Thursday, April 26, 2012

මව සහ ඇය - (වෙනස් නොවන වෙනස)



මව - 
බත් කට ගුලි කොට අපට කවන්නීය
ඇය -
අප බත් කට අනා කැවිය යුතුය.



මව -
"උඹ කඩෙන් කන්න ඕනේ නැහැ, මම ඉන්නකල්" කියමින් උදේම නැගිට කෑම සදන්නීය.
ඇය -
"බබා අද අපි වෙනසකට එක්ක කඩෙන් කමු නේද" කියමින් උදේ නිදන්නීය.



මව -
පාසල් යද්දී කියන්නට කලින් රෙදි සෝදා දුන්නීය. අදුම් මැද දුන්නීය. පාසල් යන කාලේ අපි ඇගේ ඇදුම් සෝදා නැත්තේය.

ඇය -
විටෙක ඇගේ අදුම් පවා සෝදන්නට වෙනවාය. ඒ ආදරය නිසාය. ඇදුම් මදින්නට වෙනවාය. ඒ අරපිරිමැස්ම සදහා අදුම් සියල්ල එකවර මැදිය යුතු නිසාය.



මව -
තේ එක සාදා ලගට ගෙනත් දුන්නේ පොඩි කාලේ සිටය. තවමත් එහෙමය. කම්පුයුටරේ ලගටම ගෙනත් දෙන්නීය.

ඇය -
විවාහවී මුල් වසර කිහිපයක් ලගටම ගෙනත් දෙන්නීය. පසුව "අන්න තේ හැදුවා ගිහින් බොන්න" කියන්නීය. තවත් පසුව ඇය නිදිය.  අප කඩෙන් තේ බිය යුතුය. නැත්තම් අල්ලපු ගෙදරින්ය.



මව - 
අප පාඩම් කරද්දී ඇය නිදි වරා සිටියාය. නිදාගත්තේ අන්තිමටය.

ඇය -
අපි ඔෆීස් වැඩ කරද්දී, චැට් කරද්දී ඇය නිදිය. "ඔයා  ඇදට ඇවිත් මට ඇහැරවන්න" කියන්නීය.



මව -
නිතර ඇගේ එල්ලිලාම නොසිටියාට තාත්තාට තවමත් ආදරේය. එය විදහා දක්වන්නේ ක්‍රියාවෙනි.

ඇය -
අපට උපරිමයෙන් ආදරේය. නිතර ඇගේ දැවටෙන්නීය. තොදොල් වෙමින් පවසන්නීය. ඉදිරියට... ?



මව -
කතා කරගන්නට බැරිව සිටිද්දී පවා, හඩා ඉල්ලන්නට කලින් දෙතන කටේ තැබුවාය. ඊට වෙලාවක්, ස්ථානයක් නොමැත්තේය.

ඇය -
විටෙක ඉල්ලුවද, බලපෑම් කළද කටේ තබනවා තියා පෙන්නන්නේද නැත්තේය. විටෙක ඊට නියමිත වෙලාවක්, ස්ථානයක් ඇත්තේය.



ඇය මවක් වූ දිනෙක මේ සියල්ල වෙනස් වනු නියතය. එවිට ඇය මවගේ ගති ගුණ අනුගමනය කරනු ඇත.
වෙනස් නොවන වෙනස නම් ගැහැණියමය.

මිතුරියක්, සොයුරියක්, නැගෙනියක්, පෙම්වතියක්, බිරිදක්, මවක් සහ සෙසු චරිත රැසක් !


සැමා මේ සියල්ල ලීවේ නිකං හිතට ආපු නිසා. ඒත් පෝස්ටුව ටයිප් කරල අවසානේ ගුණදාස කපුගේ මහත්යාගේ ගීතෙක කොටසක් ඉබේම මිමිණුනා. එතකොට පෝස්ටුව බරපතල් වෙනවා මෙන්න මෙහෙම.

