Friday, December 23, 2011

නත්තල් සීයාට අවවාද කිරීමට ලියමි.... (පොඩි සෑමාගේ ලියුම 3)

දයාබර නත්තල් සීයේ...

ඉතිං නට්ටං නත්තල් සීයේ, ගිය වසරේ එවපු ලිවුම ලැ‍බුනේ නැතැයි සිතමු. ඒ ලිවුමේ කියපු විදියට මම සීයාගෙන් ඉල්ලුවේ සෙල්ලම් බඩු නොවේය. ලංකාවේ පොල් නැතිව තුබු නිසාත්, කේරලයෙන් පොල් ගෙනාවත් ඒවා හොද නැතිය කී නිසාත් මම සීයාට පොල් ටොෆි ගේන ලෙස කිව්වෙමු. එදා රෑ මගේ කාමරේ ජනේලය ඇරගෙන මම දොයිය ගත්තේ සීයා එනවදැයි කියලා ගොඩක් වෙලා ඇහැරගෙන සිටය. ඒ දවස් වල අපේ අක්කාත් නිදාගත්තේ මගේ කාමරේම තවත් ඇදකය. අක්කා පොල් ටොෆි උස්සයි යැයි බයෙන් මම හොරෙන් ඇස් ඇර නිදි සේ සිටියෙමු. නත්තල් සීයා වෙනුවෙන් ජනේලය නොව දොර හැර තබන ලෙස කීවේද අපේ අක්කාය. ඒ කීමෙන් මගේ සැකය තවත් වැඩි වූ නිසා මම ඇස් පියාගෙන ලෙස සිටියෙමු.

ඒත් රෑ වෙද්දී මට නොදැනීම නින්ද ගියාය. අපේ ගෙදර බව්වා කෑ ගසනු ඇසී මම ඇහැරැනෙමු. එතකොටත් අපේ අම්මා, තාත්තාද අවදි වි සිටියාය. අක්කාද ඇදේ නොසිටිය නිසා මම මිදුලට පැන්නෙමු. බලනකොට නත්තල් සීයා හිටියේ ගස් බැදලාය. මට තාත්තා සමග ඌරැ ජුවල් නැග්ගාය. මම තාත්තාට බැන්නේ ඇයි තාත්තේ නත්තල් සීයා ගහට තියලා බැන්දේ මම එයාට යවපු ලිවුමට තමයි එයා ආවේ කියාය. අක්කාද කාරණාව දන්නා නිසා මා වෙනුවෙන් හඩමින් සිටියහ.

තාත්තා කී‍වේ මරැ නත්තල් සීයා, මූ දවල් තිස්සේ ලියුම් බෙදලා රෑට කෙල්ලන්ගේ කාමර වලට රිංගනවා කියාය. නත්තල් සීයා වැනි රැවුලක් දමා, රතුපාට ඇදගෙන, අලි බෑගයක් උස්සන් ගස් බැද සිටියේ සුසිරි අයියා බව දැනගන්නට මට ටිකක් වෙලා ගියාය. අක්කා සුසිරි අයියා සමග තිබුන සම්බන්ධය කාමරේ සිටියදීම අහුවුනේ එදා තමාය. මට එදා ගොඩාක් ඇඩුනේ අපේ අක්කා නත්තල් සීයා සමග දොයියන්නට පවා පිං කර තිබියදී මට සීයාව දකින්නවත් පින් නැති වීම නිසාය.

