Wednesday, May 23, 2012

රගර් ගහන කොලුවාගේ කතාව.....


අභිෂේක් දුෂ්කර ගම්මානයක කොලු ගැටයෙකි. ඔහුගේ ගමේ නම් වෙල් යායවල් නැත්තේය. එය මුහුදු මායිමට නොදුරු ගම්මානයක් නිසාම අභිෂේක්ට දුව පැන ඇවිදින්නට වුයේ ලුණු ලේවායන්ගේ ලවන පිරුනු පරිසරයකය. ඔහුට සහෝදරයන් පමණක්ම සිටි නිසාම කුඩාකල සිටම සොයුරියකගේ පෙමක් ලැබී නැත්තේය. තම පියාගේ වුවමනාව නිසාම අභිෂේක් ගමේ පාසලට ඇතුලත් ක‍ලද අධ්‍යාපනයට ඒ හැටි වුවමනාවක් නැති බවක් සියල්ලෝම කල්තියා දුටුවෝය. තම අනෙක් දරුවන්ද එසේම බැව් පියා දැන සිටියේය.

අධ්‍යාපනය බැරිනම් ඇත්තේ ක්‍රීඩාවමය. අකුරු බැරිනම් ක්‍රිකට් යන සංකල්පය අභිෂේක්ගේ රටේ මුල් බැසගත් යුගයක් තිබුනේය. එහෙව් කලෙක අභිෂේක් ගේ පියාට අදහසක් ආවේ තම පුතු ලවා කිරිකොට් ගැස්සවීමටය. පුතුද කෙලිලොල් බවින් යුතු නිසාම කුඩා කල පිත්ත අතට ගත්තේය. කුඩාකල ක්‍රිකට් ක්‍රීඩා කලද පුතු වැඩිවියට පත් වෙද්දී පන්දුවක් දෙඅතේ රුවා ගැනීමටවත් තරම් දක්ෂයෙක් නොවන බව පසක් වීය. ඒ අතර තම අනෙක් සොයුරන්ද යන එන මගක් නොමැතිව හරි හැටි අධ්‍යාපනයක් නැතිව කල් ගෙවීය.

අවාසනාවන්ත කාලයක නිමාවක් සටහන් කරමින් අභිෂේක් ගේ පවුලට නැවුම් අරුණැල්ලක් උදාවීය. ඒ තම පියා ගමේ ග්‍රාමසේවක වූ දවසය. එතැන් පටන් අභිෂේක් ගේ මව පබලු මාලයක් ගෙලේ රුවා ගත්තීය. එසේම රෙද්ද හැට්ටයට සමුදී ඔසරියක් ඇගේ රුවා ගත්තාය. සොයුරන් තිදෙනාටද සිකුරා මෙන්ම අනෙක් වටිනා ග්‍රහයෝද බැබලෙන්නට ගත්තේ එතැන් සිටය. අභිෂේක් ගේ පියාද වෙනම ආරකට සුදු සරම සහ අත්දිග කමිසය අදින්නටත්, පෙර සිටම පුරුදු කොට ආ ක්‍රමයටම රැවුල කපන්නටත් පටන් ගත්තේය.

අභිෂේක් නැවත ක්‍රීඩාවට යොමු විය. ඒ ක්‍රිකට් නොවේය. රගර්ය.

ගෝලාකාර පන්දුව පිත්තේ වදින්නේ නැත්තේය. පිත්ත ඒ තරමට කුඩාය. අනික ‍හරියටම ගෝලා කාරය. එවන් පන්දුවට වෛර කළ අභිෂේක් දෙපැත්තෙන් උල් වූ පන්දුව කිහිල්ලේ ගසාගෙන පිට්ටනියට පැන්නේය. පන්දුව වෙනස් කලාට ක්‍රීඩාවකදී දක්ෂතාවය වුවනාම බව අභිෂේක් නොදත්තේය. තමා ඇතුලු කණ්ඩායම පිට පිටම පරාජය ලබද්දී ගමේ අය ග්‍රාමසේවක මහතාට මෙන්ම, අභිෂේක්ට උසුලු විසුලු කරන්නට වූහ.

