Tuesday, April 17, 2012

තක්සලාවේ ඇදුරුතුමාගේ දියණිය තිළිණ ලද්දෙමි.


ඒක තක්සලාවෙ ෆයිනල් ඉයර් එක්ස්සෑම් කාලෙ. වෙන අවුරුදු වල වගේ නෙවේ මේ සැරේ ලමයි අතර විභාගයට පුදුම තරගයක් තිබ්බේ. වෙනද ව‍ගේම මේ සැරෙත් කඩ්ඩෙන් නම් ලකුණු වැඩි මට කියල මම ෂුවර් එකටම දැනගෙන හිටිය. ඕගොල්ලො හිතනව ඇති තක්සලාවෙ ඒ කාලෙත් 'ඉංග්‍රීසි' ඉගැන්නුවා කියලා. නැහැ මේ කඩ්ඩ කියල කිව්වේ කඩු ශිල්පයට.

ඒ වුණාට මේ සැරේ ෆයිනල් ටෙස්ට් එකට හිටපු කොල්ලො සේරම අතරේ මහ අමුතු තරගයක් තිබ්බේ. හැමෝම බැලුවේ අනිකට වැඩිය එක ලකුණක් හරි අඩුවෙන් ගන්න. දැන් ඔයාල ප්‍රශ්න කරනව ඇති ඇයි ලකුණු අඩුවෙන් ගන්නෙ කියලා. ඔව්, වෙන තැන්වල කවුරුවත් සෙකන්ඩ් වෙන්න කැමති නැති වුණාට මෙතන බැලුවේ කාට හරි සෙකන්ඩ් වෙන්න. වැඩිම ලකුණු අරන් හොදම ශිෂ්‍යයා වෙන කෙනාට ඇදුරුතුමාගෙ දුවව සරණ පාවාදෙන චාරිත්‍රයක් තිබ්බ. දැන් ඔයාල හිතනව ඇති "ෂාහ්.. මරු නේ බං" කියාල. ඔව්, ඒ වුණාට මේ අවුරුද්දේ ඇදුරුතුමාට හිටපු දුව පිටි මුට්ටයක් වගේ මෙලෝ හැඩයක් නැති, පපඩමක් වගේ මෙලෝ රහක් නැති එකක්. ඒකයි මේ කොල්ලන්ගෙ බය. ඒ හින්දා හැම කෙනාම බැලුවෙ කෝමහරි ලකුණු අඩුවෙන් අරගෙන මේ උගුලෙන් ගැලවෙන්න.

"මම නම් හොදට දන්න ගණන් සේරම වැරදියට හැදුව බං.. බුදු අම්මේ.. පිටි මුට්ටයකට කර ගහන්න.."

"මම ව්‍යාකරණ පේපර් එකේ, මම කියල පටන් ගන්න සිංහල වාක්‍යය ඉවර කලේ 'මු' දාල."

කෝම හරි ප්‍රථිඵල පිට වෙන දවසත් ආව. කවුරු පළවෙනිය වුණත් ඒ මම නෙවේ කියලා මම දැනන් හිටියා. ඒත් මිනිස්සුන්ගෙ කරුමෙ කියන දේ නම් කෝමත් වලක්වන්න පුලුවන් දෙයක් නෙවේ කියලා මම දැනන් හිටියේ නැහැ. ඔයාලා දැන් අහයි ඒ ඇයි කියලා. මේ සැරේ විභාගෙ තිබ්බේ පරණ එකයි අළුත් ‍එකයි කියලා විශය නිර්දේෂ දෙකකට. ඒ දෙක ගලපන්න ගිහින් Z - ස්කෝර් එක එහෙ මෙහෙ වෙලා සේරම පැටලිලා, රිසාල්ට් සේරම ෆුල් කචල්. ඒකට වන්දි ගෙවන්න වුනේ මට. දැන් ඔයාල හිතනව ඇති මට W අකුරු තුනක් ලැබිල කියලා. නැහැ, මට 'ඒ' අකුරු තුනක් ඇවිත්. මම තමයි තක්සලාවෙ පළවෙනිය. 

ගුරා බලෙන්ම වගේ දුවව මට බැන්දුවා.

"ඩෝට(ර්) මේ කුමරා බොහෝම හොද ෆැමිලි එකක කුමරෙක්. ඔහුගේ රාජ්්‍යත් ඉතා ප්‍රබල එකක්. මුන්ගෙ තාත්තටත් න්‍යෂ්ඨික අවි හිටන් තියෙනවා. මුන්ගෙ රාජ්‍යයට න්‍යෂ්ටික අවි විතරක් නෙවේ. එක්සත් ජාතීන්ගේ නිශේද බලයත් තියෙනවා. මූත් එක්ක ගිහින් හොද ෆන් එකේ ඉන්ට ඕනේ.."

