Sunday, April 22, 2012

සයිබරයේ සිහින අවුරුදු උලෙල නම් 'බොරුවට' ගියෙමි....


‍‍‍
කස්ටිය දැන් සෑමාට බැනගෙන මේ පැත්තට එනවා ෂුවර්ය. අද පැවැත්වු සයිබරයේ සිහින අවුරුදු උලෙල තනිකර බොරුවක් බව අවසාන‍යේ තේරුම් කර දෙන්නේ සෑමාය.

උදේම නැගිට ගත් සෑමා ෂෝටක් දමාගෙන "I AM CURRENTLY AWAY FROM MY COMPUTER" ටී-ෂර්ට් එක දමාගෙන අම්මාට කිවේ සයිබර අවුරුදු උලෙලට යනවා කියාය. 
"ඈ ඒ වගේ තැනකට මෙහෙම යනවද ?" ඇය ෂෝට දෙස බලමින් කීවාය.

"ඔව් මේ කමක් නැහැ..." කියමින් සෑමා පිටත් වීය.

සෑමා කවදාවත් බ්ලොගේ වැඩකට එකතු වී නැත්තේය. පෙරදින චැටේ සෙට් වුණ කුඹූ ගේ ලෝකය කීවේ මචං මාත් කලින් ඕකකට සෙට් වෙලා නැහැ දෙන්නා එකට යමු කියාය. ඒ අතර තව එකෙක් චැටට ආවේය. පොරගේ නම 'අරුණ'ය. සෑමාට පොරගේ බ්ලොගේ නම මතක තිබ්බේ නැත. අරුණයා ඇහුවේද හෙට එනවා නේද කියාය. ඇත්තටම පොරගේ බ්ලොගේ නම මතක් වුනේ සිහින අවුරුදු උලෙලේ හමුවී කතා කළ පසුය. පොර රෙප් මහත්තයාය.

රෙපා, කුඹු සෙට් වී කතා කර සිටින විට දේවා, කිරිපුතාද‍ සෙට්විය. අනිත් එවුන් කවුද කියා සොයා ගන්නට ලේසි වුනේ එල්ලා තිබූ ටැග් නිසාය. එහි වුයේ බ්ලොගේ නම සහ පුද්ගලයාගේ නමය. සෑමා, සහ කුඹු ඒ වෙන විටත් ටැග් නැතිව කැරකි කැරකී සිටියෝය. ඔබා මාමාගේ නම කියවුනු නිසා සෑමා ඔබා මාමා සොයා පිටත් වුනේ විශේෂිත ප්‍රදේශයකටය. ඒ පැත්තේ මතට තිතය. ඒ යන අතර තුරදී සෙට් වුනේ අපේ රස්තියාදුකාරයාය. පොර ඔසාමා මෙන් රැවුල වවාගෙන පැත්තකට වී සිටියදී සෑමා අහුලා ගත්තේය.

මතට තිත පැත්තේ පට්ට අවුරුදු උලෙලක්ය. ඒ තරගෙට බෝතල් හිස් කිරීමය. සුදුපාට අංකල් කෙනෙකු කණ්නාඩි කුට්ටම් දෙකක් දමාගෙන ඉදගෙන සිටියදී සෑමා තට්ටුවක් දමා කතා කලේය. ඒ අතර තව එකෙක් පැන්නේය. ඒ අභිතයාය. 

"උඹ කවුද මචං.." ඒ අභියාය.
"මම සෑම්.."‍

"අම්මද බොල සෑමෝ..." අභියාගේ දෑත් දිගුවිය.

එතන සිටි හයේ හතරේ පොර රංග අයියා බව දැනගත්තේ අභියාගෙන්ය. රංගයියා සතුව ඩ්‍රොවින් පොතක් පිරෙන්නට රූප ඇත්තේය. ඒවා ඔක්කෝම ඇග පුරා ඇදගෙනය. මීලගට සෙට් වුනොත් ඩ්‍රොවින් පොතක් තෑගි කළ යුත්තේමය.

"හරියන්නෙ නැහැ මචං අපිත් අර බෝඩ් කෑල්ලක් ගහ ගමු. නැත්තං ඉන්න එකාලා අපිව දන්නෙ නැහැනේ." සෑමා කීය.

"මචං බෝඩ් ගන්න තියෙන්නේ කොහෙද?" අපි ඇසුවේ දේවාගෙන්ය.

"පොඩි මෑන්ගේ පවුල ලග තියෙනවා. ගිහින් කෑම වලටත් ගෙවලා බෝඩ් එක ගනින්."

පොඩි මෑන්ගේ පවුල සොයා ගිය සෑමා, රස්තියාදුකාරයා සහ කුඹු ටැග් එල්ලා ගතිමු. එල්ලාගෙන ටැප් එකට ගොස් වතුර බී පඩිපෙල නගින්නට ලැබුනේ නැත. එකෙක් ෆෝන් එකක් කනේ තියාගෙන සිටියේය. පොර ෆෝන් එකද ඉවත් කර සෑමා දෙස බැලුවේය. ඇත්තටම මුහුන දෙස නෙවේය. ටැග් එක දෙසය.

"අඩේ සෑම්..." පොරගේ අත දිගු විය.

"මචං බනියා මම බැලුවා මේ වැනි වැනි එන කසියා ඩයල් එක කවුද කියලා. අපිත් කසියා ඩයල් නිසා අදුන ගන්න ලේසි වුනා.." බනියා ලගට ගනිමින් පොර කීවේය.

"උඹ මගෙ ටැග් එක නිසා සෑම් කියල දන්නවා.. උබ කවුද බං.." සෑම් අසරණ වී පොරගෙන් ඇසුවේය.

"මම රාජ්..."

"අඩේ ඉංග්‍රිසි රාජ් නේද? සිංහල එකානේ රාජ්ගේ නවාතැන කරන්නේ..." (උන් දෙන්නාගේ ප්‍රොෆයිල් වෙනස් වෙන්නේ නමින් නෙවේය. ලියා ඇති භාසාවෙන්ය.)

"මචං අපි ඔෆීස් එකේ එවුන් එකතු කරගෙන ට්‍රිප් එකක් ඕගනයිස් කරන්න බැරි එකේ, කවදාවත් දැකල නැති අපිව එකතු කරන්න උබලා මේ කරපු වැඩේ නම් සුපිරි බං..." සෑමා සහ පිරිස රාජ් සමග කතා කරපු ටිකෙන් මේ ටික ලීවොත් ඇති බව නිසැකය. ඒ අතර බනියාද පැන්නේය. පොර සෑමාගේ කුඩාකල සිට මිතුරා 'අංජා'ගේ මිතුරෙක් බව මතක් කර දුන්නේ සෑමාය.

දැන් අපි ටැග් ගසා ගෙන නිසා කාටවත් කරදරයක් නැත්තේය. කස්ටිය බලන්නේ මූන නොව ටැග් එකය. හිතුවක්කාරි ටැග් එක පපුවේ ගසාගෙන නොසිටියාය. ඒ හැමෝම ටැග් එක අල්ලා කියවා බලන නිසා විය හැක. අපේ එකාලා ටැග් අල්ලනවා කියා කරන්නේ අවැදගත් ඒවා නිසා ඇය එය පහලින් ගසාගෙන සිටියාය. 

කැමරාවක් අතින් ගත් පොරක් ඒ අතර සෑමා ලගට ආවේය. පොර වෙනියාය. අපේ ඕනයා හොස්පිට්ල් ගතව ඇති බව කීවේ වෙනියාය. කොහෙන්දෝ පැනගෙන ආපු තව එකෙක් අතට අත දුන්නේය. පොරට ටැග් නැත. "මචං මම ගැමියා..." අනේ උගෙ ගැමි කම. සෑමාට කියන්නට සිතුනේය. තව එකෙක් බෑග් එකක් කරේ එල්ලාගෙන සිටියේ සෑමා සහ පිරිස කෑම ගන්නට ගිය වෙලාවේය. පොර ඈත තියා රාජ් සමග කතා කොට සෑමා දෙසට අත් දිගු කරනු සෑමා බලා සිටියේය. බෑග් එක එල්ලාගත් පොර ආවේ අපි සිටින පැත්තටය. "මචං සෑම් අයියා මම පිස්සා.. හිත හොද පිස්සා..." මුං කොහොම කටක් ඇරලා මේ නම් කියනවාද මන්දා සෑමා කිවේය. සෑමාට මතක් වුනේ ඔබා මාමා රස්තියාදුකාරයාගේ නම ඇසු අයුරුය. "ඔයා කවුද ? මොකක්ද බ්ලොග් එක?" ඒ ඔබා මාමාය. "මම රස්තියාදුකාරයා.." විලි ලැජ්ජාවේ සංතෝසෙ බැරිය. කට ඇරලා කීවේ ඒ නමය.

