් ටියුබ් ලයිට් එකක් මෙන් “ආ.. මගේ බෑග් එකත් ඔතනම තිබ්බා..“ කියා සොයන්නට වූයේය. සැමා උස්සන් ගොස් තිබ්බේ යසේගේ පාන් මල්ලය. පොරට ආතල් ඩබල් වූයේ තමන්ගේ බෑග් එක ලොකු ටුවර් එකක් ගොස් ආ නිසාය. ප්ලේන්ටි ආතල් එක පැත්තකින් තබා පුටුවෙන් නැඟිට යසේ පාන් මල්ල බදා ගත්තේ නිධානයක් ලැබුණා සේය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:50am_21/06/2015

29 comments:

  1. යකෝ අර අංකල් කාරයට රෝයල් බේකරියෙ ස්වර්ණමය යතුර ලැබිලත් මිනිහ කරල තියෙන්නෙ මහ අලුකුත්තේරු වැඩක් නෙ.

    නිකං හම්බෙච්ච රෝස් පාං හතර ගිලල දාන්නෙ නැතුව බොල් කරල තියෙන්නෙත් ඊට වැඩිය ගොං කමක්. යසපාල අංකල් වැඩි සීනි ප්ල‍ේන්ටියක් වෙන්නැති බිබී ඉන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. යතුර කටේ දාල හැපෙන්න ගියාම මල පනින්න ඇති බං. ඒකයි නිවුස් වලට දාන්න ඇත්තෙ.

      යසේ ප්ලේන්ටියක් ගගා හිටිය බොල. තේකුඩු පොට්ටනිය එල්ලගෙනම කෝප්පෙ ඇතුලේ :ඩී
      හෙන ගහනව ඩෝ පාන් හොරකම් කළාම.

      Delete
  2. අපේ ගෙවල් පැත්තට චූං පාං ත්‍රිරෝද රථ තුනක්ම එනවය. එයින් එකක එන්නේ ඔලොමොරෝන්දම් කාරයෙකි. රෝස්පාන් ඉල්ලුවම බනිස් දෙනවා, බනිස් ඉල්ලුවම කිඹුලා බනිස් දෙනවා.

    අම්මපා සෑමෝ, දර පෝරණු පාන් රස දන්නේ අපි වගේ පරණ පාන් කාරයන් පමණකිය. හොඳ වෙලාවට අර අපේ පැත්තේ එන චූං පාන් රථ වලින් එකක දර පෝරණු පාන් එනවාය. හැබැයි එනකොටම අල්ලා නොගත්තොත් සුරුස් ගාල ඉවර වෙනවාය.

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පෙ මේත් ඒමයි. ටූං පාං කාරයෝ වැහි වැහැලා. උන්ව අල්ලන්නෙ කෝමද බං යන යෑමට?

      උබලෑ බනිස් මාරු කරල දෙන බුවා නම් හවස අඩියක් පුඩියක් ගහල වැඩේට බහිනව ඇත්තෙ.

      අපේ සීයාත් පෝරණුවක් කළාලු බං. සියා හදන පුස්නාම්බු එහෙම නැගලා ගියා ඒ කාලෙ.

      Delete
  3. පාං ට්‍රිප්. උඹ ඉන්නේ බේකරිය පිටිපස්සේ ගෙදරද??

    ReplyDelete
    Replies
    1. නෑ බං. උබ කොහේ ගැනද කතා කරන්න‍ෙ

      Delete
  4. පාං නං එපා. කන්න බෑ බඩගින්නටවත්. අර සැන්ඩ්විච් පාන් නං කනව.

    ReplyDelete
  5. පාං නං එපා. කන්න බෑ බඩගින්නටවත්. අර සැන්ඩ්විච් පාන් නං කනව.

    ReplyDelete
    Replies
    1. පාන් එක්ක කොච්චර තරහද කියනව නම් රාජ් දෙපාරක් කමෙන්ට් එක දාලා :ඩී

      Delete
  6. අපෝ පාන් කාල විඳවන්න අමාරුයි මේ ටිකේ!

    ReplyDelete
  7. මට නං පාන් ගෙඩිය අස්සෙ තිබිල තෑගී වශයෙන් හම්බවෙලා තියෙන්නෙ ගෝනි ලනුවක් විතරයි.

    ReplyDelete
    Replies
    1. පිටි ගෝනියකින් එන්න ඇති..

