Wednesday, February 19, 2014

බලු හොල්මන, අදිසි දහයේ කතාවක්.. - The Ghost Dog, True Story !!!


සෑම් බලු පෝස්ට් කිහිපයක්ම ලිව්වේය. විටක කකුල් දෙකේ අමන උන් ගැනය. විටෙක කකුල් හතරේ අහිංසකයන් ගැනය. අද ලියන්නේ කකුල් දෙකේ මිනිසුන් ගැන සහ කකුල් හතරේ අහිංසකයන් ගැනය. බල්ලෙක්ට ලියමි ලිපියේ බල්ලා තවමත් සෑමා පසු පස පන්නන්නේය. ඌ හොයන්නේ තම පැටියා යට කළ වාහනකාරයාවය. ඌ සිටිනා හරියෙන් යද්දී සෑමා වාහනය ස්ලෝ කරන්නේ එවිට ඌ වාහනය පසු පසින් මඟක් දුරට දිව එන නිසාය. එවිට මට නම් ඌ ගැන ඉපදෙන්නේ ආදරයක්ය. ඉන් මා තරමක සතුටක් ලබන්නේය. සෑමා අල්ලපු ගෙදර බල්ලා ගැනද ලිව්වේය. ඒ ඌව තනි කොට ගෙදර උන් ගෙවල් අතැර ගොස් සිටි දවස් වලය. දැන් ඒ පැත්ත බලන්නේ වත් නැතිය. ඉන්නේ අලුත් කස්ටියක්ය. සරලව කිව්වොත් වේයෝය. බල්ලොත් එක්ක බැහැ කියා ලීවේ වේදිකා නාට්‍ය ගැන නොවේය. දේශපාලන ක්‍රමය ගැනය. ඒ සියළු බලු කතා ගොන්නට අද එකතු වන්නේද සුන්දර හොල්මන් බලු කතාවක්ය.
http://evilstaring.com/dogs-staring-evilly/

ගෙදරක සිටින පුංචි සතෙකු මිය ගිය විට ඌව භූමි දානය කෙරෙන්නේය. සමහර විටක සමනලයෙක් මිය ගොස් සිටිය හොත් හෝ ගෙදර සිටි විසිතුරු මත්සයෙක් මිය ගොස් සිටි විටක අපි පුංචි කාලයේ නම් අවමඟුල ජයටම ගන්නේය. ඉන්පසු භූමි දානය කොට පස් තට්ටුව කන්දක් සේ සාදා මල් ගසන්නේය. බල්ලෙකු, බලලෙකු වගේ ලොකු සතෙකු මිය ගිය විට නම් මල් අත්තක් පවා සිට වන්නේය. සමහර දාට මාළුවා භූමිදානය කළද පසුව දා දැකිය හැක්කේ එම වල වෙනත් සතෙකු විසින් හාරා තිබීමය. එවිට දුක කේන්තියකට හැරෙන්නේය. ප්‍රධාන මාර්ගයකට මුහුණ ලා නිවස පිහිටි අප, පාරේ වාහනයක යට වූ සතෙකු පවා මිහිදන් කිරීමට ඉදිරිපත් වන්නේය. සමහර පැති වල නම් එකී මිය ගිය සත්වයා කාපට් පාරට ඇලෙන තුරු සතා වෙනුවෙන් ඉදිරිපත් වෙන උන් නැතිය. පාරේ කොනක ඇත්නම් කුණු වී ගඳ ගසන තුරු වත් බලන්නේ නැතිය. අවසානේ සතාව අරන් යන්නේ කුණු ටැක්ටරේ උදවියය.