"එළ කිරි අප්පච්චී.."

අපි දෙන්න පහුවදාම අපේ ගම රට බලා යන්ට පිටත් වුණා. 

"කුමරිය"

"කුමරුණි"

"ඔබට කුමක්ද මේ මොහොතේ හැගෙන්නේ කුමරිය...?"

"මේ වනයේ අසිරිය දැකීමෙන් මගේ සිත පිනා යනවා කුමරුනි... අර..අර.. ඵලය කුමක්ද ස්වාමීනි.."

"එය නම් මට මතක නැහැ කුමරිය. මාගේ උද්භිත විද්‍යා පොත පෙරලුවහොත් ඔබට එය දැන ගැනීමට හැකිවේවි..."

"අහ්.. කෝ බලමු ස්වාමීනි.. ම්.. ම්.... ම්.. අහ් වෙරළු.. මරු.. මරු.. මරු.. අර ඉස්සර ගොඩාක් දෙනෙක් හත අටට කපාගෙන කෑව කියන්නේ මේව තමයි නේද ස්වාමිණි.. පොඩ්ඩක් ඉන්න මම පොල්ලක් ගහං දෙකක් කඩාගෙන කන්නං ආ.."

වෙරළු කියල රැවටිලා එයා ලුණු මිදෙල්ල පොකුරක්ම කන දිහා මම හෙමීට බලං හිටියා. 

"ඈක්කා.. තුහ්.. තුහ්.. ඊ.. ස්වාමීනි.. මේ ලුණු මිදෙල්ලනෙ හලෝ..."

"ලුණු මිදෙල්ල දන්න කුමරිය ලුණු දන්නෙ නැහැ...  පිස්සු කෙල්ල..."

අපිට ඒ විදිහට ඒ කැලේ මැද්දෙන් වැඩි දුරක් යන්න ලැබුනෙ නැහැ. එක පාරටම කැලේ  ඉන්න වැදි රංචුවක් අපිව වට කලා.

"වී..ගං ලෝලිය.. ලොබ වන්නේ..." වැද්ද කෑගැහැව්වෙ එහෙම.

"නැහැ නැහැ එයා ලෝයර් කෙනෙක් නෙවේ.."

"එබ්බා නරය වහාම තාගේ අඹුව මෙහි නවතා මෙතනින් පිට වෙව.."වැද්ද මට කිව්වා.

දැන් ඔයාල හිතනව ඇති මේක පරණ කතාවක් කියල. ඊට පස්සෙ මම කෙල්ලව වැද්දට නොදී වැද්ද එක්ක ෆයිට් කරල, පස්සෙ මම වැද්දව යට කරගෙන වැද්දව මරන්න කෙල්ලගෙන් කඩුව ඉල්ලනවා, කෙල්ල මට කොපුව දීල වැද්දට කඩුව දෙනවා කියලා.

අ‍හගෙන ඉන්න හැඩේ ඒ වගේ වුණාට කතාව ඒක නෙවේ.

"එම්බා නරය වහාම මේ සුන්දරිය මට දෙව"

"වහසි බස් නොදොඩව වනචරය. ඕන්නං කෙල්ලව ගව"

කොහොමද ගලවගන්නෙ කියල කල්පනා කර කර හිටපු කෙල්ලව වැද්දට දීල මම සතුටින් මාරු වුණා.


පලි - දෙරණ එෆ් එම් "අනුපමා" වැඩසටහනේ විකාශ වූවකි. ආතල් කතන්දර සොයන සැම වෙනුවෙන් පෝස්ටු ගත කලෙමි.

64 comments:

  1. Replies
    1. අම්මේ කාලෙකින් පලවෙනියාට පාත් වෙලා...

      Delete
  2. හැකැස්.... :-) කෙල්ලව දුන්නද? අෆරාදේ....

    ReplyDelete
  3. හිහ් හිහ්!! මරු මරු

    ReplyDelete
  4. ඔන්න පේනව නේද අම්මල තාත්තල කිව්ව පලියට දීග යන කෙල්ලන්ට වෙන දේවල්...!! :D:D:D:D

    ReplyDelete
    Replies
    1. කිරිල්ලි අම්මට මේක පෙන්නලා තේරුම් කරලා දෙන්ට.. ;)

      Delete
  5. මමත් එකනේ විභාගේ ෆේල් වුනේ .කොහෙද අපේ අම්මල කිවුවට මාව විස්වාස කලේ නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. අම්මද බොල උබලගෙ ඉස්කෝලෙත් ප්‍රින්සිපල්ගේ දුව දෙනවාද?

