Saturday, April 28, 2012

පෙට්ටි නැති කල්හි ස්ත්‍රීහු තටු ලැබ ඉගිලෙත්..


ඉස්සර හැමෝම ගියේ ගොන් කරත්තයේය. ඉන්ධන මුකුත් අවශ්‍යය නැත්තේය. අවශ්‍යය වන්නේ කෝටුව පමණි. අසරණ සතෙක්ට තට්ටු කලාම සතා යන්නේය. ඒක පව්ය. එනිසා විවිධ ඇන්ජින් ලොවට ආවේය. ඒ කාර්මික විප්ලවය නිසාය. එනිසා අසරණ වහු පැටව් සහ හරක් බේරුනේය. ඇන්ජිමත් සමග ගියර් පෙට්ටියද වාහන වලට එකතු වුනේ ඒවායේ වේගය පාලනය කළයුතු නිසාය. කදු නගිද්දී, තැනිතලා බිමක යද්දී, කිසිවෙක් අබිභවා යද්දිද මේ ගියර් පෙට්ටියේ වටිනාකම දැනෙන්නේය.

එහෙව් ගියර් පෙට්ටිය පසු කලෙක ආකාර දෙකකින් යුක්ත වෙන්නට ගත්තේය. එකක් මැනුවල් එකය. අනෙක ඔටෝය. දැන් කාන්තාවෝ බහුතරයක් භාවිත කරන්නේ ඔය කියන ඔටෝ එකය. එහි ගියර් පෙට්ටි නැත්තේය. එනිසාම ඔවුන් ඉගිල්ලෙන බැව් කීවොත් නිවැරදිය.

එය මෙසේය...

ට්‍රැෆික් එකක ගියර් සහිත බයික් එකක ඉදිරියට ඇදෙද්දී විටෙක මග හිටින්නේය. ඒ ගියර් මාරු කිරිමේ හැකියාව මතය. සමහරු හරි හැටි මාරු කරගත නොහැකිව පිටුපසින් එන අයවද කරදරේ දමන්නෝය. එහෙත් පෙට්ටි නැති කාන්තාවෝ බහුතරයක් පදින ඒවා එසේ නැතිය. ඔවුන් වැඩකාරයෝ වගේ ඉදිරියටම ඇදෙන්නෝය. එවන් බයික් ප්‍රමාණයෙන් පවා කුඩා නිසා කාන්තාවෝ බය නැතිව ඕනෑම අස්සකින් දමන්නෝය. එය පෙට්ටි නැති වූ කලෙක ලැබෙන වරමක්ය.

ට්‍රැෆික් එකක, කලර් ලයිට් එකක් ඉදිරිපිට සිටියදී ඉදිරියෙන්ම සිටින්නේ බයික් කරුවෝය. ඔවුන් සියළු වාහන අභිබවා ඉදිරියට වී ලයිට් වැටෙන තුරු බලා සිටින්නෝය. එහෙව් කලෙක පෙට්ටි නැති බයික් කාරියක් සිටියොත් ඇය කොළ ලයිට් දැල්වෙද්දී සියල්ලට පෙර ඉදිරියට ඇදෙනවා ෂුවර්ය. එය සෑමා අත් දැක්කේය.

දිනක් සෑමා සමග හරි හරියට බේස් ලයින් මාර්ගයේ උදේ වරුවක පෙට්ටි නැති කතක් තරගයට ආවාය. සෑමා ලග ලග ගියර් දම දමා ඉදිරියට ඇදෙද්දී ඇය රේස් කරගෙන සිට ගේමක් නැතිව කරට කර ආවාය. ලද අවසරයකින් සෑමා වෑන් එකක් සහ කාර් එකක් මැදින් දමා ඉදිරියට ඇදුනේ පෙට්ටි නැති ඇත්තියෝ සමග තරග කොට ලැජ්ජාවෙන්නට බැරි කම නිසාය. එහෙත් සෑමා කලර් ලයිට් එක අසල ඉදිරි පෝලිමට එකතු වෙද්දී, ඇයද ඉදිරියට විත් එයට එකතු වූයේ පෙට්ටි නොමැති බවේ වරප්‍රසාද විදහා දක්වමින්ය.

