Thursday, April 19, 2012

ලක් දෙරණේ ගල් එලියේ - සිරස දෙරණ මත සමපාත කිරීම...

ඉස්සර හැමෝම බැන්නේ සිරසට සිරස නැහැ කියාය. ඉන්දියානු වැඩසටහන් පෙන්නද්දී අපේ ගෙවල් වල ඒ කාලේ රිමෝට් එකට මරා ගත්තා සෑමාට මතකය. එය ඩබල් ට්‍රිබල් වූයේ කිරිකොට් මැච් තිබ්බ දවසටය. ඉස්සර ඉන්දියාවම ලංකාවේ තිබ්බේ සිරස නිසා බව ඇත්තය. ඒත් දැන් එහෙම නැත. සිරස ජනතා වාදී වෙලාය. ලංකාවේ නළු නිළියන් දමාගෙන නාට්ටි කරන්නට සිරස අත ගසා බොහෝ කල්ය. හැම නාලිකාවක්ම එහෙමය. එත් හැම එකේම එකම ප්‍රධාන නිලියක්ය. ඇය කොටය. විවාහ දිවිය අවුල්ය. ඇගේ පෙර නාට්ටියකම කොල්ලෙක් එක්කම සෙට් වෙලාය. ඒවා අපිට වැඩක් නැත. එයාලගේ ආතල් ඒවාය. අපේ ආතල් මේවාය.

සිරස රියැලටි ෂෝ ලංකාවට ගෙනාහ. එයද පිටරට කොපි බව හැමෝම කියති. ඒක බොරු නෙවේය. ඒත් ලංකාවට ගැලපෙන්ට අනෙක් නාලිකාවලට ඇඩ්ඩ්‍රස් නැතිවෙන්ට ලෙසටම කලෝය. ඒවා පටන් ගත්ත කාලේද සිරස නැති වෙන්ට බැන්නෝය. බොහොමයක් සිරසට බනින්නේ ඒවා කරන නිසා නෙවේය. පක්ෂ දේශපාලනය නිසාය. බොහෝ අය සිරස පුවත් නොඅසන්නෝය. ඒත් සෑමා කැමති ප්‍රවෘත්ති බලා හෝ විනෝද වීමටය. එසේ නම් සිරස හා ස්වර්ණවාහිනී පුවත් බැලිය යුතුමය. සිරස කුමරිය තේරීය. සිරස සුපර් ස්ටාර් කලෝය. සිරස ඩාන්සිං ස්ටාර් තේරීය. සිරස මෙගා සංගීත් කලෝය. දැන් ලක්ෂපති ද කරන්නේය. ඒ හැම එකටම හැමෝම බැන්නෝය. ඒත් අනෙක් නාලිකාද කොපි කරන්නට වුයේ බැන බැනමය.

කාලය එසේ ගෙවෙද්දී අළුතින් නාලිකාවක් අපේ ගෙදරට ආවේය. ඒක ආපු අළුත ටීවී එකේ ඉහල කොනක කොම්බුවක ලකුණක් තිබුනේය. එහි නම සෑමාගේ අම්මාට මතක නැත්තේමය. ඒ නාලිකාව බලන්නට ඕනේ විටක ඈ කිවේ "සෑමෝ කොම්බුවට දාපං" කියාය. ඒ දෙරණය.

දෙරණ අනික් පරණ නාලිකාවලට ගේමක් දෙන්නට හැකි මට්ටමේ එකක් බව පෙන්නලා හමාරය. සිරස සුපර් ස්ටාර් කරද්දී දෙරණ ඩ්‍රීම් ස්ටාර් කලෝය. සිරස ඩාන්සිං ස්ටාර් කරද්දී දෙරණ සිටි ඔ‍ෆ් ඩාන්ස් කරන්නේය. සිරස මෙගා සංගීත් කරද්දී දෙරණ තව මොකක්ද කරන්නේය. එහි විනිශ්චය මණ්ඩලේ සිටින්නේ සිරස සුපර් ස්ටාර් එකෙන් මගදී හැලී ලංකාවට මුහුණ පෙන්නූ ගායකයෙක්ය. දෙරණ ලිට්ල් ස්ටාර් කරද්දී දැන් සිරස තව මොකක්ද කරන්නට සැරසෙන්නේය. සිරස එකළ සිරස කුමරිය අහවර කලේය. දැන් දෙරණ දෙරණ වීට් කුමරිය එලියට දාගෙනය. ඒ අතර සූප ස්ටාර් ලෙස සුප වේදී තරගයක්ය.

සෑමා දෙරණේ ගල් එලියේ බව කීවේය. ඒ ලගදී එම නාලිකාවේ වීට් මිස් සිරි ලංකා එකේ සීන් දැකීමෙන් සලිත වූ නිසාය. තරගකාරියන් කූඩාරමක නිදගෙන සිටින්නෝය. පාන්දර වෙලා නිසා ඔවුන්ව ඇහැරවන්නට එන්නේ ගල් එලියේ දමා ගත් තරගකාරියක් වන තවත් තරුණියක්ය. ඇය කූඩාරමට රිංගා කොට්ට වලින් ගසන්නීය. බෙඩ් ශීට් වලින් අදින්නීය. අනිත් එවුන් නැගිටින්ගේ ගල් වලින් පෙරලිලාය. ඔවුන් විටෙක නාන්නෝය. ටවල් ඔතාගෙන සිටින්නෝය. අපේ එකාලාට එස් එම් එස් කරන්නට කල්පනාවක් නැත්තේය. (තරගයට එස්.එම්.එස් තිබේද නොදනිම්) අපේ එකාලා ගල් ඇතිල්ලී ගින්දර එනු බලා සිටින්නෝය. ඒකාලේ ගින්දර ගත්තේ කළු ගල් අතුල්ලාය. ඒත් මේ සුදු ගල් ඇතිල්ලී ගින්දරක් නොඑන්නේමය. ඇතිවනුගේ රා ගින්නක්මය.