අභිෂේක් සියල්ල දරාගත නොහැකිව ගෙදර ගියේය. තම පියාද පුතුගේ පරාජයෙන් කලකිරී සිටින බව අභිෂේක් දත්තේය. පියා සහ පුත්‍රයා ක්‍රීඩාව දක්ෂතාවයෙන් තොරව ජය ගන්නට උපක්‍රම යෙදුවේය. ගමේ සිටින දක්ෂතම කණ්ඩා‍යමේ ක්‍රීඩකයන් අමතා ඔවුනට සංතෝසම් දී පුතුගේ කණ්ඩායමට එක්කාසු කර ගත්තේය. එහෙත් දක්ෂතම කණ්ඩායමේ නායකයා එයට එකතු නොවූයේය. ඒ අන් කිසිවක් නොවේය. තම දක්ෂතාවය යටතේ තරග කරන්නටත්, නායකයා ලෙස සිටින ග්‍රාමසේවක මහතාගේ පුත්‍රයාගේ නම බැබලවීමට තරම් තම දහඩිය හෙලන්නට අකැමැත්ත නිසාය. එය සාධාරණය.

අභිෂේක් නැවත පිටියට ආවේය. ඒ මුදලට ගත් දක්ෂයන් රැසක් සමගය. ඔවුන් තම ගමේ සියළු තරග ජය ගත්හ. ප්‍රාන්තයේ සියළු තරග ජය ගත්හ. එසේම රාජ්‍යයේ සියළු තරග ජය ගත්හ. දැන් අභිෂේක් සැබෑ ක්‍රීඩා ශීලී තරුණයෙක්ය. ඔහුගේ නායකත්වය නිසා තම කණ්ඩායම ජය ගන්නේය. අභිෂේක් ගමට මෙන්ම රටටම සම්පතක්ය. ගමේ උදවිය විසිල් ගැසුවෝය. ඒ තම ගමේ නම රාජ්‍යය පුරා ගෙන ගිය නිසාය.

ඒ පමණක් නොව සෑම පත්තරයක්ම, රූපවාහිනී වෙලද දැන්වීමක්ම හැඩ වන්නේ අභිෂේක් රුවින්ය. ඒවාට තම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේද සහභාගිත්වයද ඇත්තේය. නමුත් එවන් වෙලද දැන්වීම අතර තුර රූපරාමු මන්ද ගාමී වන්නේය. එසේ මන්දගාමීව රූප මාරුවන අතර තුර සිටින්නේ අභිෂේක්ය. ඒ ඔහුව උක්ත කළ යුතු නිසාමය. මන්ද ඔහු උල් පන්දුව රැගෙන පිටිය පුරා දිව්වේ, දුවන්නේ දක්ෂතාවය නිසාමය.

එවන් දක්ෂතා පිරි ක්‍රීඩකයන්ට අපේ ප්‍රණාමය... !

Written_by_sAm_6.45pm_23.05.2012

පලි - පොඩ්ඩයි කියලා බනින්ට එපා හරිය...

115 comments:

  1. ඔය තියෙන්නේ....පට්ට ඈ....

    ReplyDelete
    Replies
    1. ස්තුති කිව්වා.. ජය ඈ..

      Delete
  2. . අනේ මන්දා මෙව්ව කියලත් බෑ නොකියත් බෑ ආයු බොං....

    අභිෂේක්ගේ රැකියා තානාන්තර ගැන අමතක කොලේ මොකෑ සෑම් අය්යා.... බොට බය හිතුන නේද .. ගිරාම සේවක මහත්තය අර බෙල්ලෙ තියන රෙද්දෙන් උබව එල්ලාවි කියල

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අනේ මන්දා.. අභිෂේක්ගේ සහෝදරය විභාග ජය ලබපු හැටි, නීතී උතුමෙක් වුන හැටි ඒමත් මතක් වුනා තමා ආයුබෝං.. ඒත් සෑමාගේ ආයු අඩු වෙයි කියල ලියුවෙ නැතිවා...

      ජය වේවා !

