Tuesday, March 11, 2014

රෝහල් ගත වීමේ සතුට... - Happiness of Hospitalization !!!



සෑමා පුංචි කාලයේ රෝහල් ගතව ඇත්තේය. ඒ ලැජ්ජ නහරය කපා දැමීමට නොව උන්ඩුක පුච්චය ඉවත් කිරීමටය. ඒ සෑමා අට වසරේ සිටි කාලයය. අට වසරේ කොලුවෙකුට ලමා රෝහලේ ඇඩ්මිට් විය නොහැකිය. එවන් අයෙකුට හිමි වන්නේ මහ රෝහලය. එවිට ගෙදර කස්ටියට රෝගියා ලඟ සිටිය නොහැකිය. එසේ සිටිය හැක්කේ රෝගයේ බරපතලකම මතය. එහෙත් එදා සෑමා බඩයන්නට බෙහෙත් බී අවසන එය නැවතී බඩේ ලෙඩේ දරුණු වූ කළ තව දුරටත් පරීක්ෂා කිරීමේදී රෝග විනිශ්චය වූයේ appendicitis ය. itis යනු "inflammation" ය. appendic යනු appendix ය. අවසන appendicitis යනු inflammation of the appendix හෙවත් උන්ඩුක පුච්චය ආසාධනය වීමය. එදා සෑමා බැලූ වඩුවේගම දොස්තර මහත්තයා කීවේ මේ ලමයා ලඟ අම්මාට ඉන්නට හැකි වන්නට ලමා රෝහලට යොමු කරමු කියාය. අවසන සෑමා පුංචි cot එකක් අස්සෙන් දෙකකුල් එලියට දමමින් පද්දමින් සිටියේ ලමා රෝහලේය. පහුවදාම පුච්චිය කපා ඉවත් කොට ගෙදර එව්වද නැවත මැහුම් දැමූ ස්ථාන ආසාධනය වීමෙන් සැත්කමට වඩා දුකක් මාසයක් පමණ ලමා වාට්ටුවේ විදින්නට වූයේය. එහා ඇදේ සිටි පිලිස්සුම් තුවාල ලද කෙල්ලෙකුගේ විලාපය, රෝහල ඇතුලේ අත පය කඩා ගත් පොඩි උන්ගේ වේදනාව දැක, ඒ කාලයේ අමිහිරි අත්දැකීම් වලින් සෑමා ඉත සිතින් පැතුවේ අනේ කාටවත් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නට තරම් කරදරයක් නොවේවා යන්නයි.

මේ අතර බොහෝම සතුටින් රෝහල් ගත වන්නාවූ පිරිස්ද සිටින්නෝය එයින් ප්‍රමුඛ වන්නේ හොරුන්ය. අධිකරණය මගින් හොරුන් යැයි, වරදකරුවන් යැයි ප්‍රකාශයට පත්වන්නාවූ පිරිස් වහාම රෝහල් ගත වන්නෝය. ඒ ඔවුන්ගේ ආරක්ෂාව සඳහාය. අපරාධ කරන තුරාවට හෙම්බිරිස්සාවක් හෝ කිවිසුමක් හෝ නොගිය අය උසාවියෙන් වරදකරුවන් වූ පසු කිසියම් දරුණු රෝගයක් නිසා රෝහල් ගත වන්නේ ඉතා සතුටින්ය. ඒ සඳහා ලොකු තැන්වලින් ලැබෙන අනුග්‍රහයද නොමදය. එලෙස සිත් තොසින් රෝහල් ගත වී කිසියම් මානසික ව්‍යාධියක් කියමින් ටිකට් කපාගෙන යන්නේ හිර ගෙදරට නොවේය. තමන්ගේම නිවසටය. ඒ කියන්නේ රෝහල ඔවුනට සුර ලොවක් වන්නේය. නිදහස ලබා ගැනීමේ එකම ක්‍රමය වන්නේය.

එහෙත් රෝහල් ගත වීමට කාලාන්තරයක් පෙරුම් පුරන්නාවූ පිරිස් සිටින්නෝය. ඒ දැනට තමා ඉන්නාවූ වේදනා බර රෝගී තත්වය සුව අතට හරවා ගැනීමේ අරමුණින්ය. නැතිනම් මෙලෝ මිනිහෙක් හොස්පිට්ල් යාමට පෙරුම් පුරන්නේ නැතිය. යශෝධා, ඇය සිහිනයක් දැක්කාය. තමා සිටින තත්වය හොඳ අතට හරවා ගැනීමේ අධිෂ්ඨානයෙන් ඇය කටයුතු කළාය. ඒ රෝද පුටුවක හිදගෙනය. ඒ සිහිනය දකින්නට ඇයට තව දුරටත් ඉඩ නොතබන්නට සියල්ලෝම කටයුතු කළෝය. ඒ ඇගේ සැත්කම සදහා අවශ්‍ය මුල්‍යයමය කටයුතු සම්පාදනය කරන්නටය. ලක්ෂ 45ක් අතින් ගෙන ඇය රෝහල් ගත වූයේ ඉතා සතුටින්ය. තමන් සිටින තත්වය එහි අසීරු බව ගැන සිතනා කළ ඇය රෝහල් ගත වූයේ ඉක්මනින් සුවය ලබා සාමාන්‍ය දිවියක් ලබන්නටය. නීරෝගීවන්නටය.

