සෑමට හයියක් වුණ - සෑම් සහ සමාගම..

Friday, March 7, 2014

කැසට් එක යනු... - The Cassette is... !!!


මෙය හුදෙක් අපේ දරු මුණුපුරන් සඳහා ලියන පෝස්ට් එකක් වන්නේය. ඊට හේතු වූයේ අපේ අයියාගේ කොල්ලා සෑම් සිදු කළ කතා බහක්ය. හෙතෙම නමින් බාසුරුය. බාස් ඇන්ඩ්‍රොයිඩ් හි පරතෙරටම පැමිණි අයෙක්ය. කිසියම් ෆෝන් එකක ගේම්ස් නැතැයි කියා දුන්නහොත් ඩේටා ඔන් කර, ගූගල් ඇප්ස් ඩවුන් ලෝඩ් කර ගේම් ගසන්නට තරම් බාස් වැඩ්ඩෙක්ය. පුංචිම කාලේ යූ.ඇස්.බී පෝට් එකට ඩොංගල් එක සවිකිරීමෙන්ම හෙතෙම සහජ දක්ෂතා දැක්වූයේය. මෑත දිනක බාස් සෑමා සමඟ රවුමක් ගියේය.

බාප්පේ මේ මොකක්ද ?

ඔය ප්ලේයර් එකට කැසට් දාන තැන..

කැසට් කිව්වේ???

කැසට් කියන්නෙ සිංදු අහන්න දාන පීස් එකක්.

ඒ කිව්වෙ සීඩී එක වගේද?

අන්න හරි... 

එතකොට ඒක circle එකක් නේ...

ඔව්. කැසට් පීස් එක එන්නෙ හතරැස් එකක්.

ඒ කියන්නේ මෙහෙම square එකක් නේද? 
(අතින් කොටුවක් අඳිමින් පෙන්වයි. කැසට් පීස් එක rectangle වුවත් ඒ ගැන වැඩි විස්තර කතා නොකළෙමි.)

අන්න හරි..

එතකොට බාප්පෙ අර පොඩි සීඩී මේකට දාන්න බැරිද??
(මේ කියන්නේ mini-CD ගැනය.)

බැහැනේ. ඒක රවුම්. අනික කැසට් පීස් වල එන්නේ ටේප් එකක්...

අනෙ බාප්පෙ මට ගෙදර ගියාම පෙන්නනවා නේද??

හරි හරි. ෆොටෝ එකක් හරි පෙන්නන්නම්.

ගූ-ගල් දෙයියාට පිං සිද්ද වන්නට කැසට් පීස් එකක් කොල්ලාට පෙන්නුවෙමි.

මින් පෙනී යන්නේ ඔබ අද භාවිත කරන මෙවලම්, ඉතා ඉක්මනින් සිහිවටන බවට පත් වෙන බවක්ය. එදා තිබූ ප්ලොෆි ඩිස්ක් වලට සිදු වූ සන්ත්‍රෑන්සිය සිතා ගත නොහැකිය. එසේම සීඩී, ඩීවීඩී පවා, යූඑස්බී පවා ඉතා ඉක්මනින් සිහිවට වන්නේය. කාලයත් සමඟ තාක්ෂණික මෙවලම් ඉක්මනින් යවත් කාලීන වන්නේ එදාටත් වඩා සීග්‍රගාමීවය. අද අප පෑනකින් පැන්සලකින් ලියන්නේ කොපමණ නම් වචන ප්‍රමාණයක්ද? විටෙක ඔබ ඔපීස් එකේ අත්සන ගැසීමට පමණක් පෑන භාවිත කරනවා ඇතිය. ඔපීසියේ අත්සන ගැසීම සඳහාද තාක්ෂණික මෙවලම් තිබෙන්නේ නම්, ඔබ විටක සමහර දිනවලදී පමණක් පෑනක් භාවිත කරනවා ඇතිය. ඉස්සර පෑනක් පැන්සලක් ලඟ තබා ගැනීමේ අවශ්‍යතාවය වැඩියෙන් දැනුනද දැන් එය දැනෙන්නේ නැති තරම්ය. එසේ නම් ඔබ අදම පෑනක් පැන්සලක් සිහිවටනයක් ලෙස අරන් තැබිය යුතු නොවෙන්නේද? 