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

"බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ" කියල කියන්නේ ඇයි කියල බොහොමයක් අය දන්නව ඇති. යෝධ ඇලේ මතුපිටින් වතුර ගලන්නේ නෑ වගේ පෙනුනට ඇල ගැඹුරට ගියාම ඉතා වේගයෙන් වතුර ගලාගෙන යනවා. ඒ ඇලේ බැස්ම හැතැක්මෙට අගලක් නිසා. දුර ගියාම තමා තේරෙන්නේ ගලනව කියලා. ඒ වගේ සමහර බිරින්දෑවරුනුත් තේරුම් ගන්න කල් යනව.

Written by sAm_6.15pm_26.04.2012

පලි - කමෙන්ටුවක් නිසා..

අග්නි ධාරා...Apr 26, 2012 09:42 AM
//මේක මම අහලතියෙන කතාවක්...//
ඈ බොල කොහෙන්ද මේක බොලා අහල තියෙන්නේ?
මේක උස්සපු එකක් නෙවේය. සෑමා ලියපු එකක්ය. :p

84 comments:

  1. මව ගැන නම් දන්නවා. ඒත් ඇය ගැන ඔය වගේ අත්දැකීම් නැති නිසා මොකුත් නොකිය ඉන්නං

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ බ්ලොග් එක්ක මම එක වෙලා :))

      Delete
    2. රෙපා එක වෙලා.. :)
      ජයෙන් ජය..

      රෙප් මහතාගේ කතාව ඇත්තය. ඔහු ඇය ගැන නොදනී. "ඇයලා.. ගැන දනී"

      Delete
  2. "ඔයා ඇදට ඇවිත් මට ඇහැරවන්න" කියන්නීය. ඔහොම කියන්නෙ ඇයි බන් දිගටම නිදාගන්නෙ නැතුව?...

    ReplyDelete
    Replies
    1. කිරි ටිකක් එහෙම බොන්න දීලා මනුස්සයව නිදිකරවන්නනෙ බං..

      Delete
    2. මට කිලින් ඇනේ උත්තර දීලා..

      මේ ඇනෝ අපේ එකෙක්ම තමා. මට පට්ට සූවර් !

      Delete
  3. ගුණදාස කපුගේ මහත්මයාගේ මම ආසම සින්දු වලින් 1ක් තමය් "දවසක් පැළ නැති හේනේ" සින්දුව,මේක නිකන් විහිළුවක් වගේ පෙනුනට කතාව හැබෑව :) "
    "අපි ඔෆීස් වැඩ කරද්දී, චැට් කරද්දී ඇය නිදිය. "ඔයා ඇදට ඇවිත් මට ඇහැරවන්න" කියන්නීය."
    එකට නම් පට්ටේටම හිනා ගියේය :D :D LoL ය

    ReplyDelete
    Replies
    1. මේක විහිලු නෙවේ.. :)
      අමූලික ඇත්තක්..

      ස්තුති සහෝ

      Delete
  4. මමත් රෙපාගේ ගොඩේය... අම්මා නං මෙසේමය. නමුත් ඇය???
    දන්නේ නැත... :)

    ReplyDelete
    Replies
    1. මම නෝටියත් කිව්වේ මේ ටික "රෙපා නොදන්නවා වගේ බබා වෙන්න හදන්නේ. උබත් ඒ ගොඩට වැටෙන්න එපා.."

      අපි නොදන්න රෙපා..

      :)

      Delete
  5. නෝටියද රෙපාගේ ගොඩේ..
    එත් මචං පොස්ටුව ගැන කුප්ප කතාවක් කියන්න හිතෙන්නෑ... ඒ මොකද කියලා හිතා ගන්නත් බෑ...
    පට්ටම සිරා පොස්ට් එක.උබේ බ්ලොග් එකේ ආසම පොස්ට් වලින් මුල් තැන මේ පොස්ට් එක...
    superb..!

    ReplyDelete
    Replies
    1. ස්තුති නෝටියා..

      රෙපා නොදන්නවා වගේ බබා වෙන්න හදන්නේ. උබත් ඒ ගොඩට වැටෙන්න එපා..

      ජයෙන් ජය !

      Delete
  6. සිතන්නට බොහෝ දේ ඇත. කතාව සහතික ඇත්තකි.

