Thursday, December 15, 2011

අක්කාගේ ප්‍රවාහන සේවය සම්බන්ධවයි (පොඩි සෑමාගේ ලියුම 2)

මලින්ද මාමාට ලියූ ලිපියෙන් මට ප්‍රතිචාර ලබුවාය. අපේ අක්කාද සතුටු වූයේ අපමණ ස්නේහයක් සිත තෙරපීගෙන ලියුම් බෙදූ සුසිරි අයියා වෙනුවෙන් ස්මාරකයක් තැනීමට මලින්ද මාමා ඉටි ඉත සිතින් කැමති වූ නිසාහ.

අපේ අම්මා කීවේ මම පොඩියට හිටියාට ලියුම් ලිවීමේ දස්සයෙක් කියාහුය. අස්කර වින්නයාස වැරදි වුණාට ග්‍රැමර් හරි බව තාත්තාද කීවාය. මලින්ද මාමා අපහසුවෙන් හෝ කියවා නිසි ප්‍රතිචාර දැක්වූ නිසා මට තිබෙන තවත් ගැටළුක් සහ යෝජනාවක් ඉදිරිපත්පත් කිලීමට යලිත් අකුරැ කරන්නට සිතුනෙමු.

දයාබල ප්‍රවාහන මාමේ..

පාළු රැයක - ගල් වැට අද්දර - හයිවේ කණුවකට ඇණ තබා ලියන්නෙමු...

සුසිරි අය්යා වෙනුවෙන් අපේ අක්කා හෙළු කදුලු අපමණය. මලින්ද මාමාගේ ප්‍රතිචාරය සමග ඇගේ කදුලු වියලුනද ඇගේ ලොව තනිකම දුරැ කරලීමට තවකෙකු සොයා ගැන්මට ඇය උත්සුක වීමි. අම්මා නම් කීවේ  මොනවා උනත් සුසිරියා ඉටියා නම් ඔදයි කියාහ. දැන් මේ අසරණී කොයි පඹගාලක පැටලේදැයි අම්මා බිරන්තට්ටු වූවේය. ඉස්සර ජොබ් එකක් නොකල අක්කා වහාම ජෙබ් කට්ටක් හොයාගෙන ගෙදරින් එළියට පැනීමට මං විවර කරගත්තාහ. ඒ කොල්ලෙක් දඩයම් කරගන්නට බව මගේ පුංචි මොල-කැටියට ප්‍රක්ෂිප්ත ෂක්ත වීමු.

වියත් දෙකේ සාය කැබලි ගසා යන විට බස් එකට නගින්නට පොර කන සියළු දෙනා ඇයට ඉඩ දුන්නෙමි. ඒ ඇයට දක්වන ආදර ගෞරවය නිසා නොවෙමි. ඒ හුදෙක් ඇය බස් එකේ පඩිපෙල නගින විට ඇස් පිනවීමටය. අම්මා ඉවෙන් මෙන් කීවේ බස් වල ගමන් කරන විට ඇගේ ඇගට කොල්ලන් අපමණ හේත්තු වී බල සමතුලිතතාවයක් සිදුකර ඇය වැටෙන්නට නොදී රැකගන්නවා ඇති කියාහුය.

අපේ විද්දියාව සර් කී දෙයක් මට මතක් වුනෙමු. එනම් බෝල බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වීමට දිශාවෙන් ප්‍රතිවිරැද්දව, එකම සරල රේඛාවක, එක සමාන බල ක්‍රියා කලයුතු බවයි. එය මතක් වී මගේ තනි ඇහැට කදුලු සට සට ගා උනද්දී එම කරැණ මම අම්මාට නොකීවේ අම්මාගේ සිත දුරැවල නොකල යුතු නිසාය. අපේ ඉක්කා අක්කා ඉස්සර සුසිරි අයියාගේ වස්තුවයි. ඉස්සර යෙදුනේ එකම එක බලයයි.‍ මොනවා උනත් ඒ අහිංසක සුසිරි අයියාගේ බලය පමණි. දැන් බල දෙකක් යටතේ පවා අක්කා සමතුලිත වනු ඇත. නොඑසේනම් විද්දියා සර් තවදුරටත් කී පරිදි බල කිහිපයක් යටතේද වත්තුවක් සමතුලිත වීමක්ද සිදුවිය හැක.  අපි ඉක්කෝලේදී මොන්ටිසෝලියේදී ලක්ෂයක් වටා ඝූර්ණය කර හෝ එක දිශාවකට බල විභේදනය කර වස්තු සමතුලිත කළා ‍මගේ මතකේ ඇත්තෙමු. අනේ අපේ අක්කා සමතුලිත නොවී සමතලා වේවිදෝ කියා මට හිතුනාය.

