සෑම පෝය දිනයකටම වැඳගත් සිදුවීමක් ඇත්තේය. බුද්ධ කාලයේ අද වැනි දිනයක...
- බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් අග‍්‍ර ශ‍්‍රාවකයන් වහන්සේලා පත්කර ගැනීම,
- බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම වරට සංඝයා වහන්සේ රැස් කරවා සංඝ සම්මේලනයක් පැවැත්වීම,
- භික්ෂූන් වහන්සේට ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කිරීම,
- බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම,
සිදු වී ඇත්තේය. මෙම කරුණු හතර කියවූ විටම සෑමාගේ සිතේ ඇති වූ ඊලඟ ගැටළුව වූයේ “ඕවාද ප්‍රාතිමෝක්ෂය“ යනු කුමක්ද කියාය.
ඒ අනුව ඕවාද ප්‍රාතිමෝක්ෂයට අයත් කරුණු 13ක් ලෙස බුදු දහමේ සඳහන් වෙයි. බුදුරජානන් වහන්සේ විනය පිටකය පැනවීමට පෙර සර්වඥයින් වහන්සේ අවුරුදු 20 ක් භික්ෂූන් වහන්සේලාට උපෝසථ කර්ම වශයෙන් භාවිතා කලේ ,දේශනා කලේ ,අනුශාසානා කළේ මෙම අනුශාසනා කරුණු 13ය. එම කරුණු 13, පහත ගාථා වල ගැබ්ව ඇත්තේ 4, 6, 3 වශයෙන්ය. දීර්ඝායුශ බුද්ධ ශාසන ඇති කාල වලදි අවුරුදු 7 වරක් 6කට වරක් 5 කට වරක් 6 මසකට වරක් ආදි ලෙස සංඝයා රැස් කොට ඒ ඒ සර්වඥයින් වහන්සේ ලා මෙම අවවාද ප්‍රාතිමෝක්ෂ දේශනය සිදු කර ඇති බව ශාසන ඉතිහාසය සාක්ෂි දරන්නේය.
ඛන්ති පරමං තපො තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාති
සමණෝ හොති පරං විහෙඨයන්තො
- ඉවසීම නම් වූ ක්ෂාන්තිය උතුම් තපසය.
- බුදුවරු නිවන උතුම් යැයි පවසන්නෝය.
- අනුන් පෙළන තැනැත්තා කිසිදා පැවිද්දකු නොවන්නේය.
- අනුන් වෙහෙස කරන තැනැත්තා කිසිදා ශ්‍රමණයකු නොවේමය.
==================
අනූපවාදො අනුපඝාතො
පාතිමොක්ඛෙච සංවරො
මත්තඤ්ඤුතාච භත්තස්මිං
පන්ථඤ්ච සයනාසනං
අධිචිත්තෙච ආයොගො
එතං බුද්ධානසාසනං
- අනුනට අපවාද නොකිරීමද,
- අනුන් තලා පෙළා හිංසා පීඩාවට පත් නොකිරීමද,
- ශික්ෂා පද ශීලයේ මනාව සංවරව පිහිටා සිටිම ද,
- සිව්පසය පමණ දැන පරිභෝග කිරීමද,
- විවේක ස්ථාන වලට වී භාවනා කිරීමද ,
- සමථ විපස්සනා ධ්‍යාන අභිඥා මාර්ග ඵල උපදවා ගැන්මද
මෙය ලොව පහල වූ සියළු බුදුවරුන්ගේ අනුශාසනවයි.
===================
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධානසාසනං
- සියලු අකුසල් නොකිරීම ද,
- කුසල් වැඩි දියුණු කිරීම ද,
- එයින් සිය සිත පිරිසිදු කර ගැන්ම,
මෙය ලොව පහල වූ සියළු බුදුවරුන්ගේ අනුශාසනවයි.
උඳුවප්, දුරුතු යන මාස සමඟ ශීත සෘතුව ගෙවී යද්දී ලැබෙන හේමන්ත සෘතුව නවම් මාසේ උදා වන්නේය. මේ කාලයේ දහවල් කාලය දැඩි හිරු රශ්මියක්ද, උණුසුමක්ද රැය තුළ ශීතල ස්‌වභාවයත් ඇති කරන්නේ සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ කියමින්ය.