පෝස්ටුවට පොටෝ ඕනේ නිසාම සෑමා ගූගල් දෙයියන්ගෙන් ඉල්ලුවේ තරග‍යේ ෆොටෝය. මගෙ අප්පේ වෙන පෝස්ටු වලට සෑමා දාන්නේ එක පොටෝවකි. ඒත් මේ පෝස්ටුව ඇල්බම් පිටින් දැමිය යුතු පොටෝ සහිතය. තව දුරටත් ගියොත් පොස්ටුවේ නමත් වෙනස් කරන්නට වෙනවාය. සෑමා ලියන්නට ආවේ දෙරණේ ගල් ගැනය. පොටෝ බලද්දී දෙරණේ ගෙඩි ගැන ලියන්නට කාරනා රැසක් ලැබුනේය. ඒත් ඒවා අදාල නැත්තේය. ඵල ඇති රුකට කොල්ලෝ ගල් ගසන්නෝය. එහෙව් ඵල, නොහොත් ගෙඩි වලට ගල් ගසා සෑමා කතන්දර අසා ගන්නට අකැමැතිය.

කියන්නට ඇත්තේ මෙහෙමය. සිරස කුමරිය කලෝය. කතන්දර දහසක් අසා ගත්තෝය. ඒ මේ තරම් ගල් එලියට නොදාය. නමුත් වීඩියෝ එලියට ආ බවක් කියන්නෝ බොහෝය. යූ ටියුබයේද බොහෝ බව කියන්නෝය. ඒ අතර සිරස ගිණි ගත්තේය. තවමත් වැරදි කරුවෝ නැත්තේය. එය මාධ්‍යය නිදහසට එල්ල වූ පහරක් බව පක්ෂ භේද නැති පාට කණ්නාඩි නොදා ගත් සියල්ල එක හඩින් කීවෝය. සෑමාද ඒ කාලේ සිටියේ ඒ මතයේය. තාම එහෙමය. ඒත් පාට කණ්නාඩි දා ගත් සියල්ලෝම කීවේ හොද වැඩේ කියාය. සිරස තරණ පරපුර කනවා කියාය. සිරස කුමරියද ඒ අතර දමාගේ සංස්කෘතිය විනාශ කරන්නේ සිරස බවම කීවෝය. ඒවා මතක් වෙද්දී සෑමාට පස්ට ආතල්ය. දෙරණේ ගල් දැක සෑමාට මේ පෝස්ටුව දමන්නට සිතුනේය. දැන් සෑමාට හිතුන ටික මෙසේ දමන්නේය.

දෙරණ ගල් ෂෝ එක කරන්නට තිබ්බේ සිරසය. දැන් දෙරණට කවුරුත් මුකුත් කියන්නේ නැත්තේය. ඒ දෙරණ නිසාය. ඒක සිරස වුණා නම් තව පාරක් ගිණි තියනවා ෂුවර්ය. ඒ ගල් පෙන්නුවාට නෙවේය. සිරස එක්ක තරහා නිසාය. ඒක දේශපාලනයමය. නැතිනම් වෙන තරහක් නැත්තේමය. සිරස කුමරිය කරන විට ගල් එලියට දැම්මා නම් සිරස අද සීල් කරලාය. එතැන එහෙනම් මැරවින් අයියලා වැඩ කාරයෝ වෙනවා නිසැකය. ගල් අරක්කු වලට සීල් තැබුවා සේම ගල් පෙන්නුවා යැයි සිරස ගලවලා අහක් කරනවා ෂුවර්ය. දෙරණට එසේ නැත්තේමය. ඒ දෙරණ සමග දේශපාලනික ආරවුලක් නැති නිසාමය. නැතිනම් මෙලහකටත් දෙරණට මේ දෙරණ තලයේම ගල් පාරවල් විසික් වෙනවා ෂුවර්ය.

වීට් මුලින්ම කකුලේ ඇතිල්ලුවේ අනර් කෙලීය. ඇගේ දැන් මයිල් හැලිලාය. ඒ කකුලේ ගලේ පමණක් නොවේය. සමහර විටෙක කොණ්ඩේද ගැලවිලාය. දෙරනේ ගල් එලියේ කරන්නේද අනර් කෙලීගේ මයිල් ගැලවූ වීට් ය. ඒ තරගයේ විවිධ කොටස් ඇත්තේය. සෑමා එය දැන ගත්තේද ගූගල් දෙයියාගෙන් පොටෝ ඉල්ලන්නට ගිහින්ය. එහි සෑමා සිත් ගත් කැටගරිය වූයේ "Miss Beautiful Legs"ය. මයිල් ගලවා දිලිසෙල කකුල සෙවීම පට්ට ආතල්ය. ඒ කැටගරියේ පමණක් ගල් පෙන්නුවාට වල් නැත. ඒත් තරගය පුරාම  ගල් එලියේ බව නොරහසක්ය. දැන් බ්ලෝගාලා සෑමාට කතන්දර හදනු ෂුවර්ය. "සෑමාට තරහා මුකුත් නෙවේය. ඔය අහවල් කැටගරියට විනිෂ්චයට සාධාරණ ආරාධනයක් සෑමාට නොලැබීම නිසාය. " ලෙස කියනවා ෂුවර්ය. ඒත් කමක් නැත. ඊට සෑමාට ඇති සුදුසුකම් සෑමා ගමේ ග්‍රාම සේවක මහතාගෙන් අසා දැන ගන්න කියා ඉල්ලා සිටින්නේය.

සෑමාට ඉල්ලිමක් ඇත්තේය. එය මෙසේය. දෙරණ ගල් එලියට දැම්මාට අපිට කමක් නැත්තේය. එය තරුණ ජනතාවට මෙන්ම වයසක අයටද වටිනවාය. සීයලා හොරෙන් බලද්දී ආච්චිලා බොර බොර ගානවා සූවර්ය. ඒත් බලා ගත්තොත් තමන්ටය. මෙකී වැඩසටහනක් සිරස කලොත් මේ වගේම මුනිවත රකිනට කියා සෑමා ඉල්ලා සිටිනවාය. ඒ සංස්කෘතියට හොද යැයි සාධාරණීකරනය කරන්නට නෙවේය. හැමෝටම එක හැන්දෙන් බෙදන්නට ඕනේ නිසාය. සිරසට එකක්, දෙරණට එකක්, රෙදි හෝදන නාලිකා වලට තව එකක් වෙන්නට බැරිය. එක රිමෝට් එකෙන් චැනල් මාරු කරන්නා සේම, එක ඇන්ටනාවෙන් චැනල් ඔක්කෝම බලන්නා සේම, සිරසට වෙනසක් නොකල යුත්තේය. සිරස දෙස බලන දේශපානීකරනය වූ පාට කණ්නාඩි දමා ගත් ඇස් අහක් කල යුත්තේමය. එසේ බැරිනම් අනෙක් නාලිකා වලටද එහෙම සැලකිය යුත්තේමය.