අපේ ගෙවල් ලඟ පාරේ මෑතකදී බල්ලෙකු මිය ගොස් සිටියේය. අපේ හෙන්රියා ඔබ කවුරුද නොඳුටු සබඳ ලිපියේ සඳහන් කළ අයගේ ලී මෝල ඇත්තේද අප නිවස ඉදිරිපිටය. එහි සේවය කරන ආනන්ද අංකල් ආතල් ඩයල් එකක්ය. නිල පානය කසියාය. දිනක් සෑමාට ආනන්ද අංකල් සැට් වූයේ මාබිම පැත්තේ අතුරු පාරක වෙලක් මැද්දේදිය. සෑමා සිටියේ අසරණ ලීලාවෙන්ය. තාත්තාගේ බයික් එක රැගෙන ගමන් යෑමේ ආදීනව එදා තේරුනේය. ඒ පෙට්ට්‍රල් නැතුව වෙල මැද අසරණ වූ නිසාය. ආනන්ද අංකල් විසිල් එකක් ගසාගෙන ආවේ ෆුට් සයිකලය තල්ලු කරගෙනය. මා සිදු වූ විපත කියා සිටි කල්හි ආනන්ද අංකල් කසියා වලට ගෙනා මුදල් මා අත තැබුවේ පෙට්ට්‍රල් ගසා ගනින් කියාය. තම කසියා මූලස්ථානයෙන් හිස් බෝතලයක්ද මා අත තැබුවේ පෙට්ට්‍රල් බෝතලයක් පුරවාගෙන ඒමටය. ෂෙඩ් එක ලඟ තිබූ නිසා වැඩේ සරලව ගොඩ ගියේය. ෂෙඩ් එකේදි සැට් වූ අපේ චානකයා මාව නැවත බයික් එක තිබු තැනට ඩ්‍රොප් කළේය. එදා ආනන්ද අංකල් කිව්වේ ඔහුට මෙතැනින් ණයට වුණත් කසියා ගැසිය හැකි බවය.

බලු කතාව කසියා ස්ටෝරියක මාරු වූයේය. ඒ ආනන්ද අංකල් කතා සාගරයක් නිසාය. ගංවතුර දිනෙකදී ආනන්ද අංකල් කී කතා සැට් එකක් සෑමාගේ ෆෝන් එකේ දවසක් රෙකෝඩ් වූයේය. එහෙත් අවාසනාව යනු ඒ ක්ලිප් එකේ කියනා දේවල් පැහැදිලි නොවීමය. නැතිනම් මෙලහකටත් ආනන්ද අංකල් බ්ලොග් ලොව වීරයෙක්ය. මලින්ද මාමා කිරි පිටි මිල වැඩි කළ විටක ආනන්ද අංකල් කීවේ අන්න දැන් එළදෙන ගානේ ගෙවල් වලට දෙන්න යනවා කියාය. ගෙදර සාමාජිකයන් හයක් නම් ‘තන්‘ හයක් ඇති එළදෙනෙක් නිවසකට දෙන බව කීවේය. නිවෙසේ ඇදේ ගැට ගසන එළදෙනගේ තන, පාන්දර අවදි වූ විටම කටේ තබාගෙන කිරි උරා දැමිය හැකි ක්‍රමයක් මලින්ද මාමා සකසන බව ප්‍රකාශ කළේ ආනන්දේය. 

ආනන්ද අංකල්ටද බල්ලෙකු සිටියේය. පොර හවසට ජොගින් යන්නේ ඌත් සමඟය. බල්ලා වල්ය. ඒත් වල් වුනත් බල්ලාගේ හොඳ ගති ඇත්තේය. ඒ නිසා ආනන්ද අංකල්ට ඌ දරුවෙකු වගේ වූයේය. දිනක් අපේ නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ, ආනන්ද අංකල් වැඩ කරන ලී මෝල ඉදිරිපිට මැරී වැටී සිටියේ බල්ලෙක්ය. එය මුලින්ම දුටුවේද ආනන්ද අංකල්ය. එය හදිසි ඇක්සිඩන්ට් එකක්ය. හදිසි නොවන ඇක්සිඩන්ට් තිබේදැයි දැන් ඔබ ප්‍රශ්න කරනවා විය හැකිය. කෙසේ හෝ එම ඇස්කිඩන්ට් එකෙන් මිය ගොස් සිටියේ ආනන්ද අංකල්ගේ බව්වාය. නතිං ටු ඩූ ය. මෙලොව උපදින සියළු සත්වයෝ යම් දිනෙක මෙලොව හැර යන්නේය. අව්වේ දමා තිබෙන්නා වූ තෙත ජොකා සේම, මේ ශරීර කූඩුවෙන් ප්‍රාණය වෙන් වන්නේය. අවසන ඉතුරුවන්නේ තෙත නොමැති වියලි ජොකා ය. එලෙසම කාටවත් වැඩක් නැති ප්‍රාණයෙන් තොර වූ කුණු සිරුර ඉතිරි වන්නේය. ආනන්ද අංකල් බව්වාව දෝතින් ගත්තේය. කෙලින්ම ලී මෝලෙන් නික්ම තම නිවසට ගියේ බල්ලාව රාජ්‍ය ගෞරව සහිතව තම ඉඩමේම භූමි දාන කිරීමේ යහපත් චේතනාවෙන්ය. ඒ යන අයුරු අප බලා සිටියේ දෑසට කඳුළු උනමින්ය. පසුව දා ආනන්ද අංකල්ගෙන් සිද්ධිය දැන ගත් පසු අප තව දුරටත් යවත් කාලීන වූණේය. 