නවම් පෝ දින සිදුවූ අග්‍රශාවක තනතුරු පිළිගැන්වීම එක් දහස් දෙසිය පනහක් පමණ වූ රහතන් වහන්සේ මැද සිදු වූවේය. එහදී සැරියුත් තෙරණුවන් හට දකුණත් සව් වශයෙන්ද, මුගලන් තෙරණුවන් හට වමත් සව් වශයෙන්ද තනතුරු පිරිනැමූනේය. පස්වග මහණුන් සිටියදී එම තනතුරු නවක භික්ෂූන් වහන්සේ දෙනමකට ලබා දීම ගැන සමහර භික්ෂූන් වහන්සේ තුල සතුටක් නොවුනේය. එහෙත් සුදුස්සාට සුදුසු තැන ලබාදීමේ අරමුණින්, පූර්ව ප්‍රාර්ථනා බලයෙන් අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් මේ දෙනමගේ පූර්වකෘත පුණ්‍ය මහිමය සහ සසර පුරුදු කළ විශේෂ දක්ෂතා නිසා මේ තනතුරුවලට පත්වූ බව බුදුන් වහන්සේ දේශනා කළෝය. ඒ දෙනමගේ අතීත ප්‍රවෘත්ති කතාව උන්වහන්සේ ගෙන හැර පා වදාළෝය.
අගසව් තනතුරු ලැබූ මෙම දෙනම අනෝමදස්‌සි නම් බුදුවරයාණන් වහන්සේ දවස සරද හා සිරිවර්ධන යන නම් ලැබූ මහා සිටුවරු වූවෝය. අනේක විධ වූ සැප සම්පත් වින්දනය කරමින් සිට අනතුරුව ගිහි ගෙය අතතැර ගොස් අනෝමදස්‌සී බුදු හිමියන් ගෙන් නියත විවරණ ලද්දේය. ඒ මතු උපදින ගෞතම බුදුන්ගේ අගසව් තනතුරු ලබන්නටය. එතැන් පටන් පින් පුරා ගෞතම බුද්ධ රාජ්‍ය සමයෙහි සරද තවුසා උපතිස්‌ස නමින්ද සිරිවර්ධන තවුසා කෝලිත නමින්ද උපන්නෝය. සසර පුරුදු ලෙසින් දෙදෙනා මිත්‍රයෝද වූවෝය. එකල්හිද සැප සම්පත් අනුභව කොට එදා රජගහ නුවර පැවැති ගිරග්ගසමඡ්ජ නම්වූ ප්‍රීති උත්සවයට සම්බන්ධව විනෝද වෙද්දී එලෙස නිසරු බව අවබෝධ වූවෝ විමුක්‌තිය සොයා සංජය පිරිවැජි යටතේ පිරිවැජි වෙස්‌ගෙන භාවනායෝගී වූවෝය. කල්ගත වෙද්දී දෙදෙනා විමුක්‌තිය සොයා වෙන්ව දෙමඟක යන්නේ උපතිස්‌ස පිරිවැජියාට අස්‌සජී තෙරුන් වහන්සේ හමුවී පැහැද හේතු ප්‍රත්‍ය ධර්මය විස්‌තර වන "යෙ ධම්මා හේතුප්පබවා" නම්වූ ගාථාව අසා පැහැද ධර්මය අවබෝධ වී සිය මිතුරා සමග තවත් සිය ගණනක් අතවැස්‌සන් කැටුව බුදුරජාණන් වහන්සේ හමුවට ගියෝය.
එදවසැ වේළුවනාරාමයෙහි ධර්ම සභා මධ්‍යයේ බුදු හිමි වැඩ වසන්නා වූ ඈතින් එන පිරිස් දැක "අර එන්නේ මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක දෙනම යෑයි පැවසු සේක. පැමිණි පිරිස ඒහි භික්‌ෂු භාවයෙන් පැවිද්ද ලද අතර සැරියුත් හිමි දකුණත් සව්ද, මුගලන් හිමි වමත් සව් ලෙසටද නම්කරනු ලැබූ සේක.