ඒත් සීයේ අපේ සුසිරි අයියා හයි වේ එකේ ඇස්කිඩන්ට් වී මැරැන නිසාත් මේ පාර මට බොරැ නත්තල් සීයෙක් වත් නැත්තාහ. ඒ නිසාම සීයා එනතුරැ මම සිටින බව කීමට මේ ලිවුම ලියන්නෙමු. සීයා එන්නේ නම් සීයාගේ ආරක්ෂාවට හිතකරවන ඉන්ස්පෙක්ටර් ඉන්ස්ට්ට්‍රක්ෂන්ස් ටිකක් දිමට කැමැත්තෙමු.
  1. වසර දෙකකට ඉහතදී සීයා අපේ ගෙදර ආවේ කෝට්ටේ පාරෙන් කියා කීවා මතකය. සීයා දැන් ඒ පැත්තෙන් එන එක එච්චර හොද නැත.  පාරේ අලි ගිහින්  පාර කැඩී තිබුණ නිසා මලින්ද මාමා, රෙනිල් මාමා බේර ගැනීමට පාර වසා කර්පට් කලත් මේ දවස් වල එහෙන් යනකොට සීයාට ගල් පාරවල් වැදෙන්නට ඉඩ ඇත්තාය. ඒ නිසා විකල්ප මාර්ග භාවිත කරන එක හොදයිය.
  2. සීයා හැමදාම තෑගි ගෙනාවේ බෑග් එකකය. ඒක ලස්සන රතු පාට බෑග් එකකි. ඒත් මේපාර බෑග්, ගෝනි ගෙනාවොත් සීයා කූඩ ‍ජොන්ටි මාමාට අහුවෙනවාය. ඒ නිසා බාස්කට් එකක දාගෙන ඒම හොදය.
  3. සීයා අර පිණි මුවන් ඉන්නා කරත්තේ එනවා නම් ආසන පටි පැලද ඒම හොදය. නැත්තම් පොලිසි මාමලා දඩ ගහනවාය.
තවත් අමතක වූ කරැනු රැසක්ය. මේ තුන ඇති කියා සිතන්නාහ.

සීයේ මේ පාර අනිවාර්‍යයෙන් එන්න මම බලා හිදිමු. මට අහන්නට ප්‍රශ්න ගොඩක්ය. නත්තල් ගහ ගැන මම තාත්තාගෙන් අහන්නට ගොස් බැනුම් අසුවාය. බැරිම තැන අපේ ලොකු සෑම් අයියාගෙන් මම දවසක් නත්තල් ගහ ගැන ඇසුවාය. එයා කී‍වේ නත්තල් ගහ හරියට අපේ සීයා වගේ කියාහ. මම ඇයි කීවම අයියා කීවේ "ගහ මැරිලා ඒත් ඩෙකරේෂන් එකට බෝල එල්ලලා කියාය." මම සීයාගේ බෝල ගැන ආච්චිගෙන් අසා දැනගත්තද, ගහ ගැන තවම සොයමි.

ඒත් ඊට කලින් දවසක් ආච්චී ඔය කියන සීයාගේ ගහ ගැන කතා කලා මතකය. එදා මම මිදුලේ සෙල්ලම් කරමින් සිටියෙමු. ආච්චී බලා සිටියේය. කලින් දවසේ වැස්ස නිසා අපේ මිදුලේ පස් අස්සෙන් පණුවන් එලියට ඔළුව දමා එනු මම දැක්කෙමු. මම කලේ උන්ගේ ඔළුවට ඇන එලියට ඒම වැලැක්වීමය. අපේ ආච්චීද හිනාවෙවී බලා සිටියහ. ආච්චී මට කීවේ ඕකට වඩා මරැ වැඩක් තියෙනවා කොල්ලෝ පුලුවන්නම් එකෙක් එලියට ඇදලා අරන් ආයෙත් හිලට දාපං කියාය. මම එකෙක් ඇදලා ගත්තේ ආච්චීට පාඩමක් ඉගැනවීමටය. ඒත් ඔබන්නට බැරිවිය. ඌ ඇබරෙනවාය. ආච්චී මාව කොමිටලයට ගෙන කීවේ ඕකත් හරියට බොලාලගේ සීයගේ ගහ වගේය කියාය. මට ඉස්සර ඒවා තේරැමක් නැත්තේය. පස්සේ මම ආච්චිගේ කට වැසීමට ගෙට දුව ගොස් තිනර් බෝතලය ගෙන ආවෙමු. ඉන්පුසු පනුවා එහි ගිල්ලූ විට පනුවා ඉරට්ටක් මෙන් කෙලින් වූවාය. මම ගේමක් නැතිව ඌ හිලට දැමීමි. ආච්චී පදිරි වූහ. පහුවදා උදේ සීයා සහ ආච්චී සතුටින් කාමරෙන් එලියට ආවාය. ආච්චී මට කීවේ "බොලාගෙ තිනර් සාස්තරේ වැඩ කලා" කියාය. සීයා කට කොනින් හිනාවී "ගහ මැරිලාම නැහැ බොල" කීවාය.

එකී අයියා keyකී නත්තල් ගහ සහ සීයා කී ගස අතර මා අතරමං වීමු. පුංචි මගේ හැම ප්‍රශ්නෙකටම විසදුම නත්තල් සීයාය. සීයා එනතුරැ පොඩි සෑමා බලා සිටින්නීය.
සාමය සතුට පිරි සුභ නත්තලක්...


