Wednesday, May 9, 2012

නෑයෝ සහ මීයෝ හදුනාගන්න - සෑමාගේ වෙසක් කලාපය


නෑයන් හා මීයන් හදුනා ගැනීමේ, අවස්ථා තුනක් - සිද්ධි තුනක්..

සිද්ධිය 01

"සෑම් මල්ලී මේ ටිකට් පොත විකුණල දෙනවද? මගෙ යාළුවා ඉන්දිකගේ මල්ලිගේ ඔළුවේ ඔපරේෂන් එකකට.." ඒ සෑමාගේ අම්මාගේ පැත්තේ සහෝදර අයියා කෙනෙකි.

"එකක් කීයද? පොතක ටිකට් කීයද?" ඒ සෑමාගේ ගණිත මොලයයි.

"එකක් සීයයි, ටිකට් විස්සයි."

"අම්මෝ බං.. එතකොට දෙදහක් නේ.. අනික සීයෙ ටිකට් විකුණන්න අමාරුයි. ටිකට් දහයෙ පොත් නැද්ද?" ඒ  නැවතත් සෑමාය.

"ටිකට් ‍දහයෙ පොත් නැහැ. ඒත් විස්සෙ පොතක දහයක් ඉතිරි වෙලා තියෙනවා එහෙනම් ඒක විකුණලා දියං.." ඒ ඥාති අයියාය.

"හරි එතකොට දාහයිනේ.. මම වැඩේ කරල දෙන්නම්.." රුපියල් සියය ගානේ ටිකට් දහයක්වත් විකිනෙන්නේ නැති බවට සෑමාට පට්ට ෂුවර්ය. එනිසා අතින් සල්ලි දෙන්නට හරි සෑමා පොත අතට ගත්තේය.

ටික දිනකින්..

"විකුණන්න බැරි වුනා බං.. කමක් නැහැ මම ගාන අතින් දෙන්නම්. මේ ටිකට් පොතත් විකුණ ගනින්" දින කිහිපයකින් එකී අයියා පැමිණි විට සෑමා රුපියල් දහසක් සමග නොවිකිණූ ටිකට් පොත ඥාති අයියා අතට පත් කළේය.

සිද්ධිය 02

සෑමාගේ අයියා දිනක් තම කාර් රථයේ ගමන් කරමින් සිටියදී මගදී හමුව ඇත්තේ ඉහත කී ඥාති අයියාගේ පියාගේ පැත්තේ සහෝදර මල්ලී කෙනෙකි.

"කොහෙද බං යන්නේ..." ඒ සෑමාගේ අයියාය.

"ගෙදර යනවා අයියේ.." ඒ අර මල්ලීය.

"මම ඒ පැත්තෙන් නෙවේ යන්නේ.. කමක් නැහැ නැගපං මම ගෙදරට ගිහින් දාන්නම්..." ඒ සෑමාගේ අයියාය.

"තැන්ක් යූ වේවා... එහෙනම් යමු..."

සිද්ධිය 03

සෑමාට ටිකට් පොත ගෙනා අයියා බණ්ඩාරවත්ත හන්දියේදි මුණ ගැසින. පොර සිටියේ පොරගේ කාර් රථයේය. ඒ අයියාගේ අම්මාද රථයේ විය. ලද ආරාධනයෙන් සෑමා රථයට නැගින. එකී ඥාතී අයියාගේ නිවස ඇත්තේ සෑමාගේ නිවසට බස් හෝල්ට් හතරක් පමණ මෙහාට වන්නටය.

"වෙලාවට බං උබ ආවේ මේ වෙලාවට බස් නැති ටයිම් එක" ඒ සෑමාගේ ස්තුතිවන්ත වචන කීපයයි.

වාස දේස ගැන කතිකා කරමින් ගමන් කිරීමෙන් පසු...