දින කිහිපයකින් අපේ කඩේට ආවේ සිරිමා ඇන්ටීය. ඇය අප පොඩි කාලේ සිටම එකට සිටි, අප පිළිබඳ සොයා බැලූ අපේම නැන්දෙක්ය. සෑමා මොට්ට සෝරි ගියේද ඇගේ දුව සමඟ නිසා සැට් එකම එක බැජ් එකේය. එදා ඇන්ටී කඩේට ආවේද තරමක සෝකයෙන්ය. අස්සයා මිය ගිය කව් ගර්ල් ලෙස ආ ඇන්ටී කියා සිටියේ.. “අනේ බලන්නකෝ කාන්ති අපේ බල්ලා දැන් දවස් කීපයක ඉදන් නැහැ“ කියාය. එහෙව් දුක්ඛිත වචන ඇසෙන විට අපේ අම්මා ක්‍රියාන්විතය ආරම්භ කරන්නේය. ඉන් සුළු මොහොතකින් චන්ද්‍රදාස මහත්තයා නම් අය කඩේට ආවේය. ඔහු සතුව ගල් මෝලක් ඇත්තේය. ඒ මෝලේ නිදහසේ සැරි සරන බල්ලෝ බොහෝය. ඒ අතර අම්මා සිරිමා ඇන්ටීගේ බල්ලා සිහි කළේය. ඉන් පසුව චන්ද්‍රදාස අයියා අංකල් කිව්වේ “ඔව් බලන්න කෝ අර ලී මෝලෙ ආනන්දගේ බල්ලත් ගල් මෝල ඇතුලෙ බැල්ලියෙක් එක්ක නටනවා කියාය..“ අම්මාගේ ඇස් උඩ ගියේ අදිසි දහය බැලු කලෙක මෙන්ය. බව්වා හොල්මනින් ගොස් ගල් මෝලේ ලව් කරනවාදැයි සැක සහිතය. ඉන් පසු ආනන්ද කැඳවා සිද්ධිය කීවේය. ඉන්පසුව සියළු පරීක්ෂණ, නිරීක්ෂණ, අවසන්ව නිගමනයකට අවේය.

සිද්ධිය මෙසේය. සිරිමා ඇන්ටීගේ බල්ලා සහ ආනන්ද අංකල්ගේ බල්ලා එක වාගේය. මිය ගොස් පාරේ වැටී සිටින බල්ලාගේ උප්පැන්න සොයන්න යෑම අර්ථයක් නොමැතිය. සතාගේ මූණ බලා බල්ලා අපේ යැයි හෝ කාගේ යැයි කිව හැකිය. කසියා සමඟ මික්ස් වී සිටියදී ආනන්ද දෝතින් රැගෙන ගොස් ඇත්තේ මිය ගොස් සිටි සිරිමා ඇන්ටිලාගේ බල්ලාය. ආනන්ද අංකල්ගේ බල්ලා නිරුපද්‍රිතව බැල්ලියක සමඟ සිටියදී ගල් මෝලේදී අත් අඩංගුවට ගැනුනේය. තම බව්වා හිමි වූ සතුට ආනන්ද අංකල්ගේ සිත වසා ගනිද්දී, තම බල්ලා අහිමි වූ දුක සිරිමා ඇන්ටීගේ ඇස කදුලින් වසා ගන්නට හේතු වන්නට ඇතිය.

තම ගෙදර එකාට නොසලක බලු සමාජයක ආනන්ද අංකල්, සිරිමා ඇන්ටිලා හොඳ ආදර්ශයන්ය. පාරේ වැටී සිටින සතෙකු මිහිදන් කිරීමට උදැල්ලක් උස්සා ගන්නට මිනිස් සිතට ශක්තියක් ලැබේවා යැයි සෑමාගේ පැතුමය. 