මීට පොඩි සෑමා,
පෝස්ට් කලේ ලොකු සෑමා.

Written by sAm_11.00pm_21.12.'11

පලි - අකුලු වැලදී ඇති. මට අපේ තිංහල පංතියට යන්න බැරිවීහ. අස්කර වින්‍යාසය නෙතකා ආයාසයෙන් කිවන්නේය.



සුසිරි අයියා‍ගේ ආදර අන්දරය (පොඩි සෑමාගේ ලියුම 1)
අක්කාගේ ප්‍රවාහන සේවය සම්බන්ධවයි (පොඩි සෑමාගේ ලියුම 2)
නත්තල් සීයාට අවවාද කිරීමට ලියමි.... (පොඩි සෑමාගේ ලියුම 3)
අක්කාගේ කැම්පස් ගමන සම්බන්ධවයි (උසස් අද්දියාපන ඇමතිතුමාට පොඩි සෑමාගේ ලියුම 4)

30 comments:

  1. මේ පාර නම්ජනෙල් වහගෙන හිටු. නැත්නම් මොකා එයිද දන්නේ නෑ.
    සුභ නත්තලක් වේවා

    ReplyDelete
  2. පොඩි සෑමා නිසා සීය සහ ආච්චී චිරාත් කාලයක් සතුටින් ජීවත් වූහ!
    හොදයි-නිර්මාණාත්මකයි.

    ReplyDelete
  3. පොඩි සෑමාගේ ඉපදීමටත් තිනර් සාස්තරේ වැඩ කලේද?

    ReplyDelete
  4. පුංචි උනත් චොයි අවවාද ඩිංග...පොඩි ලමයි ලොකු අයගේ වැඩවලට ඇඟිලි ගහන්ඩ හොඳ නෑ...මරු ලිපිය මචො

    ReplyDelete
  5. ටිනර් වලින් හිතන්නේ නැති දේවල් කරන්න පුළුවන් නේද?.දිවය ඖශදයක්

    ReplyDelete
  6. ස්ටෝරිය සුප්ප තමඊ කොල්ලෝ ...තව ලියාපන්...මල්7ඉ...මැරුණ නැට්ටන් අනිවා කියවනවා..අපි නොදන්නා කොත්තු රොටී,,,,

    ReplyDelete
  7. බට්ටි- දැන් ඉන්නේ ගිරීස් යකා බොලව්..
    එසේම වේවා..

    ReplyDelete
  8. රාජ් මහත්තයා- ආච්චී සියා මෙන්ම ‍බ්ලොග බැලු සයල්ල වයසට යද්දි සතුටින් දිවි ගෙවනු නියතය... ස්තුතී කිව්වා

    ReplyDelete
  9. Anonymous 1- එතකොට වැඩ කලේ වැස්ලින් සාස්තරයකි...

    ReplyDelete
  10. Raj - පොඩි සෑමා ඇගිලි ගසනවා නොවේය.. ඇගිලි ගසන්නන්ට තිනර් පාඩම උගන්වනවාය.. ;)

    ජය ශ්‍රී කිව්වා..

    ReplyDelete
  11. අසරණයා - දිව්‍ය ඖෂධයක් කියලා දිවේ ගානවා එහෙම නෙවේ දිව කෙලින් වෙන්න.. :))

    ජය ශ්‍රී.

    ReplyDelete
  12. Anonymous 2 - ඉට්ටූටී කොල්ලා.. මල්7ඊ..

    ReplyDelete
  13. පොඩි සෑමාගේ ටිනර් සාස්තරේ ආච්චි අම්මාගේ හිත් ගෙන ඇත. පොඩි සෑමා මලයාට නත්තලට තෑගි ලැබුනේ දැයි දැන ගන්නට කැමැත්තෙන් සිටිමි. ලැබුනේ නැත්නම් කට පොඩ්ඩක් ඇරගෙන සිටියහොත් සීහි අහුරක් කටෙහි ඔබන්නට හැකිය !!!

    එල එල පොඩි සෑමා !!!

    ReplyDelete
  14. පොඩි සෑමාට ඉක්මනට අකුරු හොඳට පුරුදු වී තවත් හොඳට ලියන්න පුළුවන් වේවායි පතමි..

    ReplyDelete
  15. මධුරංග- ටිනර් තාත්තරේ නිසා සීයා දැන් පිට යන්නීය. සීනි අනවශ්‍යය ආච්චී මට තිනර් පොවනවා ෂුවර්ය.. ඉත්තූතියි..