සියළු දෙනා අතර සෑමා සහ පෙට්ටි නොමැති ඇය පෝලිමට සිටියදී සෑමා ක්ලච් එකේන් දෑත් නිදහස් කර ගත්තේය. ඒ ගියර් එක නියුට්‍රල් කරමින්ය. ඇයට ගානක් නැත්තේය. ඒ පෙට්ටි නැති නිසාය. ඇයට ක්ලච් නැත්තේය. ඇත්තේ රේස් කරන තරමට යන එකක්ය. සෑමා ඇය දෙසත්, ඇය සෑමා දෙසත් බලා ඉදිරිය බලා ගත්තෝය. ඒ අතර වැටුනේ කොළ ලාම්පුවේ එලියක්ය. සෑමා ක්ලච් තද කොට, ගියර් දමා දගලද්දී ඇය සුරූස්... ගා ඉදිරියට ඇදුනාය. සෑමා දඩ්..ඩිග්.. ගා එතනම නැවතුනේය. නැවත පණ ගන්නවන කළ ඇය සයිඩ් කණ්නාඩියෙන් සිනා සී ඉදිරියටම ගියාය. ඇය පෙට්ටි නැති කලෙක ආඩම්බර වූවාය.

ඇය එසේ කළාය. දිනෙක සෑමා මෙසේ කලේය.

එදා සෑමා ධාවනය කරමින් සිටියේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතාගේ මදුරුවා යතුරු පැදියය. මදුරුවා උනත් එහි ගියර් 4ක් තිබි බැව් කිව යුතුය. මගක් දුර යද්දී සෑමාට කෝචෝක් එකට හෝන් ගසමින් ඉදිරියට ඇදුනේ පෙට්ටි නැති කතුන් දෙදෙනෙක් සහිත බයික් එකක්ය. ඔවුන් ගේ පිටුපස සිටි ඇත්තිය සෑමා දෙස බලා සිනාසුනේද කින්ඩියටමය. 

කරන්නට දෙයක් නොවූ කලෙක් සෑමා හතරවන ගියරයට සට පට ගා කඩමින් ඔවුන් පහුකලේ දෙවරක් හෝන් එක ගසමින්ය. ඔවුන් පහු වූ පසු සෑමා කුපාඩි කමට මෙන් සෙමින් ගමන් කලේය. නැවත පෙට්ටි නැති එතුමියන්ලා සෑමා පසුකලේ කෝචෝක් හෝන් දෙක ගසමින්ය. දැන් ඉතිරිව ඇත්තේ සෑමාගේ වාරයය. එහෙත් වැඩි දුරක් නොගොස් ඉදිරියේ ඇති වංගුවෙන් සෑමා හැරවිය යුතුය. ඊට පෙර ඉස්සර කළ යුතු නිසාම සෑමා දත් විකාගෙන ඉදිරියට ගියේය. වංගුව අසලදීම වාගේ සෑමාට ඔවුන් පසුකරන්නට හැකි වුවේය. ඒ සමගම සෑමා පාර හරහා දකුණට තිබුණ වංගුවෙන් හැරවීය. පිටුපස නොබලා දුරක් ගිය සෑමාට අමුත්තක් දැනුන නිසා පසුපස හැරී නොබලා සයිඩ් කණ්නාඩියෙන් බැලුවේය.

පිරිසක් විත් ඇයලා දෙදෙනාව ඔසවා පැත්තකට කරනු සෑමා දුටුවේය. එහෙත් ඔවුන් සෑමාගේ බයික් එකේ ගෑවුනේවත් නැත්තේය. නැවත හරවා ගොස් බලන්නට ගිහින් ගුටි කනවාට වඩා යන ගමන යනවා හොදය කියා සෑමා පිටත් වුවේය. පෙට්ටි නැති බයික් එකේ ඇයලා කලබල වී ඔවුන් විසින් බයික් එක පෙරලාගෙන තිබුනෝය.

පලි - උඩින් යන කළු පෙට්ටි ගැන දැනුමක් සෑමාට නැත්තේය. ඒවා ඇත්තේ ප්ලේන් වල බැව් සෑමා දන්නේය. කළු පෙට්ටි පිළිබද පෝස්ටුවක් බ්ලොගයක තිබ්බා මතකය. එය සෙව්වද නොලැබුන නිසා ලින්කුව දාන්නට නොලැබිණ.

සෑමාගේ අවවාදය - කාන්තාවෝ පෙට්ටි නැති වුවද බයික් පදිද්දී ප්‍රවේසම් විය යුතුය. පෙට්ටි නැතැයි සිතා නිදහස ලැබ ඉගිල්ලීම තරම දැන කළ යුත්තේමය.

Written by sAm_2.37pm_27.04.2012

124 comments:

  1. ඉතින් උඹත් පෙට්ටිය කඩලා විසික් කොරපන්කෝ!!

    ReplyDelete
    Replies
    1. පෝස්ටුව දාපු හැටියෙම කෝමද බං කියෙව්වේ..

      ජය...

      Delete
    2. දාපු සැනින් නොටිපිකේසම කිලික් කොලා. ආවා කියෙවුවා. :D

      Delete
    3. ෆස්ට ස්පීඩ් නොවැ.. ජය !