සාරි නම් බැමිණියගේ පුතා සාරිපුත්ත (සැරියුත්) නමින්ද, මොග්ගලී බැමිණියගේ පුතා මොග්ගල්ලාන (මුගලන්) නමින්ද හැඳින්වූයේ මවුවරුන්ට ගරු කිරීමක් හැටියට ය. පැවිදිව සත් දිනකින් මුගලන් හිමි රහත් ඵලයට පත් විය. දීඝනක පරිභ්‍රාජකයාට දේශනා කළ දහම් අසා සැරියුත් හිමිද රහත් භාවය ලද්දේ ය. අගසව් දෙනම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වරෙක මෙලෙසට ප්‍රකාශ කළෝය.
මෙලෙසට ශාසනයේ චිරස්‌ථිතිය උදෙසා අගසව් තනතුරු ආදී තනතුරු ප්‍රදානය කරන්නට සිදුවු බව බුදු හිමි අපේක්‌ෂා කළෝය. එපමණක්‌ද නොව තනතුරු නොලද හිමිවරුන්ගේ දුර්මත නැති කිරීම් වස් ප්‍රථම "ඕවාද ප්‍රාතිමෝක්‌ෂය" (අවවාද කිරීම) දේශනා කළේ ද නවම් පෝ දිනයේය. මුල් යුගයේද භික්‌ෂු සමාජයට අවවාද විනය නීති අවශ්‍ය වූයේ නැති අතර සිහි කිරීම පමණක් ප්‍රමාණවත් වූ බව පාරාජිකා පාලි දේශනාවට ඇතුළත්ය. බුද්ධත්වයෙන් මුල් විසිවස (පඨමාභිසම්බෝධි සමය) තුළ භික්‌ෂු සමාජයේ විනය ශික්‌ෂා නොමැති වුවද පසුව කල්යැමේදී ඕවාද ප්‍රාතිමෝක්‍ෂය අවශ්‍ය බව සඳහන් කළ හැකිය.
උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් තම පිරිවර දහසක් සමග පැවිදි වීමත්, සැරියුත් මුගලන් දෙනම ඇතුළු දෙසීය පනහක භික්‌ෂු පිරිසද, යසකුල පුතු ඇතුළු පිරිසද වශයෙන් එක්‌දහස් තුන්සියය ඉක්‌ම වූ සංඝ සන්නිපාතයක් එදා නවම් මස පෝය දින රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමියේ රැස්‌ව සිටි විට එහිදී සුවිශේෂ කරුණු කීපයක්‌ම සිදුවූ වග ඉතිහාසයේ සඳහන් වන්නේය.
මෙම පෝය දින වැදගත් වන තවත් එක් කරුණක් වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා ආයු සංස්‌කාරය අතහැරීමට තීරණය කර ප්‍රකාශ කිරීමය. මෙම අනුවේදනීය අවස්‌ථාව වන විට බුදු හිමිට වයස අවුරුදු අසූව සම්පූර්ණ වීමට මාස තුනක්ය. මෙම අවස්‌ථාව වන විට බුදුරජාණන් වහන්සේ අග්‍ර උස්‌ථායක ආනන්ද හිමියන් සමග රජගහ නුවර චාපාල චෛත්‍ය නම්වූ ස්‌ථානයේ වැඩ සිටියෝය. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් ලෙසට බුදුවරයකුගේ ආයු සංස්‌කාරය අත්හැරීම් අටක් පිළිබඳව ආනන්ද හිමිට දේශනා කොට ඇත්තේය. "ඡන්ද, වීරිය, චිත්ත, විමංසා" යන සතර සෘද්ධිපාද වැඩූ බුදුවරයකුට කල්පයක් කාලයක් වැඩ සිටිය හැකි බවද බුදුහිමි තෙවරක්‌ම ආනන්ද හිමිට ප්‍රකාශ කළද "එසේ කල්පයක කාලයක් වැඩ සිටින ලෙසට" බුදු හිමියන්ගෙන් ආනන්ද හිමිට ඉල්ලා සිටීමට තරම් සිහි කල්පනාවක් ඒ මොහොතේ පහළ නොවූයේ දුකට පත්ව වික්‌ෂිප්තව සිටි නිසා බව පසුව අනාවරණය විය. ප්‍රථම ධර්ම සංගායනා අවස්‌ථාවේදී මේ ගැන ආනන්ද හිමියන්ට චෝදනා එල්ල වී ඉහත කී ලෙසින් පිළිතුරු දීමටද සිදු වූයේය.
