Thursday, May 17, 2012

මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා...


ඔබ කිව්වාට මේ ඇය ගැනය. අපි නොහිතුවාට අපේ එකාලා යාළුවෙලා යන්න ඕනෙ හැම තැනම (ඒකි එක්ක ) කරක් ගහලා සතියෙන් දෙකෙන් අත ඇරලා දාන ඇය ගැනය. මේ ටික කියවූ විට ඇය ගැන ඔබටම දුකක් ඇති වෙනු නොඅනුමානය. එවිට ඔබ ඇය කෙරේ බැදි සෙනේ උතුරා යනු ෂුවර්ය.


ඇය අදින්නට පලදින්නට ඉතාම ලැදිය. සාමාන්‍යයෙන් විලි වැසෙන්නට ඇන්දොත් යටට ඇදුම් දෙකක් සහ උඩට ඇදුම් දෙකක් ඇදිය යුතුමය. ඒ කීවේ අවම ඇදුම් ගණන ගැනය. එසේම කරාබු දෙකක් ජීවිතාන්තය දක්වා එල්ලාගෙන සිටිය යුතුය. එය මහත් කරදරයක්ය. විටෙක උරැහිස ගාවටම දිග කරබු දැමිය යුතුය. එසේම ඇය සරලව ඇයට පහසු විදිහට ඇන්දොත් එය ඇයටම කරදරයක්ය. උනුසුම් දවස් වලට ඇය පහසුව තකා අදින්නේ දනිස්සට වියතක් උඩට වන්නට කොට සායක් හෝ කලිසමක්ය. එය ඇයට පහසුවක්ය. එහෙත් එලියට බැස්ස විටදී එකිනෙකාකේ බැල්මෙන් පරිස්සම් වීමට අත් බෑගය හෝ කුඩා පසුම්බිය කකුල අතර රදවා ගත යුතුය. එසේ නැතිනම් දෙපා හිරි වැටෙන තුරු කකුලක් පිට කකුලක් දමා සිටිය යුතුය. තවත් විටෙක ඇය අඩි උස සපත්තු දැමිය යුතුය. එවිට ඇයට හයියෙන් ගමන් බැරිය. හයියෙන් යන්නට පුලුවන් ඇයලාද පහුවදාට කොන්දේ කැක්කුම සහිතව කෙදිරිගාන්නෝය. 

ඇය කොන්ඩය වවන්නීය. එය දනහිස දක්වා දික් වූ විට ඇය ලස්සනය. ඒත් ඇයට කරදරයක්ය. කොන්ඩය කාඩාගෙන සිටියොත් අම්මා බනින්නේ ඇස්වහ වදී ගැට ගහ ගනින් කියාය. විටෙක ඇය කොටට කපා ලේයර් කරන්නීය. එවිට ඇය තවත් ලස්සනය. එහෙත් එය ඇයට නිදහසේ වැඩක් පලක් කරන්නට තරම්  උපකාරී නොවන්නේය. එවිට කොන්ඩ කැරලි කන් දෙක අස්සේ රදවමින් කතා කළ යුතුය. එසේම ඔපීසියේ වැඩ කරද්දී පවා කොන්ඩය මූනට වැටේ නැවත එය කන් පෙති අස්සේ ගැසිය යුතුය.

ඇය නිය පොතු දිගට වවන්නීය. එවිට ඇය සෞඛ්‍යය ගැන සිතා එය පිරිසිදු කළ යුතුය. බොහෝ විට ඇය ඒවා වවන්නේ වම් අතේය. එවිට දකුණු අතින් කෑමට පුලුවන්ය. එහෙත් වම් අතේ රැදෙන ඒවාද විටෙක ආහාරයට ගන්නීය. ගෙදර උයන පිහින කටයුතු වලදී මෙන්ම ‍ලැප් ටොප් කී පෑඩ් එක මතදී ද ඇගේ දිගු නියෙපොතු ‍කැඩෙන්නට ඉ‍ඩ බොහෝමය. එවිට ඇය ඒවැ නැවත නිය කපනයෙන් කපා මට්ටම් කළ යුතුය. විටෙක ඇය එහි වර්ණ තවරන්නීය. බොහෝ නිය ආලේපන වල දැන් තරු කැට, හාර්ට්, වැනි කුඩා කැබලි ඇත. එවිට ඇය ඉන් එකක් අනිවාර්යයෙන් එක නියපොත්තක රැදෙන ලෙස වර්ණ කල යුතුය. ගෙවල් පේන්ට් කරන සිරිදාස අංකල්ටවත් එච්චර අමාරු වැඩ නැත්තේය.