Written by sAm_6.15pm_19.04.2012

92 comments:

  1. සහතික ඇත්ත.. මොනව උනත් ඔය ගල් පෙන්නන වැඩේට පුද්ගලිකවම අකමැතිය.. වෙන මොනවත් නිසා නෙවෙයි.. ‍මේ නාලිකා බලන්නේ රටේ (අපි මොඩ් කියල කියන) අය විතරක් නෙවෙයි.. ගමේ ගොඩේ ඉන්න කොල්ලො කෙල්ලොත් මේවා බලනවා.. උන් මේවා බලල අමුතු උණවල් හදාගෙන විකාර කොරගන්නවා... ඒවා දැක්කාම ..නුත් හිනායනවා..
    මේ පෙන්නන දේවල් අදාල වෙන රසික පිරිසක් රටේ ඉන්නවා තමයි.. ඒත් නාළිකාවක් විදියට රටටම ගැලපෙන දෙයක් පෙන්නුවොත් වඩාත් හොඳයි කියල හිතනවා.....

    ‍‍//එය තරුණ ජනතාවට මෙන්ම වයසක අයටද වටිනවාය. සීයලා හොරෙන් බලද්දී ආච්චිලා බොර බොර ගානවා සූවර්ය. ඒත් බලා ගත්තොත් තමන්ටය.// - අපූරුයි..

    ReplyDelete
    Replies
    1. //ගමේ ගොඩේ ඉන්න කොල්ලො කෙල්ලොත් මේවා බලනවා.. උන් මේවා බලල අමුතු උණවල් හදාගෙන විකාර කොරගන්නවා..// ඒ කතාව ඇත්ත මචං.. පව් අහිංසක ජීවිත.

      මට මතකයි ඒ දවස්වල සබීතා කියන නිලියට ලව් කරපු ගම් බද කොල්ලෙක් හිටියා. පොර පොටෝ එකතු කරනවා. රටේ නැති විකාර කරනවා. එහෙව් එකේ මේව දැකලා මොනව වෙයිද ?

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කාලේ වෙනස් වෙලා තාලේ අළුත් වෙලා..

    ReplyDelete
    Replies
    1. කාලේ වෙනස් වුනාට තාලේ එකමයි මචං. ඉස්සර මාලනි නැන්දා ඇන්ද විදිහට අපේ එකාලා අදිනවා.. :)

      Delete
  4. ටීවි එකේ මෙච්චර කෙළි ගොඩක් වුනාද?... ඔය රූප පෙට්ටිය නොබලන එකේ පාඩුව :(

    අලුතෙන් එන සිරස කුමරියනම් අනිවාර්යෙන් බලනව... :)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මේ අට මගෙලේ නිසා තමා සෑමාටත් දෙරණ වීට් කුමාලි මිස් වුන එකේ පාඩුව දැනුනේ

      ආයෙත් හිකිස්..

      Delete
  5. ගල පෙන්විය යුතු තැන් පෙන්විය යුතුය , එහි තියන සුන්දරත්වය අපේ ලිං මැඩියන්ට දිරෙව්වේ නැති වුනාට කරන්නට දෙයක් නැත . ලඟදී එන්නට නියමිත ජනප්‍රිය ගුවන් විදුලියකට අනුබද්ධ රූපාවහිනියද වෙනස් යමක් කරනු ඇත (ඔවුන් දැනටත් අනෙකුත් ගුවන් විදුලි නාලිකාවන්ට වඩා රහක් ඇති දේවල් කරති ) , දෙරණ මෙන්ම දේශපාලනිකව 'දේශප්‍රේමි' නිසා විරෝධයන්ද අවම වනු ඇත

    ReplyDelete
    Replies
    1. ලිං මැඩියන්ට දිරවන්නේ නැති වුනාට අපිට දිරවනවාය. ගල් නම් අපට තරම් නොවේය ;)
      ඒ ගල් කටේ තියන් ගහපු කොල්ලෝ මේ‍ දෙරනේ ඉන්නා නිසාය.

      නාලිකා වර්ගීකරණයට දේශපාලනය ගෑවීම සම්බන්ධ කොට සෑමා ලිව්වේය.

      අඩේ අළුත් නාලිකාව සිංගප්පූරුවේ ඉදන් ලයිව් ගේනවලු නේද බුවා !

      ජය !!

      Delete
  6. මම නම් ඔය එකක්වත් දැකලා නෑ. නමුත් ඔය රියැලිටි ෂෝ පටන්ගත්තෙ නම් මෙහෙ පෙන්නපු "American Idol, America's Next Top Models " වගේ ප්‍රෝග්‍රෑම් අණුකරනය කරලා බව දන්නවා.

    කොල්ලනේ, සෑමා නම් ඔයවගෙ ඒවා යනකොට ටීවී එක ඕෆ් කරලා දානවාලු. මේ ඇත්තමයි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අනුකරණය කළ බැව් සැබෑය. ඒකාලේ සිරසට බැනපු එකාලා ඒවම කරපු එක නින්දිතය.

      අඩේ.. සෑමා ටීවී බලන්නේ නැතිය. ඔය කියන ප්‍රෝගෑමය සෑමාට මිස් වුනේද ඒ නිසාය. අපරාදේය. ටීවී බැලීම අන්තර් ජන්ජාලයට වඩා හොද බැව් හැගෙන්නේමය.

      ජය !

