Sunday, May 20, 2012

උබ තාම අපිට පොරක්....


මහ අනෝරා වැස්සක්. මහ පොලව හෝදගෙන ගලද්දි, අපේ එවුන් මහ වැස්සට ශාප කර කර හැංගෙද්දි උබ වටේ හිටියා මහ වැස්සට විරුද්ධ වෙන්න මිනිස්සු ටිකක්. ඒ වගේම ඒ මිනිස්සුන්ට ශක්තියක් වෙන්න හිතක්. අපිට කරන්න දෙයක් නැහැ. අපි කලේ උබ වටේ ඉන්න එවුන්ට සහ උබට හයියක් වෙන්න උබල වෙනුවෙන්,  උබලගෙ කැඩුනු හිත් වෙනුවෙන් පුද පූජා කරන්න. දැන් උබ හිතනව ඇති අපි පැත්තකට වෙලා උබව බිල්ලට දුන්න කියල. නැහැ, අපි ‍එහෙම කලෙත් නැහැ, එහෙම කරන්නෙත් නැහැ, කොටින්ම කිව්වොත් අපිට එහෙම කරන්න බැහැ. මොකද අපේ හිත් අපේ එවුන්ට ලැදි නිසා. අපේ හුස්ම පවා උබ වෙනුවෙන් ඉපදිච්ච කදුලු එක්ක සැලෙන්නෙ.

ඒ කිව්ව අනෝරා වැස්ස, මහපොලවෙ දුඹුරුපාට පස් හෝදගෙන මහ විශාලෙට පහලට ගලන්න ගත්ත. ඒ මහ ජල කදට අපේ එකා දෙන්න බිලි වුනා. ජල පහර දරුණු වෙන්න දරුණු වෙන්න දස දහස් ගණන් බිලි වුනා. අපි දන්නේ හැමෝම කියන ටික විතරයි. ඒත් උබයි උබට උඩින් හිටපු එකාලයි දන්නව ඇත්ත මොකක්ද කියල. උබල ඒ සැඩ පහරට අහුවුනා. ඒත් ඒ රැල්ල දිගේ පහලට ගහගෙන නොගි උබ, එහෙම පහලට යන්න ගිය එවුන්වත් ඇදගෙන උඩටම පීනන්න ගත්ත. එහෙම පීනනව බලං ඉන්න බැරි එවුනුත් හිටිය. ඒ අපේ ම එවුන් නෙවේ කියල දන්න උබ, ඒ වගේම උඩින් ඉන්න එවුන් උබට හයියක් වුනා. ඒ නිසාම පිට ඉදන් අපිව පහලට දාන්න හූ කියපු එවුන් සද්ද වහ ගත්ත. වෙලාවකට උබත් පහලට ගහගෙන යන්න යනකොට උබ එල්ලුනා පැත්තක තිබ්බ පුංචි පැලෑටියක. උබට ගොඩක් අමාරු වුනා. ඒ සැඩපහරෙන් බේරෙන්න උබේ ඇගේ එල්ලිලා ජීවිතේට ආදරෙන්, අපිට ආදරෙන් හිටපු කිහිප දෙනෙක් අපිට නැති වුනා. මම සහ අපි දන්නවා උබට තාම උන් බේරගන්න බැරි වුන එකට දුකයි කියල.

එච්චර අමාරුවෙන් උබ පුංචි පැලෑටියක එල්ලිලා, සැඩ පහරෙන් බේරෙන්න හදනකොට පිට එවුන් වගේම අපේම එවුනුත් උබට සැඩ පහරට අහුවෙන්න උබේ කිහිල්ලට කිචි කැව්වා. අපි විතරක් නෙවේ උන්, එහෙම කරපු විදිහ මුලු විශ්වයම දැක්ක. ඒත් උබට ඒක සුළු දෙයක්. උබ ඔයිට වඩා ඒවට මුහුන දිල තියෙන නිසා උබට නයි කූබි සහ දිමි ගොටු පොඩි දේවල්. හරියටම කිව්වොත් උබේ ඇගේ තියෙන්නෙ යකඩ කෑලි. ඒව ඇගේ තියාගෙන උබ නොසෙල්වී සැඩ පහරේ උඩටම පීනුව. තනියම නෙවේ, උබ වටේ හිටපු දස දහසක් ඇදගෙන, ඒ වගේම අපිව ඇදගෙන. තවත් එකාල උබට හිනාවෙද්දි, උබට පොලු වලින් ගහද්දි, උන්වත් උබ බේරගත්තා.

