Friday, April 6, 2012

කෑමට නම් මසකට රුපියල් 2500/- කුත් වැඩිය...


මාරයාගේ හෝරා‍වේ මාරයා කන හැටි අප දුටුවෙමු. ඒ රුපියල් 3500කින්ය. බන්දුල මාමා කීවේ 2500ක් ගැනය. ඒත් මාරයියා බන්දුල මාමාගේ කතාවට සාධාරණයක් ඉටු කොට ඇඩිෂනල් 1000කින් යසට කාලා ඇත.

එය නොබලපු අයට ලින්කුව මෙන්න.

මෙන්න මාරයාගේ ඒ කෑම සරලව.

ඔය මැන මැන කෙරිලි වෙන්නේ නැති හින්දා කොහොම හරි හාල් කිලෝවෙන් වේල් හයයි කතාව ඉවරයි...
මේ දවස්වල සුදු කැකුළු සම්බා සහ සම්බා මිල රුපියල් 66ත් 72කත් අතර වගේ තියෙනවා.. කීරි සම්බානං 90 ට ගතෑකි සමහර තැන්වල 100ටත් තියෙනවා... කොහොම උනත් හාල් කිලෝ 15ක් ගත්තොත් මට මාසෙකට යනවා රුපියල් 1050ක් විතර...
මාසෙකට පොල් ගෙඩි 08ක් විතර යනවා. ඒ කියන්නේ ගෙඩියක් 30 ගානේ තිබ්බොත්...240 යි (මේ දවස්වල මෙහෙ පොල් 25ත් 35ත් අතර ඇත.මං ගන්නේ මධ්‍යම ප්‍රමාණයෙන්..)
මාසෙකට බිත්තර 20ක්නං කැවෙන එක වලක්වන්න බැහැ.. බිත්තරයක් රුපියල් 9 යේ ඉදලා 11 වෙනකල් තියෙනවා..මං ඊයේ ගත්තෙත් 10 ගානේ.. ඒ කියන්නේ 200යි...
කොහොම උනත් පොලේ ගිය වෙලාවක රුපියල් තුන්සීයක කරවල ගත්තම මට මාසයකට ඇති. එතකොට කරවල වලට 300 යි
ඊ ළගට එළවළු.. මේ දවස්වල කෝකත් පන්සීය 30යි 40යි... මට එළවළු ගන්නකොට රුපියල් 15ක ප්‍රමාණය සෑහෙනවා...ඒ කියන්නේ ග්‍රෑම් 200ක් වගේ... හැබැයි මාසේ දවස් 30ම එළවළු භාවිතා වෙන්නේ නැහැ..ඔය අල පරිප්පුවලටත් කලක් යන්න එපෑ.. ඒ හින්දා දවස් 25කට එළවළු ගත්තොත් 375ක් වගේ...
පරිප්පු රුපියල් 100කත්.. අල රුපියල් 100කත් ගත්තම ඒ ටිකත් ඇති..එතකොට අල පරිප්පු දෙකටම 200යි.
ඊ ළගට මාළු... තලපත් මේ දවස්වල පන්සීය 320ත් 340ත් අතර තියෙනවා... ඉතිං ඔය දෙකටත් මාසෙකට රුපියල් 300ක් විතර අහක් කලාම ඇති.මස්නං ගෙන්නේ එහෙමත් දවසක... ඕක ගෙනත් කප කප උයනවට වඩා ලේසියි රුපියල් 60ක් දීලා දැල් කඩෙන් මස් එකක් අරං එනවා...
ඉතිං ඊ ලගට පලා වර්ග ගැන.. ඕන තරං නිකං ලැබෙනවා... ඒ කියන්නේ ඒවා මං වැඩ කරන තැන ඕන පදං ඔහේ වැවෙනවා..ගොටුකොල වගේ දේවල්වලට ගියොත් ඇර මට මාසෙකට රුපියල් 50කට වඩා ඔව්වට වියදං වෙන්නේ නැහැ.
එතකොට ඊ ලගට දුරු මිරිස් ,තුනපහ ,ලුනු ,ලූණු ,අමුමිරිස් ,තක්කාලි ,පොල් තෙල්,සෝස්.. වගේ දේවල්වලට යනවා තව රුපියල් 400ක් විතර මාසෙකට...ඔය ඉතිං උපරිම කිව්වේ..ඔයිට අඩු මිස වැඩි නැහැ...
ඊ ළඟට ගෑස්..මගේ ගෑස් සිලින්ඩරෙන් මාස දෙකක් කවර් කලෑකි..ඒ කියන්නේ ගෑස්වලට මාසෙකට 170ක් වගේ...
ඒ කියන්නේ ඔය ටිකට රුපියල් 3285ක් වගේ වෙලානේද..? ඒත් ඔය ගණන් රවුං කිරිල්ලෙන් ඔච්චර වැඩි උනා මිස ඇත්තටම ඕක තවත් ටිකක් අඩු වෙනවා...
ඕකට තව එකතු වෙන්න ඕන සීනි කිලෝවක්..නෙස්ටමෝල්ට් පැකට් එකක්.. ටී බෑග්.. කෝපි.. බිස්කට් වගේ දේවල්... හැබැයි මං ටිකක් තේ බොනවා අඩු කෙනෙක්.. සාමාන්‍යයෙන් මට සීනි කිලෝව පිටි පැකට් එක මාස දෙහෙකටත් ඇති වෙන වෙලාවල් තියේ...ආන්න ඒ ටිකත් එකතු වෙලා කොහෙන් කොහොම කැරකුනත් මට මාසෙකට කාලා..තේ බීලා ඉන්න 3500ක්නං යනවා ආයේ ඒකේ දෙකක් නැහැ.
ඒ අතර දෙරණේ සංවාදය බලපු මාතලන්ට නප්පෙට තද වී ‍පෝස්ටුවක් දැම්මේ "පිස්සු හරක් - Mad Cow Decease" ගැනය. එයද කියවන්ට.

