Monday, December 26, 2011

හේමේ පොලිසියෙන් පැන්න හැටි...

හේමේ සේලයින් බෝතලය සරම අස්සේ ගහගෙන ගම පුරා ඇවිදින්නේ අද කාලයේය. ඒ මතට තිත තිබ්බාට පසුවය. ඔය කියන තිත තිබ්බාට පසුව සැර බීම අලෙවිය වැඩි වුණාට කසිප්පු පොට් අමු අමුවේ අත් අඩංගුවට ගැනින. එදා පටන් හේමේ සේලයින් බෝතලේට වැටී සිංහයා විය. ඒත් සිංහයා වුණාට තියෙන රගේ දන්නේ සේලයින් පාවිච්චි කළ අයය. තැන තැන නැවතී ටින් ගණන් මුත්‍රා කිරීමට සිදුවීම සිංහයා බලු වන සිද්ධියකි. සෑමා තවමත් කල්පනා කරන්නේ සේලයින් බෝතලයක් බිව්වම බෝතල් දෙකක මුත්තරා පිට වන්නේ කෙසේද කියාය. අපේ වාණිජ්‍ය බැංකුත් මේ උදාරතර සේලයින් තියරිය අනුගමනය කරනවා  නම් සුපිරිය. අපිට එහෙනම් ලැබෙන්නේ වැල් පොලීය.

ගමේ එවුන්ට වැඩ දමා බයිස්කෝප් පෙන්නපු කාලේද හේමේ භාවිත කලේ ගමේ ෆැන්ටා නොහොත් කසියාය. උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් ‍ඒ කාලේ කොත්තමල්ලි ලිපේ තියන්නට ‍ප්‍රථම ෆැන්ටා කට ගෑම සිරිත බව හේමේ මට කීවේ සිංහයා වී ඉන්නා විටකදීය. වෙනදා නිහඩව සිටින හේමේ වැඩිපුර කියවන්නට ගන්නේ මේ සේලයින් වල ආනිසංසයෙනි. ඒ කියවීමත් හේමේගේ කටහඩත් එක් වූ තැන ගමේ එවුන්ට නියම ආතල් එකක් සෙට් වේ. ධර්මේ සහ ජොකා කතාවේත්, බයිස්කෝප් සීන් එකේත් විශේෂයෙන් සදහන් කලේ හේමේගේ කටහඩ ගැනය. ටීවී, රේඩියෝ හදන ‍හේමේගේ කටහඩ පරණ වැ(ර්)ලස් එකක බැරැන්ඩි වූ හඩට ඉතාම ආසන්නය. 

එකල්හි දිනක් හේමේ ෆැන්ටා ආතල් එකක් ගැනීමට සවස් ජාමේ පිටත් ව ඇත්තේ කැළණි ගග අසබඩ වෙලේ පොට් එකටය. හේමේ ෂොට් එකක් දමා ෆැන්ටා ගැන්සිය සමග නිදහසේ කතා කරමින් සිටින විට පොලිසිය පැන ඇත්තේය. බයිස්කෝප් පෙන්නපු කාලේ සීන් එකක් නම් හේමේට කිසිදු අතුරැ අන්තරාවක් නැතිව බේරෙන්නට ඉඩ තිබිණ. බයිස්කෝප් පෙන්නපු කාලේ හේමේ ඕ.අයි.සී මහතාව දැන සිටියේය. ඒත් කකුල් වලට හයිය ඇති එවුන් බැරල් කරේ තබාගෙන දිව ගොස් ගගට පැන පිහිනා ‍එගොඩින් මතුවෙද්දී, දුවන්නට තියා සද්දෙට කතා කරන්නටවත් බැරිව සූර් වී සිටි අපේ හේමේ අංකල් එතනම බිම හිදගෙන ඇත. ජීප් එකට නැග ඇත්තේද පොලිස් මාමලාගේ කර මතිනි.

පොලිස් මාමලාගේ කර මතින් ජීප් එකට නැගි හේමේ කැළණි රජමහා විහාරය වන්දනා කරගෙන කෙලින්ම ඕ.අයි.සී මහතා අසලට ගෙන ගොස් පෙන්වා ඇත. බඩුත් එක්කම සූර් පිට අහු වූ විට මොන නඩුද? හේමේව ඕ.අයි.සී මහතාගේ නිර්දේශය අනුව කූඩුව ඇතුලට දමා ඇත. කූඩුවට එන්ටර් වූ තැන සිට හේමේ වෑ(ර්)ලස් වොයිස් එකෙන් නන්ස්ටොප් කෑගසා ඇත්තේ තමන් නිවැරදි බවත් තමාව එළියට දමන බවත්ය.
හේමේගේ වෑ(ර්)ලස් වොයිස්  එක සිර මැදිරිය රැව් පිලිරැව් දෙන්නට විය

"අනේ බුදු සර් මම වැරද්දක් කලේ නැහැ.... අරැන් පෙරන හැටි බලන්න ගියා විතරයි.." හේමේ කම්බි කූරැ මැදින් අත් එලියට දමා කියවන්නට ගත්තේ වෑර්ලස් වෙයිස් එකෙනි.

"තමුසේ බීලත් ඉදලා දැන් එනවද මෙතන බබා වෙන්න.. බලවා ඕයි තමුසෙට කතා කරන්නවත් බැහැ නේද??" හේමේගේ උපන් ‍නැකතේ වොයිස් එක නොදත් ඕ.අයි.සී මහතා කියන්නට විය.