"සෑම් මම චම්මා.." තව එකෙක් අත දුන්නේය.

"අහ්.. මොකද අමතක. අර කහපාට කොටු‍වේ කලුපාට සී අකුරක් තියෙන්නේ" පොරගේ ප්‍රොෆයිල් පොටෝව සෑමාට මතකය.

අලියාට ඇහැ තියන්නට කියා සෙට් වෙද්දී ඈත තියා තොප්පියක් දා ගත් පොරක් අත වැනුවේය. ටැග් එක නොදැක සෑමා අදුන ගත්තේ කෙසේද කියා බලන්නට ලගට ගියෙමි. අප්පද බොල පොර සුමිත් අයියාය. බ්ලොග් නොලිව්වාට කමෙන්ට් සුපිරිය.

තව එකෙක් සිටියේ වල් පල් කියා පපුවේ ගසාගෙනය. පොර පිස්සු පූසාය.

අලියාට ඇහැ තියන්නට ගියාට වැඩක් වුනේ නැත්තේය. කවුදෝ ‍පොරක් අපිට කලින් තිබ්බේය. සෑමා නැත්තම් අලියාට ඇහැ තියනවා ෂුවර්ය. නැතිනම් හංසයෙක් ‍හෝ ඇදගෙන ඇස තියනවා ෂුවර්ය.

කෑම ගන්නට ගිය තැනදී ගයනී සහ ගයාන් ලෙස බාලසූරිය දෙදෙනෙක් සෙට් වුනේය. ගයනී කිව්ව කතාවට සෑමාට පොලොව පලාගෙන යන්නට සිතින.

"අපෝ ඔයාද සෑම්. මම හිතුවා තඩි මහ විසාල කොල්ලෙක් කියලා. බැලින්නම් මේකා එච්චර සයිස් නැහැනේ..." පව් ගයනි හිතන්න ඇති සෑමා එයා වගේ කෑම දෙක දෙක කනවා කියලා. සෑමා තමාටම කියා ගත්තේ ඇගේ අතේ තිබි කෑම පාර්සල් දෙක නිසාමය.

පොඩි මෑන් කිව්වේ වෙන කතාවක්ය. "සෑම් උබලා ඇයි බං පරන් පොටෝ දාන්නේ ප්‍රොෆයිල් එකට. ඒ පොටෝ වල උබ ඉන්නේ තරුණ කොල්ලෙක් වගේ . බැලින්නම් පට්ට වයසයිනේ.." සෑමාට ඇඩුනේය.

පඩි පෙලේ සිටින විට පොඩි කොලුපැට්ටෙක් අස්සෙන් රිංගුවේ තට්ටු කරමිනි. පොර "ආහ් සෑම් අයියා කීවේය". මාව දන්න මම නොදන්න මූ කවුද? ටැග් එකක් වත් නැත. ලගට ගොස් ඇසූ කල පොර බිම්සරය. ඒ අස්සේ මධුරංගයාද කොහේදෝ සිට ඇවිත් කතාකලේය. පසුව වෙච්ච දෙයක් නැති විය.

ඉන් පසු කඹ ඇදිල්ලට සෙට් වුනේ කුඹු, සෑමා, රස්තියාදුකාරයා, පිණිබිදු, ප්‍රාර්ථනා, චම්මා, පිණිබිදුගේ අයියා, කිරි පුතා සහ පිස්සු පූසා සිටියේය. පළමු වටය කුජීත වී අපි එක පාරම ඇදී ගියේ ප්‍රතිවාදි පැත්තටය. නිවේදක මාමා කීවේ "පුරුෂ දහිරිය යොදා අනෙක් පිල අපිව ඇද්ද බවකි." විලි ලැජ්ජාවේ සංතෝසෙ බැරිය.

කලින් තරගයේ පරාජිත පිල සමග අපි නැවත තරග වැදුනෙමු. පස්ටය අපි දිනුම්ය. නැවත අවසාන වටයද ජය ගත්තේ අපිමය. පස්ට ආතල්ය. කොන්ද පොඩ්ඩක් ඇදුනා පමණි. අපි දිනපු හැටි දන්නේ අපි පමණක්ය.

තවද රත්ගමයා සොයාගෙන ගොස් කතා කලෙමි. පොර අවුරුදු කුමාරයා වෙන්නටම සූදානමින් පැමින ඇති බවක් හැගුනේය. පිණිබිදු, මහී, චාමිකයා, හැදින ගතිමි. තවද නාකියා කියන තරම් නාකි නැති බවද හැදින ගතිමි. බ්ලොග් ගඩොල්ද මුණගැසින. මාතලන් සෙව්වද හිටියේ නැත. කස්ටිය කීවේ මාතලන් මේවා මිස් කරන්නේ නැහැ කියාය. අසරණයා, රාජ් (නවාතැනේ එකා), සෙන්නා, නිසුපා, අමා, ශානි, බුවා, කකා, සදරු, නෝටි, පොඩි කුමාරිහාමි, වර්ණා, දිනේශ්, රූ, වින්වැට්, අග්නිධාරා, ගැටයාලහිරු, ඔබ‍ නොදුටු ලොවක්, මඩිස්සලේ නිෂාන්, ලොකු පුතා, අඩවි රජා, හරීසාතන්, Dude සහ තවත් ‍බො‍හෝ අය‍ නැති අඩුවක් තිබිණ.

බහුතරයක් ඇසුවේ පොඩි සෑමාගේ ලියුම් ලියන්නේ උඹද? කවි ලියන්නේ උඹද? ලොකු සෑමා කවුද? කියාය. ඒ ප්‍රශ්නයට සෑමාට පස්ට මලය. ඔය කියන හැම එකාම මමය. මේ සෑමාය. වෙන එවුන් නැත. 

සියල්ල අවසන්ය. නොදැක්කෝ දැක ගතිමි. මෙහි නම් සදහන් නොවූවෝද බොහෝ වෙති. සියල්ලන්ටම ස්තුතිය. පෝස්ටුවේ මාතෘකාව සෑමා විශ්ලේෂනය කරන්නේ මෙසේය.

සයිබරයේ සිහින අවුරුදු උලෙල නම් අමූලික බොරුවක්ය. එය සිහිනයක් නොවේමය. සැබෑවක්මය. අපි නොදත්, නොදුටු සැමගේ උත්සාහයක සැබෑවීමක්ය. සිහිනයක් ලෙස කීම බොරුවක්මය.

ජයෙන් ජය !

Written by sAm_7.05pm_22.04.2012

පලි - පොටෝ ටික ඉක්මනට දාපල්ලා..

මෙන්න කඹ සෙට් එකේ ජයග්‍රාහකයෝ.. පොටෝවට කුඹුට ස්තුතිය

170 comments:

  1. නියමයි හොඳේ..
    "සයිබරයේ සිහින අවුරුදු උලෙල නම් අමූලික බොරුවක්ය. එය සිහිනයක් නොවේමය. සැබෑවක්මය. අපි නොදත්, නොදුටු සැමගේ උත්සාහයක සැබෑවීමක්ය. සිහිනයක් ලෙස කීම බොරුවක්මය."
    මේ ටිකට මම මාර කැමතියි හොඳේ.. නියමයි.. හික්ස්.. ඇඳන් ආපු ටී ශර්ට් එක නම් මරු.. :P :D

    ReplyDelete
    Replies
    1. ටී ෂර්ට් එක ගැලපෙන්න ඇන්දේ.. කඹ ඇදිල්ල ඔයා අයින් වුන නිසා අපි දින්නේ.. :පී

      ස්තුති !

      Delete
    2. ප්‍රර්ථනා අනිත් කණ්ඩායමෙන් අත යට ගානක් අරගෙන වෙන්න ඇති.. අළුත් අවුරුද්දේ ගණුදෙනු කරලත් නැහැ කියන්නේ....

