Google+ Followers

Wednesday, March 19, 2014

මිණුම් දඬු සම්බන්ධවයි.. - About Measurements !!




පාසල් කාලයේදී මිණුම් දණ්ඩ කියූ විට අපේ පන්තියේ කොල්ලෝ සැට් එක සිනාසුනෝය. ඒකට හේතුව ටීචර් සෙවූයේ කුඩා දැරිවියක සේය. නමුත් “දණ්ඩ“ යන වචනය සතුව ගැඹුරු අසමජ්ජාතී අරුතක් ගැබ්ව ඇති බව ඒ වයසේ සිටි කොල්ලන්ට තේරුනෝය. ඒ නිසාම ටීචර් දණ්ඩ කියමින් පන්තිය ඉදිරිපිට සිටින විට කොල්ලෝ සිනාසුනෝය. අපේ සියලාගේ කාලේ නම් මිණුම් දඩු දැන් තරම් සරල නැතිය. ඒවා මහා සංකීර්ණ ඒවාය. යාර, හැතැප්ම, හෙක්ටයාර, ආදී ලෙස තිබූ ඒවා සංකීර්ණ ඒවාය. එහෙත් දැනට පවතින මිලි මීටර, සැන්ටි මීටර, කිලෝ මීටර ආදී ඒවා භාවිතය පහසුය. ඒවා සුද්දාගේ ඒවාය. ඒ නිසා 10, 100, 100 ආදී ලෙස වෙනස් වන්නේය. සීයලාගේ කාලේ ඒවා වෙනස් වූයේ කැඩිච්ච ගණන් වලින්ය. ඉතිං සීයලා සංකීර්ණ මිණුම් දඬු ක්‍රමයකටත්, අපි හෙවත් මුණුපුරන් සරල මිණුම් දඬු වලට හුරුව ඇත්තේය.

ටීචර් අපිට මුල්ම කාලයේ කියා දුන්නේ අඩි කොදුවෙන් මිණුම් ගන්නා හැටිය. ඒ කාලේ තිබුනේ භාගේ අඩි කෝදුවක්ය. ඒ කියන්නේ අඟල් හයේ එකක්ය. එය සැන්ටිමීටර 15ක්ය. අපිව එක වසර පන්තියට භාර දෙද්දී ලබා දුන් පොත් ලැයිස්තුවේ අඩුම කුඩුම අතර තිබ්බේ මීටර කෝදුවක් ගේන්න කියලාය. පන්තියේ ඉන්න සැට් එකේ දෙමව්පියෝ සියල්ලෝම මීටර කෝදු පන්තිභාර ටීචර්ට භාර දුන්නෝය. ඒවා ඊට පස්සේ අපිට දකින්නවත් නොලැබුනේය. එහෙත් ටීචර් පන්තිය නිෂ්ශබ්ද කරන්නට නම් ඒවා පාවිච්චි කළාය. ඒ මේසයට තඩි බාන්නටය. දඩස්, දඩස් ගා මීටර කෝදුවෙන් මේසයට ගසනා විට පන්තියම සයිලන්ට්ය.


