Sunday, May 27, 2012

අම්මා... - පෝස්ටර් ගැසුවේ අපිට ආදරේ නිසාමය.


ඕනෑම නිවසක ප්‍රධාන කාර්යයන් සියල්ලක්ම පාහේ කරන්නේ අම්මාය. බුදුන් පවා දේශනා කලේ ගෙදර බුදුන් අම්මා කියාය. 

යො මාතරංවා පිතරංවා - ජිණ්ණකං ගතයොබ්බනං
පහුසන්තො න භරති - තං ජඤ්ඤා වසලො ඉති
-වසල සූත‍්‍රය

මේ අනුව යමෙක් බොහෝ සම්පත් ඇතිව සිටියදී වෘද්ධ බවට පැමිණි දෙමාපියන් පෝෂණය නොකෙරේද? ආරක්ෂා නොකෙරේ ද? ඔහු වසලයෙක් වන බව බුදුන් වහන්සේ දේශනාකලෝය. තමන් වහන්සේ දේශනාවෙන් පමණක් නොව තමන් බිහි කළ මහාමායා දෙවඟන සොයා ගොස් අබිදම් දෙසුම කරමින්ද පියා වු “ශුද්ධෝදන” රජු වෙත පැමිණ දම් දෙසා සසරින් මුදවමින් ද, කිරි පොවා පෝෂණය කළ “ ප‍්‍රජාපතී ගෝතමිය වෙත භික්‍ෂුණි සමාජය උරුම කොට සසරින් එතෙර කරවමින් ද ආදර්ශයෙන් ම තම වගකීම ඉටු කොට වදාළහ.

අපේ සැලකුම් හා ලාභ අපේක්ෂාවෙන් තොරව අපේ දෙමව්පියන් වර්ථමානයේ අප වෙනුවෙන් කොපමන දේවල් කරනවාද යන්න සිතා බලන්නට පෝස්ටුවක් දමන්නට සෑමා සිතට ගත්තේය. 

එදා සෑමාගේ අක්කාගේ නිවසේ දානමය පිං කමකි. සෑමා වැඩට යායුතුය. සෑමාගේ පියා කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතාද වැඩට යායුතුය. එසේ තිබියදී සෑමාගේ අම්මාට දානයට යාමට නොහැකි බැව් ඈ සිතුවාය. එසේ තිබියදී සෑමාට හා පියාට අවශ්‍යය සියළු කටයුතු සම්පාදනය කොට කලින් දවසේ ඇය සෑමාගේ අක්කාගේ නිවසට පිටත් ව ගියාය. එවිට සෑමා නිදිය. නැගිට බැලූ විට ඇය නිවස පුරා පෝස්ටර් අලවා තිබිණ.



අම්මා හදන කිරි තේ එක තරම් තේ එකක් අපේ නිවසට නැති බව ඇය දන්නීය. තාත්තාද රෑ 7 වෙද්දී සිරිස නිවුස් බලන්නේ ඒ තේ එක රස විදිමින් බව නොරහසක්ය. ඇය ඇගේ තේ එකේ පදම ලියා තැබුවේ අපට ඒ රසට හදාගෙන බොන්නට විය යුතුය. ඒත් අපේ අත් ගුණය එතරම් රසවත් නොවූ බව තාත්තාටද දැනෙන්නට ඇත්තේ එදා තේ එක රස නොවූ නිසාමය. චතුවා නොහොත් සෑමාගේ ගමේ මිත්‍රයෙකු සවස 7ට පමන නිවසට එන්නේද ඒ තේ එක රස විදින්නට බව ඔහුම පැවසුවේය.

වෙනදා උදේට කෑමට තියෙන්නේ එක ප්‍රධාන ආහාර වේලකි. ඒත් එදින අපට ඉදිආප්ප හෝ බත් කන්නට කීවේ ඇය ‍දෙවර්ගයම සාදා තබා පිටත්ව ගිය නිසාමය.