      Delete
    3. හපෝ... යනෝ යන්න... අපි ඉඳලා තමා අවසන් වටේට තේරුනේ හරිද... හහ්

      @අසරනයා අයියා- අනේ මේහ්... මම ඒ වගේ පාවාදීම් කරන්නේ නෑ හරිද? :P

      Delete
    4. හරි හරි නංගී කවුද නැහැ කිව්වේ.. කෝමද අපේ සෙට් එකේ සද්දේ.. හිකිස්..

      @අසරණයා - සල්ලි වලට නෙවේ මයෙ හිතේ කෑම එකට තමා පාවා දෙන්න ඇත්තේ. මම දැක්ක දෙකක් කනවා.. :)

      Delete
    5. @ ප්‍රර්ථනා ඔය කියන්නේ එතන හිටපු කෙනෙක්. ඔන්‍න‍ අපිනම් මොනවත් කිවුවේ නෑ....

      Delete
    6. @ප්‍රාර්ථනා
      අපිනෙ දන්නෙ කට්ටිය කඹ ඇදපු හැටි. නායකත්වයේ හැකියාව තමයි සාර්ථකත්වයේ රහස.

      Delete
    7. @අසරණයා - අඩෝ උබ මෙතන කොට්ටපොර තරගයක් තියවන්නද හදන්නේ.. මට ගහයි ය‍කෝ ප්‍රාර්ථනා..

      @කිරිපුතා - නායකත්වයේ හැකියාව කිව්වේ රනිල් මාමා වගේද ? අනේ යකෝ..

      Delete
  2. අඩේ... සිරා දවසක් මිස් වෙලා තියෙන්නේ.එතන හිටපු ජනප්‍රියම චරිතේ සෑමා වගේ.හැමෝම හොයල තියෙන්නේ සෑම්ව නේ. මට මේ දැනෙන වේදනාව අකුරු කරන්න බැහැ. ඉවසපන් පපුව ඉවසපන්...!!

    ReplyDelete
    Replies
    1. අපිටත් දවසක හද පායනවා අසාර් අයියේ... ඉවසමු ඉවසමු...

      Delete
    2. මුන්ට තියෙන ජෙලලලලලලලලලලලලලලල..... :-))))))))))))))

      ගනන් ගන්න එපා බං අයියේ..

      Delete
    3. දෙසීයක් විතර හිටියා මචං.. දහයක් විතර සෑම් ගැන ඇහුවා. හිකිස්.. :)

      Delete
  3. Replies
    1. උඹත් නැහැ නේ..

      Delete
    2. අපි ඉතිං ජනප්‍රිය චරිත නෙමේනෙ..

      Delete
    3. කවුද කියන්නේ? අනික ජනප්‍රිය වෙන්න එතන ඇවිත් විකාරයක් කරන්න තිබ්බා උබට.. හිකිස් !

      Delete
    4. ලබන පාර මං අනිවා...
      යනකොට කීන්න ඈ..

      Delete
  4. ඒ බං වර්ණා සුපුරුදු විදිහටම පරක්කු වෙලා ආවා කියලා ඔය බුකියේ දාලා තියෙන්නේ..

    අඩේ ඉතින් ලංකාවේ උන්නනම් මම මේ වගේ දෙයක් ම්ස් කරනවද බං.. අවුලක් නෑ කොහොම හරි උඹලා හොද ෆන් එකක් ගත්තනේ.. ඔය ෆොටො තියෙන උදවිය ඉක්මනට ඒවත් දැම්මනම්..

    ReplyDelete
    Replies
    1. අප්පද බොල වර්ණා මිස් වෙලා නොවැ.. අපිත් එක්ක කතා කරන්න අකැමති නිසා වෙන්න ඇති.. හිකිස්..

      ඔව් මචං.. මීඩියා එකේ ගොඩක් හිටියා පොටෝ නැවකට ඇති..

      Delete
  5. ඔව්වා කියන්න එපා යකෝ සැමා අයියේ....මං ආවෙ නැත්තෙ ඇයි කියලා හිතෙනවා :-)

    ReplyDelete
    Replies
    1. අපිවත් මතක් වෙලා..... ටැංකියු ඈ...

      Delete
    2. හොද වැඩේ උබලට එන්නෙ නැති එකට.. බලපං ඔබා මාමා ලයිසන් තුනක් අරන් ලංකාවට ඇවිත්.. මෙහෙ පාරවල් වල යන්න ඕනෙ නිසාම..

      Delete
  6. මම ආවේ නැද්ද? එහෙනම් කවුද බොලේ වර්ණා කියලා ආවේ? බොන්ට ඕනා පුරස්නයක්

    ReplyDelete
    Replies
    1. අප්පද බොල ඔයා මට සෙට් වුනේ නැහැනේ.. හොද වැඩේ කතා නොකලට.. හිකිස්..

      Delete
    2. ඇයි බං .. අර කිරිටොපි වෙනුවට කඩෙන් කබල් ටොපි වගයක් ගෙනත් හැමෝටම බලෙන්ම වාගේ බෙදුවේ ... උඹ දැක්කෙ නැති එක නම් පුදුමයි.

      Delete
    3. අපෝයි.. මම දැක්කා... ඒ වෙලාවේ තමා අපි ගෙදර එන්න මාරු වුනේ.. ඒ මෙයාද??

      වෙලාවට කෑවෙ නැත්තේ මචං.. අපි වාසනාවන්තයි බලං ගියාම.. උඹ කෑවද ? අවුලක් නැහැ නේද ?

      Delete
  7. හම්මටසිලි එහෙම උනා නේද.........

    ReplyDelete
  8. කෝ බන් අවුරුදු උත්සවේ ගැන?... පොටෝ ටිකක්වත් දාපන්...

    අවෙ නැතිවුනාට අපිවත් මතක් කලාට තැන්කිව් හොඳේ... :)

    ReplyDelete
    Replies
    1. ඇයි බං ආවෙ නැත්තේ???

      පොටෝවක් පස්සේ දැම්මා බලපං කඹ ඇද්ද කොල්ලෝ ටික.. සහ කෙල්ලෝ දෙනම..

      අනිත් අය පොටෝ දායි බලපං.. මීඩියා වලින් ආව නිසා මම කැම් ගෙනිච්චෙ නැහැ.. හිකිස් !

      Delete
  9. අඩේ මම බලාගන හිටියේ උත්සවේ වාර්තාවක් එනකම්.. මුල්ම ප්‍රතිපලය සෑමාගෙන්.. මොකද යකෝ කැමරාවක් අරන් නොගියෙ.. එහෙමනම් අපිටත් කට්ටියව බලා ගන්න තිබුනානෙ.. බලමු වෙන කවුරු හරි දාවිද කියලා ෆොටෝ ටිකක්..

    අපිවත් මතක් වීම ගැන ස්තූතිය... සයුරෙන් එතෙර සිටින නිසාම එන්නනට නොහැකි වූ බව කණගාටුවෙන් දන්වමි. බලමු ඊලඟ එකටවත්..

    ReplyDelete
    Replies
    1. උත්සවේ අහවර වෙලා ආපු වෙලේ ඉදන් ලියපං ලියපං කියලා හිතුනා බං.. සිරාම දවසක්..

      අනිත් අය පොටෝ දායි බලපං.. මීඩියා වලින් ආව නිසා මම කැම් ගෙනිච්චෙ නැහැ.. හිකිස් !

      උත්සවේදි උබ ගැන කතා කරද්දි කවුද මන්ද කිව්ව උබ ලංකාවෙ නෙවේ ඉන්නේ කියලා.. එවලෙයි මම දැන ගත්තේ..

      ඊලග පාර වරෙන්..

      Delete
    2. ලබන මස දේශ ගතවෙමි.

      ඉඩක් ලදොත් හමුවෙමු. ගැටලුවක් නැත්නම් දුරකතන ඇමතුම සඳහන් කොට හීයක් එවපන්.

      Delete
  10. එන්නනම් ගොඩක් ආසාවෙන් හිටියෙ අයියෝ......:(
    හයියූ ඇඩෙනව අප්ප......:‘(

    ReplyDelete
    Replies
    1. ඊළඟ පාල අනිව එනව.....
      ගොදාක් ඉස්තූතී අපිව මටක්කලාට.....:)

      Delete
    2. ඔයාව මතක් වුනා කඹ අදිද්දී.. කඹේ අනිත් කෙලවරේ ගැට ගහල තියන්න :)

      Delete
  11. ඇදෙ මමත් ඇවිත් ඇහුවේ කොයි වේලාවේද අවේ කියල.. සිරාවට මං හිතන් හිටියට වඩා උබ වෙනස්නේ.. උබට අම්ම කන්න දෙන්නේ නැද්ද සැමෝ...?