      Delete
  3. [img src=" http://www.colombotelegraph.com/wp-content/themes/Transcript/timthumb.php?src=http://www.colombotelegraph.com/wp-content/uploads/2012/04/Mahinda-and-sons.jpg]

    ReplyDelete
  4. අපේ ජනපතිටත් රගර් ගහන්න පුලුවන් නම් ග්‍රාමසේවකගෙ පුතා ගැහුවට මොක..

    http://www.colombotelegraph.com/index.php/senior-rugby-players-avoid-national-team/mahinda-and-sons/

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ මම ලියුවේ මෙයාල ගැන නෙවේ බොල.. ගිරාම සේවක මහත්තෑ ගැන.. :පී

      ජය සිරි කිව්වලු !

      Delete
  5. අනේ මන්දා අප්පා...අපි හරි අහිංසක මිනිස්සු...:(

    ReplyDelete
    Replies
    1. අපි අහිංසකයි කිව්වේ ග්‍රාම සේවක මහත්තෑව පත් කරපු අය ගැනද?

      :)

      ජය !

      Delete
  6. පට්ට ඈ
    වෙළද දැන්වීම් ගැන නම් සහතික ඇත්තය.

    ReplyDelete
    Replies
    1. ඇහ්.. මේක ලංකාවෙ දැන්වීමක් නෙවේනේ.. බොලා කෝමද ඒක දැක්කේ ?

      :ඩී

      ජය !

      Delete
  7. පොඩ්ඩයි නේන්නම්...

    ReplyDelete
    Replies
    1. පොඩි ලමයින්ට මේ ඇති..

      Delete
  8. අඩේ සෑම් අයියේ මේවගේ ලඟින් යන ඇඩ්වොටීස්මන්ට් එක්කක් මේ ලඟදි දැක්ක දැක්ක වගේනේ. මේ එක ගනවත්ද අප්පා. කිව්වත් වගේ සුදුපාට ගාපු රෝද හතරේ වෑන් එකක් හෙම ගෙවල් පැත්තේ කැරකෙනවා වගේ දැක්කොත් පරිස්සමෙන්.

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ එහෙම ඇඩ් එකක් ගැන නෙවේ බොල මේ.. හෙක් හෙක්..

      කලිනුත් කිව්ව වගේ සෑම ඉස්කෝලෙ ගිය වෑන් එකත් සුදු පාට තමා බොල..

      ජය !

      Delete
  9. අනේ දෙයියනේ මගේ කට කැහැව්වත් මොකුත් කියන්න බයයි මලේ. එහෙම වෙන්න ඕනි නැහැ.ඇත්ත, ඒත් එහෙම නොවීත් බෑ.. හිතට අමාරු වුනත් පරිස්සම් වෙයන් මලේ. මොනවා කරන්නත් උඹ නිරුපද්‍රිතව ඉන්න එපාය.. ඔය මොකා හරි මෙව්වා කොපි කරලා ලෝකේ වටේ යැව්වම, කොනක ඉඳලා හොයා ගෙන ආවොත් උඹව එක එක ලිස්ට් වලට වැටෙයි. :-*

    ReplyDelete
    Replies
    1. ස්තුති කිව්වා.. මේක ඉතිං කාටවත් ලියපු අහවල් එකක් නෙවේ නේ.. පිටරටක සින් එකක් නේ..


      ඤ්ඤාව්...!

      Delete
  10. සහතික ඇත්ත කතාව නියමෙට කියලා තියෙනවා... මොකෙන් මොක වුනත් මට රගර් කියන සෙල්ලම පේන්න බැරි නිසාම ඒක ගහන එව්වොන්වත් පේන්න බෑ... ක්‍රිකට් තරම් තාක්ෂණයෙන් පිරුනු බලන්න ලස්සන ක්‍රීඩාවක් කොහෙවත් නෑ ෆුට් බෝල් වලටත් ආසයි හැබැයි ඒක නම්බර් 2... හැබැයි කොහොමෙන් කොහොමෙන් හරි රොත්ත බුරුත්ත සෙට් වෙලා ජාතික ක්‍රීඩාවටයි ක්‍රිකට් වලටයි කෙලවයි වගේ...

