Sunday, May 13, 2012

තරුණ හදවතක් ඇත්තෙකුගේ වියෝව වෙනුවෙනි...


කිසිවෙකු පිළිගන්නවාද අපි එකිනෙකාගේ ජීවිත එකිනෙකට සම්බන්ධ බව.. ?
සිදුවන සියළු සිද්ධීන් වල සම්බන්ධයක් ඇති බව ?

මොනවා වුනත් කියවා පිළිගත යුතුමය, ඔහු අප හැර ගිය වග....
අපේ ජීවිත හා සියළු සිද්ධීන් එකිනෙක සම්බන්ධ බව සෑමා තරයේ විශ්වාස කරන්නේය...

ඔබා මාමා ලංකාවට පැමිණ සිටියදී (අප්‍රේල් 22) බ්ලොග් අවකාශයේ මිතුරන් හා එක් වුයේය. එය සෑමා බ්ලොග් ලෝකයේ උත්සවයකට ගිය පළමු අවස්ථාවය. තමා දන්නා නොදුටු චරිත රැසක් දැක ගැනීමේ අදහස සෑමාට වුයේය. ඒ අතර චරිතයක් වූයේ ඔබා මාමාය. සෑමා ඔබා මාමා සොයා ගියේය. පොටෝවක්ද ගත්තේය.

කිරි පුතා - ඔබා මාමා - සෑමා

ඊයේ (12.05.2012) සෑමා කිටීගේ ලැප සම්බන්ධ ගැටළුවකට ඇය සිටින තැනම ඇගේ ලැප ඔන් කලේය. ඒ අතර සෑමා තම බ්ලොග ගැන ඇය සමග කතා කරන්නට වූයේය. ඇය සෑමාගේ ප්‍රථම රසිකාවියයි.

"ඔයාගෙ බ්ලොග බැලුවට අනිත් අයගෙ බ්ලොග් ගැන මම දන්නෙ නැහැනේ.." අවුරුදු උත්සවය වෙනුවෙන් පොඩි මෑන් දැමූ කතාකරන පොටෝ බැලු පසු ඇය කීවාය.

"ඉන්න මම පෙන්නන්නම් සිරා බ්ලෙග් ටිකක්" කියමින් සෑමා තම බ්ලොග් රොලෙන් බ්ලොග් කිහිපයක් පෙන්නද්දි...

"අහ් මේ තියෙන්නේ සත්තයි කුණු හරපයක් නෙවේ කියලා.. ඒක අපෙ ඔබා මාමාගේ බ්ලොග.." ඇයට අමුතුවෙන් ඔබා මාමා ගැන කිවිය යුතු නැත්තේය. සෑමා බ්ලොග් ලෝකයේ බහුතරයක් ගැන ඇයට කියා ඇත්තේය.

"මරු මරු.. මම දැන් ඉදන් ඔයා කියපු අලුත් ඒවත් බලනවා.." ඒ කිටීය.

"ඔබා මාම දාපු පරන ඒව බලන්න.. පොර දානවා මරු කතා..මේකත් මේ කුණුහරපයක් නෙවේ කිව්වට මට සැකයි මොනව හරි මගුලක් ඇති මේකෙත්. ඒත් මට තේරුනේ නැහැ.." ඒ සෑමාය.

මේ අපේ ඔබා මාමාගේ අන්තිම ලිපියේ ‍කමෙන්ටුයි
ඔබා මාමා සෑමාට කීවේ පොත් ගුල්ලා සහ සෑම් කියාය. එම පෝස්ටු අගින් අමුනා තිබ්බේ ඔබා මාමා  සහ ඔබී නැන්දා වෙනුවෙන් තම දියණිය විසින් ලියැවුණ පෝස්ටුවකි.

අද උදේ සෑමා සිටියේ ගම්පහය. ඒ ක්ලාස් එකක් තුලය. රස්තියාදුකාරයා, කිරිපුතා, කෝල් කළද සෑමාට ආන්සර් කිරීමට නොහැකි විය. ඉන්පසු සෑමාට රස්තියාදුකාරයාගෙන් කෙටි පණිවිඩයක් ලැබුනේය. එහි තිබ්බේ ඔබා මාමාගේ වියෝව පිළිබදවය. නැවතත් කෙටි පණිවිඩයකින් සෑමා ඇසුවේ ඇත්තද බං, කාගෙ හරි බයිටක් නෙවේ නේද කියාය. ඔහු එය ඇත්තක් බව කීවේය. 