      Delete
  2. අඩේ දැන් පෙට්ටි නැද්ද ? මරු නේ....

    ReplyDelete
    Replies
    1. මධුරංගගෙනුත් අහන්න තියෙන්නේ ඒ ප්‍රශ්නෙම තමා...

      "පෝස්ටුව දාපු හැටියෙම කෝමද බං කියෙව්වේ..??"

      කම්පීතරේට මූන තියං හිටියද බොල පෝස්ටුවක් එනකල්.. ??

      ජය...

      Delete
  3. ඇත්ත තමයි නේද?... ;)

    ReplyDelete
  4. හිකිස්...... මරු මරු,

    ReplyDelete
  5. මචන් සෑමෝ.. මදුරුවාට ගියර් තියනවද ? මම හිතන් හිටියේ ඒවා ගියර් නැති බයික් ජාතියක් කියලා..

    ලැජ්ජ නැද්ද බොල කෙල්ලොත් එක්ක ඔට්ටු වෙන්ඩ ?

    කියපු නිසා ගූගල් දෙයියන්ගෙන් කලු පෙට්ටි අහලා බැලුවා.. උඩින්ම බැබලි බැබලි තිබුනේ සෑමගේ පෝස්ට් එකම තමා..ඒකෙන්, ලංකාවෙ ඉස්සර කෑම පෙට්ටි රැගෙන යන්නා යනුවෙන් රැකියාවක් තිබුන බවත් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. ඇයි බොල ගියර් මදුරුවේ දැකල නැද්ද "ලොන්සින්" මදුරුවගේ ගියර් 4ක් තියෙනවා. "සීග්‍රා" එකෙත් එහෙමයි...

      කෙල්ලෝ ගේම ඉල්ලනවා බොල. පෙට්ටි නැති නිසාද මන්දා... උන්ට නෙ බොල ලැජ්ජ නැත්තේ..

      //ලංකාවෙ ඉස්සර කෑම පෙට්ටි රැගෙන යන්නා යනුවෙන් රැකියාවක් තිබුන බවත් දැනගත්තා.// ඒ මෙකක්ද බොල සෙන්නා.. ???

      Delete
  6. කලවානෙ ගරාජ් එකක පෙට්ටි රෙපෙයාර් කරනවා..........

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ තැනක් වගේ.. :)

      ප්‍රයෝජනවත් වෙයි කස්ටියට..

      Delete
  7. සෑමා පෙට්ටි නැති කාන්තාවන්ගේ කැඩුවා නේද? අඬු

    ReplyDelete
  8. පෙට්ටි නැත්තම් පට්ට ආතල් නේ ??? සැමා ගනින් බන් පෙට්ටි නැති එකක්

    ReplyDelete
    Replies
    1. ඒකත් ලේසි වැඩේ හැබැයි.. අමුතුවෙන් මහන්සියක් නැහැ නොවැ. ගත්ත හැටියේ රේස් කරල යන්න තියෙන්නේ..

      Delete
  9. ubath pettiya kada gannin kohoma hari

    ReplyDelete
  10. හික්ස්ස්... මොනා කියන්නද මන්දා :D

    ReplyDelete
    Replies
    1. අපෝ උඹ කට අරින්න එපා..

      Delete
  11. උඹ මහා අලුගුත්තෙරුවෙක් නේ.කෙල්ලෙක්ටවත් නිකන් ඉන්න දෙන්නේ නැහැ නේ..චික්!!!. පෙට්ටි තියෙද නැද්ද කියල හොයන්නේ.

    ReplyDelete
    Replies
    1. දැක්කම පේනවා බං ඒවයේ පෙට්ටි නැහැ කියලා. පෙට්ටි නැති නිසා තමා එයාලා පහසුවෙන් පදින්නේ..

      Delete
  12. අනික් ඒවා අමතක කරල බයිසිකල් ගැන විතරක් කථා කලොත් මම නම් කැමති ක්ලච් එක තියන ඒවට , ඉන්දියන් බයිසිකල් වල වාතයක් වුනත් හොඳ ජපන් බයිසිකලයක් නම් ක්ලච් කරත්දි හිටින්නේ නැතුව ටොප් එකෙත් පිකප් කල හැකි . මම බයිසිකල් පදින්න පටන් ගත්තේ හොන්ඩ නයින්ටියකින් නිසා වෙන්න ඇති අදටත් ක්ලච් එක නැති එවා මට දිරවන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මමත් එකඟයි... සැබෑ පැදවීමේ වින්දනය ලබන්ඩ පුලුවන් ක්ලච් එක තියන එකකින් විතරයි.. වාහන වල උනත් මැනුවල් ගියර් එක තරම් ඔටෝ ගියර් එකේ ගතියක් නෑ..

      Delete
    2. සරලව කියමි...