සෑමා තම නිවසේ පොඩිම එකාය. ඒ කියන්නේ චූටි පුතාය. විටෙක ආදරේට "චූටී" වන්නේ ද සෑමාය. කොතරම් එලාම් තැබුවද සෑමාව නැගිටවන්නේ අම්මාය. ඇය තාත්තාට තැබූ සන්දේශයේද සදහන් වුයේ සෑමා උදෙන්ම ඇහැරවිය යුතු බවය. මෙහි බත් කඩෙන් කන්න කියා ඇත්තේ සෑමාටය. එදා අම්මාගේ බත් පාර්සලය සෑමාට ලැබුනේ නැත. එනිසා ඇය කඩෙන් කෑමට මුදල්ද සෑමාගේ කාමරයේ මේසය මත තබා ගොස් තිබිණි. 

හැම රාත්‍රියකම නිවසේ දොරගුලු දමන්නේ ඇයය. අපි දොරගුලු දැම්මාට ඇයට විශ්වාස නැත්තේමය. ඒ අපේ කල්පනාව හොද නිසාය. මීට පෙර දිනෙක් අම්මා නිවසේ නොසිටි දිනක සෑමා සහ තාත්තා දොර ලොක් නොකර නිදාගෙන තිබුනා අප සැමට තවමත් මතකය. එදා අම්මා උදේම ඇවිත් දොරට තට්ටු කරන විට දොර නිකන්ම ඇරී තිබින. ඒ නිසාම ඇය සන්දේශයට එය ඇතුලත් කොට ඇත්තේය.

එසේම ඇය නින්දට පෙර සෑම ඇදක් යටම බලන්නීය. අපේ ගමේ නිවසක් මීට පෙර හොරු කඩා තිබුනේ දහවල නිවසට වැදි ඇදන් යට සැගව සිට නිවසේ පිරිස රාත්‍රියේ නිදාගත් පසුය. ඒ නිසා ඇය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්නීය.


වහින විටදී කොපමන විදුලි කෙටුවද සෑමා සහ තාත්තා ටීවි ඕෆ් කරන්නේ නැත. එය සිදු කරන්නේ අපේ අම්මාය. ඇය නැති විටදී වැස්සේ පවා අපි ටීවී බලන බව ඇය දන්නීය. එසේම නින්දට පෙර ඒවා ගලවා දැමිය යුතුය. ඇය ඒ කරුණද පෝස්ටරයේ අන්තර් ගත කළාය.

එසේම කෑම වලං, කෑම මේසය වහන විශාල ආවරණය පවා අපි නොවසනා බව ඇය දන්නීය. අප නිවසේ පැවති මී උවදුර ගැන ඔබ සැම දැනුවත් බව සෑමාද දන්නේය. එහෙව් එකේ කෑම නොවැසුවොත් මීයෝ පනින බව ෂුවර්ය. ඇය ඒ බවද පෝස්ටරයට අඩංගු කළාය.

තමා නිවසේ නොමැති විටකදී පවා නිවසේ සිටින උදවිය ගැන දෙමව්පියන් වද වෙන බව අපට නොදැනෙනවා විය හැක. එහෙත් ඔවුන් දුරින් සිට සියළු දේ පිලිබද අවධානයෙන් සිටින බැව් පසක් කිරීමට මේ සටහන තැබීමි. එහෙව් පිරිසකගේ සිත් නොරිදා සිටින්නට සෑම තප්පරයකම උත්සාහ කළ යුතුය.


ඔබ සැමගේද දෙමව්පියන්ට නිදුක් නිරෝගී ජීවිතයක් පතමි.. !

ජයෙන් ජය !

Written by sAm_10.15am_26.05.2012

93 comments:

  1. හිහ් හිහ්..... අම්මත් මරු වැඩ තමා කරන්නේ (සැමා වගේමයි) :-)
    සැමාගේද දෙමව්පියන්ට නිදුක් නිරෝගී ජීවිතයක් පතමි.. !

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      බොලගෙ නිවසේ සියල්ලටත් රාජ සම්පත් ලැබේවා !

      Delete
  2. ඒ තමයි මචං අම්මා...!
    අම්මා.