ඒ සංවාදයට කතා කළ අයෙක් කීවේ පොරට 2500න් කන්න ඇහැකි කියාය. මාතලන් ඔහුට කීවේ මෙසේය. 

"හෝමාගම බන්දුල පමණක් නොව මීගොඩ සිට කෝල් එකක් දුන් මී හරක් බන්දුල කිව්වේ 2500 ටත් අඩුවෙන් ජීවත් වෙන්න පුළුවන් කියාය. "

බන්දු - රවී සංවාදය එසේ කැරකෙද්දී මාරයියා - මාතලන් මෙසේ කියද්දී සෑමාට ජීවමාන උදාහරණයක් සාක්ෂි ඇතිව ලැබුනේය.

මාරයාගේ කෑම ලෙව කෑමක් ලෙස බහුතරයක් කමෙන්ට් කරද්දී මේ ජිවමාන උදාහරණය එයිට වඩා සතුටින් සිටී. කරදරයක් නැතිව කන්නේය. මාරයා කියපු විදිහට ගණන් හද හද කෑම අපහසුය. මාසය අන්තිම වෙද්දී වේලෙන්නට වෙනවා ෂුවර්ය. දුර ට්‍රිප් යන මාතලන් වැන්නෙකුට එහෙව් කැමක් ප්‍රමාණවත්දැයි සැකය. එලියට බැහැලා ඇවිදින කොට දවසකට/දෙකකට රුපියල් දහක් වත් වියදම් වනු නොඅනුමානය.

මේ අපේ ගමේ කුලරත්න අංකල්ය. පොරට ගමම කියන්නේ කුලේ කියාය. රැයක හොරෙන් රඹුටන් කඩන්නට ගොස් ගසින් වැටී ගහමුලම පසුවදා එලි වෙනතුරු සිට නිවැසියන්ට මාට්ටු වූ නිසා 'රඹුටන්' යන නාමයෙන්ද. සියඹලා මුලක් කඩේකින් සොරකම් කර අසුවී 'සියඹලා' නමින්ද, සරම කැහැපොට ගසා හැද සිටියදී කුමන හෝ වැඩකට කොන්ද නමා පාත් වූ කලෙක කිසිවෙකු පිටුපසින් කුලේගේ කුට්ටම දැකීමෙන් පසු 'ගෙජ්ජියා' යන නමින්ද, බලු පැටික්කියක සම්බන්ධ සිදුවීමකට චූදිතයා වීමෙන් 'බලු පැටව්' ගැන කී විටකද, ආදී නානා විධ නමින් ගම පුරා ප්‍රකට 'කුලේ' ගේ පොටෝවක් මෙන්න. මෙය ගත්තේද පොර මද පමනට පානය කර සිටියදීය. මේ පොටෝවට පොරව ගත්තේද ඩයලොග් ඇඩ් එකකට ගන්වා කියා පොරොන්දු වෙමිනි. එනිසා හිසේ ඩයලොග් කාඩ් එකක් තැබීමි.

මේ කුලේය - හිසේ ඇත්තේ ඩයලොග් කාඩ් එකක්ය.
කුලේ ජොබක් කලේම නැත. කරන්නේ කුලී වැඩය. ගමේ කෙනෙක් වත්ත සුද්ද කරන්නට කී විට පොර මුලින් ඇඩ්වාන්ස් ගන්නේය. උදේම 100ක් අරන් වත්තේ පැත්තක් කොටන පොර දවල් කන්නේද නැතිය. උදේට වැඩ කරන නිවසින් ප්ලේන්ටිය ලැබෙන්නේය. උදේ රුපියල් 100ක් ගත්ත කුලේ නැවත වැඩට එන්නේද නැතිය.

දවසක් අපේ ලොකු අම්මා පොරට මුදල් දි කඩේ යවා ඇත්තේ කරපිංචා මිටියක් ගෙන ඒමටය. අපේ වත්තේ කරපිංචා ඇත. ලොකු අම්මා කම්මැලි කමට කුලේව කඩේ යවා ඇත. කුලේ ‍කඩේ නොගොස් මුදල් සාක්කුවේ දමාගෙන වෙන ගෙදරක වත්තකින් කරපිංචා කඩා මිටි බැද ලොකු අම්මාට ගෙනත් දී ඇත. එය දැන සිටියේ කුලේ පමනකි. පැයක් යන්නට මත්තෙන් ඒ ගෙදර (දුරින් ඥාති ලු) කාන්තාව අපේ අම්මා සොයා ආවාය.

"මේව අපි අමාරුවෙන් වවපුවා. ඔයාල මිනිස්සු එවන්නේ ඇයි හොරකම් කරවන්න" ඇය කීවාය.

"ඇයි මොකක්ද ප්‍රශ්නේ??" අපේ අම්මා ඇසූ විට ඇය මුල සිට සිද්ධිය කියා ඇත.