"මල්ලී අපි මෙතනින් හරවනවා.." පොර නොකියා කීවේ අපි හරවනවා බැහැපං කියාය.

"හරි හරි එහෙනම් අපි බැස්සා.. තව හෝල්ට් 4යි නේ තියෙන්නේ. මෙතනින් යන ගොඩක් එවුන් මාව දන්නවා... මම අතක් පයක් දාලා ඒ වාහනේක එල්ලෙන්නම්." සෑමා හීන් මඩ පහරක් ගැසුවේ, සෑමාට ඥාති නැතත් මිතුරෝ සිටින බැව් කීමටය.

එලෙස බැස සෑමා ෆෝන් එක අතට ගෙන කතා කලේ මිතුරෙකුටය. "හරි මචං මම එන්නම්" කියු මිතුරා සැනෙකින් තම බයික් එකේ සෑමා රැගෙන යාමට පැමිණියේය.

නොකියා කීවේ... -

* සෑමාගේ පැත්තෙන් උදව් කළ බව.
* සෑමාගේ අයියා නොයන මගක ගොස් ඥාති අයියාගේ සොයුරෙක්ට උපකාර කළ බව.
* එකී කළගුණ සැලකීම පිළිබද ඔවුනට දැනුමක් නොමැති බව.

එවන් ඥාතින්ගෙන් අපේ ජීවිතයට -

අප මහා බුදුරජානන්වහන්සේ දේශනා කලේ "විශ්වාසා පරමං ඥාතී" කියාය. උක්ත කී නොවැදගත් ඥාතීන් (සුළුතරය) වැඩක් නැත්තේමය. වැදගත් වුවත්, නොවැදගත් වුවත් සියල්ලට වුවමනා අවස්ථාවක උපකාර කිරීමට අමතක නොකළ යුත්තේමය. එය උතුම් මනුෂ්‍යය ගුණයකි.

ආරෝග්‍යා පරමං ලාභා
සන්තුඨි පරමං ධනං
විශ්වාසා පරමං ඥාතී
නිබ්බානං පරමං සුඛං

නීරෝගීකම උතුම්ම ලාභය වේ.
සතුට මවන ධනයක් නොම වේ.
නෑකම විශ්වාසය මත රැදවේ.
නිවනට සරිලන සුවයක් නොමවේ.

Written by sAm_9.50pm_09.05.2012

පලි - එකී අයියා ඉස්සර හොදය. පසුව වෙනස් වූ අපූරුව....

පපලි - කියවා ධර්මය තේරුම් ගැනීමට ය. සිත් නිවීමට මිස රිදවීමට නොවේමය.

81 comments:

  1. වැදගත් තැනක මම එක...

    අපේ නෑයෝ... :(

    ReplyDelete
    Replies
    1. පළවෙනි නෑයා වගේ.. :පී

      ජය !

      Delete
  2. අපිට හිටියොත් ඉන්නෙම ඔහොම එවුන් තමයි බන්!!!

    ReplyDelete
  3. ඔය ජාති දේකේම් උන් අපිටත් ඉන්නවා... ආඩම්බරෙන් කියන්න පුළුවන් මගේ තාත්තාගේ නන්ගිලා දෙන්නායි අක්කයි ( නෑ කමට නැන්දලා) කවදාවත් ඥාති පුතෙකුට වගේ සලකල නෑ අපිත් ඒගොල්ලන්ගෙ ළමයිම තමයි

    ඒකටත් එක්ක බාප්පල ටික..අපිව අඳුරනවද දන්නේත් නැ

    ReplyDelete
    Replies
    1. එක එකජාතියේ එකාල ඉන්නව නොවැ..

      මෛත්‍රී කරපං මචං..

      ජය !