    ReplyDelete
    Replies
    1. ඇයි බොල මම ඔය ගහක් ගලක් වගේ ඉන්නේ.. :)

      ඔක්කොම කලවං වෙලා බං දැන්.. උඹ කතා කලා නේද.. දැනුයි මීටර් වුනේ මගේ ජීවිතය කරන්නේ උබ කියලා.. :))

      Delete
  12. කඹ ඇදපු හැටි දන්නෙ අපිනෙ.
    සෑමාගේ ඇනගැනීම් ගැන හෙමිහිට කවියෙන් වැටෙනු ඇත.
    කඹ ඇදපු එකේ රහ දැන් තමයි දැනෙන්නෙ. : ඩී

    ReplyDelete
    Replies
    1. අඩේ මම නෙවේ.. මගෙ පිටිපස්සේ හිටපු රස්තියාදුකාරයා රෑටලා ඇවිත් මගේ කකුල් දෙකත් එක්කම ලිස්සලා ගියා.. තෝ පොටෝ දාලත් මාව විනාස කලා.. පරිස්සමෙන් හිටු නරියා !

      Delete
  13. කොහොම වුනත් හොඳ ෆන් එකත් ගත්ත බව නම් පේනවා..
    ටී ෂර්ට් එක හා සෑමාගේ ඇඳුම පට්ට කුජීතය..ආවේ නැතත් ඒ ගැන නම් කියන්නම ඕනෑය..හික්ස්..

    ReplyDelete
    Replies
    1. ඔව් බං විලිලැජ්ජාවේ බැහැ මම විතරයි කොට ෂෝටක් ගහලා හිටියේ..

      තෝ මොන තරහක්ද බොල පිරිමහන්නේ. වරෙන්කෝ බලා ගමු...

      හිකිස්..

      Delete
    2. ඒ..මේ... රූ... කියන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක් ද?..

      Delete
    3. අසරණයා - දන්නෙ නැහැ මචං.. ඔය සීන් එක මට කලිනුත් වෙලා තියෙනවා. කෙල්ලන්ට මචං,උඹ,බං,බොලං කියාල කමෙන්ට් කරලා.. හිකිස්..

      අනික රෑ, රෑ සරනි, දිනේෂ් ගේ බ්ලොග, සහ වර්ණා මට ඕවා පැටලෙනවා බං.. මුං අපිව මඤ්ඤං කරනවා..

      Delete
  14. සෑමා, තෑන්ක් යූ වේවා. මෙච්චර ඉක්මනට විස්තරේ දැම්මට. මම දවසම කල්පනා කරකර හිටියේ උඹලා මාර ආතල් එකක් ගන්නවා ඇති කියලා.
    ඒක නෙවෙයි බං මට ඕනයා ගැන පොඩ්ඩක් කියපං විස්තර. ඌ ඇත්තටම හොස්පිටල් එකේද? මාර අප්සෙට් එකනෙ. ඌ අවුරුද්දක් ඇඟිලි ඇන ඇන හිටියේ ඕකට එන්න. එතකොට කෙල්ලගෙ උපන්දිනේට මොකද උනේ දන්නෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඕනයා හොස්පිට්ල් ලු. කස්ටිය යනවා කියල ගියා බලන්නත්. මම වැඩි විස්තරයක් දන්නේ නැහැ. පව් බං පොඩි එකීගේ බර්ත්ඩේ එකට පොර ගෙදර නැහැලු. පොඩි එකීට උබ දාපු පෝස්ටුව ගැන ඔබා, මම, තව කස්ටිය කතා කලා..

      කස්ටිය පැටලිලා හිටියෙ පෝේටුව ගැන. ඔබා තමා පැහැදිලි කලේ..

      Delete
  15. උඹ කොහෙද බොල හිටියෙ, මම හෙව්වා හම්බ උනේ නැහැනෙ ......

    ReplyDelete
    Replies
    1. කහ ෂර්ට් එකවත් දැක්කෙ නැද්ද. අපරාදෙ බං.. ගොඩක් ආපු එවුනුත් මිස් වුනා..

      මම ගොඩක් එවුන් හොයාගෙන ගිහින් කතා කලා මචං.. පොටෝවලින් බලමු උබව මීටර්ද කියලා..

      ආයෙත් අපරාදේ.. :((

      Delete
    2. සිරාවටම ආපු සමහර අය එක්ක කතා කරන්නවත් හම්බ උනේ නැහැ, මොනා කරන්නද පස්සෙවත් සෙට් වෙමු ...

      Delete
  16. අපිවත් මතක් උනා එහෙනම්... ;)
    කොහේ එන්නද බං, අපි තාමත් සිරිලකට පය ගැහුවේ නැහැනේ... :/
    උඹල හොඳට විනෝද වෙන්න ඇති කියල හිතනවා. තව ෆොටෝ ටිකකුත් තිබ්බනම් තමයි වඩා හොඳ.
    මුල්ම ජන්ද ප්‍රතිපලයට ස්තුතියි සෑමෝ...

    ReplyDelete
    Replies
    1. තව ප්‍රථිඑල දායි මචං බලං ඉමු.. කස්ටිය පොටෝ සුද්ද කරනවා ඇති තවම.. :ඩී

      ජය !

      Delete
  17. ශික් :/ බලන්න ඉතිං අහිංසක මට ගහල තියෙන මඩේ හැට්!! :(

    ReplyDelete
    Replies
    1. හික්ස්...මම නම් ඒ වෙලාවෙම දැන ගත්තා කියපු විදියටම බ්ලොග් එකේ දාන බව :D :D

      Delete
    2. කුඹුවා ඔන්න ඉතිං උබ විශ බීජ දානවා ඒ දැරිවිගේ ඔලුවට..

      අනේ හිතූ.. ඔයා ආරක්ෂාව ගැන හිතල කරපු දේ හරි බුද්ධිමත්. නැත්තම් කුඹු තමා ඉස්සෙල්ලම ටැග් එක අල්ලන්නේ.. ;)

      Delete
    3. :/ අනේ යනවා සැමා යන්න..:p මමත් ගැහුවා මඩ ටිකක් :p

      Delete
  18. කට්ටිය හොදට සතුටු වෙලා තියනවා වගේ....:(

    ReplyDelete
    Replies
    1. අප්පේ එදා හිරු පෑව්වෙත් නැහැ නේද.. අපරාදේ.. :(

      Delete
  19. පූරුවෙ පිනකට අපේ සෙට් එක කඹ ඇදල දිනුවා නේ. සතුටුයි ඇත්තටම උඹලව අඳුනගන්න ලැබිච්ච එක. ආයෙ සෙට් වෙමුකො.

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ කෙනෙක් හිටපු නිසා තමයි.

      Delete
    2. "පිණි බිදුගේ කණ්ඩායම"
      එහෙමයි අපේ කණ්ඩායම ඇදින්නුවෙත් ...:D :D

      Delete
    3. අඩේ පිණිබිදු ගෑල්ලමයෙක් නේද? ඉතිං ඇයි එයා අපිට "උඹලා" කියන්නේ. ඔයාලා, මෙයාලා කියන්න එපැයි.. :))

      @කුඹූ - සිරාවට අපි "පිණි බිදුගේ කණ්ඩායම"

      @අසරණයා - එයාගෙ හයිය නිසා අපි දින්නා.. :)

      Delete
  20. හපොයි සෑමෝ... උඹ මාව කාලනේ බොල...

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඒම කියන්නේ.. ?? මෙකෑ සීන් එක ?

      Delete
    2. ඇයි යකෝ... බත් දෙකක් ගත්ත එව්වත් දාලනේ!!!

      Delete
    3. කන්න හොදයි අපි ලිව්වොත් තමා වැරදි :)

      Delete
  21. "අහ්.. මොකද අමතක. අර කහපාට කොටු‍වේ කලුපාට සී අකුරක් තියෙන්නේ" පොරගේ ප්‍රොෆයිල් පොටෝව සෑමාට මතකය. "

    අඩෝ ඔහොමත් කියනවද බන් :P
    කොහොමින් හරි අදුරගත්තනේ බන් ඒ ටිකම මදෑ....ෆට්ට ෆන් එක ඔන්න කියලා වැඩක් නෑ...ආයේ දවසක පුලුවන් විදියකට සෙට් වෙමු !!!