සියළු කාරණා මැද මලින්ද මාමාගේ ප්‍රවාහන මාමා කීවේ කාන්තාවගේ ප්‍රසව ප්‍රවාහන සුරක්ෂතභාවයට වෙනමම කාන්තා බස් රත යොදන බවයි. එය රතියට හොදම විසදුම වූහ. බස් රති කීපයක් සතියක් පමණ ගමන් කලද අක්කා ගියේම සුපුරැදු සුදු පාට තනිදොරේ බස් එකේමය. ඇය ජනේලයක බිතු සිතුවමක් ලෙස ඇලී සිටියදී සියලු දෙනා සමපාත වූහ.
ඔබ නැවත මෙම රති රථ සේවය අරඹන්නේ නම් මා එකක් කීමට කැමත්තෝය.
දිනක් නිවාඩු දිනක අපේ තාත්තා මට ලී මෝලට යාමට කතා කලාය. මා ගියද කිසිවක් නොදත්හ. මෝලේ අයියාට කියා විෂ්කම්භය වියත් දෙකක් පමන වන ලෙස රවුමක් කපා ගත් තාත්තා මාද සමග යලි ගෙදර ආවාය. එය අම්මා අතට පත්කලේ කිසිවක් නොකියාය. මට හරක්-පද ප්‍රෙහේලිකාවක් වූ සිදුවීම දෙස මුකුත් නොකියා ඇස ගසා සිටියෙමි. බලනකොට අපේ අම්මා එය අක්කාට දී ඇත්තේ බස් රතියේ ගමන් කිරීමේදි සිදුවන අනතුරැ අවම කරගැනීමට රවුම් ලෑලි කැබැල්ල පෂ්චිම භාගයේ පලදින ලෙසයි. අක්කා එය සතියක් පැලැන්දාහ. ඉක්බිති එලෙබි සති අන්තයේ අක්කා මට මෝලට යාමට කතා කලහ. මාද ගියෙමු. ඇය මෙවර රවුම් ලීය මැදින් බුරැමයක් මගින් සිදුරැ කොට එය තවත් විශාල කරගත්තාහ. මම ඇසූ විට ඇය කීවේ හදිසියකට අදෝ වාතයක්වත් අරින්නට හෝ සුලං පොදක් වදින්නට හෝ ඇයට තාත්තා ඉඩ තබා නැති බවය. ඒත් ඒ සිදුරෙන් සුලං වලට වඩා දේ යනවා එනවා ඇතැයි මට සිතුනෙමු.

සියළු කාරනා මගේ කාලකන්නි මොලයට වැටුනාහ. ඒත් තාත්තාට කියන්නට බැරි තැන එලෙබි සති අන්තයේ මම මලකඩ කෑ ඇණ කිහිපයක් ලෑල්ල හරහා ගසා තැබුවෙමු. අක්කා සදුදා ඔපීසියට ගියාහ. ඉස්සරහ ගෙදර හිරිමල් සිරිමල් අයියා දින දෙකකට පසු ගෙදර ආවාය. ඒ ඉස්තිරිපාලයේ හිද ටෙටනස් ඉන්ජෙක්සන් එකද සරීර ගත කරගෙනය.

එකි නොකී කාරණා සිදුවෙද්දී මාගේ පුංචි මොලයට වද දෙන්නාහ. ඉදින් මේ ලිපිය ලීවේ කාන්තා බස් රතිය නැවත ආරම්භ කරන ලෙස කීමටය. ඒත් බහුතර කාන්තා ප්‍රසාදය ඊට හිමි ‍නොවුන බව සැබෑමය. සුපුරැදු ලෙස අන් පුරැෂයන් ඇග දැවටී, කොන් දොස් තර මාමාගේ දහස් වර පිට අතගෑම් වලට ලක්ව ඔෆීසි යන සුන්දර ගමන පළුදු කිරීමට ඔබ ගත් උත්සාහය අසාර්ථක වූ බවද මා ඉදුරා දන්නෝය.

ඔබ නැවත මෙම රති සේවය අරඹන්නේ නම් මා එකක් කීමට කැමත්තෝය. පෙර පරිදි කොන් දොස් තර සේවයට කාන්තාවක් නොයොදා අපේ ගමේ හිරිමල් අයියාව කොන්දොස්තර තැනේ තබා වැඩ අලබන්න. ඔහුට පඩියක්ද වුවමනා නැත්තේ බව ඔහු ඉදුරා කියන්නාහ. ඔහු කාන්තා රතිරථ සේවය උපරිමව උසස් තැනකට එනවා ඇත්තේය.

