Wednesday, February 5, 2014

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය... - Check Every Hook & Corner Before You Sleep !!!


නිදාගන්න පෙර නින්ද යන උන් බොහෝ නිසා මේ ලිපිය එවන් අයටද වැඳගත් වන බව සෑමාගේ අදහසය. නිදාගන්න පෙර නින්ද යන උන් බොහෝවිට නිදාගන්නේ පුටු උඩය, නැතිනම් සැටිය, හෝ සෝෆා සැට් එක උඩය. ඒ කියන්නේ උන් පෙර සූදානමක් නොමැතිව ටීවී එක බලන ගමන් හෝ පත්තරයක්, පොතක් බලන ගමන් හෝ නිදා ගන්නා අයය. එවන් අය පොඩ්ඩක් කල්පනාවෙන් සිට නිදාගන්නට පෙර, පහත කියන කටයුතු සොයා බලන්නේ නම් හොඳය. එය තමන්ටත් ගෙදර උදවියටත් පහසුවක් වන්නේය.

නිවසේ කටයුතු හමාර කොට, ටීවි එකේත් විකාශ නිමාව වනතුරු නිදි කිරමින් සිට, ජාතික ගීය ගායනා කරනා විට සිරුවෙන් සිටගෙන නිදි යහන කරා පියමන් කරන ඔබ විටක කිසිම බරක් පතලක් ගැන නොසිතා නින්දට වැටෙනවා විය හැකිය. නොඑසේ නම් දත් කුට්ටම පවා මදින්නේ නැතිව නිදා ගන්නවා විය හැකිය. දත් මැදීම කෙසේ වෙතත්, ඔබේ සෞඛ්‍යය ගැන නොසිතුවා වුවත්, ආරක්ෂාව ගැන සිතන විට නිදන්නට පෙර කරන්නට බොහෝ දේ තිබෙන්නේය. ඒ අතරින් ඔබට එකපාරට මතක් වනවා ඇත්තේ නින්දට පෙර චූ කරන එකය. ආරක්ෂාව ගැන සිතනා විට මුත්තරා කිරීමද වැඩක් නැත්තේය. මන්ද චූ ගියොත් බෙඩ් ෂීට් එක සේදිය හැකිය. නමුත් සිහි කල්පනාවෙන් තොරව නිදාගතහොත් ගෙදරට සොරුන් පැමිණ සියල්ල සෝදාගෙන යන්නේය.

මේ ලිපිය ලියන්නට සිතාගෙන සිටියේ ගොඩක් කළකට පෙරය. ඒ අපේ අම්මා රාත්‍රී නින්දට පෙර ගෙදර හැම තැනම සෝදිසි කරන නිසාය. ඊට හේතුව ලෙස අම්මා කීවේ දහවල් කාලයේ නිවසට සොරුන් ඇතුලු වී සැගවී සිටිය හැකි බවය. සොරුන්ට දහවල් කාලයේ නිවසට පැමිණීම ලේසිය. ජනෙල් දොරවල් කඩන්නේ නැතුව ප්‍රධාන දොරටුවෙන්ම නිවසට ඇතුලු විය හැක්කේ දහවල් කාලයේය. මන්ද දහවල බොහෝමයක් නිවෙස් වල දොරවල් විවෘතව තැබෙන නිසාය. ප්‍රධාන දොරටුව විවෘතව තබා, කුස්සයේ වැඩ කරන ගෘහනියක්, රාත්‍රී ජාමයේ ගෙදර කස්ටිය පැමිණි විට ගෙදර දොරවල් ජනෙල් වසා නිදා ගන්නේ යැයි සිතන්න. එසේ දහවල විවෘතව තිබූ නිවසට කඩා පනින හොරෙකු නිවසේ කොහේ හෝ සැගවී සිට රාත්‍රියේ නිවැසියන්ට නින්ද ගිය පසු සියල්ල සොරකම් කරගෙන යා හැකිය. එම හේතුව සිතේ තබාගෙන අපේ අම්මා නින්දට පෙර, නිවසේ දොරවල් ජනෙල් වැසීමට පෙර සියළු ඇඳන් යට, සහ සැගවී සිටිය හැකි ස්ථාන පරීක්ෂා කර බලන්නීය.