    ReplyDelete
    Replies
    1. සිරාවට මටත් රගර් පේන්න බැහැ. මට තේරෙන්නෙත් නැහැ. ඒ ග්‍රාමසේවකගෙ පුතා නිසාම නෙවේ..

      ජයෙන් ජය.. කෝ බොල පොටෝව ?

      Delete
    2. පොටෝව සහිත ප්‍රොෆයිලයෙන් කොමෙන්ට් දාන්න දෙන්න බෑම කිව්වා select profile කියලා වැටුනා මම ලොග් වෙලා ඉද්දිත් ඉතිං මෙහෙම දැම්මා කොමෙන්ට් නොදා යන්න හිතෙන් නෑනේ දැන්නම් ඒ ගැටළුව හරි...

      මටත් ඒ සෙල්ලම තේරෙන්නෑ අප්පා

      Delete
  11. වයි දිස් කොලවරි : D

    ReplyDelete
    Replies
    1. ග්‍රාමෙ හා(ර්)ටර් ඩාකර් ඩාකර්..

      Delete
  12. බුදු අයියේ...............සුදු වෑන්....................

    ReplyDelete
  13. ඒයි සෑමා මොකෝ මේ.බොට අමතක උනාය අර කවුදයි,කවුදයි අමනාප කොරන් වසන්න බැහැය කියලා පුරාන පඩියෝ කියලා තියෙන කතාව.ඒත් ඉතින් පේනකොට නොකියා කොහොමෙයි නේද.මක්ක කොරන්නද බන් බලාන ඉන්නවා හැර. ජය..!

    ReplyDelete
    Replies
    1. //මක්ක කොරන්නද බන් බලාන ඉන්නවා හැර. //

      මට නම් බලන් ඉන්න බැහැ මචං.. කැසිල්ලක් ‍වගේ එනවා.. :))
      එතකොට ලියවෙනවා !

      ජය !

      Delete
  14. මොකද බං මේ. උඹට අජීර්ණයක්වත් ද? :D
    ඔන්න ඔහෙ පාඩුවෙ ඉඳපං බං. (දැන් මාව කන්න හදන්න එපා එහෙම කිව්වට :D)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං මල පනිනවා.. :))

      ජය !

      Delete
  15. මොකද්ද බන් මේ මට මෙලෝ සංසාරේ දෙයක් තේරුනේ නෑ

    ReplyDelete
    Replies
    1. ජිංජංබරස් කියන්නේ හිරමනයක් නේද? ඉතිං බොට කෝම තේරෙන්නද ?

      හිකිස්..

      ජයෙන් ජය !

      Delete
  16. මම හැමදාම අසාවෙන් කියවන බ්ලොග් එකක් තම මේක
    කියවෙන සමහර දේවලට එකග නැතත් ලස්සනට ලියනවා
    ඔබට ජය

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      ජයෙන් ජය වේවා.. !!

      Delete
  17. මෙලෝ දෙයක් තේරුනේ නැත...ඒත් මට රගර් පේන්න බැරිය...:(:(

    ReplyDelete
    Replies
    1. මෙවා තේරෙන්නෙ සිරි ලංකාවෙම ඉන්ට ඕනෑය

      Delete
    2. හරී - ඒකනම් ඇත්ත...

      Delete
    3. අනේ මගෙ හිතේ තිබුන ලොකුම හීනය..ඒ වගේම මට ජීවිතේට අඩු වෙලා තිබ්බ එකම දේ මගෙ රටට ඇවිත් ජීවත් වෙන්න......ඒත් දැන් දැන් අහන දකින දේවල හැටියට ඒ හීනය ටික ටික මගෙන් ඇත්වෙනවා...:(:(

      Delete
    4. @වින්චැට් කිරිල්ලි : අපි බලන් ඉන්නෙ මෙහෙන් පැනගන්නෙ කොයි වෙලේද කියලා.. රට ගැන දුකයි.. ඒත් අපියි කියලා මොනා කොරන්නද?

