“ශෙරින්.. අන්න ඔයාගෙ ලන්ච් එක අරන් ඇවිත්..“
“කවුද ටීචර්??“
“ගේට් එක ලඟ තාත්ත ඇවිත් ඉන්නවා. ගිහින් අරන් එන්න...“
****
“තාත්ත අද වැඩ නැද්ද? ඇයි අම්ම ආවෙ නැත්තෙ කෑම එක අරගෙන“
“අම්මට ටිකක් සනීප නැහැ වගේ.. ඒත් අමාරුවෙන් කෑම ටික හදපු නිසා මම අරන් ආව..“
“හරි දැන් තාත්ත යන්න..“
****
“කවුද මචං ඒ කතා කර කර හිටියෙ..??“
“අපෙ තාත්ත බං..“
“ආ. ඒ ශෙරින්ගෙ තාත්තද? මම දැක්ක ගේට් එක ලඟ ශෙරින් එක්ක ඉන්නවා..“
“ඔව්. මගෙ ලන්ච් එක අරගෙන ආව..“
****
“අම්මේ... අම්මේ..“
“ඇයි කෙල්ලෙ ගෙදර ආපු හැටියෙ බෙරිහන් දෙන්නෙ..“
“අම්ම ඇයි සනීප නැත්තං කෑම හැදුවෙ.. අනික තාත්තව ඉස්කෝලෙට එව්වෙ..“
“උදේ උඹ ඉස්කෝලෙ යන වෙලේ කෑම අරන් එන්න හිතං හිටියෙ මම තමා.. පස්සෙ කෑම හදල අමාරු පිට තාත්ත බලෙන් කෑම එක අරන් ගියෙ..“
“අම්මලත් පැහිච්ච වැඩ නේ කරන්නෙ.. “
****
“ශෙරීන් මට දැන් මාර නිදහසක් දැනෙනවා බබා..“
“ඇයි අකලංක එහෙම කිව්වෙ??“
“ඇයි මතක නැද්ද? ඉස්සර ක්ලාස් ඇරිල යද්දි අම්ම ඔයාව කුදලගෙන යන්නෙ සිකුරිටි කෙනෙක් වගේ..“
“අම්මෝ.. ඒ කාලෙ තිබ්බ වදයක්.. එදා කේස් එකෙන් පස්සෙ ඔක්කොම රැකවල් අහවරයි..“
“එහෙනම් කොහොමද බබා මෙහෙම නිදහසක්...“
“යනවා මෝඩයා.. ඔයා හින්ද තමා ඔක්කොම.. ඉන්න මම වොෂ් එකක් දාගෙන එන්නම්..“
****
“මොකද කෙල්ලෙ පැත්තකට වෙලා කල්පනා කරන්නෙ.. මම දැක්ක දවස් ගානක ඉදන් එහෙමයි..“
“අම්මට තේරෙන්නෙ නැහැ අම්මෙ..“
“මොකද යකෝ මට තේරෙන්නෙ නැත්තෙ.. කියපං බලන්න..“
“නැහැ අම්මෙ.. අකලංක මගෙන් ඈත් වුණා..“
“ආ.. අර අපි අනන්තවත් අහද්දි උඹ යාලු නැහැ කිව්වෙ ඌත් එක්ක නේද??“
“හරි අම්ම දැන් කෑගහන්න එපා..“
“ඔක්කෝටම කලින් උබල ඕව ඉස්සර කරගත්ත නේ.. දැන් ඉතිං ඉස්කෝල වැඩ ටිකවත් හරියට කර ගනින්..“
“බැහැ අම්මෙ.. අකලංක මට නැති වුනොත්, මටයි අම්මටයි අපේ පවුලටම අඬන්න වෙයි..“
“අනෙ උබෙ ආත්ම ගෞරවේ.. ඒක නැති වුනේ එදා තාත්තව ඉස්කෝලෙට එවපු දවසෙ නේද??“
Written_bY_sAm_ශ්‍රී_Perera_8:23pm_14/03/14
hmmmmm..........
ReplyDeleteහෙක්...+++++++++++++++++=
Deleteදෙන්නටම වැරදි වැටහීමක් මයෙ හිතේ >.<
Deleteඔන්න ඔහොමලු බොහොමයක් ගැහැණු.....
ReplyDeleteබොහොමයක් උගත් ගෑනු විශේෂයෙන්.