අපේ අම්මාගේ මේ පුරුද්ද මා දන්නා කාලයේ සිටම දිගටම පැවතුනේය. ඒ අතර දවසක අපේ ගෙවල් පැත්තේ අංකල් කෙනෙක්ගේ නිවසක් හොරුන් සුද්ද කොට තිබුනේය. ඔවුන් ඇතුළු වී තිබුනේ කිසිම දොරකට, ජනේලයකට හෝ සීලිමකට කිසිදු හානියක් නොකරය. වැඩි දුර පරීක්ෂණ වලදී පොලිසිය කියා සිටියේ සොරුන් විසින් දහවල් කාලයේ නිවසට වැඳී සැඟවී සිට ඇති බවක්ය. එදා අපේ අම්මා අප හමුවේ මාධ්‍ය ප්‍රකාශයක් කර සිටියාය. එවිට ඇය කීවේ අන්න ඒ හේතුව මත ඇය නින්දට පෙර නිවස පරික්ෂා කරන බවක්ය. ටෝච් එකක් ගසමින් කොන්ද නමමින් දිනපතා රාත්‍රියේ ඇඳන් යට පරීක්ෂා කිරීම නම් එපා කරපු වැඩක් බව සැබෑය. නමුත් යම් හෙයකින් හොරුන් විසින් නිවස සුද්ද කරද්දී ඔබ ඇහැරුණ හොත් සිදුවන්නේ ජීවිත හානියක්ය. මන්ද සොරා බලන්නේ තමන්ව හඳුනා ගත නොහැකි මට්ටමනේ ගේම දීමටය. ඔබ ඔහුව හඳුනා ගනී යැයි තිබෙන භීතය නිසා සොරා ඔබගේ ජීවිතයට පවා හානි කළ හැකි තැනට පත් වන්නේය.

එදා අපේ අම්මා කළ කාර්යය අද පැවරී ඇත්තේ සෑමාටය. මන්ද සෑමා දැන් සිටින්නේ උඩ තට්ටුවේය. අම්මලා යට තට්ටුවේය. දිනපතා අම්මාගෙන් ලැබෙන රාත්‍රී අවවාදය නම් “ඔය අහුමුළු බලලා නිදා ගනින්“ කියාය. අම්මා කීවත් නැතත් සෑම රාත්‍රියකම සෑමා අහුමුළු බලන්නට පුරුදුව සිටින්නේය. ඒ සෑමාට ඇති කුලප්පුව නිසාය.

ගිය සතියේ අපේ කඩේට ආපු අංකල් කෙනෙක්ගේ නිවසේද මෙවන් දෙයක් සිදු වී තිබුණේය. ඒ නිසා දැන් අම්මාගෙන් ලැබෙන රාත්‍රී අවවාදය වඩාත් තිවෘර වී ඇත්තේය. විටක බෝල්ඩ් වූ අකුරින්ද, අන්ඩර්ලයින් කල ෆෝමැට් එකෙන්ද, හයිලයිට් කළ අයුරින්ද කියවෙන්නේ හොඳට අහුමුළු බලපන් කියාය ඒ නිසාම සෑමා දැන් වැඩිපුර අහුමුළු බලන්නේය. අංකල්ගේ ස්ටෝරිය මෙසේය. අංකල් වැඩ ඇරී නිවසට යන්නේ රාත්‍රියේය. ගෙදර ඉන්නේ ඇන්ටී සහ දුවය. ඇයද ක්ලාස් යන්නීය. දුව ක්ලාස් ගොස් හවස ගෙදර ඇවිත්ය. අංකල්ද ගෙදරය. දහවල ඇන්ටී දෝදු පිට නිවසේ කටයුතු කොට ඇත්තේය. නිවසට දහවල සොරෙකු ඇතුළු වී ඇත්තේය. ඌ සැඟව සිට ඇත්තේ දුවගේ කාමරයේය. දුව නාන කාමරයේ සිට ටවල් එකක් පිටින් කාමරයට ඇතුළු වී ටවල් එක ගලවා විසිකොට ඇත්තේ ඇදුම් රැක් එක මතටය. සිදුවී ඇත්තේ විනාසයක්ය. ඇය ටවල් එක කෙලින්ම විසි කොට ඇත්තේ රැක් එක අස්සේ සිටි සොරාගේ හිස මතටය. සොරාගේ හිස කෙල්ල දැක ඇත්තේය. කෙල්ලගේ අහුමුළු සොරා දැක ඇත්තේය. ගෙදර කස්ටිය සහ ගම්මු සැට් වී සොරාට නිල් වන තුරු පහර දී පොලිසියට භාර දී ඇත්තේය. අංකල් විලි ලැජ්ජා නැතුව බ්ලොග් ලියන එකෙක් ඉදිරියේ කතාව දිග හැරියේය.