    ReplyDelete
    Replies
    1. ඕමත් කියනවද කියන්නේ තොගෙ ඔය සී අකුර මට මීටර්.. ඒකයි ඒම කීවේ..

      කෝ බොලාගෙ පැනෝ පොටෝ ටික.. :පී

      Delete
  22. patta mama hamadama ubalage blogs kiyawnawa eth mama ubalawa aduranne neee hikzzzz :D

    ReplyDelete
    Replies
    1. ඉතිං බොල එන්න තිබ්බේ.. ලියන්නෙ නැති එවුන් ඇවිත් හිටියනේ. අපරාදේ !

      Delete
  23. සෑමවත් අඳුරගන්න ලැබිච්ච එක සතුටුයි... [මම ගත්ත පොටෝ එකත් මේ වැටිල තියෙන්නේ... :) ]

    ReplyDelete
    Replies
    1. අඩේ ‍නදුන් උයනේ අයියා ගැන කියන්ට බැරි වුනා නොවැ.. සොරි..

      පොටෝව දුන්නේ කුඹූ නිසා පොර ගැන පොටෝවට යටින් දැම්මේ. ගත්තේ ඔයා කියලා අමතක නැහැ.. ආයෙත් සොරි..

      ජය වේවා.. නැවත සෙට් වෙමු.. :)

      Delete
  24. //අනේ උගෙ ගැමි කම. සෑමාට කියන්නට සිතුනේය.//

    මාව කාලාය.... මම ගැමියා උනේ ගැමිකමකට නොවේය චිත්තරයකට සහ ගෑනු බෝක්කු කටකට පිංසිද්ද වෙන්නටය.... ගැමියා වු මට තාම සරමවත් ඇඳගන්න බැරිය...

    සැමා යනු පච ලොරියක්ය...

    සැමාව මා අඳුනගත්තේ පොටෝ වලින් දැක තිබු නිසාය... සැමා දුටු විගස මම ඉදිරියට පැන බොහෝම ගෞරවාන්විත ලෙස "සැමා අයියේ මම ගැමියාගේ පත් ඉරුව" යැයි කට පුරා පැවසීමි... වැඩිහිටියන්ට ගරු කිරීමේ පිහිටා මචං කෑල්ල එවෙලේ භාවිතා කලේම නැත... පසුවට භාවිතා කරන්නට ඇත... මමද ආපු වෙලේ සිට සැමා අයියාව සෙව්වෙමි... සිතූ තරම් තරුණ නැති බවත් සිතූ තරම් උස නැති බවත් දැනගත්තෙමි...

    මගේ ටැග් එක වැටී ඇත දුටු යමෙක් වේ නම් වහාම දැනුම් දෙන්න...

    දැකපු ගමන් මට අඳුරගන්න පුළුවන් වෙච්චි කීප දෙනාගෙන් ඔයත් එක්කෙනෙක්... දේවා අයියා,වෙනී අයියා,පොඩි මෑන් සහ සැමා අයියා දුටු විගස අඳුනාගත්තෙමි... අනෙක් අය අඳුනාගත්තේ ටැග් වලට පිංසිද්ධ වෙන්නටය

    ReplyDelete
    Replies
    1. මාව හදුනා නොගත්තේ මා ටැග් වර්ජනය කර තිබු නිසාය.

      Delete
    2. //සැමා අයියාව සෙව්වෙමි... සිතූ තරම් තරුණ නැති බවත් සිතූ තරම් උස නැති බවත් දැනගත්තෙමි...// මොකක්ද බං ඒ කතාව සෑමා කියන්නේ කොල්ලෙක් නෙවෙයිද? මමත් දැකල නැහැ නේ බං ඔකාව.මාත් හිතං හිටියේ ඌ කොල්ලෙක් කියල.

      Delete
    3. //මමද ආපු වෙලේ සිට සැමා අයියාව සෙව්වෙමි...// මාත් එසේමය. උඹ ගැන කියනකොටම කියවෙන තවත් නමක් වුයේ සෙන්නාය. උබලා දෙන්නගේ නම් එකට කියා සෙවීමි.

      //මගේ ටැග් එක වැටී ඇත දුටු යමෙක් වේ නම් වහාම දැනුම් දෙන්න...//

      @අසරණයා- බලපං මචං කවුද කොල්ලා කියලා. මුගේ ගැජට් එක වට්ටගෙන. මගේ නම් තියෙනවා. ඒ කියන්නෙ සෑමා තාම කොල්ලෙක්..

      @රෙප් මහත්තයා - ඔව් බොල තෝ මාව සම්පූර්ණ අවුල් කලා. කලින් දවසේ චැට් කරපු එකා පහුවදා අදුරගන්න බැරි වුනා.. ඇයි උබ ටැග් වර්ජනය කලේ.. ජාතික අපරාදයක් !!

      Delete
    4. @ගැමියා -

      //සැමා දුටු විගස මම ඉදිරියට පැන බොහෝම ගෞරවාන්විත ලෙස "සැමා අයියේ මම ගැමියාගේ පත් ඉරුව" යැයි කට පුරා පැවසීමි... වැඩිහිටියන්ට ගරු කිරීමේ පිහිටා මචං කෑල්ල එවෙලේ භාවිතා කලේම නැත... //

      මට මල්ලි කෑල්ල කියවෙන්නෙ නැහැ මචං. අයියා කෑල්ල හමුවුණ මුල් දවස් වල විතරයි. පස්සේ උනුත් මචංලා.. :))

      ඒක සමීප බවක් දැනෙනවා..

      Delete
    5. හපෝයි..... මම උපතේ සිට කොල්ලෙක්මි නොවැටෙන ලෙස සවිකරන ලද අනර්ඝ උපාංග වලින් සමන්විතය සාර්ථක දෙවැනි වතාවටද සැමා අයියා දක්ෂ ලෙස මාව අනුභව කරන ලදී...යන්න කලින් සැමා අයියගේ පොටෝවක් ගහගත්තු එක හොඳට ගියා....

      පස්සේ මාද මචං යැයි භාවිතා කල බවට මතනයක් ඇත...

      සැමා අයියා වැටෙයි දෝ යැයි බියෙන් කුට්ටම ආරක්ෂා කරගෙන සිටින අයුරු මනාව පොටෝවෙන් පැහැදිලි වී පෙනේ :D පුදුම බයක්නේ බොලේ තියෙන්නේ

      Delete
    6. කෝ බං ඒ පොටෝ එක ?? අහවල් එකට ගත්තද දන්නෙ නැහැ.. මරණ දැන්වීම් ගහන්නද ගත්තේ ???

      වටිනා කියන දේ රැකගත යුතු නිසා අල්ලාගෙන සිට හෝ බේරා ගත යුතු !

      Delete
  25. මචං සෑමෝ ෂෝටේ කතාවෙන් උබව ඇදිනුවා කියමුකෝ.අනිත් උන් අදුනගන්නේ අහවල් එකෙන්ද. ඔක්කොම පිලිවෙලට කොරල මේ වැඩේ මෙහෙම කොලාම හරිද.හැමෝගෙම පොටෝ දාලා ඒවා වෙන වෙනම නම් කොරන්න තරම් කාරුනික වෙයන්කෝ. ජය.

    ReplyDelete
    Replies
    1. හිකිස් ඒකත් ඇත්තම තමා සරා..

      මම ඒම නොකලේ පොටෝ නැති නිසා මචං.. ඔය තියෙන එකත් පස්සෙ දැම්මේ කුඹුවා දීපු නිසා. බලමු කස්ටිය පිලිවෙලට දායි.

      ඇයි ආවෙ නැත්තේ.. ? තාම "පරීක්ෂණ ලිපිය" විතරක් දාපු නිසාද?

      Delete
    2. මම ලංකාවේ නෑ මචන් මේ දවස් වල. ආවහම 'අනිවා' එනවා උබලව බලන්න..!

      Delete
  26. අඩේ උඹ යන ගමන්ම පෝස්ට් එක ලියාගෙන ගියාද? :D මෙච්චර ඉක්මනට ලිව්වෙ කෝමද?
    අද නම් ඉතින් මැක්සා තමා....
    සිරාවටම මමත් හිතාගෙන හිටියේ උඹ හෙන දඩ පොරක් වෙන්නැති කියලා බන්.. :D

    ReplyDelete
    Replies
    1. //අඩේ උඹ යන ගමන්ම පෝස්ට් එක ලියාගෙන ගියාද?// සෑමාට සිනා..