      Delete
  7. පොස්‍ටුව නම් කියෙව්වා. ඒත් මොකුත් කියන්ට බයයි මචෝ. ලබන අවුරුද්දේ ලන්කාවට එන්ට වෙනවනේ.මෙහෙදි ගිරිය පුප්පලා ආයෙ ලන්කාවට බැහැපු ගමන් අතුරුදන් කලොත්.....හාපෝ..

    ReplyDelete
    Replies
    1. දැන් සුදු වෑන් වලින් උස්සනවාට සෑමා කැමතිය. එතකොට මතු වෙන්නේ ඕස්ට්‍රෙිලියාව වැනි රටකින් නිසා මරුය..

      ජය !

      Delete
  8. වෙලාවට අපේ ගෙදර ටීවි එකක් නැත්තෙ..මට ගොඩක් ජාති මිස්වෙලා නොවැ..

    ReplyDelete
    Replies
    1. රූප පෙට්ටිය නැතිවට ඔය තියෙන් එක මදෑ

      :)

      Delete
  9. මං නං ඔය චැනල 2ම බලන්නේ නැත... මන්ද මම බලන්නෙ කිරිකට් චැනල්, රෙස්ලින් හා කාටූන් පමණි...ප්‍රවෘත්තිත් මොණර චැනලයෙන්ය..

    ReplyDelete
    Replies
    1. මොණර ප්‍රවෘත්ති..?? හැක්..හැක්.. මොකුත් නොකියමි

      Delete
    2. ඒක ආතල් බං....නිකන් මාතලන්ගෙ බ්ලොග් එක කියෝනවා වගේ.. :-)

      Delete
    3. අඩවි රජා - මාත් ආසයි කාටූන්.. :) දැන් පොඩි එවුන් බලන්නෙ නැහැ ඕවා. අපි තමා බලන්නේ :))
      හිකිස් උබ කිව්වම මීටර් වුනේ මාතලගේ බ්ලොග වගේ තමා ඒකේ පුවත්..

      හරී - ඔයාලා දන්නෙ ඉතිං මොනර කොළ විතරනේ ;)

      Delete
  10. සිරස හෝ දෙරණ හෝ ඔය හුනියම් පෙට්ටියනම් මට පේන්ඩ බැහැ....

    දේශපාලනික වශයෙන් ආණ්ඩුවට කඩේ ගොස් බංකොලොත් වී පීචන් වී සිටියත් තවමත් ඉඳලා හිටලා හෝ වැදගත් වැඩසටහනක් බැලිය හැක්කේ රූපවාහිනියෙන්ම පමණයි. අනෙත් ඔක්කොම බහුරූ කෝලම්ය.

    ReplyDelete
    Replies
    1. මචං උබ කිව්වම මතක් වුනේ...

      ඉස්සර උබ ඔය කියන නාලිකා වල දූදරුවෝ, නෑදෑයෝ, ඉංගම් මාරුව, පටලැවිල්ල, වගේ නාට්ටි මම බැලුවා. සිරා.. දැන් කෝමද දන්නේ නැහැ.

      අර පබා කියල එකක් ගියා මුලදී සිරා. ඒක පස්සේ දේශපාලනීකරනය වෙලා කුජීත වුනා... ඒක නිසාම මට ඒ චැනල් වලත් නාට්ටි එපා වුනා..

      ජය කොල්ලෝ !

      Delete
  11. ඔය ගල ප්‍රදර්ශනය කරන නංගිලා එහෙම කරන්නෙ වියාපාරික අයියා කෙනෙක් සොයා ගැනීමටය.
    නාලිකා කරන්නෙ ගමේ නංගිලාට නගරයේ ජිවත් වන බිස්නස්කාර ගමේම අයියලා සොයා දීමේ පිංපි කාරියය. කොයි නාලිකාවත් අවසානයේ කරලා තියෙන්නෙ ඒකය.

    අපේ ගෙදර ටී.වී එකක් නැත. එහෙයින් ඔවා බැලෙන්නේද නැත.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්තය. කමෙන්ටුව ස්පෑමි වී තිබි එලියට දැම්මෙ අදය..

      ජය !

      Delete
  12. යන්තම් දෙයක් පෙනුනොත් තමා විලි ලැජ්ජාව.ඒ දේ පෙන්නගෙනම හිටියොත් ගානක් නැතිය.සිරස ගිනි තොබ්බේ පෙන්නපු ගල හරියට පෙන්නුවේ නැති නිසාය.බාගෙට පෙන්නීමේ වෛරය ඇති වීමක් වැනිය.දෙරණ කිසි ආඩම්බරයක් නැතිව සියල්ල එසැනින් පෙන්වීම නිසා හැමෝම දෙරණට කැමතිය.

    වෙනස වටහා ගනු!!

    ReplyDelete
    Replies
    1. මචං පස්ටම කමෙන්ටුව.. මේක.. කියන්න දෙයක් කල්පනා කලා වචන එන්නෙ නැහැ..

      ජය සිරි කිව්වා !

      Delete
    2. සිරාවටම සිරා කමෙන්ට් එක බන්.. අසරණයත් මාර ටෝක් තමා දෙන්නෙ..

      // වෙනස වටහා ගනු !! //

      කොහොමද ඒ කෑල්ල.. එළ.

      Delete
    3. මේ ලගදි අසරනයා පුංචි කුමාරිහාමිගේ එකෙත් බර කමෙන්ටුවක් දීලා තිබ්බා.. ජය !

      Delete
    4. උඹල කොර නේ.. හැම දාම දාන්නේ නෑ ඒවගේ කමෙන්ට්ස්..

      Delete
    5. ඔව් ඔව් මාත් දැක්කා.. ටොන් හත අටක් විතර බර ඇති ඒක.. :-)

      කොර කියන්නෙ.. ඇවිදගන්ඩත් බෑ වගේ...

      Delete
  13. හපෝ වෙලාවට මාත් ටී වී බලන්නේ නෑ. කොයි චැනලෙත් එකයි වගේ :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ඔක්කොම චැනල් වලට වඩා හොදයි ඩොක්ටර් කෙනෙක් චැනල් කොරනවා..