පසුව රාජ්ගෙන්ද ලැබුන ඇමතුමෙන් කියැවුනේ එ‍ය සත්‍යයක් බවය. ඔහු කී පරිදි ඔබා මාමගේ දේහය ලංකාවට රැගෙන නොඑන බව දැනගන්නට ලැබින. මාරයා ඔබා මාමාගේ නිවසට යන බවක් කියවුණී. ඒ අනුව බ්ලොග් අවකාශයේ සියළු දෙනාගේ එක්කාසු වීමෙන් ඔබා මාමාගේ පරලොව ජීවිතය යහපත් වීමටත්, නිවන් සුව සාක්ෂාත් කර ගැනීමටත්, බණ පිංකමක් හෝ දානමය පිංකමක් කළ යුතු බව අදහස විය. 

"රාජ් මෙනව හරි දෙයක් වෙනව නම් කියපං, හැමෝම එකතු වෙලා අපේ අතිජාත මිත්‍රයා වෙනුවෙන් යමක් කරමු."

සෑමා ඊලගට කෝල් කලේ කිටීටය. ඇය ඔබා මාමා දැකලාවත් නැත. දැක තිබුනේ පොටෝ පමණි. ඇය පෙර දින බලාපොරොත්තුවෙන් සිටියේ ඔබා මාමාගේ රසිකාවියක් වී ඔබා මාමාගේ ලිපි කියවීමටය. ඇය සෑමා කීදේ සැබවින්ම විශ්වාස නොකළ බව කිය යුතුය. ඇයද එය විශ්වාස නොකළාය.

ගෙදර ආ සැටියේ සෑමා බ්ලොග් පුරා සැරි සරා ඔබා මාමා වෙනුවෙන් ලියැවුනු සහ බුකියේ ෂෙයාර් වුණු සියළු කරනු බැලුවේ හදවත සසල කරවමිනි. එය බුද්ධ දේශනාවේ එන "ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව සනාථ කරන්නකි."



මේ සෑමා අන්තිමට ලියූ සියළු ධර්මතාවයන් අනිත්‍යයි කියු පෝස්ටුවට ඔබා මාමා අද උදේ දැමූ කමෙන්ටුවකි. සියළු දේ අනිත්‍යය බව සැබෑමය. සෑමා මේ කෙමෙන්ටුවට රිප්ලයි කලාට බලන්නට ඔහු නැවත නොඑනු ඇත. එහෙත් ඔබ අප හදවත් තුල සදා අමරණීය බැව් කිවයුතුය. 

කිටීට කියවන්නට ඔබා මාමාගේ බ්ලොගේ අලුත් පෝස්ට් හෙට සිට නොවැටෙනු ඇත. අපේ කතන්දර අපි සමග බෙදා ගන්නට ඔබා මාමා අප ලග නොහිටිනු ඇත. එහෙත් අපේ ජීවිත, එකිනෙක සම්බන්ධ නිසා ඔබ අප අතර සිටිනු ඇත. නිවන් ලබන තුරා ඔබ අප අතර ද, අප ඔබ අතරද, මොහොතින් මොහොත හමුවෙනු ඇත. ඒ සියළු තැන් වලදී ඔබ සමග අපි සියල්ලෝම සිටින බැව් කිව යුතුය.

විශේෂ ස්තුතිය ඔබා මාමා ඇතුලු බහුතරයක් සෑමාට මුණ ගැස්සවූ සයිබරයේ සිහින බක් මහ උලෙල සංවිධානය කළ රාජ් ඇතුලු පිරිසට.