    ReplyDelete
    Replies
    1. ස්තුති උතුම් පැතුම් සිතුම් :)

      Delete
  7. කතාව ඇත්ත සමහර බිරිදවලුත් ඉන්නවා අම්මා වගේම සලකන ඒත් ඒවගේ කෙනෙක් අපිට ලැබෙයිද කියන එක නම් ගැටළුවක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිශාන්. දෙවිවරු වගේ බිරින්දෑ වරු ඉන්නවා..

      සෑමා තදින් පිලිගන්නවා කවද හරි පිරිමියෙක් ලග ඉන්නේ කාන්තාවක්ම තාම කියලා.

      ජය !

      Delete
  8. ඇය ගැන පවසා ඇති සියල්ල සත්‍ය නොවේ..සමහර කතා ද්වේශ සහගතයි...

    ReplyDelete
    Replies
    1. මොනාද අප්පේ ද්වේශ සහගත මේ ඔක්කොම ඇත්තයි කියලා මට නම් හිතෙනවා... බලන්නකෝ ඇය සැමා අයියට කිරි දෙන්නෑ කියලනේ කියන්නේ ඕනේ නං ගිහින් බොන්න කියනවලු... සැමා අයියා වගේ අර සූප්පුවක් ගහගෙන ඉන්න කිරි සප්පෙකුට(පොටෝවේ පරිදි) කිරි ටිකක් දුන්නම මක්ක වෙනවද මං අහන්නේ...

      Delete
    2. අහ්හ්... ඇත්තද?

      Delete
    3. යකෝ මේ ගැමියත් හරියට නරක් වෙලා දැන්. පුදුමයක්යැ ආශ්‍රය කරන්නෙ සෑමලානේ.

      henryblogwalker the (shy) Dude

      Delete
    4. දැන් එතකොට 'අම්ම' දරුවන්ට සලකන්නෙ එයාගෙ හස්බන්ඩ් ව අහකට විසි කරලද?
      අම්මපල්ල මේ ගැමියගෙ කටේ රංකිරි කට ගෑවෙ කවුද දන්නෙ නැහැ නේ?...(නෑ මේ.. මාත් එයාටම කියල ගා ගන්න ඇහුවෙ.)

      Delete
    5. @කිරිල්ලී - ද්වේශ සහගත කිසිවක් නොවේ. අවබෝධ කරගැනීම වටී.
      ලිපිය හරියටම තේරුම් ගත්තේ පොඩිකුමාරි හාමි විතරද මන්දා..
      //දෙන්නා ගැනම කියලා තියන කතා ඇත්ත ඉතින්. කල් යනකොට බිරිඳත් මවක් වෙනවනේ. :)//

      ඇය මව වූ කලෙක සියල්ල වෙනස් වේ. ඉතිං සෑමා, කන්තාවට මේකෙ අසාධාරනයක් කරල නැහැ.

      @අසරණයා - මොනාද බොල ඇත්තද අහන්නේ.. :)

      @ගැමියා - විටෙක සෑමාට කිරි උතුරන බවක් හැගේ.

      @ඩියුඩ් - ඔන්න ඉතිං උන් නරක් වුනාමත් අපි පලි.. :ඩී
      ඔය ගැමියා කෙ‍හෙ ගිහින් නරක් වුනාද කියල අපි දන්නවද? කාලයක් අර වෙද මහත්තෙක් ලගත් හිටිය නොවැ..

      Delete
  9. ඔව්වා ගැන මම නම් දන්නේ නැත.. අම්මා ගැන නම් දනිමි 100%ක් ඇත්තය.

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ.. මමත් හරියට දන්නේ නැහැ.. හිතලා ලිව්වේ :)

      Delete
  10. මුලින් හිමින් සැරේ කියෝගෙන ආවේ මොකක්ද මේ කියන්න හදන්නේ කියලා...ඒත් එක වාක්‍යයක් දැක්කම ඔළුවේ අත ගහ ගත්තේ හිනාවක් නතර කරගන්න ට්‍රයි කරන ගමන්...හයියෝ


    //ඇය -
    විටෙක ඉල්ලුවද, බලපෑම් කළද කටේ තබනවා තියා පෙන්නන්නේද නැත්තේය. විටෙක ඊට නියමිත වෙලාවක්, ස්ථානයක් ඇත්තේය.//


    සැමෝ ලඟදිම බස් එකක් පිරෙන්නම ගුටි කයි හොඳේ...