ඉස්සර අපි කැසට් එකෙන් ගත්ත ආතල් මෙපමණක් යැයි කිව නොහැකිය. බට්න් දෙක එකට එබීමෙන් රෙකෝඩ් කළ හැකි කැසට් ප්ලේයරයෙන් එෆ් එම් වල යන ගීත රෙකෝඩ් කළේ ඒ කාලයේ සිංදු සොයා ගැනීමට තිබූ අහේනිය නිසාය. එයට කීවේ ටේප් කරනවා කියාය. දිනක් නිවසට ගෙනා හොද කැසට් එකක් මත වැරදීමකින් බටන් දෙක් එබී ටේප් වීම නිසා සෑමා දොස් ඇසූ වාර ගණන අනන්තය. ටේප් එකේ මුල් හරියේ ඇති සුදු පාට කොටස, දුඹුරු පාට ටේප් කොටසට සම්බන්ධ වෙන තැනින් බොහෝවිට කැඩී යන්නේය. එවිට දැත්තක් වැනි රෝදය ගලවා එහි පීල්ල අස්සේ ටේප් එකේ කෙළවර සවිකොට නැවත සම්බන්ධ කළ හැකිය. එසේ නොකළ අයෙක් සිරිලංකාවේ නැත්තේය. කැසට් පීස් එකේ මැද හරියෙන් ටේප් එක කැඩුනු විට එය අලවා ගැනීම සිරිතක්ය. එසේම භාවත කළ නොහැකි මට්ටමට ටේප් එක එතුනහොත් හෝ විනාස වුවහොත් ඉන් වැඩක් ගන්නට අපේ කස්ටිය සූදානම්ය. ටේප් එකේ කෙළවර ගැටගසන ලද ගලක් ආධාරයෙන් ටේප් එක ගස්වල අතුවල පැටලෙන්නේය. ගල්මාට්ටු දමමින් එසේ අතුවල රදවන කැසට් ටේප් එක සුලඟ ආධාරයෙන් රැව් දෙන්නේය. එවිට මැවෙන රටාවන් අපූරුය.

විනිවිද පෙනෙන කැසට් පීස් වලට සෑමාගේ තිබුනේ මහත් ආසාවක්ය. එවිට කිසියම් සිංදුවක් ඇති තැනක් අපූරුවට සොයා ගත හැකිය. ඒ කැසට් පීස් එකේ පිටත කවරයේ කිසියම් සළකුණක් යෙදීමෙන්ය. දැන් තියෙන ක්‍රමය යටතේ සිංදුවක් පහසුවෙන් සොයා ගත හැකි වූවාට ඉස්සර කැසට් පීස් වලින් එසේ සෙවීම තරමක් දුෂ්කරය. නමුත් පසු කාලීනව පැමිණි කැසට් යන්ත්‍ර වල Fast Forward හෝ Rewind කළ විට ඊලග සිංදුව ලඟින් ඔටෝ නවතින්නේය. එය සිංදුවක් සොයා ගැනීමට කැසට් පීස් එකේ ආ සරලම ක්‍රමයය. ටේප් එක පැටලී එලියට පැමිණි විට කරන්නේ දැති රෝදය තුලට පෑනක් දමා කරකැවීමය. එලෙස කරකවා ටේප් එක ඇතුලට දමා ගැනීම, නැති නම් නිකරුණේ ටේප් එක කරකවමින් සිටීම තරම් සැපතක් ඒ කාළයේ නොතිබුණේය.

කැසට් පීස් දමන ප්ලාස්ටික් කවරයෙන් වැඩ ගත්තේ සර්කිට් ගහන කොල්ලෝය. සර්කිට් හදනා උදවිය බොහෝ විට තම නිර්මාණයට නිමාවක් දෙන්නට උත්සුක වන්නෝය. එවිට සර්කිට් එකට ප්ලාස්ටික් කවරයක් ලෙස බොහෝවිට යොදා ගන්නේ ඉවත දමන කැසට් පීස් කවරයක්ය. නයිට් රයිඩර් සර්කිට් එකක්, එෆ් එම් ට්‍රාන්ස්මීටරයක් වැනි දෙයක් කැසට් පීස් කවරයක මනාව අසුරා තිබූ අවස්ථා සෑමා පාසල් සමයේදීම දැක ඇත්තේය. එසේ භාවිත වූ කැසට් පීස් කවරය කොල්ලන්ගේ නිර්මාණ වලට මනා නිමාවක් අත්කර දුන්නේය.