      Delete
    5. කිරිල්ලි දැන් මෙහෙ එන එකක් නැහැ බොලාල බය කොරන නිසා.. :)

      Delete
  18. රගර් බෝලේ අතට ගත්තම තමයි මමත් කතාව හරියටම තේරුම් ගත්තේ.. :)

    කියලා වැඩක් නෑ සෑමෝ.. නොදන්න පන්දු අතට නොගෙන ඉන්න තිබ්බා.. ක්‍රිකට් පිත්තෙම එල්ලිලා හිටියනම් මොනවයින් මොනව වෙයිද?

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔහොමට හරි බලන්න ක්‍රිකට් ඉතුරු වෙන්නේ ඉස්සර ගහපු මැච් රෙකෝඩ් වල විතරයි.

      Delete
    2. මගේ අප්පේ කිරිකොට් ගැහුවනම් සොරිය. එහෙනම් ජය සූලිය මාමා තාම කැප්ටන්ය. ග්‍රාමසේවක පුතා (වයිස් කැප්ටන්) සහ පවුලේ තවත් 9ක් ටීම් එකේය.

      අනේ වාසනාවන් කිරිකොට්ය..

      Delete
  19. මේවගේ සිද්දියක් කොහේ හරි රටක වෙලා තියෙනවා වගේ මතකයි.හරියටම මතක නැහැ මොන රටේද කියල.

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් සාගරේ (අ)මුතු [ඇටේ]

      Delete
    2. ඔන්න අපි නම් දන්නෙ නැහැ ඕවා.. :)

      Delete
  20. අහා තේරණා..තේරුණා..බලාගෙන මල්ලී... ශුධු වෑං ...

    ReplyDelete
    Replies
    1. ශුධු ඒවා දැන් මඩ වැදී දුබුරුය.. ;)

      ජය !

      Delete
  21. මොකද මේ පොඩ්ඩක් ලියලා....බනින්ට තමා වටින්නේ...:D

    ReplyDelete
    Replies
    1. යන්ට අෆ්පා යන්ට.. පොඩි කුමාරිට පොඩ්ඩ තමා ලියන්ට ඕනේ..

      Delete
  22. හොඳ වෙලාවට කිරිකැට් වලින් මාරුවෙලා තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. නැතිනම් 96 වර්ල්ඩ් කප් එකත් නැහැ..

      Delete
  23. අභිෂේක් නැවත පිටියට ආවේය. (අ)දක්ෂයන් රැසක් සමගය. ඔවුන් තම ගමේ සියළු තරග ජය ගත්හ. ප්‍රාන්තයේ සියළු තරග ජය ගත්හ. එසේම රාජ්‍යයේ සියළු තරග ජය ගත්හ. එහෙත් රටින් පිටතදී ඔවුහු ලජ්ජාසහගත පරාජයකට ලක්විය. රටේද ගෞරවය කෙළෙසා දැමීය.

    ReplyDelete
    Replies
    1. //එහෙත් රටින් පිටතදී ඔවුහු ලජ්ජාසහගත පරාජයකට ලක්විය.//

      ඒ සීන් එක දාන්න මිස් වුනා බං.. ස්තුති සහෝ.. ජය !

      Delete
  24. Replies
    1. ස්තුති කවි.. මේ පෝස්ටුව ලියද්දිත්, මට මතක් වුනේ රාජ්ගේ ඔය පෝස්ටුව තමා.. ජය !

      Delete
  25. මදැයි ළමයි ගැන විතරක් කියලා නැවතුනා..... මම හිතුවේ ගිරාම සේවක රාළහාමිගේ සහෝදර සංගමය ගැනත් ගුණ වර්ණනාවක් තියයි කියලා. ඒ ගමේ එවුන් විසිල් විතරයි ගැහුවේ අපේ ගමේ ඇත්තෝ බල්ටිත් ගැහැවුවා නොවැ සෑමෝ ඔය එක බෝලෙට පොරකන සෙල්ලමට. :පී

    ReplyDelete
    Replies
    1. හිකිස්.. බලන්ට ඉස්සරහට නැ‍යෝ නැයෝ පවා දගලයි බෝලෙට පොර කකා. එදාට අපිට මගුල් ...

      ජය !

