Saturday, May 5, 2012

කූඩුව අපි අරන් ආව පැටව් එක්කම... - සෑමාගේ වෙසක් කලාපය


සෑමාගේ වෙසක් කලාප‍ය වෙනුවෙන් ලියැවුණ පළමු ලිපියට ඉහල ප්‍රතිචාර ලද බව ප්‍රකාශකල යුත්තේමය. සියල්ල ගුණ දහම් දන්නා ඔබ නිසාමය. බණ කිව්වාට අසන, පිළිපදින ශ්‍රාවක පිරිසක් සිටිය යුත්තේමය. එසේම බණට දහමට ලැදි ඔබ නිසා සෑමා වෙසක් කලාපය ආරම්භ කලේය. එහෙත් මතක තබා ගත යුත්තක් ඇත්තේය. එය මෙසේය. "සෑමා බණ ටෝක්ස් නොදෙන්නේය. සිදුවූ අතීත මතකයන් සමාජයට යමක් ගතැකි අයුරින් ඉදිරිපත් කරන්නේය"



පෙර ලියු "කොයි යන්නේ සොරකම් කරලා" ලිපියේ සදහන් කළ, පොරොන්දු වුණ පෝස්ටුව මෙන්න.

සෑම වසරකදී වගේම 2006 වසරේද පාසලේ කූඩු තරගය ඇරඹුනේය. ඒ වසරේම කලින් ලිපියේ සදහන් කළ පවන්ගේ සොරකමද සිදු විණ. බුදුන් කළ දේවදත්තලා වැන්නවුන් සිටි නිසා එවන් සිදුවීම් මොහෙතකට අමිහිරි වුවද පසු කලෙකදී අමතකව යන්නේ වැරදිකරුවාට සමාව දෙන්නාක් මෙන්ය. නමුදු ගොනා පසුපස බැදි ගැල සේ සියළු හොද, නරක කර්ම තමා පසුපස ලුහුබදින බව නම් සම්බුද්ධ දේශනාවේ සදහන්ය.

එ‍හා පන්තියේ කූඩුවට උර දෙමින් කටයුතු කලේ අපේ දෝදුවා, කොත්තා, සහ පුෂ්පේය. තවත් බොහෝදෙනා ඒ අතර සිටි නමුදු බ්ලොගේ ප්‍රසිද්ධ ඉහත නම් තුන නිසා අනෙක් නම් සදහන් නොකළ බැව් කිව යුතුය. කුඩු තරගය තිබෙන භූමියේ ඔවුන් බිම් සකසමින්, කාමර වෙනකරමින් සිටියද පෙනෙන්නට කූඩුවක් නොතිබුනේය. එනිසාම අපේ පන්තියේ එවුන් විස්තර සොයන්නට උත්සුක වීම සාධරණය. ඔවුන්ගේ පන්තිභාරව සිටියේ ෆිසික්ස් ගුරුතුමියක්ය. පාඩම කරනවාට කම්මැලි වූ විට එහා පන්තියේ මිතුරෝ කරන්නේ ටීචර්ගේ කාර් එක ගැන කියවීමය. ඒ පිළිබදව කතා කරනවිට ටීචර්ට පාඩම් වැඩක් නැත්තේය. ඇය කරන්නේ කොල්ලන් සමග පුරාජේරු ගැසීම සහ කාර් එකේ ඇති ගැජට් ගැන කියවීමය. එහෙත් සදහන් කළයුතුම දෙයක් සදහන් නොකර සිටීම වැරදි නිසා මෙසේ කිව යුතුය. "ඇය ගුරුවරියක ලෙස තම පන්තිය (සාධාරණය) වෙනුවෙන් ඉදිරිපත් වන්නීය. සෑමාගේ පන්තියේ සිටි ගුරුවරයා සහ ඇය අතර එය කැපී පෙනෙන වෙනසක්ය"

අපේ පන්තියේ එකාලා 'පු'යන්න සහ 'ක'යන්න ඉරාගෙන වැඩ කලෝය. එහෙත් එහා පන්තියේ වැඩ යන්නේ හැංගි හොරාය. අපේ ගෙවල් පැත්තේ ඉන්නා පුෂ්පේ වැඩේ කරට අරන් කරන බවක් පෙනෙන්නට තිබුනේය. 

"මචං උබල කූඩුව ගහන්නෙ නැද්ද??" ඒ අපේ එකෙක්ය.