මේ කතාව ඇසූ සෑමාට කෙලින්ම සිහි වූයේ මීට පෙර ලියූ හූනාගෙ ස්ටෝරියය. එහිදී හූනෙකු ඔළුවට වැටුණු විට හුනු සාස්තරය අනුව එම පුද්ගලයා මිය යන්නේය. එසේ නම් කෙල්ලෙකු තම සිරුරට අලවාගෙන සිටි ටවල් එකක් ඔළුවට වැටුණු සොරෙකුට සිදුවන්නේ කුමක්දැයි සිතා බැලිය යුතුය. විටක ගම්මුන්ගෙන් පහර කන්නට සිදු විය හැකිය. එහෙත් මේ හිරිමල් කතාව අස්සේ යමක් ගැබ්ව ඇත්තේය. ඔබ නින්දට පෙර තම නිවසේ අහුමුළු හොඳට බැලිය යුතුය. නැතිනම් අර අංකල්ගේ දුවට වූවාක් මෙන් සොරුන් පැමිණ ඔබේ අහුමුළු බලනවා ෂුවර්ය.

ඉතින් අද පටන්, අපිත් අහුමුළු පරීක්ෂා කරමු.. !!

Written by sAm_ශ්‍රී_Perera_7:02am_03/02/14

75 comments:

  1. Replies
    1. රෑට රෑට දඩං බඩං ගාලා එන සද්ද නිසා අම්මලාට නින්දක් නැතුව ඇති මහිතේ.. :)

      Delete
    2. නැහැ මචං දෑවැද්දට හම්බුණා තඩි ඇඳක්... කිසි අවුලක් නැහැ.. ඕවල් ක්‍රිඩා පිටිය වගේ..

      Delete
  2. මේ දවස්වල සෑමා අහුමුළු හොයා බලන බවනං අපි හොදටම දන්නවා......... හොදට බලපං මලයා ඔය අහුමුළු ටික....

    ReplyDelete
    Replies
    1. නශ්ඨ කාමියා යනු ලිංගික තෘප්තියක් ලැබීම පිණිස අනුන්ගේ ලිංගික සතුට ගැන සිහිකරමින් අසාර්ථක උත්සාහයක යෙදෙන්නෙකි......

      Delete
    2. හා කෙන්ජි නංගි

      Delete
    3. හා කෙන්ජි නංගි

      Delete
    4. අපුරුයි ඕම යං

      Delete
    5. මේ කාලෙ අහුමුළු හොයන්නම එපෑ නලින් අයියා... :)

      Delete
  3. මාත් ඔක්කෝම අහුමුළු බලල තමා නිදාගන්නේ. මොකද කියන්නේ බං ඒ කාලේ අපේ පැත්තේ සරුපයොම නෙව හිටියේ ඒකේ පුරුද්දට

    ReplyDelete
    Replies
    1. ඒ පුරුද්ද දිගටම තියා ගන්නවා හොදයි දේශකයෝ...

      Delete
  4. අංකල් ගේ නිවසට ආ හොරා ග්‍රීස් ගාගෙන ඉඳලා නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අපිටත් හිතුනා ඒ ජාතියේ එකෙක්ද කියල.. පස්සෙ කිව්වෙ එහෙම නෙවෙ කියල..

      Delete
  5. තාම ඉතිං උඹ අහුමුලු බලල ඉවර නැතුව ඇතිනෙ.

    ReplyDelete
  6. වටිනා උපදේශයක්! අහුමුළු බලා නින්දට යාම යහපතී....,

    ReplyDelete
  7. හප්පේ අහුමුළු බැලිල්ල කෙසේ වෙතත් නිදා ගැනිල්ලත් එපා උනා. දැන් දවල්ට නිදියන් රෑට ඇහරන් ඉන්න ඕන.

    ReplyDelete
  8. උඹට බලන්න තවත් අහුමුළු ඉතුරු වෙලා තියෙනවද බොල.
    අම්ම අරෙහෙම කියන්නෙ උඹේ හැටි දන්න හින්ද වෙන්න ඇති.