    ReplyDelete
  3. හදා වඩා පෝෂණය කරපු දෙමව්පියන් ගැන නොබලන එවුන් ගැන නම් කතාකරල වැඩක් නෑ.
    බුදු හාමුදුරුවො, ප‍්‍රජාපතී ගෝතමිය පිරිනිවන් පාන්න තමන්වහන්සේගෙන් අවසර අරගෙන ආරාමයෙන් නික්මී යන වෙලාවෙ පසු ගමන් කොට තම සුළු මවට ගෞරව කළා කියල මම අහල තියෙනව.
    සෑම්ලගෙ අම්මත් ටිකක් අපේ අම්ම වගේනේ. එයත් රෑට කීයවුණත් ගෙදර අහුමුළු බලල දොරවල් ලොක් කරල කෑම භාජන අස්කරල තමා නිදාගන්නෙ. ඒ මදිවට මම කාමරේ ජනේලේ ඇරගෙන ඉන්නව කියල රෑ 12 - 1 වෙලත් මම නිදාගන්න යනකම්ම අවදියෙන් ඉන්නව. අම්මල කොහෙත් එහෙමයි මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. බොලා ජනෙල් ඇරගෙනද කියල බලනවා ඇත්තේ හේතුවක් උඩ.. රෑට ගෑල්ලමයි ඇතුලට පනී කියල වෙන්න ඇති.. ;)

      ජයෙන් ජය සහෝ..

      //අම්මල කොහෙත් එහෙමයි මගේ හිතේ.// එකගයි..!!

      Delete
  4. උබලගේ අම්මා නම් සිරා ඈ
    අපේ අම්මත් ඔහොම තමා වැස්ස වෙලාවට මුකුත් බැහැ හැබැයි ඔහොම පෝස්ටර් ගහන්නේ නම් නැහැ

    ReplyDelete
    Replies
    1. නිශාන් අම්මට කියපං පෝස්ටර් ගහන්න පුරුදු වෙන්න කියල සෑමාගේ අම්ම වගේ..

      ජය !

      Delete
  5. අම්මලා.. පුදුම හිතෙනවා, මෙච්චර දරා ගැනීමේ ශක්තියක් කොහෙන්ද ලැබුනේ කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. සියළු ස්ත්‍රින් දිනෙක මවක්ය. ඒ හැමෝටම දරා ගැනීමේ ශක්තිය ඉහල බැවි සිතමි..

      ජය !

      Delete
  6. හොඳ අම්මෙකු ගේ හොඳ පුතෙක් බව පෙනේ!

    ReplyDelete
    Replies
    1. ලැජ්ජයි මට හොදයි කියද්දී..

      ජය !

      Delete
  7. සෑම් මමත් ඔයවගේ ලියල ෆ්‍රිජ් එකෙ දොරේ කාන්දමකිං අලවලා යනවා කොහෙ හරි යනකොට. මොකද අපේ ගෙදර ෆ්‍රිජ් එක තමා රිසෙප්ශන් එක වෙන්නෙ මම නැති වෙලාවට.

    අම්මල පුතාල ඔහොම තමා. වැඩියෙන්ම ගෝරි වෙන්නෙත් ඒ දෙන්නම නේ ද? තාත්තගෙං අහන්නෙ අම්ම කොහෙද කියල. අම්මව හොයා ගත්තම A-Z ප්‍රශ්න..............

    ReplyDelete
    Replies
    1. මට ඊරිසියා හිතෙන තරමට සෑමා අම්මාට ආදරෙයි. සමහර විට මට මෙහෙම හිතෙන්නේ කවිකාර පුතා සෑමාට වඩා බාල නිසා විය හැකියි. මගෙත් ඊ ළඟ පොස්ටුව අම්මලා වෙතට පුදමි

      Delete
    2. //ෆ්‍රිජ් එකෙ දොරේ කාන්දමකිං අලවලා යනවා// අපේ අම්මා පෝස්ටරේ ගැහුවේ ඔතන තමා. ඒක මම කිව්වෙ නැහැ.

      //අම්මල පුතාල ඔහොම තමා. වැඩියෙන්ම ගෝරි වෙන්නෙත් ඒ දෙන්නම නේ ද? තාත්තගෙං අහන්නෙ අම්ම කොහෙද කියල. // මේකට උත්තර දෙන්න ඕනෙ නැහැනෙ අමුතුවෙන්. කවිකාරි දන්නව ඇතිනේ..

      ** කවිකාර පුතාත් දවසක මේව ගැන ලියයි. එක්කෝ කියයි. නැත්තම් මුකුත් මතක නැහැ වගේ ඉදල සලකයි හැමදේටම උපරිමයෙන්..

      ජය වේවා.. ඔබේ පෝස්ටුව බලාපොරොතුවෙන් සිටිමි..