උබ සැඩපහරින් ගොඩට ආව. ඒ මුලින්ම නෙවේ. උබට පිටිපස්සෙන් උබත් එක්ක හිටුපු එකාලව ගොඩින් තිබ්බට පස්සේ. මහපොලවට වතුර කලවං වුණාම එන පාට උබ, අපි හැමෝම දන්නව. ඒ උබ අපි, මේ මහපොලවෙ ඉන්න එවුන් නිසා. රගර් ගහන ලොකු මිනිස්සු වුනත් දන්නව මහ පොලවට වතුර වැටුනම එන පාට. ඒත් ඒකෙ තියෙන නියම සුවද දන්නෙ නැහැ මයෙ හිතේ. මොකද උන් කරන්නෙ සෙල්ලමක්. උබට ඒක සෙල්ලමක් නෙවේ. ඒක උබේ ජීවිතය වුන නිසාම.

හැමෝටම පස්සෙ උබ ගොඩට ඇවිත්, වට පිට බැලුව හැටි අපිට තාම මතකයි. එදා උබ අපිට පොරක්. අද එයිටත් වඩා. උබ ගොඩට ආවට පස්සෙ මහපොලවෙ තිබ්බ පාට හෝදගෙන පිරිසිදු වුනා. අපි උබ සහ උබ වටේ හිටි හැමෝම අපේ එවුන්, අපේ ලේ කියලා ලෝකෙට පෙන්නුවා. අපි හරියට ආඩම්බර වුනා. උබ ගැන සහ උඩින් හිටපු එවුන් ගැන. ඒත් වැඩියෙන්ම උබ ගැන.

උබ ඇදගත්ත සුදු පාට. මට, අපිට තාම මතකයි උබ අපි වටේ සැරි සැරුවා අත් දෙක අහසෙ දෙපැත්තට ඈත් කරගෙන. ඒකෙන් හරියටම කියවුනේ මේ විශ්වයම උබේ කියන්න වගේ. විශ්වයේ හැම එකාලම උබේ කියන්න වගේ. ඒ හැම එකාලම වෙනුවෙන් උබ සටන් කරනව කියන්න වගේ. එදා මම, අපි උබේ වෙනසක් දැක්ක. උබ සැඩපහරෙ ජීවත් වෙනකොට උබට උඩින් හිටපු එවුන් උබට වගේම උබ වටේ එකාලට හයියක් වුන එක ඇත්ත. ඒත් උන් මහ පුටුවල නිසා උන්ගෙ බඩවල් ඉස්සරහට ඉලිප්පුනා. ඒත් අපි දැක්ක උබේ බඩ මහ විසාල නැහැ. ඒ උබ උබේ හයිය ඒ මහ සැඩ පහරට පූජ කරපු නිසා කියල තමා මම තනියම හිතුවේ.

එදා මහ පොලව එක්ක පොර බදල, සැඩ පහරෙ දහඩිය පාකරල සුදු ඇදගෙන අප ලගට ආපු උබට විරුද්ධව වනචාරීන් ඉදී කියල උබ හිතන්න නැතිව ඇති. ඒත් මේ අපේ පොලව, උබ එදා සැඩ පහරෙ යනකොට උබට කිචි කැව්ව එවුන් හිටිය වගේම, උබ අපි ලගට එද්දි විරුද්ධ වෙන එවුන් නොහිටී කියලද උබ හිතුවේ. උබට එදා වැරදුනා. ඒත් ඇත්තම මම, අපි දන්නවා. උබට වැරදුනේ නැහැ. ඇත්තටම උබ එදා දින්න. වෙන එවුන්ගේ අසික්කිත පෞර්ශත්වය උබව අමු අමුවේ පරාද කලා. ඒකයි ලැජ්ජ නැතිකම.

