Wednesday, June 6, 2012

නූතන චක්ඛුපාල ලා.. - සෑමාගේ පොසොන් කලාපය


ඒ මතුගමය. දින දෙකක රාජකාරී වැඩකට සෑමා ගාල්ල බලා පිටත් වුයේ බොසා සමගය. ඒ අතර මතුගම ෆාමසියකට ගොඩවන්නට අපට සිදුවිය. මතක හැටියට නිව් මෙට්ට්‍රෝ ෆාමසි කියා නම් කර තිබ්බේය. ෆාමසිය ඉදිරිපිට බිම හිදගෙන හිගන මනුස්සයෙක් ආහාර ගිල දමන හැටි අප‍ දෙදෙනාම දුටු නමුත් ඒ ගැන කිසිදු කතාවක් අප අතර ඇති නොවින. ඒ පුද්ගලයා මනුස්සාත්මය ලදත්, තිරිසන් භවයක ඉපිද සිටින ආකාරයෙන් ෆාමසිය ඉදිරිපිට බත් වපුරමින් අනුභව කරන හැටි බොහෝ දෙනාගේ නෙත ගැටෙන්නට විය. එසේම සියල්ල අවසානයේ ඔහුට බීමට වතුර පවා දුන්නේ ෆාමසියේ වැඩ කරන අයෙක්ය. තම ආයතනය ඉදිරිපිට අපිරිසිදු කරමින් කටයුතු කළ හිගන්නාට බැන නොවැද පානයට ජලය පවා දී පිටමං කරන්නට තරම් මොවුන් කාරුණික බව සියල්ලන්ටම පසක් වන්නට වැඩි වෙලා යන්නට නැත්තේය.

ඒ අතරතුර ෆාමසියට ආවේ තවත් වයසක, අපිරිසිදු සීයා කෙනෙක්ය. ඔහු ෆාමසියේ හිමිකරු ඇමතුවේය.

"මහත්තයා මට ඇස් පේන බෙහෙතක් දෙන්න"

"ඇස් පේන බෙහෙත්, කොහෙද තියෙන්නේ ?" ඒ හිමිකරුය.

"තියෙනව නේද මහත්තයා, ඇයි මම වෙනදට ගන්නව නේ" නැවත ඒ සීයාය.

"කවුද ඔයාට එහෙම බෙහෙතක් දුන්නේ.." අපේ බොසා මැද්දට පැන්නේය.

"ඇයි මහත්තයෝ එහා පැත්තෙ ෆාමසි එකෙන් මට වෙනදට දෙනවා. ඒකයි මෙහෙන් ඉල්ලුවේ."

බොසා, සෑමා, සහ ෆාමසි අයිතිකරු මුහුනට මුහුන බලා ගත්තෝය. වැඩේ පැහැදිලිය. බොරු බෙහෙත් පොවා සීයාව රවටා ඇත්තේය.

"අංකල් වෙනදට රුපියල් කීයක බෙහෙත් බොනවද?" ඒ සෑමාය. බ්ලොග් පෝස්ටුවට කරුණු අවශ්‍යය නිසාය.

"පෙති ටිකක් දීල මගෙන් 50/-ක් ගන්නවා."

"මට අංකල්ලේ ඇස් පේන්න ඔන්නම් සතියකට බෙහෙත් දෙන්න පුලුවන්. ඒත් එහෙම හම්බ කරන්න බැහැ අපිට. ඔය මිනිස්සුන්ගේ බොරුවලට අහුවෙන්න එපා" කියා ෆාමසි හිමිකරු සීයාව පිටමං කලේය.

"බලන්න මේ මිනිස්සු කරන වැඩ. අහිංසක මිනිස්සුන්ව රවට්ටලා හරි සල්ලි හම්බකරනවා" කතාව ඇරඹුනේය.

"ඔයා දන්නවද චක්ඛුපාල ‍තෙරුන්ගේ කතාව" ඒ ෆාමසි හිමිකරුය. ඇසුවේ සෑමාගෙන්ය.

"අර ඇස් අන්ධ වෙන්න බෙහෙත් කරපු කතාව නේද?" කතාව දන්නා බැවින් සාරාංශ ගතව සෑමා උත්තර දුන්නේය.

චක්ඛුපාල තෙරුන්ගේ කතාව මෙසේය.