"ගහනව බං.. අපි ‍එකතු වෙලා ගෙවල්වල හදලා තමා මෙහෙ ගෙනත් සෙට් කරන්නේ. පොඩි කූඩු වෙන වෙනම කට්ටිය බෙදාගෙන හදනවා. ලොකු එක විතරක් මෙහෙ ගහනවා" ඒ එහා පන්තියේ පිළිතුරයි.

"අම්මද බොල.. උබලා අපි කොපි කරයි කියලද එහෙම කරන්නේ.."

එකී විවිධ කතන්දර යටතේ දින ගෙවෙද්දී සෑමාට තම ගෙවල් පැත්තේ සිටින "බන්ටී" නම් මිත්‍රයා මුණ ගැසින. පොර සිටියේ අපේ පාසලේ නෙවේය. බන්ටියාගේ නිවස තියෙන්නේද අපේ පුෂ්පේගේ නිවස අසල නිසාම බන්ටියා දුටුවිට සෑමා අසන්නේ පුෂ්පේ ගැනය. බන්ටියා එක් වරක් සෑමාගේ ගමේ කැරකෙන කූඩුවක් ගැසුවේය. එය අසලම දන්සැලක්ද දුන් බව සෑමාට හොදටම මතකය.

"කෝ බං පුෂ්පේ දැක්කෙ නැද්ද?" බන්ටියා දුටු විට සැමදාම වාගේ අසන සුපුරුදු ප්‍රශ්නය සෑමා ඇසීය.

"හිටියා බං.. මම පාර පැත්තට එද්දිත් මම දැක්ක ඉන්නවා." ඒ බන්ටීය.

"එහෙමද? මේ පාර කොල්ල ඉස්කෝලෙ කූඩුවට බැහැල වැඩ බං. උබල ගහන්නෙ නැද්ද උබලගෙ කූඩුව.." ඒ සෑමාය.

"නැහැ බං අපේ කුඩුව ගහන්න වෙලාවක් නැහැ මේ පාර... අහ් පුෂ්පෙ කිව්ව තමා ඉස්කොලෙ කූඩුවක් ගහනව කියල. මම කිව්ව අපේ ගියපාර කූඩුව අරන් පලයන් කියල. ඒක කම්බිවලින් ගහපු නිසා අවුලක් නැහැ බං හොදට තියෙනවා..." වැදගත් හෝඩුවාවක් පැන්නේ බන්ටියාගෙ කටින්ය.

"ඉතිං බන්ටියා පොර අරන් ගියාද කූඩුව?" සෑමා ෂර්ලොක් හෝම්ස් විය.

"නැතුව බං. පොඩි කූඩු 12 අරන් ගියා. ලොකු එක මොනව හරි කර ගන්නම් කිව්වේ.." ඒ බන්ටියාය.

"මචං උබල ගියපාර හදපු, ඒ කූඩුවේ පොටෝ ගැහුවද? " සෑමා සාක්ෂි රැස්කරන්නට තැත් කලේය.

"ඔව් මචං තියෙනවා. ගෙදර මැෂින් එකේ ඇති." බන්ටියගේ ඒ පිළිතුරු ප්‍රමානවත්ය. අවශ්‍යය විටක ඒවා භාවිත කළහැකි බව සෑමාට සිහිවිය.

බන්ටියා සමුගත්තේය. පසුවදා උදාවූයේ එහා පන්තියට අවාසනාවන්ත සදුදාවක්ය. සෑමා පන්තිය පුරාම ගිණි තිබ්බේය. එයට උපකාරයක් ලෙස සෑමාගේ පන්තියේම තරිදු සිටියේය. ඔහුද සෑමාගේ ගෙවල් ලගය. එසේම බන්ටියා ඔහුගේද මිතුරාය. එහා පන්තියට කට උත්තර නැති විය. එහෙත් ඔවුන් පුන පුනා කීවේ මෙය එය සාවද්‍යය බවක්ය. පන්තිය පුරා පැතිරුණ ගින්න ගුරුවරුන් අතරද පැතිරුනේය. එහා පන්තියේ ටීචර් සෑමා දෙස බැලුවේ පුපුරා යන ආදරයෙන්ය. සෑමා ඇය සමග කවදාවත් නැති සෙනෙහසින් සිනාසුනේය. කූඩුවේ කතන්දරය ෂෙක්ෂන් එක පුරාමද, පාසලේ යම් තාක් දුරකටද පැතිර යන්නට වැඩි කාලයක් ගත නොවුනේය. කොමර්ස් ක්ලාස් වල ඉන්නා බොහොමයක්ද එහා පන්තියේ කොල්ලන්ට විහිළු කරන්නට පටන් ගත්තේය. 