එදත් වෙනද වගේම ඉර පායල තිබ්බ. ඌ පායන්නෙ නැතිව මොනව කරන්නද? ඒත් අපි දන්නව උබට වෙච්ච දේට ඉර - හද සාක්කි. කවද හරි උන්ට සාපයක් වෙද්දි නඩුකාරයට සාක්කි දෙන්න ඉර - හද ගේන්න වෙයි. නැතිනම් උන්ගෙ හෘද සාක්කිය වත් කතා කරන්න ඕනෙ. ඒ මහා ඉර එලියෙ, සද එලියෙ පහස නොලැබෙන්න උබව ඈත් කලා. ඒ අපෙන්, විතරක් නෙවේ මුලු ඉතිහාසයෙන්ම. ඒක බලුකම කිව්වොත් අපේ ටොමිය මාත් එක්ක තරහ වෙයි. කමක් නැහැ, ටොමිය මගේ යාලුව. ඌට තියෙනව මනුස්සකම. කන්න දෙන මාව නොහපන්න. ඒ වගේම නෑ හිතවතුන්ට නොබුරන්න. යාළු බල්ලන් එක්ක රංඩු නොකරන්න. හොරුන්ට විතරක් බුරන්න. ඒක ටොමියගෙ දේශපාලනේ කියල කියන්න පුලුවන් මට. ඒත් කට්ටිය වැරදියට දකී, මොකද ඌටත් ලොකු බඩක් නැහැ. සුදු අදින්නෙ නැහැ. උගෙ තියෙන බඩ වුනත් ප්‍රමාණවත්. ඕනෙ හදිස්සියකට මුහුන දෙන්න ප්‍රමාණවත්. මොකද ඌ පෙරේතකමට කන්නෙ නැහැ. තමන්ගෙ තරමට, තමන්ට තියෙන ප්‍රමාණයට කන්නෙ.

ඉර එලියෙන්, හද එලියෙන්, උබව ඈත් කරල, දූවිල්ල එක්ක උබව ජීවත් කෙරෙව්වා මම, අපි ඒකට සතුටුයි. නැත්තම් උබගෙත් බඩ ඉලිප්පෙනවා. ඒත් එදා සැඩපහරෙන් උබට වෙච්ච හානියෙන් ලබපු තුවාල තවත් දරුනු වෙන්න උබ ඇතුලෙ හිටපු එක හේතුවක් වුනා. අපි දන්නව උබේ ඇගට අමාරුයි. ඒත් උබේ හිත කවදාවත් හිර වෙන එකක් නෙවේ. ඒක අහස උසට නැගල පොලව දිහා බලාගෙන ඉන්න තරමේ ශක්තියක් තියෙන හිතක්. නැත්තම් වෙන එකෙක් නම් ඔච්චර හිනා වෙලා ඉන්නෙ නැහැ වෙච්චර දේවල් වල හැටියට.

මම, අපි දන්නව උබ එලියට එනවා. උබව එලියට දාන්න වෙනවා. උබ එලියට ආවට පස්සෙ උබෙන් අපි කිසිදෙයක් ඉල්ලන්නෙ නැහැ. මොකද උබ අපිට ඕනෙ දේ දන්නවා. උබ අපිට ඒ දේ දෙන්න තරම් පොරක් කියලා තමා මම, අපි හිතන්නේ. එහෙම නොකර උබ අපිට එපා වෙන එකෙක් වෙන්න එපා. මොකද එහෙම එවුන් නම් එලියෙ ඕන තරම්.