ආරම්භක විද්‍යාව කාලයේ අපිට පන්තිය වටේ, පාසල වටේ දුර මනින්න කියා ටීචර් කීවාය. එවිට අපේ එවුන්ගේ ඇස් උඩ ගියේ “යකෝ මේ පුංචි කෝදුවෙන් කෝමද ඉස්කෝලෙ ඉඩම මනින්නේ“ කියා සිතමින්ය. ඒ හැරත් බිම දිගේ කෝදුවකින් මැනීම අපහසු බව අමුතුවෙන් කිව යුතු නැතිය. ඉන්පසු ටීචර් කීවේ ඒකට වෙනම ගැජට් එකක් තියෙනවා කියාය. එය කරත්ත රෝදයක් වගේ එකක්ය. එයට මිටක් ගසා ඇත්තේය. එය රැගෙන පන්තිය වටේ තල්ලුකරගෙන යද්දී රෝදය වටයක් කැරකෙද්දී කටස් සද්දයක් ඇසෙන්නේය. එම කටස් ශබ්ධ වාර ගණන හෙවත් වට ගණන ගණන් තබා ගැනීමෙන් දුර මැනිය හැකිය. එය කෝදුවක් රැගෙන වත්ත වටේ දුවනවාට වඩා පහසු ක්‍රමයක් වූයේය. වරක් ඇන්ටනා බටයක උස මැන ගැනීමට අවශ්‍ය වූ විටක එය බිමට පහත් කොට, බටයේ දිග මනින්ට සිදු වූයේය. එවිට අපේ එකෙක් කීවේ බටයේ උස මැනිය යුතු තැනදී බටයේ දිග මැනීම වැරදි බවක්ය. ඔහුට ගණනය කිරීමට අවශ්‍යව තිබුනේ උස මිසක බටයේ දිග නොවන බවත් හෙතෙම කීවේය. පසුව අපේ තවත් එකෙක් කුණුහබ්බ දෙකක් සමඟ ඔහුට කීවේ “තොට ඕනෙ නම් බටේ දිගේ බඩ ගාලා උස මැනපං, අපි යට ඉදන් බටේ කෙලින් කරන් අල්ලන් ඉන්නම්“ කියාය. මිතුරාගේ කට වැහුනේ එවිටය.


අපි පසු කාලීනව එළැඹුනේ කවකටු, කෝණමාන, බෙදුම් කටු යුගයටය. ඒ කාලේ කවකටු පෙට්ටිය ජාතික මෙහෙවරක් ඉටු කලේ මිණුම් කටයුතු සඳහා නොවේය. පන්තියේ බජව් දැමීමේදී සංගීතය සපයා ගැනීමේ කාර්යයේදී කවකටු පෙට්ටිය මහා ජාතික මෙහෙවරක් ඉටු කළේය. එසේම එම උපකරණ ආශ්‍රිතව විවිධ ක්‍රිඩාද බිහි වූයේය. බෙදුම් කට්ටෙන් ඉලක්කයට ගැසීමේ ක්‍රීඩාව ඉන් එකක්ය. එලෙස අංශක ආධාරයෙන් කෝණ මැනීම ආරම්භ වී ටීචර්ද පන්තියට තඩි කෝණමාන, කවකටු ගෙනාවාය. ඒවා කළු ලෑල්ලේ ඇඳීමට තරම් විශාල ඒවාය. කවකට්ට ඇතුලට හුණු කූර දමා කළු ලෑල්ලේ ඇඳීම ඉතා ආතල් වූයේය. ටීචර් ඇඹරෙමින් කළු ලෑල්ලේ අඳිනවා අපේ එවුන් බලා සිටියේ මහා කෑදර කමකින්ය. ඒ මිණුම් දඬු පිළිබඳව වූ ආශාවක් නිසාම නොව, ගණිතය කාලපරිච්ඡේදය කට් කිරීමට තරම් සිතක් පහළ නොවන මට්ටමට ටීචර් ලස්සන වූ නිසාය.



පසු කාලීනව මිනුම් සරා, වර්නියර් කැලිපර, ගෝල මානය, මයික්‍රෝ මීටර ඉස්කුරුප්පු ආමාන අදිය යොදාගෙන මහා පෙරලියක් කරන්නට වූයේ උසස් පෙළ සමයේය. ඒ කාලයේ ප්‍රස්ථාර පොතක් රැගෙන විද්‍යාගාරයේ කරපු කෙලි මතක් වෙද්දී මොලේ මඤ්ඤං වන්නේය. ඇත්තටම එම විශයන්ගෙන් බැහැර වූ කලෙක සාමාන්‍ය ජීවිතයේදී භාවිතයට නොගැනෙන එවන් දේවල් මොකට ඉගෙන ගත්තා දැයි හැගෙන්නේ එම විශයන් ගෙන් බැහැරව සාමාන්‍ය ජීවිතයට ආ කළෙකය.

