Saturday, September 24, 2011

බණ්ඩා සහ ජම්බො ජෙට් - (දැන් ඉන්න කස්ටිය ඉස්සර චූටී කාලේ හිටපු හැටි / Grade 8)

‍බණ්ඩා සහ ජම්බො ජෙට්


10 වසරේ සීන් ලියන්න ගියාම තමයි අතීතේ අමතක කරපු එක නරක වැඩක් කියලා තේරුණේ. ඇගේ මූත්තරා කරගත්ත කාලේ අමතක කළාම කෙලවෙනවා කියන්නේ ඇත්ත තමයි. 10 ව‍සරෙ සීන් වලින් පටන් අරගෙන අපේ පාසල් අතීතය ලියන්න තමා මගේ හිත තිබ්බේ. එත් ‍ෆුල් Historyයම එක්ක ලිව්වම ලුණු ඇඹුල් එකතු කළා වගේ වෙනවා.

බ්ලොග් එකට ඉස්කෝලේ සීන් ලියන්න පටන් ගත්ත මට වුණේ හරියට 'බැදපු ජෝඩුවකට පළවෙනි දරුවා කෙල්ලෙක් වුණා වගේ' සීන් එකක්. බැන්දම කට්ටියට තේරෙයි (මමත් බැදලා නැහැනේ, මටත් ඒ කාලෙට තේරෙයි) මගේ උපමාව කොච්චර ගැලපෙනවද කියලා. තේරෙන්නේ නැති අයට පැහැදිලි කරන්නම්. පළවෙන් දරුවා කෙල්ලෙක් වුණාම දෙමවිපියන්ගේ පැතුම කොහොම හරි පරම්පරාව ගෙනියන්න කොල්ලෙක් හදන්න. දෙවෙනි, තුන්වෙනි පාර අසාර්ථක වුණොත් ඉතින් ගෙදර පඩිපෙල වගේ කෙල්ලෝ සෙට් එකක් ඉබේම බිහිවෙලා. පස්සේ ඉතින් 'පු'යන්නයි 'ක'යන්නයි ඉරාගෙන දෑවැද්ද හොයන්න වෙනවා. අන්න ඒ වගේ සීන් එකක් තමයි සෑම්ටත් වුණේ. පටන් ගත්තේ 10 වසරින් (පන්තිකවයේ සීන් එකෙන්) දැන් ඉතින් කුඩු ගහපු බිංකුණ්ඩා වගේ අතීතයම හාරවුස්සනවා.

අට වසරේ දී බණ්ඩයි, පුස්කට්ටයි, මමයි ආයෙත් සෙට් වුණා. ඒකත් ආතල්ම වසරක් වුණා. යාපා, දර්ශණ (නිමන්ත), සාලිය, ඩුමේෂ් (ඩුං ඩුං), තිළිණ (හනුමා), සංඛ, නුවණ් (කළු නුවණ්), වඩුගෙදර, නිපුන (පචයා), මිලංක (මීයා), නිරෝෂ්, පැණියා, මනෝ (DJ මනෝ සහ කොණ්ඩේ කර්ල් මනෝ), මුල්ලකන්ද (මොන්ටිසෝරි තල්මහ), ඉදුනිල් (බඩා), සදීප, කබ්රාල් (ටෝචා), කසුන් (ඔළුගෙඩි බෝලා සහ තව කසුන්ලා 2න්නෙක් හිටියා), රුක්ෂාන් (බොකා), දුමින්ද (ජෙමා), කොසා (කොස්ගොල්ල), ධනුක, විනෝද් (බණ්ඩාර), දමිත්, චින්තක, ඉසුරු, අප්සරා, ධනංජනී, තුසිතා (කපුටි),  වගේ තව ආතල්ම චරිත සෙට් එකක් හිටියා (අමතක වුණ නම් තියෙනවද දන්නේ නැහැ). ඒ ආතල් ඩබල් වුණේ ගණන් උගන්නපු මැරයයි (මැරයා) තඩි මහත බුද්ධාගම උගන්නන්න හිටිය ජම්බො‍ජෙට් (සංවරණි) ටීචර් නිසයි.


