Thursday, December 8, 2011

ට්‍රිප් යාමට වඩා ඕගනයිස් කිරීම ආතල්ය..

ට්‍රිප් සූදානම් කිරීම අපමණය ඒත් යන්නේ අතලොස්සකි. අපේ ඔෆීස් එකෙත් ලන්ච් වෙලාවට අපි අපමණ ට්‍රිප් ගොස් ඇත්තෙමු. සීගිරිය, සිරීපාදය, නුවර එළිය, ත්‍රිකුණාමලය, යාපනේ පවා අප ගොස් ඇත්තේ කෑම පැය භාගයේය. කෑම කන හැටි, නවතින තැන්, කියන ගීත පවා මතක් කරමින් කෑම ගත් පසු ආයේ ට්‍රිප් යාමක් ගැන සිතන්නේ වත් නැත. දවසක් මම කීවේ උබලා පුළුවන්නම් සෙට් වෙලා කැලනි පන්සල් ගිහින් වරෙල්ලා කියාය. ඒ තරම් ලගකට යන්නට බැරිව මොන ට්‍රිප්ද? ඒත් ට්‍රිප නොගියත් ප්ලෑන් කරන හැටි අසා සිටීම ආතල්මය.

අපේ ඉස්කෝලේ එවුන් 200ක් විතර මගේ ෆේස් බුකි friend list එකේ සිටිති. ඉස්කෝලෙන් අවුට් වු පසු කස්ටිය සෙට් කරනු වස් ශිලා වැඩේ organize කලේය. සියල්ල online සිද්ධ විය. ෆෝන් නම්බර් ගැනීම, සැමටම ලොග් වනු හැකි වන ලෙස ගූගල් ඩොකියුමන්ට් එකක් හැදුවේ JBL ය (wrestling ගහන එකා නෙවේය jayanath buddhika liyanage ය) හැමෝම එයට ලොග් වී විස්තර අප්ඩේට් කලහ. ඔක්කෝම 37ක් සෙට් වූ කල යන්න වෑන් එකක් මදිය. බස් එකක් සෙට් කරන්නට හැදුවේ අපේ හ(ර්)කියුලිස්ය. පොර බස් එකේ ෆොටෝ එකකුත් දමා 37ම ටැග් කලේය. කමෙන්ටු වරැසාවකි. සුපිරි ට්‍රිපකි.

දෝදු කුමාර අපේ ගෙවල් ලගම ඉන්න නිසා මම පොරව අප්ඩේට් කලේ දුරකතනයෙනි. පොර එක පයින් හා කීවේය. 

මොනවා කීවත් කස්ටිය පට්ටම ෂුවර් නිසා බස් වැඩේ ඇතැර ලග පාත සෙට් වෙමු කියා නිගමනයට එලබ අපි එකතු වුණේ පිටකොටුව දුම්රිය ස්ටේෂන් එකේ "කොම්බුව" යටටය. 

පොරොන්දු වූ 37න් හරියටම 7ක් හිටියේය. බස් එක ගෙනාවනම් සොරිය. බස් එක ගේනවා කියූ හර්කියුලිසුත් නැත.
පිටකොටුව දුම්රිය ස්ටේෂන් එකේ "කොම්බුව" යටය (මෙතන 5යි + සෑමයි + ඩයියයි = 7යි)
හිත හදා ගත් අපි (සෑමා, මේනා, ඩයියා, ජයේ, ප්‍රබුද්ධ, කොටා, දර්ශන) ඩයියා ආ පසු වැල්ලවත්ත බීච් එක පැත්තට ඇදුනේ අවශ්‍ය සියළු කලමනා එකතු කරගෙනය.

"අඩෝ දෝදු එනවා කීවා නේද?" ඩයියා ඇසීය.

"ඔව් බං ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැනේ, ක්ලාස් කියලා මැසේජ් කළා බං" මම කීවෙමි

"ආ.. එහෙනම් කොල්ලා පොල්ල තියලා.."

එදා උදේ බහුතරයක් ෆෝන් ඕෆ් වී තිබූ නිසාත්, බහුතරයක් ආන්සර් නැති නිසාත් ඔවුන් නොඑන බව පසක් විය. 

වැල්ලවත්තේ මද පවනේ වැදෙන කොට ඈතින් ආවේ මාකායි. මාකා සමග සියල්ල 8ක් විය. තව දුරටත් ලග නැවෙන කොට ගීත, පරන කතන්දර ඇදෙන්නට විය. දැන් කස්ටියට පේනනේ බොද මීදුම් මැදිනි.

"රැවක් ඇදෙනවා කවුදෝ එනවා.. මීවිත ඇදිරිය දෑස වසනවා..."

"යකෝ අර එන්නේ දෝදු නේද??" අපේ දෝදුවා වගේ එකෙක් එනු පෙනින. තිනියම නොවේ, සිය බාරී සමගමය.