දැන් සෑමාට මොහොතකට සිතුනේ කළ වැඩේ හරි නැතිය කියාය. උන්ට ඔහෙ ඕනෙ මගුලක් කරගනින් කියලා ඉන්න තිබුණා යැයි සිතුනේය. එහෙත් දැන් එය නැවැත් වුවහොත් සෑමා නිකරුනේ බොරු කාරයෙක් වෙනු නියතය. ඉදිරිපත් කිරීමට තරම් සාක්ෂි ඇති නිසාම සෑමා වෙන දෙයක් වෙන්නට දී බලා සිටියේය.

සියල්ල එසේ තිබියදී ඔවුන්ට වෙන්වූ තරග භූමියේ  මව් කූඩුව ගැසීම ඇරඹුනේය. පැටව් ටික ඉස්සුවාට මව් කූඩුව තම නිර්මාණයක් වීම ඔවුන්ට අස්වැසිල්ලක් වන්නට ඇත්තේය. එනිසාම සියල්ලට පේන්නට මව් කූඩුවු සෑදීම ඇබුනේය. එදා මැත්ස් පන්ති දෙකම හවස් වෙන තුරුම වැඩ ක‍ලෝය. ඒ අතර සවස් ජාමේ කොත්තාගේ ගෙදර තිබුණ ඉබ්බා කාර් එක පැමිණ පාසලෙන් පිටත නැවත්වීය. ඒ අතර එහා පන්තියේ එක එකා ගොස් හොර හොරෙන් එහි තිබුන පැටව් කූඩු පාසල තුලට රැගෙන ආ බව අපේ පන්තියේ බහුතරයක් දුටුවේය. මුකුත් කියන්නට බැරිය ඔවුන් ප්‍රසිද්ධියේ කලින්ම කීවේ කූඩු වෙන වෙනම ගෙවල් වල සාදා ගෙනෙන බවක්ය. වෙන වෙනම ගෙවල් වල කම්බිවලින් සැදූ එකම කූඩු, එකම ප්‍රමාණයෙන්, එකම කැටයම් සහිතව අලවා තිබීම පුදුම සහගතය.

සියළු කටකතා සහ තොරතුරු මැද ඔවුන් ගේ පන්තිය කූඩුව ගසද්දී අපේ පන්තියෙන් සුපුරුදු පරිදි සිදුවීමට අදාලව ගීතයක් නිර්මාණය වුවේය. එය ඒ කාලේ හිට් එකක වුණ "චාමර වීරසිංහ මහතාගේ දකුණේ පිං ඇති පිං බිම" ගීතයේ තනුවට හැදුන එකක්ය.

බොල්ලෑගල හැදුවා වූ පහන් කූඩුව
සමාවෙන්න වරාගොඩට රැගෙන ආවට
කාර් එකක පටවාගෙන පාර දිගේම....අ...
කූඩුව අපි අරන් ආව පැටව් එක්කම

පිහිට වෙලා ප්ලේස් ගන්න අපේ කූඩුව
පගාව ගත් ගනේපොලත් හිටියෙ නැහැ ලග
ප්ලේස් නැතිව කුජීත වී ගියා වගේම....අ...
අපිවත් බිලි ගත්තා නම් දුකක් නැහැ මට

මේ ගීතය ෂෙක්ෂන් එක පුරා රැව් පිලිරැව් දෙන්නට විය. එහා පන්තියේ එවුන් සියල්ල විද දරාගෙන කූඩුව නිමැවූහ. ඒ අතරතුර සිදුවීම් වලදී බහින් බස් වීමකදී දෝදුවාට අපේ පන්තියේ අයෙක් කම්මල් පහරක්ද දුන්නා සෑමාට මතකය. එය සෑමාට පසුතැවිලි වීමට තරම් කාරණයක් බැව් සැබෑය. මොනවා වුනත් දෝදු ‍‍හොද එකාය. සියල්ල අභිබවා එම කූඩුව ෂෙක්ෂන් එකේ ප්‍රථම ස්ථානය ලබාගත්තෝය. සහතික පත්‍රවලට අමතර පන්තියටම විශාල රසවත් කේක් එකක්ද ලැබුනේය. එය එම පන්තියේ කස්ටිය බෙදාගෙන කද්දී කොමර්ස් පන්තිවලින් කලේ අමතක නොවන ක්‍රියාවක්ය. කොමර්ස් පන්තිවල සෙට් එක තම තමන්ගේ ධන පරිත්‍යාගයෙන් ෂෙක්ෂන් එකටම මදිනොකියන්නට කේක් බෙදූවෝය. ගුරුවරුන්ටද කේක් බෙදුවෝය. එය කලේ විනිෂ්චයේ අඩු ලුහුඩු කම් උලුප්පා දැක්වීමට බව නොරහසක්ය.