ජම්බො‍-ජෙට් ටීචර් (සංවරණි ටීචර්) ගැන බිදක්...



ටීචර්ගේ ෆොටෝ එකක් අප්ලොඩ් කරන්න තිබ්බනම් මරුය. විස්තර කියනකොට අපේ එවුන්ට නම් මතක් වෙලා හිනායයි. එයාට ජම්බොජෙට් කියන්නේ එයා එච්චර speed නිසා නෙවේ. ඒ නම අපේ එවුන් ටීචර්ට දීපු ආචාර්ය පට්ටමකි. Size එකෙන් ඇය ජම්බොජෙට් එකකට සමානය. කොටය (අඩි 4.5 කි),  මහතය, ‍හොදටම සුදුය, ඒත් ජම්බොජෙට් කියා නම වැටුණේ ඒ කිසිවකට නොවේ. ඇගේ "තාල බොං" දෙක නිසාය. (අනිත් පැත්ත හරවා බලන්න, තාල බොං කීවට බෝලම නැත, ජෙට් එක වගේ විශාලය, උල්ය. අපේ එවුන් වැස්සට බේරෙන්න දුවන් එන්නේත් ටීචර් ලගටය. ජෙට් එක යට දෙන්නෙක්ට නොතෙමී සිටිය හැක). ඇගේ නම "සංවරණි" නොව "ස්වර්ණමාලි" වූවානම් ගැලපේ. මොකද ඇය එන්නේ ජංගම ස්වර්ණමහල් ශාඛාවකි ලෙසය. ඇග පුරාම රත්තරංය. ඇය කොහෙන් කැපුවත් මස් කිලෝ එකයි සහ පවුම් දෙකකි. ඒ තරමට රත්තරන්ය.


තාල බොං කීවට බෝලම නැත



අපේ එවුන් ටීචර් පන්තියට ආවහම කරන්නේ ටීචර්ගේ රත්තරං, වාහනය සහ ගෙදර බල්ලා ගැන කථා කිරීමය. එනිසා අපේ ආතල්ම පීරියඩ් එක බුද්ධාගමයි. ටීචර් පන්තියට එන්නත් පැය කාලක් ගතවේ. අපේ පන්තිය තිබ්බේ උඩම තට්ටුවේ අන්තිම කෙලවරේය. ටීචර්ට පඩි නැගීම අරහංය. එනිසා පඩි 10න් 10ට හති ඇර ඇර පන්තියට එන්නේ කෝපි බී පහුවෙනදා උදේම ටොයිලට් එකේ ඉදගෙන තටමනවා සේය. ඉතින් පන්තියට අමාරුවෙන් ඇවිත් ඉදගත්ත හැටියෙම අපේ එවුන් ටීචර්ගේ සාරියෙන් පටන් අරන් හැම මගුලම ලස්සනයි, හරියට වටිනවා කිව්වම ටීචර් සැටිස්ය.

ටීචර් උගන්නන්නේ ඉදහිටය, ඉදහිට ඉගැන්නුවත් ඉතා සරලය.ඇයට අවශ්‍යය වන්නේ පැන්සලක්, හා අච්චු පොත පමණි. චෝක් නාස්තියට ඇය තිත තබා සිටියාය. ජම්බොජෙට් ඇහැට පේන දුරින් ඉන්න එකෙක්ව නැගිට්ටවා පාඩම කියවන්න කියයි. පාඩමේ ‍විශේෂ තැන් පැන්සලෙන් ඉරි ගහන්න කියයි. එයා කියන තැන ඉරි ගැහුවාම ඇතිය. පෑනෙන් ඉරි ගැසීම තහනම්ය. අපිට අට වස‍ර මුදලදී අච්චු පොත් බෙදනකොට බුද්ධාගම පොත් පන්තියට මදි වීය. ඒනිසා පන්ති භාර ටීචර් කළේ පරණ පොත් අතරින් පතර බෙදීමය. මගේ වාසනාවට මට බුද්ධාගමට ලැබුණේ පරණ පොතකි. පරණ පොතක් නිසා කලින් වසරේ කවුරුන්හෝ පොතේ ඉරි ගසා තිබිණි. ඉතින් මට බුද්ධාගම free පීරියඩ් එකකි. ටීචර් ඉරි ගහන්න කියන්නටත් කලින් මගේ පොතේ ඉරි ඇදී ඇත.