අපේ රටට දැන් උදාවී ඇත්තේ මිණුම් දඬුවල පුදුම සහගත යුගයක්ය. ඉස්සර සැතපුම් කණු තිබූ කාලයේ වේගය මැන්නේ පැයට හැතැප්ම කියාය. පසුව එය කිලෝමීටර වලින් මැන්නේය. දැන් දුර මනින්නේ කාලයෙන්ය. එහෙමත් නැත්තම් “සුටුස්“ වලින්ය. මම සුටුස් ගාලා එන්නම් කියා යන උන් ඒ කාලේ නැවත ආවේ දවස් ගණනකට පසුවය. එහෙත් දැන් කඩුවෙලින් හයි-වේ එකට දැම්මාම සුටුස් ගා මාතරය. එහෙමත් නැතිනම් පෑලියගොඩින් හයි-වේ දාන උදවිය සුටුස් භාගයෙන් කටුනායකය. ඒවා හොඳ වැඩය. දිනක් “සුටුස්“ ගා යන කතාවක් දිග ඇදුනේ කඩයක් අසලදීය.


“දැන් බලන්න කිසි ගින්නක් නැතුව අපි සුටුස් ගාල යනවනේ මාතර...“

“අහ්.. දැන් මාතරටම හයි වේ එක තියෙනවද??“

“නැතුව.. මෙහෙන් කඩුවෙලට දැම්මා සුටුස් ගාල මාතර.. එහෙන් පෑලියගොඩින් සුටුස් ගාල කටුනායක...“

“එතකොට ඔයා මේ බයික් එකේ සුටුස් ගාල යනවද??“

“බයික් එකෙන් අපිට සුටුස් ගාන්න හම්බෙන්නෙ නැහැ අයිසේ.. වාහනයක් අරගෙනම ගිහින් තමා සුටුස් ගාන්න වෙන්නෙ...“

සුටුස් ගෑම එසේ තිබියදී මලින්ද මාමා නම් කීවේ ඉස්සර අපේ රටේ වේගය මැන්නේ පැයට කිලෝමීටර වලින් බවත් දැන් මනින්නේ තප්පර සහ විනාඩි වලින් කියාය.

එවිට පැත්තක සිටි අයෙක් කට කොනින් කීවේ “ඔව් සර්.. දැන් අපේ ගෙදරට බඩු ගේන්නෙත් කිලෝ ග්රෑම් වලින් නෙවේ.. ග්රෑම් වලින්...“ කියාය.

Written_bY_sAm_ශ්‍රී_Perera_7:03am_19/03/14

56 comments:

  1. ඔව් ඉතිං බොට මේ ලගදි මිලියන බාගයක්ම කෙටුවේ.. අපි මනින්නේ ඒවයින්.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒ කෙටිල්ලට ඇඟපතත් රිදෙනව බං..

      Delete
    2. හැක් හැක්.. බැන්දට පස්සේ මනින්නේ වෙන කෝදුවකින් නේ..

      Delete
  2. හමුදාවේදී දෙන රැග් එකේදිත් අර ආරම්භක විද්‍යා පාඩමේදී වගේ කෑම්ප් එක වටේ මනින්න දෙනවා. එක මිණුම් වර්ගයක් තියනවනේ සැතපුම් = mile. ඉතින් අපිටත් හම්බ වෙනවා මයිල් කීයද කියලා මනින්න කෑම්ප් එක වටේ. හැබැයි තමන්ගේම මයිල් ගහකින් මනින්න ඕනේ. ඒ මයිල්ගහ තමන්ම ගලවලා පෙන්නන්න ඕනේ. කොතනින්ද ගලවන්නේ....................................................???????????

    ReplyDelete
    Replies
    1. අඩේ.. මයිලක් කොච්චර වටිනවද කියල තේරෙන්නෙ එතකොට :)

      Delete
  3. අනෙක් රටවල ඔය මිනුම් දඬු වෙනස් උණාට අමෙරිකාව නම් තාම පාවිච්චි කරන්නේ පරණ ඒවානේ?

    ReplyDelete
    Replies
    1. ඒමද? අපි ඇමරිකන් විරෝධී නිසා වෙනස් ඇති ;)

      Delete
  4. ඇයි උසස් පෙළට අලුතෙන් ඉස්‍කෝලෙට එන එවුවො ලවුව ගිනිකූරකින් ලැබ් එක වටේ මැන්නෙවුව ඒවත් මේකට අදාලය.
    අනේ අම්මප අර ගෝලමානෙ කියපු එකනං ‍මොකට හදපු එකක්ද මංද.