      මචං මට අනාගතේ පේන නිසා පෝස්ටුව ඩ්‍රාෆ්ට් කරලා තමා උත්සවේට ආවේ...

      ඇයි යකෝ මම දඩ පොරක් තමා.. අපේ ගමේ පොඩි එවුන් එක්ක බැලුවම..

      Delete
  27. :O හෑ මු මගේ නමත් ප්‍රසිද්ද කරලම දාලා...:D
    ඒක තමා කඹ ඇද්දට පස්සේ හවස් වරුවේ සැමා පෙන්න හිටියේ නැත්තේ කලින්ම ගිහිං පොස්ට් එක කොටන්න ඇති..

    ReplyDelete
    Replies
    1. මචං මට අනාගතේ පේන නිසා පෝස්ටුව ඩ්‍රාෆ්ට් කරලා තමා උත්සවේට ආවේ...

      නැහැ මචං.. මම ඩී.ජේ. සීන් එක වෙලාවේ ගියේ. කස්ටියටම කිව්වා. උබ මැද්දෙද කොහෙද හිටියේ... මම දැක්ක උසට උසේ.. තට්ටේ.. :)

      Delete
  28. හයියිඕ ගොඩවීමට අවකාස නැති විය... පොඩි එකා නිසා හිතේ කුකුසක්ද තිබුනි... ලබන සැරේනම් රිංගනු නියතය...
    සැමා පච ගන්නෙප අනේ... මතට තිත කියලමයි එන්න කියුවෙ... කුළේ අංකල්ගෙන් මොනාහරි ගසා සැමා ගිය වගක් පෙනෙයි...
    යථාර්ථයක් වූ සිහිනයට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. පොඩි එකා නිසා බයයි කිව්වේ ඇයි යකෝ අපිත් තාම ‍බ්ලොග් ලෝකෙට පොඩි එකාල තමා. මාස හයක් වත් නැහැ...

      අපරාදේ කුලේ අංකල් අරන් ආව නම් ආතල්ය. කොහෙ ගේන්ද පොර නාන්නෙ නැහැනේ..

      ජය ස‍හෝ !

      Delete
  29. පොටෝ එකේ ශෝට් එක ඇඳන් ඉන්නෙ කහ ටී එකත් එක්ක සෑම් ද? ෂහ්...ඔයා මොඩ්ලින් කරනවද එහෙම පෙනුමකට පොටෝ එකේ හිටන් ඉන්නෙ.......:D:D

    ReplyDelete
    Replies
    1. අඩේ කිරිල්ලී.. අපි කෝම හිටියත් හැ‍ඩයි නොවැ..

      හිතුවක්කාරි මොකෑ මේ 'පී' අකුර.. මම 'මේල්' හරිය..

      Delete
  30. ඇඩෙනෝ ඉතිං :(

    ReplyDelete
    Replies
    1. එන්නෙ නැතිව අඩන්නේ ඇයි ආගන්තුකයෝ.. අපරාදේ බං//

      Delete
  31. කොනක පටන් වනසා ඇත.. ඔය නස්පැත්තිය සිදුවන බව නම් ඉදුරාම දැන සිටියෙමි.. අහෝ ඛේදයකි.. ඉරකි තිතකි.. ඕනිම අවුරුදු උත්සවේක අමාරුම තරගෙ තමයි කඹ ඇදිල්ල.. ඒකෙන් දිනපු එකම ඇති !!!

    ReplyDelete
    Replies
    1. මම වැනසුවාට වැඩිය කස්ටිය මාව වනසා ඇත.. :(

      අඩේ කඹ ඇදිල්ල තමා ඇදිල්ල.. පළවෙනි පාර වස නිංගිරාවක් වුනේ.. ඒකට හරියන්න ඇද්ද නොවැ..

      අපරාදෙ ගෙදර ආවහම මතක් වුනේ.. අපිට පොටෝව ගන්න තිබ්බේ කබේ උස්සගෙන.. :))

      Delete
  32. මටනම් කියන්න වචන නැහැ ආ.ඇවිත් සතුටු වෙන්න බැරි එකේ කියවලා සතුටු උනා..මටත් ඔයාලව දැකගන්න තිබුනානම්.මේ මොකද මම විතරක් රෙඩ්..ඔක්කොම බ්ලු..මට වෙනස්කම් කරලා ඔයා.. :'(

    ReplyDelete
    Replies
    1. ඔයාව කැපිල පේන්න කලේ.. හිකිස්..

      අලේ මැට්ටෝ ක්ලික් කරපු ලන්ක් එක පාටක්, නොකරපුවා තව පාටක්. ඒකයි සීන් එක.. මම හදල තියෙන්නෙ ඒම.. :))

      Delete
  33. මෙහෙම හරි අපිව මතක් වෙන එක කොච්චර ලොකු දෙයක්ද?
    අර ෂෝට් එක ගත්තේ මොන සාප්පුවෙන්ද දන්නේ නෑ.:D
    ෆොටෝවල ඉන්න අයගේ නම් ටික දැම්මානම්....

    ReplyDelete
    Replies
    1. ඒක LEVIS ෂෝටක් හරිය.. :පී

      ඔයා නැතිව මම කාටවත් කියලා කිරි කවා ගත්තේ නැහැ.. අපරාදේ..

      Delete
  34. සෑමා මෙච්චර අමාරුවෙන් දාලා තියෙන ෆෝටෝ කෑල්ල ගැන කමෙන්ට් එකක් නොදැම්මොත් නම් හිතට වද දෙනවාය.

    හැම එකාම උඹ හිතුවාට වඩා නාකියි කියන්නේ උමේ අර ගිනිකූරු උඩ ‍රැවුල නිසා විය හැක. එක්කො ඒක කපා දැමීමට හෝ යට ‍රැවුලත් වැවීමට යෝජනා කරනවාය. මේ සිරාවටමය.

    අනිත් උන් මොනවා කිව්වත් උඹේ අර සූප්පුව කටේ ගහන් ඉන්න ෆෝටෝ එකට වඩා උඹ අවුරුදු තිහක් පමණ බාලය. අරු සූප්පුවා මගේ වයසේ වගේය. හෙහ් හෙහ්. (මොන මගුලකට ඒක දැම්මාදැයි නොතේරේ)

    උඹලා කොච්චර වර්ණනා කලත් සයිබර් උත්සවයට පැමිණි අනිත් උන් හරිම අන්විශ්වාසබල් එවුන් බව ෆෝටෝ කෑල්ලේ උඹ කුට්ටම අල්ලාගෙන සිටින ආකාරයෙන්ම මනාව පෙනී යයි. ඔයින් ගියා ඇතිය.බුදු අම්මෝ.

    ශෝට ගහන් හිටියේ උඹ විතරක් යැයි කීවාට තවත් එකෙක් කලු ශෝටක් ගහන් ඉන්නවා මම වෙනත් බ්ලොගයක දු‍ටුවෙම්හ.

    අසරණ කුලේව රවටා වීඩියෝ කරන උඹ කැමරාවක් අරන් නොගියේ ඇයිදැයි නොතේරේ

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම හිතුනා ඇයි කුට්ටමට අත තියාගෙන ඉන්නේ කියල..

      Delete
    2. 1. උඩු රැවුල කපන්නට කියා බොහෝ අය කියනවාය. එදා පොලිසියට ගොස් දඩ කොලයක් ගෙවා උත්සවයට ආමි. පොලිසියට යෑමට රැවුල උචිත යැයි හැගුණ නිසා එය නොකපා ආමි. ඔබ කී කරුණ සත්‍යය. එය කැපීම අගනේය. :)

      2. සූප්පු පොටෝව එච්චර කැතද ? :((

      3. කුට්ටමේ සීන් එක මටත් හිතුනේ පොටෝව දැම්මාට පසුය. එතන වටිනාම දේකට තිබ්බේ එපමනක් නිසා පරිස්සම් කර ගතිමි. අම්මාද කීවේ පරිස්සම් කර ගෙන වරෙන් කියාය..

      4. තව ෂෝටවල් දෙකක් දුටිමි. ඒවා තුන් කාලේ ඒවාය. කොට එකක් නම් නුදුටිමි. රංග අයියාද තුන්කාලක් ගසා සිටියේය. (තුන් කාලක් කීවේ ෂෝටෝ දිග ප්‍රමානය මිසක, බීපු ප්‍රමණය නෙ‍ාවේය. එය එයිට වැඩිය.)