ටීචර් ඉස්කොලේ ආවේ එයාගේම වෑන් එකේය. සිය පවුලම වෑන් එකේ එයි. වෑන් එකේ සුලමුල විමර්ශනය කලේ නිරෝෂ්, යාපා, නුවන් ඇතුළු පිරිස විසිනි. දවසක් ඉන්ටර්වල් ‍එකේ මේ සෙට් එකම කාර් පාර්ක් එකේ තිබ්බ වෑන් එකට ඔළුව දමා තිබිණ. ඔවුන් විසින් ඇතුලේ සිටින අංකල් කෙනෙකුයි, කෙල්ලෙකුයි, බල්ලෙකුයි දැක ඇත. එදා ටීචර් පන්තියට ආවහම බයිට්ය. ඇය කීවේ ඇතුලේ හිටියේ driver & servant කියාය. අපේ පරීක්ෂක කණ්ඩායමේ පිරිසේ පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන අනුව ඇය ‍servant බව ඇත්තය, නමුත් ඔහු driver නොව, ස්වාමිපුරුෂයාය. බල්ලාට නම් කන්න දෙන්නට ගෙදර කවුරුත් නැති නිසා වෑන් එකේ ඉස්කොලෙට ගෙනවිත් ඇත. ඉන්ටර්වල් එකේ ටීචර් කන්නටත් පෙර වෑන් එක ලගට ගොස් බව්වාට කවයි, කිරිත් පොවයි. අංකල්ට කන්වත් නැත්තා සේය. බඩ පිටට ඇලී ඇත. අපේ එවුන් ටීචර්ගෙන් ඉල්ලා හිටියේ අහිංසක බල්ලාව 5 වසරටවත් දමා වැඩිදුර අධ්‍යාපනයට යොමු කරන ලෙසයි. ඒත් සිදුවූයේ ටීචර්ගේ වාහනයේ වීදුරු ටින්ට් කිරීම නොව, හැම වීදුරුවකම පත්තර පිටු ගසා තිබීමය.එදායින් පසු අපිට වෑන් එක ඇතුල පෙනුනේ නැත.

ටීචර් ගැන ලිව්වොත් මට අද නින්දක් නැත. ඉවරයක් නැත. හෙටත් තවත් සීන් මතක් වනු නියතය. ඒනිසා ටීචර්ගේ සහ බණ්ඩාගේ (කසුප් ශී බණ්ඩාර) සටන සටහන් කරන්නම්. බණ්ඩා ජම්බෝ සමගත්, ජම්බෝ බණ්ඩා සමගත් මලය. උගන්වනවා වෙනුවට බොරු කරනවාට බණ්ඩා කැමති නැත. අපිට නම් ඕන පුකක් පීති වෙසක්ය.

ටීචර් පාඩම කරනකොට මට කරන්නට දෙයක් නැත. මගේ පොතේ කොහොමටත් ඉරි ගසා තිබිණ. එත් මම ඉරි ගහනවා වගේ සිටියෙමි. නැත්නම් අහක යන ටෙෆියක් ක‍ටේ දමා ගැනීමට සිදුවේ. අනික ඉරි ගහපු ඒවා මකලා ආයෙත් ඉරි ගහන්න ඕනේ නැහැනේ. එදා පාඩම මුල සිටම බණ්ඩාත් ආතල් එකේය. ඉරි ගහනවා තියා මූ ටීචර්ගේ මූණවත් නොබලයි. කොල්ලා ඉගෙනීමටම උපන් නිසා මාත් සොයන්නට බලන්නට නොගියෙමි. ඒත් ටීචර්ට වැඩේ මීටර් විය.


"ඔය ළමයා මොකද කරන්නේ ? පාඩම අහගෙන නෙවේද ඉන්නේ ?" ජම්බෝ ඇසීය.


"ඔව් ටීචර් මම අහගෙන ඉන්නේ" බණ්ඩා පිළිතුරු දිනි.