අද අපි වැඩ දමමින් භාවිත කරන තාක්ෂණික මෙවලම් නුදුරු අනාගතයේදී සිහිවටන හෝ කෞතුක වස්තු බවට පත්වීම නැවැත්විය නොහැක්කේය. මන්ද තාක්ෂණය අප බලා සිටියදී අප පසු කර යන නිසාය. ඊට හේතුව අප දුපතක සිරවූ අහිංසක වැසියන් වන බැවින්ය. විවෘත ආර්ථිකය නොපැමිණියා නම් අපට මේ මට්ටමටවත් එන්නට බැරිය. එසේනම් සකල දීපයම කෞතුකාගාරයක් වන්නේය.

Written_by_sAm_ශ්‍රී_Perera_9:07pm_06/03/14

56 comments:

  1. ම්හ්හ් උඹේ කතාව ඇත්ත සෑමෝ. තාක්ෂනය බොහෝම වේගයෙන් ඉදිරියට යනවා.

    හැබැයි එකක්, මමනම් ඔය හැම යුගයටම අයිති ඒවා පරිස්සමට තියාගෙන ඉන්නවා. ඒ නිසාම මගේ දුවත් දැන් ඒ හැම දේම අඳුනණවා. භාවිතා කරන විදිහත් දන්නවා.

    ReplyDelete
    Replies
    1. එහෙම තියා ගන්න එක හොඳයි. කවද හරි කෞතික වටිනාකමක් ලැබෙයි නොවැ..

      Delete
  2. කතාවනං ඇත්ත තමයි. අද තියෙන දේ නෙමෙයි හෙට වෙනකොට තියෙන්නෙ.
    ඔය වගේම අනික් එක තමයි VHS කැසට් එක.
    ඒත් අපේ ගෙදරනං ඕව තාම තියෙනව.

    ReplyDelete
    Replies
    1. VHS කලෙක්ෂන් එකක් අපෙ තාත්ත ලගත් තියෙනවා. ඒව ප්ලේ කලේ නැත්තං සවුත්තු වෙනව කියන්නෙ

      Delete
  3. එතකොට අපි පොඩි කාලේ තිබ්බ audio cassette නොවන tape recorder දැක්කොත් කොල්ලා මොනවා නොකියයිද? ඒවායේ තඩි ස්පූල් දෙකකට ඔතලා තියෙන්නේ අර tailoring tape එක සයිස් එකක්.

    ඇයි බං video cassette. ඒවත් පාරවල් දිගටම ඇදලා තිබ්බේ.

    මම ගාවා audio cassette එකක් තියෙනවා. මගේ සීඩී ප්ලේයර් එකක තිබ්බ tape deck එකේ එක ටේප් එකක් ඒ දවස්වලම හිරවුනා. මම ඒක එලියට ගන්න බැලුවා. ඔක්කොම ගලවන්න වෙන නිසා ඔහේ තියෙන්නෙ ඇරියා.

    ReplyDelete
    Replies
    1. මගෙ ලගත් තියෙනවා පොඩි රෙකෝඩර් එකක්. ඒක වැඩ කරන්නෙ නැතුව ඇති. අහුමුළු ඇඳල කොල්ලට පෙන්නුවොත් ආස හිතෙයි..

      Delete
  4. ඔව් බං දැං ඕවා බලන්න පේන්න එපායැ. ඒ දවස් වල පටි කිව්වොත් හොදම එක මොකක්ද 30, 60, 90, 120 එහෙම කියලත් අපි දන්නවා ඒකේ ගහන්න පුළුවන් සින්දු ගානත් එක්කම. ඒ කාලේ ටොප් ඔෆ්ද පොප්ස් කැසට් තිබුනා අපි ඒවා රෙකෝඩ් කරේ කැසට් දෙක එක ලග තියල එකක හයියෙන් ප්ලේ කරනවා අනික රෙකොට් වෙනවා.. මාරයි බං මතකය ඇවිස්සුවා උඹ.

    ReplyDelete
    Replies
    1. පහුගිය පෝස්ට්කටුවේ කමෙන්කටු වලට උත්තර නොදීම පිළිබද පාඨක අපගේ බලවත් කනගාටුව. ඔබ වෙනුවෙන් අකුරක් හෝ ඔබන අයෙකු කෙරෙහි සැලකිල්මත් වන්න (උද්යෝගයෙන්)

      Delete
    2. හ්ම්ම්ම්ම්ම්ම්ම්........