උබට ජය !

උබත් එක්ක සැඩපහරේ පීනපු, ජීවිතේ අහිමි වුන එවුන්ටත් ජය !

උබව ඇතුලට දාල - එලියට දාපු එවුන්ටත් ජය !



Written by sAm_9.12am_20.05.2012

84 comments:

  1. ++++++
    මොකක්වත් වෙන නාඩගමක් නොවී එලියටම ඒවා...

    ReplyDelete
    Replies
    1. ඔන්න ආවා..

      ඔහු එනකල් හිටියේ කමෙන්ටුවට රිප්ලයි කොරන්ට..

      Delete
  2. දැනටම පැත්ත මාරු කරලලු බං.අපි පව්!

    ReplyDelete
    Replies
    1. කොයි පැත්තේද අපිට වැඩක් නැහැ නේ. අපිට ඕනේ පොර යටතේ වෙනසක් වෙන්න. එහෙම හොද නැද්ද ?

      Delete
    2. //දැනටම පැත්ත මාරු කරලලු බං.//

      ඇහ්... එහෙම එකකුත් වෙලාද ? ආස්චර්යදීපේ හැටියට වෙන්න බැරි කමකුත් නෑ

      Delete
    3. පොරව ආපහු දෙශපාලන මඩ ගොඩට තල්ලු කරන්න එපා බං

      Delete
    4. කවුද බොල ඕව කියන්නේ ?

      මොනව වුනත් ඔහුට දේශපාලනේ කරන්න වෙනව, බහුතර ජනතාව‍ගේ ඉල්ලීම ඒක මගෙ හිතේ..

      Delete
  3. එළියට ආවත්... අනේ මංදා

    ReplyDelete
    Replies
    1. ඇයි අලේ මල්දා ??

      ජය වේවා !

      Delete
  4. උඹ හිතන තරම් දෙයක් වෙන්නෙ නෑ බං...
    මකියාවෙල්ලිගේ "කුමාරයා" පොත හොයාගෙන කියවපන් එතකොට ඒක තේරුම් ගන්න පුළුවන්.

    කොහොම වුනත් ඔහු නිදහස්වීම ගැන ඉතාමත් සතුටු වෙනවා

    ReplyDelete
    Replies
    1. මටත් සතුටු නිදහස් වීම ගැන තමා.. සහෝ..

      පොත ‍හොයාගන්න ඕනේ මචං..

      ජය වේවා !

      Delete
  5. මොනවගේ දෙයක් වේවිද කියලා මමත් නොදන්න නිසා බලාගෙන ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ජය වේවා.. වෙනදට වඩා සද්දෙට..

      Delete
  6. සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. ඇත්තටම ඇයි බං ඇතුලට යවන්න පාර හදපු අයට සුබ පතන්නෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඇතුලට දාපු එවුන්ට සුභ පැතුව බොල...

      එතුම තම කැමැත්තෙන් නේද දේශපාලනේට යොමු වුනේ.. ?

      Delete
  8. //උබව ඇතුලට දාල - එලියට දාපු එවුන්ටත් ජය !//

    :D

    ReplyDelete
  9. //ඒක බලුකම කිව්වොත් අපේ ටොමිය මාත් එක්ක තරහ වෙයි.//

    ReplyDelete
    Replies
    1. ටොමිය වැදගත් උන්ට වැඩිය..

      Delete
  10. ඇතුලට ගිය අයටත් ජවේවා-ඇතුලට යවපු අයටත් ජය වේවා-එලියට ගත්තු අයටත් ජවේවා- බලන් ඉන්න අපි හැමොටමත් ජය වේවා...

    ReplyDelete
  11. බලමුකො මොකද වෙන්නෙ කියලා....

    ReplyDelete
    Replies
    1. බලන්ට දෙයක් නැහැ නොවැ.. ලොක්ක එලියේ..