Deleteහරි මල්ලි, උගත් ගෑනුන්ට ටිකක් වැඩියෙන් මේ තත්වය තියෙනව.
Deleteමොකක්ද බං මේ
ReplyDeleteයකෝ මේක තේරුන් නැද්ද අයියෙ?
Deleteතේරෙන්නේ ටිකක් කල් ගිහාම තමයි කොහොමත් අපේ අයට
ReplyDeleteකරදඬු උස් වෙද්දී අම්මව තාත්ත වත් ලැජ්ජාවක් :/
ReplyDeleteඋබත් නියම පොයින්ට් එකක් අල්ලල.මචන් දවසක් මම ඔෆිස් එකෙ ඉදන් පහල බැලුවම දැක්ක දෙයක් කියන්නම්.පිටි පස්සෙ තියෙනව පොඩි පාරක්.එක ටිකක් පාලුයි.මම දැක්ක කපල් එකක් හිටිය.ස්කුටර් බයික් එකක් එක්ක.මුන් දෙන්න රන්ඩුවක.කොල්ල කෙල්ල ගැහුව කම්මුලට පාරවල් ටිකක් සටපට ගාල.එත් අරකි ඉන්නව.පැයක් විතර ඔය දෙන්න ඔතන රන්ඩු වුනා.උන් හිතන්නෙ කවුරුවත් දකින්නෙ නැ කියල.එත් උඩින් බලන හැමිටම පෙනව.
ReplyDeleteමම කල්පනා කලෙ අම්ම හරි තාත්ත හරි අරකෙල්ලට අරම ගැහුවනම් අරකි මොනව කරයිද කියල.අර කොල්ල ගහද්දි නම් හිටිය මුකුත් නොකර.
පව්. ඒ කොල්ල ඒකිව දරුවෙක් වගේ හදා ගන්නව ඇති.
Deleteඅනික අම්ම තාත්තට වැඩිය හොඳට :ඩී
ඇත්තටම මෙහෙම වෙනවද බන් ......
ReplyDeleteහම්ම්ම්
Deleteසිරාවටම හිතට දැනුනා සෑම්. ඔතනදි ගොඩක් අයට ඇඟිල්ල දිග් වෙනවා. එක තත්පර ගානක වරදකින් මුළු ජීවිත කාලයම විඳවන්න වැඩ සිද්ද වෙන්න පුළුවන්. ඇත්තටම දුකයි බං.
ReplyDeleteඔය කතාවෙම තවත් පැත්තක් මේ…!!! . ඉඩ තියෙන වෙලාවක කියවලා බලහන්.
Delete(ලිංක් දාන එක අවුල් නම් අයින් කරහන්. )
කෙල්ලො තමා බන් කෙල්ලො :/
Deleteහ්ම්ම්… සංසාරේ සංසාරේ :/
Deleteහිටු නිදහසේ බලන්න..
Deleteලින්ක් අයින් කිරීම මගේ පොතේ නැහැ බං. ඒක ඕම තියෙන්නෝනි...
තාත්තගෙ අප්සැට් එක මොකක්ද බං
ReplyDeleteඒක කැමති විදිහකට හිතාගන්න දීල තියෙන්නෙ හැලප මාමෙ :D
Deleteරස වින්දෙමි .
ReplyDeleteඔබ සිතා මතා කල දෙයක්ද මන්දා . ඒත් අර මුලින් සැරේ ෂෙරින් ගෙදර ඇවිත් එයාගේ ආත්ම ගරුත්වය නැතිවීම ගැන කිව්වානම් වඩාත් හොඳින් සම්බන්ද වේවි දෝ කියා හිතුනා
මාත් දන්න ගර්ල් කෙනෙක් එයාගෙ අම්ම ඉස්කෝලෙ ලඟට පරණ සාරියක් ඇඳන් ආව කියල අම්මව නොදැක්ක වගේ හිටිය, තව එක්කෙනෙක් අම්මාඅවහම ඒ කව්ද කියල ඇහැව්වම ආච්චි කිව්ව. ඒ අම්ම වයසටත් වඩා වයස පේන්නෙ ඕනවට වඩා මහන්සිවෙලා වෙන්න ඇති :(
ReplyDeleteහප්පේ මමත් හිතුවේ මෙහෙම සිද්ධි අඩුයි කියලා දැන් බලපුවහම හිතනවට වඩ මෙහෙම දේවල් වෙනවා.
