Friday, May 11, 2012

නිමා නොවන නිමාවක්... - සෑමාගේ වෙසක් කලාපයක අවසානය


සියල්ලකම අවසානයක් ඇත්තේය. එය එසේ විය යුත්තේය. එය නම් බුද්ධ ධර්මයයි. සංසාර චක්‍රයේ අවසානය අප විසින්ම උදා කර ගත යුත්තේමය. නැතිනම් ගොනා පසුපස බැදි ගැල සේ නොනිමි චක්‍රයක අපට ගමන් කරන්නට සිදුවන්නේමය. 

බුදුන්ට මලක් පුදා මෙනෙහි කරන්නේ අනිත්‍යයය. සුවදවත් වූත්, අලංකාර වූත් මලක් අවසන වියලී යන්නා සේම අප ගතද දැවී යන්නේය, නැතොත් පොළවට පස් වන්නේමය. ජීවත්වන කාලේ ඇලී ගැලී සිටින සියල්ලෝම හුස්ම පොද අවසන් වූ දිනට ලග රැදෙන්නට පවා බිය වන්නෝය. එය එසේමය. සියල්ල අනිත්‍යමය.

සුවද දුම්, හදුන් කූරු, පහන් පවා අවසානයක් දකින්නේය. එලෙසම අප මෙනෙහි කරන්නේ ඉහත කී අනිත්‍යයමය. කරන්නට දෙයක් නැත. එකී අවසානයට මුහුන දිය යුත්තේමය. එවන් අවසානයකට බිය නොවන්නට දැන්ම තියා හොද දෑ කල යුතු බව පසක් කර ගත යුතුය. 

වෙසක් සතිය ආරම්භයේදී සෑමා වෙසක් කලාපයකට මුලු පිරුවේය. ඉහත කී සියළු කාරනා මගින් සෑමා අනිත්‍යය මතක් කලේ එලෙස ඇරබි වෙසක් කලාපය මෙලෙස අවසන් වන බවක් කීමටය. "උපන්නොත් මැරේමයි, නවත්වන්න නම් බෑ.. මරු මෙහි ආ දා නැත කිසි බාධා.. " ලෙසින් ගායනා කරන්නාක් සේම, සෑමාගේ වෙසක් කලාපයේ අවසානය මෙසේ සටහන් වන්නේය.

එකී වෙසක් කලාපය මගේ තනි උත්සාහයක ප්‍රථිඑලයක් බැව් කීම අසාධාරණය. ප්‍රථම පෝස්ටුවේ සිට වෙසක් කලාපය තුල සෑමාගේ බ්ලොගේ සැරිසරමින් අප්‍රමාණ කුසල් සම්පත්තියක් උපදවා ගත් ඔබ සැම වෙසක් කලාපයේ දායකත්වය දැරූ බව කිව යුත්තේමය. ඔබ දැමූ කමෙන්ටු එයට සාක්ෂි දරන්නේය. එසේම බිම්සර මලයා පේස්බුකියේදී මුණගැසී පෝස්ටුවක් ලෙස පලකරන්නට පොටෝවක් එවු බව කිව යුතුය. නැතිනම් සෑමා අසමජ්ජාතියා වන්නේය. එය පල නොකලේ නිර්මාණයේ සැබෑ අයිතිකරුවා නොදන්නා නිසා බව සදහන් කරනු කැමතිය.

සියල්ල සාර්ථකව එසේ සිදුවූයේ ඔබ සියළු දෙනාගේ උදව්වෙන් බව නැවතත් කිව යුතුය.

ඔක්කොම මෙතනින්...


සෑමාගේ වෙසක් කලාපයෙන්, සංවර වුනු සිතුවිලි වලින් නැවත සෑමාගේ බ්ලොග් ලෝකයට පිය නගමු..

පලි - වෙසක් කලාපට අතරතරදී පිටි කිරි, සිමෙන්ති, අදියේ වැඩි වීම, සහ ෆේස් බුකියේ පිස්සු හැදෙන සද ගෘප් එකෙන් බනියාට ඇද්ද ගේම වැනි සිද්ධීන් සදහා පෝස්ටු ලිවීම අමාරුවෙන් ඉවසා සිටියෙමි. මක්නිසාද වෙසක් කලාපයේ මෙත් සිතින් සිටිය යුතු නිසාවෙනි.

තෙරුවන්සරණයි.. !

Written by sAm_9.30pm_11.05.2012

හෙන්රි මහතා කමෙන්ටුවකින් කීවේ සෑමාගේ සූප්පු පොටෝවට කැමති බවක්ය. එය නැවත දැමිය යුතුද ?