    අන්තිම ටික නම් සිරාවට හදවතට වැදුනා... මම ආසම සිංදුවක් තමා දවසක් පැල නැති හේනේ සිංදුව...

    ReplyDelete
    Replies
    1. කපුගේ මහතාගේ ගොඩක් ගීත සිරා..

      ගැමියා සෑමාට ගුටිම සෙට් කරන්නට යන බවක් පෙනේ :ඩී

      ජය !

      Delete
  11. Replies
    1. හැම කාරණවකටම එකඟවෙන්න බෑ අයියෝ.........:(

      මේක මම අහලතියෙන කතාවක්....ඇත්තටම බොහෝ අවස්ථාවන්වලදී මේ කතාව හුඟක් ගැලපෙනව

      ගැහැනියක් මවක් වනතුරුම....සැමියාට අතදරුවෙකි.....

      Delete
    2. //මේක මම අහලතියෙන කතාවක්...//
      ඈ බොල කොහෙන්ද මේක බොලා අහල තියෙන්නේ?
      මේක උස්සපු එකක් නෙවේය. සෑමා ලියපු එකක්ය.

      //ගැහැනියක් මවක් වනතුරුම....සැමියාට අතදරුවෙකි.....//
      ඇත්ත !

      Delete
  12. උඹ කනවා මචන්...:D අනේ මන්ද ඔය කියල තියන දේවල් නම්, අත්දැකීම් නෑ නේ...;)

    "ඇය -
    විටෙක ඉල්ලුවද, බලපෑම් කළද කටේ තබනවා තියා පෙන්නන්නේද නැත්තේය. විටෙක ඊට නියමිත වෙලාවක්, ස්ථානයක් ඇත්තේය."

    මේක නම් පට්ටයි ඕයි...:D

    ReplyDelete
    Replies
    1. අත්දැකිම් නෙවේ මචං.. ඇස් දෙකෙන් දැකීම්..

      ජය වේවා !

      Delete
    2. අනේ බොරු කියන්න එපා...

      Delete
  13. ඒක තමයි අම්මගෙයි බාර්යාවගෙයි තියෙන වෙනස.

    අම්මගෙ ආදරේ ලේසියකට වෙනස් වෙන්නෙ නෑ.........

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මයෙ කිරි පුතේ !

      Delete
  14. Deadlock එකක් බන්... භාර්යාවත් අම්ම කෙනෙක් උනාම , අම්මා කෙනෙක් කරන ට්ක ආයි කරනවා ( කරන්න වෙනවා )

    ReplyDelete
    Replies
    1. ඒක තමා මට කියන්න ඕනේ උනේ.. කුමාරිහාමි තේරුම් ගත්ත මුලින්ම..

      Delete
  15. සෑමා දන්න දේවල්!!

    ReplyDelete
  16. මම දැකල තියෙනවිදියට මේකාලේ හැටිය‍‍ට ඇය මවක් වුවත් ඔය කිව්ව‍ වගේ මහ ලොකු වෙනසක් වෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ.. (මගේම අත්දැකීම් නෑ..)
    ඒත් ශේප් අවුට් යයි කියල පුංචිකාලේම කිරිබෝතලේ කටේ ගහන, මිනිස්සු ඉන්න වෙලාවට විතරක් ආදරය පෙන්නන නැති උන ගමන් යක්ෂාවේස වෙන මව් පදවිය ගත් "ඇය" ලා දැක ඇති නිසයි කිව්වේ..

    ReplyDelete
    Replies
    1. //ඒත් ශේප් අවුට් යයි කියල පුංචිකාලේම කිරිබෝතලේ කටේ ගහන, මිනිස්සු ඉන්න වෙලාවට විතරක් ආදරය පෙන්නන නැති උන ගමන් යක්ෂාවේස වෙන මව් පදවිය ගත් "ඇය" ලා දැක ඇති නිසයි කිව්වේ..//

      එහෙමත් අය ඉන්නව තමා.. ඒත් පිරිමියාට දෙවි වෙන අයත් ඉන්නව නොවැ.. දෙපැත්තම ඒමයි.

      ඒකයි මම ලිව්වේ ඇය - මව වුනාම වෙනස් වෙනවා කියලා

      ජය !