      5. කැමරා පොඩ්ඩ ගෙනිච්චේ නැත්තේ එතන තිබ්බ සුපිරි කැමරා ගැන පෙර තියා දැන සිටි නිසාය. උන් ගන්න ආකාරයට හැඩ දමා පොටෝ ගන්නට සෑමාට බැරිය. දඩ කොල ලියන ඒවා පමනක් ගත හැකිය. ;))

      @අසරණයා - උඹ නම් කුණුහබ්බ අහගන්න හදන්නේ..

      Delete
  35. කස්ටිය සෙට්වෙලා තියෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. උඹ තනිවචනේ මිනිහා නිසා මෙහෙම කියන්නම් රාජ් අයියේ..

      "රාජ්ව අපිට මතක් වුණෘ, මතක් කළා"

      Delete
  36. ඇයි බං සිහිනයා එතකොට පිට සක්වලයා රංග අයියා උනුත් ෂොට ගහලනේ හිටියේ

    ReplyDelete
    Replies
    1. රංගයියා ගසා සිටියේ තුන් කාලක් නේද බං.. (කලිසමේ දිග මිසක බීපු ප්‍රමාණය නෙවේ)

      ඒ හැරත් තව ෂෝටවල් දෙකක් දුටිමි.

      Delete
  37. මෙන්න ලොකුම බොරුව...හික්..ස්තුතී සහෝ..විස්තරේට

    ReplyDelete
    Replies
    1. ලොකුම බොරුව මේක නෙවේ. ඩී.ජේ එකට කලින් එකෙක් මයික් එකක් අරන් ස්ටේජ් එක උඩ කියෙව්වා. ඒක තමා සහෝදරයා ලොකුම බොරුව..

      ජය !

      Delete
  38. උඹේ ටැග 1 දැක්කේ නෑනේ බන්!
    උඹද සැමා,
    යකෝ මම උඹේ ලගම ඉදන් කඹේ ඇදලත් කතා කරන්න බැරි උනානේ :-/
    ඇඩෙනවා තනි ඇහැට!:'(

    ReplyDelete
    Replies
    1. අඩේ නුවන් කොලුවා. උබ අපිත් එක්ක කඹ ඇද්දද??

      මගුලයි හරිම අසාධාරනයි. එතනට ඇවිල්ලත් සෙට් වෙලා නැහැ අපි.. :(

      කුණුහරපත් එනවා බං කටට !

      Delete
  39. පළමු වටයෙන් පැරදී අවසාන වටයේ ජයග්‍රහණය ලබාගත් ඓතිහාසික කඹ කණ්ඩායම........අවසාන මොහොතෙ කුබූ එක්කගෙන ආපු අයියල ටිකත් හොඳ සප් එකක් දුන්න හැබැයි....අම්මප පට්ට සතුටුයි ආපහු හම්බෙමු හොඳේ.......

    ReplyDelete
    Replies
    1. හැම වටයක්ම දිනා අවසන් වටයේ පැරදුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැනිම කණ්ඩායම අපි වීමු... පිටසක්වලයා ඇතුළු කණ්ඩායමේ මමද කඹ ඇදීමි... කොහොම පැරදුණාදැයි සිතා ගැනීමට නොහැක

      Delete
    2. ඔබේ පැරදුම අපේ ජයග්‍රහනයයි... හිකිස් !!

      Delete
    3. ගැමියට හොද වැඩේ අපිට ඇටෑක් කොරන්ට ආවට.. හිකිස්..

      ස්තුති අපිව මුණගස්සන්න උදව් කරපු සැමට..

      Delete
  40. This comment has been removed by the author.

    ReplyDelete
  41. පොටෝ එක නම් කලා නම් හරිම අපූරු වෙන්නට තිබුණි ය! සහතිකව ම සිහිනයක් නොවූ එකක් බව පෙනේ පෙනේ! මටනම් සිතෙන්නේ සූප්පුව කටේ ගහගෙන ඉන්න පොටෝව බොහෝ තරුණ බවය්. නොආවද අපිවත් මතක් වූ එකට නම් තුති. එසේ වුවද ආවා සේ ම විස්තරයත් දැනගතිමි. ඊළඟ සැරේවත් එන්නට ට්‍රයි පාරක් දෙමි.

    ReplyDelete
    Replies
    1. පොටෝව නම් කර නැවත දමමි.. ජය

      ලබන පාර ‍ට්‍රයි කරන්න එපා කෙලින්ම වර.. !

      Delete
  42. මොනවා කිව්වත් තවම ලංකාවේ උදවිය මිනිහෙක් මනින්නේ ඇඳුම දිහා බලලාය ! නැත්නම් මෙච්චර හුරුබුහුටි කොලු පැටියෙක් වුනු අපේ සෑමාට ‘ආපෝ... හරි වයස පාටයිනේ...‘ කියා අසන්නට වෙන්නේ නැත. ඔක්කෝටම මුල උඹේ ඇඳුමය. ලබන පාරවත් ඩෙනිම්, ඩෙක්ස් දා කිට මරාගෙන පලයන් ය.

    විස්තර ටිකට ස්තුතිය ! මඩ ටිකත් හොඳය. පිළිතුරු ලිපි බලාපොරොත්තුවෙන් සිටිමි.

    ReplyDelete
    Replies
    1. සුදුසු තැනට සුදුසු පරිදි යා යුතුය. කොළඹ කොල්ලෝ බස් එකේ යන්නේද ෂෝට ගසාගෙන බාටා දමාගෙන ලොකු බෑග් එකක් එල්ලාගෙනය. හිකිස්..

      ඩෙනිම දමා, ඩෙක්ස් දමා, කිට මරා ගියා නම් කස්ටිය සෑමාට කතන්දර නොහදනු ඇත.. උබ කී දේ හරිය..

      ජයෙන් ජය සහෝ.. ඇයි ආවෙ නැත්තේ ?

      Delete
  43. හයියෝ මාව හලලා. එහෙත් හිතේ කහටක් නැත. මගේ ජීවිතේ අමතක ම නොවන දවසකි........

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. අප්පේ හිතලා හැලුවේ නැත. අනේ සොරිය. අර එක ටැග් එකේ නම් දෙකක් ගහන් හිටිය ජෝඩුවේ එක්කෙනක්ද ඔයා. (රෝස පාට ගවුමද?)

      නැතිනම් අවුරුදු කුමාරිට හිටපු දග මල්ලද ?

      පිළිතුරු අපේක්ෂාවෙන් සිටිමි..

      Delete
    2. මේ අර අවුරුදු කුමාරි තරගෙට ආව එක්කෙනා

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. රෙප් අයියා හරි, අවුරුදු කුමාරි ට හිටපු කෙනා (එහෙත් ඒ සඳහා මා බලෙන් ඉදිරිපත් කළ බව තරයේ ප්‍රකාශ කරමි.)

      ~~~**දඟ මල්ල**~~~

      Delete
    5. අහ් ඔව් මට මතකයි.. බලෙන්ම ඇදගෙන ආවා.. :))

      Delete
  44. ඔබා මාමා එක්ක මතට තිත තියන්න බැරිවුනාටයි දුක!

    ReplyDelete
    Replies
    1. හිකිස්.. උබ හිටියද ? නැහැනේ..

      Delete
  45. නියමයි..සිහින උළෙළට එන්න බැරි වුනත් සැමාගේ ලිපිය කියවා බොහෝ සේ විනෝද විය.

    ReplyDelete
    Replies
    1. අපරාදේ ආවෙ නැත්තේ.. :(

      Delete
  46. මම හෙව්වා හම්බ උනේ නැහැ. අර කියපු ටී කමිසෙ ඇඳපු කොල්ලව දැක්කා. ඌ ඔබතුමා කියා හිතුවේ නැත

    ReplyDelete
    Replies
    1. ඒ මමතුමා තමා !

      අප්පේ ඔයා කවිකාරි කියලා මම දැන ගත්තේ ඔයා විනිශ්චය කරනකොට. ඔබා මාමාගෙනුත් තව කිහිප දෙනෙක් ගෙන් ඇහුව. විනිශ්චය ඉවරවෙලා පඩිපෙල බැහැලා යනකොට කතා කරන්න හදලා නිකං හිටියා..

      ඇත්තටම හිතුනා ආඩම්බර කවිකාරියක් කියලා..

      ජය !