ජීවිතයට - 

කිසිවෙකුගේ වරදක් දැක පෙන්වා දීම කළයුත්තේ සිත් රිදවන ආකාරයෙන් නොවේය. එසේ නැතිව සිත් රිදවන ආකාරයෙන් වැරදි පෙන්වා දුන්න‍හොත් එවිට හට ගන්නේ වෛරයක්මය. 

අත්වැඩ පරවැඩ සමව සිතන්නේ
මෙත්සිත සව්සත කෙරෙහි කරන්නේ
ඒත් බැරි නම් තොප සසර ගෙවන්නේ
සෙත් පුර සැප කෙලෙසකද ලබන්නේ

"තමන්ගේ යහපත මෙන්ම අනුන්ගේ යහපතද සමසේ සිතා සියලු සත්වයා කෙරෙහි මෛත්‍රිය වඩන්න. එයත් නොහැකි නම් සංසාරයෙන් මිදීමක් නැත. ශාන්ත සුන්දර නිවන් පුර සැප කෙසේ ලබන්නද." - ලෝවැඩ සගරාව

ඉස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස
කුසලට මදකුත් පමා නොවනු මිස
මෙසසර අත්හැර නොයන මෙදුක් රැස
වෙසෙසින් නැත අත්හරිනා උපදෙස

"හිස ගිනිගත් තැනැත්තෙක් එම ගින්න නිවා දැමීමට ඉක්මන් කරන්නා සේ පින් රැස් කිරීමෙහි පොඩි ප්‍රමාදයක් හෝ නොකලොත් මිස මේ සංසාරය අත් නොහරින්නා වු දුක් සමූහය අත්හරින්නා වූ වෙනත් උපදේශයක් නැත. " - ලෝවැඩ සගරාව

තෙමගුල සමරන වෙසක් මහේ - ඔබ සිත් සනසමි බැතින් මෙසේ
සෑමා සියළු සිත් සැනසීමට, සතියක් පුරාවට දහම් කරුණු පූජා කරන වගයි.

පලි - ඉස්සර බට කපා, සව්කොල අලවා, හදන කූඩුවේ රසය දැන් තිබෙන්නේ ස්වල්පයක් වූ නිවෙස් වල පමනක්ය. කඩෙන් මුදලට ගන්නා කූඩු නිවෙස්වල දිදුලන්නේ දැන් ජීවත්වන මිනිසුන් දහඩිය බිදක් බුදුහි‍මි වෙනුවෙන් නොහෙලන නිසාය. කාර්‍යය බහුලත්වය මත වැලැක්විය නොහැකි හේතු රාශියකි. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වටිනා බැව් සැබෑමය. කූඩු තනන්නට වෙලාවක් නැත්තෝ ප්‍රතිපත්තිමය වශයෙන් හෝ පින්/කුසල් වැඩීමට අවස්ථාව උදාකරගනිත්වා.

Written by sAm_05.05.2012_12.15pm

63 comments:

  1. යමෙකු වරදක් කලේ නම් එය කාට සැගවුවත් ඒ වරද සිදු කල කෙනාගේ සිතට සැගවිය නොහැක. ලොවට පෙනෙන්න සිනාසුනත් තමන් කල වරද පිලිබදව ඔහු මියෙන තුරුම හිතින් විදවනවා ඇත. ඔහු කලදේට ස්වභාව ධර්මයා විසින් ඔහුට පිළිතුරු දෙනවා ඇත. අප තව දුරටත් ඔහුට ද්වේශ කිරීම තුලින් අප සිදු කර ගන්නේ අපගේ සිතද අප විසින්ම කිලිටි කර ගැනීම පමණි.
    මේ සැමාගේ වෙසක් කලාපයට මේ රෙපා ගෙන එන දහම් පණිවුඩයයි ......

    ReplyDelete
    Replies
    1. මොනවා කලත් තමන්ගේ හිතට මුකුත් හංගන්න බැහැනේ රෙපා..

      බොහොම ස්තුති ඔබේ පනිවිඩයට..

      තෙරුවන් සරණයි !