"අපිට ගස් නැතිවද කරපිංච හොරකම් කරන්නේ.." කියා අපේ අම්මා වත්ත කෙලවරේ තියෙන ගස පෙන්නා ඇත.

ඇයට කට උත්තර නැතිය. ඒත් පිලිගත්තේම නැතිය. මෑතකදී ඒ ඇන්ටිලාගේ ගෙදර තිබ්බ දානමය පිංකමකට අපේ අම්මා යැව්වේද කරපිංචා තොගයකි. කරන්නට දෙයක් නැති කළ පසුව පැවැත්වූ පරීක්ෂන වලින් තහවුරු වුයේ කුලේගේ කුප්ප වැඩ නිසා සොරකම සිදුවූ බවය.

ඉස්සර අපේ මහප්පාගේ පුතා කඩයක් කර ඇත. පොර ඒකේ පරිප්පු බෑග් වලට දමා පාර්සල් කර තබා ඇත්තේ පාරිභෝගිකයාගේ පහසුවටය. ඒ කාලේ කුලේ අංකල් කඩේ ඉදිරියේ බංකුවේ හිදගෙන සිටින්නේය. කඩේට ආපු  කිසිවෙකු  දැක ඇත්තේ බංකුවේ සිටින කුලේ පරිප්පු පැකට් එකක් සරම අස්සේ ගසා ගන්නවාය. පොර හොරෙන් අපේ මහප්පාගේ පුතාට කියා ඇත. ප්‍රශ්න කරද්දි කුලේ කියා ඇත්තේ පොර සොර කම නොකල බවයි. නමුත් මොහොතකින් කුලේ අංකල් බංකුවෙන් නැගිට හන්දිය පැත්තට ගමන් කරද්දී සරම අස්සේ තිබි හිල් වුණ පරිප්පු බැග් එකෙන් පරිප්පු ඇට හැලෙන්නට පටන් ගෙන ඇත. එහෙව් සරමක් අස්සේ තිබි පරිප්පු කෑමට ගන්නට නොහැකි නිසා අපේ මුදලාලි මහත්තයා පොරට සමාව දී නොදැක්කා සේ සිටි‍යේය.

එහෙව් කුලේ කන හැටි සරලව මෙසේය.

පොර උදේට කන්නේ අඩුවෙන්ය. ප්ලේන්ටියක් පමනක් අවශ්‍යය. බීඩියක් හෝ දෙකක් අනිවාර්‍යය. එය ලබා ගන්නේ අපේ කඩෙනි. අපේ කඩේට බීඩි ගන්නේ කුලේටමය. ගිණි පෙට්ටියද හොරකම් කරන්නේ කුලේමය. විටෙක අපේ ගෙදරින් හෝ කඩෙන් පාන් කෑමට කියා හොදි ඉල්ලා පැමිනේ. අම්මා පොරට අවශ්‍යය ප්‍රතිපාදන ලබා දෙන්නේය.

දහවලට කන්නේ නැතිය. නිවැසක කුලී වැඩක් කරන විටක ඒ ගෙදින් කෑම ලැබේ. නැතිනම් දවසට 75/-ක් අවශ්‍යය. ඒ කසියා කාලක් ගැසීමටය. එදාට පොර දවල්ට නොකා සවස 3ට පමන යන්නේ කසියා පොට් එකකටය. ‍අපේ ගමේ නැති නිසා පොර රුපියල් 18ක දුරක් දැන් යන්නේ බස් එකෙනි. එහෙම ගියත් පොර ටිකට් ගන්නේ බස් හෝල්ට් එකක දුරකට පමණි. බොහෝ විට පයින්ම යන්නේය. හැමදාටම කසියා අවශ්‍යය. නැත්තම් පොරගේ දිව එලිට පැන වෙව්ලන්නට පටන් ගනී.

රුපියල් 75  X  දින 30 = 2250/- 

(කසියා කාලක් 75/- බව මම අද උදේ ‍කුලේ අංකල්ගෙන් අසා දැන ගතිමි. 
නමුත් ‍අද මිල ඩොලර් අගය නිසා හෙට වුවද වෙනස් විය හැක)

කුලේ අංකල්ට රෑට කෑමට වුවමනාමය. පොර බොහෝ විට කෑම ඉල්ලන්න යන්නේ අපේ ලොකු අම්මලාගේ ගෙදරටය. එවිට ‍ලොකු අම්මා පොරට බත් එකක් බැද දෙන්නීය. ‍හැදි දෙකක් දැම්මත් පොරට එය කා ගන්නට බැරිය. දවසක් රෑක අපේ ගෙදර ආ‍වේ කෑම එකක් ඉල්ලන්නටය. ගෙදර උඩ තට්ටුවට ඒමට එලියෙන් ඇති පඩි පෙල නැග්ගේ කුලේ අංකල්ය. එදා වැසි දවසක් නිසා පඩි පෙල තෙත වුවත් පොර කිසි අවුලක් නැතිව ලිස්සන්නේ නැතිව උඩට නැග්ගේ කසියා පවර් එකෙනි. අම්මා සෑමා අතට පාර්සලය දුන්නේ ‍කුලේ අංකල්ට දෙන්න කියාය. මම එය අතට දී කිවේ අංකල් පඩිපෙල ලිස්සනවා වැටෙයි කියාය.

"පුහ්..මාව වැටෙන්න.. මම එගොඩහ ඉදන් කසියා බැරල් බඩ යට තියාගෙන පීනපු කොල්ලෙක්" කියමින් කුලේ අංකල් පහලට බැස්සේය. මම දොර වසා නිවස තුලට ගියෙමි.