    ReplyDelete
  16. රෑ - මම අපේ තිංහල පංතියට යනවාය. මේ පැත්තේ ආවාට ඉත්තූතිය..

    ReplyDelete
  17. තිංහල පංතියට යන්න ෆ්‍රි කාඩ් එකක් දෙන්න හිතයි මට!

    ReplyDelete
  18. ලහිරැ- පී කාඩ් දුන්නාට කමක් නැත. එත් පොඩි සෑමා නරක වචන ඉගෙන ගනීද.. අස්කර වින්නාසය කෙසේ වෙතත්..

    ReplyDelete
  19. ආච්චීට තිනර් වෙනුවට හෙයා ස්ප්‍රේ උනත් ගන්න ඇහැකියි. අන්න ඕනය කොමෙන්ට් එකක දාල තීනව මගෙ නත්තල් ගස් කතාවෙම වැඩේ කොරගන්න විදිය.
    නත්තල් සීයා මේ පාර කළුවරේම ඇවිත් ගිහින් තියෙයිද දන්නෙ නෑ කැළනියෙ ඉඳම්ම. ඒ සීයනං ගල් කොටනවා...හිරමණත් මුව තියනව.

    ReplyDelete
  20. ඉන්දික උපශාන්ත- අඩේ උබ කීවාම නොවැ පනු ස්ටොරිය දැක්කේ... මේක මම කියෙව්වේ "ඇම්ඩන්-නූතන ජනකතා" පොතෙන්, ලියල තිබ්බේ අසංක සායක්කාර කියල බුවෙක්. නත්තල් ගහ කතාව නම් උබව ලින්ක් කොරල තබා ලිව්වේ....

    හැට්ට කටු ගහන්නෙ නැද්ද බොල.. :)
    ජය ශ්‍රී කිව්වා..

    ReplyDelete
  21. කියෙවුවාය, මරුය නත්තල් සීයා සෑමාට තෑගි එනෙනු ඇත්තාහුය. ඒ නිසා සෑමාට බයවෙන්නට කාරනා නැත්තෙමිය.

    ReplyDelete
  22. ඕනයා- ඉත්තූතියි ඕන මාමා..

    ජය සිරි කිව්වාය..

    ReplyDelete
  23. සැමෝ මේපාර ජනේලේ වසාගෙන ඉන්ට,මොකද දැං නත්තල් සීයා වෙනුවට එන්නේ ග්‍රීස් සීයා....

    ReplyDelete
  24. ඔබ නොදු‍ටු ලොවක් - ඒකත් ඇත්ත තමා බොල.. ග්‍රීස් සීයාට වුවද තිනර් කැප නැත. ආවොත් ඒ සාස්තරේම යොදා බලන්නේය.

    ජය ශ්‍රි කිව්වා..

    ReplyDelete
  25. මේ පෝස්ට් එක විතරයි තාම කියෙව්වෙ, හොඳයි.

    පරණ ඒවත් හෙමීට කියෝල බලන්න ඕනෙ.

    ReplyDelete
  26. Observer - අපිත් ඒ පැත්තේ කරක් ගහන්න එනවා ඔබා..

    ජය සිරි කිව්වා.. !

    ReplyDelete
  27. waw....nice බ්‍රෝ......! මම දැනුයි මේ POST1ක දැක්කේ......, අයියෝ..... අපරාදේ... මට කලින් මේ වගේ BLOG SITE ගැන දැනගෙන හිටියේ නෑ නේ..... නැත්තම් මේ POST1ක දාපු අලුතම ඇවිත් කමේන්ට් පාරක් දානවා.....කමක් නෑ..... දැන් හරි දන්නව නේ..............!

    ReplyDelete
    Replies
    1. ස්තුති !

      මම දැක්ක බොහොමයක් පෝස්ට් බලලා කමෙන්ට් කරල තිබ්බා.. ජය !

      Delete
  28. පණුවන්ට කල අර වැඩය හෙලා දකිමි
    (සැමාගේ හැම පොස්ට් එකක්ම ඇයි අප්පා හෙලා දකින්න වෙලා තීන්නේ කියා සිතමින්)
    ඒ උනාට මං පනුච්චි තරා නෑ හොඳේ ...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපොයි මේකත් හෙලා දැකලා..

      කොයි වෙලේ හරි සෑමාගෙ කලිසමත් පහලට හෙලා දකීද දන්නෑ :ඩී

      Delete

Related Posts Plugin for WordPress, Blogger...