ලොවක් සැනසූ දෙඅත් නිසල විය
සිනහ සපිරි අප සිත් ද සසල විය
නිහඩව නිසලව බලා හිදින්නෙමු
ඉපිදෙන සිතැතිව නුඹ අප අතරම

නැගැබුරු මදහස් සියුම් සිනහවෙන්
මනුස්සකම පිරි නිසල දයාවෙන්
අප සිත් ඇමතූ සොදුරු ශ්‍රියාවෙන්
නිවන් පතන්නෙමු ‍නොකිලිටි සිතකින්

Written by sAm_6.55pm_13.05.2012_ :'(

පලි - ඔහු මිතුරන් එකතු කරන මැෂිමකි. සිත් පිනවන මිතුරෙකි. මිනිසුන් සමග හොදින් සිටීමට, යහපත්ව සුන්දර සිනාවකින් සිටීමට ඔ‍බ ගැන දන්නා අය ඔබව ආදර්ශයක් කර ගන්නා බව කිව යුතුමය.

41 comments:

  1. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
  2. මේ දැන් විස්තරේ දැක්කෙ..නිවන් සුව ඔබා මාමේ

    ReplyDelete
  3. අපිටවත් අයිති නැති අපේ ජිවිතේ. ඔබා මාමාටත් එසේම විය.

    "ඔබා මාමේ" ඔබට නිවන් සුව!!

    ReplyDelete
  4. ආදරණීය ඔබා මාමේ....
    ඔබ අපි හැමෝම එකතු උන අවුරුදු උත්සවේ දවසෙ හරි හැටි අඳුරන්නෙවත් නැතුව මගෙත් එක්ක හිනා වෙලා කතා කරපු හරිම නිහතමානී ඔබා මාමේ... ඔබට නිවන් සුව.. හැමදාමත් මගේ හදවතේ රැඳෙයි ඔයාව.... අපි හැමෝගෙම හදවත් වල...

    :'(

    ReplyDelete
  5. ඔබා මාමේ ඔබට නිවන් සුව !

    ReplyDelete
  6. "ජීවත් වීම සඳහා යුහුසුළුවන්න" ඔහු අපට නොකියූ පණවිඩය එයයි....

    පරිපූර්ණ ජීවිතයක් ගෙවා ඉක්මනින් නික්ම ගිය සොඳුරු මිතුරාණනි,

    ඔබට සුබ සැන්දෑවක්...!!!!!!

    ReplyDelete
  7. කියන්න දෙයක් හිතාගන්න බෑ.අවරුදු උත්සවය ඉවර වෙලා අපි එන්න හදනකොට මව වැළඳගෙන ආපහු හම්බුවෙමු කියල කිව්ව හැටි මතක වෙනව!
    ජීවිතය කියන්නෙ කොච්චර අනිත්‍ය දෙයක්ද කියල දැන් තමයි තේරෙන්නේ!

    ReplyDelete
  8. සතුටින් ජීවත් වූ ඔහු ඔහු මියගියේ ද සිත සතුටින්. ඒ සතුටින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව.....
    වෙන කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.... :'((((

    ReplyDelete
  11. හිතා ගන්න බෑ ඔබා මාමේ ඔබට මොක් සුව

    ReplyDelete
  12. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  13. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  14. මම ඔබාමාමව අදුන ගත්තෙ සයිබර් බක්මහ උළෙල පින්තූර වලින්.ඒවා දැක්කට පස්සේ තමා එයා ලියන බ්ලොග් එක හොයාගෙන ඒකට ගියේ තාම මම ඒකෙ ලිපි ටික කියවලා ඉවර කලෙත් නෑ.බුකියේ ඔබා මාමට නිවන් සුව පතලා තියෙනවා දැක්කම මට අදහාගන්න බැරි උනා.අපේ ජීවිත මොන තරම් අනියතද කියලා මේකෙන්ම පසක් වෙනවා. ඔබා මාමේ ඔබට නිවන් සුව....

    ReplyDelete
  15. මමත් දැන ගත්තේ වෙනි අයියා ෆේස්බුක් එකේ දමල තිබුණු සටහනකින්. ඔබත්, අනිකුත් බොහෝ අයත් වගේ මමත් මුලින්ම හිතුවේ කාගේ හරි විහිළුවක්, සමහර විට ඔබා මාමාගේ විහිළුවක් වෙන්න ඇති කියලා. ජීවිතේ අස්ථීර බව කොහොම වුනත් , මේ අනපේක්ෂිත නික්ම යාම දරා ගන්න්න හරිම අමාරුයි. අනිත් හැම දේම වගේ මරණයටත් ඔහු උපේක්ෂාවෙන් මුහුණ දෙන්න ඇති.