      Delete
    3. බුහු....බ්හු ....++++

      Delete
    4. උඹ ලොකු පොරක් කියලද හිතාගෙන ඉන්නෙ කෙසගය...
      කමෙන්ට් කරපු ඒවාට රිප්ලයි කොරල ඉදින් ...හරිය...

      Delete
    5. අජෝ කැහුට්ටා.. පරණ බ්ලෝවර් පප්පා.. උත්තර දීපිය.. කෙන්ජා විතරක් නෙමෙයි සැට් එකම උපරිම විකසිත වෙලා ඉන්නේ.. හැක්

      Delete
  5. කලින් එකට උත්තර දානකම් මේකට කොමෙන්ට් කරන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මට විකසිත වෙලා ඉන්නේ..

      Delete
    2. මැලේත් බීලද? යකෝ අර උත්තර දාල තියෙන්නෙ...

      @කෙන්ජි - මොකැ විකසිත?

      Delete
    3. මම කිව්වේ මට නෙවි අනිත් එවුන්ට ..... අපි එහෙමයි ජනතා සේවේ ....... (ජන්දය ඉවර වෙනකම් පමණි)

      Delete
  6. පොඩි කාලේ මන් ආසම සින්දු තියෙන කැසට් පීස් එකේ ටේප් එක පැටලිලා එක විකාරයක් උනා මතකයි

    ReplyDelete
  7. මම ඔවුවා එක එක පරිස්සම් කරලා තියාගෙන ඉන්නේ. ප්ලොපියක් තියෙනවා, කැස්ට් පීස් ටිකක් තියෙනවා. පරණම පෙන් එකක් තියෙනවා. නොකියා 1100 ෆෝන් එකක් තියෙනවා. :)

    ReplyDelete
  8. මගෙ ලඟත් කැසට් පටි සෑහෙන ප්‍රමාණයක් තිබිල එක එකාට දීල දැම්ම. අන්තිමට වගෙ පටි පාවිච්චි කලේ ත්‍රී වීලර් වල. දැන් ඒවයෙත් පාවිච්චියක් නෑ USB යුනිට් තියන නිසා. අපි පටියක් ගෙනා ගමන් කරන්නෙ එක පාරක් අහල අවුලක් නැත්නම් යට කට්ට දෙක කඩල දාන එක. එතකොට වැරදිලා වත් මැකෙන්නෙ නෑනෙ.. භාවිතයෙන් අයින් වෙන ඔහොම ඒව එකතු කරන එකත් හොඳ විනෝදාංශයක් තමා.
    මං ගාව තියනව පරණ ම බ්ලෙන්ඩර් එකක් සහ ඇඹරුම් යන්ත්‍ර දෙකක්. කළු ගල් වලින් හදල තියන්නෙ. සෑමා දන්නවැයි ඒවා ? :D

    ReplyDelete
    Replies
    1. අම්මපා ඕයි... විකුණන්නේ නැතෙයි... මාත් හොයනවා හැබැයි කියුබ් ගානට.. හැක්

      Delete
    2. චැහ්.. කියුබ් නැතුව විල්බැරැක්ක ගානට වත් ගන්නව නම් සලකා බලන්න තිබුන.

      Delete
  9. කැසට් මතකය....VHS , අම්මෝ ඒ කාලේ ලයිට් යි කියලා හොරෙන් බැලුව දේවල් නේද?

    ReplyDelete
  10. ෆ්ලොප් නං හොයාගන්න නෑ... ඒත් කැටස් පීෂ් නං තාම තියේ...
    පරණ ප්‍රයිවෙට් බස් 1කට නග්ගහන්කො ඕකාව

    ReplyDelete
  11. පුංචි කාලෙට හිත ගියා බන්, උබ ඔය කිව්ව ඔක්කම ඒ කාලෙ කලානෙ, දැන්නම් ගෙදර කැසට් පීස් එකක් තියා ඒකක දැති රෝදයක්වත් හොයා ගන්න නෑ....කාලය මැව් වෙනසක අරුමේ :)

    ReplyDelete
  12. ඔය කැසට් පීස් වල පිටි පස්සේ තියනවා පොඩි ප්ලාස්ටික් කෑල්ලක්. ඒක කැඩුවාම අර වැරදිලා බටන් දෙකම එබිලා මැකෙන එක වලක්ව ගන්න පුළුවන්. ඕක තමා කැස්ට් පීස් එකක් ඕවර් රයිට් කරන්න එක වලක්වන්න තිබුන එකම ක්‍රමේ. බලපන්කෝ බොහොම ප්‍රාතමිකයි නේද ? එහෙම කඩපු ඒවට පොඩි කොල කෑල්ලක් ගහලා හරි ඉටි ටිකක් දාලා හරි ඕවර් රයිට් කරගන්න පුළුවන් වුනා.