      Delete
  8. අපි කවුරුත් ගෙදර නැති දවසක් අම්මට හොඳටම අසනීප වෙලා.. වටේටම කෝල් කරත් කවුරුත් අරගෙනත් නෑ.. අම්මා හිතලා මැරෙයි කියලා..

    කොළයක් අරන් අන්තිම කැමති පත්‍රයත් ලියලා.. වෙලාවට තාත්තා වේලාසන ඇවිත්..

    ලිව්වෙ මොනාද පෙන්නුවෙ නෑ හැබයි..

    ReplyDelete
    Replies
    1. පව් අප්පා.. ඒක සංවේදී..

      ජය පතමි පවුලටම..

      Delete
  9. වාසනාවන්...
    ගුටිත් දෙන්නැති ඒවගේම...

    ReplyDelete
    Replies
    1. ගුටි ඉතින් කැමැත්තෙන් ගන්න ඒව නොවැ..

      ස්තුති මෙහෙ ආවට.. ජය !

      Delete
  10. හොඳ අම්මා කෙනෙක් බව හොඳටම පෙනේ.

    දොර හොඳට නොවසා නිදන පුතා ගැන නම් එසේ කිව නොහැකි මුත් අම්මාට ආදරේ පුතකු බව නම් පෙනේ.:)

    ඔබ මව්පිය දෙපලට දිගාසිරි...

    ReplyDelete
    Replies
    1. ස්තුති පො.කු.ආමි..

      ඔබ පවුලටත් දිගාසිරි !

      Delete
  11. නියම ආදරයක්. ඇඳන් ගසලා නිදාගන්න දොරවල් බලන්න අරවද මේවද හැමදාම දැන් තමයි හිතෙන්නේ ඒ දේවල් කිවුවේ අපි වෙනුවෙන් නේ කියල.

    සෑම් ගේ දෙමාපියන්තත් නිදුක් නිරෝගී ජීවිතයක් පතමි.

    ReplyDelete
    Replies
    1. ඇදන් ගසන සීන් අපේ ගෙදරත් තියෙනවා. බැලුවම ඔක්කොම එකයි..

      ජය !

      Delete
  12. මව්පියො උතුම්මය......

    පෝස්ටුවට මම ලයික්....හොඳේ.....

    ReplyDelete
  13. සෑමා‍ගේ දෙමාපියන්ට දිගාසිරි පතමි..

    ReplyDelete
    Replies
    1. ඔබ දෙමාපියන්ටත් එසේම වේවා.. ජය !

      Delete
  14. අම්මලා ඔහොමයි සෑමා..

    දිවුල්ගනේ මහත්තයා " ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩනා.." කියලා කියන්නේ ඒකනේ සෑමෝ..

    ReplyDelete
    Replies
    1. අන්න සිංදුව...

      ස්තුති සහෝ..

      Delete
  15. අම්මප සෑමෝ, අම්ම තාත්ත තරම් අපිට කවූරුවත් ආදරේ නෑ නෙව
    සිරාවටම බන් අපේ අම්මත් ඔය පෝස්ටර් මෙහෙයුම දියත් කරන්නවා අම්ම ගෙදර නැති වෙලාවට අපිව දැනුවත් කොරන්න
    පෝස්ටර් කියුවම මතක් උනේ අපේ නෑදෑ වෙන නංගි කෙනෙක් හිටිය ,දවසක් එයාලගේ අම්ම ගෙදර නැති වෙලාවේ පුංචි අම්මලය් ගෙදර යන්න ඕන වෙලා, අම්මට යතුර දෙන්නත් ඕන නිසා දොරේ පෝස්ටරයක් ගහල මෙන්න මෙහෙම // අම්මේ මම පුංචි අම්මලය් ගෙදර යතුර පාපිස්ස යට/// ගොන් හැත්ත :ඩ්
    කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතාටත් සාමාගේ අම්මටත් දීර්ඝායුෂ ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. යතුරේ සින් එක මම අහල තියෙනවා. මම හිතුව විහිලු කතාවක් කියල. බැලින්නමි ඇත්තටම වෙලා නොවැ..

      ස්තුති පුබුදුවා.. ඔබේ නිවසටත් දිගාසිරි..

      Delete
  16. අපේ අම්මනම් කෙහෙ හලි ගියොට් පැය බාගෙන් බාගෙට කෝල් කලනව....