      Delete
  26. ගිරාම සේවක මහතාගේ කට්ටිය ගෙවල් වල පරණ රෙදිඅපුල්ලපු ගලුත් හොරකම් කරනවා කියල කතා යනවනේ. ඇදවෙච්ච බෝලෙනම් මොකෝ මලේ.කටු මැටි ගෙදර ගිරෙත් උස්සන්යනකොට.

    ReplyDelete
    Replies
    1. මැටි ගෙදර වලං හිටින් උස්සනවලු :)) උබටත් ඒක මතක් වුනා නොවැ..

      බලාගෙන කම්මලේ ආවුද ඒහෙම..

      Delete
  27. අභිශේක් කොලුවා සුදු වෑන් එකක එයි උඹව රගර් මැච් එකක් පෙන්නන්න යන්න.පරිස්සම් වෙලා ඉදපන්.!!!!!!!

    ReplyDelete
    Replies
    1. පොරට ලයිසන් නැත.. :පී

      Delete
  28. මොනවා කියන්නද මන්දා සෑමෝ....මළ විකාරයක් ඒකත්...

    ReplyDelete
    Replies
    1. මක්කොරන්ටද සත්තලං.. ජය වේවා කිව්වා !

      Delete
  29. මමත් අහම්බෙන් වගේ ඔය අභිෂේක්ගේ වෙළද දැන්වීම බැලුවා....
    විලි ලැජ්ජයි ඕයි....අම්මපා...:/

    ReplyDelete
    Replies
    1. ටීවී නොබලන අපේ සුමියත් ඉදල ඉදල මරු ඇඩ් එකක් දැකලා. සිරාවටම කුජීතයි ඕයි..

      Delete
  30. ඔන්න කුරහන් සාටකේ වැඩ

    ReplyDelete
    Replies
    1. ෆිස්සුද කවුද එයාට මුකුත් කිව්වේ ?

      ;)

      ජය !

      Delete
  31. තවමත් කමෙන්ට්වලට රිප්ලයි නැත. සෑමා ධවල රථයක නැගී ගොස්ද?

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නවා බොල.. මම දවස් දෙකක් නිල සංචාරයක යෙදිල හිටියේ :)

      ස්තුති සොයා බැලුවාට.. කවද හරි වෙයි ඔය ටික..

      Delete
  32. මටත් එච්චරම තේරුණේ නෑනෙ... :O රගර් ගහනවා දැක්කාම පිස්සුයි!! මරාගෙන මැරෙන ක්‍රීඩාවක් වගේනෙ..

    ReplyDelete
    Replies
    1. රගර් මටත් අප්පිරියයි..

      ජය !

      Delete
  33. හීනි මඩ පාර :ප්
    එල නෙව !! උඹල වගේ එවුන් තමය් ඉන්න ඕන
    ස්වේත වර්ණ වෑන් වලින් පරිස්සම් වෙයන් :ඩ

    ReplyDelete
    Replies
    1. මඩ නෙවේ බොල. මේක වෙන රටක සීන් එකක්..
      ස්තුති සහෝ..

      ජය !

      Delete
  34. ගිරාමසේවක මහත්තැන් ගිරාම පට්ටම ගත්ත අලුත ගියාලු අභි කොල්ල බෝල ගහනවා බලන්න ඉස්කෝලෙට. ගිහින් බලන් ඉද්දි මෙන්න බොලේ කොල්ල තව කොල්ලෝ රෑනක් එක්ක එක බෝලෙකට පොර කනවලු සොරි වෙන්න. ගිරාමයාට තද වෙලා අඬගැහුවලු කොල්ලගේ පින්සිබල්ට. පින්සිබල් ගෙන්නගත්තු ගිරාමසේවක මහත්තය මල අතේ තියන් කියනවලු මෙහෙම " ඕයි.. මම මේ ගමේ ගිරාමයා වෙච්චි, මේ මගේ කොල්ල වෙච්චි, ඉතින් ඕයි එහෙව් එකාද අර තමුසේ පිට්ටනියේ බෝල පොරකන්න දැම්මේ? ඇයි බූරුවො මට කිව්වේ නැත්තේ ඉස්කෝලේ බෝල හිඟයි කියල? කිව්වනම් එක කොල්ලට එක බොලේ ගානේ දෙනවනේ මම මගේ ගානේ !!!!"