    ReplyDelete
    Replies
    1. සෙලෝ ටේප් කැල්ලක් ගැහුවත් ඇති.

      Delete
  13. සෑහෙන මතකයක් සෑමා ඇවිස්සුවා.මම ඔයිටත් ටිකක් දුරට යනවා,රැකෝඩ් ප්ලේයර් කාලෙට.පොඩි එකා රැකෝඩ් එක කියන්නෙ මොකක්ද කියල ඇහුවොත් නං සී ඩී එකක් පෙන්නල ඒකෙ ලොකු එක පාට කලුයි කිව්වනං හරි නේද බං.

    ReplyDelete
  14. කැසට් පීස් එක්ක පිස්සු කෙලපු , හීන මවපු අන්තිම පරම්පරාව මං හිතන්නේ අපි වෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ඒ අතින් ආඩම්බර වෙන්නෝනි නේද???

      Delete
  15. අපේ මිනිස්සු හරී දක්ෂයි ඉංග්‍රීසියේත් නැති ඉංග්‍රීසි මවන්න. 'කැසට් පීස්' කියන්නෙත් ඒ වගේ වචනයක්. 'ත්‍රී වීල්' වගේ. කැසට් ලංකාවට ආවේ 1960 දශකයේ මැද භාගයේදී පමණ. ඊට කලින් රජකලේ ස්පූල් ටේප් සහ පී.වී.සී. තැටි. මම ඒ ගැන ලියපු ලිපි මාලාව මෙතනින් බලන්න පුළුවන්. මෙතනින් බලන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අපේ එවුන් වචන මවනව නේ... :)

      ස්තුති ලින්ක් වලට..

      Delete
  16. තාක්ශනෙ වෙනස්වෙන වෙගය කියන්නෙ 2000 වෙනකොට උඩ සාක්කුවෙ දාගන්න පුලුවන් ෆොන් එකක් කියන්නෙ පත්තරෙ දාන නිව්ස් එකක්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත දමිත්..

      Delete
  17. මතකය පොඩ්ඩක් අතීතෙට ඇදගෙන ගියා. අපි දැන් පරිහරණය කරන ඒවා ගැන පොඩ්ඩක් හිතන්න වෙයි වගේ. කෞතුක භාණ්ඩ වෙන්න කලින්.

    ReplyDelete
    Replies
    1. ලග තියෙන ඒවත කෞතික භාණ්ඩ වෙයි බලාගෙන..

      Delete
    2. ඒක එහෙම වෙන පාටක් තියෙන්නේ සෑමෝ.

      Delete
  18. ඔය කැසට් එකේ පටියේ තියෙන්නේ චුම්බක අණු ලු නේ බන්.ඉතිං ඕකේ දත්ත ගබඩා වෙන්නේ 'චුම්බකිත' වීමෙන් කියලා අපේ විද්‍යාව පොතේ තිබ්බා.අපි ඉතිං අළුත් වචනයක් හම්බ උනාම අනිත් පැත්ත ගහලා බලන හින්දා ඒ දවස්වල කැසට් එකක් දැක්කත් හිනා තමා..

    ReplyDelete
    Replies
    1. විනාසයි යකෝ... ඒක මාර ආතල් වචනයක් නේ :ඩී

      Delete
  19. ඇත්තටම සෑමෝ දැන් ඉන්න පොඩි එවුන්ට මෙහෙම දේවල් කොරන්න චාන්ස් එකක් නැහැ.අපි තමයි අවසාන පරම්පරාව ඔයවගේ ආතල් ගත්ත.එහෙව් එකේ සීඩී තැටියක් ආරක්ෂාව සදහා අරගෙන තිබීම සෑමා කියනව වගේ අනාගත පරපුරට කරන සේවයක් බදුය...හි හි

    ReplyDelete
    Replies
    1. සේවයකට වඩා හොඳගානකට විකුණන්න පුලුවන් වෙයි බොල..