අවසාන 5 වන පඩියේදී පමන පොර වැඩී "දඩිස්" හඩක් නැගින.

"වැටුන නේද? ඇවිත් නැගිට්ටවන්නද" මම දොරෙන් ඔලුව දමා ඇසීමි. පොර වැටී සිටියද කැම පාර්සලය එක අතකින් ඉහලට ඔසවා සිටියේය.

"ෆිස්සුද... කවුද වැටුනේ?? මම මේක මෙතනම ඉදගෙන කන්න හැදුවේ.."

පොරට කෑමට (වඩා බීමට) මුදල් අවශ්‍ය විටෙක කරන්නේ අපේ කඩෙන් ණයක් ගැනීමය, එහෙත් පසුව ඒවා මතක නැත. වැඩිම වුනොත් ගන්නේ රැපියල් 100/-කි. ඒවා අපේ අය අමතක කරන්නේ පොර වැඩක් කිවොත් කරලා දෙන නිසාමය.

බන්දුල මාමා මෙය දැක්කොත් ජීවමාන උදාහරණයකට කුලේ අංකල්ව උස්සගෙන යනවා ෂුවර්ය. මට හිතෙන්නේ බන්දු මාමා කීවේ අපිට කුලේ අංකල් වාගේ කාලා ඉන්න කියාය. කුලේ අංකල්ට වියදම 2250කි. ඉතිරි 250/- අපිට ලිබටියේ ෆිල්ම් එකක් ද බැලිය හැක.

පලි - කුලේ අංකල් ගැන ලියන්නට පටන් ගන්නට හිටියේ මෙහෙම නෙවේය. මාරයාගේ පෝස්ටුව දැක මම අපේ තාත්තට කිව්වේ එහෙම 3500න් කන එකෙක් ඉන්නවා කියාය. අපේ තාත්තා කීවේ කුලේ අංකල් නම් ගේමක් නැතිව කාලා ඉන්නවා කියාය. එවිට ආ අදහස අනුව මේ පෝස්ටුව දැමීමි. කුලේ අංකල්ගේ සොරකම් පිලිබද හා ආතල් සිද්ධි මාලාවක් සෑමා සතුය. ඒවාත් ලගදීම.

පපලි - කඩේ යනවාට වැඩිය අවංක වීම වැදගත් යැයි හැගේ.

Written by sAm_11.35am_06.04.2012

පපපලි - (සවස - 6.36) මෙය බුකියේ ශොයර් කල පසු අපේ නෝටි දරුවා කීවේ කසියා 75/- වැඩි බවකි. මම අද උදේ අහද්දී කුලේ අංකල් කීවේ කාලක් 75/- කියාය. නෝටියා කියන්නේ 100/- කියාය. එතකොට නම් ඉදලා හමාරය. එකතුව 3000ක් එනවාය.

** සිය රට දේ සිරි සැප දේ - කලාපීය භු විෂමතා ලක්ෂණ අනුව මිල වෙනස් විය හැකි බව කියවේ **

82 comments:

  1. රවී බන්දුල සාකච්චාව නැරබුවෙමි...
    බන්දුලගේ බුද්ධි මහිමය පිලිබද මවිත වීමි

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ලමයින්ට ක්ලාස් කරපු සර් කෙනෙක් නේද බං.. :))

      Delete
    2. රවී බන්දුල සාකච්චාව නැරබුවෙමි...
      රවීගේ තර්ක කිරීමේ හැකියාව පිලිබද මවිත වීමි

      Delete
    3. රවී බන්දුල සාකච්චාව නැරබුවෙමි...

      මම මාගැනම මවිතවීමි

      Delete
    4. හිකිස්..

      පොරක් කිව්වලු මෙහෙම..

      "බන්දුලට 2500න් කා ගන්න බැහැ - රවීට 2500න් කන්න බෑ කියල කියා ගන්න බැ"

      Delete
  2. මෙව්ව නම් අපි දන්නෙ නෑ... කවුරු මොනව කිව්වත්, යන ගාන කීය වුනත්, ඒක හම්බුකරන්න ඕන... 2500 නෙමෙයි 25000 වුනත් එච්චරයි... මොකද 2500න් බෑ කියල ඔප්පු කරහම කවුරුත් උඹට වැඩිපුර යන ගාන මම දෙන්නම් කියන්නෙ නෑනෙ...

    ReplyDelete
    Replies
    1. //මොකද 2500න් බෑ කියල ඔප්පු කරහම කවුරුත් උඹට වැඩිපුර යන ගාන මම දෙන්නම් කියන්නෙ නෑනෙ...//

      ඒක ඇත්ත, අපි කන හැටි ලිපා දනී කිව්වලු..

      Delete
    2. සාතන්ගේ කතාව නම් සිරා ඈ අනික උබලා කඩේ ගියා කියලා මහින්දයා ගානක් ගෙදට්ට එවනවා ඈ?

      Delete
    3. අප්පද බොල අඩේ සෑමා කඩේ ගියෙ නැහැ නොවැ..

      මගෙ බල්ලවත් යයි කඩේ..