මෙපරිද්දෙන් සලකා බලන කල්හි නවම් පුර පසළොස්‌වක පෝය දින බුද්ධ චරිතය හා සම්බන්ධ සුවිශේෂ සිදුවීම් රාශියකට මුල්වූ බව පැහැදිලි වන්නේය. ලෝක සත්වයාට වසර හතළිස් පහක් පුරා ධර්මය දේශනා කරමින් විමුක්‌ති මාර්ගය පෙන්වා සිය දහසක් ලෝ සතුන්ට යහපත සලසා දුන් ශාස්‌තෘවරයාණන් වහන්සේගේ ජීවිතයෙහි අවසාන තුන්මස ඇරැඹෙන්නේ මෙකී ඓතිහාසික පෝයත් සමගය.
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්...
by_sAm_ශ්‍රී_Perera_14/02/2014
පසුගිය වසර වලදී අද වන් දිනෙක ලියවුනු ලිපි මෙතැනින්..
මේ පොහොය දිනයේදී සෑමාගේ සිත නිවී පහන් වේවා :D
ReplyDeleteසාදූ සාදූ සාදූ :)
සිරාවටම හොද ලිපියක් බන් :)
සිරාවටම සැමා අද මාර බෞද්ධ මූඩ් එහෙකින් ඉන්නේ නේ? :)
ReplyDeleteඅද දවසේ වැදගත්කම කියනකොට මම හිතුවි වැලැන්ටයින් දවස ගැන කියන්ට යනවා කියලයි.:D
ReplyDeleteහොඳ ලිපියක් ... අද පෝයලුනේ. හෙමිහිට තව පාරක් කියවලා බලන්නම්.
පින්සිදු වේවා!!!
හැමෝම වැලන්ටයින් ගැනනේ ,, නවම් පුර පසළොස්වක පොහොය බව හැමෝටම වගේ අමතක වෙලා.. පුරුද්දක් විදියට අවුරුදු කිපෙක ඉදන් මාත් හැම පෝය දවසෙම පෝයේ වැදගත්කම කියෝනව නෙට් එකෙන් හොයන්.. එතකොට දැක්කේ ඔයාගේ ලිපිය,, ස්තුති ,,අයියා මැරී කලාට පස්සේ හරිම හොදයි ,... :) මාත් fb එකේ පුංචියට ලියලා දැම්මා..
ReplyDeleteඅපිට නම් අද පෝය කියල විතරයි මතක.වැලන්ටයින් අමතක වෙලා ...
Deleteඅයියා මැරී කලාට පස්සේ හරිම හොදයි....
Deleteබැන්දාට පස්සෙ xපීරියන්ස් තියනවානෙ නංගි එහෙම තමා....
කසාදයක් මිනිසෙක් මොනතරම් විදියට වෙනස්කරනවද කියන එකට මෙන්න හොදම උදාහරණයක්.
ReplyDeleteසාධු සාධු සාධු........ සැමෝ....
++++++++++++++++++++++ !!!!
Deleteසාධූ සාධූ .. !!!
පෝය දවසෙ හොඳ ලිපියක් සෑම් ගෙන්. පින්...!
ReplyDeleteඅනික් හැම එකාටම වැලංටයිං මතක වෙද්දි සෑමාට විතරයි හොද දෙයක් කියන්න මතක් උනේ ස්තූතියි සෑමො...
ReplyDeleteපොඩි වැරැද්දත් හා අවුලක් ඇත...