      ක්ලච් නැති කල වාහනයේ වැඩක් නැත.

      සෑමාටත් එසේමය..

      Delete
  13. අයියෝ රේස් පදින්න ගැලපෙන එකක් හොයා ගනින්කෝ....:D

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ අස්සයෙක් ද?

      Delete
  14. සෑමාටත් පෙට්ටියක් ඇති බව ඇසීම සතුටට කරුණකි ඈ......

    ReplyDelete
    Replies
    1. ඇත. ගියර් පෙට්ටියක් ඇත.

      ජය !

      Delete
  15. තමාට ගැලපෙන අයත් සමග රේස් ගියා නම් තමා හොද....

    ReplyDelete
    Replies
    1. ඒක තමා එයා පෙට්ටි නැතිව මොකට පාරට බැස්සද මන්දා..

      Delete
  16. එල එල...කොල්ලො සෙකන්ඩ් වෙන්න එපා ගියර් පෙට්ටිනැති බයික් කෙල්ලන්ට, නියම කතාව.... මමත් ආස මැනුවල් ගියර් බයික් වලට, ඔටො ගියර් කිසිම ගතියක් නැහැ..... කොහොමත් ජපන් බයික් තමයි නියම...යමහ 125 ට්‍රෙල්බයික් මම ආසම එක 125 වුනාට පට්ට පිකප්.... මගෙ හිනෙ කවදා හරි යමහා /සුසුකි හරි 250 ට්‍රෙලක් ගන්න තමයි.......

    ReplyDelete
    Replies
    1. සිහිනය සැබෑවේවා. පෙට්ටි ඇති යමහා එකක් සෙට් වේවා..

      "හොන්ඩා ජුලෝලා" එකක් එපාද ?

      Delete
  17. කලු පෙට්ටි ගැන උබ කිව්වේ මේ පෝස්ටුව ගැනද දන්නේ නැත මොක වුනත් ඒකත් එලය. කෙල්ලොන්ගේ ඩ්‍රයිවින් ගැන නං කියලා වැඩක් නැත. හැබැයි මොක කලත් අන්තිමට අනේ සොරිය.

    ReplyDelete
    Replies
    1. නැහැ ඒ පෝස්ටුව නෙවේ. කවුරු හරි දාල තිබ්බා කළු පෙට්ටිය ගැන සිරාම පෝස්ටුවක්. අපි නොදන්න දේවල් ගොඩක් තිබ්බා.

      ජය..

      //කෙල්ලොන්ගේ ඩ්‍රයිවින් ගැන නං කියලා වැඩක් නැත. හැබැයි මොක කලත් අන්තිමට අනේ සොරිය.//ඇත්තය.. :))

      Delete
  18. කෙල්ලොත් එක්ක තරග කරලා වැඩක් නැහැ අනේ.එක නෙමෙඉ අර තරිඳු අබේසිංහගේ කොමෙන්ටුවනම් අමුතුයි..:P

    ReplyDelete
    Replies
    1. තරිදුවට දුන්න රිප්ලයි එක නියම නැද්ද :)

      Delete
  19. පෙට්ටි නැති කෙල්ලෝ ලඟ පිකප්ය

    ReplyDelete
    Replies
    1. එතකොට "කොට මොඩ්ල්" ලග පිකප් නැද්ද ?

      Delete
  20. පෙට්ටිය තියෙන ඒවා පදවන්න අමාරුය, පෙටිටි නැති ඒවා හොඳ ය වේගය අඩාල වෙන්නෙත් නැතිය :D , සෑමාට තේරුනාද මන්දාය

    ReplyDelete
    Replies
    1. අපිට ඔය ඒවා තේරෙන්නේ නැත.

      අපි යහගුණයෙන් ඉදිරියට යන දරුවෝ වෙමු.. :ඩී

      Delete
  21. කොටන කුකුලට කොයි කොටුවත් එකයි..

    ReplyDelete
    Replies
    1. අම්මද බොල වෙනි අයියා වැඩකාරයා නොවැ...

      Delete
  22. Replies
    1. පෙට්ටි නැති පරණ ඇන්ජිමක් වගේ...

      Delete
  23. පෙට්ටියේ වටිනාකම දැනෙන්නේ ඇති අයටය. නැති අය නැති විට හොද යැයි කීවද, මට හිතෙනා ආකාරයට එය අර ඔරු කාරයාගේ කතාවට සමාන එකක් බවය.එබැවින් තීරනය ඔබ සතුය.එල්ලෙන සියල්ල රබුටන් නොවේ යයි සිංහල කියමනක් ඇත.එය සිහියේ තබාගෙන කටයුතු කල යුතුව ඇත. [ඔන්න සෑමෝ මම බ්ලොග් එක කොටන්න ගත්තෝ.පුලුවන් වෙලාවට මේ පැත්තේ වරෝ.]