      අපිට තිබ්බෙ නැහැනේ එහෙම ඉක්කෝල !

      Delete
    2. දුන්නේ නැහැ දෙයි කියල බය වුනා.

      Delete
  6. ශික්, මම හිතුවේ උඹට උන දෙයක් කියලනේ..

    ReplyDelete
    Replies
    1. අනේ බොල මාවම ගාවන්න එපා ඕං !

      Delete
  7. නුතන මනමේ කතාව..
    මමත් හිතන්නෙ මෙහෙම තමා සිද්ධ වෙන්න ඕන..වැද්දට කෙල්ල ඕන නම් කෙල්ලත් කැමති නම් මොකටද අනුන්ගෙ ආදර කතාවලට බාල්දි දාන්නෙ..හික්ස්..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක ආදර්ශමත් !

      "උන් ඔහේ ගියාවේ - උන් වැටෙයි මුලාවේ" කියල පැත්තක් බලං ඉන්ට තියෙන්නේ !

      Delete
  8. හයියෝ.... තව වැද්දෝ ඉන්නවලුද ඒ කැලේ...

    ReplyDelete
    Replies
    1. ඇයි අභීත මොකද? අපි කියනවා.... :D

      henryblogwalker the Dude

      Delete
    2. ඇයි මචං ඒම ඇහුවේ ?

      Delete
  9. මම මේක ඇහුවා. හැබැයි ඉතින් සෑමාගේ රචනාව ඊටත් වඩා හොඳයි

    ReplyDelete
  10. වැද්දට තැන්ක්යු කාඩ් එකක් යවපන්..සහෝදරයෙක්වත් කරන උදව්වක්ද ඌ කරලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හිකිස් සිරා කතාව ඒක බං. මට මතක් වුනේ නැහැනේ !

      Delete
  11. අැති යන්තං! :D

    ReplyDelete
  12. අමුතුම විදියක්.. හොදා හොදා ...

    ReplyDelete
  13. Replies
    1. ජුජුබ්ස් කිව්වේ අපි කන ඒවද ?

      Delete
  14. හපොයි....... මනමේ අළුත් වර්ශන් එකද?

    ReplyDelete
  15. සරච්චන්ද්‍ර මහත්තයා හිටියනම් වහ කනවා :පී

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ ඒකට හානියක් කරලා නැහැ නොවැ !

      Delete
  16. //පපඩමක් වගේ මෙලෝ රහක් නැති එකක්//
    පපඩම් කියන්නේ කොච්චර රහ කෑමක්ද? මම නම් පපඩම් තිබුනු දවසට බත් කන්නෙත් නෑ.

    නූතන මනමේ කතාවත් නරකම නෑ.:)

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා පපඩම් කතාව සාධාරන නැහැ මයෙ හිතේ !

      Delete
  17. උම්මග්ග ජාතකයේ පිංගුත්තර මානවකයාගේ කතාව කියවලා ඇතිනේද?

    මට නම් මතක් වුනේ ඒක..

    ReplyDelete
    Replies
    1. උබ හරී.. මටත් මතක් වුනා !

      Delete
  18. ඇති යංතං වැද්ද හිටි නිසා හොදට ගියා.

    ReplyDelete
    Replies
    1. නැත්තං කර ගහන්න වෙනවා ෂුවර් !

      Delete
  19. හිහ් හිහ්.. මාර පොරක්නෙ ඇදුරුතුමත්.. හැම අවුරුද්දටම තෑගි දෙන්න දුව ල ඉන්නවලුද :D

    ReplyDelete
    Replies
    1. ඇදුරුතුමාට ගෙදර ඉන්න වෙලාවට වැඩක් තියෙන්ට එපැයි.. ඉතිං තෑගි දෙන්න ලමයි හදනවා ඇති.. :)

      Delete
  20. ප්‍රේමයෙන් හද චූන් අප් වේ කුල්මත්වේ
    භීතියෙන් හද කූල් ඩවුන් වේ සීතල වේ//
    ටී යුෂන් මාස්ටර්ගෙ දූ අරගෙන //
    තාප්පයෙන් හයි ජම්පෙක රෝඩ් එකේ මැරතන් එක//

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. සුපිරියි.. තාලෙට කියල බලපං මරු !

      ජය !

      Delete
  21. "වහා තාගේ දුනු කඩු බිම තබා මට නමස්කාර කරව.." කියපු ගමන් බිම පෙරලිලා වැන්දා වගේ තමා නේ

    ReplyDelete
    Replies
    1. එපා නිසා ඉල්ලපු හැටියේ දීලා දාන්ට ඇති !