හැකිනම් කමා කොට වැරැද්ද නිවැරදි කරගන්නටත් අවුල ලෙහා දෙන්නටත් හැකි ඔබටය
වැරැද්ද_____ භික්ෂූන් යන්න භික්ශූන් ලෙස ලියා තිබීමය... එය හැකි නමං නිවැරදි කරගන්න...
අවුල නං මෙතනයි______/// "එසේ කල්පයක කාලයක් වැඩ සිටින ලෙසට" බුදු හිමියන්ගෙන් ආනන්ද හිමිට ඉල්ලා සිටීමට තරම් සිහි කල්පනාවක් ඒ මොහොතේ පහළ නොවූයේ දුකට පත්ව වික්‌ෂිප්තව සිටි නිසා බව පසුව අනාවරණය විය.///
මං ඕ ගැන අහල ,කියවල තියෙන්නෙ ඒ වෙලාවෙ ආනන්ද හිමියන්ට මාරයා ආවේශ වී සිත වසා සිටීම නිසා බුදුන් වහන්සේගෙන් කල්පයක් කල් වැඩ සිටීමට ඉල්ලා සිටීමට නොහැකි වූවා කියලයි... මොකද ඒ වෙලාවෙ මාරයා බාධා කරපු හින්ද ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවො කියන්නෙ මොකක්ද කියල තේරුණේ නෑ කියලයි මම දන්නෙ.
ඊට පස්සෙ තමා මාරය බුදුහාමුදුරුව්න්ට පිරිනිවන් පාන්න ආරාධනා කරන්නෙ...
ස්තුති මහේෂ්.. ස්පෙලින් වැරැද්ද නිවැරදි කරන්නම්..
Deleteමාරයා ආවේශ වූ කතාවක් මම අදයි ඇහුවෙ. ඇත්ත නැත්ත සොයා බලන්නම්. මොතැන සිහි කල්පනාවක් පහළ වුනේ නැහැ කියල අදහස් කරල තියෙන්නෙත් ඒ ගැනමද දන්නෙ නැහැ.
කෝම වුණත්.. සියළු දේ අනිත්‍යයි කියල දේශනා කරපු නිසාම, කල්පයක කාලයක් වැඩ වසන්න බුදු සිතකට හිතෙයිද කියල මට සැකයි. අච්චර අමාරුවෙන් සිත දියුනු කරල ලබා ගත්ත නිවන, කල්පයක් වැඩ සිටියම නිදහසක් තියෙයිද??
නැවතත් ස්තුති !!
ඔතන කල්පයක් කියන්නේ ආයු කල්පයක් කියන එක.ඒකාලේ හැටියට අවරුදු 120.
Deleteවැදගත් ලිපියක් සෑම්.
ReplyDeleteමහේෂ් කියන කථාව තමයි මාත් අහල තියෙන්නෙනම්.
Deleteසාදු සාදු සාදූ .. අන්න බලන්න පින්වතුනි මේ වැලන්ටයින් දිනයේදේ සෑමාට වෙලාතියන දේ
ReplyDeleteසාදු....සාදු...
ReplyDeleteහුටා.. සෑමාට මේ මොකද උනේ..?
ReplyDeleteකොහොම උනත් නියම පොස්ට් එක සෑමෝ.
හැමෝම උඩදාගෙන වැලන්ටයින් සමරන කොට උඹට විතරක් පෝය මතක් වුනා ලොකු දෙයක් සැමෝ.
ReplyDeleteපෝය දිනේ ගැන නම් හොඳ විස්තරයක් තියෙනවා............වැලන්ටොයිං ගැන හා හූවක් නෑ........
ReplyDeleteප.ලි : බැන්ඳට පස්සෙ දෙයියෝ බුදුන් සිහිවෙන එක සාමාන්‍ය දෙයක්....
අපිට නම් අද පෝය දවසක් විතරයි සැමා. එක නිසා මේ ලිපිය අපිට ගොඩක් වැදගත්!
ReplyDeleteඅපිට මොන වැලන්ටයින්ද?