"බොරු එපා ළමයා, මම මුල ඉදලම බලන් හිටියේ, ඔයා මම ඉරි ගහන්න කීවත් ගැහැවේ නැහැ. උඩ බල බල හිටියේ" ජම්බෝ කේන්තියෙන් තොරව කීය.


"ගැහුවා ටීචර්" බණ්ඩා ගණන් නොගෙනම කීය.


"නැහැ. නැහැ. ඔයා මොකක් හරි බොරුවක් කරන්නේ, කෝ පොත අරන් එන්න මෙහාට" ටීචර් කීය
ටීචර් පොත ඉල්ලයි. බණ්ඩාත් කිසි අවුලක් නැතිව නැගිට ගියේය. බණ්ඩා වැඩ කරන කොල්ලාය. ඉතින් අපිටත් පොර ගැන සැකයක් නැතිය. ටීචරුත් පොත පෙරලා බැලීය.


"ඈ ‍ළමයො පාඩම ඉවරත් නැහැ ඔයා පාඩමටම ඉරි ගහලනේ" ටීචර් පොත බලා කීය.


"නැහැ, ටීචර් කොහොමත් කරන්න කිය‍න්නේ ඔය ටිකමනේ, ඉතින් මම ඊයෙ හවස ‍ගෙදරදි පාඩම කියවලා, ඉරි ගහගෙන ආවා" බණ්ඩා කීය. ටීචර්ට මලය. බණ්ඩාට ගාණක්වත් නැත.


"මොන විකාරයක්ද ඕයි? තමුසෙද උගන්නන්නේ මමද? යනවා පන්‍තියෙන් එලියට, කොරිඩොවට වෙලා පාඩම අහගන්නවා. තමුසෙලා එනවා මට උගන්නන්න" ජම්බෝ ජාතිය ඇමතීම අහවර කළේය.


මම එදා හවසම පොතේ ඔක්කෝම ඉරි ටික මකා දැමුවෙමි.


-මතුසම්බන්ධයි
8 වසරේ තව සීන් ගොඩයි. ඊලග පෝස්ට් එකෙන් බලමු.


Written by sAm_10:30pm_ 23.09.'11

9 comments:

  1. හපොයි ඉස්කෝල කතා නේද..? වැඩේ නැගලා යයි වගේ..ඔහොම යං...

    ReplyDelete
  2. මල්ලි මේකේ වර්ඩ් වෙරිෆිකේෂන් අහක් කරන්න..ඒක කමෙන්ට් කරන්න කරදරයක්.

    ReplyDelete
  3. ඉස්කෝලේ සීන් කාටත් පොදුයි. ඇත්තටම වෙච්ච සීන් ගොඩක් මතක හැටියට එකතු කරන්න තමා අයඩියා එක. සහයෝගයට ස්තූතියි සහෝ...

    ReplyDelete
  4. මචන් මේ කාලේ අපෙ පන්තිවල හිතියෙ දගයා,පොඩි ඕමා,සිනානි.....8 උම්බලගේ පන්ති වල මතක හිටින එකම බුවා කොසා තමා. ඔය සීන් වල අපි හිටියේ නැති නිසා අර්තල් එක කියවලාම තමා ගන්නේ

    ReplyDelete
  5. ඔව් මචෝ අපි දන්නේ නැති හැංගිච්ච කේස් ගොඩක් ඇති. ඒවා ඔක්කෝම ගොඩගන්න ඕනේ. ඊලග පරම්පරාවට පේන්න. මට කොසාගේ නම දාන්න අමතක වුණා. කොසාගේ කැමරා සීන් එක ලියන්න ඕන. කොල්ලට අවුල් යයි ද දන්නේ නැහැ...

    ReplyDelete
  6. පට්ටයි සෑම් පට්ටයි

    ReplyDelete
  7. කස්ටියවම පට්ට ගහන්න පටන් අරන් තියෙන්නේ කස්සෝ... :D

    ReplyDelete
  8. අඩෝ Ds එකෙත් ඔහොමම dial එකක් හිටිය බං..උඹ ds එකේද???

    ReplyDelete
    Replies
    1. නැහැ මචං.. තව පෝස්ට් බැලුවොත් උඹට කියන්න පුළුවං වෙයි මගේ ඉස්කෝලේ.. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...