      Delete
  2. ආදර්ශය: හොර වැඩ කිරීම හොද නැත. කරන්නේ නම් කරද්දී ලීක් නොවන ලෙස කල යුතුය.
    මම නං වෙසක් කූඩු බර ගානක් හැදුව. උණගස් කපාගෙන ඇවිල්ල අදාල පිලිවෙලට කරනඑකයි ආතල්එක. කඩෙන් රෙඩිමේඩ් කූඩු ගන්න එක නං අවුරුද්දට සල්ලි දීල කැවුම් ගේනව වගේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. රාජ් කලිනුත් ඔය අවවාදයම දිල තිබ්බ නොවැ.. ;)

      ඇත්තට අවුරුද්දටත් කැවුම් කඩේන් ගන්න එක‍ නේද කට්ටිය කරන්නේ.. ?? රාජ් හොද වැඩක් කරල. බර ගානක් හැදුව කියන්නේ එකක් හදල ඒක බර කලාද මොනව හරි එල්ලලා.

      තෙරුවන් සරණයි ස‍‍හෝ !

      Delete
  3. ඈ ! දකුණේ පිං ඇති පිං බිම කියන්නේ චාමර වීරසිංහනේ බං !!! මොනවා වුනත් අනුකරණ ගීතය නම් ගති !!!

    අර අන්තිම ඡේදය නම් ඉස්පිලි ඇලපිලි ගානේ ඇත්ත. මමත් මේ දැන් කූඩුවක් හදලා අලවලා එල්ලලා ඉවර කලා විතරයි. මොනවා වුනත් තමන්ගේ අතින් හදලා, දාඩිය පොඩ්ඩක් දාගෙන හදන කූඩුව රෑට එල්ලලා පත්තුකරනවා තරම් හිතට සතුටක් නෑ කඩ කූඩු කෙරුවාව...

    ලෝ වාසී සියලු දෙනාට දහම් ඇස පෑදේවා... මෙත් මල් පිබිදේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුති චතුවා.. චාමර වීරසිංහ තමා කියන්නේ. මම පෝස්ට් ඒක එඩිට් කරලා හැදුවා. මට පැටලුනා අජියගේ 'වෙහෙරහේන විහාරයේ' ගීතයත් එක්ක.. ;)

      සහතික් ඇත්ත මහන්සියෙන් හදන තනි කූඩුව වටිනවා කඩෙන් ගේන දහයකට වැඩිය.

      තෙරුවන් සරණයි. !

      Delete
  4. හොඳ වෙසක් පණිවිඩයක් දීලා තියන ලස්සන කතාවක්.

    අපි අමතක කරන්ට හොඳ නැති තවත් දෙයක් තමයි, සමහරවිට අපි සල්ලි දීලා ගන්න කූඩුවක් හැදුවේ, දුප්පත් මනුස්සයෙක් නම් එයාගේ දාඩිය, මහන්සියෙන් කරපු දේකට අපි උදව්වක් කරන බව. ඒ වගේම වෙසක් දවසේ අපි හැමෝටම ප්‍රතිපත්ති පූජාවක් උවමනා නම් කරන්ට පුලුවන් බව.

    ඔබටත් සිත නිවී පහන්වී යන සුබ වෙසක් මංගල්‍යයක් පතනවා...!!!

    ReplyDelete
    Replies
    1. සල්ලිවලට කුඩු හදන මනුස්සයාගේ චේතනාව පුජාවක් නෙවේ. ඒක තනිකරම මුදල් ඉපැයීමේ පරමාර්ථය. මම හිතන්නෙ නැහැ පොඩ්ඩිගේ චින්තනය හරි කියල.

      තෙරුවන් සරණයි පොඩ්ඩිටත් !

      Delete
  5. //කූඩු තනන්නට වෙලාවක් නැත්තෝ ප්‍රතිපත්තිමය වශයෙන් හෝ පින්/කුසල් වැඩීමට අවස්ථාව උදාකරගනිත්වා.//

    එසේම වේවා..

    ReplyDelete
  6. බට කපලා හදන කූඩුවෙ තියෙන ගතිය නෑ බං අනිත් එව්වගේ...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..

      තෙරුවන් සරණයි !

      Delete
  7. කතාවඇත්ත.ඒත්සෑමෝ,,,අදකාලෙ ඕකටවත් වෙලාවක්නැතිඅය කොච්චර ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. උබ කියන එක හරි විමුක්තියෝ.

      තෙරුවන් සරණයි !

      Delete
  8. නියම කවි ටික, ඔබ සැමට සුභ වෙසක් සතියක් වේවා..!