Delete//“අනෙ උබෙ ආත්ම ගෞරවේ.. ඒක නැති වුනේ එදා තාත්තව ඉස්කෝලෙට එවපු දවසෙ නේද??“//
ReplyDeleteමේකේ තේරුම මොකක්ද?
තේරුන් නැතෙයි? අනේ හයියූ...
Deleteගෞරවය කෙලෙසිලා අයියෝ..
Deleteඅය්ිය්ොෝ
Deleteඅම්මල තාත්තල සාමාජෙට පෙන්නන්න ලැජ්ජ උන්ට ඔහොම වෙලා මදි බන්
ReplyDeleteඋඹනම් නියම පොරක් අයියේ.. සුපිරිමයි.. !
ReplyDeleteමේ කතාව මං 200%ක් අනුමත කරනවා. අපිත් එක්ක එකට ඉන්න ( ඉස්කෝලේ කෙල්ලෝ ) කෙල්ලොන්ගේ ගොඩක් කතාවල් මේ වගේ.
මේ දේවල් කවදාවත් වෙනස් වෙන්නේ නැති වෙයි. කොසොල් රජතුමා දැකපු හීන එන්න එන්න අපි ඉදිරියේ සත්‍ය වෙනවා ඔන්න. :)
කෙල්ලන්ට තමා ඇත්තටම ඔය ලෙඩේ තියනව... අපේ නගාගෙ යාලුවෙක් ඉන්නව.... කවදාවත් අම්ම තාත්ත ඉස්කෝලෙට එනවට කැමති නෑලු ඒ මදිවට කව්රුත් ඒ ගෙදරට එනවට කැමති් නෑලු... මේ වගේ උං ඉපදෙන්නෙ ඒ අම්මල තාතාතල කරපු පවක් හිංදද කොහෙද අප්ප
ReplyDeleteසමහර හිතින් පොෂ් වෙන්න හදන උදවියට මේ මානසික තත්වය තිය්නව මම දැකලා තියෙනවා.
Deleteහ්ම්ම්ම්ම්...අද දින සුලුදියර පරිසනෙන් ඔබ දෙදෙනාට ලැබුන + සහතිකයට සිහල අවකාශයෙ ,,,..,. සියල්ලන් වෙනුවෙන් ....මෙන්න සොයුර සුපැතුම්....
ReplyDeleteබොට පිස්කුද යකෝ... මගෙ ඇඟ හීතල වෙලා ගියා..
Deleteඅනේ මෙහෙමත් කෙල්ලො................
ReplyDeleteඕක මානසික රෝගයක් ලු :) කාලෙකට කලින් කියවපු කෙටි කතාවක් මතක් වුණා. ටිකක් උස් මහත් වෙලා අම්මලා තාත්තලාට වඩා ඉගෙන ගත්තා කියලා හිතාගෙන ඉන්නකොට ඉබේ ම වැළදෙනවා ලු. (රහසින්) උඩින් කෙන්ජි කියලා තියෙන කතාව ඇත්ත ද? :D
ReplyDelete//ඕක මානසික රෝගයක් ලු //
Deleteරහසින්.. කෙන්ජිටද??
ෆිස්සු කතා එපා යකුනේ...
මේක ඒ තරම් හොඳ මානසික තත්වයක් නෙවෙයි. අම්ම තාත්ත කියන්නේ තමන් අධ්‍යාපනය අතින් ඉහල යද්දී ආත්ම ගෞරවේ වෙනුවෙන් පැත්තක දාන්න පුලුවන් අය නෙවෙයි.සමහර මවුපියො ඉන්නව තමයි කිසිම ගෞරවයක් තියාගන්න දන්නේ නැති. නමුත් සමස්ථයක් හැටියට හැමෝම එහෙම නෑ.
ReplyDeleteකුඩා කාලයේනම් ළමයි ඔහොම කියනවා. ඒත් ලොකු වුනාමත් එහෙම කියන අය තුල ඇති හීනමානය වැඩිවුනාම තමයි දෙමව්පියන්ව මහළු මඩම්වල ගාල් කරන්නේ.