    ReplyDelete
    Replies
    1. මචං, ඔය කතාව කියල තියෙන්නෙ ග්‍රාමසේවක මහත්තයගෙ කලින් පරපුරේ (පිය පාර්ශ්වයෙ) ළඟම ඥාතියෙක්ය කියල ග්‍රාමසේවක මහත්තයගෙ ලොකු පුතා ම දවසක් කොහේදි හරි කිව්ව මතකයි.

      Delete
    2. කියන්නට දෙයක් නැත. මාත් අසා ඇත්තෙමි.

      ජයෙන් ජය !

      Delete
  35. පොඩි උනාට අවුලක් නෑ....පොඩි එවුවට තමා මම් ආස.... ඒවා ලඟ පිකප් නේ.
    අන්න දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ... ඌ නම් නියම ප්ලේබෝයි කෙනෙක් වෙයි..

    (මගේ ප්‍රේෂර් වැඩි උනාද මන්දා...)

    ReplyDelete
    Replies
    1. ඇයි බං ප්‍රෙෂර් වැඩි වෙන්නේ????

      ලග පිකප් ඒවට මනාප ඇති බව එදාම තේරුනා.. හිකිස්..

      Delete
  36. හෙහ් මාත් දැක්ක ඒ වෙළද දැන්විමනම්. ගගේ මලු ඇගේ නටන්න ගත්ත එක බලල

    සිරාවටම කෝ සෑම? උස්සලද? :O

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නවෝ.. ගියා බං පොඩි නිල චාරිකාවක්..

      ජය !

      Delete
  37. මෙවන් කතා නොලීවත් තවත් වෙන කතා ගොඩක් ලියන්න සෑමා අප අතරම රැඳේවා..

    ReplyDelete
    Replies
    1. නොකියා කියන්නේ ආයෙ මේව ලියන්න එපා කියලද මන්දා.. ;)


      ජය !

      Delete
  38. සැමාව උස්සලා වාගෙයි....

    ReplyDelete
    Replies
    1. උස්සල පොලේ ගහයිද මන්දා !

      Delete
  39. Replies
    1. sAm is here madam'''

      jst had an official visit to down south. :}

      thnkz !

      Delete
  40. මගෙ සැමියෝ, උ කොහේදෝ ? ඉස්සුවාදෝ ? ඉන්න තැනකින් වරෝ...

    ReplyDelete
  41. අෆ්ෆා පජාතයි ඈ... සිරාවට... :-)

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ නැති වුන එක..

      Delete
    2. ආනේ මේ තියෙන්නෙ.. උම්මා :-)

      Delete
  42. අන්තිමට අභිෂේක් කාල්ටන් සුපර් සෙවන් තරඟාවලියට ක්‍රීඩා කළේය. මන්ද යත් එය ජාතියේ තරඟාවලියයි :D

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඇයි බං ඒකට ජාතියේ තරගාවලිය කියන්නේ ?

      Delete
  43. පෝස්ට් එක දැම්මත් හරි මූ නෑ.. උබ යහතින් ඉන්නවද බං.. මොකද මේවා භයානක පෝස්ට් නේ.. :)

    ReplyDelete
    Replies
    1. මේ හිදිමි...

      දෙදින නිල සංචාරයක් අහවර කොට නිවසට ආවේ ඊයේ රාත්තිරියේය. ඒ ආ විගස බ්ලොග් කිහිපයක් කියවූ නමුදු රිප්ලයි කමෙන්ටු දැමීමට නොහැකි විය.

      සෑමා පිලිබද සෙවීමට උත්සුක වූ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවට සෑමාගේ ප්‍රනාමය.

      Delete
  44. කෝ බං මං දාපු කමෙන්ටුව? අතුරුදහන්ද? හෑ.........?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ සෑමා උඹේ කොමෙන්ට් එකත් එක්කම සුදු වෑන් එකකින් ගෙනිහිල්ල වගේ.