"අනේ සර්.. මේ මගේ උපන් කටහඩ...මාව එලියට දාන්න සර්..." හේමේ නොවත්වා කෙදිරිලි හඩින් කරන කන්නලව්වට ප්‍රති උත්තර දීම ඕ.අයි.සී මහතා මොහොතකට නවත්වා සිටියේ කන්දොස් කිරියාවක් නිසාමය.

ඕ.අයි.සී මහතා විනාඩි පහලොවක් පමණ නිහඩව සිට ඇතත් හේමේ කන්නලව්ව නවත්වා නැත. ඕ.අයි.සී මහතා කේන්තියේ උපරිම සීමාවට පැමිණ හේමේ අල්ලාගෙන ආ සාජන් කෙනෙක් අමතා...

"තමුසෙට පිස්සුද ඕයි මේ මොකෙක්වද අල්ලගෙන ආවේ... දානවා ඔය මයිනා  කූඩුවෙන් එලියට..."


උපදෙස - එදා හේමේගේ වෑර්ලස් වොයිස් එක හේමේට අභය දානය ලබා දුන්නේ ඕ.අයි.සී මහතාටද පාඩමක් උගන්වමිනි. තමන් උපතින් ගෙනා අඩුපාඩු ගැන පසුබට නොවන්න. ඒවා තමාගේ වාසියට හැරෙන අවස්ථා ඇති බව මතකයේ තබා ගන්න.

Written by sAm_11.53am_19.12.'11

හේමේ ගේ සේලයින් සහ ධර්මේ ගේ ජොකා කතාවේ 7.15pm_20.11.'11 ට පොරොන්දු වුණ මේ ස්ටෝරිය පමා වුණා. සමාව බාජනය කරමි. ජය ශ්‍රී !

18 comments:

  1. නදී ගංගා තරනයේ...ඉන්ද්‍රකීලයක් ලෙසින්.......හික් හික්..ඉන්ස්පෙක්ටරය ඉට පස්සේ වෙල්ෆැන්ටා බිව්වලු...ඔලුවේ කැක්කුම අඩුවෙන්ඩ...

    ReplyDelete
  2. හේමෙගෙ පරණ කතා වෙට් එක එළනෙ බං!

    ReplyDelete
  3. තැනට සුදුසු නුවන.මොලේ තියෙන පොරක්.ඉතුරු කතා ටික කවදද එන්නේ.

    ReplyDelete
  4. අන්න මොලේ තියෙන කොල්ලෝ!

    ReplyDelete
  5. හේමේ කියන්නේ පට්ට බුවෙකි.
    ඔය කැළණියට අධිපති (විභීශණ දෙයියෝ නෙමේ) ගැමුණු මහත්තයාගේ අනුමැතියෙන් පෙරණ වැඩේ කොලා නම් ආයේ ඉන්ටර්පෝල් එකෙන් ආවත් මිනිහා බේරෙනවා.

    ReplyDelete
  6. ඉන්දික උපශාන්ත- ඔව් බොල, මේක පරණ කතා සෙට් එකේ උණුසුමෙන් දාපු නැති එක සෑමා කොරගත්ත වරදක්..

    හේමේගේ පරණ කතා ටිකත් බැලුවොත් තමා වටින්නේ..

    ස්තූතියි කිව්වා..

    ReplyDelete
  7. Raj - හෙහ් හේ.. සිංහලෝකයේ වගේ.. ස්තූතියි කිව්වා..

    ReplyDelete
  8. අසරණයා - නැතිව හේමේ මඩ සෝදා ගත්ත නම් බොල ඕ අයි සී කමටත් සුදුසුයි කියලා කවුද කීවා...

    තව කතා මග එනු ඇත (කිතුල් ගහේ කතාව දාපං කෝ..)

    ජය ශ්‍රි කිව්වා..

    ReplyDelete
  9. ලහිරු - කොල්ලෙක් නොව බොල අංකල් කෙනෙක්.. :)

    ස්තුතියි කීවා..

    ReplyDelete
  10. මධුරංග - සිරාවට.. දුටු ගැම්මා සෙට් වුණා නම් හේමේ ගොඩය. ඒත් හේමේ දුට්ටාට කැමති නැත. ස්වාධීන පොරකි.

    මමවත් වැඩේට බැසිය යුතුය.. ජය වේවා..

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. එතකොට ඕ.අයි.සී. මිනිහට "මයිනා" කියල තියෙන්නෙත් කටහඬ නිසාද ???

    ReplyDelete
  13. ඕනයා...හප්පේ බොලාට ඕක තේරැනේ නැතිද? පොර කිචි බිචි ‍වොයිස් එකෙන් කතා කරනකොට ඕ.අයි.සී ට මල පැනලා. මයිනා කියලා කෑගහල දොට්ට දාලා..

    ජය ශ්‍රී ඕනයියා..

    ReplyDelete
  14. පොලිස් කතා ඕනෑ තරම් ඇත. දෙඤ්ඤං.

    ReplyDelete
  15. මමත් ඔයවගේ සීන් එකක් දන්නවනම් මාව එල්ලුව වෙලෙත් ට්‍රයි එකක් දාල බලනවා Nice post

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...