පලි - මිය ගොස් සිටියේ ආනන්ද අංකල්ගේ බල්ලා බව සිතා ආනන්ද අංකල් කල් ගෙවද්දී, ගල් මෝලේ සැඟවී සිටි ආනන්ද අංකල්ගේ  බව්වා ගෙදර ආවේ නම්, ආනන්ද අංකල් බලු හොල්මන් යැයි රැවටී, බව වී, මෙම ලිපිය මීට වඩා ආතල් එකක් වෙන්නට ඉඩ තිබුනේය.

Written_by_sAm_ශ්‍රී_Perera_19/02/14_7:45am

84 comments:

  1. සෙහ් මාත්තුකාව දකිනකොටම මං ඉතුවෙ හොලු බල්මනක් ගැනනෙ... අපලාදෙ... උදෙන්ම නෑව...
    ඇත්තට සෑමො දැං පාරෙ බල්ලෙක් නෙමේ මිනිහෙක් මැරිල හිටියත් බලන්නෑ නෙව.. ඒ තරං පිරිහිලා....
    මට මතකයි අපි පුංචි දවස් වල පාරෙ මොකෙක් හරි සතෙක් ඇක්සිඩන්ට් වෙලා ඉන්නව දැක්කොත් පණ තියේනං වතුර ටිකක් හි දෙනව... මැරිල හිටියොත් වලලනව... ඒත් අද ඒ කිසි දෙයක් නෑ... අරකීවත් වගේ කාපට් එකටම ඇලුනත් කව්රුත් බලන්නෑ...

    ReplyDelete
    Replies
    1. මනුස්සයෙක් දිහා නොබල උන් සතෙක් දිහා බලයිද මහේෂ්...

      පලි - උදේම නාන එක හොදයි හැබැයි.. :)

      Delete
  2. ගොඩක් තැන්වල වෙන්නෙ බල්ලෙක් තියා මිනිහෙක් මැරිල වැටිල හිටියත් බලන්නෙ නැති එක තමයි. ඒත් සතෙකුට උනත් ඔහොම සැලකිලි දක්වන් මිනිස්සු නැතුව නෙමෙයි.
    හැබැයි ඉතිං මිනිස්සු උස්සන්න ගිහිල්ල අන්තිමට පොලීසි ගානෙයි උසාවි ගානෙයි යන්න උනාට අනුංගෙ හරි බලු කුණක් ඉස්සුවයි කියල එහෙම දෙයක් වෙනවායැයි කියා මා අසා නැත.

    ReplyDelete
    Replies
    1. වියළි ජොකායි කුණු සරීරයයි සමාන වන්නේ කෙසේදැයි තේරුම් කරදීම මනා ය. :D

      Delete
    2. හොදටම වියලි ජෙකා ටකරම වගේ වන්නේය..

      එසේම ප්‍රාණයෙන් නිරුද්ධ වූ සිරුර කිසිම වටිනා කමක් නැති දෙයක් වන්නේය.. :)

      පලි - අන්න එහෙමයි අනිත්‍යය මෙනෙහෙි කරවන්නෙ..

      Delete
    3. ධාර්මික සැමා... (සෑමා)

      Delete
    4. පහදා දීම ගැන ස්තුතිවන්ත වෙමි. :D

      Delete
  3. අනේ මන්ද ?? සෑම ලිවුවොත් ලියන්නෙ බලු පූස් මී කේස් ම තමා...

    ReplyDelete
    Replies
    1. බොටත් ලඟදීම තේරෙයි.. :)

      Delete
  4. ඔය කතාව කියවද්දි කියන්න ඕන ටික අපේ ප්‍රසා කියල නේ තියෙනනේ. මට මතක් උනේ අපි පුංචි කාලේ අපේ ගෙදර හිටිය හුරතල් බලු පැටියා. වෙන වල් බල්ලෙක් ඇවිත් ඌව හපලා දාලා ඌ මැරුවා. අර හපපු බල්ලගේ නම “සෑම්“ කියල මට දැං මතක් උනේ..

    ReplyDelete
    Replies
    1. සික් බල්ලෙක්ටවත් දානවද බන් බන් ඔය වගේ කුජීත නම් :D

      Delete
    2. “දේශකයාට නමක් දමමු“ ගෘප් එක වහා සක්‍රිය කරනු...!!

      Delete
    3. හුරතල් බලු පැටියගෙ නම දේශකය වගේ එකක් කියල බොට මතක තිබුණෙ නැද්ද?