    ReplyDelete
    Replies
    1. දන්න නිසා දැරිවිගෙ හැටි.. :)

      ජය !

      Delete
  17. සෑම් අයියගේ අම්මගෙයි අපේ අම්මගෙයි වෙනසක් මම දකින්නේ නෑ. මොකද අපේ අම්මත් ඔහොම ලියපු පෝස්ටර් ගොඩක් මම කියවල තියනවා. ඒ හැම වචනයක් එක්කම ඈගේ ආදරෙත් ලියවෙලා තියෙනවා කියල මට හිතුන වාර අනන්තයි. සියලුම අම්මාවරුන්ට පියවරුන්ට නිදුක් නිරෝගී සුවය අත්වේවා කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. හැම අම්මම එකයි වගේ මචං..

      සෑමාත් සියලුම අම්මාවරුන්ට පියවරුන්ට නිදුක් නිරෝගී සුවය අත්වේවා...

      Delete
  18. අපේ අම්මත් ඔහොම්මමයි. කොහේහරි යනකොට කොලේක ලියා තියලා යනවා !

    ReplyDelete
    Replies
    1. නැත්තම් උබල අපිව හදාගන්න බැහැ නොවැ..

      Delete
  19. හැම අම්මා තාත්තා ම ඔහොම තමයි. පුත්තා වත්ථු මනුස්සානං කියලා බුහුහාමුදුරුවො දේශනා කළෙත් ඒකමනේ සහෝ!

    ReplyDelete
  20. ගොඩක් වෙලා කල්පනා කළා බං මොනවා හරි ලියන්න, ඒත් මුකුත් හිතට එන්නේ නෑ. සැමාගේ අම්මට දීර්ඝායුෂ පතනවා!

    ReplyDelete
    Replies
    1. මේ ලියපු ටික ඇති මචං..

      උබ ඇතුලු පවුලටම දිර්ඝෘයුෂ !

      Delete
  21. සෑම්ගෙ අම්මටත් තාත්තටත් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා කරමි...

    ReplyDelete
    Replies
    1. ඔබ මාපියන්ටත් එසේම වේවා.. ජය !

      Delete
  22. ube blog eka kiyuwama terenne hadichcha amma kenekge nahadichcha putek kiyala :D ela ela machn sira blog eka

    ReplyDelete
  23. උබේ විතරක් නෙමේ හැමෝගෙම දෙමව්පියන්ට දීර්ගායුස ප්‍රාර්තනා කරනවා මුලින්ම.ඒත් මම උබලා තරම් ලකී නෑ මචන්ලා. ජය.!

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්න එපා මචං.. ජය !

      Delete
  24. දෙමවුපියො සම්බන්ද වෙන, බුදුහාමුදුරුවො කියල තියන කතාවක් මතක් වුනා,පංච ආනන්තරිය පාප කර්ම දන්නවනේ,ඒකෙන් එකක් තමයි මව,පියා ඝාතනය,හැබැයි සෝවාන්,සකෘදාගාමි හෝ අනාගාමී උතුමෙකු ඝාතනය ආනන්තරිය පාපකර්ම ගොඩට වැටෙන්නෙ නෑ මම දන්න විදියට.එහෙම බලනකොට අම්ම,තාත්ත මේ හැම දෙනාටම වඩා උතුම් අය,ගෙදර බුදුන් කියල බුදුහාමුදුරුවොම කිවුවෙ නිකමට නෙමේ නෙ.ඉතින් දෙමවුපියො තරම උතුම් වස්තුවක් මේ තුන් ලෝකේම තියෙයිද?

    අම්මලට ඉතින් වැඩිපුරම ආදරේ කොල්ලොනෙ බන් :P

    සෑමගෙ දෙමවුපියන්ට දීර්ඝායුෂ!

    ReplyDelete
    Replies
    1. අම්මලාට කොල්ලෝද - තාත්තලාට කෙල්ලෝද වැඩියෙන් ආදරේ බව අසා ඇත්තේමි.

      කෙල්ලෝ කපටී.. තාත්තගේ ‍පර්ස් එකට විදින්න හදන්නේ..

      ජය !