ඇය ඇහි බැම කපන්නීය. එය මසකට වරක් වත් කළ යුත්තේය. එසේම ක්ලීන් අප් කළ යුතුය. දත් නොමැද්දත් ඒවා අනිවාර්‍යය. ඔපීස් යන්නට සාරි අදින දිනෙක ඇය උදේම අවදි විය යුතුය. ඉන් පසු වෙනදා වෙලාව වෙන තුරු ඇය සාරිය පැටලැවිය යුතුය. දහ දොලොස් වරක් රැලි හැදිය යුතුය.

ඔහු හිටගෙන කරන දෑ ඇය හිදගෙන කළ යුතුය. ඔහු හදිසියේ තාප්පයකට බර දී පිට කරන් මුත්තරා සාම්පලය ඇය හරි හතරැස්ව කොටු වූ තැනක හිදගෙන කළ යුතුය. එසේම මසකට දින කිහිපයක් ඇයට කේන්තිය පාලනය කර ගැනීමට සිදුවන්නීය. ඔහු ට්‍රිප් එකක් ගිය විටෙක ජබොස් ගා දියට පැන්නද ඇයට එසේ පැනිය නොහැකිය. ඒවාට වෙනම සූදානම් වි ආ යුතුය.

ඇයට හොටු සීරීමට ටිෂූ අවශ්‍යය. මුහුන පිස දැමීමට වෙට් (wet) ටිෂූ අවශ්‍යය. එසේම කණ්නාඩියක්, පනාවක්, ලිප්ස්ටික් කූරක්, ඉංගිරිසි කතා පොතක්, පටලැවිච්ච හෑන්ඩ්ස් ෆ්‍රී එකක්, මිනරල් වෝටර් බෝතලයක් (බොහෝ විට වතුර නැත), නිය කපනයක්, තිබිය යුතුමය. එවා සියල්ල ඇත්තේ කිහිල්ල අස්සේ ගසාගෙන යන හෑන්ඩ් බෑගයේය. ඔහුව අවශ්‍යය ෆෝන් එක සහ පර්ස් එක පමනක්ය.

ඇයට තනිවම ගමන් බිමන් යාමට නොහැක. එසේම ඇදිරි වැටෙන්නට ප්‍රථම ඇය නිවසට රිංගා ගත යුතුමය. නැති නම් ලෝකේ එවුන් ගේ කතන්දරය. ඔහුට නළුවෙක් වන්නට හැකිය. එවිට ඔහුට ලෝකයෙන් කතන්දර හැදෙන්නේ නැතිය. එහෙත් ඇයට නිලියක් වීමට නොහැකිය. ලෝකයෙන් පමනක් නොව ගෙදර එකාලගෙනුත් කතන්දරය. නිලියක් තියා ඇයට ගායිකාවක්වත් වන්නට නොහැක්කේමය. 

ඔහු කුඩාකල සිට දගලමින් සෙල්ලම් කරමින් හැදෙන්නේය. ඇය කුඩා කල සිට සෙල්ලම් කළද, හදිසියේම ඇයව කුඩා කාමරයක සතියක් පමන නිවාස අඩස්සියේ තබන්නීය. ඉන්පසු ඇයව නහවා, කිරි ගසකට කොටා එලියට ගන්නීය. එදා පටන් ඇයට සෙල්ලම් තහනම්ය. කොලු ඇසුර සීමා වන්නීය.