      Delete
  3. එකත් නරකම නෑ...
    එත් පොඩි කොස්සක්.. කොහෙන්ද 75ට කසියා සොයා ගන්නේ..
    මීට මාස ගානකට කලින් අත්තම්මලහේ ගමේ කසියා 100. ඒ නම් පැකට් මම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. මත්පැන් කිව්වම ඉතින් මේවත් අයිතියිනේ!
      65ක් ද කොහෙද ගල් බෝතලේට වැඩි උණ එකේ මේකට 25ක් වැඩි වෙන්න ඇති!:P

      Delete
    2. @නෝටි- අනේ මන්ද මචං, මම ගණන් දන්නෙ නැති නිසා අද උදේ කුලේ අංකල්ගෙන් ඇහුවේ ගාණකට නැතිව කිව්වා 75/- කියල. ඒකට තමා කැල්කි්‍යුලේෂන් කලේ. හැබැයි වෙල් ෆැන්ටා මිල කලාපීය ලක්ෂන අනුව වෙනස් වෙනවලු.

      @නුවන් - ඇත්ත තමා බං. ගණන් වැඩි ඇති. ගල් බෝතලේට 65/- වැඩි වුනානම් කසියා කාලකට උපරිම 10ක් වැඩි වෙයි නේද ?

      Delete
  4. සෑමාට කඩයක් ඇති බව දැනගතිමි. මට නම් ඒකම මදෑ...

    ReplyDelete
    Replies
    1. එකක් ? එකක් නෙවේ බොල තුනක්..

      තෝ මෙහෙනම් එන්ට එපාය. මම ගෙදර නැතිය..

      Delete
  5. //ඉතිරි 250/- අපිට ලිබටියේ ෆිල්ම් එකක් ද බැලිය හැක.// බස් එකේ යනවා කියන්නේ ලොකු ගානක්.නැත්නම් කුලේ වගේ හෝල්ට් දෙකකට ටිකට් ගන්න ඕනේ.

    //කඩේ යනවාට වැඩිය අවංක වීම වැදගත් යැයි හැගේ.// සිරාය ලැබෙන දෙයක් නැත.කඩේ යෑම නින්දිත ක්‍රියාවකි. දිළින්දා පාවා දීමක් වැනිය.

    ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. කොළඹ පැත්තට බස්එකේ ඔහොම ගියොත දඩ කනු ෂුවර්ය. :))

      ජය ශ්‍රී කිව්වා !

      Delete
  6. හිකිස්.....
    මමනම් කියන්නෙ බීමේ ආදීනව ගැන අමද්‍යප මොනාද මන්ද ඇමති තුමා ක්‍රියාවෙන්ම ඔප්පුකලා කියල කතාවක් තියෙනවනෙ...අන්න ඒවගේ බන්දුල මාමත් දෙදාස් පන්සීයෙන් ජීවත්වෙලා පෙන්නුවොත් තමයි වටින්නෙ......

    ReplyDelete
    Replies
    1. ඒ කතාව සහතික ඇත්තය. ඒත් බන්දුල මාමාට එයද ක්‍රියාවෙන් ඔප්පු කළ හැක.

      මොකද හැම දේම නොමිලේ බැවිනි..

      නැත්තං ලංකාවම හොස්ටල් එකකට සමාන ‍නොකරනු නිසැකය. !

      Delete
  7. කස්ටියම හෙට වෙද්දී සැමා ගෙ ගමට එනු ඇත!
    ලාබෙට වෙල් ෆැන්ටා හොයගෙන:D

    ReplyDelete
    Replies
    1. අප්පද බොල අපේ ගමේ නැහැ මචං.. කුලේ වුනත් රුපියල් 18/- දුර ගෙවාගෙන යනවා ෆැන්ට බොන්ට..

      ස්තුති මේ පැත්තෙ ආවට..

      Delete
    2. @අසරණයා - උඹ අද හදේද මචං.. :)
      කෝමද බං 70යි 18යි 82ක් වුනේ ????

      **කුලේ බස් ටිකට් ගන්නේ ‍හෝල්ට් දෙකකට පමණි. බොහෝ විට පයින් තමා ගමන**

      Delete
    3. ඇයි බං රුපියල පා වෙනවා නේ. ඉතිං

      ඔබපු බටන් එකේ නෙවෙයි එබිලා තියෙන්නේ.චික් බලපාන් බං නොන්ඩි වෙන එකේ සීමාවක් නැහැ..

      Delete
    4. 8 සහ 2 ඇත්තේ අගලක දුරින්ය. :)

      Delete
  8. ලිපියේ ඉහල කොටසට :- :P

    පහල කොටසට :- හෙට අනිද්දට ෂුවර් එකටම කුලේට උත්කෘෂ්ට පුරවැසි සම්මානය ලබා දී ජනප්‍රිය කරවන්ට පුළුවන් ටි.වී. එකේ මෙන්න 2500න් කාලා ඉතුරුත් කරන හොදම නිදසුන කියලා :D


    කඩේ යනවාට වැඩිය අවංක වීම වැදගත් යැයි හැගේ.මාත් උබේ බෝට්ටුවේ ඈ.

    ReplyDelete
    Replies
    1. කුලේ කියන්නේ කතන්දර වල උපතක් බං. මම මෙහෙම නෙවේ පොරව කරලියට ගේන්න හිටියේ. මොනා කරන්නද බංදුලයගේ මොලේ බිංදුවයි. ඒක නිසා තමා කුලේ අකාලයේ කරලියට ආවේ.