      Delete
    4. හැබෑටම බං මම දැං ඉන්න ගෙදරට අල්ලපු ගෙදර උන් ඒකගේ බල්ලට දාලා තිබ්බේ දේශා කියලා. අරුන් දවල් රෑ බෙරිහන් දෙනවා “දේශා. පැටියෝ බත් කාපං.. ඉජු ඉජු“ කිය කිය. ලැජ්ජාවේ බෑ බං.. පස්සේ උනුත් දැනගත්තම මාත් දේශා කියලා උං බල්ල වෙන කොහාට හරි ගිහින් දුන්නා. ඇයි කියන්නේ බල්ලෝ දෙන්නෙක්ට එක තැන ඉන්න බෑනේ..

      Delete
    5. @සෑමා ඒක සක්‍රීයයි බන් උබල ඕන ඕන විදිහකට මඩ ගහපල්ලා :D

      දේශා ඉදල ඉදල අන්තිමට ඇත්තක් කියලා :D

      Delete
    6. මුගෙ බොරු බං. පුංචි කාලෙ ගෙදර බල්ලා සෑම් ලු... දැන් එහා ගෙදර බල්ල දේශා ලු..

      බල්ලන්ට ගැලපෙනම නම දේශ් නේවෙද??

      Delete
    7. මේ ගැන ගෘප් එකේ මත විමසුමක් කරන්න ඕන :D

      Delete
  5. කලින් පෝස්ට් එක මීයොයි පූසියොයි, අද බල්ලො ඊලග එක මොකක්ද බන් :D

    ReplyDelete
    Replies
    1. ඊ ලග එක ඇත්ත "කිටී" ගැන බන්ස් ...
      මම ඔය ජිවන රටා විදි දෙකක්ම අත්විදලා තියෙනව නොවැ ....හැක් ...හැක් ...
      මම නොදන්න..රෙද්දෙ ෆැමිලි ..ලයිෆ්.....හෙක්...හෙක්.....

      Delete
    2. @කෙන්ජි - උඹ බැඳල නැහැ කිව්වෙ එහෙනම් :ඩී

      @රාගමයා - කිරි කැටියා ගැන කවියෙන් දෙන්නද?

      Delete
    3. කෙන්ජයිය නාකි උනත් තාම බැදපු නැති කොල්ලෙක්නෙ හැක් :D

      Delete
    4. බැන්දට පියෙක් නෙවේද දන්නැ :))

      Delete
    5. දැනටමත් කීදෙනෙක්ගෙ පියෙක්ද දන්නෑ :D

      Delete
  6. අපේ ගෙවල් ගාව රියල් පොරක් සිටිනවා. පොර ගාව ආතක් පාතක් නැති බල්ලෝ 10ක් විතර ඉන්නවා. පොරට රස්සාවකුත් නෑ. පන්සලේ ඉතුරු වෙලා තියන කෑම අරං ගිහිං කස්ටිය සතුටෙන් බෙදා හදාගෙන කාල ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔටාරා ඇන්ටි වගේ ඩයල් එකක් :)

      Delete
  7. අපේ අප්පොච්චා ඔය වගේ කෙනෙක්. එයාගේ හිතේ අසීමාන්මිත සත්ව කරුණාව. ගෙදර ඉන්න වැඩි හරියක් සත්තු අරගෙන ඇවිත් තියෙන්නේ පාරේ කන්න බොන්න නැතුව වැටිලා ඉද්දි. ගොඩක් අය අබ්බගාතයෝ.
    පව් අහිංසකයෝ. මේ පැත්තේ මිනිස්සු පන්සල් පල්ලි වලට නෙමෙයි සත්තු ගිහිං දාන්නේ අපේ පාරට ... :v

    මිනිස්සු ගැන කතා කරලා වැඩක් නෑ සෑමෝ.. !

    ReplyDelete
    Replies
    1. දැන් පන්සලට නෙවෙ තමා දාන්නෙ.කවුරු හරි ගෙදරක සත්තු ආදරෙන් බලා ගන්නවනම්.. ඒ අයගෙ ගෙදර ලගින් දාල යන්නෙ.. පව් අඩු කරගන්න වෙන්න ඇති...

      Delete
  8. පවු අර බල්ලා... බල්ලා කියන්නේ මිනිස්සුන්ට වඩා කෙලෙහිගුණ දන්න සතෙක්.
    අර තෙත ජොකා වේලෙන කතාව ශරීරයත් සංසන්දනය කල හැටි අපූරුය.. (අවභාවිතයක් නොවේ)

    ReplyDelete
    Replies
    1. බල්ලා පව් වෙනේනෙ කොයිද? ඌට ගෞරවාන්විත අදාහනයක් ලැබුන නොවැ..