      Delete
  4. අයියෝ මචන් අපි කරපු දේවල් වලට අපිටත් ඒ වගේම උන්ගෙන් හම්බෙයි කියලා හිතන්න එපා බං.උබට පුළුවන් විදියකට එක එකාට උදව් කරපන් ඒත් කාගෙන්වත් සත පහක දෙයක්වත් බලාපොරොත්තු වෙන්න එපා.මම නම් එහෙමයි ඈ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කොල්ලා අපි කරන දේ අපි ගෙනියයි.

      උන් කරන දේ උන් ගෙනියයි.

      ඥාතීන්ට වඩා හොද මිතුරන් සිටින බැව් නොබියව කියමි.. !

      ජය !

      Delete
  5. ගොඩක් නෑයො ඔහොම තමයි මචං. නෑයන්ට සාපේක්ෂව යාලුවෝ ගොඩක් හොඳයි.

    ජය.....!

    ReplyDelete
    Replies
    1. ඔව් මචං..

      ඥාතීන්ට වඩා හොද මිතුරන් සිටින බැව් නොබියව කියමි.. !

      ජයෙන් ජය !

      Delete
  6. මම හිරේ හිටපු අවුරුදු 4 හමාරටම මාව බලන්න ආවෙ නෑයෝ දෙතුන්දෙනයි....හැබැයි දැන් මගෙන් යම් යම් උදව් ඉල්ලගෙන එන නෑදෑ පිරිසනම් අපමණයි...
    කමක් නෑ කිසි අවුලක් නෑ, ඒ ඔක්කොම නෑයොනෙ...මට කරන්න පුළුවන් ඔනම දෙයක් මම කරලා දෙනවා. පෙරලා කිසිදෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ...ඔය නිශාන් කියන්න වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ මොකක් වෙලාද සුමිත් හිරේ හිටියෙ? දේශපාලන හෙතුවක් වෙන්නැතිනේ?
      henryblogwalker the Dude

      Delete
    2. පික් පොකෙට් ගහන්නෙත් දේශපාලන හේතු නිසා හින්ද එහෙමත් කිව්වැකි... :-))

      Delete
    3. අස්ප බිත්තරයක් උස්සලා... :D :D

      Delete
    4. සුමිත් අයියගේ කමෙන්ටුව ඊයෙ රෑ දැක්ක. මම දැනගත්ත කස්ටිය කමෙන්ටුවට හොද ‍හොද රිප්ලයි දෙයි කියලා. ඒකය් වැඩේ නැගල යන්න තිබ්බේ..

      දැන් දිපල්ලකෝ මුන් ටිකට උත්තර.

      :ඩී

      Delete
    5. **මට කරන්න පුළුවන් ඔනම දෙයක් මම කරලා දෙනවා. පෙරලා කිසිදෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.**

      සිරා බං !

      Delete
  7. ඉතා සිළු පිරිසක් හැර අනිත් හැම නෑදැයෝම ආවස්ථාවදියෝ. මම රට යද්දී මට මට කට්ටිය කියපු කතා හැම දෙයකම මට ආරංචි වුනා.ඒත් මම නිවාඩුවට ලංකාවට ගියාම කිසි දෙයක් නොවුන ගානට එයාලව බලන්න ගියා.

    මිනිස්සුන්ගේ හැටි. අපෙන් වෙන්න තියෙන යුතු කම් විතරක් ගැන හිතුවනම් දුකක් නැහැ.කවදා හරි හරි යනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි මචං රට යද්දිත් කතා හදන්නේ.. ??

      මැදපෙරදිග යන කාන්තාවන්ට නම් කතන්දර හැදෙනවා.. ඒත් උබට ඇයි?

      Delete
    2. අනේ මන්දා මචන්කතා කියන්නේ ඉරිසියාව වැඩි වුනාම කියන කතා නේ.

      Delete
    3. ඒක ඇත්ත බං හැදෙනවට කැමති නැහැ..

      Delete
  8. නෑයෝ නං ඕනෑම නැත!!!!!

