Wednesday, December 21, 2011

විසි දහසයි.... වගකිව යුත්තෝ ඔබමය.. ඔබට ප්‍රණාමය.. !

ඉස්කෝලේ තනි ඇටයා.. පේරාදෙනියේ ගැටයා.. අනිවාරතේ පටන් අරන් දාපු ලිපි දෙක තුන සෑමා බලා සිටියේය. ඒ අතර අනිවාරතේට උපහාර පිණිස කතන්දරයක් දැම්මේ ෆේස් බුකියේ නෝට් එකක් විදිහටය. ගැටයා ගුරා වී එතැන් සිට සෑමාට උපදෙස් දුන්නේ බ්ලොගක් කරන ලෙසය. එනම් සෑම් ක්‍රියේෂන් හි උපත ගැටයා කල අසික්කිත වැඩේය. එසේ නොවන්නට මේ බ්ලොග අද නැත.

එහෙන් මෙහෙන් කිටීට කවි කතන්දර අමුණා තිබි පුරැද්ද සහ ෆේස් බුකි කවි ස්ටේටස් පෝස්ට් කිරිල්ල නිසා එක එකා "මොනව හරි කරපං සෑමා" කීවාට ගැටයා දීපු ලණුව ලෙසටම වැඩ කලේය. දිනෙන් දින ඒ ලණුවේම පැටලී වෙලී ගැට ගැසෙමි.

මුලදි මෙය පාළු අම්බලමකි. ඒ පාලු අම්බලමේ තනිවම වලං බිදීමි. ඒ අතර අසරණයා යැයි කියා ගත් බ්ලොගයක අසරණයා නමින් පෝස්ටුවක් දැක්කෙමි. එය පහත ඇත්තේය... (ටයිපිං මිස්ටේක්ස් එලෙසම තැබීමි)


හැමෝටම ආයුබෝවන්!!!!!..

හැමෝටම තියෙන නිසා හමෝම  කරන නිසා මාත් එකක් හැදුවා.කිසි වැඩකට නැති  වෙන්නත් පුළුවන් .
කවදාවත් පාසලේදී කවිකක් කතාවක් ගලපලා ලියපු නැති මම මොනවා ලියන්නද කියලත්  හිතෙනවා .ඒත් මං හිතනවා මොනවා හරි ප්‍රගතියක් වේවි කියල.
කියවල බැනලවත් යන්න(මට විතාරක්).මේක ලස්සනට කරන්න ඔයාලත් හෙල්ප් එකක් දෙන්න.
මට ජයවේවා !!!!!!

මෙයට ඔබේම 
අසරණයා ..
(මෙකී අසරණයා මා දැක නැත්තෙමි, නොහදුනමි, කතා කොට නැත්තෙමි)


අසරණයා කීවේ තමන්ටම ජය වේවා කියාය. තමන්ගේ බ්ලොගය ආරම්භය එතරම් සතුටු දායක නැති බව හැමෝම දනිති. සෑමාද එය දන්නා නිසා අසරණයාට කික් වෙන කමෙන්ටුවක් දැම්මේය. දැන් අසරණයා අසරණ නැත. පොර දියුණුය. බ්ලොග ආරම්භය සෝචනීය වන්නේ ලියන්නට බැරිකම හෝ ‍ලියන්නාගේ වැරදි නිසා නෙවේය. ඒත් කස්ට කාගෙන ටිකක් හිටියොත් බ්ලොග කරගෙන යා හැකිය.

අසරණයාව ‍ගත්තේ පොඩි උදාහරණයකටය. හැමෝටම පොදු වෙච්ච දේ පොරටත් වෙලා ඇත. මට මුලින් හිටියේ ගැටයා සහ අපේ ඉස්කෝලේ සෙට් එකත්. ෆේස් බුකි ගැන්සියත්ය. දැන් බ්ලොග් කරන තවත් සෙට් එකක් සෙට් වී ඇත්තේය. නම් වශයෙන් කීම අනවශ්‍යය. සියල්ලෝම මගේ සිතේ ඇත. සෑමා උන්ට උපහාර දක්වන්නේ බ්ලොග් එකට රිංගා පෝස්ට් කියවීමෙනි.

බ්ලොග් අතරේ අප කවදාවත් හමු වී කතාබහ කර නැති මිතුරන් වීමු. දහස, පන්දහස, දසදහස හා ලක්ෂ ගණන් හිට් ගසන එවුන් දෙස අප බලා සිටිමු. එයින් සෑමා ලද සතුට අපමණය. ඒ ආරම්භය කුරිරැ බව දන්නා බැවිනි. සෑමා පෝස්ටුවක් බැලුවොත් කමෙන්ටුවක් ඔබා යන්නේ ආවා කියා කීමට පමණක් නොව "තව ලියපං අපි ඉන්නවා කීමටය" ‍කමෙන්ටුව දමා subscribe පාරක් දාන්නේ "අපි ඉන්නවා කියලා ගියාට පස්සෙනුත් පන්නනවා" කීමටය.