    හයිවේ එකේ සුටුස් ගාල අනික් පැත්තෙං මතුවෙන්නනං වාසනාවත් තියෙන්න ඕනෑය. නැත්තං පටොස් ගා ආරක්ෂිත වැටේ ඇමිණී සිටිය හැකිය.

    ReplyDelete
    Replies
    1. ප්‍රසාත් රැග් දෙන්න ඔස්තාර් කෙනෙක් නේ...
      ගෝල මානෙ මටත් දිරවන්නෙ නැති අයිටම් එකක් බං..

      Delete
  5. ඇයි බන් පිටකලපාසය ඇතුල් කලපාසය කියලත් තිබුන නේද මෙකක්ද එකක්.ඇයි රුපියල්වලිනුත් දුර මනිනවනෙ දැන්.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං කලාප කතාව?

      රුපියල් වලින් විතරක් නෛව, කැසට් පීස් වල සිංදු ගණනින් දුර මැන්නා බස් වලදි :)

      Delete
    2. කලපාසය කියන්නෙ මචන් අරය මනින්න හදපු උපකරනයක් නේද

      Delete
  6. ඔය කවකටු පෙට්ටියෙ තියෙන අයිටම් දකිද්දිත් මට මල... ඇයි යකෝ ජ්‍යාමිතිය... තූ....

    ReplyDelete
    Replies
    1. ජ්‍යාමිතිය ආතල් බං..

      Delete
  7. ශා... කවකටු පෙට්ටිය කියන්නේ මගේ ජනප්‍රියතම උපකරණයක්.. කවකටු පෙට්ටියක් කැම්පස් එකේදිත් හම්බ උනා. ඒ මැශින් ඩ්‍රෝවින් අඳින්ඩ ඒක මරු !

    ReplyDelete
    Replies
    1. කැම්පස් ඒකේ නම් පෙට්ටි නොසෑහෙන්න නේද බං?

      Delete
  8. ඔය රාත්තල් අඩි හැතැප්ම ක්‍රමයට කියන්නේ ඉම්පීරියල් සිස්ටම් එක කියලා නේද සෑම්? ඒකත් සුද්දගේ තමයි. ඔය මෙට්‍රික් අහවල් ඒ මම හිතන්නේ පටන් ගත්තේ ප්‍රංශෙන්.
    එතකොට තවමත් අමෙරිකාවේ පාවිච්චි කරන්නේ රාත්තල් හැතැප්ම ගැලුම් තමයි. හැබැයි ඉම්පීරියල් ගැලුමයි, US ගැලුමයි පොඩ්ඩක් වෙනස්.

    ReplyDelete
    Replies
    1. ඔව්.
      ඒ අමතරව සෑම් හෙක්ටයාර් පරණ ගොඩට දාල තිබුනට ඒකත් මෙට්‍රික් ක්‍රමයට අයිතියි.
      මම හිතන්නෙ ලන්කාවෙ මුලින්ම යොදා ගත්ත මෙට්‍රික් මිණුම් ඒකකය හෙක්ටයාර් වෙන්න ඕනෑ

      Delete
    2. ස්තුති හෙන්රි & ප්‍රා ජේ.

      පොඩි වෙනස් වීමක් වෙන්නෝනි මයෙ හිතේ..

      Delete
    3. ඔව් ඇමරිකන් සුද්දා තාම පාවිච්චි කරන්නේ හැතැම්ම, අඟල්, අඩි, යාර..කොටින්ම උගේ A4 කොලෙත් මහ කොහෙටවත් නැති අට මගලයක්...

      Delete
  9. වල හිතට කෝකත් වල කියල ටීචර් ට නොතේරෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ටීචර් දන්නවා. හැම දේම ;)

      Delete
  10. මොකද මේ එක පාරට කිරුම් මිනුම් මතක් වෙලා. දැන් කඩේක ණයට බඩු කිරනවා වත්ද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සෑමට දිග සම්බන්ධ ප්‍රශ්නයක් තියනවලු :D

      Delete
    2. දිග වැඩි වීම ගැනද?