      Delete
  17. ඇයට ඔය නිදහස තියෙන්නේ අම්ම කෙනෙක් වෙනකල් විතරයි... ඒ හින්ද එයාට නිදහස බුක්ති විදින්න දෙන්න... තව ටික කාලයයි...

    ReplyDelete
    Replies
    1. හිතුමතේ නැවත බ්ලොග් එකට යොමු වුනේ සිහින් උලෙලට පස්සෙද කොහෙද..

      ඒක හොද ලකුණක්..

      මගෙ අප්පේ අම්ම කෙනෙක් වුනත් එයාව නිදහසේ තියන්ට තමා සෑමාගේ කල්පනාව. :පී

      Delete
  18. අම්මා ගැන කියපු කතා ටික නම් සහතික ඇත්ත ය.
    අනිත් පැත්තේ කෙනා ගැන නම් දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් නොදනිමි. එහෙත් සිතුනෙමි.

      මේ මගේ ඇය ගැන නෙවේ බව සලකන්න :ඩී

      ජය !

      Delete
  19. සෑමා අර සයිබර් උලෙලට ගිහින් ආවට පස්සෙ එක විදියක පෝස්ට් දාන්නෙ!! මොකද දන්නෙ නෑ :P

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අහ් ඇත්ත තමා.. එදා අපිට කිව්වා සමාජයට වැදගත් ඒව ලියන්න කියලා.. හිකිස්..

      ඒ වගේම මයික් එක අතට ගත්ත බොහෝ අය කිව්වා එයාල හදන්නේ සමාජයට වැදගත් දෙයක් දෙන්න කියලා... :ඩී

      සෑමා කල්පනා කරද්දි හිතුනා යකෝ මම ලියපුවා වැදගත් නැද්ද කියලා.. :පී

      Delete
  20. මරු කතා ටික .. මටත් ඉතින් අම්මා ගැන සහතික කල හැකි වුණාට ඇය ගැන නම් තාම කිව නොහැක ඒ වුණත් උඹ හරියට ලියා ඇති බව ඉවෙන් මෙන් දැනෙනවා ..!

    ReplyDelete
    Replies
    1. ඇය ගැන නොහිතා ඉන්ට සදරුවෝ. ඇය දිනෙක මවක් වුනොත් මෙහෙම වෙයි කියලා හිත හදා ගන්ට..

      සයිබර් උලෙලෙදි මට මතක් වුණා උඹව..

      ජය !

      Delete
  21. සෑමෝ ඕක 100% ඇත්තත් නොවේ, නැත්තත් නොවේ.. ඔය අම්මගේ ගති තියන කෙල්ලො තාම ඉන්නවා ඕනා තරම්..

    සින්දුව ගැන උබ දීලා තියන තේරුමත් එක විදිහකින් හරි.. ඒත් මට හිතෙන්නෙ මෙහෙමයි..

    "නුවර වීදි යට කරගන නින්දා වැහි වැගිරුනු දා, බිරිඳකගේ සෙනෙහේ ගියා යෝද ඇලේ නැම්මේ "

    උඹ කිව්වා වගේ යෝධ ඇලේ බැස්ම හැතැම්මට අඟලයි.. ඒ කියන්නේ බැස්ම තියෙන්නෙ අනුක්‍රමයෙන්, ටිකෙන් ටික, හිමින් සැරේ. බැස්මක් තියනවද කියලා හිතා ගන්ඩවත් බෑ. නින්දා ලැබෙනකොට බිරිඳගේ සෙනෙහසත් ඒ වගේ අනුක්‍රමයෙන් බැහැල යනවා කියලා තමා සිංදුවෙන් කියන්නෙ.

    මේ වගේ උපමාවක් යොදන්ඩ රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්මයට මොනතරම් නම් ජීවන පරිචයක් තියෙන්ඩ ඇත්ද ?

    ReplyDelete
    Replies
    1. මව් ගති ඇති සිරා කෙල්ලෝ නැහැ කියල කිව්වෙ නැහැ සෙන්නා. පොඩි කුමාරිහාමිගේ කමෙන්ටුව බලන්ට. ඇය තේරුම් ගත්තා යටි අරුත. දිනෙක ඇය මවක් නිසා වෙනස් වෙනවා. කොටසක් එලෙසම ඉදී.