ReplyDeleteහරියටම හර්
Deleteඅපූරු යි... හොඳ පණිවුඩයක්... මේකෙ තාත්තව දරුවට අගෞරවයක් කියල හිතෙන්න මොකක් හරි හේතුවක් දැම්ම නම් හොඳ යි කියල හිතුණා.
ReplyDeleteඒක හිතා ගන්න දෙබස් ගැලපෙව්වා..
Deleteඕව ඔහොම තමා....
ReplyDelete--------------
හිතන්න සැහෙන්න දේවල් ඉතිරි කරපු කතාවක් සෑම්.
ReplyDeleteඒක නෙමේයි බන් උඹ ලඟදී ඉඳන් මහ අමුතු දේවල් ලියනවා වැඩියි බන්. ඇයි බන් මොකො කේස් ඒක?
මම වගකීමෙන් ලියන්නෙ දැන් :ඩී
Deleteෆට්ට
ReplyDeleteමේම සිද්ධි අනන්තයි අප්‍රමාණයි
ReplyDeleteපට්ට සැමා අයියා.. පෝය දවසේ මාර කතාවක් කියල තියෙන්නේ.. :)
ReplyDeleteසැමා නොව “සෑම්..“ :)
Deleteස්තුති..
සොරි වෙන්න ඕන.. :)
Deleteනෙදකින් මට විතරද මේක කොයිල් වුනේ ? :/ කොයිල් බන් තාම :(
ReplyDeleteසික්.. දුරුවලයි ආ..
Deleteඒ උපන් හැටි නේ
Deleteවයසට යන දෙමවුපියෝ වැඩිහිටි නිවාස වල අතරමං කරන එකත් මේකෙම උච්ච අවස්ථාවක්.
ReplyDeleteහරියටම හරි..
Deleteඕක කාලයත් එක්ක වෙනස් වෙනවා නේද ?
ReplyDeleteසෑහෙන වෙලාවක් ගියා කතාව තේරුම් ගන්න. මමත් ටියුබ් ලයිට් එකක් වෙලාද?
ReplyDeleteවෙලා ගොහින් හරි තේරුම් ගත්ත නොවැ..
Deleteසෑහෙන්න හිතට වැදුණා. මේක එක්-එක් අයට වෙනස් විදියට තේරුම් ගන්න පුළුවන් විදියට ලියලා තියෙනවා.
ReplyDeleteතමුන් දියුණු වෙද්දී තමුන්ගේ දෙමව්පියෝ නින්දාවක් අවනම්බුවක් විදිය තේරෙන අයට ඔය වගේ කලක් යන එක පුදුමයක් නෙවෙයි
ReplyDeleteතමන්ගේ අම්මා තාත්තා ගැන ඔය විදියට හිතන කට්ටියදැනගන්න ඕනේ දරුවන් වෙනුවෙන් කැපවෙලයි දෙමාපියන්ට ඔය කලදසාව උදා වෙලා තියෙන්නේ.
ReplyDelete"අම්මා තාත්තා තමන්ගේ සමාජ තත්වෙට ගැලපෙන්නේ නෑ."
අම්මට තාත්තට එහෙම වෙලා තියෙන්නේ දරුවෝ නිසා තමන්ගේ සමාජය අත් හැරපු නිසයි.
"අම්මා තාත්තා වැදගත් විදියට අදින්න දන්නේ නෑ"
එහෙම වෙන්න හේතුව තමන් ඇදුම් නොගෙන දරුවන් වෙනුවෙන් ඉතිරි කරපු හින්දා.
දරුවෝ වෙනුවෙන් උදේ රෑ නැතුව වැඩ කරලා, දරුවන්ගේ රෙදි හෝදලා, තමන්ට නැති හැම සැපසම්පතක්ම දරුවන්ට දීලා, අන්තිමට දෙමාපියන්ට ලැබෙන්නේ මේක. දරුවෝ වෙනුවෙන් වියදම් කරලා කැපවෙලා නොහිටියානම් දෙමවුපියනුත් "සුපිරි" ලෙවල් එකට ඉන්නවා.
කියනවනම් කියන්න පුළුවන් ඇට්ටි හැලෙන්න. වැඩක් නෑ අපේ දේ අපි කලහම හරි.
හොද ලිපියක් සෑමෝ...
අමතක උනා.. මොකක්ද අර කෙන්ජි කියන ටැස්ට් එකේ + ලකුණ..
ReplyDelete