    ReplyDelete
    Replies
    1. කවි නොව, ගීතය...

      තෙරුවන් සරණයි !

      Delete
  9. ඇත්තටම සැම් අයියා.. අපේ දාඩිය මහන්සියෙන් හදලා පත්තු කරන කුඩුවක් ලගකදි හැරෙන්න කඩෙන් ගෙනත් හදන කුඩුවක ලස්සන දැනෙන්නේ නැ හිත් වලට..

    සුභ වෙසක් මංගලයක්ම වේවා

    ReplyDelete
    Replies
    1. මේ ලින්ක් එක ඔබට.. හරි වැරැද්ද තීරණය කිරීම, පිළිපැදීම ඔබ සතුයි.. මම නම් එහෙම නොකියන්ඩ ඉටා ගත්තා.. මට හිතෙන්නෙ ඔහු හරි.

      http://aagiyakatha.blogspot.com/2012/05/blog-post_05.html

      Delete
    2. ඇත්ත දේවා. ඒ ප්‍රීතිය ඇතිවේනනේ අපේ හිත්වල..

      @සෙන්නා - ලින්ක් එක හෙමීට බලන්නම්.. ස්තුති..

      තෙරුවන් සරණයි !

      Delete
  10. සාදු සාදු සා.....දු !!! සියලු සත්ත්වයෝ නිවී සැනසෙත්වා !!!

    ReplyDelete
  11. කලින් කතාවට දෙවැනි නෑ.... සයිබර් වෙසක් කලාපය අතිශය සාර්ථකයි.දන්සැල් වඳින්න ගිහිං එහෙම වෙච්චි දේවල් ලියන්න නැතෙයි.මේ කේක් කතාව කියවද්දි තමා මතක් වුනේ අපිත් ඔහොම කේක් එකක් කෑවා 10 වසරේ ගහපු කූඩුව 1 වෙලා.කේක් කිලෝ එක පන්තියේ කෙල්ලෝ කොල්ලෝ පොර කාලා අන්තිමට ඇඟ පුරාම.මාර සුන්දර මතකයක් තමා.... එහා පන්තිය එක්ක මේ තරම් වෛරයක් මොකැයි කියලයි මම මේ කල්පනා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්න එච්චරයි ඒ දවස්වල මතක් කරන්න තියෙන්නේ. ඒ වගේ මිත්‍රත්වයන් ඔපීස් වලදි ඇතිවෙන්නේ නැහැ මයෙ හිතේ. ඉස්කෝලෙ කාලේ විතරයි ඔහොම...

      //එහා පන්තිය එක්ක මේ තරම් වෛරයක් මොකැයි කියලයි මම මේ කල්පනා කරන්නේ.//

      තරහවක් නැහැ බොල. මේව අපිට ආතල් ඒ කාලේ..

      තෙරුවන් සරණයි !

      Delete
  12. උඹ මහා අබිලින් කෙනෙක් නේ.

    මම එල්ලන්න පුළුවන් විදියේ වෙසක් කුඩුවක් හැදුවේ 11 වසරේදී ද කොහෙද.නැත්නම් හැමදාම අමුතු හැඩයක් එන්නේ මම හදන ඒවායේ.

    සුබ වෙසක් මංගල්‍යක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ''....නැත්නම් හැමදාම අමුතු හැඩයක් එන්නේ මම හදන ඒවායේ....''.
      කොන්ඩ කැවුම් ද.? :D:D:D:D

      Delete
    2. ඇයි අට පට්ටම හච පච්චං වුනාද...? :P
      මටත් එහෙම වෙලා තියෙනවා හොඳටම පුංචි කාලේ...

      Delete
    3. අසරණයා සෑම් කොලුවට මඩ ගහන්ට ඇවිත් විනාස වෙලා වගේ.. ;)

      සෑමාට හිනා ගිය තැන්..

      //නැත්නම් හැමදාම අමුතු හැඩයක් එන්නේ මම හදන ඒවායේ.//

      //කොන්ඩ කැවුම් ද.? :D:D:D:D//

      //ඇයි අට පට්ටම හච පච්චං වුනාද...? :P//

      **කොටු ටික එකට සෙට් කරද්දි තමා සෑමාට ඉස්සර කෙල වෙන්නේ..**

      Delete
    4. නිකන්ද ඉතිං අසරණයා කියන්නෙ.. හික්ස්ස්

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. පස්සේ කාලේක දැනගත්තේ බට කපලා වෙලන්න ඕනේ කියල.කූඩුව වේලෙද්දී හැඩේ වෙනස් වෙනවා.ඇඹරිලා ගිහින් කාබරංකා ගෙඩිය වගේ හැඩයක් එන්නේ පස්සේ දවසේ.