      :)

      Delete
  14. අනේ කාලේ....මෙයටත් හිතෙන දේවල්.

    ReplyDelete
    Replies
    1. හිතෙන හැම දේම නොලියමි - ජීවිතාදරය - ලැජ්ජා බය ඇත්තේය.

      :)

      Delete
  15. අපි නම් ඕවා බලන්නේම නැත.....මෙහෙ දවස පුරාම නිදහසේ බලන්නට පෙනෙන්න තියන දේවල් ටිවී වලින් බැලිය යුතු නැත..
    වීට් කට්ටිය නෙට් එකේ දුටිමි...බැලිය යුතු දෙයක් මට නම් නොපෙනේ........

    ReplyDelete
    Replies
    1. බැලිය යුතු දෙයක් සෑමාටද නොපෙනේ. ඒත් කිවිය යුතු දේ කයන්නට සිතින. සංස්කෘතිය ඔළුවට ගහපු එකාලා තැන තැන බෙදන විදිහ වෙනස් බැවි හැගී ලිවීමි..

      ඇත්තට ඔහෙ ඒවා එලිපිටය. මෙහෙ ලිංගිකත්වය කතා කලද කුනු හබ්බයකි. එහෙව් රටක මේවා විකාරය.

      ජයෙන් ජය !

      Delete
  16. 2500 කින් කාල බීල ඉන්න පුළුවන් වෙයි, අනික් ඒවාට 7500 ක් විතර යයි, මොකද්ද බං මේකේ තියෙන වැරැද්ද? ඒ මහා ප්‍රාඥයා කිව්වේ 2500 න් කාල බීල ඉන්න පුළුවන් කියල විතරනේ.
    ප්‍රවාහන ඇමති කියයි 2500 න් රට වටේ ගිහින් එන්න පුළුවන් කියල, එතකොට උසස් අධ්‍යාපන ඇමති කියයි. 2500 න් ඩිග්‍රී ඒක කරගන්න පුළුවන් කියාලා. අනික් ඇමතිලා ඔක්කොම තමන්ගේ අමාත්‍යන්ශේ දේවල් 2500 න් කරගන්න පුළුවන් කියයි. මට නම් එකේ ඇති වැරද්දක් නොපෙනේ

    ReplyDelete
    Replies
    1. මට ෆිස්සු වගේ වැරදි කමෙන්ටුව වැරදි තැන පේස්ට් වෙලා වගේ.. හිකිස්..
      සෑමා ගල් ගැන කිව්වම රචියා පොල් ගැන කිව්වා වගේ..

      ජය !

      Delete
  17. හොඳ වෙලාවට අපිට ඔය කියන ජාති මෙහේ නැත්තේ.:)

    එහෙත් පොදු ජනයාගේ (සීයලා සහ මුණුපුරාලා )යහපත උදෙසා, ඔය කියන කුමරියන් සියල්ල, අපේ දුප්පත් කොල්ලන්ට, මාමලාට හා සීයලාට දැකගන්ට වාසනාව, ලැබේවායි මුලු හිතින්ම පතමු.:)))

    ReplyDelete
    Replies
    1. දෑහින් දැක හිත් පිනෙව්වාට කම් නැත. අනෙක්වා තහනම්ය !

      Delete
  18. වෙන වැඩ නැද්ද බං?

    මං නං සතියකටම ටීවී බලන්නේ විනාඩි පාලහයි!

    ReplyDelete
    Replies
    1. මම නිවුස් බලනවා චැනල් දෙකක පැය භාගය ගානේ. කෑම කනකොට බලනවා. කෑම පිගාන ඉවර වෙනකල්. මේ දවස් වල අයි.පී.එල් බලනවා. ඒච්චරයි !

      ක.ශූ විනාඩි පාලොවට මොනා බලනවද මන්දා.. :)

      ජය !

      Delete
  19. අපේ ගෙදර ටී වී නැත. එහෙයින් ගැටළුවක් ද නැත.

    ReplyDelete
    Replies
    1. එය එලය !

      අපේ තිබ්බාට සෑමා බලන්නේ නැත. මේවා කරුමෙට සෙට් වෙන ඒවාය.

      Delete
  20. ටීවී නොබලන නිසා හොදය!
    එත දැන් නම බැලීමේ තදබල අවශ්‍යතාවක් පන නැගී ඇත;p

    ReplyDelete
  21. විචාරය මරුය..රට අපේය..අනේ අපි පව්ය.දැන් ඉතින් මක් කොරන්නද...ගල් බලා සැනසෙමු

    ReplyDelete
    Replies
    1. ඒක හොදය. ගග ගලන අතට ගලන්නට දී බලා සිටීම වටිනවාය. ජය !

      Delete
  22. සිරස කුමරිය ඊයෙත් ගල් එලියෙ දාං හිටිය. කමක් නෑ ඇහැට හරි සැපක් ගන්න එවුන් ගන්නෙ නැතෑ.

    ReplyDelete
    Replies
    1. ඇස පිනවීම... ඇස පිනවීමට හේතුවක් වීම.. ඇයට පිනකි. :)

      Delete
  23. ටිවි වලින් කරන්නේ ඇස පිනවීම පමණි. එය කරන ආකාරය තමයි වැදගත් වෙනනේ. බලන් ගිහාම ටිවි චැනල් ඔක්කොම කරන්නේ කාට හරි කඩේ යාම තමයි... ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හිකිස්... කඩේ යාම හැක. කඩේ ගොස් ගන්නට දෙයක් නැත. සල්ලි නැති නිසාය.

      ජයෙන් ජය !