** සෑමා ෆ‍ලෝ කරන බ්ලොග් රෝල දිග වැඩි නිසාත්, ඒ හැම එකම කියවන නිසාත්, සෑමාගේ බ්ලොගේ හැම කමෙන්ටුවකටම අකුරකින් හෝ රිප්ලයි කරන නිසාත්, ඔපීසියේ සිට ගෙදර ආවිට වැඩ ගොඩකි. පමාවට සමා වේවා **

දැන් හැමෝම කියනව වගේ 'ජය' කවුද දන්නෙ නැහැ මේක ඉගැන්නුවේ.. 'ජයෙන් ජය'

46 comments:

  1. තෙරුවන්සරණයි.. !

    ජයෙන් ජය!!! :-)

    ReplyDelete
  2. එහෙනම් ජයෙන්ම ජය කිව්වා :පී

    ReplyDelete
  3. නැවතත් පියවි ලෝකයට නොහොත් සෑමාගේ ලෝකයට.
    ජය!©sAmcReations ජය!®sAmcReations (Reproduces under license from sAmcReations)

    මම නම් මේක කොපි කරගත්තෙ උඹෙන්.)

    ජය!©

    henryblogwalker© the Dude©

    ReplyDelete
    Replies
    1. අම්මද බොල හෙන්රි මාමා..

      මොකද මේ 'සී' අකුරු 'ආර්' අකුරු දාලා... හිකිස්..

      ජය කියන්නේ මගේ වචනයක් නෙවේ බොල. සිරි ලංකාවේ ඉස්සර ඉදන් එන චවනයක්. ජයසිරිලා, ජයසේනලා, ඉස්සර ඉදන්ම හිටිය නොවැ.. :)

      ජයෙන් ජය !

      Delete
    2. බොල සෑමො. අපි එහෙම තම්යි අනුන්ගෙ දේ අවසර නැතුව උස්සන්නෙ නෑ. මම නම් ජය කියන එක උඹෙන් තමයි කොපි කලේ. ආයෙ බොරු කියන්නෙ මොකටද? හැබැයි ඔය ජය කෑල්ල මගෙ නමෙත් තියෙනවා.
      මොකද බොල මේ ලඟදි ඉඳලා මට මහතා කියන්නෙ? ඒකත් ඒ වෙසක් සතියට කරන යහපත් වැඩවලින් එකක්ද, වැඩිහිටියන්ට සැලකීම වගෙ? හෙහ් හෙහ්..
      සෑම් අහලා තිබ්බ WordPress Comment Box අවුල ගැන කියනවා නම්. මම වර්ඩ්ප්‍රෙස් එකයි බ්ලොගර් එකයි දෙකම පාවිච්චි කරනවනෙ. ඇයි HeyDude ලියන්නෙ බ්ලොගර් එකකනෙ. ඉතින් මට නම් දෙකේම ප්‍රොෆයිල් තියෙනවා. බ්ලොගර් බ්ලොග් වලට ගියාම Dude හැටියටත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකකට ගියාම henryblogwalker හැටියටත්. අනන්‍යතාවය ‍රැකගන්න කමෙන්ට් එක දාලා යටින් henryblogwalker the Dude කියලා ලියනවා. ඒ වගේම සෑමො විශ්වාසකරනවා නම් විශ්වාඅස කරපං නැත්නං ඒත් විශ්වාසකරපං ඔය දෙකේම ආවේනික වාසි සහ අවාසි තියෙනවා. ඇත්තමයි. උඹලා බ්ලොගර් වලින් විතරක් ලියන හන්දා බ්ලොගර් දොර දෙකේ ස්පෝට්ස් කාර් එකක් වගෙත්, වර්ඩ්ප්‍රෙස් 18වීලර් කන්ටේනර් ට්‍රක් එකක් වගෙත් පේන බව මම දන්නවා. හෙහ් හෙහ්.
      ඔය කමෙන්ට් බොක්ස් එකේ gravatar ගැන අහලා තිබ්බ නිසා මම වර්ඩ් ප්‍රෙස් සයින් අවුට් කරලා බැලුවා. ඊට පස්සෙ අර කො‍ටු තුන බ්ලොගර් විස්තර වලින් පිරෙව්වම , ඒ කිව්වෙ gmail user name එකයි උමේ බ්ලොග් එකේ ලිපිනයයි එතකොට user name වලට Sam කියලයි ගැහුවමෙ ඔය ලස්සන මූණ ආවෙ නැත්ද? නැත්නම් gravatar පින්තූරෙ උඩ කොරලා ඒ සයිට් එකට හිහින් රෙජිස්ටර් වෙලා පිතූරයක් දැම්මැකිනෙ සූප්පුවත් එක්කම. ඊට පස්සෙ හැමදාම ඒක පාවිච්චි කලෑකි. එතකොට සෑමා, මේ නවමගෙ, ගෝල්ඩ් ‍ෆිශාගෙ, හංස කිංකිණිගෙ බ්ලොග් වලට යන්නෙ කොහොමද? ඒවත් වර්ඩ්ප්‍රෙස්නෙ. එහෙනම් සී නැතිව ජය! :D