අපේ බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටිද්දී උපාලි නම් පින්වතෙක් සසර දුකෙන් මිදෙන අදහසින් පැවිදි වුනේය. පසුව ධර්ම විනය ඉගෙන ගෙන තවත් ස්වාමීන් වහන්සේලා සමඟ ඈත පළාතක භාවනා කිරීමට පිටත් වීය. එහිදී ඒ ස්වාමීන් වහන්සේට නිදි නො ලබා භාවනා කිරීම නිසා ඇස් රෝගයක් හට ගත්තේය. වෙදමහත්තයා කිව්වේ ඇහැට බෙහෙත් දමද්දී ඇඳේ හාන්සි වෙන්න කියාය. බෙහෙත් අතටගත් ඒ ස්වාමීන් වහන්සේ මෙසේ කල්පනා කලේය.

“මං සංසාරෙ කොයිතරම් මේ ඇස් නිසා දුක් විඳින්න ඇද්ද … බෙහෙත් දම දමා කොතරම් මහන්සියකින් ඇස් දෙක සනීප කිරීමට වෙහෙස ගන්ට ඇද්ද … නමුත් මට කිසිකලෙක දී නුවණැස පාදන උතුම් ශ්‍රී සද්ධර්මය මේ ලෙසින් ලැබුණේ නෑ. උතුම් බුදු රජාණන් වහන්සේ වැඩසිටිද්දී මට ඔන කරන්නේ මේ ධර්මය අවබෝධ කරගැනීම විතරයි. ඒ නිසා වස් වසන්න කලින් මං අධිෂ්ඨාන කර ගත් විදිහට අරහත්වයට පත් නො වී මිසක් ඇඳක හාන්සි වෙන්නේ නැහැ”

ඒ අදහසේ පිහිටා සිට උන්වහන්සේ හිටගෙනම ඇස් වලට බෙහෙත් දැම්මෝය. තමන් ගේ අධිෂ්ඨානය රැක ගන්නට වෙද මහත්මයා ගේ කීම‍ නොඇසුවෝය. මේ නිසා බෙහෙත්වලින් සුව නොලැබීය. වෙද මහත්මයා බෙහෙත් කිරීම අත්හැරියේය. අවසන උන්වහන්සේ අරහත්වයට පත් වෙන විට ඇස් දෙකම අන්ධ වීය. ඒ නිසා උන්වහන්සේට ප්‍රසිද්ධ වුණේ චක්ඛුපාල යන නමින්ය. රහත් වෙන්න පින තිබුණත්, ඇස් අන්ධ වුණේ මක් නිසා ද? කියා අනෙක් ස්වාමීන් වහන්සේලා බුදු රජාණන් වහන්සේගෙන් ඇසුවෝය. එවේලෙහි බුදු රජාණන් වහන්සේ මේ ගාථාව වදාලෝය.


මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසතිවා කරෝතිවා
තතෝනං දුක්ඛමංවේතී
චක්කංච වහතෝ පදං

සියලු ක්‍රියාවන්ට සිත මූලික වෙන්නේය. චෛතසික ධර්ම නැතහොත් සිතිවිලි සිත මුල් කොට ගෙන උපදින්නේය. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල වේතනාවන්ගෙන් යුක්තව අයහපත් සිතින් පුද්ගලයා සිදුකරන අයහපත් ක්‍රියාවන්ගේ දුක්ඛ විපාක ගැල බැඳි ගොනා පසුපස ඇදෙන කරත්ත රෝදය මෙන් පුද්ගලයා පසුපස පැමිනෙන්නේය.


ඔය ගාථාව වදාළ බුදු රජාණන් වහන්සේ කිසිවෙක් නො දන්නා අතීත සිදු වීමක් මේ ඇස් අන්ධ වීමට බලපා තිබෙන බව පෙන්වා දුන්නෝය. ඈත අතීත කාලයක චක්ඛුපාල ස්වාමීන් වහන්සේ වෙද මහත්තයෙක් වී සිටියේය. ඇස් නො පෙනෙන දුප්පත් ගැහැණියක් ඇවිදින් ඒ වෙද මහත්තයාට මෙහෙම කිව්වාය “අනේ පින්වත් වෙද මහත්තයෝ, මගේ ඇස් දෙක සනීප කරල දෙන්න. එතකොට මං දාසියක් වගේ ඔබ ළඟ සේවය කරනවා.” මෙය විශ්වාස කළ වෙද මහතා ඇය ගේ ඇස් දෙක සනීප කලේය. දාසියක් වීමට අකමැති වූ ඇය ඇස් නො පෙනෙන අයුරක් පෙන්වා වෙද මහතා ගේ බෙහෙතෙන් සනීප නො වුණ බවට බොරු කිව්වාය. වෙද මහතාට හරියට තරහ ගියේය. “මං තිගේ ඇස් දෙක අන්ධ කරල දානවා” කියලා වෛර බැඳගත්තේය. ආයෙමත් ඒ ගැහැණිය කැඳවා ඇස් අන්ධ වෙන බෙහෙතක් දුන්නේය. ඒ බෙහෙතෙන් ඇය අන්ධ වුවාය.