      Delete
    7. බට වේලෙද්දී ගැටගහපු ඒව බුරුල් වෙලා හැඩේ වෙනස් වෙනව තමා.. :ඪී

      අසරණයට තිබ්බ ඇද වුණ කූඩුව 'බිලිං කූඩුවක්' කරන්න. අහල ඇති නේද බිලිං කූඩුව ??

      Delete
  13. කඩාකප්පල්කාරී වැඩ හැම වෙලේම සාර්තක වෙන්නේ නැත...හ්ම්ම් කමක් නෑ කෝම හරි කේක් කෑවනෙ......සුභ වෙසක් මංගල්‍යයක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. කෝම හරි කස්ටිය සතුටින් එකතු වෙලා කේක් කෑව..

      තෙරුවන් සරණයි කිරල්ලී..

      Delete
  14. මම නම් ඔය කූඩු තරග වලට කැමති නෑ. ඒකෙන් වෙන්නෙ අරමුණ චොර වෙන එකයි.අධ්‍යාත්මික සතුට නැතිවෙනවා...

    දැන් මට පේනවා පහළ ඉස්කෝලෙ කූඩු පත්තුකරලා, හැමෝම සතුටින්...තරග නෑ - තරහ නෑ.

    ReplyDelete
    Replies
    1. //අරමුණ චොර වෙන එකයි.අධ්‍යාත්මික සතුට නැතිවෙනවා...//

      සුමිත් අයියා කමෙන්ටුවෙන් සිත් නිව්වා..

      තෙරුවන් සරණයි මචං..

      **හැමෝම සතුටින්...තරග නෑ - තරහ නෑ.** මේ ටික සිරා..

      Delete
  15. අර සිංදුව නම් පට්ට ගතියෑ. මම තාලෙට කියලත් බැලුවා.
    මොක උනත් සෑමා වෙසක් එකට දාලා තියෙන පෝස්ට් එක නම් මරු. වටේ ගිහින් ගෙට ඇවිදින් !!!! :)

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      වටේ ගිහින් ගෙට ඇවිදින් කිව්වේ, පෝස්ටුවට ද ?? :)

      පින්බර වෙසක් සතියක් වේවා !

      Delete
  16. නියම පෝස්ට් එක සැමා අයියා.. හොද පණිවිඩයකුත් දීලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාර වැඩ කරන අයව යහමගට ගන්ට තමා මේ වෙසක් කලාපය නිර්මාණය කලේ..

      පින්බර වෙසක් සතියක් වේවා !

      Delete
  17. විශිෂ්ඨයි සෑමෝ..! ඇත්තටම කියනවානම් විශිෂ්ඨයි නෙමෙයි,අතිවිශිෂ්ඨයි..! මම කිව්වේ බොගේ හැකියාව ගැන.වෙන මොකුත්ම හිතට ආවේ නෑ.ආවොත් අනිවා කීයට හරි ආයේ කොටන්නම්. ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝදරයා..

      හැකියාව ගැන මා කිසිත් නොකියමි. ;)

      පින්බර වෙසක් සතියක් වේවා !

      Delete
  18. පෝස්ට් එක නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
    Replies
    1. පින්බර වෙසක් සතියක් වේවා !

      ඇවිත් බලන්නම් කෝ..

      Delete
  19. // කූඩු තනන්නට වෙලාවක් නැත්තෝ ප්‍රතිපත්තිමය වශයෙන් හෝ පින්/කුසල් වැඩීමට අවස්ථාව උදාකරගනිත්වා.
    …අද වෙලා තියෙන්නෙ ගොඩක් දෙනාට දෙකට ම වෙලාව නැති එකනෙ... කතාව නම් පට්ට ය. කොමර්ස් කරන එවුන් කොහොමත් මෙලෝ චාරයක් නැත.

    ReplyDelete
    Replies
    1. හැමෝම සල්ලි පස්සේ දුවන නිසා තමා කාලයක් නැත්තේ..

      කොමර්ස් එවුන් හැම ඉස්කෝලෙකම එක වගේය. තැනක් නොතැනක් නැත්තේය. ඒත් ඕනෙ ම වැඩකට උර දෙන්නේද උන් මය. ඒ බැව් කිව යුත්තේමය.