      හිකිස් එකම බෝට්‍ටුවේ නම් තමා. ඒත් උඹ බෝට්ටුවට තෙල් ගහපං මචං.. :))

      Delete
    2. පිස්සුද බං තෙල් ගහන්න ගියොත් කාලා හමාරයි 2500යිනේ තියෙන්නේ :D

      Delete
    3. උඹත් ආර්ථික විජ්ජාව ඉගෙන ගත්තේ බන්දු ගෙන්ද ? (බන්දු සරම-සිංහ නෙවේය)

      Delete
  9. මාතර බත් කඩේකින් බත් කාපල්ලා බං...රුපියල් 3000න් ශේප් වෙන්න පුළුවන් :)

    ReplyDelete
    Replies
    1. සිරාවට.. හැබැයි ගාණ අඩු වුනත් රසට තියෙනවා...

      අඩවි රජා ලබන පාර වෙළද ඇමති කරමු.. ජය වේවා !

      Delete
    2. ඒකනෙ කියන්නෙ අපිට ඡන්දෙ දීපල්ලා....
      පුළුවන්නං අඩවි රජ, මහ රජ කරපල්ලා.... :)

      Delete
    3. එල එල..

      අඩවි රජා මහ රජ වෙලා අඩව්වක් අල්ලයිද දන්නෙ නැහැ.. :)

      Delete
  10. පස්සෙ අර ඩයලොග් වැඩේ පත්තු වුනාද කියලා අහන්න පොරට සිහියක් තියෙන්නෙ නැතුව ඇති! සෑමලාගෙ කඩ ඇත්හෙ බියගම පාරේ සියඹලාපෙ හන්දියට නුදුරින් යැයි මට හිතුනේ ඇයි කියලයි මම කල්පනා කලේ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. පොරට ඕව මතක නැහැ මචං.. අතේ පත්තුවෙන පච කෙලින බුවෙක් නොවැ..

      බියගම පාරේම තමා. ඒත් කැළණීය පැත්තට වෙන්න.

      ඒ පැත්ත දන්නවැයි ?

      Delete
    2. ඔය පාර කට පාඩම් වෙනකල් ගිහින් තියෙනවා සෑම්. ඉස්කෝලෙ යනකල් බස් එකේ ගියා. ඊට පස්සෙ වැඩට ගියා. රූට් නම්බර් 224.

      henryblogwalker the Dude

      Delete
    3. අම්මද බොල ඒමද ?

      බොලා ඉන්නේ පූගොඩද ?

      Delete
  11. මොනවා කිවත් ඔය 2500න් ජිවත් වෙන්න පුලුවන් කිවේ නොමැරි ජිවත් වෙන්නනේ.. සැමා මාසෙකටවත් ඇදුමක් ගන්නේ නැතිව ඇති... ආයේ අපිට මේ බ්ලොග් එක කියවන්න වෙන එකකුත් නැ.. මොකද නෙට් ගාස්තු වලට මුදලක් වෙන් කර නැත..

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ මේ මම ජීවත් වෙන හැටි නොවේ බොල.. අපේ පැත්තේ අංකල් කෙනෙක්..

      හිකිස් මගෙ බිල් ගැන කතා කලොත් බන්දුල අංකල් මට සහන මල්ලක් දෙනවා ශුවර්ය.

      ෆෝන් 1250 + ඉන්ටර් නෙට් (අන්ලිමිටඩ් නිසා අවම) 1500 = 2750/-

      කොහොමද කෑම????

      ජය !

      Delete
  12. සජීව ධනුද්ධරApril 6, 2012 at 9:24 PM

    කොහොමත් කඩේ යනවට වඩා අවංක වීම වැදගත් තමයි බං. ඒත් ප්‍රශ්නෙ ඔය රෙදි නැතුව කඩේ යන වාහෙලාට ඒක නොතේරෙන එක.
    අර 3500න් මාසයක් කන්න පුළුවන් කියපු මෑන්(හරි විදියට නම් ඊටත් අඩුයිලු)කාලාද නැතනම් ලෙවකාලද කියන එකයි ප්‍රශ්නෙ.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අනේ මන්ද බං.. මට ඒ කාපු විදිහ අහලා මම හිනා වෙන්න ඕනෙ කොතනින්ද කියල හිතා ගන්න බැරි වුණා !

      Delete
  13. අනේ මන්ද බන් උඹත් හොර බළලට ගහලා තියෙන්නෙ උම්බලකඩ කෑල්ලකින්ද කියලත් හිතෙනවා...ඇයි බං ඔය කියන විදියට බොන්නෙ නැත්නම් දොයිකුවක් වියදම් වෙන්නෙ නෑනෙ.

    මගේ ගණන් බැලීමට අනුව නම්...මම තනියෙන් ජීවත්වුනොත් යාන්තම් පිරිමහගන්නත් 7000/= ක් වත් ඕන...

    ReplyDelete
    Replies
    1. පොර කන්න වියදම් කරන්නේ අපේ සල්ලි මචං.. :)) බීම තමා මිනිහව ජීවත් කරවන්නේ.

      //අනේ මන්ද බන් උඹත් හොර බළලට ගහලා තියෙන්නෙ උම්බලකඩ කෑල්ලකින්ද කියලත් හිතෙනවා..// උබට තේරිලා හැබැයි..

      මම ගණන් හදන්න දන්නෙ නැහැ බං ඔය කෑම බීම සම්බන්ධව. එහෙම කරන්න අපි පවුල් වෙච්ච දවසට පුලුවං. අනික ඔහොම සම්බාධක තියාගෙන කන්නේ කෝමද. හදිස්සියේ එලියට ගිහින් කෑවොත්??