    ReplyDelete
  9. අපේ ගෙවල් පැත්තෙත් ඔය වගේම සීන් එකක් උනා.. කෙල්ල නාන දිහාත් බලන් ඉදල, ඇදුම් මාරු කරනවාත් බලන් ඉදල, රෑ කෙල්ල නිදා ගනිද්දි මූත් රෑ නිදාගෙන කෙල්ලගෙ එක එක ඒව කරනකන් කෙල්ල හොදටම දොයි... හොරා හිතල තියෙන්නෙ කෙල්ල ආසාවෙන් ඉන්නව කියල... මූ අහවල් වැඩේ කොරන්න ගිහිල්ල... කෙල්ල කෑ ගහල... ඌට ගහල තිබුන නිල් වෙන්න... ගහල පොලීසියට බාර දීල... කෙල්ලට හෙනට ලෙඩේ... ඇයි බොල ඔක්කොම කරන කල නිදි නොවැ,...

    ReplyDelete
  10. අපේ මාමන්ඩිත් ඔය දේ කරා. අහුමුළු විතරක් නෙමේ වත්තත් මිනිහ බලනවා.මම පෙම් සුව විදින කාලෙ රෑ 10ට විතර කෙල්ලගෙ ගෙදර ගියා දන්නවනෙ ඉතින් පෙම් සුව විදින හැටී. බය නැතුව ඉස්සරහ පැත්තෙන්ම තමා ඇතුළු වෙන්නෙ.“අම්මට සිරි“ ඒ වෙලාව මාමණ්ඩි එළි බහින වෙලාව.ගේ ඉස්සරහ වරකා ගහක් තියෙනව මම මොකද කරේ වරක ගහ වටේ කැරකී කැරකී හිටිය.මාමා කාරයත් ගජරාමෙට ටෝච් එළිය ගහනවා.හැබැයි ඉතින් හොරබෑනා අල්ලගන්ඩ නම් බැරි වුණා.ඒත් එදා බෑනට වරකා ගහේ රස විදින්ඩ බැරිවුණත් කොස්වල රහනම් බැලුව

    ReplyDelete
    Replies
    1. යකෝ මෙව්වා තමා රස පෝස්ට් . ලියාපිය ලියාපිය

      Delete
    2. අඩේ සිරාවට.....පට්ට ගති

      Delete
  11. අහුමුළු බලන එකනම්අම්ම කිව්වෙ නැති උනත් කරනවනෙ නැද්ද ඕක ආයෙ අමුතුවෙන් කියන්න ඕනයෑ :D

    ReplyDelete
  12. හූනා ඔලුවට වැටෙන එක සැපයි වගේ

    ReplyDelete
  13. කොහොමත් උඹ බබා නිසා අහු මුළු සෙවිල්ල නෝනා මහත්මියට ම භාර දුන්නම "අකුරට" ම කරයි...

    ReplyDelete
    Replies
    1. කෙන්ජයියගෙත් නෝනද අහුමුළු බලන කාර්යය කරන්නෙ? :D

      Delete
    2. තනිකඩ මට මොන නෝනලද බන්?

      Delete
  14. ඔව හොද පුරුදු.

    ReplyDelete
  15. මට කොහොමත් ඔය පුරුද්ද තියනව. අහුමුළු විතරක් නෙවෙයි, දොරවල්, ජනෙල් වහල ද කියල සැකයක් ඇති වුනොත් මට නින්ද යන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දෙතුන් පාර චෙක් කරනද

      Delete
    2. ඉඳ හිට ඔය පුරුද්ද මග හැරෙන වෙලාවලුත් තියනව බං. එතකොට නිදාගන්න ගියත් මොකක් හරි අඩුවක් දැනෙනව වගෙ වෙනව නෙ. මතක් වුන ගමන් ගිහින්, බලල තමයි ආයෙ නිදා ගන්නෙ. මෙහෙ හොරු නං අඩුයි.. ඔය බල්ලෙක්, සතෙක් සර්පයෙක් ආවොත් තමයි ඉතින්.

      Delete
  16. සෑමා ඊයෙ රෑ මා එක්ක චැට් කර කර ඉදලා උඹ දිව්වෙ නිදිය ගන්නද ? නැත්තං බුදියගන්නද ?

    ReplyDelete
    Replies
    1. නැ යකෝ අහුමුල්ල චැක් කොරන්ඩ

      Delete
    2. අටමා වගේ උන් ඉන්න පුලුවන් නිසා ඇද යටත් හොදට බලහං සෑමො....