ඒ කර්මයේ ප්‍රථිඵලයක් ලෙස උන්ව‍හන්සේ රහත්ව සිටියදී පවා දෙඇස් අන්ධ වුයේය. එලෙස තමා කරන සියළු කර්ම (හොද හෝ නරක) තමා පසුපස එන බවක් බුදුන්වහන්සේ වදාලෝය. නූතන චක්ඛුපාල ලා ලාභ අපේක්ෂාවෙන් කරන සියළු නරක ක්‍රියාවලටද ප්‍රථිඑල ලැබෙන බව සිතා ගත යුත්තේය. එම සිදුවීම් ඇසුරෙන් යහපත් ක්‍රියාවල යෙදී අප ජීවිත යහපත් කරගත යත්තේය.

තෙරුවන් සරණයි... !

Written bY sAm_7.15pm_06.06.2012

පලි - දිනේෂ් ඉතාලියේ කෝමද දන්නෙ නැහැ නේද ? ඒ ෆාමසි වල එවුන් කෙල්ලෝ දිහා බලං ඉන්නවා විතරලු නේද ?

85 comments:

  1. නියම ආදර්ශයක් තියෙන කතාවක් අදත් සැමාගෙන්... අත්දැකීමක් එක්ක මෙහෙම කතා ලිවීම අපූරුයි.වෙසක් කලාපෙනුත් ඒ හැකියාව නියමෙට පෙනුනා...

    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ

    ගීතයත්

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද. දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.

    ගීතයත් මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ...

      මොහිදින් බෙග් මහත්තයාගේ ගීතයක් උඩින් දාල. බලන්න මුස්ලිම් ආගමේ වුනත් අපේ සමහර හිමිවරුවත් බුද්ධාගමට කරන්නෙ නැති විදිහේ සේවයක් එතුමා රටට කලා. එතුමා නැති දන්සලැක් ලංකාවේ නැහැ මයෙ හිතේ.

      ජය !

      Delete
  2. පුදුම සමජෙක බං අපි ජීවත් වෙන්නේ.... මිනිහෙක්ගෙ ලෙඩක් දුකක් උනත් විකුණගෙන කන තරමට තිරිසන් සමාජයක් මේක

    ReplyDelete
    Replies
    1. උගත් සමහර දොස්තරවරු පවා එහෙමයි. මොනව කරන්නද ගුණ දහම් උගන්වන උපාධි පාඨමාලා නැහැ නොවැ..

      ජය !

      Delete
  3. කාලකණ්නි... ඔවුන් ඔය 50න් මොනවද දන්නෙ නෑ ගත්තේ... :/
    ඔව්වා ලබන ආත්මෙදි නෙමේ... මේ ආත්මෙදිම පල දෙනවා...

    ReplyDelete
    Replies
    1. කේන්ති ගන්න එපා මචං. උන්ගේ නොදැනුවත් කම හා අදැහැමි කම නිසා නොවැ.

      එහෙම අයට වෙන්න තියෙන දෙයක් වෙයි. අපි ඒවා බලාගෙන පවින් වැලකෙන එක තමා කරන්න ඕනේ.

      ස්තුති - ජය !

      Delete
  4. මුදල ගැන විතරක් හිතන මේ ලෝකේ මේ වගේ මිනිස්සු වටිනවා. ඒ වගේ දේවල් පෙන්නලා දෙන සෑමුත් අපිට වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      මේ වගේ සුළුතරයක් හරි සෙනග ඉන්න එක සතුටක්.. ඒ වගේ තැන් සෑමාට ගොඩක් සෙට් වෙලා තියෙනවා.

      ජය !

      Delete
  5. ඔයා ලියන විදියට එක දිගට කම්මැලි නැතුව කියවන් යත හැකි... ලස්සනට ලියලා..

    ReplyDelete
    Replies
    1. ස්තුති. මම දැක්ක ලගදි නේද මේ පැත්තේ ආවේ. හිමිට පරණ ඒවත් බලන්න. අපිත් ඒ පැත්තෙ ගිහින් ආවේ.

      ජය !

      Delete
  6. මිනිස්සු තිරිසන්නු වෙලා.. මනුස්සකම් බල්ලට ගිහිල්ලා..