      Delete
    2. උඹ එහෙනම් එළු මස් කනවා අති.ඇයි එදා කිවුවේ එළු මස් කන්න එපා කියල.

      Delete
    3. @අසරණයා - මොකක්ද බං ඒ කතාව ? මට මඤ්ඤං වගේ !

      Delete
    4. නොමැරී ජිවත් වෙන්න එළුමස් ඕනේ නැහැ කිවුවේ.එළුමස් කාල ශරෙරේට සැප දෙන්න එපා කිවුවා පුළුවන් තරම් දුකම දෙයන්.

      Delete
    5. හිකිස් දැන් බොල තේරුනේ..

      මාත් වනගත වෙන්න ඉන්නේ.. අනිත්‍යය මෙනෙහි කරන් බනක් භාවනාවක් කරන එක හොදා තමා ..

      Delete
  14. අපරාදෙ සෑමො, කලින් මිනිහ ගැන කිව්වනං එදා මෑනුත් වාදපිටියෙ. බන්දුල උන්නැහේ කුලේ අංකල්ව රට වටේ එක්කරගෙන යයි.

    ReplyDelete
    Replies
    1. හික්ස්.. පොරව දැකල අපේ ගමේ එකෙක් අඩේ ගෙජ්ජියා කිව්ව නම්..

      රවී - බන්දු කැලේ. කුලේ කියන කුනු හබ්බ වලට..

      Delete
  15. හොදටම ශුවර් නේ එදා විවාදෙට කතා කලේ කුලේ නෙමෙයි කියලා..

    ඔය කෑම බීම පැත්තක දාලා මම මේ අහන්නේ.. එතකොට ඔය කුලේ ඉන්නේ කොහේද? ඉන්න තැනට ලයිට් බිල් වතුර බිල් ලයිට් නැත්නම් භූමි තෙල් ගන්න සල්ලි යනවා ඇතිනේ..

    ReplyDelete
    Replies
    1. කුලේට පෝං එකක් නැහැ නොවැ..

      නැහැ මචං කුලේ ඉන්නේ ගමේ අම්බලමේ. ඒ ඉස්සරහ ලී මෝලෙ මුරකරුත් කුලේ තමා. ඉතිං හැම දේම නොමිලේ. පොර අපිට වඩා හොදට ඉන්නව. ඒලෙවල් ක්ලාස් එකක ෆ්‍රී කාඩ් එකක් අරන් වගේ ජීවිතේ..

      Delete
  16. අඩේ එදා සාකච්චාවට කුලේ අංකල්ව යවන්න තිබ්බේ 150ක බඩු ලෝඩ් කරලා.පොර දෙයි අට්ටි හැලෙන්න එහෙනං.....බන්දුලයා ගොඩ එදා එහෙනං....

    ReplyDelete
    Replies
    1. අම්මද බොල කුලේට 150/- දැම්මොත් කැමරාව අල්ලන්න වෙන්නේ බිමට. පොර එතනම වැටිල ඉදී. එහෙම නැත්තං රවිය - බන්දුව හිටපු මේසය උඩ කුලේව දොයි කරවල ති‍යන්න වෙයි..

      ප්‍රශ්න ආවොත් ඇහැරවල උත්තර ගන්න.. :))

      Delete
  17. අපිට නම් ලංකාවෙ වගේ ඒ අඩු මුදලකට මාසෙ ජීවත් වෙන්නට බැරිය...අපි යූරෝ කනවාය..යූරෝ අපිව කනවාය............

    ReplyDelete
    Replies
    1. හිකිස් "රට ගිය ඇත්තෝ සාක්කි දෙයි.. !!""

      Delete
    2. ඇත්ත කතාව. මාසයක් ලංකාවට ගිහාම හම්බ කෙරුව ඔක්කොම ඉවරයි කෙරුව දේකුත් නැහැ.යුරෝ මොනාටද හෙව්වේ කියල හිතෙනවා.දුකේ බෑ අප්පා.

      Delete
    3. ඔය යූ‍රෝලන්ත වල මෙහෙම ඇමතිලා නැහැ නොවැ.. නැත්තම් කස්ටිය රට යනවා බොරු !

      Delete
  18. ඇයි බං මම බුකියේ එකක් දැක්කා

    එක්කෙනෙක්ට වේලකට පාන් භාගයක් ප්‍රමානවත්ය එනම් දවසට පාන් එක හමාරකි

    එම නිසා දවසට පාන් වලට ගාන 77.50කි

    එනම් මාසෙකට 77.50x30 =2325 කි

    එනම් තව රු.175ක් ඉතුරුද වේ

    පලි : පාන් කෑමට හොදිවර්ග භාවිතා නොවේ

    ReplyDelete
    Replies
    1. ඒකට කමෙන්ට් කරන්න ති‍බ්බේ "හයිය පාං" ද දන්නෙ නැහැ කෑවේ කියලා..

      නැත්තං "පානුයි ලුකයි" කෑවත් මචං කන්න පුලුවං.

      ස්තුති කනියා.. බලපං ඉතිං එහෙම කන එවුන් ලැජ්ජ නැතිව බුකියෙ දාන හැටි..