      Delete
  8. අල බෝලයේ සැඟවුණු හුනෙක් එකෙක්ට තෑගි වශයෙන් ලැබේන මොහොතක අපේ තාත්තාත් ඒ අවස්ථාවට සහාභාගි වෙලා හිටියා එක වතාවකදි.

    ReplyDelete
    Replies
    1. නොකන හූනා කැවා නම් මැරෙනවා බං..

      Delete
  9. //දැන් නම් පාන් රාත්තල පෙති දෙකකට කපා කෑවත් බඩ පිරෙන්නේ නම් නැතිය.//

    ඔව් බං, මටත් චිකන් කරියක් සැමන් කරියක් වගේ එකක් එක්ක නම් පාන් රාත්තලක් කිසි ගින්නක් නැතිව ඇදල දාන්න පුළුවන්. දැන් පාන්වල හැටිද මගේ බඩේ හැටිද මන්දා.

    ReplyDelete
    Replies
    1. පාන් වලටම දොස් කියන්න එපා බං. උබෙත් වරදක් තියෙනවා ඔතන !

      Delete
  10. මට තෑග්ග ලැබුනේ පාන් වලින් නොව කිබුලෙක්ගෙන්ය. මොකක් ගත්තත් ලොකුම එක ගන්න පුරුදු වී සිටි මම පොඩි එකා. උදේම ඉස්කෝලේ යන්න කලින් ගේ ඉස්සරහා කඩෙන් කිඹුලෙක් ගත්තේය. කිඹුලන් අතර සිටි හොඳ බඩ මහත එකාවම තෝරාගත් මම මොකෙක් හෝ ආවොත් කැල්ලක් දෙන්න වෙන නිසා කෙලින්ම කිඹුලාත් එක්ක ගියේ කඩේ පිලිකන්නටය. ඕනෑම කිඹුලෙක් තප්පර කීපයකින් අතුරුදහන් කිරීම සිම්පල් කේස් එකක් නිසා කෙලින්ම ගේමට එන්ටර් විය. කිඹුලාගේ බඩ හරියට එද්දී රසයේ වෙනසක් සමග තෙත ගතියක් දැනුනත් ඒ ගැන නොසොයා ඇදලා ඇරියේ ඉස්සරහා ගෙදර රුවනා එයැයි බලමින්ය. ඊළඟ කැල්ල කද්දී මහා වහතු රසක් ආ නිසා බඩ පලා බැලු කල කිඹුලා ගෙම්බෙක් ගිලලාය. මටනම් ගානක්වත් නැතිය. කෙලින්ම ගිහින් කඩේ පප්පාගේ මෙසේ උඩින් තබා ආපහු ඇවිත් වෙනත් කිඹුලෙක් තෝරා ගත්තා පමණි. වැඩට යන්න ඇවිත් හිටි පිරිසත් සමග කඩේ පප්පා ඉන්වෙස්ටිගේසන් එක කොරන අතර මම අනිත් කිඹුලාට වග කියමින් සිටිද්දී ඔලුව පිටිපස්සට පටාස් ගා පාරක් වැදිණි. "ඇ යකෝ තොට අප්පිරියාවක් කියලා දෙයක් එහෙම ඇත්තෙම නැද්ද " ඒ අපේ තාත්තාය.

    ReplyDelete
    Replies
    1. මේකා මාර බඩුවක්නෙ. ගෙබි ගාතයක් කද්දි බොට අප්පිරිය හිතුනෙ නැද්ද යකු. ඉස්සර මාළු බනිස් ඇතුලේ ගැරඩි කෑලි කපල දාල එවනව කියල කතාවක් තිබිලා, මම මාළු පාන් කෑවෙ ඇතුලෙ තියෙන තඩි ලූණු කෑලිත් අයින් කරලා. තියෙන අප්පිරියාවට. මේකා දැක දැක ගෙම්බෙක් ගිලල නේ..

      Delete
  11. අපේ ගෙවල් වලත් අපි හැදෙන වයසේ අපිට නොසෑහෙන්න පාන් ගිල්ලෙව්වා. ටික කාලයක් යද්දී අපිට පාන් කියා ගන්න බැරි මට්ටමට ආපු නිසාත්, ටැංකියේ ගෑස් මගේ බඩට ආපු නිසාත් දැන් ආසාවකටත් පාන් කාල ජිවත් වෙන්න බැහැ. ඇත්තටම කිසිම ආසාවක් නැහැ පාන් කන්න.
    නිකමට හරි පාන් කනවනම් කන්න ඕනේ බත් එකක් හවුලේ.
    පාන් වල නියම ආතල් එක උඹල අරගෙන තියෙනවද දන්නේ නැහැ, කිතුල් පැණි එක්ක රෝස් පාන් කාල තියෙනවද. අන්න කෑම...