      Delete
  17. //අංකල් විලි ලැජ්ජා නැතුව බ්ලොග් ලියන එකෙක් ඉදිරියේ කතාව දිග හැරියේය.//

    අනේද කියන්නේ.. හා හා උඹත් අහුමුළු හොදට බලලා නිදා ගනින්කෝ..

    ReplyDelete
  18. >>අංකල් විලි ලැජ්ජා නැතුව බ්ලොග් ලියන එකෙක් ඉදිරියේ කතාව දිග හැරියේය.<<
    මේකෙ කොමාව එන්න ඕනේ අංකල්ට පස්සෙද විලි ලැජ්ජා නැතුවට පස්සෙද?

    ReplyDelete
  19. සෑම දැන් දිගට හරහට අහුමුලු චෙක් කරන්නෙ. සෑම බයයි උස්සගෙන යයි කියල.

    ReplyDelete
  20. අපේ අම්මත් මුළු ගේ ම චෙක් කරන එක කරනවා. හොරු නිසා නෙමෙයි. අපේ ගම පළාත් සතා සරුපයා වැහි වැහල ඉන්න නිසා. කොටින්ම කියනවා නම් ඇඳේ එල්ල තියෙන පැදුර, රෙදි පවා හොදට ගසල බලල තමයි අපට නිදා ගන්න දෙන්නේ. ගෙදර දොරත් බිමත් අතර තියෙන පුංචි හිඩැසත් ගෝනියක් එල්ල වහල දන්නේ නිකමටවත් සර්පයෙක් බඩගාගෙන එයි කියන බයට.

    ReplyDelete
  21. හරි එහෙනම් ඉදපන් අහු මුළු ටික බලලා එන්න

    ReplyDelete
  22. මූ අහුමුලු ගැන කතාකරනවා...! උබ බලලා නිදාගනින්, මට අව්ලක් නෑ.
    මම නිදා ගත්තම නම් වෙහෙරක් විහාරයක් උස්සලා ගැහුවත් ඇහැරෙන්නේ නෑ.

    ReplyDelete
  23. රහට ලියලා තියෙනවා . ඒත් පොදුවේ දෙන උපදෙස නම් තේරුමක් නෑ. මෙතන වෙන්නේ 'හොරු නෑ' කියලා හිතට පොඩි අල්ලසක් දීලා සැනසිල්ලේ නිදියන්න හිතට පොටක් පාදල දෙන එක විතරයි. නිදාගෙන ඉන්න අතරේ හදිස්සියෙවත් අපි ඇහැරුනොතින් හරි / නිදියන්න කලින් චෙක් කරද්දී හරි හොරෙක් අහු'උනොත් උගෙන් ජිවිත හානියක් වෙන්න තියෙන ඉඩේ කිසිම වෙනසක් නෑ .

    ReplyDelete
  24. නිදාගන්න කලින් චෙක් කරන්න නිදගන්න වෙලාවනේ බං හොයාගන්න බැරි.වැඩියෙන් වෙන්නෙ නින්ද යන එකනෙ.

    ReplyDelete
  25. නංගි බබාගෙ අහුමුලු දැකල හොරාට හොරකං කොරන්නත් අමතක වෙන්න ඇති අප්පා. හැබැයි ඌට ගුටි කෑවත් සැපයි කියල හිතුණද දන්නෑ. මොකද ඒ තරං බුවාල ඉන්නෙ අද කාලෙ.
    අනිත් කේස් එක තමා හොරාය හොරාය කීවට ඌ හොරෙක් නෙවේද කියල කව්ද දන්නෙ. සමහර විට ඌ නංගිවම බලන්න හැංගිල හිටියද කව්ද දන්නෙ. නේහ්
    දැං කාලෙ හැටියට ඒකත් සුවර් නෑ

    ReplyDelete
  26. මමත් ඔය වැඩේ පුරුද්දක් ලෙස කරනවා. ඇඳන් යට හොරුන්ට ඉන්න බැරි වෙන්න හදලා තියෙන්නේ. ආරක්ෂක පද්දතියක් හයිකරලා තිබුනත් දවල්ට ගෙට රිංගන්න පුළුවන් නිසා විමසිලිමත් වෙනවා

    ReplyDelete
  27. අහු මුළු බැලිල්ල වැඩි කාලයක් කොරන්න වෙන්නේ නෑ.. ඒ නිසා මේ කාළේ හොඳ කැපවීමකින් ඒ දේ කරපන්..