      අවභාවිතය නොවන බව දනිමි :)

      Delete
  9. කතව එල ..
    පොඩි පුරශ්නයක් මං උඹේ බොගියේ එල්ලිලා ඉන්නෙ එත් මට කතා අප්ඩෙට් වෙන්නෙ නෑනේ ??/වෙන අය ගේ රොල් වලින් තමා එන්නෙ ??????මොකක්ද මේ අවුල..මුලදි එලට තිබුණා ...මම අයේ අයින් වෙලා එල්ලුනා බලන්න ..

    ReplyDelete
    Replies
    1. ස්තුති.. එල්ලිලාම හිටු...

      සහෝදරත් මම එල්ලන් ඉන්නෙ :පී

      Delete
  10. //එහෙත් අවාසනාව යනු ඒ ක්ලිප් එකේ කියනා දේවල් පැහැදිලි නොවීමය.// සික්....... ජාතික අපරාධයක් ඒක නම් ;)

    බල්ලෝ ඇති කරන සහ බල්ලන්ට ආදරේ කෙනෙක් නිසා, මගේ මනාප තුනෙන් එකක් මං අන්කල්ට දෙනවා ඕං :)

    //මා මොට්ට සෝරි ගියේද ඇගේ දුව සමඟ// ඇන්ටි බය නැතිව යැව්වද කෙල්ලව ඔයාත් එක්ක?? :O

    ReplyDelete
    Replies
    1. 1 - ඇත්තටම අපරාදේ ඒ ක්ලිප් එක නැති එක..

      2 - ස්තුති. මම අංකල්ට කියන්නම්..

      3 - හිකිස්.. මේ වගේ රත්තරං කොල්ලෙක් හම්බවෙයි.. :))

      ඡන්දෙ ඉල්ලනවාද? පිලිවෙලට ප්‍රශ්න අහල තියෙන්නෙ..

      Delete
  11. හොද බල්ලො හැම තැනම හිටියට හොද මිනිස්සු හැම තැනම නෑ සැමෝ.

    ReplyDelete
  12. ඔව් බං උඹ කියන කතාව ඇත්ත. මේ ලඟදි බ්ලැක් මුවර් මාලුවෙක් මැරිලා මට හිතුනෙම නෑ ඌව ටොයිලට් එකට දාලා ෆ්ලෂ් කරන්න. මම ඌවත් අරන් ගිහින් සුදුසු තැනක වලලලා ආවා.

    ReplyDelete
    Replies
    1. යකෝ ඔය රටේ බල්ලො බළල්ලු මැරුනමත් ටොයිලට් එකට දාල ෆ්ලෂ් කරනවද? :D

      Delete
    2. @හෙන්රි - වැලලුවාට මෙහෙ සත්තු නම් හාරල කනව බං... ෆ්ලෂ් කළාම ඌට පන තිබ්බත් අවුලක් නැති වෙයි නේ?? වතුරෙ නේ.. :))

      @ප්‍රසා - සිරා කතාව යකොව්..

      Delete
  13. බල්ලන්ට නං කැමති නෑ. කතා ටික නං පංකාදුයි

    ReplyDelete
    Replies
    1. බව්වන්ට කැමතිද රාජ් ? ;)

      Delete
  14. උඹ බැලුවනෙ අපේ බල්ලා නැතිවෙලා වෙච්ච අකරතැබ්බේ ඔවුන් බං ඉඳලත් බෑ නොඉඳත් බෑ නේද.

    ReplyDelete
    Replies
    1. පව් බං.. මම කියෙව්වා කතාව..

      ඒ වගේම රතිඤ්ඤා සීන් එකක් නිසා අපේ එකෙක් මිසින් වුනා කියල කමෙන්ට් කලා මයෙ හිතේ...

      Delete
  15. මගේ යාලුවෙක් ඉන්නවා නුවර පාර අයිනේ ගේ තියෙන්නේ. දවස් දෙක තුනකට සැරයක් වත් බල්ලෙක් වාහනේකට අඩයක් තියනවලු. ඔක්කොම උන්ගේ කනත්ත මුන්ගේ වත්ත තමයි. හිත හොද බුවා අපරාදේ කියන්න බැ.