    ReplyDelete
    Replies
    1. ඊට වඩා මනුස්සගති ඇති බල්ලෝ ඉන්නව මචං පාර තොටේ පවා..

      ජය !

      Delete
  7. වර්තමාන කතාවක් සහ අතීත කතා දෙකක්! අර මණුස්සය චක්ඛුපාල තෙරුන්ගෙ කතාව දන්නෙ නැතුවැති. ඒකයි රැවැට්ටුවේ. සක්මන් භාවනා කරන වෙලාවේ කූඹි පෑගුනෙත් ඒ හාමුදුරුවන්ට නේද සෑම්?

    ReplyDelete
    Replies
    1. කලින් ෆාමසියේ කෙනා ඒ කතාව දන්නෙ නැතිව ඇති. අනික දැනගත්තත් සල්ලි ලොකු මිනිස්සු ඉන්නව නොවැ.

      උබ කිව්වට පස්සෙ තමා කූඹි කතාව මතක් වුනේ.

      ජය !

      Delete
  8. ගල්ලේ ගිය උඹ මොකද්ද මතුගම ගොහින් කොලේ හරිහරි මොනව උනත් කතාව වැදගත් අදකාලේ සරුවපිත්තල බෞද්ධයො ඉන්න රටේ අර ෆාමසි අයිතිකාරය නම් දිලාතියෙන්නේ හොඳ ආදර්ශයක්

    ReplyDelete
    Replies
    1. ගාල්ලෙ යන ගමන් තමයි මචං මේක වුනේ. දවස් දෙකයි එහෙ හිටියේ. සෑමා වටින්නේ කොලබට කියල දැන් ආයෙත් කොලබට දැම්ම නොවැ.

      ඔව් මචං. වෙන එවුන් වගේ ඒ මනුස්සයව රවට්ටවන්න ඒ ෆාමසියෙ මනුස්සයටත් තිබ්බ. එහෙම නොකරපු එක සතුටක්.

      ජය !

      Delete
  9. ඈ මටත් ඔව්වා වෙලා තියෙනවා :D ලංකාව හරිම සුවිශේෂී රටක්

    ReplyDelete
    Replies
    1. :)

      ඇත්තටම සුවිශේෂී !


      ජය !

      Delete
    2. // ලංකාව හරිම සුවිශේෂී රටක් //

      හි ... හි ... එහෙම කියන්න එපා අනේ. මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.

      Delete
    3. අනේ මන්ද බං උබල ඇත්ත කියනකොටත් ලැජ්ජ වෙනවනේ..

      Delete
  10. කරන කළට පව් ම්හිරිය මී සේ
    විඳින කළට දුක් දැඩි වේ ගිනි සේ

    ReplyDelete
  11. ම්..කල හොඳ නරක පස්සෙන් එන එක වලක්වන්න බෑ..
    ප/ලි කෑල්ලෙන් නම් සෑමා ඉල්ලාගෙන කන්න ලෑස්තිවෙන බව පෙනී යයි :D

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ප/ලි කෑල්ලට රිප්ලයි පහල තිබ්බ වගේ..

      බලන්ට ඕනේ..

      ජය !

      Delete
  12. ලංකාවේ එහෙම මිනිස්සු නැහැ බං.ලංකාවේ ඉන්නේ අවංක නිහතමානි අහිංසක සැදැහැවත් මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. නැතුව.. මම කියපු ෆාමසියේ එක්කෙනා එහෙමයි නොවැ..

      ජය !

      Delete
    2. එකෙක් විතරක් නෙවේ ඔක්කොම උන් එහෙම තමා ඔව්

      Delete
  13. paw karana eka adukaranna wei wage :)

    ReplyDelete
  14. නියමයි...සැමා..අපේ හාමුදුරුවරු කරන්න ඕන කර්තව්‍යක් ඔයා කරන්නෙ...!
    ඔබ වැනි අය දහම් පාසලකවත් ඉගැන්නුව නම්......?

    ReplyDelete
    Replies
    1. //ඔබ වැනි අය දහම් පාසලකවත් ඉගැන්නුව නම්......?//

      වසර දෙකක් කැළණි රජමහාවිහාර දහම්පාසලේ ඉගැන්වීමි. නැවත සම්බන්ධ විය යුතු බව හැගේ :))

      Delete
    2. සෑම් දහම් පාසලකඋගන්නලා තියෙන බව මට නම් තේරුණේ ගොඩක් කාලෙකට ඉස්සර.....

      Delete
    3. මගෙ අප්පේ ඒ කොමෑයි ?