      Delete
  19. අපිත් ලංකාවේ මුදලින් බැලුවොත් ලොකු ගානක කනවාය. ඒ නිසා ඒ ගානෙන් වැඩක් නැතිය. :D

    ReplyDelete
  20. //මේ පොටෝවට පොරව ගත්තේද ඩයලොග් ඇඩ් එකකට ගන්වා කියා පොරොන්දු වෙමිනි. එනිසා හිසේ ඩයලොග් කාඩ් එකක් තැබීමි.//
    උඹ තමා දවසකටවත් මිනිහ. ;-)

    ReplyDelete
    Replies
    1. නැත්තං අමු කුනුහරපෙං බං බයින්නේ.. රැවැට්ටුවෙ නැත්තං බැහැ..

      Delete
  21. නැන්දම්මා ගෙදරින් පිටකරගත් දවසක මටයි, හාමිනේටයි, පැටියටයි 7500කින් ජීවත් වෙන්න පුලුවං වෙයිදකියල බලන්න පුලුවං වෙයි. උන්දෑ ගෙදර ඉන්නකං සල්ලි කප්පරක් හෙවුවත් මදි නිසා ඔය ගනං මිනුම් ගැන හිතන්න ඉඩක් නෑ

    ReplyDelete
    Replies
    1. ඕනයා මගෙ පෝස්ටුවට වැඩිය උබේ කමෙන්ටුවට හිනා යනවා බං මට නම්...

      අපිටත් ඔහොම කාලයක් එයිද මන්ද... :(

      Delete
    2. ඕවා පෙර කළ අකුසල්.. මම නම් ඒ අතින් ගොඩක් පින්කර ඇති සෙයකි.. එහෙව් නැන්දම්මලා වාසනාවන්..

      Delete
    3. ඕනයාගේ කමෙන්ටුව දැක හදවත බියෙන් සලිත විය.....

      Delete
    4. මටත් එහෙම විය ලොකු පුතෝ..

      Delete
  22. 2500 ගැන කතාකර එපාවී ඇත. යකාගෙ හැටියටලු විමානෙ.

    කුලේ නම් එලම ඩයල් එකකි. අපේත් ඔවැනි ඥාතියෙක් සිටී. ලියනවානම් බ්ලොග් පිරෙන්ඩම ලියන්ඩ කථා ඇත.. ඒ තරම් රසවත්ය..

    ReplyDelete
    Replies
    1. කුලේ සොර දෙටුවෙකි. ගමම දනී එහෙත් පොර කියන්නේ තමා එසේ නොවේ කියාමය..

      හද පෙන්නා ඒ ඉර කියන තරමේ ඩයල් එකකි.

      Delete
  23. අළුතින් එකතු කල බදු එකතු කලොත් නම් දැන් 100ට කිට්ටුකරල ඇති කියලයි මටත් හිතෙන්නේ.. මාරයාගේ තියරිය හරි යයිද දන්නේ නෑ.. අනුගමනය කරල බලන්න වටින්නේමය..

    ReplyDelete
    Replies
    1. මාරයාට මෙන් උබටත් ලෙවකන්නට වෙනවා ෂුවර්ය. බලපං ඉනෝ එකේ කාපු කෑමට ඔහොම කාලා ඇතිම මං අහන්නේ..

      Delete
    2. ඉනෝ කෑම නම් මතක් කරන්න එපා!!! වැඩේ හරියන්නේ නෑත.. මගේ පරන මාස වල බිල් ටික එහෙන් මෙහෙන් එකතු කරල බලද්දි අඩුම එක තිබුනේ හාරදාස් ගානක්.. එකට තව ( සිල්ලර බඩු නොවන ) බිල් ටිකකුත් එකතු වෙන්න ඕනි .. ඒවා ආවාම හයක් විතර වෙනවා.. ඒ හින්දා වැඩේ කරගෙන යන විදියටම යනවා. හොඳට කැවෙනවා මෙහෙම කද්දි..

      Delete
    3. සිරාවට මචං.. අකාල මරණයකට වඩා කාලා මැරෙන එක ‍හොදය.. ;)

      Delete
  24. අඩේ කුරේ අන්කල් පර්ස්සම් කර ගනින්.. මොකද හෙට අනිද්දට සුදු වෑන් එකක් එනවා ෂුවර්ය..

    ReplyDelete
    Replies
    1. පොර කුරේ නොව ‍කුලේය..

      අප්පද බොල මොන වෑන් ආවත් පොරගේ කුණු හබ්බ වලට හැරී යනවා සුවර්ය :))

      Delete
  25. මේ අන්කල් තරුණ උනානම් මට ගැලපෙනවා. ශික් ඒකවත් හරියන්නේ නැහැ නොවැ..

    ReplyDelete
    Replies
    1. මෙන්න ගෑල්ලමයි..

      අඩු වියදමින් ජීවත් වෙනවා කියපු හිටියේ මගුල් කතා කරනවා..


      මේක නම් මල මගුලක්ය !

      Delete
  26. අර ඩයලොග් කාර්ඩ් එක ඔලුව උඩ තියල ගනිපු ෆොටෝ එකනම් මරු ඈ..:D

    ReplyDelete
  27. මාත් අසයි 75 කසියා තියෙනවනම්

    ReplyDelete
  28. යකෝ කසියා ටිකත් ගිය උඩ..බලහං දුප්පතාගේ ලොදිය හැලියටමයි කෙලින්නේ..

    ReplyDelete
  29. කියවාගෙන එන විට මට නමි සිතුනේ කුලේ යනු සෑමාගේ අන්වර්ථ නාමයක්ද විය හැකි බවය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...