      Delete
  24. හොඳ හෝ නරක වේවා ලංකාවේ රූපවාහිනී කලාවට පමනක් නොව රේඩියෝ කලාවට අනායනය කර හෝ අළුත් අත්දැකීමක් එක් කලා නම් ඒ සරසයි. අනෙක් හැම නාලිකාවක්ම කරන්නේ සිරසට බැන සිරස අනුකරණය කිරීමයි. යූන්පීයේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගැසීම, රනිල්ට, මංගලට මඩ ගැසීම වැනි දුර්වල කම් කිහිපයක් හැරණුකොට කොන්ද කෙලින් තබාගෙන නරබන්නන් හට විශ්වාසනීයත්වයක් ඇති වන ලෙස ප්‍රවෘත්ති විකාශයක් කරන්නේ ද සිරස පමණයි. ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යාම හෙවත් දේශප්‍රේමී නාලිකා හැර අනෙක් වාට ඔළුව උස්සාගෙන සිටීමට කොතෙක් අපහසු දැයි වටහා ගැනීමට ඇති හොඳම උදාහරණයත් සිරසයි. කඳිම බ්ලොග් පෝස්ටුවකි. සුභ පැතුම් !

    ReplyDelete
  25. මම බලන්නේ ඇනිමල් පැලන්ට් එකේ උන් ඔක්කොම ඉන්නේ නිර්වස්තරව සත්තු ...සත්තු ...සත්තු .

    ReplyDelete
    Replies
    1. අප්පේ වස ජලාව.. :ඩී

      ජය !

      Delete
  26. මමත් බලන්න කැමති ඇනිමල් ප්ලැනට්, ඩිස්කවරි, නැෂනල් ජ්‍යෝග්ග්‍රැෆික් සහ කාටුන් නෙට්වර්ක් වගේ එව්වා පමණි.
    ගෙදර උදවිය වෙන වෙන චැනල් බලනවානම් ලොකු පුතා කාමරේට යනවා.
    පොත් කබඩ් එකෙන් පොතක් ගන්නවා, ඇඳ උඩට යනවා... කියවනවා.... හරි සරළයි...
    දහ පාරක් බලපු පොතක් උනත් ආපහු බලන එක සනීපයි ටෙලිවිසොන් එකේ යන කුණු ගොඩවල් බලනවට වැඩිය.
    ප්‍රවෘත්ති කියන්නෙත් මට මහ අප්‍රසන්නම දෙයක්...
    ඒ වගේම තමයි මේ කියපු ජාතියේ වැඩසටහන් ඔක්කොමත්... :(

    ReplyDelete
    Replies
    1. **දහ පාරක් බලපු පොතක් උනත් ආපහු බලන එක සනීපයි ටෙලිවිසොන් එකේ යන කුණු ගොඩවල් බලනවට වැඩිය.**

      අගය කරමි !

      Delete
  27. මොකෝ කියන්නෙ සෑම් අයියෙ සෙට් වෙලා කෙලිමුද දෙරණටත්.........?

    ReplyDelete
    Replies
    1. ෆිස්සුද මල්ලී ගල් කාරයෝ අපි දෙන්නට කෙලී !

      Delete
  28. සෑමාගේ කතාව අහලා මට ඇඩෙනවා ය.මුන් සිරසට බැන බැන සුපර් ස්ටාර් බලන එක සාටර්ය.
    මොකේ මොන ගල පෙන්නුවත් ආතල් එක අපිටය කියා නොකියාම බැරිය.

    ReplyDelete
    Replies
    1. බලලා නිකන් ඉන්නට බැරි තැනම මෙසේ ලිවීමි.. :ඩී

      Delete
  29. මමත් ටීවී බලන්නෙම නැති තරම්!!!

    ReplyDelete
    Replies
    1. පොදුවේ බ්ලොග්කරුවන්ට ටීවී බලන්නට වෙලාවක් නැත.. :)

      Delete
  30. මම නම් ටීවී බලනවා නෙවෙයි ලගින් යනකොට බැලෙනවාය. සිරස ටිවී පටන් ගත්ත මුල් කාලයේ රෑ 12 ට විතරත් ඒ දවස්වල හැටියට මරු වැඩසටහනක් ගියේය. ඒක හැදින්වුයේ වැඩිහිටියන්ට පමණයි කියාය. ඉක්කොලේ යන අපි වගේ චුටි උන් රෑ 12 වෙනකං පාඩනුත් කළේය. අපේ සාන්ත දාන්ත උපාසක මහත්තුරුන්ගේ විරෝදය නිසාම ඒකත් නැති උනේය. දැන් නම් මේක තියෙන නිසා මොන චැනල් එකේ මොනවා පෙන්නුවත් කාරියක් ඇත්තෙම නැතුවය......

    ReplyDelete
    Replies
    1. ඒ වැඩසටහන මම බලලම නැහැ බොලව්. මොනවා තිබ්බද දන්නෙ නැහැ. ඒත් අපේ ඉක්කෝලෙ එවුන් බලලා කිව්ව ඇති දෙයක් නැහැ ලිංගික අධ්‍යාපනයක් දෙන්නේ කියලා. ඒ වගේ ඒවා වුනත් අපේ සංස්කෘතියට අනුව කැප නැහැ නොවැ.

      සිරස කුමරිත් දැන් ගල් එලියේ දමාගෙන ඉන්නවා දැක ඇත්තෙමි. දෙරනේද එසේමය. සිරාය. කරන්නට දෙයක් නැත. සමාජ සේවයයි !

      ඒත් ලිංගික අධ්‍යාපනය අකැපයි, කැතයි, කුණුහරපලු.. :)

      ජය !

      Delete
  31. දෙන් කල් පෙලුවා මදිද මාතියා.ඕම පලාන්ට කියෝත් කල් ලෙලි යනවා...නේ.

    ReplyDelete
    Replies
    1. හිකිස් අමාරුවේන් තෙරුම් ගත්තේ :)))

      Delete
  32. පිංතූර ටික දාලා උඹ ලොකු පිනක් කරගත්තේ :D

    ReplyDelete
    Replies
    1. තව තිබ්බා අමාරුවෙන් එකතු කරලා හැදුවේ..

      ඒ පිනම ඇති බං. ගල් පාරවල් කන්න.. :)

      කාලෙකින් දැක්කේ. බිසි ඇති නේ ?

      Delete
  33. ඔය ගල් බිස්නස් එකට පුද්ගලිකව මම නම් අකමැතිය.. අපරාදේ අපේ රටේ අහිංසක කෙල්ලන්ගේ ජීවිත ය.
    පාට කන්නාඩි දා ගත්තු එවුන්ගේ ගොන් පාට් ගැන නම් කතා කරලා වැඩක් නැත.. නිකම් ලේ කෝප වෙනවා විතරය!