      Delete
  12. අනේ මන්ඩ අෆ්ෆා..............

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්ට එපා අප්ෆා ඔයාට බර වැඩී..

      Delete
  13. උපරිමයි සෑමා..

    ඇත්ත ඔහු අපිට වීරයෙක්.. හැමදාටම.. පාටින් අපිට වැඩක් නෑ.. ඒත්,

    / එහෙම නොකර උබ අපිට එපා වෙන එකෙක් වෙන්න එපා. මොකද එහෙම එවුන් නම් එලියෙ ඕන තරම්./

    මේ කතාවත් සහතික ඇත්ත බං.. අපි බලමු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං කමෙන්ටුවට.. //උපරිමයි සෑමා..// මේ ටිකට මාර කික් එකක් ආවේ.. :)

      Delete
  14. පාට මොකක් උනත්, ඔහු අපිට වීරයෙක්..අපි අද හෙළෙන හුස්ම ටිකට, අපි ඔහුට ණයයි...

    //උබ ඇදගත්ත සුදු පාට..//

    අනේ ඒ දේ විතරක් නොකළ නම්...

    ReplyDelete
    Replies
    1. ඇයි ? වීරයන්ට දේශපාලනේ අකැපද ?

      ස්තුති උමා..

      Delete
  15. ඔහු කවදත් අපට වීරයෙක්.රෙදි නැතුව කඩේ යන වුන්ට දේශද්‍රෝහියෙක්.

    ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. සිරා මචං.. කඩේ යන එකාලට මනුස්සකම නැති නිසා තේරෙන්නේ නැහැ.. උන් අන්ධයි..

      බොටත් ජය !

      Delete
  16. මටනම් හැමදාමත් ඔහු වීරයෙක්!! පක්ෂ පාට ජාති නැතුව, ඔහු මට වීරයෙක්!!!

    ReplyDelete
  17. ඔහු වීරයන්ගෙත් වීරයෙක් ,

    ReplyDelete
  18. අපේ පැත්තේ කඩවල් වල රතිඤ්ඤා ඉවර වෙලා බොල, ඉස්සර බැනපු මිනිසුන්ට දැන්නම් ඇත්ත තේරිලා වගේ,
    සෑමා දැම්ම රතිඤ්ඤා පැකට් 1ක් 2ක් අරන් තියාගනින් :ප්
    ඔහුට ජය !!

    ReplyDelete
    Replies
    1. පැකට් 1ක් දෙකක් ? ඇතිද?

      සිකුරාදා සිට මෙහේ ස්ටොක් කලා බොලව්.. :)


      ජයෙන් ජය.. !

      Delete
  19. මගේ ජීවිතයේ චේ ගුවේරා වීරයෙක් මොහුත් ඒ වගේ.ඒත් දුක ප්‍රතිපත්ති මාරු කරන එක ගැන.

    ReplyDelete
    Replies
    1. දැන් චේගුවේරා නිකං ත්‍රීවිල් වලට ඇලවිලා. ඒත් ඒ දර්ශනය ගෙනියන එකෙක් කොහෙවත් නැතිව ඇති..

      ජය !

      Delete
  20. අනේමන්දබං,වටේඉන්න සක්කිලින්ගෙන් බේරිලා නොහිටියොත්,
    හිරේ හිටිය,එලියෙ හිටිය කියල,
    තේරුමක් හොයාගන්නවත් බැරිවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. දැන් උගත් පාඩම් නිසා එතුමා ‍බේරිලා ඉදී..

      ජය !

      Delete
  21. ඔහු අපට වීරයෙක් තමා. ඒත් දැන් අර ඒ වීරයාව ද්‍රෝහියෙක් කරන්න උගුල් අටවපු කුලල්කාන්තලාම කියන විදියට තාවකාලික දේශපාලන ප්‍රොජෙක්ට් වල ගොදුරක් නොවී ඉන්න ඔහුට දිරිය ශක්තිය ලැබේවා.....