      Delete
  25. අපේ අම්මත් එක පාරක් මෙහෙම පෝස්ටර් ව්‍යාපායක් දියත් කරලා තිබුනා ඒත් ඉතින් කටින් කියනකොට අහන්නැති පුතයා අතින් ලිව්වම අහයියැ එදා ඉඳං පෝස්ටරුත් නෑ... කාලයක් නම් පොඩ්ඩ පරක්කු වුනත් බනිනවා දවසක් වෙලාව පහුවෙලාත් ගෙදර නාවම උඹ ඔහෙම හිටහං කිව්වා මම ඉතින් එහෙම හිටපු නිසා එදා ඉඳන් කීයට හරි ගෙදර වරෙන් කියනවා... උදේ තේ එක 6ට හදලා කූද්දනවා අම්මාගේ මහන්සිය අපරාදේ නිසා 8ට හෝ 10ට විතර නැගිටලා ඇල් වෙච්චි තේ එක හැන්දකින් කූරු ගාගෙන බොනවා....

    මම අසනීපව වෙද ගෙදර හිටිය කාලේ අපේ අම්මා මගේ පොඩි කාලේ පොටෝ තියාගෙන අඬ අඬ බැලුවලු මම ගෙදර එනකන්ම... අම්මලා කොයි තරම් අපිට ආදරේද... සැමා අයියාගේ මව්පියන්ට මෙන්ම හැමෝගෙම මව්පියන්ට දීර්ඝායුෂ පතනවා මම....

    මම පන්ති ගියපු දවසක අම්මා නැන්දලාගේ ගෙදර ගිහින් හදිසියේ යතුරත් අරගෙන... මම කලින් ගෙදර ආවම අම්මා නෑ... ඉතිං දන්න ට්‍රික්ස් දාලා දොර ඇරගෙන ෆුල් ජොලියේ ෆිල්ම් එකක් බලද්දි එක පාරට කුඩේකින් ප්‍රහාර එල්ලවුනේ නැතැ... බැලින්නං අම්මා එද්දි දොර ඇරලලු... බය හිතුනලු හොරෙක් කියලා.... මම ජොලියේ ෆිල්ම් එකක් බලද්දි හොරා එක්ක ආවට වඩා කේන්තියක් ආවලු... දොර ඇරියේ කොහොමද කියලා අහ අහ නෙලුවා එතකොට මම 8 විතර ඇති... ඉන් පස්සේ අළුත්ම ලොක් එකක් දැම්මෙව්වා... ඒකත් යතුරු නැතුව ඇරියා... ෆ්‍රී ඇඩ් එකකි දොරවල් එහෙම ඇරගන්න ඕන කස්ටිය ඉන්නවනං අමතන්න ඈ

    ReplyDelete
    Replies
    1. //උඹ ඔහෙම හිටහං කිව්වා මම ඉතින් එහෙම හිටපු නිසා එදා ඉඳන් කීයට හරි ගෙදර වරෙන් කියනවා...// උබව කෝමත් හදන්න බැහැ කියල තේරෙන්නට ඇති.. ;)

      මාත් ඇල්වුන තේ එක බොනවා.. වෙලාවකට හලලා සද්ද නැතිව ඉන්නවා බිව්ව වගේ..

      උබ වෙද ගෙදර හිටිය වගේ මම 8 වස‍රේ ලමා රෝහලේ හිටිය අම්ම එක්කම. එයාට එහෙ ඉන්නකොට කන්න බැහැ අප්පිරියයිලු. ඒත් මට කැව්වා. දවස් ගානක් කෝම හිටියද මන්දා..

      //ඒකත් යතුරු නැතුව ඇරියා... ෆ්‍රී ඇඩ් එකකි දොරවල් එහෙම ඇරගන්න ඕන කස්ටිය ඉන්නවනං අමතන්න ඈ// කෝමද බොල ඒ ??

      Delete
  26. ape amma ohoma liyanna ban. mokada apiwa dala kohewath yanna....

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා උබලව දාල ගියොත් අඩනව ඇති මොන්ටිසෝරි ලමයි වගේ. :))

      Delete
  27. අම්මපා බං අපේ කරදඬු උස්මහත් උනාට අම්මට තාත්තට අපි පුංචි එවුං...පොඩි කාලේ ඉඳන් අපව උස්මහත් කොරන්ඩ කරපු කැපකිරිම් වලින් අල්පයක් වත්...මම හිතන්නෑ එයාලගේ සැඳැ කාලයේ අපි ඔවුන් වෙනුවෙන් කැප කරනව කියල

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං.. අපේ යුතුකම අපි බලාගන්ට ඕනේ..