      Delete
  11. //එවිට අපේ එකෙක් කීවේ බටයේ උස මැනිය යුතු තැනදී බටයේ දිග මැනීම වැරදි බවක්ය// උබ නේද ඕක කිව්වෙ :D

    ReplyDelete
    Replies
    1. ඔය වගේ සීන් හොරෙන් අහපං බං.. ;)

      Delete
  12. මිනුම් දණ්ඩෙන් ගොඩ වෙලා ටොක්කක් ඇන්න ද ...? මේ චන්ද කටේ.....එහෙං ජිනීවා...... පවූ මලින්ද මාමී ඊඊඊඊඊඊ ........

    ReplyDelete
    Replies
    1. ඡන්දෙ නම් කටේ තමා බං..

      Delete
  13. //ඔව් සර්.. දැන් අපේ ගෙදරට බඩු ගේන්නෙත් කිලෝ ග්රෑම් වලින් නෙවේ.. ග්රෑම් වලින්...“ කියාය.//

    මෙහෙම ගියොත් තව ඉස්සරහට ගෙන්න වෙන්නේ මිලි ග්‍රෑම් වලින් තමා,
    ආශ්චර්ය.... සෑමෝ. ආශ්චර්ය...... ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. හිකිස්...

      ජය වේවා..

      Delete
  14. කවකටුව තවත් වැඩකට පාවිච්චි කරා මතක නැද්ද ඉස්සරහ ඉන්න එකාගෙ පස්සට අනින්න හික්ස් සුටුස් ගා හයිවේ එකෙන් ගියොත් ඉතින් පටස් ගාලා දඩ තමා

    ReplyDelete
    Replies
    1. කවකටුවෙවන් පුකට ඇනීම... මේ ගැන මම කතාවක් ලිව්වා මචං.

      කවකටුවද? ඉඳිකටුවද වගෙයි මතක...

      ජය වේවා..

      Delete
  15. සුදු වෑන් එකකුත් සුටුස් ගා එන බවක් පෙනේ හඃ හඃ හඃ හඃ අම්මප මහින්ද බ්ලොග් කියවනවනම් ෂෝයි

    ReplyDelete
    Replies
    1. මහින්දව අපි දන්නෙ නැහැ මචං. අපි දන්නෙ මලින්ද මාමා මිසක ;)

      Delete
  16. ලෝකෙම එකම මිනුම් ක්‍රෙම්කට කියල SI ඒකක ක්‍රමය ආවා.. ඒත් මිනිස්සුන්ට හුරු තාම පරණ ඒවා.
    උදාඃ-
    ඉස්සර දිගමැන්නේ දම්වැලෙන් පුරුකෙන් (දම්වැල් එකක් කියන්නේ අඩි 66ක් දම්වැලට පුරුක් 99 ක් තියනවා) (දම්වැලක දිග හරියටම කිව්වෝත් ක්‍රකට් පිටියේ විකට් දෙකක දුර යාර 22ක්),
    දැන් හෙක්ටයාර් වලින් මනින බිම් ප්‍රමාණ තාමත් මිනිස් ඉල්ලන්නේ අක්කර රූඩි සහ පර්චස් වලින් (හෙක්ටයාර් 1 අක්කර 2.471 යි. අක්කර 1ට රූඩ් 4යි රූඩ් එකට පර්චස් 40, හැබැයි පර්චස් එකක් කියන්නේ වර්ග මීටර් 25.29285)

    අඩේ ඉස් ඉස්සෙල්ලම ඇවිත් පොර ටෝක් දෙනව ද කොහෙද..

    පොස්ට් එක කියෙව්වම මතක්වෙන්නේ මෙව්වා...

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති විදානේ තොරතුරු වලට..

      ඒ පැත්තේ එමි.

      ජය වේවා !!

      Delete
  17. ඔය මෙට්‍රික් ක්‍රමේ ආපු කාලේ සී ටී බී බස් වල ඉස්ටිකරයක් ගහලා තිබ්බා "ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි" කියලා පඩත්තල කොල්ලෝ ඕකේ "හැ" යන්න කපලා දාලා තිබුනා. උඹලට සයන්ස් ඉගැන්නුවේ ලතා ටීචර්ද....?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ඉදන් ඉදල තියෙන්නෙ පඩත්තල කොල්ලො නේ මාතලන්??