    ReplyDelete
    Replies
    1. එතුම එතුමගෙ පාරෙ යයි.. ඒ පාරට අපෙ සුභ පැතුම්..


      ස්තුති රෙපා..

      Delete
  22. පැහැදිලි අදහසක් නම් නෑ. ඒත්....! ජය.!

    ReplyDelete
  23. වෙන විකල්පයක් නැති කරල නම් ඔහුට වෙන කලහැකි දෙයක් නැත.....ඒත් තාමත් හැබෑ විරුවා ඔහුමයි..!!
    සියලු දෙවියන්ගේ පිහිටයි..!!

    ReplyDelete
    Replies
    1. ස්තුති කිරිල්ලී.. එතුමට ජයෙන් ජය..

      Delete
  24. ගොඩක් බැරෑරුම් කතාවක් ලස්සනට ලියල තියනවා.
    අපි හැමෝම එතුමාට ණයයි
    හැමෝම
    කරන දේවල් අමතක කලත්,කල දේවල් වලට
    මේ රට වෙනුවෙන්
    ජය...

    ReplyDelete
    Replies
    1. ස්තුති මචං කමෙන්ටුවට

      උබට ජය !

      Delete
  25. මමත් හැමදාම ඔහුට ගරු කරනවා. ස්තුතියි සෑම්ට මේ ගැන සටහනක් තිබ්බාට...

    ReplyDelete
    Replies
    1. අපිත් ගරු කරනවා.. ස්තුති ඔබටත්.. ජය !

      Delete
  26. උඹ තාම අපිට පොරක් ...
    ඇයි මචං “තාම“ කෑල්ලක් ඔතනට ආවෙ. ඒක ටිකක් අවිනිෂ්චිතාර්ථයක් වගේ නේද?
    සංකීර්ණ සිදුවීම් ජාලයක් අපූරුවට වචනවලට පෙරළල. හොඳ උත්සාහයක්.
    හ්ම් ... අපි බලමු, ඔහු මොනව කරයිද කියල.

    ReplyDelete
    Replies
    1. මම වෙන එකාලට කියන්නේ "උබ" කියල නෙවේ මචං.. ඊට වඩා කැත වචනයක්.. :)

      අපි අපේ එකාලට කතා කරන්නේ උබ කියලා.. නේද ?

      ජය !

      Delete
  27. උඹ කිවුවට නම් කට තලන්න ඕනේ.. කමක් නෑ ආදරේටනේ..

    ReplyDelete
    Replies
    1. අපි අපේ එකාලට කතා කරන්නේ උබ කියලා.. නේද ? :)

      Delete
  28. උබ ද ? උඹ ද ? "නුඹ" කිව්වනම් වැඩිය හොඳයි..

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. හිතට වදින්නේ උඹ කිව්වම තමා බොල

      ජය !

      Delete
    2. එහෙනම් ඉතින් උඹ කියපන්. ඇයි තාමත් "උබ" ?

      උඹ මොකද දැන් අලුත් පෝස්ට් එකක් දාලා ඉවර වෙලා පරණ එකේ කමෙන්ට් වලට උත්තර බඳින්නෙ. මේ මල්ලි ඕවා ඔට්ටු නෑ හරිය ? අපිට උණු උණුවේ උත්තර ඕනා..

      Delete
    3. මේකනේ උනේ,

      සෑමා ඇතුළු ජෙනරල්ව කඩේ ඇරිය හැම එකා‍ම රෙන්න පුකේ ගූ නැතිව බයේ හිටියේ ජෙනරල් ආව ගමන් මුංට ඇරලා පස්ස දොරෙන් මරාගේ දෑත් ශක්තිමත් කරන්න යයි කියලා. ඒ හින්දා තමා සෑමා "උබ තාමත්" කියන විශේෂණ දාගෙන බලං හිටියේ කොයි අත යාදෝ කියලා නොදැන.