    ReplyDelete
  9. සිද්දි තුන එකට ගලපගන්න දෙපාරක් කියෙවුවා බං අද අසනීප නිසාද කොහේද.. :)

    නෑයෝ ගැන නම් මට කියන්නට දෙයක් නෑ.. අපිට කවුරුවත් නෑ කියලා මම පෝස්ට් එකක් දැම්මා මතක ඇති කියලා හිතනවා..

    නෑයොත් ලග නැති වෙලාවට මිතුරෝ උදවුවට එති..

    ReplyDelete
    Replies
    1. ඔව් අපිට මතකයි ඒ පොස්ට් එක

      Delete
    2. ස්තුති දිනේෂ්. මම මේ පෝස්ටුව ලියද්දි මට මතක් වුනා මම කලින් කාගේ හරි පෝස්ටුවක කමෙන්ටුවක් දැම්ම නෑයො ගැන ලියනව කියල. මතක් කලාට මතක් වුනේ නැහැ. ඒත් උබේ කමෙන්ටුවෙන් මතක් වුනා මම ඒක කිව්වේ උබේ ‍මේ පෝස්ටුව දැකල කියල..

      http://dineshumagiliya.blogspot.com/2012/03/blog-post.html

      අසරණයට වගේම මටත් මතකයි ඒක.

      එදා සෑම කිව්වේ..

      //sAm (සෑම්)16 March 2012 15:20
      වැඩකට නැති පෝස්ටුවක් නෙවේ බං.. නෑයෝ මතක් කරන්න එපා.. (හැමෝම නෙවේ. සමහරක්)

      මම ලියන් හිටපු කතාවත් මට වැදගත් වුනාට අනිත් අයට වැදගත් වෙන එකක් නැහැ කියල හිතපු නිසා නොලිව්වේ.. ඒත් ලිව්වම කස්ටියට අදහසක් එයි නොවැ..//

      මේක තමා එදා මම කියපු පෝස්ටුව..

      ජයෙන් ජය !

      ස්තුති සහෝ !

      Delete
  10. අනුන්ගෙ හිත් නිවන්ඩ ගිහින් සෑමා පවු පුරෝගනනෙ... අනුන් කරන ඒවා හිතේ තියාගන සිහිකරන්ඩ ගියාම අපේ හිත්මයි බන් අපිරිසිදු වෙන්නෙ.. හැමෝම පුහුදුන් මිනිස්සුනෙ කියලා හිත හදා ගනින්.. අනුන් උඹට කරපු වැරදි හිතේ තියාගන ඉන්ඩත් එපා, උඹ කරපු හොඳ හිතේ තියාගන ඉන්ඩත් එපා.. හැබැයි උඹ කරපු වැරදි අමතක කරන්ඩත් එපා..

    උඹට බන කිව්වට මටත් ඕවා 100% පිළිපදින්ඩ අමාරුයි.. ඒත් මම උත්සහා කරමින් ඉන්නෙ.. විශේෂයෙන්ම අනුන් නිසා මගේ හිත කිලිට නොකර ගන්ඩ.. අමාරුයි හැබැයි කරගත්තොත් අපිටමයි..

    ආතුරයන් අතර අනාතුරව ඉන්ඩ උත්සහායක් දීපන්..

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ වැදගත්ම හරිය..

      //අනුන් උඹට කරපු වැරදි හිතේ තියාගන ඉන්ඩත් එපා, උඹ කරපු හොඳ හිතේ තියාගන ඉන්ඩත් එපා.. හැබැයි උඹ කරපු වැරදි අමතක කරන්ඩත් එපා..//

      උත්සහ ගනිමි. ලියන්න දෙයක් නැති වුනාම ඕව හාර අවුස්සල අරන් පෝස්ටු දාන එක වැරදි තමා.. හිකිස්..

      ජයෙන් ජය.

      කෝ උබේ මේල් එක? ලංකාවට ආවහම සෙට් වෙමු කිව්ව නේද ?