"ක්ලාස් තියෙනවා කියපු එකා බීච් එකේ??" කස්ටියට ප්‍රශ්න වැලකි. දෝදු ලගට එනතුරැ සිටි අපි දොදු කොටු කර ගතිමු. ‍පොර ලගට ඇවිත් ඉදගත්තද බාරී සිටියේ දුරින්ය. 

දෝදුවා විනාස කලේ කස්ටිය වට කරගෙනය. "මචෝ අර ඉන්නේ ක්ලාස් එකේ ටීචර් ද?, උබ වෙරල හා සමුද්‍ර සංරක්ෂණය පිළබද කෝස් එකක්ද කරන්නේ??, උබ නාරා එකේද ක්ලාස් යන්නේ???" අපි දෝදුට ෂොට් එකක්ද පෙව්වේ තරහටමය. දෝදු අදටත් බීච් ක්ලාස් ගැන කී විට නිරැත්තරය.

පස්සේ දෝදුගේ බාරීත් ඩෝප් වෙන්නට ඇතිවාට සැක නැත. ඒ දෝදුගේ දෙතොලින් ඇල්කොහොල් බාරී ගේ දෙතොලට මුසුව ශරීර ගත වීමෙනි.

පසුගිය දවසක අපේ ධර්මේද අනුරාධපුරේ යාමට ට්‍රිපක් ඕගනයිස් කර තිබිණ. (ධර්මේ ගේ කතා තුන කියවන්න - ධර්මේ සහ RAM, හේමේ සහ ධර්මේ, ධර්මේ සහ කැරම් බෝඩ්එක)

මට ඉන්වයිට් කලේ පිටත් වීමට පෙර දින රාත්‍රියේය. ඔහු කීවේ අවශ්‍යවන්නේ ඇදුමක් පමණක් බවත් සියල්ල ඔවුන් සපයන බවත්ය. තව දුරටත් කීවේ අපේ වරැණයාත් ගමනට එන බවය.  මට සෙට් වීමට බැරි නිසා මම කෙලින්ම බෑ කීවෙමි. 

මීට මාස තුනකට විතර පෙර ධර්මේට wrong number එකකින් miss කෝල් ලැබී ඇත. මේ පිළබද වැඩි දුරටත් පස්සෙන් පැන්නූ ධර්මේට අනුරාධපුරේ අයිතමයක් සෙට් වී ඇත. මිස් කෝල් එකෙන් සෙට් වූ අයිතමය බැලීමත් සිතේ තබාගෙන ට්‍රිප ඕගනයිස් වී ඇත.

"උබට පිස්සුද බං ඕක අපේ එකෙක්ගේම ගුලියක් ‍වෙන්න ඇති." මම ධර්මේට වෝ(ර්)නින් දුන්නෙමි.

"මොන පිස්සුද බං. හැමදාම රෑට මට කිස් එකක් දීලා ලගින් නිදාගන්න කෙල්ල කොහොමද බොරැවක් වෙන්නේ. අපි ෆෝන් එකෙන් නොකල දෙයක් නැහැ. මට සැකයි ඒ අහිංසකී ප්‍රෙග්නන්ට් වෙලාද කියලත්" ධර්මේ නොසගවා පැවසීය.

"උබ ඒක දැකලවත් නැහැනේ බං. අනුරාධපුරේ වේලිච්ච අයිටම් එකක්ද දන්නේ නැහැ." මම කීවේ ධර්මේ තදින් බලාපොරොත්තු තබා ගැනීම ඔහුටම හොද නැති බැවිනි.

"නැහැ බං ඒකී අනුරාධපුරේ පුස්තකාලය ලගට එනවා කිව්වා" ධර්මේගේ වදනත් සමග මම ඔහුගේ ගමනට සුභ පැතීමි.

*********

පසු දිනක මට අපේ ධර්මේ මලයා සැලුන් එකේ‍දී සෙට් විය. මම ඇසුවේ අනුරාධපුර ගියාද කි‍යා නොවේය. මිස් කෝල් අයිතමය හමුවුණාද කියාය.

"ඔව් මචෝ අපි පුස්තකාලේ ලග නවත්තලා තිබ්බ වෑන් එකක් පිටිපස්සේ හැංගිලා හිටියා" ධර්මේ කීවේය.

"ඇයි යකෝ හැංගිලා ඉන්නේ? උබලා මෙහෙ කරන හො‍රා පොලිස් සෙල්ලම ‍එහෙත් කලාද?" මම ඇසීමි.

"නැහැ බං අපි උඩ දාගෙන ගියාට කවුද දන්නේ කොහොම අයිටම් එකක්ද කියලා. චොර සීන් එකකු වුනොත් හොරෙන්ම මාරැ වෙන්න අපි හැංගිලා හිටියා" ධර්මේගේ අදහස සැබෑය.

"ඉතිං.. මොකද උනේ" මට ඉවසිල්ලක් නැත

"ඒකි කෝල් කරලා කීවා ලයිබ්රි එක ඉස්සරහ ඉන්නේ කියලා, අප ඔළුව දාලා බැලුවා" ධර්මේ කීය.