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ මේ පැත්තේ ආවට.. මම ඒ පැත්තේ ගියා.. පොතක් ගැන දාල තිබ්බේ..

      ජය වේවා !

      Delete
  34. අන්තර්ගතය පමනක් වැටහෙන්නේය. කියූ කතාව ඇත්ත ය. සිරස මිනිස්සුන්ට කරන හරිය සිරස ගිණි තියපු උන් කරන්නේ නැත්තේ ය. ළමයින්ට පොත්පත් ඇදුම් පැලදුම් ගෙවල් අරවා මේවා දෙන්නේ ජනප්‍රිය වන්නට වුවත්, ඒක පට්ට සත්කාරයක් ය. සිරසට බනින දේසපාලුවන්ට ඔච්චර හරියක් කරගන්නට බැරි ය. මහරාජා දෙමළ උනාට සිරසෙන් දෙමළ අය අප් කරන්නේ නැත්තේ ය. ඒකට වෙනම ශක්ති ඇත්තේ ය. එක හැන්දෙන් හැමෝටම බෙදිය යුතු ය. නැත්තං නො‍ෙඉදා නිකං ඉදිය යුතු ය.
    කතාවට එකග ය.

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ

      හම්බන්තොටට නියගය ආපු දාට සිරස පෙරමුන ගත්තේය. එය මා මෙහි අඩංගු කලා නම් කස්ටිය කියන්නට ඉඩ තිබ්බා සෑම් සිරසට කඩේ යනවා කියලා.

      ජය !

      Delete
  35. අපිනම් බලන්නේ සිරස :පි

    ReplyDelete
  36. සසරම කල කිරි ගියේය. ටීවී බැලීමට නැති කාලයක් මොටද කියා සිතුනි. මේ දිනවල ගල් පෙන්නනවානම් තව ඉදිරියට පුසන්ද පෙන්වනු ඇතැයි හැගේ. දැන් පටන්ම ඉදිරියේ පෙන්වන පුසන්ව බැලීම සදහා කාල කළමනාකරණය කර ගනිමි :D

    ReplyDelete
    Replies
    1. හිකිස් පූසෝ...?? :ඩී

      මාලු කෑලි ලෑස්ති කරගෙන ඉමු..

      Delete
  37. ගල එලියෙ දාන්න පුළුවන් නම් අපි බැලුවම මොකද

    ReplyDelete
    Replies
    1. බලන්ට නොවැ පෙන්නන්නේ.. එත් අල්ලන්ට බැහැ නොවැ.. :)

      Delete
  38. හෑ මගේ කොමෙන්ට් එක මිසින් ඒ තරමට ඒක චොරද? :O :D

    අලුගෝසුවා

    ReplyDelete
    Replies
    1. මැකුවෙ නැහැ බං.. ස්පෑම් වෙලා ඇති. ඔහෙ හිටු බලලා එලියට දාන්ට..

      Delete
  39. මේකේ එක වෙච්චි එකී පන්සලට ගිහින් තිබ්බෙත් ගල් විතරක් නෙමෙයි තියෙන සබ්බ සකලමනාවම එලියේ දාගෙන...

    americas next top model එකත් එක්ක බැලුවාම මේ කොරලා තියෙනවා මදි.... මට මතකයි ඒකේ ඔය ටවල් කෑලි ගලෝලා අමු නිර්වස්තරෙන්ම දුවලා ගිහිං හෝටලේ පූල් එකට පනින සීන් එකක්..

    ඔය ඔක්කොමත් හරි කියමු මම නම් තාම විරුද්ධයි අර පොඩි එවුන්ව මහ එවුන් කරන්න හදන එකට...කෝකත් එකයි මම වෙලාවට මැච් එකක් බලන්න විතරයි ටීවි එක දැම්මේ හැබැයි දැන් ඒකත් නැවතිලා

    ReplyDelete
    Replies
    1. //මම නම් තාම විරුද්ධයි අර පොඩි එවුන්ව මහ එවුන් කරන්න හදන එකට...//

      ඇත්ත බං පොඩි එවුන් ඇට්ටර කතා කියන්නේ..අනේ මන්දා..

      Delete
  40. යකෝ බලාගෙන ගියාම වැඩි හරියක් මේකේ ඉන්නේ ටීවී නොබලන උන්නේ....

    අපි කවදාවත් තේරුම් නොගන්නෙ දේ තමයි වෙළෙන්දෝ විකුන්නේ ඉල්ලුමක් තියන විකිනෙණ දේ කියන එක.... වැඩියෙන් විකුනන්න පුලුවන් දේ විකුනනවා.. උපරිම ලාභයක් බලාපොරොත්තුවෙන්....

    ඔය ගල් බැලිල්ලේ මාර ආතල් එකක් තියනවා.... දිග වැඩි වෙන්න වෙන්න පේන කොටසේ වටිනාකම වැඩියි.... ඒක මේ ගෑල්ලමයි නොදන්න එක තමයි ප්‍රශ්නේ.... ඒක හරියට රත්මලානේ මහා පහන් කූඩුව වගේ.... සම්පුර්ණ වහලා පෙන්නකොට පොලිමේ ඉඳලා සල්ලි ගෙවලා බලන්නේනේ... නොමිලේ පෙන්නනකොට බලන්න එකෙක් වත් නැහැ..... පෝලිමත් නැහැ.....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මචං දිග වැඩි වූනාම බලන ප්‍රමාණය අඩුයි. බාගෙට පෙන්නවම තමා ඉතිරිය බලන්න ඉල්ලුම තියෙන්නේ. පස්සේ ඔක්කොම පෙන්නුවම එපා වෙනවා.. හිකිස්..

      කූඩුවේ කතාව ලෙසටම ගැලපෙනවා..

      ජය !