      Delete
    2. ඉතින් බන් උඹටනෙ මම කිව්වෙ අවුලක් නැත්නම් නම්බරේ දාලා මේල් එකක් එවපන් කියලා.. ඉතින් උබ එවපු නැති නිසා මම හිතුවා අවුලක් තමා කියලා... :-)...

      25 එමි...

      මේල් එකක් එවපන් ආපුවම කෝල් එකක් දෙන්නම්..

      Delete
    3. බොලාගෙ‍ මේල් එක නොදැන මේල් දාන්නේ ඇටේටද බොල..

      tosamindika@gmail.com එවපං බලන්ට මේල් එකක් මට.

      Delete
    4. ඇයි බොල මී ගවයො.. මගේ ප්‍රොෆයිල් එකේ ඔය දිලිසි දිලිසි තියෙන්නෙ මොකක්ද ... ?

      ඔන්න එහෙනම් එකක් එවන්නම්...

      Delete
    5. කලින් හෙව්වා බොල.. තිබ්බෙ නැහැ.. දැන් හරිනේ..

      Delete
  11. //නොවැදගත් ඥාතීන් (සුළුතරය) වැඩක් නැත්තේමය. වැදගත් වුවත්, නොවැදගත් වුවත් සියල්ලට වුවමනා අවස්ථාවක උපකාර කිරීමට අමතක නොකළ යුත්තේමය. එය උතුම් මනුෂ්‍යය ගුණයකි.//

    මේක නම් පිලිගන්න මගෙ හිත ඉඩ දෙන්නෙම නැහැ.....උතුම් මනුස්ස ගුනයක් වෙන්න පුලුවන්...ඒත් ඒ උතුම් මනුස්ස ගුනයෙන් අයුතු ප්‍රයෝජන ගන්න එන අයට තවත් ඒ උතුම් ගුනය පෙන්විය යුතුද???

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කිරිල්ලි..

      ඒත් උඩ සෙන්නාගේ කමෙන්ටුව දැක්කම මේක කෝම හරි කරන එක හොදයි කියල හිතෙනවා.

      අහක යන එකාල නිසා අපේ හිත් නරක් කරගන්න ඕනෙ නැහැනේ.. එතකොට ඔයා කැත වෙයි.. :පී

      ජය !

      Delete
  12. හාපෝ...........ඔය වේයො ජාතියනම් මතක් කරන්නෙපා....:/
    තවපොඩ්ඩෙන් ඉන්න හිටින්න තැනුත් නැතිවෙනව.....:(

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ එච්චර දරුනු වේයෝ ඉන්නවද?

      ඇතින් තියා ගන්න. හැබැයි උදව් කරන්න. උදව් ගන්න එපා..

      ජය !

      Delete
  13. අපෙත් ඉන්නවා ඔහොම අය ටිකක්.ටිකක් කිඋවට ඔක්කොම ඔහොමද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඒක බලාගෙන ගියාම කාටත් පොදුයි වගේ.. පරිස්සමෙන් හැබැයි !

      ජය !

      Delete
  14. අපො ඔක සාමාන්‍ය දෙයක් බං....නෑයන්ට වඩා මිතුරන් උදවුකරනව...හොඳම වැඩේ ඔය නැයොත් එක්ක වැඩි බජනේට යන්නැතුව ඉන්න එක තමා..උදව්වක් ඔන්නම් කරන එක වෙනම දෙයක් නමුත් ප්‍රති උදව් නම් බලාපොරොත්තු වෙන්න එපා...හැබැ පුතො වැඩි හොඳත් නරකට හිටිනව ...අපො නෑ වසංගතෙන් බෙරිලා ඉන්න තරමට ආයුශ වැඩි බං නමුත් මිතුරං ගෙනුත් හරි එකා තොරගෙන ආශ්‍රය කොරහං

    ReplyDelete
    Replies
    1. පට්ට ඇත්ත. රාජ් සමීක්ෂනයක් කොරලද මන්ද ‍කමෙන්ටුව දාල තියෙන්නේ.