      Delete
  15. දෙකහමාරක් නෑ සෑමෝ.විශිෂ්ඨයි කිව්වා ඕං. ඇත්තටම වල්පල් විතරක්ම නැතිව මේවගේ දේවලුත් පෝස්‍ටුවට එකතු කරන කොට ඒකේ අගය තවත් වැඩිවෙනෝ.එහෙනම්... ජය...!

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම වල්පල් විතරක්ම නැතිව//

      ඒකනේ මම වල්පල් එක්ක මේව කලවමේ දාන්නේ.. :)

      ජය !

      Delete
  16. කලියුගය නොවැ. බල්ලො මරල හරි සල්ලි.

    අර සෑම් කියල තියන ගාථාවයි ඒකෙම අනිත් ගාථාවයි අපේ 7 පන්තියෙ දහම් පාසල් පොතේ තිබුණ. 7 වසරෙදි තමයි ඉස්සෙල්ලම ගාථා, සූත්‍ර කටපාඩම් කරන්න වුණෙ. අපෝ ... මට ගාථා එපාම වුණා. අදටත් මම ඔය පාඩම් කරන වැඩවලට හරිම කම්මැලියි. (වැඩක් නැති නවකතා ඒ දවස්වලත් ඕන තරම් කියෙව්ව. පාඩම් පොත් තමා ....)

    ReplyDelete
    Replies
    1. මම හරිම මනාපෙන් හිටියේ ගාථා හා දහම් ක‍වි කොටසට. මතක ඇතිනේ දහම් පාසලේ සමන්මලී අක්ක ගැන මම දවසක් කිව්වා. එයා නිසා ඒවා ගොඩ ගියා.

      ජය !

      Delete
    2. ඒක විහිළුවක් නෙවි බං, උඹලට වගේ අක්කල හිටියෙත් නෑ බං අපිට. ඒ වීක් පොයින්ට් එක නිසා මටත් ඇණුන. අපේ ඕ/ලෙවල් බුද්ධාගම පේපර් එකේ එක ප්‍රශ්නයක් ගාථාව සම්පූර්ණකරල තේරුම ලියන එක. ගාථ බැරි නිසා මට ඒකට උත්තර ලියන්න බැරිවුණා. ඒ නිසා මට බුද්ධාගමට C එකක්. අනිත් ඔක්කොටම D තිබුණ. අපරාදෙ රිසල්ට් එක ටිකක් සවුත්තු වුණා මගේ ගොන් වැඩ නිසා. ඔන්න ඔහොමයි මගේ කම්මැලිකම මෙලොවදිම ඵලදුන්නෙ.

      Delete
    3. අපෙ ඉස්කෝලෙ හාමුදුරුවෝ මචං ඩෙස්ක් උඩට නැග්ගුවා ගාථා - සුත්‍ර බැරි එවුන්ව අපි බයටම පාඩම් කලා. එහෙම වුනා නම් උබත් ගොඩ යනවා..

      ජය !

      Delete
  17. සෑමා අළුත් විදියකට ලියනවා වගේ. මම මේ වගේ පෝස්ට් කීපයක්ම දැක්කා දැන්..... අගෙයි... ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. මේ පොසොන් කලාපෙ නොවැ.. ඒකයි..

      ජය !

      Delete
  18. සාදු සාදු සාදු !!!!

    ReplyDelete
  19. අපිට දවසකට මේ වගේ සිද්ධි කොච්චර නං දකින්න හම්බෙනවාද? ඒත් අපි කීයෙන් කීදෙනාද ඒවා ගැන පොඩ්ඩක් හරි හොයල බලන්නෙ..
    මොන පදනමින් උනත් සෑමා ගේ ක්‍රියාකලාපය අතිශයින්ම පැසසිය යුතුය.. !!

    මෙවැනි පෝස්ටුතුලින් වත් අපෙන් ගිලිහීයන දේ රදවා ගැනීමට සෑමා‍ දරණ උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      මම මේව තනියෙන් ලියල වැඩක් නැහැ නොවැ. මේව කැමැත්තෙන් කියවන උබල වගේ එවුන් ඉන්න නිසා තමා ලියන්නේ.

      ජය !

      Delete
  20. බොරුව හොරකම හැමතැනම රජවෙලා , නීතිය බල්ලට ගිහින් ඉතින් තවත් කවර කතාද ?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. එහෙම කිය කිය නිකං නොයිද වෙනසක් කරන්න ඕනෙ මිනිස්සුම තමයි මචං

      රොබින් නීති ගරුක මිනිහා බව අපිට පොඩි කාලෙදිම තේරුනා.

      ජය !