ඇයට තම ඇද වටා ටෙඩී බෙයාර්, මිකී මවුස් වැනි සතුන් ඕනෑය. ඒවා විවිධ ප්‍රමාණයේ සහ විවිධ වර්ගයේ විය යුතුය. එවා ඇද වටේම තබාගෙන නිදා ගත යුතුය. ඇය දුක හිතුන විට අඩන්නේත්, හිනා වෙන්නේත් ඒවා බදාගෙනය. එසේ නැතිනම් ගෙදර පූස් තඩියෙක් හෝ බලු තඩියෙක් සිටි යුතුමය. ඌව බදාගෙන ඇය හිස අත ගාන්නීය. පොටෝ ගසන්නීය. එහෙත් ඌට කන්න දෙන්නේ ඌව නාවන්නේ ඔහුය. 

පසු කලෙක ඇයට පෙම්වතෙක් ලැබෙන්නීය. ඔහු ඇයට ආදරේය. ඇයද ඔහුට ආදරේය. ඔහුට වෙන කෙල්ලන් සමග ඇසුර ඇය තහනම් කළද, ඔහු ඇසුරු කරන්නේය. ඇයට වෙන කොල්ලන් ඇසුර ඔහු තහනම් නොකළද, ඇය වෙන කොල්ලන් සමග ඇසුරු නොකල යුතුය. චැට් කිරීම, ෆේස් බුකි රික්වෙස්ට් දැමීම සහ ඇක්සෙප්ට් කිරීම, සීමා සහිතය. පෙර දැනුම් දීමක් සිදු කළ යුතුය. එහෙත් මේ ඡේදයේ කරුණු ඇයට මෙන්ම ඔහුටද අදාල වෙනවාය. එනිසා මෙය, සුදුසු තැනට, සුදුසු පරිදි, සුදුසු කාලයක වෙනස් කර සිතා බැලිය යුතුය.

ඔහු විවාහයට පෙර නිදහස්ය. ඇලක - දොලක, ඔරුවක් - පාරුවක් ගියාට සටහනක් නොහිටින්නේය. එහෙත් ඇය විවාහයට පෙර නිදහස් නැත්තේය. වැට කඩොලු, බාධා සහ සීමා අනන්තය. ගලක කොටා සටහනක් තැබුවා සේ සියල්ල සටහන් වන්නේය.

විවාහයට පසු ඔහු ගේ නිදහස සීමිතය. වෙලාවට ගෙදර ආ යුතුය. යන තැනක ඇය හා යා යුතුය. නොකියා ගමන් තහනම්ය. මතට තිතය. එහෙත් ඇය විවාහයට පසු නිදහස්ය. කැළණි පාලම යටින් පොල් ලෙලි ගියාට සටහන් නැත්තේමය. සටහන් තියා පාලම වත් නොදන්නේය.

යාළු වූ විගස ඇයට විවාහ වන්නට ඕනේමය. පට්ට හදිස්සියක්ය. ඉන්පසු දරුවෙක් ඉල්ලා දගලන්නීය. එයද ලද පසු දරුවා අත දරා පැත්තකට වන්නීය.

Written by sAm_5.15pm_17.05.2012

ඇය සුළු මොහොතක සතුටක් වෙනුවෙන් ඔබෙන් යමක් ඉල්ලනවාය. විටෙක ඇය හමුවන්නට එන විට යමක් රැගෙන එන්නට කියනවාය. එවිට එය කරන්න බැහැ කියමින් ගැටුම් ඇති කර ගන්නවාට වඩා, ඇය සැනසීමට එය ඇය වෙනුවෙන් කරනු යහපත්ය.

ඒ ඇය යනු "සුළු මොහොතක් හෝ සතුටක් ලබන්නට කැමති මනුෂ්‍යයෙක් නිසාය."