      මට කියන්න දෙයක් නැතිව ගියා බං..

      ජය !

      Delete
  15. නෑයන්ට වඩා හොඳ යාලුවො ඉන්නවා. අනෙක හැම නෑයමත් ඔහොම නෑ. හොඳ යාලුවොත්, හොඳ නෑයනුත් අඳුනගෙන ඉන්ට.

    තාම වෙසක් ඉවර නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. ස්තුති අදහසට.. :)

      මෙයා ඉතින් වෙසක් කලාපෙට මනාපයක් නැති නිසා නොකියි කියන්නේ වෙසක් කලාපෙ ඉවර කරන්න කියලද මන්දා :පී

      පිං. !

      Delete
  16. නෑයෝ කියන්නේ මීයෝ තමයි.. මම නම් ඇතිවෙන්න බැට කාලා ඉන්නේ. වැටුන හැම වෙලාවේම පිහිටට හිටියේ යාලුවෙක්.. අම්මයි තාත්තයි ඇර වෙන නෑදෑයෝ නෑ කියන තැන තමයි මන් අද ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අම්ම තාත්ත මොනව වුනත් අපිව දාල යන්නෙ නැහැ බං...

      නෑයෝ ගැන කවර කතාද ? වැඩක් නැහැ.

      ඇත්තටම නෑයන්ට වඩා හොද මිතුරො ඉන්නවා

      Delete
  17. පෝය දවස් හැම එකේම බලන්න පුළුවන් වෙසක් කලාපයක්නේ..
    ඒක නෙවි සෑමාට මෙච්චර ගාථා කවි මතක කොහොමෙයි?

    ReplyDelete
    Replies
    1. වැදගත්ම ප්‍රශ්නය.. "සෑමාට මෙච්චර ගාථා කවි මතක කොහොමෙයි?"

      මම කලින් පෝස්ටුවක කියපු අපේ දහම් පාසලේ සමන්මලී අක්ක පාලි ගාථා හා දහම් කවි කොටස කලේ අපිට පන්තිය ඉස්සරහට ඇවිත් පාඩම් දෙන්න කියල. මුල් දවසෙ මම දන ගහගෙන හිටිය. සරම පිටින්.

      ඊට පස්සේ අපි තරගෙට වගේ පාඩම් දුන්නා. කවි ගාථා ගොඩක් තිබ්බ මයෙ හිතේ. පාලි වලට මම වැඩිපුර ලැදියාවකුත් තිබ්බ නිසා මම පන්තියේ පළවෙනියටම ඔක්කොම පාඩම් දීල අත් දෙක පිහිදාගත්ත.

      ඒක තාම ප්‍රයෝජනවත් වගේ..

      ජය !

      Delete
  18. නෑයා මියා යාලුවා ඔක්කොම උන් සමහර වෙලාවට ඔය වගේ තමා. තමන්ට ගැලපෙන නෑයා යාලුවා තොර බේරගන ආශ්‍රය කළා නම් ඔය වගේ හිත රිදෙන දේවල් වෙන එකක් නෑ. ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. සිරා මචං.. තෝරා ගැනීම වැදගත්

      ජයෙන් ජය !

      Delete
  19. නෑයෝ..? මම අකමැතිම මාතෘකාවක් මචෝ.ඇත්තටම මගේ නෑයෝ ගණන අතේ ඇගිලි වලටත් අඩුයි. ඒකට යාලුවෝ. රට පුරාම බං, රට පුරාම "ඕනෑම දේකට ඕනෑම වෙලාවක." ඒ අපේ ආදර්ශ පාඨය. ජය...!

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් නැහැ.. මොකද උබේ මතේ තමා මාත්..