      Delete
    2. උදේ වනපු රෙදිටික වැස්සට කලිං අකුල ගන්ට එන්ට හැරුනා වේලපහිංම. කිහිප දෙනෙක් හඳුනා ගත්තා. වැඩියෙන්ම යාලු උනේ පංසල් හංදිය ලොකු දෝණි. තව පේරුශා එක්කත් එයාගෙ අම්මත් එක්කත් කතාකලා. පේරුශා තවම බහ තෝරනවා. කෙල්ල අමාරුවෙං වචන ගැටගහනකොට මට ඇඬුනා ඒ අම්මටත් කඳුලු ආවා.

      කොල්ලොං එක්ක කතා කලාට වඩා කතාකලේ කෙල්ලො එක්ක. මට කිරිටොෆි ලැබුනෙ නැහැ. වතුර ගෙනත් දුන්නෙ කොට ජීවිතේ. පිණිබිඳුත් එයාගෙ අරයත් ගොඩක් කතා කලා .ඇයි ආඩම්බර කවිකාරියක් කියලා හිතුනෙ? මං ගොඩක් අයව අඳුන ගත්තා. ලඟට ආවම තමා NAME TAG එකෙ අකුරු පෙනෙන්නෙ. මම ආවෙ කට්ටිය හඳුන ගන්න. යම් ප්‍රමානයකට ඒක කෙරුන

      Delete
    3. මම හිතුව මාව අදුනගෙන සද්ද නැතිව ඉන්නව කියල. ඒකයි ඒහෙම කිව්වෙ

      මාත් ආවේ උත්සවේට නෙවේ. කස්ටිය බලන්න. අදුනගන්න, බොහොමයක් අය ලගට ගිහිල්ලම කතා කලා. හොයාගෙන ගියා. ගැල්ලමයි ලගට ඇරෙන්නට

      අපරාදෙ ඇවිල්ලත් සමහරු මිස් වුනා..

      Delete
    4. ඔයාගෙ තොත්ත බබා පිංතුරෙනෙ මං හෙව්වෙ. ඒකයි අඳුනගන්ට බැරි උනේ

      Delete
  47. ඈ.... අපේ පවුල බෝඩ් විකුන්නද බං... හිටහංකො...

    ReplyDelete
    Replies
    1. ඇයි බං අර අපිට වික්කේ ‍එතුමිය නේද..

      හිකිස්.. උඔ තමා මිනිහා.. :පී

      Delete
  48. අපරාදේ මම ආවනම් බනිස් කාලා එක වෙන්න තිබ්බා.......

    ReplyDelete
    Replies
    1. උඔ එච්චර කෑ-දැත්තෙක්ද බං !

      කිරිපුතාද මන්දා එහා පැත්තේ එකාගෙ බනිස කාලා.. :)

      Delete
    2. නෑ බං කිරිපුතාගේ බනිසෙ වෙන එකෙක් කෑවා...
      ඌ හිටගෙන ඇඹරි ඇඹරි හිටියා, දැක්කෙ නැද්ද...
      ඉතුරු වෙච්ච බනිසයක් හොයාගෙන කන්න හදන කොට වැඩේ ඉවරයි...

      Delete
    3. පොඩිමෑන් තරඟෙට නොහිටියට පැනල බනිසක් අරං කට්ටියට බෙදල කෑව. දැක්කෙ නැද්ද

      Delete
    4. මම එවලෙ හිටියෙ නැති නිසා කවුද මන්ද කියපු එකක් කිව්වේ..

      පොඩි මෑන් වැඩේ කාල නොවැ..

      Delete
  49. කියවද්දී ආස හිතෙනවා ඒත් එන්න තරම් වාසනා කරලා නැහැනේ අපි :(.කමක් නැහැ උබේ පූර්විකාව අහද්දී පස්ට සතුටක් දැනුනා.මං ආවේ නැත්තේ තරග වලින් දිනන්න අවස්ථා උබලට දෙන්න ඕන,නැත්තන් මං ඇවිත් ඔය ඔක්කොම දිනන් ගියොත් උබලා පව්නේ :)

    ReplyDelete
    Replies
    1. උබ හිටිය නම් අපි උබව දාන්නේ අනිත් පැත්තට. එතකොට අපි දිනුම්.. !

      ;)

      Delete
  50. ෂික් මට උඹව හමිබ උනේ නෑනෙව
    කොහේ හිට්යද මන්දා

    ReplyDelete
    Replies
    1. අඩේ බොලා ආවද??

      අපරාදේ.. පින නැහැ අපිට බොලව්.. !

      Delete
  51. මට කෙලවිය...උදේ පංදර ඒමේදී තිරී රෝද කාරයෙක් මාව හැප්පෙව්වේය අනාථ විය කකුලේ වළලු කරටම කෙලවිය දැං බැංඩේච් ඔතාගන සිටින්නේය..

    ReplyDelete
    Replies
    1. අපරාදේ ලබන පාර සෙට් වෙමු.. ජය !!

      ඉක්මනට හොද වෙයන් !

      Delete
  52. ඈ පුතේ උඹලා ඕකෙ කබ ඇද්ද එකයි බනිස් කෑව එකයි බෝඩ්කෑලි එල්ලන් කතා කරපු එකයි ඇරෙන්න වෙන මොනවත් කලේ නැහ්ද.

    ReplyDelete
    Replies
    1. අනිත්වා ඉදිරියට අනික් එකලා දායි.. බලන් හිටු !

      Delete
  53. නුලෙන් මිස් උනා අයියෝ...!!

    ReplyDelete
    Replies
    1. අපරාදේ ලබන පාර සෙට් වෙමු.. ජය !!

      Delete
  54. යකෝ මමත් මෙහෙ ඉදලම ආවේ ෂෝට ගහලනේ...




    උඹව අදුන ගන්න ලැබුන එක සතුටක් මචෝ...

    ReplyDelete
    Replies
    1. ෂෝට නිසා මට කතන්දර ගොඩක් හැදුන බං.. :(

      සතුටුයි කස්ටිය සෙට් වුන එකට..

      Delete
  55. ටැග් මොකටද බං...?? ඉව...ඉව....

    ReplyDelete
    Replies
    1. ඉව කියන්නේ බ්ලොග් ඉව.. :)

      Delete
  56. එක පාරම ඇවිත් අදුනගත්තේ නැ නේද? මම සැමා කියලා කතා කරනකොට මටත් ඇත්තටම දෙයක් හිතුනා හැබැයි පොඩි මැන් කියපු දේ නෙමේ ඒකේ අනිත් පැත්ත... ආයේ මිට් වෙමුකෝ

    ReplyDelete
    Replies
    1. සිරා සිරා සෙට් වෙමු.. :)

      Delete
  57. මම ලංකාවේ නෑ මචන් මේ දවස් වල. ආවහම 'අනිවා' එනවා උබලව බලන්න..!

    ReplyDelete
    Replies
    1. ඉන්න ගමන් බ්ලොග් එක පටන් ගන්න.. :)

      ජය !

      Delete
  58. සැබෑවක් වූ සිහිනය..... අපිට පින නැත..... :(

    ReplyDelete
    Replies
    1. එන්න තිබ්බනෙ මෙහෙ ඉදල පහුවදා යන්න :ඩී

      Delete
  59. යකඩ කටින් සෑමා කියලා කියනකොට මම් ඒ පැත්තට ආවා. බැලින්නම් කහ පාට ටී ෂර්ට් එකක් ගහගෙන සෑමා ඉන්නවා.
    කොහොමහරි සෑමවත් සෙට් උනා එහෙනම්. :)

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නම්.. මටත් දික්කලා නොවැ මයික පොල්ලක්..

      හරියට සෙට් වුනේ නැහැ නේද :(

      ලබන පාර.. ?

      Delete
    2. ලබනපාර නා.....මු !!!!

      Delete
  60. මතක් උනාට රොම්බ ඉස්තුතියි යාලු...
    නොටිච්චිලගේ ගෙදර සෙට් එක අපේ ගෙදරට ලෑන්ඩ් කොලානේ...ඉති නොටියා ලෝකප් කළා වගේ තමයි...
    හොඳ ළමයා වගේ ගෙදෙට්ට වෙලා හිටියා... සෙට් වෙන දවසක සෙට වෙමු.. අදෝමැයි... එත් නොටියා ලබන 18 අයෙත් යනෝ...

    ReplyDelete
    Replies
    1. බලමු කවද හරි සෙට් වෙයි නේ..

      ජය !

      Delete
  61. අනේ මාව එක්කගෙන ගියෙ නැතෝ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...