    ReplyDelete
    Replies
    1. වටිනා අවවාදයකි..

      අලුත සැදු බ්ලොගට ජය.. එන්නම් කිරිබත් කාල යන්ට..

      Delete
  24. වට්ටි පෙට්ටි නැතුව ගියර් පෙට්ටිය ගැන කියනවා නම්,මම නම් ආස ඔටෝ වලට..මොකද සැණසීමෙන් රිලැක්x එකේ ගමන යන්න පුලුවන් නිසා...

    ReplyDelete
    Replies
    1. ඊක්කා... ඔටෝ පැදීම හරි කම්මැලි වැඩක්, හරියට කම්පුයුටර් ගේම් එකක් ගහනව වගේ..

      :))

      Delete
  25. කඩන්න ඕන පෙට්ටි තියනවනම් කියන්න...පෙට්ටිලස් කරල දෙන්නම සුරුස් ගාලා....

    ReplyDelete
    Replies
    1. මෙන්න ජාතියේ පිනට පහල උන වීරයෙක්....!!!!

      Delete
    2. හිකිස්.. මෙයා වැඩකාරයෙක් වගේ ?

      Delete
  26. මෙහේ තියෙන්නේම පෙට්ටි නැති එවුවා 300 cc වෙනකන් තියෙනවා.. ඉතින් ඉතුරු හරිය කියන්න ඕන නෑනේ..

    ReplyDelete
    Replies
    1. අන්න නියම ඒවා.. හිකිස් !

      Delete
  27. ගෑනු ලමයි එක්ක තරඟෙට කාර්, මෝටර්සයිකල් පදින එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. :)
    බලාගෙන හරි එක්කෙනෙක් අහුවුනු දවසට ඔය සෙල්ලම් ඔක්කොම ඉවරයි.:D

    ReplyDelete
    Replies
    1. කොහෙද ඔය හරි අය ඉන්නෙ. එන්න කියන්න බලන්න

      Delete
    2. ඔන්න පොකු මෙතනත් පටන් ගත්තා කාන්තා විමුක්තිය + සම තැන තැටිය වාදනය කරන්ට

      හික් හික්

      Delete
    3. කාන්තා විමුක්තියක් ගැන කතා කලේ නෑ අනේ. සමහර කෙල්ලොන්ට හොඳට කාර් එලවන්ට පුලුවන්. දැනට හොයාගෙන තියන පර්යේෂණවලින් පෙන්නුම් කරන්නේ පිරිමි ඩ්‍රයිවර්ස්ලාට වඩා ගැහැනු උදවිය හොඳ බවයි. මම කියන්නේ කාර් ගැන හොඳේ.:)))

      අනෙක ඉතින් පොඩ්ඩිටත් හොඳට කාර් නම් එලවන්ට පුලුවන්. හී හී....

      Delete
    4. කාන්තා ඩ්‍රයිවිං නම් කියලා වැඩක් නැත.... කාන්තාවක් විසින් එලවාගෙන යන කාරයක් ඉදිරියෙන් හදිසියේ මොකෙක් හෝ පාර පැන්නොත් අදාල කාන්තාව දෑතින්ම මුහුණ වසාගෙන හැකි උපරිම වීර්යයෙන් ඇක්සලේටරේ පාගන්නේය.

      Delete
    5. මේ කොහේ ගෑනුද අය්යෝ???:D:D:D

      'කාන්තාව පාගන්නේය' කීවාම කාන්තාවක් වෙන්ටම බෑ ඉතින්...:)))

      Delete
    6. ගෑනු ඩ්‍රයිවර්ල හොඳයි කියල නම් මන්ද අනතුරු අඩුයි කියල නම් මමත් අහල තියෙනව. ඒකට හේතුව ඉතිං පාරක ගෑනු කෙනෙක් එලවන වාහනයක් එක්ක ගියොත් හිතා ගත්ත හැකි. පාර මැද්දෙන්ම තියන යනව. ඉස්සර කරන්න ගියොත් අපිට තමයි කෙල වෙන්නෙ. හැමෝම නෙමෙයි ගොඩක් අය.

      Delete
    7. ගැමියාගේ පත් ඉරුව@......හිටු..හිටු..ලංකාවට ආවාම එලවල පෙන්වන්නම්...ඇස්දෙක වහගෙන කන්දෙකේම ඇඟිලි ගහ ගන්න....

      Delete
    8. පාගනවාය පාගනවාය.... ඕක පෑගුවේය උනත් වාහනේ ඉදිරියට ඇදෙනවාය...