      'සෑම්' නැතුව.. අපේ එකාලට ට්‍රිප් එකක්වත් යන්න බැහැ. බොරු නම් ග්‍රාමසේවක ගෙන් අහපං..

      Delete
    2. අනිවා,මව් බිමට පය තිබ්බම,හොදේ. ජය..!

      Delete
  20. මාත් අකමැතිම කොට්ටාසයක්. මම නං හිතන්නෙ හොද නෑයෝ ලැබීම මංගල කාරණයක් බවයි. මොකද මම දැකල තියනව සමහර පවුල්වල අය කොච්චර හොදින් ඥාති සම්බන්ධකම් තියනවද කියල. ඒත් වැඩිදෙනෙක් පරණ කෝන්තර හිතේ තියාගෙන ඉන්න උදවිය. අපේ අයත් එහෙමමයි. ඒ නිසා මම නෑයෝ ආශය කරන්නෙ අතේ දුරින්. එයාලගෙන් උදව් ඉල්ලන්නෙ නෑ කවදාවත්. නෑයෝ නැතත් හොද මිනිස්සු අපි ට මුනගැහෙනව මේ සමාජයේදි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං.. සරලව කිව්වොත් බ්ලොග් ලෝකේ අපි නොදැක කොච්චර හොදට ඉන්නවද. මම හිතන්නේ ඒ අපි එකට ඉන්න නිසා. හැබැයි නෑයෝ වගේ අපිත් ලං වුනොත් හැම දේම වෙනස් වෙන්න පුලුවන්..

      මම කියපු දේ කොච්චර සාධාරනද දන්නේ නැහැ. ඒක ඇත්ත වෙන්න බැරිද,

      Delete
  21. නෑයෝ වනාහි වේයෝ වැනි ජාතියකි. උන්ට හොඳක් කරත් වැරදියි නොකරත් වැරදියි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..

      ජය !

      Delete
    2. වේයන්ට අපහාස කරන්න එපා.

      Delete
  22. නෑයෝ වේයෝය.

    නෑයො පැත්තකට දාපං. මම වාහනේ යනකොට ඔය බස් හෝල්ට් වල අඳුරන එවුන් ඉන්නවද කියලාත් බලලා දාගෙන යනවා. පාරෙ යන එවුන්ට ලිෆ්ට් දෙනවා. අර උඹ වගෙ මම හැරෙන තැනට එයායින් ඉන්න උන් ගෙවල් වලට දාලා එනවා, ඔය ඔක්කොම කරලත් මම වාහනේ ගරාජ් එකට දාලා බස් එකේ එන්න ඉන්න කොට දන්න එවුන් අඳුරන එවුන් නෑයෝ ඉගිලිලා යනවා දකිනවා. සමහර වෙලාවට ත්‍රී වීල් එකක හරි කකුල් දෙකේ පිහිට හරි තමා.නොදෝකින්.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හිකස් පස්ට.. ආදර්ශවත් කතාවක්.. හිනා යනව බොල.. මම බීල නෙවේ.. :ඩී

      Delete
  23. නෑයෝ නම් සර්පයෝය. සර්පයන්ගේත් විස ඇති හස නැති දෙකක් සිටීය..හදුනාගෙන හැසිරීම වටීය...

    ReplyDelete
  24. නෑයෝ මීයෝ සහ වේයෝ..
    කතා කරලා වැඩක නෑ සෑමෝ.. ඔව්වා ගැන කියන කට හොඳයි බිම උලා ගන්නවා..

    ReplyDelete
    Replies
    1. නෑයෝ, මීයෝ, වේයෝ, සෑමෝ.. ගැලපෙන වචන.. :)

      ස්තුති මෙහෙ ආවට.. ජය !

      Delete
  25. සැමාට නෑන කෙනෙක් බූට් එකක් දීලවත්ද ?

    ReplyDelete
    Replies
    1. ඔන්න කාලෙකින් ඇවිත් විනාස කලා..