      Delete
  28. මෙහෙම අම්මලා වාසනාවන්. අම්මාගේ උත්සහය, කැපවීම දරුවොත් ආදර්ශයට ගත්තා නම් තවත් වටිනවා

    ReplyDelete
  29. කොච්චර ලොකු උනත් අම්මට අපිව චූටිම තමා නේ..

    ReplyDelete
  30. සෑමාගේ අම්මා ගැන ගොඩක් දුක හිතුනා..ගෙදර වැඩ ඔක්කොම කරන්නේ එයා වගේ..
    අනේ තරහා වෙන්න එපා මෙහෙම කිව්වට සෑමෝ..

    පුළු පුළුවන් වෙලාවට කරන්න පුළුවන් හැම වැඩක්ම කරන්න අම්මට උදව් කරන්න..
    (මේක මගෙන් වෙන්න ඕන දේවල් කියලා හිතන්න අම්මට ඉඩ තියන්න එපා!)

    ඔයා කවදා හරි ජීවිතේ තනියම ජීවත් වෙන්න පටන් ගත්තොත් මේ කරන වැඩ වල අගය තවත් තේරේවි..
    මේ ගැන ගොඩක් ලියන්න හිතුනත්..එක්කො ඕන නෑ..

    ReplyDelete
    Replies
    1. ගෙදර වැඩ බෝමයක් අම්ම කලාට මම මගේ රෙදි එහෙම හෝදගන්නවා. කාපු පිගාන කෝප්පෙ ‍හෝදනවා...

      මගෙන් උයන්න නම් උදව් නැහැ..

      ස්තුති රූ !

      Delete
  31. මේ ආත්මෙත් පින්කරලා ලබන ආත්මෙට ප්‍රර්ථනා කරන්න ඕන අම්මෙක්.. හරියට අපේ අම්ම වගේ..

    ReplyDelete
    Replies
    1. හැමෝටම එහෙම වෙන්ට ඇති..

      ජය !

      Delete
  32. අපේ අම්ම නං ලියන්නෙ පිටිපස්සෙ දොරේ හුණු කූරකින්. හැබැයි ගියේ කොහේද කියල විතරයි. කෑම නං කලට වෙලාවට කනව කියල අම්ම දන්නව.
    බ්ලොග් අවකාශයේ සියල්ලන්ගේම අම්මලා තාත්තලාට දීර්ඝායු!

    ReplyDelete
    Replies
    1. අම්ම දන්නවා උබ කොහෙ හිටියත් ලගපාතක ඉන්න එකෙක්ව හරි කනව කියලා.. :)

      ජය !

      Delete
  33. මිස් උන පෝස්ටරේ ....චුටි පුතේ සුප්පුව කබඩ් එකේ.
    අම්මල , තාත්තල අපිට ආදරේ කරපු තරම දැනෙන්නේ අපි දෙමාපියන් උනදාට.
    දෙමාපියන් දෙපලටම දීර්ගායුෂ පතමි !!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ.. අපිටත් තේරෙයි දවසක..

      ජය !

      Delete
  34. අම්මා තමයි ලෝකෙන් උතුම්ම....
    අම්මා ගැන ලියන්න ගියොත් කමන්ට් එක පොස්ට් එකක් වේවි ඒක නිසා මෙතනින් නතර වෙමි!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං.. කරුනු ඕනෙ තරම් තියෙනවා.

      ජය !

      Delete
  35. අම්මලා ඔහොම්ම තමා ...

    අපේ අම්මා තාමත් නිදාගන්න යනකොට සෝදිසි මෙහෙයුම දියත් කරනවා.. ඒ කිව්වෙ ඇදන් යට අල්මාරි වල පිටිපස්සෙ ඔය හැම තැනම බලල හොරු නැති බව දැනගෙන තමා නිදාගන්නෙ.. අපි බැලුවට අම්මට හිතට හරි නෑ, ශුවර් නැතිලු ..

    ReplyDelete
    Replies
    1. මෙහෙත් ඔය ටිකම තමා..

      ජය !