      කාන්තාක් එලවන වාහනේක යන්නේ නම් බලු කුක්කන් පූස් පැටවුන් නැති මගක් තෝරාගැනීම මනාය...එසේත් නැතිනම් තඩි වීදුරු සහිත කාන්තා ඇඳුම් කඩවල් සහ සපත්තු සෙරෙප්පු සහිත කඩවල් බහුලව ඇති මාර්ග භාවිතා කිරීම අවදානම්ය...

      @කිරිල්ලි

      කියනා විදියෙන්ම එලවන්නට සැරසෙන බවක් පෙනේ....වෙලාවට මෙහේ පැදවීම දකුනෙන්ය කිරිල්ලිට සිදුවන්නේ වාහනේ පිටුපසින් එලවන්නටය

      Delete
    9. අලි රංඩුවක් නොවැ.. අපි නැහැ ඕවාට..

      කිරිල්ලි පදිනවා බලනට් අපිත් එනෝ..

      Delete
  28. සිරාවටම පෙට්ටි නැති ඒවා චාටර් නෙහ්?

    ReplyDelete
    Replies
    1. ඔව් කිසි ගතියක් නැහැනේ..

      ඔහේ ඉදගෙන ඉන්න තියෙන්නේ..

      Delete
    2. ඉඳගෙන හිටියම යනවද?

      Delete
  29. පෙට්ටි නැති එක වෙලාවකට හොදයි කියලත් හිතෙනවා ඒ උනාට පෙට්ටිය තියෙන එකේ ප්‍රයෝජනය සමහර වෙලාවට කියලා නිමකරන්න බැහැ...

    ReplyDelete
    Replies
    1. රොබින් දෙලොවක් අතර වගේ..

      Delete
  30. මමනම් කරන්නෙ මාත් එක්ක තරගෙට එන එකියන්ට ඉස්සර වෙන්නෙ දී පිටිපස්සෙන් යාමය. පිටිපස්සෙන් යන එකෙ සැප දන්නවනම් කට්ටිය මීට පස්සෙ පස්සෙන්ම යනබව මට නම් ශුවර්ය.

    …ඔහොම තරෙඟෙට යන එවුන්ගෙ බාගයක් පස්සෙන් එලියේය. නොමිලෙ ඇසට ලැබෙන සැප ගන්න මමනම් අකමැති නැත

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝනාගේ කතාවෙන් ට්‍රැ‍ෆික් වැලකෙනවා සුවර්ය..

      :ඩී

      Delete
  31. පට්ටයි සෑමෝ!!!! සුපිරි ඈ..

    මාත් ගන්න ඕනා පෙට්ටිලස් කෑල්ලක් :-)

    ReplyDelete
    Replies
    1. පෙට්ටිලස්.. අන්න වචනේ.. :ඩි

      Delete
  32. බයිසිකල්වල වේගෙන් යන ගෑල්ලමයින්ට සෑමාගේ අති ඉරිසියාව අපූරුවට පෙනේ..
    ඉරිසියා නොකර ඔටෝගියර් බයිසිකලයක් ගත්තනම් හරිනේ.. :D

    ReplyDelete
    Replies
    1. අපෝ පෙට්ටි නැති ඒවා එපෝ.. ඒවා කිසි කික් එකක් නැත්තේය..

      :)

      Delete
  33. එකඟයි. අනෙක පෙට්ටි නැති කළ නිදහස අසීමිත බැවින් හැටට පෑගිය හැක. තදියමට හෝ නොදන්නාකමට පෙට්ටි ඇති අය නිදහසෙ යන්නට ගෝ පෙට්ටි කඩා ගන්නා සැටි දැක තිබේ. දැන්නම් ඔටෝ නිසා පෙට්ටියම රිප්ලෙස් කළ හැක. ඒ කාලයේ එහෙම නැත. අලුත් කළ යුත්තේය. මටත් පෙට්ටි නැති එක ගැන නම් සතුටුයි. හෙක්... එහ්ක්...

    ReplyDelete
    Replies
    1. //දැන්නම් ඔටෝ නිසා පෙට්ටියම රිප්ලෙස් කළ හැක. ඒ කාලයේ එහෙම නැත.//

      ඒ නිසා දැන්, ඇති එක නැති එක සොයන්නට බැරිය.

      Delete
  34. අනේ ඇයි සෑම් මේ ගෑණු උදවිය එක්කම රේස් ?

    ReplyDelete
  35. පෙට්ටිය නෑ කියන්නෙත් අමතර සුදුසුකමක් ඈ....... :ඩ්

    සැමාත් පෙට්ටිය නැති එකක් ගනියිද මන්දා

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ... එහෙව් ඒවා මොකටදෑ ??