      :)

      Delete
  26. අපේනං නෑයෝ පට්ට හොදය... සෑමලාගේ වගේ නැතිය :D

    ReplyDelete
  27. අපි කාගේත් නෑයෝ ..... එක වගෙයි නේ බැලුවම ....... මොනවා කරත් මදිනේ උන්ට.....

    කතාව පට්ට ඇත්තයි.

    ReplyDelete
  28. ගොඩක් ය එහෙම තමා.එත් එහෙම නොවන අයත් නැත්තේම නැත.
    තෝරා බේරා ගෙන ආශ්‍රය කල යුතුය.

    ReplyDelete
  29. කතාව නම් ඇත්තම ඇත්තය.ඇති කොට නන්නාඳුනන නෑයෝ පවා වැහි වැහැලාය.නැති කොට ඇත්තේම නැත.....සමස්ථයක් වශයෙන් ගත් කල මාගේ පියාගේ සහෝදර සහෝදරියන් නම් සෑහෙන එකමුතුවෙන් එකිනෙකාට උදව් කරයි.මවගේ ඥාතීන් අප උන්නද මලාද කියාවත් නොදනී.අපද නොදනී....

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම තමා බං..

      ඇති කොට වවුලෝ වැලේ එල්ලීගෙන කති - නැතිකොට ඉගිලී යති

      ත්‍රීවිල් එකක ගහල තිබ්බේ !

      Delete
  30. අම්මප සෑමෝ නෑයෝ කියන්නේ වේයෝලුනේ බොල :/
    හුගක් නෑයෝ එකිනෙකාට ඉරිසියය් නෙව ඊට වැඩ නම් යාළුවො හොඳය් තමය් :)
    තරහ නොගෙන අනුකම්පා කරන්න තමය් වෙන්නේ:)
    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. අනුකම්පා කරන එක හොදයි අපේ හිත් කුජීත කොර ගන්නවට වැඩිය..

      ජය !

      Delete
  31. නිගමනය - සෑමා උදව් කරන්නේ එකට ප්‍රතිඋදව් බලාගෙන නොවේ, කොහොම උනත් කරපු උදව්ව අමතක වන විට සියුම් දුකක්ද නොදනේනවාත් නොවේ

    ReplyDelete
    Replies
    1. අප්පද බොල මට නිගමනය ලියන්න අමතක වෙලා.

      ස්තුති රචියා.. ජය !

      Delete
  32. තමන් කළ උදව්ව හිත හිතා සතුටු වෙන්න. දුක හිතුණත් අපි කළ උදව්ව ගැන හිතලා සතුටු වෙන්න, ඒක ම මදෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා ලහිරුවෝ, ඒකම මදෑ හිත හදා ගන්ට

      ජය !

      Delete
  33. ඒ අයියා ඉස්සර හොඳය දැන් වෙනස් වී ඇති අපූරුව මන්ද? ඔබලා අතින් නොදැනුවත්ව හෝ වැරදීමක් සිදුවුනිද? .....:)

    ReplyDelete
  34. ඇතුවත් බැරි අය, නැතුවත් බැරි අය ..නෑදෑයෝ අපේ නෑදෑයෝ...

    http://www.youtube.com/watch?v=c-YNdKFLYo8

    ඔන්න සෑමාගෙ හිත හැදෙන්ට අපෙන් සින්දුවක්...!

    ReplyDelete
  35. කොහොමත් නෑයන්ගෙන් උදවු බලාපොරොත්තු වෙන්න එපා ඒත් නෑයන්ට උදව්කරන්න.

    ReplyDelete
  36. අපේ ඇඟේ දුවන ලේ තියන නෑදැයෝ නොකරන දේවල් යාළුවො කරනවා.
    එහෙව් එකේ ඒ ගැන හිතල වැඩක් නෑ.

    අපි කරන දේවල් අපිට. උන්දලා කරන දේවල් උන්දලට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...