      Delete
  36. අපේ අම්මත් ඔය වගේ තමා...පෝස්ටර් නොගැහැව්වාට...කොහෙහරි දුර ගමනක් යනවානම් ගෙදර ගේට්ටුවෙන් එළියටත් ගිහිල්ලා පාර දිගේ බාගයක් යනකම් කරන්න ඕන දේයි එපාදේයි ඔක්කොම කිය කියා යන්නේ මුළු ගමටම ඇහෙන්න! එච්චර ෂුවර් අපි ගැන :-)

    ReplyDelete
    Replies
    1. //කොහෙහරි දුර ගමනක් යනවානම් ගෙදර ගේට්ටුවෙන් එළියටත් ගිහිල්ලා පාර දිගේ බාගයක් යනකම් කරන්න ඕන දේයි එපාදේයි ඔක්කොම කිය කියා යන්නේ//

      ඇයි අපි ගමනක් යද්දී.. අපි නොපෙනෙන කල්ම ඇඩ්වයිස් දෙනව නේද ?

      Delete
  37. කොයි අම්මත් ඔහොමයි සැමෝ මගේ අම්මා නැතුං මට නම් තේ වතුර ටිකක් වත් හදාගන්න බෑ හැදුවත් අම්මා හදන තේකේ තියන ගතිය මට ගන්න බෑ . ඒක නිසා මගේ අම්මත් ගමනක් යද්දී ඔය වගේ තුන්ඩු ලියලා පරිගණකයේ යතුරු පුවරුව උඩින් තියලා තමා ඒ ගමන යන්නේ ඒ ගිහිල්ලත් එයාට නිවනක් නෑ . පැයෙන් පැයට කතා කරලා උපදෙස් දෙනවා මම හොඳින්ද කියලා අහනවා ..

    නියමයි පෝස්ට් එක සැමෝ

    ReplyDelete
    Replies
    1. සිරා මචං.. හැම අම්මම එකයි නේද බැලුවම..

      ස්තුති සදරුවා.. ජයෙන් ජය !

      Delete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. අම්මා එහෙම තමයි . ඒකනේ කපුගේ කිව්වෙ " දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ" කියලා..

    ReplyDelete
  40. පොස්ට් එක නියමයි සෑමෝ.. ඔබේ දෙමාපියන්ට නිදුක් නීරෝගී සුවය පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති.. ඔබ දෙමාපියන්ටත් නිදුක් සුව..

      Delete
  41. අම්මලාගෙ ආදරේ කවදාවත් අඩු වෙන්නෙ නෑ මචෝ........

    ReplyDelete
  42. මචං උබට කියන්න.. ඊයේ මම ගෙදර තනියම මටත් ඔය ටිකමයි...!!! (සිරාවටම මටත් ඔය දොරවල් වහන්න අමතක වෙනවා බන් )

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට පෝස්ටුව දැම්මේ. ඒක බලලවත් උබට දොර වහන්න මතක් වෙන්න ඇති.. :)

      ජය !

      Delete
  43. මේ තමයි අම්මා....... මම හිතුවේ මගෙ ආම්මා තමයි ලෝකේ හොදම අම්මා කියලා. ඒත් බලන් යනකොට එයාව පරද්දන්න බැරි උනත් එයාට දෙවනි නොවන තව අම්මලත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හැම අම්මම එකයි කාව්‍යා..

      ඔබේ පවුලටත් දිගාසිරි.. !

      Delete
  44. මම මෑතක කියෑවූ හොඳම සංවේදීම පෝස්ට් එක බව නිසැකවම කියමි !
    ජය.
    :)

    ReplyDelete
  45. Your post resembled my mother. Unfortunately I don't have any poster or letters prepared by her. I think most of the mothers are like this

    Mali

    ReplyDelete
    Replies
    1. I dont know who is this 'mali'

      but thank you for commenting here, there is nothing to worry dear, this is life, sometimes we loose what we loved most. the thing we have to do is to live for them !

      Delete
  46. හොඳ පෝස්ට් එකක් ..

    ReplyDelete
  47. මව්වරුන්ගේ දිනයට වටිනාකමින් පිරුණ පෝස්ටුවක්.. අගෙයි සෑමෝ.
    සියලුම අම්මාවරුන්ට පියවරුන්ට නිදුක් නිරෝගී සුවය අත්වේවා කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...