කිසිවෙකු රෝහල් ගත වූ බැව් කී විට අපට අනේ අපොයි කියවෙන්නේය. එහෙත් ඇය රෝහල් ගතවූ බවට ඇය දැමූ ස්ටේටස් එකට ලයික් දැමූ පිරිස බලාපොරොත්තු වූයේ ඇය වෙනුවෙන් සතුට සමරන්නටය. මෙතුවක් අපහසුවෙන් ගත කළ ජීවිතයට සමුදි ඇය නව ජීවයක්, ලබන්නට සැරසෙන්නීය. ඒ වෙනුවෙන් ලද සතුට සමරන්නට පිරිස් එක් රැස් වූවෝය. අද උදෑසන ඇය සියළු පරීක්ෂණ අවසානයේ සැත්කමට බඳුන් වන බවට ඇය අප දැනුවත් කළාය. එතැන් පටන් දැන් පැය කිහිපයක් ගත වී ගොස්ය. ඇය රෝහල් ගත වූයෙන් අප ලද සතුට දෙගුණ වන්නේ ඇගේ සැත්කම අවසානයේ ලැබෙන ප්‍රථිඵලය මතය. එය ඉතා සාර්ථක වන බව සහතික බව සියළු දෙනාම ප්‍රාර්ථනා කළෝය. ඒ අනුව ඉක්මනින් ඇය පිළිබඳ විස්තරයක් ලැබෙනා තුරු අප බලා සිටින්නෙමු.


23 comments:

  1. ඇයගේ ශල්‍යකර්මය ඉතා හොදින් සාර්ථක වේවායි පතමි :)

    උබේ උණ්ඩුක පුච්චය විතරද බන් කැපුවෙ? :D

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මටත් හැකයි...!

      Delete
  2. පෝස්ට් එක නං හොඳයි,ඒ වුනාට උඹ සිංහල භාෂාව හරියට ලියන්නෙ කවදද.

    ReplyDelete
  3. ඇයගේ ඒ කටයුතුත් සාර්ථක වේවා කියා පතමි !

    ReplyDelete
  4. සුබපතමි. සියලු දේ සාර්ථක වේවා....!

    ReplyDelete
  5. අති සාර්ථකව සැත්කම නිමවා......ඉක්මන් සුවය ලැබී .....යතා තත්වයට පැමිණේවා...!!!

    ReplyDelete
  6. ඇයට නිදුක්, නිරෝගී සුවය අත්වේවා !!

    ReplyDelete
  7. ඉක්මන් සුවය ලැබේවා කිව්වා එහෙනම්

    ReplyDelete
  8. ඉක්මනට සුවය ලැබේවා...

    ReplyDelete
  9. අපිත් බලා ඉඳිමු හොඳ ආරංචියක් අහන්න. අලුත් තොරතුරක් ලැබුනාම අප්ඩේට් කරපංකෝ.

    ReplyDelete
  10. සියලු දේම හරියාවි යැයි පතමු.

    ReplyDelete
  11. ෆේස්බුක් එකේ ලයික් බට්න් එක ඇත්තම ඇත්ත සතුටකින් පාවිච්චි කරන්න කළාතුරකින් ලැබෙන අවස්ථාවක්... අනිත් වෙලාවට මේකට ලයික් නෙවෙයි අන්ලයික් බට්න් එකක් තමයි හරිනං වැඩිපුරම ඕනෙ වෙන්නෙ කියලනෙ හිතෙන්නෙ....

    ඇයට ඉක්මණින් සුව වේවි...

    ReplyDelete
  12. දැනුවත් කලාට පින් සෑමා.
    ඇයට පූර්ණ නිරෝගී බව ලැබේවා කියා අපි පතමු.. දහසක් අයගේ පැතුම් ඒ සමගයි..

    ReplyDelete
  13. ඔය පුච්චේ කපන්ඩ මාත් ලමාරොහලේ හිටිය නේව, ආ නිරෝගී සුව පැතු පනිවුඩයත් දීපන් අර දැරිවිට..!!!

    ReplyDelete
  14. ඇය සම්බන්ද සතුටුදායක පුවතක් ලැබෙවා කියා පතනව.

    ReplyDelete
  15. ඉක්මණටම සුවය ලැබෙන්නට ඇයට ප්‍රාර්තනා කරමි මමත්

    ReplyDelete
  16. අපේ ප්‍රාර්ථනය ඉක්මන් සුවයයි !!

    ReplyDelete
  17. ඇයට ඉක්මන් සුවය ලැබේවා... !!!
    තෙරුවන් ගුණයෙන් කිසිදු රෝග පීඩාවකට ලක් නොවේ ව...!!!

    ReplyDelete
  18. ඇයට ගතට සවියත් හිතට සතුටත් ලැබේවා!!

    ReplyDelete
  19. ඔබට ඉක්මන් සුවය ලැබේවා දියණියනි

    ReplyDelete
  20. ඇයට ඉක්මන් සුවය ලැබේවායයි පතමි සියලු දෙවි රැකවරනයෙන්

    ReplyDelete
  21. අපිත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...