93 comments:

  1. Replies
    1. ඇහේ නගනයක්ද නංගි ඇහක් ලොකු වෙලා ?

      Delete
  2. මේක වැලන්ටයින් පෝස්ට් එකද සෑමෝ පරක්කු ව්එලා වගේ වගේ දාලා තියෙන්නේ?

    අහ් තව දෙයක් ඇය ආසකරන එකම පාටනම් මේ ලොකේ ඒ සෝස පාට පමනකි....

    ReplyDelete
    Replies
    1. වැල-ඉන් ටයිම් පෝස්ටුවක් කලින් දැම්ම මතක නොවැ..

      අඩේ සෝස පාට කතාව සහතික ඇත්ත..

      ජය !

      Delete
  3. ඇය ඇහි බැම කපන්නීය- වැරදියි වැරදියි. උගුල්ලනව උගුල්ලනව මෙන්න මෙව්වයිං

    http://en.wikipedia.org/wiki/Threading_(epilation)

    http://en.wikipedia.org/wiki/Epilator

    ReplyDelete
    Replies
    1. කවිකාරිය දන්න දේවාල්.. :)

      ස්තුති විකියේ ලින්කුවට.. වැදගත් යමක් දැනගත්තා..

      ජය !

      Delete
  4. චන්ද්‍ර මාසයකට වරක් ශුද්ධ වීමටත් , විළි රුදාව විඳීමටත්, පසු කාලයේ පොඩි උන්ගේ විකීම් ඉවසා සිටීමටත් අයට සිදු වේ.

    ReplyDelete
    Replies
    1. මේක බොරුයි කියන්න බැහැ නොවැ..

      ඉදුනිල් උබත් හොද අත්දැකීමක් තියෙන එකෙක් වගේ..


      ජය !

      Delete
  5. ඉස්සර කාලේ මිනිස්සු හිරයක් ගන්නවා කියන්න ඇත්තේ මේ සිද්දි නිසා වෙන්න ඇති. බර පතල වැඩ සහිත ජීවිතාන්තය දක්කවා.

    ReplyDelete
    Replies
    1. සහතික් ඇත්ත මචං..මට කියන්න දෙයක් නැහැ මචං.. අසරණයෝ උබට ක්සැලැන්ඩර් ලකුණුත් දාල නොවැ..

      ජය !

      Delete
  6. //කැළණි පාලම යටින් පොල් ලෙලි ගියාට සටහන් නැත්තේමය. සටහන් තියා පාලම වත් නොදන්නේය.//
    හිනා යනවාය ;) කෝම උනත් ඇත්ත කතාවය
    ඉගෙන ගන්න හුගක් දේවල් තිබුනේය
    ජයෙන් ජය!!!

    ReplyDelete
    Replies
    1. මෙවන් දේවල් දැන සිටීම වැදගත්ය.

      නව විශය නිර්දේශයට සෑමා මෙවන් කරුනු නිර්දේශ කරමි..

      ජය ! :)

      Delete
  7. නියම රිසර්ච් රිපෝට් එක එල ....

    ReplyDelete
  8. යකෝ පහුවුනු පෝස්‍ටුවට කොටපු එක වැරදිද මංදා කියලා හිතුනා මේක කියවනකොට.ඇත්තටම බොට අස්පොට් වගේද මචෝ.දැන්ම කියාපන්.ඇහැක් යමක් කොරන්න. ජය...!

    ReplyDelete
    Replies
    1. මොකක්ද මචං පහුවුන පෝස්ටුව ??

      ඇහැක් යමක් කොරන්ට බොට බැරිය. ඒකට බෙහෙත ඇත්තේ ඇය ලගමය. :)

      ජය !

      Delete
  9. අපිට නං ඔය මොකුත් නැත්තේය.... ඔව්වා විකාරය... අයියෝ ඩොලර්ය... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! (මගෙ අළුත් වචනේ ඈ..)

    ReplyDelete
    Replies
    1. මගේ අප්පේ මිදි කෑ නරියා සේය.. ඔව්වා විකාර කියන්නේ එනිසාය.. :පී

      ජය හොදේ !