"ඉතිං, සිරාද කෑල්ල" මම පැන්නෙමි.

"පිස්සු හැදෙනවා බං ඒක සිරාම කෑල්ලක්. මට අරන් එන්න හිතුනා" ධර්මේ කීවේ ඇත්තම බව මට හැබෑ ගියේ ෆොටෝ එක පෙන්නූ පසුය. ඇත්තටම සිරා අයිතමයකි.

දින කිහිපයකට පසු අපේ වරා ඔන් ලයින්ය. කස්ටිය වැඩ දාගෙන ඕගනයිස් කලාට ට්‍රිප ගිය බවට මට තිබ්බේ සැකයකි. මම වරාගෙන් ඇසුවේ ට්‍රිප ගියාද කියාය. පොර කීවේ ගිය බවකි. කොච්චර ඇහුවත් කීවේ ගියා කියාමය. එක පාරක් නොගියා කියාද කීවේය. අන්තිමට මම විස්වාස නොකරන නිසා වරා දුන්නේ ඉල කැඩෙන උත්තරයකි. අපේ චැට් එක බලලම හිදීම හොදය.

වරා කීවේ "බොරැනම් ජය සිරිමහා බෝධියෙන් අසන ලෙසය"
වරා අනුරාධපුරේ ආවාද දැන ගැනීමට සෑමා ජය සිරි මහා බෝධිය අසලට යා යුතුමය.

Written by sAm_09.08pm_05.12.'11

13 comments:

  1. හප්පේ එළ සීන් ටිකක් නේ...අපිත් ඔය වගේ සෙට් වෙලා ගියා නුවර එළියේ ගිය අගෝස්තුවල...ඔන්ලයින් වැඩේ සෙට් කරෙ..ඔක්කොම එළට තිබුනා....එකෙක්ගේ බස් එකක් සෙට් කරගෙන ගියේ, ඔක්කොම 24 පවුල් පවුල්....

    ReplyDelete
  2. @පෙදරේරැ නොහොත් යකා බාස්- ස්තුතියි.. නිවසක වැඩි තිබුනොත් දන්වමි.

    @ඔබ නොදුටු ලොවක්- අම්මා.. නුවර එළිය මතක් වෙද්දිත් සීතලය. කමෙන්ටුවෙන් දැනෙනවා උපරිම සිරාවට තිබෙන්නට ඇති බව.. ආයේ ගියොත් අපිත් එන්නම්.. :)

    ReplyDelete
  3. අපොයි..... ට්‍රිප් ඕගනයිස් කිරිල්ලනම් එපා වෙනම එකක්. කස්ටිය සෙට් කරගන්න හරිම අමාරුයි..

    ReplyDelete
  4. මාත් මේ ලඟදි ට්‍රිප් එකක් ඕගන්සයිස් කරලා හැබැයි පහුවදා වෙරි හිඳුනම් ඇහුවම මට මතකත් නැහැ එහෙම එකක් :-D

    ReplyDelete
  5. කිව්වත් වගේ ඕගනයිස් කරන ගානට ට්‍රිප් ගියා නම් මෙලහකටත් එකම තැනකට සිය වතාවකට වඩා ගිහිල්ලා..:D

    ReplyDelete
  6. @නිසුපා- ඕගනයිස් කරනකොට කස්ටිය බොහෝය, යෑමට ඩ්‍රයිවර් සහ මම පමණි.. මාස්මෙලෝ හදාගෙන එනවද? ට්‍රිප් යන්න.. :)

    @ම- සිරා කතාව. ඔයිට වෙනස් විදිහටත් අපේ එවුන්ට වෙලා තියෙනවා..

    @චතුමිතු- මගෙ අම්මෝ ඒක ඇත්ත. එහෙනම් අපි ලෝකේ වටේම ගිහින්. :)

    ReplyDelete
  7. අපිත් ට්‍රිප් ගියේ lunch room එක ඇතුලේ විතරයි මේ කතාවත් ඒල ජයවේව!

    ReplyDelete
  8. @අසරණයා- අපද ඔබ තරමට අසරණයි අසරණයෝ. ට්‍රිප් මහ ගොඩක් ගියේ ලන්ච් රෑම් වල, වොෂ් රෑම් වල තමයි.. තුති..

    ReplyDelete
  9. අපේ වැඩපොලේත් හිටියා ඔහොම එකෙක්. ට්‍රිප් ඕගර්නයිස් කරලා අන්තිමේදි පොල්ල තියපු එකෙක්. අපි ඉතින් උට හොද හුප් පදයකින් ඇමතුවා. :)

    ReplyDelete
  10. මධුරංග- පදය වටිනා එකක් වන්නට ඇති.. :))

    ReplyDelete
  11. අපේ හැත්තත් ඔහොමම තමා.... එනව කියනව.... ට්‍රිප් එක දවසෙ යන්න කතා කරාම එකෙක් නෑ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...