      ලතා ටීචර් මට සැට් වුනේම නැහැ. එයා අපි යන කාලෙ විද්‍යාව කළේ. හවස ක්ලාස් එකකුත් කළා ඉස්කෝලෙම. ලතා ටීචර්ගෙ ලැබ් එක ලඟ තමා අපි වල බැස්සෙ ;)

      මොනව හරි වුනොත් ටීචර් බේර ගන්න නිසා..

      Delete
  18. ලංකාවේ ඉතින් මිනුම් ක්‍රමනම් මේ පහුගිය කාලේ කොහොමත් ටිකින් ටික වෙනස් වුනානේ බං..

    ReplyDelete
    Replies
    1. ආශ්චර්යයට යන නිසාද?

      Delete
  19. පොඩ්ඩක් හිටකො… අපිත් සුටුස් ගාලා ආශ්චර්‍යාව හම්බ උන ගමන් ආඩම්බරකාර පියාට කියලා ඔය ඔක්කොම මිනුම් දඬු වලට කෙළවන්න. ;) :)

    ReplyDelete
    Replies
    1. අම්මද බොල.. බලමුකෝ.. :)

      Delete
  20. අධිවේගී මාර්ගේ කිව්වාම මට මතක් වෙන හොඳම අත්දැකීම මේ ළඟදී දවස්ක කොළඹ ඉදන් මම ආපු බස් එක පෑලියගොඩින් අධිවේගෙට දාල තොරණ හන්දින්යෙන් මතුවෙන්න ගිහින් හැරෙන තැන මිස්වෙලා ජා ඇළින් එළියට ඇවිත් රුපියල් 400 කුත් ගෙවන්න වුණු එක :D

    පස්සේ ඉතින් සුපුරුදු පාරේ පෑලියගොඩට ඇවිත් තමා නුවර පාරට දා ගත්තේ :P

    ReplyDelete
    Replies
    1. පට්ට ආතල් එක ඒක

      Delete
    2. ඇයි මම??

      හදිස්සියට මීගමු යන්න කටුනායක පැත්තට යන්න දැම්මා තොරණ හන්දියෙන්.. පළවෙනි දවසෙම මතු වුණේ පෑලියගොඩින්. කැළනිතිස්සෙ බලාගාරෙ ලගටම ගිහින් ආයෙත් මුල ඉදන් ආව..

      ඒ වගේ දේවල් ලියන්න තරම් බ්ලොග් නෙවෙ නිසා ලිව්වෙ නැත්තෙ ;)
      (විලි ලැජ්ජාවයි..)

      Delete
  21. හැබැයි ඉස්සර කන් හැන්දෙන් මැනපුවා දැන් මනින්නෙ කිලෝ වලින්...
    බැරල් වලින් මැනපුවා මනින්නෙ දැන් මනින්නෙ කන්ටේනර් වලින්...

    ඒක තමයි බොල ආශ්චර්යය...

    ReplyDelete
    Replies
    1. “කුඩු“ සාඩින් කිව්වලු.. :)

      Delete
  22. අයි ඩලස් ලොක්කත් කිව්වේ අපි දැන් දුර මනින්නේ තප්පර ව්ලින්කියලා ...පව් නේ

    ReplyDelete
    Replies
    1. දේසපාලකයන්ටනම් දුර තප්පර වලින් නෙවෙයි සෙන්ටිග්‍රේඩ් වලිනුත් මනින්න පුලුවන් වෙයි සමහර විට. ඇයි මොළේ වැඩියි.

      Delete
    2. මනාම ගනින්නේ නිලියන්ගෙන්ද? :)

      Delete
  23. ඒ දවස් වල අපි ඕවයින් මයින්න ගිහින් ඉස්කෝලෙදි කොච්චරනම් බැනුම් අහල ගුටි කාල තියෙනවද අෆ්ෆා..

    ReplyDelete
  24. පොඩි පන්ති වල ඉන්නකොටනං අඩි රූල් කෑල්ලක් අනිවාරයෙන් ළඟ තිබ්බ..පොතේ ඉරි එහෙම ගහනකොට ලස්සන්ට ගහන්න..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...