      Delete
  10. මේක බැලුවට පස්සෙ මට දුක හිතෙන්නෙ ඇත්තටම සෑම් අයියෙ උඹ ගැන තමා...........

    ReplyDelete
    Replies
    1. සිතුවිලි මගේ හසුරා ගත හැක නමා - මට දුක හිතෙන්නේ ** ගැන තමා..

      ජය කිව්වා !

      Delete
  11. මට හිතෙන්නේ සෑමා කසාදයක් කරගන්න හදනවයි කියලා.

    ReplyDelete
  12. අනේ දෙයියනේ .... කෙල්ලොවත් දන්නෙ නැතිව ඇති උන් මෙහෙමයි කියල. උඹ හිතල තියන දුර.

    ReplyDelete
    Replies
    1. ඒ අහිංසක දැරිවියන්ට යථාවබෝධය ලබා දෙන්න ඕනේ මචං..

      බොට බ්ලොගක් නැහැ නේද? DDT වලට වඩා සෑමා කැමතිම TNT වලටය

      ජය !

      Delete
  13. සෑමා මේ හදිස්සියෙ Specification දාල තියෙන්නෙ මොකෝ කියලා බැලුවෙ!! :)
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අහවල් ලෙඩක් දාන්න යනවද මන්ද අහිංසක සෑමාට.. :)

      ජය !

      Delete
  14. මෙවන් වූ විග්‍රහයක් මා ජීවිතේටවත් අසා නැත. සිරාවටම ඇය "සුළු මොහොතක් හෝ සතුටක් ලබන්නට කැමති මනුෂ්‍යයෙක් ද ?" ඒ සුළු මොහොත වෙනුවෙන් ජීවිතයම කැප කරනවා නේද? මට හිතුනේ එහෙම අප්පා.

    ReplyDelete
    Replies
    1. උබ හිතල තියෙන දුර..

      සුලු මොහොතක සතුටක් කිව්වෙ අහවල් දේ විතරක්ම නෙවේ බොල..

      ජය !

      Delete
  15. සැටිපිකේට් ඇත්ත....:D

    පොඩ් මිස්ටේක් එකක් අහුවුනා...
    //ඔහුව අවශ්‍යය ෆෝන් එක සහ දුරකතනය පමනක්ය.//

    ඔහුට අවශ්‍යය පර්ස් එක සහ දුරකථනය පමනක්ය.

    ReplyDelete
    Replies
    1. ඇයි සිකරට් පෙට්ටිය.. මෙහෙ ඔටුවන්ගෙ ඉස්ටැයිල් එක ඒක තමා..

      පර්ස් එක, ඒක උඩින් ෆෝන් එක, ඊටත් උඩින් සිගරට් පෙට්ටිය.. ඔය සෙට් එක අතේ තියාගන තමයි යන තැනක යන්නෙ....

      Delete
    2. magulai'''

      අඩේ මගෙ හිතේ තිබ්බ එක (මට කියන්න ඕනෙ වුන එක) කස්ටියට තේරිලා නේද,

      පර්ස් එක කියලා ඒක නැවැරදි කරමි.. ස්තුති !

      Delete
  16. පෝස්ටුව නම් නියමයි

    ReplyDelete
  17. මට මතක්වුණා කාලෙකට කලින් සර් කෙනෙක් කියපු කතාවක්..

    ගෑණියෙක් මේන්ටේන් කරනවා කියන්නෙ ස්විමිංෆූල් එකක් තියාගන්නවා වගේ වැඩක්ලු.. සුලු කාලෙක වින්දනය වෙනුවෙන් විශාල වියදමක්ලු..

    ReplyDelete
    Replies
    1. හිකිස්.. සර් නම් උගත් පොරක් බං..

      උබල සර්ගෙ ගෝලයෝ උන එක තමා අවුල..

      ජය !