      Delete
    2. බොලාගෙ කමෙන්ටුව ස්පෑම් වෙලා ඇති මයෙ හිතේ. උබ හොයන්නේ අර හැම බ්ලොග් එකේම දැම්ම කමෙන්ටුව මයෙ හිතේ.. ස්පෑම් ලිස්ට් එක බලන්නම් මචං..

      ක්සැලෙන්ඩර් තුමනි සෑමා ඉස්සීම පහසු නොවන්නේය.

      Delete
    3. සැමෝ උඹව උස්සන්න අපහසු උඹ බර වැඩියි ද?

      Delete
    4. :)

      එච්චර නැහැ බොල..

      Delete
  45. දැන් නම් ෂුවර් මුන්දැට බඩු පැකට්.... එක්කෝ හිරේ ඒත් නැත්තම් ඒත් හිරේ(කසාදේ කසාදේ)

    ReplyDelete
    Replies
    1. වැලිකඩ ගියත් ඔය හිරේ නම් නොයමි.

      නැහැ බොල මම පොඩි ටුවර් එකක් ගියා..

      ස්තුති හෙව්වාට..

      Delete
  46. මගේ සැමී!!!! ඔයා කොහේදෝ ? අනේ මගේ දෙයියට සුදු වැන් කස්ටිය ලිංගික අතවර කලාදෝ ? මාව දාලා ඔස්ට්‍රේලියා යනවාදෝ


    සොපි නෝනා

    ReplyDelete
    Replies
    1. අනේ සොපියෝ.. මම හිදිමි..

      සෑමා අතින් උන්ට අතරවර සිදුවිය..

      Delete
    2. සැමියෝ, දෙයියෝ, මුර වචනේ කියාපන් .. මං කොහොමෙයි විශ්වාස කොරන්නේ මේ උඹමයි කියලා...

      Delete
    3. ජයෙන් ජය කිව්වම කස්ටිය දන්නව බොල.. ;)

      මේ මම තමා. මේ ඉන්නේ දිලිසි දිලිසි..

      Delete
    4. දිලිසෙන්නේ උඹේ අහවල් එකේ අහවල් තැනද බොල ?

      Delete
  47. සෑමා යහතින්ය. දෙදින නිල සංචාරයක් අහවර කොට නිවසට ආවේ ඊයේ රාත්තිරියේය. ඒ ආ විගස බ්ලොග් කිහිපයක් කියවූ නමුදු රිප්ලයි කමෙන්ටු දැමීමට නොහැකි විය.

    සෑමා පිලිබද සෙවීමට උත්සුක වූ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවට සෑමාගේ ප්‍රනාමය.

    ජනතා අරගලයට ජය !

    ReplyDelete
    Replies
    1. මේකත් අර අරයා ඕස්ට්‍රේලියාවේ ගියා වගේද දන්නෑ...

      Delete
  48. ඔලුව හොඳට අතගාල දැනෙන්නෙ නැති වෙන්න ටොක්ක ඇනල තියෙන්නෙ ඔය යස අගේට..........
    ලයික් හොඳේ......

    ReplyDelete
  49. බොරුවට මැරෙන්න හදන්න එපා බොල සෑමෝ..

    ReplyDelete
  50. ගමෙන් නගරයට ආ කල නගරයේ අතිදක්ෂයන් හමුවේ ජයක්ග්‍රහනය කල නොහැකි කල තරගය මිලට ගත්තේය...මුදලට තරග දෙන්නට බෑ කියූ ක්‍රීඩකයන්ට ගමේ ගමේ කැටපෝල කරුවන්ව පෙන්නුවේය...මුදලට දිනු තරගය ගැන මුදලට ගත් ගිරමසේවක මහතාගේ මද්‍යය සහචරයෝ පාරම්බෑවේය...හැබැයි මෙකි නොකී අතිදක්ෂ අභිෂේක් රටින් පිට තරගවලට ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දීමට ගිරම සේවක මහතාගේ සුළු බලතල හමුවේ නොහැකි වී තිබිම හා රගර් පාලන මණ්ඩලයේ දෑස් මේසා දක්ෂ ක්‍රීඩකයෙකු කෙරෙහි යොමු නොවිම ජාතියේ අවසනාව

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...