      Delete
  22. කරුමෙටනෙ මේක දෙරණ එෆ් එම් එකේ ගියේ.....මං හිතුව සෑම් අයියගෙ තවත් සුපිරි කතාවක් කියල.......:(

    ReplyDelete
    Replies
    1. උපුටා ගැන්මක් නොකියා දැම්මනම් කවුරුත් දන්නෙ නැහැ මල්ලී.. ඒත් සෑමා එහෙව් පොරක් නෙවේනේ.. :)

      ජය !

      Delete
  23. ඒ වගේ වැද්දො දැන් නෑ බං මට තියෙන එකම දුක ඒකයි....
    ඔය වගේ සිරා වැද්දන්ට වෙන්ට ඇති "ඔම්බුඩ්ස්මන්" කියන්නෙ....

    ReplyDelete
  24. කුමාරයා කැලේ හරහා යන්න ඇත්තේ "දැන් වැද්දෙක් හම්බ වෙයි","දැන් වැද්දෙක් හම්බ වෙයි" කියල හිත හිතා වෙන්න ඇති... :)
    ඒකනේ ඉල්ලන්නත් පරක්කුවෙන් පිටි මුට්ට කුමාරිව වැද්දට දීලා දැම්මේ... හික් හික්

    ReplyDelete
  25. @සුමිත් - "ඔම්බුඩ්ස්මන්" කියන්නෙ....???

    @ලොකු පුතා - ඇයි මචං වැද්දට පාඩුවක් නැහැනේ මේකාලේ පිටි ගණන් නොවැ :)

    ReplyDelete
  26. කොහෙද බං ඔය කියන වනාන්තරේ තියෙන්නේ ..... න්‍යෂ්ටික අවි පාවිච්චි කරන බලවත් රාජ්‍යයක කුමාරයෙක් කසාද බැදපු කුමාරිත් එක්ක පයින්ම මහා වනාන්තරයක් අස්සේ රිංගන්න ගියපු එක නම් සැකයි. මේක මේ කුමාරයාගේ ප්ලෑනක්ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ කුමාරයා ප්ලෑන් කොරලා ඒ පිටිමුට්ටේ කර ගැහැව්වද ?

      මචං උබ දැන් අමුතු ශක්තියක් තියෙන එකෙක් නොවැ. මේව වැඩිය හිතට ගන්ට එපා :)

      Delete
  27. කුමාරයා නෙමෙයි ඔයා වැද්දා..

    ReplyDelete
    Replies
    1. වැද්ද වුනත් අවාසියක් නැහැ නේද ? ;)

      Delete
  28. වැද්ද හැම අවුරුද්දකම ඕක පුරුද්දකට කරනවා වගේ ;

    ReplyDelete
    Replies
    1. ඒව හොද පුරුදු නේ ?

      කම්මල පැත්තේ ගියා තාම පටන් අරන් නැහැ වගේ.. ජය..!

      ස්තුති මෙහෙ ආවට !

      Delete
  29. පිටිමුට්ට්යක් බලෙන්ම ඇඟේ ගැහුවානම් ඉතින් රොටියක් දෙකකුත් හදාගෙන කාලම වැද්දට හෑන්ඩ් ඕවර් කරන්නනේ තිබුනේ. කතාව එහෙම උනානම් දෙරණේ අනුපමා කෙසේවෙතත් ස්වර්ණවාහිනියේ අර ඉස්සර ගිය යෙහෙළි එකටනම් දාන්න තිබුනා. මොකක් උනත් වැද්ද කරේ ටිකක් ස්මාර්ට් වැඩක් කියලත් කියන්න පුළුවන්. තව සංචාරක යුවලක් කැලේ මැදින් යනකන් බම්ප් වෙවී ඉන්න තිබුනා. මොනවා උනත් කවුරු ලිව්වත් කතාවනම් අගය කරන්න ඕනේ. මෙටෆෝර්ස් ගොඩක් අන්තර්ගත කරපු උඩින පේන ආතල් එකට වඩා සෑහෙන කාලීනමය ගැඹුරකට යන එකක් කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. //කතාව එහෙම උනානම් දෙරණේ අනුපමා කෙසේවෙතත් ස්වර්ණවාහිනියේ අර ඉස්සර ගිය යෙහෙළි එකටනම් දාන්න තිබුනා.// සිනා...

      පිටි මුට්ට මේ කාලේ වටිනවා බං.. අදත් ගණන් ගියා නොවැ.

      Delete
  30. හික්ස්ස්ස්..එළ කොල්ලෙක් ඈ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...