Wednesday, December 7, 2011

අපි නොදන්න "සදැස්" හා "නිසදැස්"


මේ බ්ලොගේ ඉන්න කවුරැත් දන්නේ සෑමා කියිවාරැකාරයෙක් කතන්දර කාරයෙක් කියාය. එකම එක පාරක් දාපු විරිදුවක් (ඩුම්මගේ සූදුව) ගැන දන්නා ඔවුන් සිතන්නේ කතන්දර මදිවට විරිදු කාරයෙක් කියාය. ඉදහිට සෑමාට කවි සිතුවිල පහල වන බව දන්නේ මගේ ෆේස්බුකියේ ඉන්නා පිරිස පමණි.

සෑමා 6 වසරේ මුලදී (ගමේ) පාසලේදී කවි කිහිපයක් ලියා සිංහල සර් සතුටු වුණා මතකය. මොනවට ලිව්වද මන්දා කියා සෑමගේ හිත සෑමටම වද දුන්නේ සර් කලාපීය තරග වලට සෑමාගේ නම දැමූ පසුවය. කරන්නට දෙයක් නැතිම තැන තරගයට ඉදගත්තේ සෑමාය. සෑමා ප්‍රශ්නය කියවීම ඇරඹින.

පහත සදහන් මාතෘකා අතරින් දෙකක් පිළිබද ඔබගේ සංකල්පනා ඉදිරිපත් කරන්න. ඔබ ඉදිරිපත් කරන සංකල්පනාව "සදැස්" දැයි "නිසදැස්" දැයි යන වග ඉහලින් සදහන් කරන්න.

කවි ලියන එක ගේමක් නොවේය. ඒත් අපේ සදාදරණිය සර් තුමාගේ පවු‍ලේ වැඩිහිටි සාමාජිකයන් මතක් වූයේ මාතෘකාව දුටුවිටය. සෑමාගේ තිබ්බ මගෝඩිකමට ලස්සන කවියක් ලිව්වට එය සදැස් ද නිසදැස්ද බව දැනන් හිටියේ නැත. හිතට ආවාට ලිව්ව එකකි. එදා සෑමා සංකල්පනාව ලියා ගෙදර ආවේ "සදැස්" දැයි "නිසදැස්" දැයි යන වග ඉහලින් සදහන් කරන්නේ නැතිවමය. ඉතින් මොන ප්ලේස්ද? ඒත් අපේ සර් බලාපොරොත්තු දල්වා බලා සිටි බව සැබෑමය.

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක් වේ - ආදර ගගුලක් පෙරට ඇදේ..
කාටද ඔබේ අත හිමිවන්නේ - මා වාගේම ඔහු විමසන්නේ..

සදැස්, නිසදැස් දන්නැතිව හිටි සෑමා දැන් කවි ලියන්නේ කිසිම අණක් ගුණක් නැතිවය.

ඇගෙන් ලද ආදරේ අරගෙන
තනි වුනෙමි මා දිනෙක නුබ ලග
සිතට ලද මහ සුවය විදගෙන
හිදිමි දුරකින් නෙතින් සිපගෙන
පමා වී නුබ දුටුව අරැමය
ඇස් පියන් නුබෙ සැලෙන රිද්මය
ලබන්නට පින නැතුව සිටියද
ලදිමි උනුසුම ලගින් හිදගෙන
දගකාර හිසකේ වැදී මුව
සිප ගනිද්දී සිනාසුන නුඹ
ඈත භවයක මගේ වූවද..?
අසන්නට සිතුනා සැබෑවට

2.05පී.එම්._07.12.11_දින_ Sam cReations

පෝස්ට් එක පිළිබද ඔබට නැගෙන ගැටළු..
  1. මූගෙ කතා ඉවර වෙලාද දැන් කවි මූට්ටු කරන්නේ?
  2. මූට කොහෙන් හරි පන්නපු කවි ටිකක් සෙට් වෙලාද?
  3. නැත්තම් මූ ආදරෙන් පරාජිත වෙලා ජීවිතේ එපා වෙලාද?
සෑමාගේ එකම පිළිතුර..

කරැමෙට ලස්සනට සැදැස්, නිසදැස් කවි ලියවෙන නිසා දැමීමි. බිය නොවන්න, නොදන්නා සදැස් නිසදැස් වලට වඩා දන්නා කතන්දර අගනේය. කලාපීය තරගෙන් පරාද වූ සෑමාට සදැස් නිසදැස් වචන අකැපය. කැප වන්නේ "කවි" පමණි.

ආතක් පාතක් නැතිව ලිව්වේ_07.12.11_දින_5.29_පී.එම්


5 comments:

  1. ඉස්කෝලෙන් පස්සේ උනු සින් කියපන් ටිකක් වෙනස් වෙන්නත් එක්ක.ඒත් ඉස්කෝලේ කතා අතල් බං

    ReplyDelete
  2. සැමා ආදරයෙන් පැරදී ජීවිතය එපාවී ඇති සැටියක් පෙනේ...පු‍ටු සැටියක් නොවේ...හික් හික් හික්

    ReplyDelete
  3. අසරණයා- පිළිවෙලින් පාසල් කතා ලියමි (බොහොමයක් ඩ්‍රාෆ්ට් වී අහවරය) අතීතයේ සිට වර්ථමානයට පියනගමි. වෙනසකට සියල්ල මික්ස් කරන්නෙමි. අසරණයාවූවාට ඔබේ අදහස් අසරණ නැත. ඉස්තරම්ය.

    ඔබ නොදුටු ලොවක්- පැරදී ඇත්තෙමි. දිනනවාට වඩා ආතල් පැරදීමය. (ආදරයේදී පමණි). දැන් පරාද කළ අයට රිටන් දෙමි. :)

    ReplyDelete
  4. මධුරංග- සදැස්, නිසදැස් නොදනිමි, කවි ලියමි.. :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...