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++

      හික් හික් හික්

      Delete
    2. හරියට හරි මාතලන්.. ටිකක් කල් යද්දි මුල අග හොයා ගන්න බැරි වෙනව නොවැ..

      Delete
  28. මෙහෙ නම් ඔව්ව බලන්න ඕනේ නැහැ මෙහෙ හොරු එහෙම නැහැ

    ReplyDelete
  29. Replies
    1. එතැන හෙන්රියගේ කමෙන්ට් නැත... :((

      Delete
  30. අහුමුලු බලා නින්දට යැම යහපතිය .හැක්

    ReplyDelete
    Replies
    1. නැතුව.. මාර සැපක් තියෙන්නේ..

      Delete
  31. Uncle ව මම දන්නේ නැතැයි?

    මට උඹේ දුරබනුවේ අංකය එවපන්... මේල් එකක් හරි දාලා..

    ReplyDelete
    Replies
    1. බුකියෙන් දාන්නද නොම්මරේ??

      Delete
  32. සෑමා කියන්නේ තමුන්ගේ ගෙදර අහුමුළු පිරික්සීමට මිස අල්ලපු ඝෙදර අහුමුළු පිරික්සීමට නොවෙයි.. ඔන්න මතකෙට ගන්නවා හොඳයි ඔය කැමරා උස්සන් යන අය..

    ReplyDelete
  33. උඹ අහු මුළු ඔක්කොම බලලා ඉවර වෙලාද තුංමුල්ල බලන්නේ.

    ReplyDelete
    Replies
    1. අහුමුළු වලට තුං මුල්ලත් අයිති මචං...

      Delete
  34. මටනම් මේක මහා වනචර කතාවක් වගේ ........... මොකද මගේ හිත කැතයිනේ

    ReplyDelete
    Replies
    1. අන්න බ්ලොග් එකටම ගැලපෙන මිනිස්සු :ඩී

      Delete
  35. අපේ අම්මත් ඔය අහු මුලු නම් බලනවා නිදියන්න කලින්..ඒත් ඉතින් ඒ සර්පයෝ,ගෝනුස්සෝ එහෙම හරියට ඉන්න නිසා..දොරට යටින් ගෝනියක් එහෙම හිර කරලා තමා අම්මා නින්දට යන්නේ...

    ReplyDelete
    Replies
    1. කාලයක් ගෙම්බො එන නිසාත් අපෙ ගෙදර ඔහොම කළා..

      Delete
  36. එක තමයි එදත් ඇඳ යට බැලුවේ :D

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා.. මේ තියෙන්නෙ ජීවමාන සාක්ෂි..

      Delete
  37. වැඩේ හොඳයි.... කළ යුතුම දෙයක්. හොර හතුරො ඇවිත් තියෙන දෙයක් අරන් ගියත් කමක් නෑ නයා පොළගා මාපිලා කොට්ටෙ යට හිටියොත්... මළා තමයි. උදේට හම්බ වෙන්නෙ මළ කඳ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දයානන්ද, ජීවිතේ නම් කොච්ච වටිනවද?

      Delete
  38. අම්ම ව්‍යංගාර්ඡයෙන් කියල තියෙන්නෙ

    ReplyDelete
  39. හූනා නොකයිනම් කමක් නෑ ඉතින්

    ReplyDelete
  40. සෑම් මම හෙමින් කියවන්න හිතාගත්තා. Check every nook & corner කියලා තමයි කියන්නේ. hook නෙමේ.

    ReplyDelete
  41. අපේ ගෙවල්වලට ඉතිං හොරු පැනලා මොනවා ගෙනියන්ඩද බං.

    ReplyDelete
  42. තාත්තා අහුමුලු බලිල්ලේ රාජකාරිය හරියට නොකළ නිසානේ අම්මා කරන්නේ. උඹ අතිනුත් ඒ දේ මිස් වෙයි කියලා තමයි, අම්මා උඹට නිතරම මතක් කරනවා ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. දවස් දෙකක්ම මේක බලද්දී පුටුවේ නින්ද ගියා. D

      Delete
  43. අනේ අර හොරා පවු ය, වැරදි අර අන්කලයාගේ දුවා ය,දුව ටවල් එක විසි කලේ මොනවාටදැයි සෙවිය යුතු ය,ය විසින් සොරාව් වරදට පොළොඹවා ඇත, :3
    සැමා ට අහු මුළු බලන්න මතක තියෙනවා දැයි මටනම් සැක ය :3 ;)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...