    දැන් මිනිස්සුන්ගේ මනුස්සකම නෑ, මිනිස්සු ඒ තරමටම පිරිහිලා.

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලෝ...

      අපේ ගෙදර සත්තු හදන් නැත්තේ අඩ තියන නිසාමයි බං..

      Delete
  16. මචං උඹලගේ පැත්තේ ජොකෙක් හොඳට වේලුණහම ඒක භූමදානය කරනවද? අපේ පැත්තේ නම් අඳින්න ගන්නවා.

    ReplyDelete
    Replies
    1. හිනා යනව බං.. තනියම...

      යකෝ උපමා උපමේය ගැන ඉගෙන ගනින්.. :))

      Delete
  17. ඔහොම වැඩ මනුස්සයො මැරුණමත් වෙන එකේ බල්ලො ගැන මොන කතාද..? සමහරු දාන දීලා ඉවර උනාම මැරුණු මනුස්සය ගෙදර එන්නෙ... අනන්ද අන්කල්ට නම් හෙන ජොලි ඇති... පව් සිරිමා ඇන්ටි... මනුස්ස ජීවිත බල්ලො බළලු ගානට වැටුනෙ 89 භීෂණ යුගයෙන් පස්සෙ... ඒ දවස්වල පාර අයිනෙ තිබුණු මිනී දිහා බල බලා පරාණ බයට මොනවත් නොකර එතැනින් කී දෙනෙක් කී සැරයක් ගියාද... මට ඒක මතක් වුනා මේ කතාව කියවලා...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මිනිස් ජිවිතයක වටිනාකම තුට්ටුවට බැහැලැ..

      Delete
  18. //පාරේ වාහනයක යට වූ සතෙකු // මේක දකිද්දී සිහියට ආවේ අපේ ගෙවල් කිට්ටුව කෙනෙක් පහුගිය දවසක වාහනයකට යට වෙලා මැරුණු සිද්ධියක්. හිස ෂුන්. පව්..

    සතෙක් වුනත් පාරට ඇලෙන්න නොදී වලක් කපල යට කරලා දාන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඇත්තටම ආනන්ද අන්කල් ගේ බල්ලා රෑක හෙම ගෙදර ආව නම් හොල්මන්ද ඩෝග් තමයි.. :)

    ReplyDelete
    Replies
    1. හිකිස්. පොර බිල ඉන්න වෙලාවක එන්න තිබ්බෙ.. මැවිල පේනව බං..

      Delete
  19. කොහොමත් ඔය හතරේ බල්ලෝ දෙකේ බල්ලොන්ට වඩා හොඳය. කෑම බිම දුන්නම වත් මතක හිටින්නේය!

    ReplyDelete
    Replies
    1. සිරාවට නැට්ට හරි වනනවා..

      Delete
  20. බලු ඇක්සිඩන්ට් කියන කොට මතක් වුනේ...බයික් එකේ යද්දි කොල්ලෝ කියන කතාව...‘හරකගෙ පස්සෙන් බලු ඔලුවෙන්‘...හරකෙක් පාරට පැන්නම වාහන ආවත් ඉස්සරහටම යනවා..එතකොට අපි හරකගේ පස්ස පැත්තෙන් යන්න ඕනේ...බල්ලා ආපහු හැරෙනවා..ඒ නිසා උගේ ඔලුව පැත්තෙන් අපි යන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. හරක් පුකෙන් බලු හොම්බෙන් කතාවක් මම දැම්මා උඩ ලින්ක් දාල තියෙන කතාවක..

      Delete
  21. මාත් හිතුවෙ හොල්මන් කතාවක් කියල බන්.එහෙම නොවුනත් කතාව හොඳයි

    ReplyDelete
    Replies
    1. බය හිතෙන ඒව දාන්නෙ නැහැ අපි :)

      Delete
  22. උඹ මොකෝ බං මේ ටිකේම සත්තුන්ව අල්ලගෙන..

    ReplyDelete
    Replies
    1. මන්දා බං.. සත්ව කතා මයි මතක් වෙන්නෙ..

      Delete
  23. බලු උනාට වටින කතාව. මම නම් ඉතින් බල්ලන්ට පුසන්ට කොහොමත් කැමති. නැතුව පුලුවනැයි බලු දොස්තර කෙනෙක් උනාම.