ඉස්කෝලේ සීන් වලින් ආරම්භ කර, පසුව පොඩි සෑමාගේ ලියුම් එක් කලෙමි. දැන් සෑමා සහ පොඩි සෑමා යන දෙන්නාම එක කෙලියේ ලියති. කුසු සහ සිතූ ගේ ලව් ස්ටෝරියද අස්සෙන් රිංගවනු කැමැත්තෙමි.

හැමෝම ලියන්නේ ආත්ම තෘප්තියට මිස වෙන කිසිවකට නොවේය. මගේ විසිදහසට වගකිව යුත්තෝ සහ සතුටු විය යුත්තෝ ඔබමය. ඔබ සැමට ජය....

විශේෂ ස්තුතිය සෑමාගේ බ්ලොගේ පමණක් නොව අනිත් බ්ලොග් වලත් කක්කි කරන බව්වන්ට හිමිවේ. එය කිදිම මාකටින් උදව්වකි. :)

Written by sAm_11.20am_21.12.'11
විසිදහස වන්නට පෙර ලියා තැබීමි. හරියටම 20,000 දී පෝස්ට් කලෙමි.


18 comments:

  1. අඩේ මටත් එක්ක ආඩම්බරයිනේ.!! විසි දාහට මගේ බොක්කෙන්ම සුභ පැතුම්.20,000 ට 50,000 ක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා!!
    ජයෙන් ජය !!

    ReplyDelete
  2. ජය වේවා !!! එළ සැමෝ.....තවත් විසි තිස් දාහකට ආසිරි !!!!

    ReplyDelete
  3. 20000 ගැහුව නේ? මගෙනුත් සුභපැතුම්. උඹට හොදට ලියන්න පුළුවන්. කකුල්දෙක අතරෙ තියාගෙන ගහන ගැහිල්ල තමයි මගේ ෆේවරීට් එක. දිගටම ලියපං.ජයවේවා!

    ReplyDelete
  4. මමත් අලුතෙන්නෙ මචන් බ්ලොග් ලියන්න අවේ. මටත් ඔය අත්දැකීම තියෙනව. ජයවේවා මචන්..

    ReplyDelete
  5. අසරණයා- නැහැ බං උබ ලියල තිබ්බ දේ අත්දැකීම මටත් තියෙනවා. බොහෝ දුරට හැමෝටම ඇති. ඒකයි ඒක දැම්මේ..

    ජය ශ්‍රී..

    ReplyDelete
  6. ඔබ නොදුටු ලොවක්- ස්තුතියි කීවා..

    ReplyDelete
  7. රාජ්- උඹේ Virginity පෝස්ට් එකත් එල :))
    ජය වේවා..

    ReplyDelete
  8. සමනල් පැටියා- හැමෝටම ඕක පොදුයි බං.. ඒකයි මම මේ වගේ දවසක මුල මතක් කලේ.. හැමෝටම ස්තුතියි..

    ReplyDelete
  9. සෑමාට සුබ පැතුම් !!!
    වෙනස්ම ආරක ලියන බ්ලොග්කරුවෙක් විදිහටයි මම් සෑමව දකින්නේ !!!
    මේ ස්ටයිල් එක එලෑ. දිගටම ලියමු. කියවන්න නම් පමා උනා. වැඩ බොලවු :)

    ReplyDelete
  10. මධුරංග- ඔය වචන ටික ඇති බොලව් ගනින් මයෙන් මෙන්න ලොකු උම්ම එකක්...

    මේකට පමා වුනාට කමක් නැහැ, වෙන වෙන ඒවට පමා වෙන්න එපා හරිය.. ස්තුතියි..

    ReplyDelete
  11. අඩේ මොනවා කියන්ටද මන්ද බං...ඇද්ද උඹට..හූ.... හ්හූ ..දැන් ඉතිං ලියපං දිගටම......සිරාවටම සන්තෝසයි සැමියා (බිරිඳගේ දෙවියා නෙවේ )..

    ReplyDelete
  12. ගැටයා- තෝ කරපු අෂික්කිත වැඩේ තමා මේ.. මක්කොරන්ටද.. ගලේ ‍මොනවද දාපු මොකාද එකා සේ හිදිනු මිස..

    ජය ශ්‍රී කිව්වා.. !

    ReplyDelete
  13. දිගටම ලියමු මලයා.... සුභ පැතුම්...

    ReplyDelete
  14. නිසුපා-
    ස්තුතියි අක්කා.. ජය ශ්‍රී !

    ReplyDelete
  15. ඔය තියෙන්නේ බන් ප්‍රතිඵල ....ජයෙන් ජය

    ReplyDelete
  16. J B L නොහොත් ජයේ - උබ‍ලගේ සපොට් එක තමා බොල..

    ReplyDelete
  17. 70120 දි ඔන්න මං මේක දැක්කෙ... සැමා මට කියුව කතාවක් මෙතන කොටන්නම්... ඒ හොඳටම ඇති...

    ~ හිතේ සතුට විතරයි බං ඕනේ ජය ! ~

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...