      henryblogwalker the Dude

      Delete
    3. //අනුන්ගෙ දේ අවසර නැතුව උස්සන්නෙ නෑ.//

      ඒ කියන්නේ සාය, ගවුම් වගේ ඇදුම් ද අවසර නැතිව උස්සන්නේ නැත්තේ?

      මගෙ අප්පේ පට්ට කමෙන්ටුවක්..

      ඇත්තටම මචං උබ ඔය යටින් නම දාන එක ගැන අහන්න හිටියේ දැන් පැහැදිලියි. බ්ලොගේ පෙනුම ලේසි වුනාට වර්ඩ් ප්‍රෙස් එකේ සංකීර්න පාටයි. අනික බරපතල් වගේ...

      ඔය කිව්ව වගේ මගෙ විස්තර දැම්මම ඔටෝ පොටෝව ආවේ නැහැ. බලමු රෙජිස්ටර් පාරක් දීලා අහවල් එකක් වෙයිද කියල..

      * නවමගෙ, ගෝල්ඩ් ‍ෆිශාගෙ, හංස කිංකිණිගෙ බ්ලොග් වල ඔය ගැටළුම මට ආව. ඇත්තම කියනව නම් වර්ඩ් ප්‍රෙස් ඒවට යන්න සෑමගෙ සිත එච්චර මනාප නැහැ (මගෙ මානසික අවුලක්ද මන්දා). ඒත් මොන කරන්නද යන්න ඕනේ හොද දේවල් කියවන්න ඕනෙ නිසා..

      ස්තුති සහෝදරයා පැහැදිලි පිලිතුරට.. ජයම සිරි කිව්වා !

      Delete
  4. නිමා නොවන නිමාවක් වූ සැමාගේ වෙසක් කලාපයට ජයෙන් ජය. තෙරුවන් සරණයි ....!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ.. ජය ශ්‍රී කිව්වා !

      Delete
  5. ජයෙන් ජය ඔබටත්...

    ReplyDelete
    Replies
    1. තාරා රම් පම්.. කිව්වාලලු..

      ජය !

      Delete
  6. අනිත්‍ය මෙනෙහි කෙරුවාට තුති. වෙසක් සතියේ පමණක් මෙත් වැඩුවාට ප්‍රයෝජනයක් නොමැත. එය කිරි කළයක් එකතු කොට එයට ගොම දැමීමක් හෝ කළය පොලවේ ගැසීමක් හා සමාන වේ.

    සූප්පු පොටෝවට මාගේ මනාපය. සිතු කුසූ දෙවෙනි කොටසට මාගේ අමනාපය.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. වෙසක් සතියේ පමනක් මදි නිසා.. වරින් වර ඔබ වෙනුවෙන් සිත නිවන ලිපි දමන්නට උත්සාහ කරමි.

      කරන්නට දෙයක් නැත, සූප්පුවට මා දැන් අකැමැතිය. :(

      පැහැදිලිව පිලිතුරු ලබාදුන් කමෙන්ටුවක් බවට ඔබේ කමෙන්ටුව තෝරාගන්නා ලදී !

      Delete
  7. ජයෙන් ජය

    පොසොන් කලපයකුත් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තුති . මගෙ අදහසක් තිබ්බා..

      බලමු..

      ජය !

      Delete
  8. 1. මේ වගේ දෙයක් ගැන උබේ හිත යොමුවීම ගැන ඇත්තටම සතුටුයි.. මම කිවුවේ වෙසක් කලාපේ ගැන.. වෙසක් දවසට විතරක් කවියක් ලියනවට වඩා මේක හොදයි..

    2. උඹේ සුප්පුවට අපිත් කැමතිය.. ඒක උඹේ අනන්‍යතාව නේ..

    3. මගෙත් බ්ලොග් රෝල සෑහෙන දිගයි.. දවසක් කියෙවුවේ නැති උනොත් ඉදලා හමාරයි..