      Delete
  21. දුප්පත් මිනිසුන්ව රවටල ජිවත් වෙන මිනිස්සුනම් තව කොච්චරක් ඉන්නවද?.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං. එහෙම එවන්ට හරි යන එකක් නැහැ.

      ජය !

      Delete
  22. ෆාමසි කාරයට කරපු පව් වලට කවදාහරි ගෙවන්න වේවි
    චක්ඛුපාල හාමුදුරුවොන්ගේ කතාව කලින් අහල තිබ්බ ආයේ මතක් කරා උඹට පින්
    තෙරුවන් සරණයි!!

    ReplyDelete
    Replies
    1. මාත් මතක හැටියට දැම්මේ. රාජ් කියපු කතාව රාජ්ගෙ කමෙන්ටුවෙන් මතක් වුනේ.

      උබටත් තෙරුවන් සරණයි මචං.

      ජය !

      Delete
  23. ෆාමසි කාරයෝ ගැන නේද? හිටින්කෝ කියන්න..

    ලංකාවේ තත්වෙනම් මම කියන්න දන්නේ නෑ.. ඒත් මෙහේ තත්වේ ගොඩක් වෙනස්.. ගොඩක් බෙහෙත් වර්ග වලට දොස්තර නියම කරපු ලියවිල්ල නැත්නම් බෙහෙත් දෙන්නේ නෑ.. සමහර වෙලාවට ඒ නියම කරපු බෙහෙත වගෙම වෙන නමකින් තියෙන බෙහෙත ඕනද කියලා අපි අහනවා.. මොකද ඒකෙන් තියෙන කොමිස් එක වැඩී.. හැබැයි වැරදිලාවත් ඒකෙන් ලෙඩාට අඩුම ගානේ ඇලර්ජික් එකක් හරි ඇවිත් නඩු දැම්මොත් ෆාමසිය වහන්න වෙන්නේ.. ඒ නිසා ගොඩක් වෙලාවට සෑමා ඔය කියපු කරනාව නම් මෙහේ වෙන්නේ නෑ..

    ලාභය බලාගෙන මිනිස්සුන්ගේ ලෙඩේ උනත් වවාගෙන කන දෙතුන් පාරකට බෙහෙත් ගන්න එන්න කියන විදිහේ දොස්තරලත් ඉන්වනේ සෑමෝ.. කිවුවත් වගේ මේ කලියුගය.. ඉස්සර වෙද මහත්තුරු වෙදකම් කලේ තමන්ගේන් මිනිස්සුන්ට සෙතක් වෙන්න ඕන නිසා.. ඒත් අද ඒ දේවල් වෙනස් වෙලා..

    හා හා.. කෙල්ලෝ දිහා බැලීම මගේ දෛනික රාජකාරියේ කොටසක්... :)

    ReplyDelete
    Replies
    1. මාත් කියන්නෙ ගියෙ දිනේශ් කිව්ව දේමයි...අපේ රටේ මිනිස්සු ගැන නම් කියල වැඩක් නැහැ..ලැජ්ජයි......

      Delete
    2. //දොස්තර නියම කරපු ලියවිල්ල නැත්නම් බෙහෙත් දෙන්නේ නෑ..//
      කියන්න සතුටුයි දැන් ලංකාවේ තරමක් දුරට මේක වර්ධනය වෙලා. ඉස්සර වගේ නෙවේ. ගොඩක් වෙලාවට තුන්ඩුව තියෙනවද අහනවා. සමහරු එහෙම නැත්තම් දෙන්නෙ නැහැ. අනික කවුන්ටරයෙන් කෙලින්ම ගන්න පුලුවන් බෙහෙත් (OTC drugs/over the counter) ජාති වලට ඔය ගැටළුව නැහැ.

      ලාභය බලාගෙන දොස්තරලා කරන දේවල් මට පෝස්ට් දහයක් විතර දාන්න පුලුවන් මචං. ;)

      සජීවීව අත්දැකීම් අරන් තියෙනවා. ‍මොකද ගොඩක් බෙහෙත් ගෙන්වන කම්පැනි තමන්ගෙ බෙහෙත දොස්තර ලවා ලියවන්න ස්පොන්සර් ෂිප් ගන්නව නොවැ. ඕවට මාත් ගිහින් කතා කරල තියෙනවා.