    ReplyDelete
  16. ඔබා මාමෙ ඔබට නිවන් සුව ලැබේවා

    ReplyDelete
  17. සදාකාලික නොවූ ලෝකයේ සදාකාලික කිසිවක් නැති බව පමණක් කියා නොකියාම නික්ම ගිය නොදුටු සුහදයාණෙනි ඔබට සුබ රාත්‍රියක්.

    ReplyDelete
  18. ඔබා අයියාට නිවන් සුව ලැබේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  19. අවුරුදු උත්සවේදි ලගට ගියාම අවුරුදු ගානක් තිස්සෙ දන්නව වගේ කතා කලේ....පුදුම මනුස්ස කමක්..හිතවත් කමක්.ඒ වගේ සොඳුරු මිනිස්සු හරි අඩුයි.
    ඔබා මාමේ ඔබට නිවන් සුව...!!!

    ReplyDelete
  20. මේ කටුක සත්‍යයට මුහුණ දෙනවා මිසක් වෙන විකල්පයක් නෑ සහෝ.. ඔහු අපව හැර ගොස් ඉවරයි.. මම සෑහෙන බලන් හිටියා මේක විහිලුවක් වෙනවා දකින්න.. ඔබා මාමා නැවතත් හිනා වේගන ඇවිත් උඹලා රැවටුනා නේද කියලා අහනකම්.. ඒත් එක එහෙම නොවන බව දැන් ප්‍රත්‍යක්ශයි.. ඔහු අපව හැර ගොස්.

    ඔබා මාමේ, ඔබ නිවනින් නිවෙන තෙක් යලි අප අතරම ඉපදේවා !!

    ReplyDelete
  21. මෙවැනි අකල් වියෝවන් මතු සසරේ කිසිදා නොම වේවා ඔබා මාමේ...ඔබට නිවන් සුව පතමි!!!

    ReplyDelete
  22. අඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක්‌ පමණයි.

    ------ ඔබා මාමාට බුදුසරණයි ----------

    ReplyDelete
  23. ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

    ReplyDelete
  24. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  25. ආදරණීය ඔබා මාමේ...ඔබට සුබ ගමන්...

    ReplyDelete
  26. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  27. ඒ සොඳුරු මිනිසාට නිවන් සුව!!!

    ReplyDelete
  28. මිනිසත් බව ලැබීම දෙවෙනි වෙන්නේ බුදුබව ලැබීමට පමණයි.. ඒ බුදු වෙන්නේ මනුස්යයෙක් නිසයි.. ආපහු මනුස්සයෙක් වෙලා උපදින්න ඔබා. සුවහසක් මිනිස්සුන්ගේ සිත් සැහැල්ලු කරලා යන්න බලාගෙන ආපහු එන්න.. අපි ආපහු හම්බවේවි වඩා හොඳ මිනිස්සු හැටියට.. ඒ හමු උනදාට අපි ජයියා හා ඔබා හැටියට හෝ සරත් හා සනත් හැටියට හමු නොවුනත් හමුවීම ගැන මගේ ඇත්තේ බලවත් විස්වාසයක්..
    මරණයෙන් වෙන්වී යාම දුකක් වෙන්නේ වෙන්ව යන්නාට නොවේ.. වෙන්වීමත් හිතේ කැටි කරගෙන ජීවත් වෙන්නාටයි.. අපි ඒ දුක කලක් අර ගෙන යාවි..දුක උනත් සදාකාලික නැහැ.. ඊට පස්සේ හරියට අපේ අම්ම තාත්තා සොඳුරු මතකයක් වෙලා සිහිනෙන් ගෑ සුවඳක් වෙලා හදවතේ තැන්පත් උනා වගේ ඔබත් අපේ හදවත්වල ජීවත්වේවි..
    ගිහින් එන්න ඔබා. ගිහින් එන්න..

    ReplyDelete
  29. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  30. කිසිත් කීමට හිත ඉඩ නොදෙන හැඩයි. නිවනම එකම සුවයයි එයම පතමි.