ඔබට ජය..

ලීවේ සදා නොවෙනස් පොඩි සෑමා..
පොස්ට් කලේ පොඩි සෑමාගේ අයියා, ලොකු සෑමා..

ලිව්වේ_10.11ඒ.එම්_11.12.2011

13 comments:

  1. මට නම් එතරම් පැහැදිලි නැති සේ දැනේ!

    ReplyDelete
  2. ඔබ නෙදුටු ලොවක්- තැන්කු වේවා

    ලහිරැ- පොඩි එකෙක්ගේ වැඩක් නිසා අපැහැදිලි වීම සාධාරණය. :)


    මේ පැත්තේ ආවාට තුති..

    ReplyDelete
  3. සෑම නෙවේ මූට ඇම්ඩ කිව්වනං හරි. ඇයි යකෝ අර ලීයෙ ඇණගැහුවෙ. (කාගෙඋනත් දරුවෙක්නෙ!)

    ReplyDelete
  4. ඇණ ගැහුවේ කාටවත් අහිතක් කරන්ට නෙවේ බොල. අක්කගෙ නියම සහකරැවා හොයා ගන්න..

    ස්තුති රාජ් මහත්තයා.. :)
    හැබැයි සද්ද එපා හරිය... ?

    ReplyDelete
  5. මේ ලිපිය ඉතා වැදගත් කරුණු කීපයක් නිසා වැදගත් වේ.එයින් එකක් කියන්න කැමතියි පිටගැස්මට විදින බෙහෙතේ නම අද දැනගත්තේ. පොඩි ඒකා උනාට ඉතා වැදගත් කරුණු කීපයක් ඇත උසස්පෙළ සිසුන්ට ඉතා වැදගත්වේ.

    මොකද අපේ පැත්තේ අවේ නැත්තේ ජයෙන් ජය !!

    ReplyDelete
  6. පොඩි එකා දස්සයා..

    කුකුලා මලාට පස්සේ එහෙ ආවේ නැහැ.උඹ තව මොක්කු මැරැවද දන්නේ නැහැ. ඔන්න දැන් ගොඩ වෙන්න යන්නේ...

    ජය..

    ReplyDelete
  7. ඔය කාන්තාවන්ට පමණක් ය කියන බස් සේවය මට දවසක් රාජගිරිය දිහාවේ හම්බ උනා. අම්මාපල්ල පිරිමියෙක් එලවන බස් එකක නැගලා පිරිමි අපට කෝචෝක් හිනාවක් දාගෙන යන කැත විතරක් !!!

    මේවා දැක්කම අපේ ඇඟේ මාලු නටනවා ය.

    පොඩි සෑමා විද්දියාව දන්න කොල්ලෙක්ය. සෑමා වගේ නොව පොඩි සෑමා ලෝකය දෙස විමසිලිවත්ව බලයි. මේ ලිපිය සම්බන්ධව පොඩි සෑමාට තුති ය.

    ReplyDelete
  8. හනේ අපොයි ගැහැනු එසේමය. පිරිමි හයියෙන් පිරිමින්ට කෝචෝක් දමති.

    මධුරංග කොලුවා ඕනවාට වැඩිය. පොඩි සෑමා ලීවාට මුද්දරය ගසා පෝස්ට් කරන්නේ මහ සෑමාය.

    කමෙන්ටුවට පොඩි සෑමාගේ ස්තුතිය හා මහ සෑමාගෙන් ද්වේශයද හිමිවේ. ජය ශ්‍රී..

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. elaaazzzzzzzzz fattai kiyahanko

    ReplyDelete
  11. මේ පෝස්ටුව මා හට මගහරී ඇත්තාහුය.
    උඹගේ සියලු පොස්ටු එක වර කියවා ඉවර කිරීමට පහසු නොවන බව උඹ පවා දන්නවා ඇතැයි සිතමු.
    මෙය ඉතාම අගනා ලිපියක් බව මා හට වැටහෙන්නාහුය....
    එකල මා රස විඳිමින් කියවූ එදිරිගේ සාටරය(තරුණයා පත්තරය) සිහි කැඳවීමට ඔබගේ ලිවීමේ රටාව සමත් වූවෝය.
    මෙය එහි කොපියක් බව නොවේය මා අදහස් කලේ..
    එයින් ලද තරමේම තෘප්තියක් ඔබගේ පොස්ටුවෙන් ලදබව කීමට කැමැත්තෝය.
    සෑමා ට ජය වේවාය....!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...