      පින්බර වෙසක් සතියක් වේවා !

      Delete
  20. ම්ම්.....හොඳ පණිවිඩයක් දීල තියෙන්නෙ...

    මොනව වුනත් ඔයාල රීමික්ස් කරන සින්දුනම් මරේමරු අප්ප.....

    සුභ වෙසක් මංගල්‍යක් වේවා...අයියෝ...!
    තුන්රුවන්ගෙ සරණයි..!!

    ReplyDelete
    Replies
    1. //සුභ වෙසක් මංගල්‍යක් වේවා...අයියෝ...!//

      මෙතන අයියෝ කියනකොට සෑමාට මතක් වුනේ 'පබා' ටෙලිනාට්‍යයේ අර පිස්සු කෙල්ලය. නම මතක නැත. ඇය කුමක් කීවත් අගට 'අයියෝ' කියනවා සෑමාට මතකය.

      ** බැලුවේ ඒ නාට්‍යය විතරයි. ඒකත් අන්තිමට චොර වුනා.**

      Delete
  21. අන්තිමේ ලියවිලා තියෙන්නේ වැදගත් පණිවිඩයක් සෑමෝ..

    අනිත් පන්තියේ එවුන්ගේ හොරේ අහු උනා නොවුනා මේ වගේ දේකදි එහෙම හොර කරන එකට මම නම් කැමති නෑ.. කට්ටිය සෙට් වෙලා ගහන කූඩුව අන්තිමට ආවත් එතන ඒක අපිනේ කලේ කියන සතුට අන්තිමේ ඉතුරු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      මොනව වුනත් මෙනව කලත් අපි විරසක වුනේ නැහැ. හැමදාම එක සෙට් එකක් විදිහට හිටියා..

      ජය..

      සුභ වෙසක් මංගල්‍යක් වේවා...අයියෝ...!

      Delete
  22. සිත් තුල මෙත් මල් පිබිදේවා!

    වෙසක් කලාපයට ස්තුතියි සෑමා.

    අපේ සෑමාට තෙරුවන් සරණයි!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අහ් අර කමෙන්ටුව විනාස වුන නිසාද?

      තෙරුවන් සරණයි හෙන්රි.. !

      Delete
  23. බුදුන් පිදුමට කුමට තරඟ..

    කතාවේ අවසානය දී ඇති ආදර්ශය ලෝවැඩ සඟරාවෙන්.
    ආයෙ වෙන මොනවටද. ඒ උතුම් අදහස්ම ඇති මේ වෙසක් කාලයට

    ප්‍රිතිමත් වෙසක් තෙමගුලක් වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති දයානන්ද මහතා..

      තෙරුවන් සරණයි !

      Delete
  24. බට කපන්න ගිහින් අතත් කැපුන බං සෑම් අයියෙ........දීපු ආදර්ශය ඉතා අගනේය.....!!!!

    ReplyDelete
    Replies
    1. මේ හොරෙන්ද කපන්න ගියේ ඈ

      Delete
    2. පිස්සා හොර කමේ ගිහින් වගේ මටත් හිතේනේ..

      නොකියා කියන්නේ ගෙදර කූඩු හැදුව කියල නේද

      ජය !

      Delete
  25. ප.ලි. කොටස වටින පණිවිඩයක්..

    විනිශ්චය මණ්ඩලයේ ක්‍රියාව වෙනුවෙන් සැමට කේක් අයිඩියාව අගය කරමි..
    වෙසක් කූඩු හදන්න ආසාවෙන් බලාගෙන හිටිය ඒ කාලයට ආයෙමත් ගියා නෙව..
    ජය වේ..!!!

    ReplyDelete
    Replies
    1. ජයම වේවා...

      ස්තුති නැවතත් !

      Delete
  26. හරි ඉතින් දැන් ඔයාලටත් කේක් හම්බ උනානේ.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. නැතිව අපි නැත්තං කෙල ගිලිනවා..

      Delete
  27. නියම කවිය අප්පා. මරු සෑම් අයියේ. වෙසක් කලාපය වටිනවා. කැලේ ඇලේ බඩ ගාල බට කපාගෙන අත කපාගෙන හදන කුඩුවේ තැන ගන්න කඩේ තියන ප්ලාස්ටික් කුඩු වලට බෑ. එකේ කිසිම ගතියක් නෑ.

    ReplyDelete
    Replies
    1. අන්න තේරුම් ගත්තා...

      ජයෙන් ජය සහෝ.. අපි මොනව වුනත් ගෙදරම හදමු..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...