      ඔය බෙහෙතක් වෙනුවට වෙනත් බෙහෙතක් දෙන සීන් එක මෙහෙත් තියෙනව නොවැ. brand name වෙනස් වුනාට එකම generic එකේ බෙහෙත් දුන්නට කමක් නැහැ මයෙ හිතේ. හැබැයි ලෙඩාගෙන් අහල. සමහරු ලාභ බලාගෙන (bonus/commission) වැඩකට නැති බෙහෙත් දෙන එක වැරදි. එහෙමත් නැත්නම් ලෙඩාගෙ අතේ මුදලෙ හැටියෙට ඒ generic එකේම වෙනත් බෙහෙතක් දීම කමක් නැහැ.

      ** කෙල්ලෝ දිහා බැලීම මගේ දෛනික රාජකාරියේ කොටසක් කිව්ව හැටියේ v/කිරිල්ලී ඔළුව දාලා මූන පෙන්නලා.. :)

      ජය !

      Delete
  24. හපොයි දෙයියනේ මෙහෙමත් මිනිස්සු.......:O

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ඔක්කොම එක වගේ නැහැ නොවැ..

      ජය !

      Delete
  25. ඉස්සල්ලාම හිතට ආවේ සෑම් දන්න බණ කියලයි. කොහොම උනත් පොසොන් කාලයටම ඔබින හොඳ කතාවක්!

    මෙහෙත් ෆාමසියකට ගිය පලියට සමහර බෙහෙත් දෙන්නේ නැහැ. ඒ අතින් නම් ලංකාවේ සිද්ධවෙන්නේ වැරදි වැඩක්.

    බිම දාගෙන බත් කාපු හිඟන්නා ගැන අහපුවාම නම් හරි දුකයි. ඒ වගේ අයට කරන්ට දෙයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. පොලොවෙන් වැලි අහුරක් අතට ගත්තොත් ඒ ප්‍රමානයට සෑමා බණ දන්නවා. පොලවේ තියෙන වැලි ප්‍රමානයට නොදන්න දේවල්. :)

      කියන්න සතුටුයි දැන් ලංකාවේ තරමක් දුරට මේක වර්ධනය වෙලා. ඉස්සර වගේ නෙවේ. ගොඩක් වෙලාවට තුන්ඩුව තියෙනවද අහනවා. සමහරු එහෙම නැත්තම් දෙන්නෙ නැහැ.

      බිම බත් දාගෙන කාපු මනුස්සයත් පෙර කරපු කර්මයක් ගෙවනව ඇති මයෙ හිතේ..

      සිත් පිනෙන් පිරේවා !

      Delete
  26. ඉස්සල්ලාම හිතට ආවේ සෑම් දන්න බණ කියලයි. කොහොම උනත් පොසොන් කාලයටම ඔබින හොඳ කතාවක්!

    මෙහෙත් ෆාමසියකට ගිය පලියට සමහර බෙහෙත් දෙන්නේ නැහැ. ඒ අතින් නම් ලංකාවේ සිද්ධවෙන්නේ වැරදි වැඩක්.

    බිම දාගෙන බත් කාපු හිඟන්නා ගැන අහපුවාම නම් හරි දුකයි. ඒ වගේ අයට කරන්ට දෙයක් නැද්ද?

    ReplyDelete
  27. ෆාමසියේ මනුස්සයා නම් සැහෙන පින් කරන කෙනෙක් වගේ. එත් අනිත් එකේ ඉන්න එකා නම් යාම පල්ලෙක්ද කොහෙද.. ඔය වගේ තව අහිංසකයෝ කීයක් රවට්ටනවා ඇත්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් මචං. ගොඩක් කඩවල් වලින් ඔහොම මිනිස්සු රවට්ටනවා. අපි මොනව කරන්නද. වෙන දෙයක් ඔවුනට වෙයි.

      ජය !

      Delete
    2. සේරි වාණිජ ජාතකයත් මතක් වුණා..

      Delete
  28. දවසක් ෆාමසියක් ළඟ කිළුටු සිවුරක් ඇඳගත්ත හාමුදුරුනමක් වැටිලා හිටියා. කවුරුත් බැලුවේ නැහැ.. මම බොහොම අමාරුවෙන් උස්සලා අරගෙන ලංගම ඉස්පිරිතාලෙට ගෙනිච්ච. ඔන්න එතෙන්දි තමයි මං දැනගත්තේ හාමුදුරුවෝ වෙරි වෙලා කියල. බීලතිබුනේ කැස්සට දෙන බෙහෙත් එක්ක තව මොකක්ද ජාතියක් බීලා කියලා.. ඕක විකුනන්නේ අර ෆාමසියෙන්.. මේ හාමුදුරුවෝ ඕකට ඇබ්බැහි වෙලා..