      Delete
  41. ඇත්ත කතාව ඔය ගොඩක් අය සිරසට බැන බැන අනුකරනය කරන්නේ සිරසමයි.... උදා:- මෙගා ටෙලිනාට්‍ය,හිංදි චිත්‍රපටි,සුපර්ස්ටාර්,රූප ‍රැජින තරඟ, බ්‍රෙකින් නිවුස්..... මෙ ඔක්කොම සිරසෙන් කොපිකරපුවා තමා........ බනිනවනම් ඔක්කොටම බනින්න ඔනේ.....මොකද සිරසට බැන බැන වැඩියෙන්ම කොපි කරන්නේ අ.ටී.එන් එකයි....

    ReplyDelete
    Replies
    1. මෙන්න සෑමා නොලියපු ඇත්ත.. කූශි ලියලා.

      ජය සහෝ !!

      Delete
  42. ලංකාවට හොඳ වගේම නරක බොහෝ දේවල්ද හඳුන්වා දුන්නේ සිරසය. මා සිරස FM විකාශණය පටන් ගත් කාලයේ සිටම සිරස ෆලෝ කලෙමි. සිරසට ගැහුවේ දේශපාලනයම පමණක් නොවෙයි. සමහර හයි-ෆයි කට්ටිය හොරෙන් බලපුවා සිරස පොඩි ජනතාව අතරට ගෙනියන්න හැදූ නිසා බොහෝ දෙනාට සිරස අප්‍රිය විය. සිරස හඳුන්වාදුන් සමහර වැඩසටහන් ගැන යථාර්තය අවුබෝධ වූ පසු හෝ රේටින්ග්ස් අඩු වූ පසු විකාශණය සම්පූර්ණයෙන් නවත්වන්න සිරස මැලි නොවීය. සිරස කල හොඳ වැඩසටහන් කිහිපයක් මල්ලීට මිස් වෙලා. අපි නොදන්න ලයිව්, එතකොට ඒ දෙන්නගේ නිර්මාණශීලී හඬ කැවීම්(කාටූන් වලට ), පුංචි පහේ මං, ඇලවුනු ලෝකය, පරිවර්තනයක් වුනත් ගැජට් රාලහාමි, තිත්ත-ඇත්ත. එතකොට ඒ දවස් වල මල්ලි පුංචි ඇති මට හිතේ නයිට් ටයිම් ටීවී කියල ගියා. කෙලින්ම වැඩිහිටියන්ට පමණයි. ඒක හොඳද නරකද කියලා මං කියන්න යන්නේ නෑ. සිරස තමයි වැඩියෙන්ම කඩේ ගිය නාලිකාව කිව්වොත් මල්ලිත තද වෙයි. ඒත් අත්ත කතාව අනිත් අය කරන්න බයෙන් ඉන්න ඒවා සිරස කිසිම බයක් නැතුව කරලා දානව, එතකොට ඒවා ජනතාව අතරට යනවා. හොඳම කාලේට අර බයෙන් හිටිය අය ඵල නෙලනව. එතකොට සිරසත් කලේ කඩේ යාමක් නොවෙයිද ඒ බංකොලොත් චැනල් වලට? අන්තිමට බැලුවාම සිරසත් ආණ්ඩුවටම කඩේ ගියා වගේ නේද ? සිරස කොපි කලේ එකම දෙයයි මට තේරෙන විදියට ලයිව් @ එයිට් කියන එක, ඒගොල්ලෝ ලයිව් @ ෆිෆ්ටි ෆයිව් කියල කලා. අර ගිනි තියපු එක නම් ඒගොල්ලො කලා කියල තමයි ආරංචි. ඒ කාලේ රූපවාහිණියට ගෙනාපු ස්පින් විෂන් කියන බොහොම වටිනා කැමරා ඒගොල්ලොන්ට දුන්නලු පව් කියලා. එතකොට අර ලක්ෂපති මාම රූපවාහිණියේනෙ හිටියේ.

    මොනව වුනත් සිරස ජනතාකරණය කරනවා අනිත් අය හිටගෙන කරනවා. අර බොහෝ අය වගේ මමත් බලන්නේ සැටලයිට් චැනල්.

    ReplyDelete
  43. සම්පූර්ණ ඇත්ත මචං....
    අනේ ඉතිං මෙහෙව් රටේ කියල තමයි..කියන්න වෙන්නෙ.

    ReplyDelete
  44. අනේ පරක්කු වෙලා දුටුවත් කොමේන්ටුවක් නොයොදා යන්නෙ කොහොමද .... මට නම් දැන් TV බැලෙන්නේම නැත. මේ POST ටුවට නියමම පිළිතුරක් ඉහත "හිතුවක්කාරි"ට "සෑමා" දී ඇත. සැබවින්ම ඔහුගේ පිළිතුර සත්‍යක් බව මා ඉදුරා පවසමි. කිමද මා දැන් භාවිතා කරනුයේ ලැපයි, ඩොන්ගලයි පමනක්ම වීමය.ඉදහිට හෝ රෑප පෙට්ටියක් දකින්නට ලැබෙන්නේ ගෙදර ගිය විටකදි පමනය. එහෙයින් ඔය විකාශනය වන්නා වූ කිසිදු ප්‍රෝගෑම්1 මා නරඹා නොමැත. ඉදහිට හෝ රෑප පෙට්ටියක් ඇස ගැටේන්නේ රාත්‍රී මොණර චැනලයේ විකාශනය වන්නා වූ ප්‍රවෘත්ති විකාශය පමණකි..! එයත් යම් විශේෂ සිදුවීමක් සිදුවූවොත් පමණි.

    ReplyDelete
  45. සෑම් අයියා කියපු චැනල් දෙකම මට ඇලජික්ය. හවසට හවසට චූටි බබාලගෙ එකක් බලන්න දැම්මොත් මිසක් :p

    ReplyDelete
  46. "අපේ එකාලා ගල් ඇතිල්ලී ගින්දර එනු බලා සිටින්නෝය. ඒකාලේ ගින්දර ගත්තේ කළු ගල් අතුල්ලාය. ඒත් මේ සුදු ගල් ඇතිල්ලී ගින්දරක් නොඑන්නේමය."

    දෙන එක නියමෙටම දුන්නා සහෝ..... සුපිරි ඈ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...