      Delete
  18. ඔච්චර දුකක් විදින ඇයට මොන එකකටද දුක් දෙන්නෙ කියන මෛත්‍රී සහගත හැඟීමයි,
    නිවිසැනසිල්ලෙ තියෙන ජීවිතේ තව කෙනෙක්ව සතුටු කරන්න ගිහින් නාස්ති කරගන්න බෑ කියන ආත්මාර්ථකාමී හැගීමයි කලවම් කරල ගත්තම අන්තිම තීරනේ, කෙල්ලො එපා.... :)

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පෙ සාතන් පට්ට දරුනු වෙලා..

      නොබැදි ජාතීන්ගේ සමුලුවට යන්නද කල්පනාව..

      ජයෙන් ජය එහෙනම් !

      Delete
  19. ඇය ගැන බොහෝ දේ දන්නා ඔහුගේ ලිපිය කියවු
    මම
    ඇය

    ReplyDelete
    Replies
    1. ඔබ ඇය බැව් මම නොසිතුවෙම්..


      ඇයට ජය !

      Delete
  20. මර කතාවක්.. හිතන්න බොහෝ දේ ඇත..

    ReplyDelete
    Replies
    1. හිතුවා ඇති.. දැන් ඉතිං හොයාගන්ට.. :)

      ජය !

      Delete
  21. ඇය ... නගරබද නම 35 පනින විට විවිධ ක්ලබ් ගණනාවක සාමාජිකත්වය ලබා ගන්නීය. ඔහු ඒ සඳහා ගෙවිය යුතුය. ඒවා කාන්තාවන්ට පමණක් සීමා වූ ඒවාය. ඇය... ගම්බද නම 35 පනින විට පන්සලට වන්නීය. සෑම පෝයටම සිල් ගන්නීය. නගරබද ගම්බද වෙනසක් නැතුව ඔහුට දෙවි පිහිටය. වෙනත් ඒවා පසුපස යාමට වෙන්නේය.

    ඇය අත නිතරම කුඩයක් හා සන්ග්ලාස් කුට්ටමක් ඇත. වැස්ස දවසට සන්ග්ලාස් දැමීමටත් පායන දින වල හෙවනේ වුනත් කුඩය ඉහලාගෙන යාමටත් ඇය පසුබට නොවන්නීය.

    තනිවී සිටින්නයි මා අදහස් කලේ යයි ඔහුට ඉබේටම කියවෙන්නේ මෙවිටය.

    ReplyDelete
    Replies
    1. පන්සල් ගිය කල හාමුදුරුවන්ට කතා හැදෙන්නේ ද කාන්තාවක් නිසාමය. ඒ ඇය වැඩිපුර පිංතකා ආවාසයට රිංගන නිසාමය.

      උබ වැදගත් කරුනු ටිකක් එකතු කලාට මොකෝ අන්තිමට තනියම ඉන්නවා කියන්නේ ඇයි ?

      Delete
  22. මොනා කියන්ඩද කියලා තේරෙන්නෑ සෑමෝ.. මොකක් හරි වැරදි දෙයක් කියවුනොත් හොඳ ඇයලා පවුය.. ඒක නිසා මුකුත් නොකියමි.. පවතින ලෙස පැවතිච්චාවේ, වෙනස්වෙන ලෙස වෙනස් වෙච්චාවේ..

    ජයම පතමි !!

    ReplyDelete
    Replies
    1. හොද ඇයලාට නිගාවක් නොකලෙමි. සමස්ත බහුතරය මෙතනින් මනින්ට බැරිය.

      බොටත් ජයෙන් ජය !

      Delete
  23. සෑමා මේ දවස් වල ඇය ගැන ලොකු ලොකු දේවල් කියනවා.. මොකෝ මේ වෙනස.. ඇත්ත කියපං...

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ උබට වෙච්ච දේ මට වෙන්න යනවා නෙවේ බොල..

      ජය !

      Delete
  24. මට නම් දුක ඔබ(සෑම්) ගැනය....:(

    ReplyDelete
    Replies
    1. අලේ ඇයි ඔබ ගැන දුක් වෙන්නේ :ඩී

      මොකෑ මේ අලුත් පොටෝවක්.. පොල්කිච්චෙක් වගේ.