    4. මම උඹේ " ජය " කෑල්ල උස්සලා නැත.. (මතක හැටියට)

    ReplyDelete
    Replies
    1. 1 - ස්තුති සහෝ

      2 - සූප්පුවට මා දැන් අකැමැතිය.

      3 - ඇත්ත මචං. මොනව කරන්නද ඒත් අමාරුවෙන් කියවනවා. අපේ ඒව බලන එවුන්ට සාධාරණයක් ක‍රන්න ඕනේ.

      4 - ජය කෑල්ල මගේ නෙවේ බං. ඒක සිංහල සද්ද කෝසේ එකක්. ;)
      //ජය කියන්නේ මගේ වචනයක් නෙවේ බොල. සිරි ලංකාවේ ඉස්සර ඉදන් එන චවනයක්. ජයසිරිලා, ජයසේනලා, ඉස්සර ඉදන්ම හිටිය නොවැ.. :)//

      Delete
  9. Replies
    1. ඔව් නේද ඊටත් පස්සේ 'ඇසළ' ;)

      ස්තුති !

      Delete
  10. සියල්ල අනිත්‍ය නම්, අවසානයද අනිත්‍යය.
    ඔබට ජය!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයා තමා වෙසක් කලාපෙ නවත්තන්න කිව්වේ..

      ජය !

      Delete
  11. අපිත් වෙසක් කලාප බැලුවෝ....

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා අවුරුද්දයි, වෙසකුයි දෙකම කවර් කරගෙන ගිහින් වගේ?

      දැන් ඉන්නේ කැන්ගරුලන්තේද ?

      ජය !

      Delete
    2. 3 වෙනිද මෙහෙ බැස්ස

      Delete
  12. තෙරුවන් සරණයි ....!!!

    ReplyDelete
  13. තුන්රුවන්ගෙ සරණයි! ජයෙන් ජය!!!!

    අනී අනී හොඩ අයිය වගේ සිතූ කුසූ කටාවෙ ඩෙවන කොටස ඉක්කන්ත පතන් ගන්ඩෝ......^_^

    ReplyDelete
    Replies
    1. බලමු කස්ටි‍යගේ ඡන්දයෙන් තමා ඒක තීරනය වෙන්නේ..

      ජය !

      Delete
  14. පෝස්ටු සීයකුත් එක්ක වෙසක් කලාපයක් ගෙන ආ සෑමාට බොහෝ පින්..පොසොන් කලාපයක්ද බලාපොරොත්තුව ඉඳින බව මෙයින් දන්වමි

    ප/ලි‍:
    // ඔපීසියේ සිට ගෙදර ආවිට වැඩ ගොඩකි.//
    සමාව දෙමි..මල් කැඩීම මෙයට ඇතුලත් නොවීම අවාසනාවකි..;)

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුව ඉටු කරන්නෙමි...

      ප/ලි - මල්කැඩීම ඇතුලත් වූවද මෙහි සදහන් කලොත් බ්ලොගීලා මෙහි නොඑනු ඇත :පී

      Delete
  15. මේ ටිකේ පොඩ්ඩක් වැඩ තිබ්බ නිසා මේ දිහාවෙ එන්න බැරි වුනා.....මඟ ඇරුන ඒව කියවන්නම් හොඳේ......එහෙනම් ජයෙන් ජය....!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති කිව්වා..

      පොඩ්ඩක් වැඩ කිව්වේ.. ? අනේ මන්දා.. දන්සැල් ගියාද ?

      Delete
  16. කවුද සිතු - කුසු කියන්නේ? දම්මි සුගත් වගේද?

    මොනව කිව්වත් වෙසක් කලාපෙ ටිකක් මම බැලුවා.. ‍හොදයි

    ReplyDelete
    Replies
    1. සිතු කුසු කියන්නේ නියම ආදර අන්දරයක් නොවැ..

      හිමීට බලන්ට..

      ජය.. !

      අපි ඒ පැත්තේ ආව.. සිරා ඈ !

      Delete
  17. කාලෙට අනුව තාලේ වෙනස් වෙන එක හොදා....!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඉස්සර හිටපු රොබිනුත් දැන කාලය අනුව ස්ටයිල් වෙනස් කරල ඇති. දුන්න ඊතලය වෙනුවට බ්ලොග් අතට අරන්..

      ජය !