      Delete
  36. කාව්‍යා!!! මගේ හිතට ආවෙත් ඔය ප්‍රශ්නයමයි. :D

    ReplyDelete
  37. දැන් සැමා අයියේ මෙහෙමනේ.... පෙට්ටිය නැති වුනාම හිමින් යන්න කිසිම බාධකයක් නෑනේ ටක් ටක් ගාලා ස්පීඩ් කරන්න පුළුවන්නේ.ඒත් ඉතින් ලංකාවේ ගෑණු ලමයි පෙට්ටි නැති ඒවා ගන්නේ ඒවා දැනගෙන නෙමෙයි මයෙ හිතේ රෝස පාටට හුරුබුහුටියට තියෙනවා දැක්කම තියෙන ආසාවට.... නිකමට හිතලා බලන්න ඔය ජපන් බයික් එකක් රෝස පාටට පේන්ට් කරලා පොඩි බෝනික්කන්ගේ පින්තූර ගහලා තිබ්බොත් මෙයාලා එපා කියයිද කියලා...

    මොනා උනත් අයියේ පෙට්ටි නැති අක්කලා නංගිලා එක්ක රේස් පදින එකනං ඇඟට ගුණ නෑ හොඳේ... අන්තිමට ඇඟේ ගෑවුනත් පොලෝසි ගානේ යන්න වෙ ඕං අපි දන්නෑ

    ReplyDelete
    Replies
    1. //නිකමට හිතලා බලන්න ඔය ජපන් බයික් එකක් රෝස පාටට පේන්ට් කරලා පොඩි බෝනික්කන්ගේ පින්තූර ගහලා තිබ්බොත් මෙයාලා එපා කියයිද කියලා...// සිරාම ඇත්ත බොල..

      අපේ එකාලත් බාහිර ඔපේට රැවටිලා පෙට්ටි නැති ඒවා බදා ගන්න කැත..

      Delete
  38. Replies
    1. උපරිම වන්නේ පෙට්ටි නැති විටද ?

      Delete
  39. සෑමා,
    පෝස්ට් එකත් කියෙව්වා, කමෙන්ට්සුත් කියෙව්වා. කවුරුවත් නොකියපු පොඩි කාරණාවක් කියන්න හිතුනා, කට තියාගෙන ඉන්න බැරි නිසා.
    සෑමා, ඔය ඔටමැටික් වාහන වල ගියර් අතින් මාරුකරන්න අවශ්‍ය නැති වුනාට ගියර් බොක්ස් එකක් තියෙනවා සාමාන්‍ය මැන්‍යුවල් ගියර් වාහනයක ගියර් බොක්ස් එකට වඩා සංකීර්ණ සහ සිරා. ක්ලච් පෙඩල් එක නැතුවට හෙන සිරා ක්ලච් එකකුත් තියෙනවා. ඉතින් පෙට්ටියක් නෑ කියන එක වැරදි නැද්ද?

    මම කතාකලේ කාර් වෑන් වගෙ වාහන ගැන. ගියර් ස්ටික් එක D වලට දාලා බ්‍රේක් එකෙනුයි ඇක්සිලරේටර් එකෙනුයි පාලනය කරන.

    සෑමා කියන බයික් වල ක්ලච් ලීවර් එකක් නැතුවට ගියර් එක කකුලෙන් මාරුකරන්න ඕනෙ නේද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. නෑ. සෑම කියන බයික් වල ගියර් නෑ. ඇක්සලරේට් කරන්න විතරයි තියෙන්නෙ.

      Delete
    2. රාජ් පිලිතුර දීලා..

      මම කියන බයික් එකේ රේස් කරන්න විතරයි තියෙන්නේ. කකුලෙන් කරන්න වැඩක් නැහැ.

      Delete
  40. කොලඹ ට්‍රැෆික් එකේ එලවන්න නම් පෙට්ටි නැති මොටොබයික් තමයි අයිඩියල්.

    ReplyDelete
  41. හෑමදාම වගේ මේකේ කුනුහරපෙන්ම හිතෙන්නේ මට විතරද?

    ReplyDelete
    Replies
    1. කුණු හරුප ....
      මොන කුණුහරුපද?
      පෙට්ටි ගැන නේ තියෙන්නේ..

      Delete
  42. ට්‍රැෆික් එකට නං බයික්ම තමයි හරියන්නෙ. ඒත් මට නං ක්ලච් එක නැති බයික්එක නිකං හෙළුවෙන් වගේ. බයික්වල අවුලක් නැති උනත් ඔටෝ ගියර් කාර් නං ට්‍රැෆික් එකට හරියන්නෙ නෑ. රේස්වෙනව වැඩියි.කාන්තාවන්ට, ලේන්සුව අරගෙන මූන පිහිදගන්න, කණ්නාඩියෙන් මූණ බලන්න, .... වගේ අවශ්‍යතාවයන්ට එක අතක් නිදහස් කරගන්නයි ඔටෝ ගියර් එන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ක්ලච් නැතිව ෆන් එකක් නැහැ. අනික අපිට ඕනෙ විදිහට යන්නෙ නැහැ.