      Delete
  25. මට දුක හිතෙන්නේ සැමා ගැන තමා... :D
    සෑම් මොකද මේ... පරස්තාවක් වත් කරගන්න හිතිලද... අනේ වාසනාවන්

    ReplyDelete
    Replies
    1. අනේ අ-වාසනාවන් (සෑමාට)

      ජයෙන් ජය !

      Delete
  26. //නිලියක් තියා ඇයට ගායිකාවක්වත් වන්නට නොහැක්කේමය. //

    ඇහ්? ඒ මොකෝ??

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ ගායිකාවක් වුනත් ඇයට කතන්දර හැදෙනවා ෂුවර්ය !

      Delete
  27. මට දුක හිතෙන්නේ "ඔබ" ගැන.:D:D:D

    ReplyDelete
    Replies
    1. සෑමා පව් පොඩ්ඩි..විහිළු කරන්න එපා..
      සීරියස් පිටනේ ලියලා තියෙන්නේ...බලන්නකෝ.. :D

      Delete
    2. අනේ සෑමා විනාශ කරලා.. ඇයි බොල අහිංසක කොල්ලන්ව නැති කරන්නෙ..

      Delete
  28. දුකම කොයිතරම් සතුටක්දො කියල ඉන්න අනේ .

    ReplyDelete
    Replies
    1. හිකිස් මෙන්න මගෙනුත් ++++

      Delete
  29. //ගෙවල් පේන්ට් කරන සිරිදාස අංකල්ටවත් එච්චර අමාරු වැඩ නැත්තේය.//
    සහතික ඇත්ත...

    සෑමාගේ උකුසු ඇසින් බේරීමට මගක් සෙවිය යුතු බව පෙනේ..:))

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන් ඉන්නව ‍හොදයි මට හැම දේම පේනවා..

      ජය !

      Delete
  30. පොල්කිච්චි වාගේ රණ්ඩු කරන්නේ
    මොනරිය වාගේ ආඩම්බරයි
    ගිරවිය වගේ නිතර දොඩන්නේ
    ආදර කුඩුවේ රන් කිරිල්ලී මගේ

    ReplyDelete
    Replies
    1. මම නේද..? උම්ම්ම්ම්මාආආආ.....!!

      Delete
    2. අප්පද බොල මෙයා දැන් පැනල උම්ම දෙන්නේ :)

      Delete
  31. සෑහෙන්න වෙහෙස වෙලා කරපු ලොකු සමීක්ශන වාර්තාවක් බව මටත් පේනවා... ඈ නොදන්න දෙවලුත් දැනගත්තා... හි හි

    ReplyDelete
    Replies
    1. ඔයා නොදන්න දේවල් මෙතන ? වෙන්න බැහැ නොවැ.. :-)

      ජය !

      Delete
  32. හැබැයි උඩින් කමෙන්ට් කරපු ගෑල්ලමයි ඔක්කොටම දුක සෑම් ගැන.. පව් නේද ?

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා වලියක් අවුලවන්න හදන්නේ..

      Delete
  33. පරිස්සම්වෙයන්සෑමෝ..

    ReplyDelete
  34. සෑම්ට මරණ තර්ජනවත් එයිද??? අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. කාන්තා තර්ජන නොවැ.. අවුලක් නැහැ !! හිකිස් !!

      Delete
  35. grls r thr to be loved...not to understand කියලා කව්දෝ කියලා තියනවා කියලා කොහෙදෝ දැක්කා! වැඩිය හිතන්න එපා බං! හිතලා ඉවර කරන්න වෙන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. //හිතලා ඉවර කරන්න වෙන්නේ නෑ!//

      සබිය යමක් කමක් දන්න කොල්ලෙක් නේද ?


      ජය !

      Delete
  36. අඩෝ රිප්ලයි එකක් දෙන්න බැරිද බොක්කෙන් කමෙන්ට් දැම්මම .තද වෙනවා ඩෝ!!!