      Delete
  18. හද් හෙයියනේ මං බය වෙච්චි තරමක්.. පෝස්ටුවේ අනිත්‍ය කියවං යද්දි මට නං හිතුනෙම උඹ බ්ලොග් ලියන එක නවත්තන්න වත් ට්‍රයි කොරනවද කියල..
    හිහ් හි.‍ එල එල.. ආයෙත් එහෙනම් දකුණු අත දෙකට නවල අළුත් පෝස්ට් එකක් ලියන්න පටන් ගනිං.. වෙසක් කාලේ මේක නොහොඹිනා විදියට එහෙම හිතා ගන්නවා නං නෙවෙයි ඕං...
    ජයෙන් ජය මචෝ...

    ReplyDelete
    Replies
    1. දකුනු අත නමන සීන් එක අප්සට්ද මන්දා.. ;)

      අපේ කෙල්ලෙක්ට කෑල්ලක් සෙට් කරල දෙන්න ඇහුවම "මගේ මේ අත් දෙක තාම හයියයි බොල කිව්වලු.."

      හිකිස් !

      ජය !

      Delete
    2. හිකිස් වැරදියට හිතුවොත් ඔක්කෝම අෆ්සට් තමයි ...

      දෙවන කෑල්ල නම් පොඩ්ඩක් තේරුනේ නෑ ව‍ගේ මචං.

      Delete
  19. ජයෙන් ජය
    වෙසක් කලාපයෙන් අපි නරක් වුනා ඈ.(චෝදනාවකි)
    ලබන අවුරුද්දේ වෙසක් කලාපයටත් අපි එනවා ඈ :D

    ReplyDelete
    Replies
    1. මගුලයි අහවල් එකක් දැකලද නරක් වුනේ..

      බොලාල වෙසක් බලන්න ගිහින් කොටට ඇදගත්තු කෑලි දැකල තමා නරක් වෙන්න ඇත්තේ..

      ජය !

      Delete
  20. මම ඉතින් ඔය ආගමික ඒවට වැඩි අනුකූලතාවයක් නෑ. ඒත් "බුදුදහම" නම් ගරුකරනවා පිළිගන්නවා...
    සෑමාගේ වෙසක් කලාපයේ අවසාන පෝස්ටුවටනම් මගේ වැඩි කැමැත්තක් නෑ,ඒවගේ එකක් නොදැම්මනම් හොදයි කියලයි මට හිතෙන්නෙ....

    ආයෙත් වෙනස් වැඩකින් අලුත්වෙමු...

    ජය...!!

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා කිව්වේ මේ පෝස්ටුව ගැනද? නැත්තම් කලින් දාපු නෑයෝ ගැන පෝස්ටුව ගැනද?

      මේ පෝස්ටුව දැම්මේ මාත් කැමැත්තකින් නෙවේ. බ්ලොගක ස්තුති ලිපි දාන එක අසාධාරනයි සහ නොවැදගත් කියල මට තේරුනේ මගේ බ්ලොගේ හිට් 20,000ට ද කොහෙද දාපු පෝස්ටුවෙන්. ඒ කාලේ නොදන්න කමට දැම්ම. ඒත් මේක නොදා ඉන්න බැරි කමට දැම්ම.

      ස්තුති සහෝ !

      Delete
  21. "පිටි කිරි, සිමෙන්ති, අදියේ වැඩි වීම, සහ ෆේස් බුකියේ පිස්සු හැදෙන සද ගෘප් එකෙන් බනියාට ඇද්ද ගේම වැනි සිද්ධීන් සදහා පෝස්ටු ලිවීම අමාරුවෙන් ඉවසා සිටියෙමි. මක්නිසාද වෙසක් කලාපයේ මෙත් සිතින් සිටිය යුතු නිසාවෙනි."

    අන්න බලන්න වෙසක් සතියෙ තමා විසින් තම සිතම දමනය කරගත් හැටි.
    වෙසක් ඉවර වුනාට පොසොන් එනවා..

    තවතවත් පින්සිත් පහල වේවා

    ReplyDelete
  22. පෑවිල්ලේ සැර කමට මෙවන් දේවල් සෑමා අතින් ලියවෙනවා ඇතැයි මම සිතුවේය.එය වැරදි බව මට දැන් හැගෙනවාය.හුදී ජන පහන් සංවේගය උදෙසාම කලාවූ වෑයමක් බව හැගුනාය.සෑමාට අසනීපයක් නැතිය. අසනීපය ඇත්තේ මට වගේය. දැන් කොරන්නට දෙයක් නැතිය.තිබුණත් කොරන්නට ව්දිහක්ද නැතිය.ඒ ඇයි දැයි අසන්නට එපාය. සෑමාට ජය වේවාය.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...