      Delete
  20. හ්ම් අපිත් ඉස්සර ඔය කැසට් පීස් වලින් එක එක වැඩ දානවා.. මට හොදට මතකයි අපි රද්දොලුවෙ ස්කීම් එකේ ඉන්න කාලේ අල්ලපු ගෙදර වලියක් රෙකෝඩ් කරල අම්මගෙන් බේරුනේ අනූ නවයෙන් ගුටි කන්නැතුව.. දැන් උන් ඔය ඩිස්කට් එක දන්නෙත් නෑනෙ අෆ්ෆා අපි ඔය ඩිස්කට් එකෙන් කොච්චර වැඩ ගත්තද නේද? අද පෙන් එකක් තියෙනවා වගේ තමා ඉස්සර ඕකක් තියෙනකොට

    ReplyDelete
    Replies
    1. අද පෙන් එකට වඩා ඩිස්කට් එකේ තිබ්බෙ කොච්චර පොඩි ඉඩක්ද? ඒත් කොච්චර නම් වැඩ ගත්තද??

      Delete
  21. //අද අපි වැඩ දමමින් භාවිත කරන තාක්ෂණික මෙවලම් නුදුරු අනාගතයේදී සිහිවටන හෝ කෞතුක වස්තු බවට පත්වීම නැවැත්විය නොහැක්කේය. මන්ද තාක්ෂණය අප බලා සිටියදී අප පසු කර යන නිසාය. ඊට හේතුව අප දුපතක සිරවූ අහිංසක වැසියන් වන බැවින්ය. විවෘත ආර්ථිකය නොපැමිණියා නම් අපට මේ මට්ටමටවත් එන්නට බැරිය. එසේනම් සකල දීපයම කෞතුකාගාරයක් වන්නේය.
    //

    ඔන්න ඕක තමයි ඇත්ත. සෑම් ලියපු ස්ටොරිය කියවගෙන යනකොටම් අතීතයට ගියා වගේ දැනුනා..

    ReplyDelete
  22. මේ යන විදිහට දවසක අපිට ඩීවීඩී ගැන උනත් ඔහොම තේරුම් කරලා දෙන්න වේවි තව කාලයක් යද්දී..

    ReplyDelete
    Replies
    1. දැනටමත් ඒ කාලෙ පටන් අරගෙන බං. පෙන් එකෙන් නේ දැන් ගේම ගහන්නෙ..

      Delete
  23. ෆ්ලොපි ඩිස්කට් එක අතමක වෙයි කියලනේ තාම office package එකේ එහෙම save කියන එකට diskette එකක් දාල තියන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් තියෙනවද? මම අදයි දැන ගත්තේ..

      Delete
  24. නොකියා 3310 ඔන්න ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා ගනන් වලට විකිනෙන්න අරගෙන,,

    ReplyDelete
    Replies
    1. විකුනන්නෙත් නැහැ බං තියෙන එකෙක්.

      Delete
  25. කැසට් යුගය ඉවරවෙලා එච්චර කල් නෑනෙ සෑම්. ගෙදර තිබ්බ පීස් ඔක්කොම විසි කරලද?

    දැන්මම සීඩී ඩීවීඩී යුගයත් ඉවරවේගන යනවා වගේ. හැමතැනම ෆ්ලෑශ් ඩ්‍රයිව්නෙ.

    ReplyDelete
    Replies
    1. කැසට් ප්ලේයර් කැඩෙද්දි ඒ කාලෙම අයින් කල සීඩි වලට බැස්ස නොවැ. දැන් සීඩීත් නැති තරං. ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක තමා. කැසට් තියා සීඩී ප්ලේයර් එකක්වත් ගෙදර නැහැ බං. පෙන් එන ටීවි එකට ගැසුවා බැලුවා..

      Delete
  26. සහතික ඇත්ත කතාව සෑම් අයියේ තවටික කාලයක් යද්දී එන පොඩි පරපුරට දැන් තාක්ශනේ කල් ඉකුත් වෙච්ච එකක් බවට පත්වේවි කිව්වත් වගේ මම මේ ප්ෆිස් එකේ වැඩ කරන්න ආවට පස්සේ පෑන් පාවිච්චිය සම්පූර්ණම වගේ නැවතුනා ඉඳල හිටලා මාසදෙක තුනකට සැරයක් තමයි පෑන් පාවිච්චි වෙන්නේ ඒකත් අත්සන් කරන්න

    ReplyDelete
  27. இன்னும் வங்கிகள் தரவு காப்பு நாடாக்கள் பயன்படுத்தி

    இந்த காப்பு சிறந்த மற்றும் நம்பகமான ஊடகம்

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...