      ඒත් අන්තිමට මුංගේ පස්ස පැත්තවල්වලට කක්කා ටිකක් ඉනුවේ ජෙනරල් පරණ විඳියටම ඇටෑක් කරන්න ගත්තා කියලා දැන් හිතන්න කාරණා තියෙන හින්දා.දැක්කනේ නුවරදී එහෙම කොහොමද වදන් දුන්නේ කියලා.

      එච්චර වෙලා ‍මුට්ටිය දාගෙන බලං හිටිය සෑමා දැන් ෂිං ෂිං ගාලා උත්තර දෙනවා ෆෝම් වෙච්ච පාර.

      මුං තමා බං අපේ ජෙනරල්ව කන්නේ. දෙපිටකාට්ටුවෝ. උඹ තාමත් කියලා අවිනිශ්චිත පෝස්ට් දාගෙන බලං ඉන්නවා. අර මාරයා FB එකේ කියලා තිබුනා මුං වගේ උන් ගැන. ඌ මරාට කඩේ ගියත් මුංට වඩා ඌ ජෙනරල් කරන කියන දේ ගැන අවබෝධයකින් ඉන්නවා.මුංට ජෙනරල්ව සත පහකට විස්වාස නැති හින්දා වැට උඩට වෙලා ඉඳලා දැන් පොර ටෝක් ඉෂූ කරනවා ගමකට.

      ජෙනරල් මුං වගේ නොවන හින්දා හොඳයි. බැරි වෙලාවත් ජෙනරල් ආණ්ඩුවට ගියානං බලන්න තිබුනා සෑමලාගේ කටයි පුකයි මූට්ටු වෙන හැටි.

      හරි සෑමා දෙන්න බලන්න උත්තරයක්

      1.ජෙනරල් සෑම විටම නිවැරදි ක්‍රියාමාර්ග ගන්න අවංක දක්ෂ බුද්ධිමත් අයෙක්ද?

      2.පලමු වන ප්‍රශ්නයට උත්තරය ඔව්නං කියන්න බලන්න ජෙනරල් තම අවංකභාවය මතත් හරි අවබෝධය මතත් කල්පනා කරලා තව මාස තුනකින් ආණ්ඩුවට ගියොත් සෑමත් ඒ පස්සේ යනවද?

      මේක අතුරු ප්‍රශ්නයක් ජෙනරල් යූ ඇන්පීය වර්ජනය කරලා කිසිම ආකාරයකින් යූ ඇන්පීයට සහය නොදී ඉන්න තැනකට ආවොත් සෑම් ඒක දකින්නේ හරි තීරණයක් කියලද?

      මේ ටිකට උත්තර දෙන හැටියට ඊ ළග ප්‍රශ්න ටික දෙන්නම්. (ඉදිරි තුන් මාසය ගැන සෑම්ට හිතාගන්නවත් බැරි වෙයි)

      Delete
    4. අනේ ඇනෝ මේ උඹ මෙතන කක්කා නොකර හිටපන්. මඟුලක් කතා කරනවා..

      සෑමා මේ පෝස්ට් එකට විතරක් නෙමේ බොල මීට කලින් පෝස්ට් දෙක තුනකටම වගේ රිප්ලයි කලේ අලුත් එක දැම්මයින් පස්සෙ.

      මටනම් වැදගත් නෑ සෑමා කාටද කඩේ යන්නෙ කියන එක. ඌ කාට කඩේ ගියත් තමන් කරන දේ ලෙසටම කරනවා.. මම මෙතෙන්ට එන්නෙ ලේ ටිකක් පිරිසිදු කරගන යන්ඩ.

      අපොයි උඹ පලාතම ගඳ ගැස්සුවා.

      Delete
    5. මංනං හිතන්නේ උඩ ඇනෝ කියලා තියෙන ටික හරි. ඔය ටිකම මටත් කියන්න හිතුනා. සෙන්නා කලබල නොවී ඉන්නකෝ සෑම්ට ඉඩ දීලා අර ටිකට උත්තර දෙන්න. අපි බලං ඉමු ඒ දෙන්නට කතා කරගන්න ඇරලා.

