Tuesday, December 20, 2011

කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම...

ගසන්නෙමි දිවි ඇති තුරාවට


කකුල් දෙක මැද
තදින් සිර කර
ගසන්නෙමි
රත් වෙන තුරාවට

දෙපැත්තේ ඇති
එක වගේ දෙක
අත් වලින් මා
තද කරන්නෙමි

ඉනට සිර කර
ගසන ආරට
වැඩිය ආසයි
කකුල් අතරට
සිර කරන් නුඹ
ගසාලන්නට

මම ගසන විට
කෑගසයි නුඹ
ගමේ උන්ගේ
කයි කතන්දර
අ‍පිට මොකටද
අපේ ආතල්
උන්ට මොකටද

සුමුදු සම නුඹෙ
පැලේ දෝ මට
සැකයි එනමුදු
ගසමි හැම විට

ගසන තරමට
කෑගසන නුඹ
පැලෙන තුරැ යලි
යලි ගසන්නෙමි

ඔබට එපාවුන
දිනට කියපං
අලුත් එකකට
කැමති වෙන්නම්


Written by sAm_10:00pm_20.12.'11

39 comments:

  1. මචන් මේක නම් පට්ට ඕයි ඇඩෙනවා JBL

    ReplyDelete
  2. මොකක්ද බං ඒ කල කැත වැඩේ.

    ReplyDelete
  3. විළි ලැජ්ජාවේ බැරුව කියෙව්වේ,පිංතූරේ දැක්කමනේ මේ වෙන එකක් කියලා හිතුනේ !!!! එළ ඈ .....

    ReplyDelete
  4. මේක නම් සිරා

    ReplyDelete
  5. ෆට්ට. මම හිතුවෙ උඹ ඉදල ඉදල කුණුහබ්බයක් දෙසාබෑව කියල.

    ReplyDelete
  6. කියලා වැඩක් නැත. පට්ටය. ආතල්ය. නිර්මාණ කියන්නේ මෙව්වටය. පින්තූරේ දැම්මේ නැත්නම් කට්ටිය ගලේවල යනවාය. පද පොඩ්ඩක් එහෙ මෙහෙ කලානම් තවත් ලස්සනය.

    ReplyDelete
  7. සිරා පද පේලි ටික මචන්. ඕක හැබයි බිම තියන් ගහන්නත් පුලුවන් නේද?

    ReplyDelete
  8. JBL- ඇඩුනේ මුලදි හිතපු දේ ලියවුනේ නැති නිසාද බං.. :)

    ReplyDelete
  9. අසරණයා- බොංගො ගහන එක කැතද මචෝ...

    ReplyDelete
  10. ඔබ නොදුටු ලොවක්- අනේ බොලාගේ ලැජ්ජාව.

    ReplyDelete
  11. රාජ්- කුණුහබ්බෙ දෙසුවේ නැහැ පෙන්නුවා විතරයි කොලුවෝ.. :)

    ReplyDelete
  12. මාතලන්- ගොඩක් අය මුලදිම ‍ගලේවෙල ගිහන් මාතලන් කොල්ලෝ. වැඩිය වෙලාවක් ගත්තෙ නැහැ බං, පටස් ගාලා ලිව්වා දැම්මා. තව ටිකක් කැටයම් කරන්න තිබ්බා නැත්තම්..

    ReplyDelete
  13. සමනල පැටියා- ඕක ඉතින් කැමති කැමති විදියට ගහන්න පුළුවං නොවැ..

    ReplyDelete
  14. අම්මෝ මයේ රැම් එක 'කර' වේගෙනත් ආවා. අඩේ මේ කියලා තියෙන්නේ බෙරයක් ගැන නේ බොලවු.

    ReplyDelete
  15. මධුරංග- රැම් කරවුවාට කම් නැත, අහවල් ඒවා කරවූවා නම් ගහපු පදේකුත් නැත, බෙරේ පලුවකුත් නැත..

    ස්තුති බොලවු..

    ReplyDelete
  16. ශික්.....මදෑ ඇඩල්ට්ස් ඔන්ලි ඒව බලන්ඩ ආව...හෙහ්...හෙහ්...

    ReplyDelete
  17. හික් හික් වචන කැත නෑ අපේ හිත් කැතැයි හි හිමම හිතුවෙම හරි කියලා අගට යනකන් හයියෝ මරු අදහසක්

    ReplyDelete
  18. හොඳ වැඩේ ඔබා මාමාට

    ReplyDelete
  19. @Observer - ඔබා මාමා දැන් බණක් දහමක් අහගෙන ඉන්නවා හොදයි...

    @ගැමියාගේ පත් ඉරුව - කැත හිත තියා ගනිං බං නරකම නැහැ :)

    @බුද්ධි - ඔව් බං මාමා වුනත් කොල්ලා වෙන්න හදනවනේ ;)

    ReplyDelete
  20. බ්ලොග්කරනය දිරිමත් කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද බ්ලොග් ගැන්සිය තුල ඔබගේ බ්ලොග් අඩවිද ඇතුලත් කර ඔබ සියලු දෙනාගේ බ්ලොග් අඩවි සදහා පාඨකයන් ගෙන්වා ගන්නා අතරම අපගේ සින්ඩිකේටරය සාර්තක කර ගැනීමට කාරුනික සහයෝගය ලබා දෙන්න...ස්තුතියි.
    http://bloggansiya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතී කිව්වා.. මම දැන් බොල කමෙන්ටුව දැක්කේ...

      සොරි ලේට් රිප්ලයි නොවැ..

      Delete
  21. යකෝ මං හිතුවෙ වෙන දෙයක්! හිකිස්! පට්ට ආ!

    ReplyDelete
  22. මාර ක්‍රියේටිව් ......
    මම දැක්කෙ එලකිරි එකෙන්

    ReplyDelete
    Replies
    1. ඔව් මචං මම දැක්ක එලකිරියෙන් කස්ටිය මෙහාට ඇවිත් තිබ්බා...

      අවුලක් නැහැ බ්ලොගේ ලිංකුව දාල නොවැ..

      Delete
  23. සිරා මචං.. මට ආව මේල් එකක්.. හිතුන අනිවා බ්ලොග් පෝස්ට් එකකින් උස්සපු එකක් වෙන්න ඇති කියල. ගූගල් කලාම තමයි නියම අයිතිකාරය හොයාගත්තෙ. නියමයි..
    ජය !!!

    ReplyDelete
    Replies
    1. මටත් ආව මචං මේල් එක.. ස්තුති මෙහෙ ආවට..

      දුකයි බං එහෙම උස්සන කොට.. :(

      Delete
  24. NAKI GAMARALAGE KATIN LOLO HANDA NAGEE

    ReplyDelete
  25. ශික් කියපු විදියට මටත් ආස හිතුන යට පොටෝ එකන් ආසාව ඇරුණ........

    ReplyDelete
  26. හොඳ වෙලාවට photo එකක් දැම්මා. නැත්නම් චූටි අපිට මේ පැත්තෙ එන්නත් බැරි වෙයි

    ReplyDelete
  27. නියමයි බන් ඔය තියෙන්නේ.......

    ReplyDelete
  28. අඩේ මේක උඹද ලිව්වේ?

    ReplyDelete
    Replies
    1. නැතුව යකෝ මේක වටේම ගියා ඊට පස්සේ

      Delete
  29. මරේ මරු, පට්ට ආතල් කතාවක්.

    ReplyDelete
  30. මරු මරේ මරු පිස්සු වගේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...