    අපේ ඔපීසියේ එන්න ගෑණු මනුස්සයෙකුට වතාවක් පෙරේරා ඇන්ඩ් සන් එකෙන් ගෙනාපු කේක් කෑල්ලක තිබිලා මී අන්ඩක් තෑගී විදිහට හම්බවෙලා ලොකු උත්සවයක් එහෙම අරගෙන තිබ්බා...

    ReplyDelete
    Replies
    1. මට පැණි රස නම් අප්පිරියය. අයිසින් කේක් කෑල්ලක් වත් මනාපයෙන් නොකන මා කෙසේ නම් පාන් සමඟ පැණි කන්නද? ලුණු මිරිසක්, කට්ට සම්බෝලයක්, ගැන කීවා නම් සලකා බලන්නට හැකි ය.

      අම්මද බොල, මී කකුලක් කියන්නෙ ලොකු උත්සවයක් ගන්නම හේතවක් නේ, පෙරේරා එකේ එච්චර කොලිටි අඩුයිද බොල, කොයි ශාඛාවෙද දන්නෑ???

      Delete
    2. කොළඹ 03, 04 අවට සාකාවක් බොලව්...
      මීයගේ ඉතුරු කකුල් තුනයි, නැට්ටයි, ශරීර කොටස් ටිකයි ලැබුණු මිනිස්සු ගත්තු උත්සව මොන වගේ වෙන්න ඇද්ද කියල හිතෙන් හිතා ගත්තනම් හොඳ ආතල් එකක් ගන්න ඇහැකි...

      Delete
  12. පාං කන්නට කැමැත්තක් නැත
    ඒත් මෙහෙ තියෙන්නේ නං දර පෝරණු පාං ම ය... බෝඩ් ගහන්නට වුවමනාවක් නං නැත.. ඒත් පාං වලට ඒ තරං මාකට් එකක් නැතිය... ගමේ හන්දා වෙන්නටත් පුලුවන ඒ නැතත් අපි වගේ තුං වේලෙන් මොනම වේලකට වත් පාං කෑල්ලක් බඩට දාගන්නට අකමැති වුං වැඩි හන්දා වෙන්නත් පුලුවන හිහි

    ReplyDelete
    Replies
    1. මට නම් දවල් ඇරුණම බත් කන්න බෑ කම්මැලී බං උදේ, රෑට..

      Delete

  13. WOW.LK එකේ තියෙයිද දන්නෑ පාං එක්ස් රේ කොරන්ඩ පුලුවං පොඩි ගැජට් හෙම.

    ReplyDelete
  14. සුදු පාන් එක්ක සම්බෝල ඕන වෙලාවක කන්න පුළුවන්. හොඳ ෆ්‍රෙන්ච් දිග රෝල් පාන් එකයි පරිප්පුයි ඇඹුල් තියල් මලුයි හොඳට නැගල යනවා.
    http://nelumyaya.com/?p=3218

    ReplyDelete
  15. සෑමා **කා පාන් වලට අමතරව වෙනත් පාන් කන බව දැනගත්තේ අදය හිකිස්ය

    ReplyDelete
  16. සමාධිය පිටිපස්සෙ ඔය කඩේට අපිත් ගියා 98 දි දෙවෙනි පාර ඒලෙවල් කරද්දි. අපි ගිහිං රොටි කාලා, සිංදුවක් කියලා නටල එහෙම එනකොට පොලිටිකල් සර් (සේනාධි අතුකෝරළ) ඔරෝගෙන බලං ඉන්නවා.

    පාං ගෙඩියක සැඟවුනු බීඩියක් ගැන දවසක් කියන්න ගිහිං, බේකරි කාරයා බීඩියටත් සල්ලි ඉල්ලුවයි කියලා කතාවක් තිබුණා.

    එක සැරයක් සම්පතුයි, සෝබනයි මා දවල්ට කන්න පාං ගෙඩි දෙකක් ගෙනල්ලා, සම්බෝලයක් හදන අතරෙ සම්පතා පාං ගෙඩි එකහමාරක් ම කෑවනෙ නිකං. පසම්බෝලෙ හැදුවට ස්සෙ උන් දෙන්නට පාන් කාල, කාල කපලා සම්බෝල එක්ක කන්න දීලා, මං බත් කෑවා... :-)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...