      රාජ් කිව්ව වගේ කාන්තාවන්ට අත නිදහස් කරන්න වෙන්නැති ඔටෝ ඒව තිනේනේ.

      :)

      Delete
  43. මරේ මරු ඔවදනක් //පෙට්ටි නැතැයි සිතා නිදහස ලැබ ඉගිල්ලීම තරම දැන කළ යුත්තේමය.// හිකිස්..

    ReplyDelete
    Replies
    1. අදුරන අය දැනුවත් කරන්ට :)

      Delete
  44. මටත් තීනවනේ ඔටෝ ගියර් බයික් එකක්... මම නම් ඉගිල්ලෙන්න තියා මහ පාරේ පැද්දෙත් තාම එක දවසයි...

    ReplyDelete
    Replies
    1. ඒ බයික් එක අල්මාරියේ දාන එකක්ද ? :ඪී

      Delete
  45. // සෑමාගේ අවවාදය - කාන්තාවෝ පෙට්ටි නැති වුවද බයික් පදිද්දී ප්‍රවේසම් විය යුතුය. පෙට්ටි නැතැයි සිතා නිදහස ලැබ ඉගිල්ලීම තරම දැන කළ යුත්තේමය.

    සෑමෝ පෙට්ටිය නැති එකක් ගත්තනම් වැඩිය මහන්සි වෙන්න දෙයක් නෑ. සුටුස් ගාලා යනවා.

    ReplyDelete
    Replies
    1. පෙට්ටි නැති ඒවා හැම එකාම පාවිච්චි කරනවා :((

      Delete
  46. අනේ මටත් පෙට්ටි නැති එකක් හොයලා දියල්ලකෝ

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තේ ආච්චි කෙනෙක්ගෙන් ඇහුව නම් හරි නොවැ..

      Delete
  47. පෙට්ටි අක්කලා සමඟ රේස් යන්නට යන සෑම් අයියාට වෙච්ච නස්පැත්තිය.....සෑම් අයිය කියන්නෙ අපේ අහස බ්ලොග් එක ලියන ඉෂාර අයිය ලිව්ව කළු පෙට්ටිය ගැන වෙන්න ඇති.....ඒක කළු කිව්වට තැඹිලි පාටයි........

    ReplyDelete
    Replies
    1. අන්න ඒ බ්ලොග් එකේ වගේ මතක..

      හි.හො.පිස්සා ඒක බලල වගේ.. ඇත්තටම ඒක වැදගත් කතාවක්

      Delete
  48. ඔය පෙට්ටි නම් නැති තරමට හොදයි අයියේ...

    ReplyDelete
    Replies
    1. අපොයි ජීවිතේම එපා වෙලා වගේ ඒක කියල තියෙන්නේ..

      Delete
  49. මොන පෙට්ට ගමක් ද මන්ද.. ඔක්කෝම පෙට්ටි..

    ReplyDelete
    Replies
    1. හිකිස්.. පෙට්ටිම ගමක්..

      Delete
  50. මං දාපු කමෙන්ට් එක අන්තරස්දහන වෙලානේ සෑම් අයියේ.

    ReplyDelete
    Replies
    1. spam වෙලාවත් නැහැ මලයෝ.. ෂුවර්ද පෝස්ට් වුනා කියලා...

      Delete
  51. මාත් කාලයක් පැද්ද පෙට්ට් නැති එකක්..
    ඕක ඉතින් හැමදාම පදින්න බෑනේ...
    ඔය පෙට්ටි නැති එක 'අයියා පදිනවා' නියමෙට. ..
    වෙන මොනවද? පල පුරුද්ද් මිසක්...

    මම දැන්නම් පදින්නේ පෙට්ටි තියන එකක්..
    කිසිම කම්මැලිකමක් නැනේ...
    අත පය හොදට වැඩ...
    පොඩ්ඩක් වෙනස් තමයි.
    ඒත් අමුතු රහක් තියනවා පෙට්ට්ත් එක්ක පදින කොට..නැද්ද මං අහන්නේ..
    පෙට්ටි නැති එකක් හැමදාම පදින්න මට නම් ඕන නෑ..
    ඕනම නම් දවසක් දෙකක් පැද්දට කමක් නෑ..

    ReplyDelete
    Replies
    1. //පෙට්ටි නැති එකක් හැමදාම පදින්න මට නම් ඕන නෑ..//

      සහතික ඇත්ත බොල.

      උබත් මාර චින්තනයක් තියෙන කොල්ලෙක් නේ :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...