      //නින්දා ලැබෙනකොට බිරිඳගේ සෙනෙහසත් ඒ වගේ අනුක්‍රමයෙන් බැහැල යනවා කියලා තමා සිංදුවෙන් කියන්නෙ.// ඔව් මට මේ ටික මිස් වෙලා..

      රන්බණ්ඩා මහතා වගේ තවත් කිහිප දෙනෙක් ඒ කාලේ හිටියා. (රත්න ශ්‍රී, ප්‍රේමකීර්ති)දැන් නම් මට හිතා ගන්න බැහැ. 10ක් ලිව්වොත් ගැඹුරු ගීත 1ක් තියෙන්නේ කලාතුරකින්.

      ජය !!

      Delete
  22. දෙන්නා ගැනම කියලා තියන කතා ඇත්ත ඉතින්. කල් යනකොට බිරිඳත් මවක් වෙනවනේ. :)

    හදිසියේ හිතට ආවත්, අදහස් ටික ලස්සනයි.

    අම්මා තේ එකක් කම්පියුටරේ ලඟට ගෙනත් දෙනකොට බිරිඳක් ගැන හිත, හිත ඉන්ට ඇති.:D

    ReplyDelete
    Replies
    1. ලිපිය හරියටම තේරුම් ගත්තේ පොඩිකුමාරි හාමි විතරද මන්දා..
      //දෙන්නා ගැනම කියලා තියන කතා ඇත්ත ඉතින්. කල් යනකොට බිරිඳත් මවක් වෙනවනේ. :)//

      ඇය මව වූ කලෙක සියල්ල වෙනස් වේ. ඉතිං සෑමා, කන්තාවට මේකෙ අසාධාරනයක් කරල නැහැ.

      අම්මා තේ ගේනකොට හිතුනේ අනේ එයා මෙහෙම ගෙනෙයි නේද කවද හරි කියලා. ඒ කිව්වේ මගෙ ලගට නෙවේ. මගේ ලමයි ලගට. :)

      ජයම වේවා !

      Delete
  23. මුස්ලිම් එවුන් කොහොම ඉහගහනවද මන්ද මේ විදියට!
    අයි බන් ගෑනුම 7ක්නේ!:D

    ReplyDelete
    Replies
    1. නැහැ මචං 7ක් ඉන්නකොට හොද 1ක් හරි සෙට් වෙන නිසා අවුලක් නැතිව ඇති.

      අනික සෑම කියපු අන්තිම කරුණ ගැන හිතල බලපං. ඔක්කෝම 14ක් එක් පුද්ග‍ලයෙක් සතුව තියෙන නිසා කොහෙන් හරි සෙට් වෙනවනේ.. :ඩී

      ජය !

      Delete
  24. සමහර කරුණු සමඟනම් එකගයි ..
    …මේ ගීතය ගැනනම් බොහෝ වෙලාවට සම්මුඛ පරීක්ෂණ වලදිත් අහනවලු .

    ReplyDelete
    Replies
    1. එකග නැහැ කියන්නේ අන්තිම කරුන එක්ක වෙන්ට ඇති. :ඩී

      ගිතය අරුත් බර නිසා අහනව ඇති දැනුවත් කම බලන්ට..

      ජයෙන් ජය..

      Delete
  25. මෙ වෙනස තෙරුම් ගන්න නම් අවුරුදු 40 පනින්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අපේ ගෙවල් පැත්තේ ඉන්න ජෝන් සීයාට අවුරුදු 80ක් පමන වේ. එතුමා හොදටම දන්නවා ඇති. එත‍ කොට ලොකු ජෝන් කොච්චර වයස ඇතිද ? ;)

      ජය !!