    ReplyDelete
  24. කිරුලට දැය වෙනුවෙන් මලින්ද මාමා අපේ පාර කාපට් කලේය. ඊට පහුවදා අපේ අම්මාගේ සුරතල් බලු රාල වාහනයකට අඩයක් තිබ්බේය. ඊට මාසයකට පමණ පසුව අනිත් බලු රාල කැමක් විස වී පරලොව ගියේය. දැන් ඉතිරිව ඇත්තේ එකෙක් පමණි. දැන් ඌට රජ සැපය.

    ReplyDelete
    Replies
    1. හදනව වගේ නෙවෙ.. නැති වුනාම දුකක...

      Delete
  25. මේ රටේ මිනිස් ජීවීතයක වටිනාකම නැති කලේ ජෙප්පෝය.. ඉදින් බල්ලන් ගැන කවර කතාද....?

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙම තමයි... ඒ වැරදි නිවැරදි කරන්න අනුර මාමාට ධෛර්යය ලැබේවා.. :)

      Delete
  26. මම හිතුවේ උබලගේ බල්ලා භූතයෙක් වෙලා ඇවිත් උබව හපලාවත්ද කියලා ... ගල් මෝලේ ලව් කරන බලු ජෝඩු වලට බාදා කරන්න එපා කියපන් බං..

    ReplyDelete
    Replies
    1. චමී ගල් මෝල වැහුවලු නේ??

      (වචන අවභාවිතය නොවේ..)

      Delete
    2. බද්දට ගන්න අදහසක් තියෙලු.. (අවභාවිතා වචන නෙවේ)

      Delete
    3. අලුත් ගල් මෝලක් සොයමින් සිටි . (අවභාවිතා වචන නෙවේ)

      Delete
    4. @දේශක - මු දැන් ගල් මෝල වහලා.. කෙලින්ම ගල් වලක බැහැලා ඉන්නෙ :))

      (අවභාවිත නෙවේ..)

      Delete
  27. අපේ ගෙදර බල්ලෝ ඇති කරේ නෑ. අපිටත් පොඩි කාලේ ඉඳන් බල්ලන්ගෙන් හිරිහැර වූ නිසා අපට බලු අප්‍රිය තාවක් ඇති විය. ඒත් සෑමා කියනවා වගේ පාරේ බල්ලෙක් මැරී සිටියා නම් ආදාහනය කරන්නට අපි වග බලා ගත්තෙමු.

    ReplyDelete
    Replies
    1. කරදර කිව්වෙ.. හපා කැවද??

      Delete
  28. අපේ බලලත් යනවා ඔහොම මනමාල කමේ. හෙහ් හෙහ් හෙහ් මුල් කාලේ නම් හෙව්වා දැන් හොයල බලන්නෙම නෑ බන්. පව් අප්පා ගල් මොලේ ආදරේ හාහ් හාහ් හාහ්

    ReplyDelete
    Replies
    1. උගෙ ආතල් එක ගන්න දියන් බං..

      Delete
  29. ආදාහනය නෙවේ බන් භූමදානය

    ReplyDelete
  30. හුගක් අය මිනිස්සුනට නැති වුනාට බල්ලොන්ට ආදරේ කරනව මම දැකල තියෙනව.බල්ලන්ට ආදරෙ එක හොදයි එත් හුගක් බල්ලට ආදරෙ වුනාට මිනිස්සුන්ට නැ.

    ReplyDelete
    Replies
    1. බල්ලට පෙන්නන්නෙත් බොරු ආදරේ බං..

      Delete
  31. //අව්වේ දමා තිබෙන්නා වූ තෙත ජොකා සේම, මේ ශරීර කූඩුවෙන් ප්‍රාණය වෙන් වන්නේය. අවසන ඉතුරුවන්නේ තෙත නොමැති වියලි ජොකා ය.//

    බලාපිය මේකෙන් කොයි තරම් හොඳට අනිත්‍ය පැහැදිලි වෙනවද ....? සාදූ සාදූ...

    ReplyDelete
  32. තිරිසන් සතෙක්ට වුනත් කරුණාවක් දැක්විම හොඳ ක්‍රියාවක්. මැරුණත් බල්ලනේ.

    ReplyDelete
  33. ඒ උනාට බල්ලගෙන් බලු කෑල්ල අයින් කල එක කැතයි ඇ...හැබෑට එහෙම කලාද..කතාවේ ඒක තිබ්බේ නෑනේ :3

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...