      Delete
  29. DRAMA!!

    අප සියලුදෙනා ජීවන රඟමඬලේ රඟන නලු නිලියන් වෙමු.
    -විලියොං හෙල්ල හොලවන්නා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මූ නම් අසික්කිත කමෙන්ට් දාන්නේ .. හිකිස්.. ජය !

      Delete
  30. වීරයා සහ ද්‍රෝහියා කියන කතන්දර සාපේක්ෂයි. ප්‍රශ්නෙ තිබුනෙ කෙනෙකුගෙන් පෞද්ගලික පලිගැනීමක්. ඒක දැන්වත් නිවැරදි කිරීම හොද දෙයක්.
    උබ නෙවෙයි උඹ කියල දාපං.

    ReplyDelete
    Replies
    1. සිරාවට පෞද්ගලික පලිගැනීමක් තමා මචං..

      //උබ නෙවෙයි උඹ කියල දාපං.// කම්මැලි බං ශිෆ්ට් ඔබන්නට..

      ජය !

      Delete
  31. හ්ම්.... අනේ මන්දා..මොනවා වේවිද කියලා තාම හිතන්න බෑ...

    ReplyDelete
  32. ඔහු වීරයෙක් සැබෑම

    ReplyDelete
  33. හිප්පි හිප්පි හුරේ !!!!!!!!!!!!!!!!

    ReplyDelete
  34. මචන් "උඹ තාම අපිට පොරක්" නෙවෙයි මචං
    උඹ ලංකා මාතාවට හැමදාටම පොරක්...!
    ජාතියේ පිනට පහල උණු දකුණේ පුත්‍ර රත්නයක්..!


    කොහොම උනත් ඔහුට ලැබුන නාමික නිදහස වචනයේ පරිසමාප්ත අර්ථයෙම්ම නිදහසක් වෙන්න කියලා නෝටියා පතනවා...
    ඒ වගේම පාලක පක්ෂයට කඩේ යන ජන මාද්‍ය ඔහුට අපහාස වන අයුරින් කරන ප්‍රකාශයන් තරයේම හෙලා දකිනවා...

    ReplyDelete
    Replies
    1. තාම පොරක් කියල කිව්වේ මචං සමහරක් එතුමව හිර කරල පොරත්වය අයින් කරන්න හදපු නිසා..

      ස්තුති සහෝ.. ජය !

      Delete
  35. අපේ කාලයේ විරුවාණනි ඔබට සදා ජය... අපි ඔබ සමගයි !!!!

    ReplyDelete
  36. සිරාවටම ජය වේවා !!!!!!!!!!!!!

    ReplyDelete
  37. "ඔහුට" තනියම වත් "මොහුට" තනියම වත් කරන්නට නොහැකි දේ "ඔවුන්" එක්වී කළහ. පිට උන් හබන් කුකුලෝ කැකුණ තැලුවේ ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තියා කපමින් ය. අලියා සීනුවක් බැඳගත්තේ එහෙයිනි. ඉතින් රෑ වැටුණු වලේ දවල් නොවැටෙන්න "ඔහුටත්" "මොහුටත්" දැන්වත් හැකියාව ලැබේවා මම පතමි.

    ReplyDelete
  38. සෑම උඹට වෙඩක් නැත්ද බන් මේ කක්ක දේශපාලනයක් ඇදල අරන් තියෙන්නේ. උඹල තාමත් රැවටෙනවා නේද මේ සුදු පිරුවට ඇඳගෙන ඉන්න ලංකාවේ දේශපලක්ග්නයෝන්ට. උඹල කරන්නේ උඹල මඩ ගා ගෙන උන්ගේ තියෙන මඩ හෝදන එක..කඩේ පලයන් කර උඩ තියා ගන්නේතුව..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...