    ReplyDelete
    Replies
    1. කවුද බොල මේ චන්ඩියා..

      Delete
  37. සැමා තව ටික දවසකින් ......................................

    පට්ට පෝස්ට් එක බං . කොයිතරම් කාලයක් මේ ගැන හෙවුවද ?

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ මචං හිස් තැන පුරවන්ට එපෝ..

      එච්චර කාලයක් ගියෙ නැහැ බං.. එක හුස්මට ටයිප් කලා..


      ජය !

      Delete
  38. සෑමෝ.... අනේ හැබෑට කොච්චර කල් මෙව්වා හොයන්න ඇතිද? ගොඩක් මහන්සි වෙලානේ.... (මම කොහෙවත් අතුරු දහන් වුණේ නෑ බොල.. හැමදාටම නැති වෙනවට වඩා මෙහෙම හරි එන එක ගැන සතුටු වෙයං)

    ReplyDelete
    Replies
    1. එච්චර මහන්සි වුනේ නැහැ. සමාජ යථාර්තය තේරුම්ගන්ට පාරෙ වටයක් ගියාම ඇති.

      මම හිතුව බොලා කම්පස් එකකට වත් රිංගලා කියලා..

      ජය !

      Delete
  39. පට්ටයි පට පටයි........

    ReplyDelete
    Replies
    1. ස්තු ස්තුතියි..

      ජයෙන් ජයයි !

      Delete
  40. ගෑනු උදවිය පිළිබඳව සෑහෙන්න දන්නවා වගේ...හිහී..

    ReplyDelete
    Replies
    1. නැතිව.. ඔයාලත් මෙහෙ යන එන නිසා අපි හොදට දන්නවා ;)

      ජය !

      Delete
  41. අඩෝ මගේ කමෙන්ට් එකට උත්තර දීපිය............... ^%$^%$*&^*^*^

    ReplyDelete
    Replies
    1. උබේ කමෙන්ට් එකට උත්තර වැටිල ඇති.. මම තාම කල්පනා කරන්නේ උබ කවුද කියල..

      අනිවා අපේ කුජීතයෙක්ම තමා.. :)

      උබටත් ජය ඉතිං !

      Delete
  42. සහතික ඇත්ත පුංචි දේකින් වුනත් කෙනෙක්ගේ හිත සතුටු කරන්න පුළුවන් අතින් පයින් යනවැයි..

    //ඇයට හොටු සීරීමට ටිෂූ අවශ්‍යය. මුහුන පිස දැමීමට වෙට් (wet) ටිෂූ අවශ්‍යය. එසේම කණ්නාඩියක්, පනාවක්, ලිප්ස්ටික් කූරක්, ඉංගිරිසි කතා පොතක්, පටලැවිච්ච හෑන්ඩ්ස් ෆ්‍රී එකක්, මිනරල් වෝටර් බෝතලයක් (බොහෝ විට වතුර නැත), නිය කපනයක්, තිබිය යුතුමය. එවා සියල්ල ඇත්තේ කිහිල්ල අස්සේ ගසාගෙන යන හෑන්ඩ් බෑගයේය. ඔහුව අවශ්‍යය ෆෝන් එක සහ පර්ස් එක පමනක්ය.//

    බොලේ මාරයිනේ මෙච්චර අයිටම් ඕනේද අප්පා කෙල්ලන්ට??? ඔක්කොමත් හරි කියමු ඉංගිරීසි කතා පොතක් මක්කටැයි?? සැමා අයියේ දවසක සැමා අයියට ජොබ් දෙක තුනක් කරන්න වෙන පාටයි වියදම සැරයි(තවත් කෙට්ටු වෙයිද මන්දා)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ජීවිතේ දුකායි.. වියදම සැරා...යි..

      ජය !

      Delete
  43. Replies
    1. ඇති යන්තම් කමෙන්ට් දාන විදිහ හොයාගෙන..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...