දුලාගේ අඩවිය ලියන දුලා
බොහෝම වටිනා කරැණු රාශියක් ඉගෙන ගත්තා. උඹට පිං! ඒ අවස්ථාවේ ආනන්ද හාමුදුරැවෝ බුදු හාමුදුරැවන්ට පිරිණිවන් නොපා වැඩ වසන්න කිව්වා නම් අපිටත් එතුමාගේ බණ අහලා සසරින් එතෙර වන්න තිබුනා. අපේ කරැමේ මලයෝ.....
ReplyDeleteමට නම් රෙද්දේ පෝයවල් වැඩක් නැහැ .
ReplyDeleteකියෙව්වෙත් නැහැ කොටලා තියෙන මගුල්.
තෝ එක්ක තියෙන යාලු කමට ආව මිසක්...
මට වැදගත් වැලන්ටයින් day ...
සෑමා දැන් සෑහෙන්න නිවී සැනසිලානේ.. බැන්දට පස්සේ මූ මනුස්සයෙක් වෙලාද කොහේද? සංතෝසේ බෑ..
ReplyDeleteපෝයට පස්සෙ දවසෙ හරි මේක කියෙවුව ඕං.
ReplyDeleteඇත්තටම ඊයෙ වැලංටයිං ඩේ එකත් තිබුණද?
පවුල එක්ක පන්සල් ගියාද බං? ආගමික සහජීවනයෙන් ඉන්ඩත් එපායෑ...
ReplyDeleteහලේ ඉතින් මේත් ඒ සෑමාම නොවැ!!!!!!!!!!!!!!
ReplyDeleteඒ සෑමාත් මේ සෑමාත් එක් අයෙක්මද? :D
ReplyDeleteමොනව උනත් හොඳ පෝස්ට් එකක් සෑමෝ... කරුණු කාරනා හොයන්නම සෑහෙන්න මහන්සියක් වෙලා තියෙනවා...
නාකි සෑමට මොන වැලන්ටයින්ද? පිනක් දහමක් කරගෙන ඉන්නෙ නැතුව...
ReplyDeleteයකෝ තෝ බනත් දන්නවද
ReplyDeleteපිංවත එසේ නොපවසන්න ඔහු තවත් බොහෝ දෑ දනී....
Deleteබලන්න පින්වතුනි මේ තරුණයා කැතහිත් වලට කවි ලිව්වට බණ දහම් පිළිබඳවත් කෙතරම් දැණුමැත්තෙක්ද කියා..
ReplyDeleteතොරතුරු ගත්ත තැන් වල ලින්ක් දැමීමට තරම් මානුෂීය වන්න....
ReplyDeleteබුද්ධ කාලයේ දේවදත්තයා නෙනී...
Deleteඅන්තර්ජාලයෙන් උපුටා ගත් බවක් යටින් යොදා ඇත්තේ ලින්ක් බොහොමයක් දැමීමට වන නිසාය...
බුදු දහමේ අගය නොදැක, බුදු සිරුරේ පැහැය සෙවුවන් සියක් දහසක් එකල දඹදිව වසන්නට ඇති..
මා උපුටා ගත් තැන්ද, සියළු කාරණා උපුටාගෙන ඇත්තේ බුද්ධ ධර්මයෙන් බව වටහා ගන්න. ඔවුන් ඒ ඒ තැන්වල උපුටා ගත්තේ බුද්ධ ධර්මයෙන් බව සඳහන් කළ යුතුද??
එල... සැමා දාපිය පහක්...
Deleteඔබගේ මවගේ ලින්ක් එකෙන් ගත්තද දන්නෙ නෑ. පොඩ්ඩක් අහලා බලපං මචෝ. මොකෝ උපුටා ගැනීම උබෙ අම්මාගෙන් කියලා දාන එක හරිනෑනෙ...
Deleteහහ්හහ්හාාාාාාාාාාාා
අනේ පො....යො යකෝ මේකෙ ලියලා තියනදේවල්වලට තොරතුරැ වලට කාටවත් කතෘභාගය දෙන්න උබ හිතුවද මේක සුජීව ප්‍රසන්න ආරච්චි ලියපු එකක් කියලා.....