    ReplyDelete
    Replies
    1. අප්පා.. කැස්ස පැනි බොන තවත් පැනි කුරුල්ලෙක්. දැන් බොහාමයක් ෆාමසි වලින් ඕව දෙන්නෙ නැහැ නොවැ. අනික ලෙඩක් තියෙන මනුස්සයෙක්ට වත් ගන්න බැහැ තුන්ඩුවක් නැතිව.

      සරත් සමහර විට දන්නව ඇති ඔය කියන බෙහෙතේ ඇල්කොහොල් අඩංගු නැහැ. අපිට තියපු දේශනයකදි මම දැනගත්තේ. ඕක මානසිකව මත් වෙන ක්‍රියාවලියක් මිසක ඇල්කොහොල් නිසා වෙන දෙයක් නෙවේ කියල.

      Delete
  29. ඉතාම අපූරුවට ඉදිරිපත් කරපු වටිනා ලියවිල්ලක්.. පිං සිදු වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      ‍බොහොම පිං !

      Delete
  30. මුදලට යට වුනු මනුස්සකම්....කළා වගේ නෙවෙයි - ගෙවන්න ගියාම...ආදර්ශමත් කතාවක් මල්ලී....

    ReplyDelete
    Replies
    1. ස්තුති දම්මී...

      කරන කලට පව් මිහිරිය මීසේ.. විදින කලට එය දැඩි වෙයි ගිණි සේ..

      ජය !

      Delete
  31. වෙසක් කලාපේ ඉවරයි දැන් පොසොන් කලාපේ....

    හොර වෙද්දු කරන්නෙත් ඕකමනේ.... අතට කුට්ටිය කඩා ගත්තම ලෙඩාට හෙණ ගැහුවත් කමක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අනු..

      හැම වෙදාම එහෙම නැහැ. ඒත් බහුතරය ?

      Delete
  32. ආදර්ශමත් කතාවක්!!! අද කාලෙ කවුද හෆ්ෆා ලෙඩ්ඩුන්ගෙ පැත්තෙන් හිතන්නෙ.. තමන්ගෙ මඩිය තර කරගන්නනෙ හැමෝම බලන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? ලෙඩා පැත්තක වැටිල ඉද්දි නර්ස් ලා වුනත් ගණන් ගන්නෙ නැති කාලයක් මේක

      ජය !

      Delete
  33. කතා කරලා වැඩක් නැහැ කොල්ලෝ. අර කලින් කිව්වත් වගේ දැන් ලංකාව ටිකක් හරි හොදයි, දොස්තර කෙනෙක්ගේ සහතිකයක් නැතුව දැන් බෙහෙත් දෙනවා අඩුයි. මම ෆාමසියට ගියාම දැන් හදිස්සියට පිරිටන් පෙත්තක්වත් දෙන්නේ නෑ :)

    ReplyDelete
    Replies
    1. අලුගෝසුවාව දැක්කම ෆාමසියෙ එකා අනිවාර්‍යයෙන් තුන්ඩු ඉල්ලනව ඇති..

      :))

      Delete
  34. හොඳ ආදර්ශමත් කතාවක් යාළුවා...
    උඹ කියපු මෙට්‍රෝ ෆාමසි කියන තැන ඉන්න මනුස්සයා ගොඩක් හොඳ දැහැමි මනුස්සයෙන් වෙන්න ඕනේ.
    නැත්නම් ජාතක කතාවක් මතක් කරලා උපහැරණ දෙන්න විදිහක් නැහැනේ
    ඒ වගේම තමයි කඩේ ඉස්සරහ ඉන්න හිඟන මනුස්සයව එළවගත්තේ නැතුව ඔහුට සලකන එකෙනුත් ඔහුගේ මානුෂික ගුණය පෙන්නුම් කරනවා....

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම පොර වැදගත්..

      අනික මම දැක්ක පොර බෙහෙත් තුන්ඩු බැලුවේ අන්වීක්ෂයකින්. කඩේට එන එවුන් හිතනව ඇති පොර හෙන වැඩ්ඩෙක් කියල. ඒ එයාගෙ ඇස් පේනවා මදි කම නිසා කරපු දෙයක්.

      ස්තුති සහෝ !

      Delete
  35. ආදර්ශමත් කතාවක්.තෙරුවන් සරණයි!

    ReplyDelete
  36. Replies
    1. ඇයි බොරුද මං කියන්නේ ? :)

      Delete
  37. අයියෝ මේකට කමෙන්ට් එකක් කලින් මම දැම්මනේ. ඒක නෑ නේ...

    ReplyDelete
  38. යකෝ මුංට හෙනගහනවනේ....
    මම කිව්වේ අර බොරු බෙහෙත් දීපු උන් ගැන....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...