    ReplyDelete
  31. කිසි දෙයක් හිතට එන්නෙ ලියන්න..ඇත්තටම මේක ඊයෙ මාර අයියගෙ බ්ලොග් එකෙන් දැක්කම හිතාගන්නත් බැරි වුනා..ඒත් ඇත්තම කිව්වොත් එතුමා වාසනාවන්තයි..අන්තිම තත්පරය වෙනකන්ම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වුන මනුස්සකම් පිරිනු ශ්‍රෙෂ්ඨ මිනිසෙක් එතුමා ..

    ආදරනීය ඔබා මාමේ ඔබට නිවන් සුව...!!!

    ReplyDelete
  32. තරුණ සිතක් නිහඬ විය,සොඳුරු මිනිසෙක් අහිමි විය :'(
    ඔබා මාමේ ඔබට නිවන් සුව !!!

    ReplyDelete
  33. මට බ්ලොගයක් නැත්තේය. නමුත් සිංහල බ්ලොග් කියවීම කාලයක් තිස්සේ කරගෙන් යන දෙයකි. ඔබා හිත රැදුණු අපූරු මනුස්සයෙකි. ඔහු වෙන්වූ පුවතින් මාගේ නෙතටද කඳුලක් නැගුනේ ඒ ඔහුගේ මනුස්සකම දකින්නට ලැබුන නිසා විය යුතුය. ඔහුට නිවන් සුව!

    INK

    ReplyDelete
  34. කරවටේ අතදමා හිනැහුන ඒ සොදුරු මිනිසා එන සයිබරේට නෑවිත්ම යන්නම ගිහින්.
    ඔබා මාමේ ඔබට නිවන් සුව...

    ReplyDelete
  35. උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!

    ReplyDelete
  36. ආවා එස්.එම්.එස් එකක්
    තිබුනා අසුබ පුවතක්
    කරන්න බැරි වුනා විශ්වාස
    ඇවිත් බලද්දී සත්තයි ඒක

    දුකක් දැනුනා හිතට
    කවදාවත් නොදැක්ක
    ඒ මනුස්සයා ගැන
    බරකි හිතට හෙන

    ලිව්වා පොඩි සටහනක්
    එතුමා ගැන දන්නා තරමක්
    පැතුවා නිවන් සුවත්
    හෙලමින් දුක්බර සුසුමක්

    ආයේ බලන්නේ නැහැ කියලා
    හිතුවා එතුමාගේ ගුණ ලියපුවා
    මොකද දුකකි ඒ අදෝනා
    මේ පැත්තේ නම් එන්නම වුනා

    දැක සෑමාගේ විලාප
    මගේ හද ආයෙත් සැලුනා
    ඔබා මාමා දමමින් කමෙන්ටු
    ඕනෑම පෝස්ටුවක් හැඩ කරති

    ලැබේවා ආයෙත් අප අතරට
    ඔබා මාමාම ඉපදී මෙරට
    ආයෙත් නොපතමි ඔහුට
    නිවන් සුව ලබන්නට

    ReplyDelete
  37. ඔය දවසේවත් එන්න බැරි උනානේ ඔබා මාමව බලන්න...හිතට පුදුම දුකක් දැනෙන්නේ බ්ලොග් අවකාසේදි හම්බ උනත් බොහෝම ලඟින් හිටී කෙනෙක් නැති උනා වගේ....ඔබා මාමේ ඔබට නිවන් සුව....

    ReplyDelete
  38. ඒ සොඳුරු මිනිසාට නිවන් සුව..!!!

    ReplyDelete
  39. සෑහෙන්න දුකයි සැමා අයියේ.පරණ පෝස්ට් කියවද්දි ඔබා මාමා දාපු කොමෙන්ට් දකිනකොට තාම මේ දේ හිතාගන්න බෑ.එදා අවුරුදු උත්සවේදි ඔබා මාමා හිනාවෙවි කතා කරපු විදිය මතක් වෙනවා තාමත් සැමා අයියටත් එහේම්ම දැනෙනවා ඇති.... ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  40. ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව,

    ReplyDelete
  41. මම එන්න කලින් ඔහු ගිහින්...

    ඔබා මාමාට නිවන් සුව !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...