      Delete
  26. හැම වෙලේම ඇය ඔහොම නෑ මං හිතන්නෙ.භාර්යාවො වර්ග 7 ඉන්නවානෙ.මාතු භාර්යාවක් හම්බ වුනොත් අම්මා වගේම තමා. ඔබතුමාගෙ කෙසේද??? ;)))

    ReplyDelete
    Replies
    1. ලිපිය හරියටම තේරුම් ගත්තේ පොඩිකුමාරි හාමි විතරද මන්දා..
      //දෙන්නා ගැනම කියලා තියන කතා ඇත්ත ඉතින්. කල් යනකොට බිරිඳත් මවක් වෙනවනේ. :)//

      ඇය මව වූ කලෙක සියල්ල වෙනස් වේ. ඉතිං සෑමා, කන්තාවට මේකෙ අසාධාරනයක් කරල නැහැ.

      සෑම් තුමාගෙ එක්කෙනා 7න් කොයි එකේද නොදනිමි. නමුදු මට සහ මගෙ පවුලට කරදරයක් නැති බව නම් දනිමි.. :))

      ජය !

      Delete
  27. මෙ අම්මාම දවසක ඇය ලෙස හිටියනේ ඉතින් ඇයත් දවසක අම්මා කෙනෙක් වෙනවනේ ඒ නිසා මේක උපේක්ෂාවෙන් කියවන ලදී

    ReplyDelete
    Replies
    1. //මෙ අම්මාම දවසක ඇය ලෙස හිටියනේ ඉතින් ඇයත් දවසක අම්මා කෙනෙක් වෙනවනේ //

      ටික දුරකට තේරුම් අරගෙන..

      ජය !

      Delete
  28. කපුගේ ගේ මාත් ආසම සින්දුවක් තමයි ඔය. කොහොමත් කපුගේ ගේ ආසා නෑ කියන්න සින්දු මට නෑ.

    අර අම්මයි බිරිඳයි ගැන කියන දේවල් ඔහොම නෙවේලු.

    ReplyDelete
    Replies
    1. ඔබ කීවා සේම එතුමාගේ ගිත ගණනාවක්ම (සියල්ලම පාහේ) සෑමා කැමතිම ගීතය.

      අම්මයි බිරිදයි ගැන කියන දේවල් ඔහොම නෙවේ කීවේ ඇයි ???

      Delete
  29. ඒ උනාට අම්මවයි බිරිඳවයි සංසන්දනය කරන්න එපා. ඒක දෙන්නටම කරන අසාධාරණයක්.

    ReplyDelete
    Replies
    1. සංසන්දනය කලා නෙවේ පිණිබිදු, ඇය දිනෙක මව වන බවක් කීවෙමි. එවිට සියල්ල වෙනස් වෙන බවද දැන ගත යුතු.

      ඇයට වත් - මවට වත් හානියක් නොවන ලිපියක් බව ඉදුරා කියමි.

      ජය !

      (පොඩි කුමාරිහාමිගේ කමෙන්ටුව බලන්ට)

      Delete
  30. අම්මප සෑම් අයියෙ කට අල්ලපන් මසුරන් ගෝනියක් හලන්න.........

    ReplyDelete
    Replies
    1. කට ඇරියොත්, කටට මසුරන් වැටෙන්නේ කිහිපක් පමනි.

      එනිසා ගෝනිය එහෙම් පිටින්ම සෑමාට දීම අගනේය.

      ජය !

      Delete
  31. කතාව යටින් ඇති අරූත වේදනාත්මකය....කපුගේ මහතා මා වඩාත් අගය කරන ගායකයේකි..ගීයකින් බොහො දේ පැවසිය හැකිය..ඔබ ලීයා ඇති පද කිහිපයෙන්ම එය පසක් නොවෙද...සරළව වුවත් අකුරු කර ඇත්තේ සිතන්නට යමකි...ජය

    ReplyDelete
    Replies
    1. හීනියට දාගත් කලෙක කපුගේ, මිල්ටන්, වික්ටර්, වැනි කිහිපදෙනෙක් සිහිවෙන්නේ නිතැතිනි.

      ජයෙන් ජය සහෝ !

      Delete
  32. මම කලින් දාපු කමෙන්ට් එක මොනවද වෙලා. ස්පෑම් එකේවත් තියේද කියල බලහන් කෝ.කලින් ලියපු එක මතක නැහැ.

    වම් පැත්තේ තියෙන ඒවාත් එක්ක එකඟයි ඒත් දකුණු පැත්තේ තියෙන ඒව ගැන කිසි අවබෝධයක් නෑ.ඒත් රට්ටු කියන කතා ඇහුවහම දකුණු පැත්ත විඳින්න හිතෙන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. මචං ස්පෑම් වෙලා නැහැ මම බැලුවා..

      රට්ටු කියන ඒව අහල නිකං ඉන්න එපා බං.. දකුණත් සිරා.. :)

      Delete
  33. දැන් තමා ලිපියේ ඇත්ත අර්ථය තේරුණේ... සෙන්නා අයියා දීලා තියෙන විචාරය නියමයි මම අදයි ඒක දැනගත්තේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. පස්සෙ හරි තේරුනානේ..

      ජය !

      Delete
  34. මම අහලා තියෙනව කොල්ලෙක්ට කවදා හරි බඳින්න ලැබෙන්නේ තමන්ගේ අම්මාගේ ගති ගුණ තියෙන ගැනියෙක් ලු.. මේ කතාවේ හැටියට නම් බඳින කෙනා අම්මා ගේ ගති ගුණ පසූ කාලීනව ලඟා කර ගන්නවා. නරක ම නෑ...

    ReplyDelete
    Replies
    1. //මේ කතාවේ හැටියට නම් බඳින කෙනා අම්මා ගේ ගති ගුණ පසූ කාලීනව ලඟා කර ගන්නවා.//

      කතාව තේරුම් ගත්තාට තුති !

      :)

      Delete
  35. මිතුරියක්, සොයුරියක්, නැගෙනියක්, පෙම්වතියක්, බිරිදක් මවකගෙ භූමිකාවට එද්දි ගොඩක් වෙනස් වෙනවා..

    මවක් අහස වගේලුනේ.. :)

    වැස්සත් බැනුම් අහනවා.. පෑයුවත් බැනුම් අහනවා.. :)

    ජය වේ..!

    ReplyDelete
    Replies
    1. මව අහසක් වගේ කියන එක නම් හරියටම ගැ‍ලපෙනවා..

      ජයෙන් ජය !

      Delete
  36. සෑමා ඇත්ත කියහං.. මේ ඇයගේ ටික උඹ ලිවුවේ කොහොමද කියලා? අම්මා ගැනනම් අපි කොහොමත් දන්නවනේ..

    ReplyDelete
    Replies
    1. මේ සමාජය ගැබුරින් අධ්‍යනය කරලා ලිව්වේ :ඩී

      Delete
  37. අපූරු වචන පේළියක්...සැමාටත් හිතෙන දේවල්... මටනම් තවත් සිංදුවක් මතක් උනා.. අමරදේවයන්ගෙ "තාත්තා උනත්"...

    ReplyDelete
    Replies
    1. උඩින්ම දාන්න හදපු එක මිස් උනා... අපූරුයි කියුවෙ මේටිකට... ඔක්කොම අපූරුයි තමා ඉතින්.....

      ///ඇය මවක් වූ දිනෙක මේ සියල්ල වෙනස් වනු නියතය. එවිට ඇය මවගේ ගති ගුණ අනුගමනය කරනු ඇත.
      වෙනස් නොවන වෙනස නම් ගැහැණියමය.

      මිතුරියක්, සොයුරියක්, නැගෙනියක්, පෙම්වතියක්, බිරිදක්, මවක් සහ සෙසු චරිත රැසක් ! ///

      Delete
    2. අමරදේවයන්ගේ ගීතය අහල බලන්ට ඕනේ

      ස්තුති කිව්වා..

      ජය !

      Delete
  38. "විවාහවී මුල් වසර කිහිපයක් ලගටම ගෙනත් දෙන්නීය. පසුව "අන්න තේ හැදුවා ගිහින් බොන්න" කියන්නීය. තවත් පසුව ඇය නිදිය. අප කඩෙන් තේ බිය යුතුය. නැත්තම් අල්ලපු ගෙදරින්ය."

    මමනම් ආස අන්තිම ක්‍රමේට ,, විවිධ තේ වර්ග නවමු ආකාරයට රස බැලිය හැකි වනු ඇත , සෑමා ට පිං
    මාත් හොයාගන්නවා අල්ලපු ගෙදරින් තේ බොන්න කියන කෙල්ලෙක්ව .

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...