මීයන් කිව්වාම කස්ටියට මතක් වෙන්නේ පිරිමි පක්ෂයය. පූසන් කිව්වාම ස්ත්‍රි පක්ෂයය. ඒ තරමට අපේ වචන අවභාවිතය අපූරුය. ඒවාට වග කිව යුත්තේ අපිමය. මන්ද සාමාන්‍ය බස් වහරේ ඇති නාම පද කුණු හරප කියන කැටගරියට දමා ඇති නිසාය. මීයං අල්ලන් අල්ලං අල්ලං කිය කිය පොඩි උන්ගේ මීයා අල්ලන නිසාත්, කෙල්ල උඩ පනිද්දී කෝමද ආච්චී මගේ ජම්ප් එක කියා අසද්දී ආච්චී කෙල්ලගේ ගවුම අස්සෙන් අහවල් එක දැක එය ජම්ප් එක නෙවෙ කෙල්ලේ පූසා කියා අර්ථකථන දීම නිසාත්, උක්ත වස්තූන් සඳහා නියම නම, හෙවත් නාම පද කුණුහරප කැටගරියට වැටී ඇත්තේය.
යටගිය දවස මීයා විකුණන් දියුණු වූ පුද්ගලයා ගොඩ ගියේ චුල්ල සිටු වරයා නිසාය. මෑත භාගයේ මීයන් විකිණීමට ගියේ අපේ කුලේ අංකල්ය. මේ කතාව ලියැවෙන්නේද ගෙදර සිටින මීයන් සහ මීයන් අල්ලං අල්ලං කිරීමට ගෙට වද්දා ගන්නා පූසන් සම්බන්ධව මිසක් අහවල් වස්තූන් ගැනෙ නෙවේය. මීයා වනාහි ගෙදරට මහා හිසරදයක්ය. අපි නැති අතරතුර කුස්සියේ විප්ලව කරමින් ජරා කරන්නාවූ මීයන් දුටු තැන මතක් වන්නේ මී කතුරය. පොල් කැබැල්ල තබා මීයා යට කර ගන්නා සරල යන්ත්‍රය මී කතුර වන්නේය. ඉන්පසුව ආවේ මී කුඩුවය. මී කූඩුව ඇතුලේ තිබෙන කොක්කේ කෑමක් එල්ලා තැබූ විට ඌ එය කන්නට පැමිණ දඟ කරද්දී මී කූඩුවේ දොර ඔටෝ වැසෙන්නේය. ඔටෝ කිව්වාට එය මීයා විසින්ම කර ගන්නා දෙයක්ය. ජීවග්රහයෙන් මීයා ඇල්ලෙන නිසා කේස් එක ඇත්තේ එක්කෝ අපි ඌව මැරිය යුතු නිසාය. නැතිනම් කොහෝ හෝ විසි කළ යුතු නිසාය. කුලේ අංකල් මීයන් විකිනූ කතාවේ ඇත්තේද මේ ජීවග්රහයෙන් අල්ලා ගන්නා මීයන්ට කරනා දේ ගැනය. ඉන්පසුව මී පාසනම් ගැනත්, මීයන් ඇලවෙන ගම් සහිත බෝඩ් එකද සිහි වන්නේය. ඒ බෝඩ් එක නම් අසික්කිත් එකක්ය. කොහැල්ලෑ බබාගේ කතාව වගේ ඇලවී සිටින මීයා ගලවා ඉවත් කිරීම අප්පිරිය සීන් එකක්ය. අවසන කැරකී ඉතුරු වන තුරුම්පුව නම් පූසාය.
ඇම්ඩන්ගේ පූසා නැතිවූ කතාවේ ටීචර් ලග සිටියේ කට කෙලින් අතට ඇති පූසෙක්ය. ඒ කතාව දන්නෝ දැන් සිනහ වන්නෝය. අපේ ගෙදර මී කරදරය තරමක් දුරට අඩු කරවා ගත්තේ සැමාගේ මෙහෙයුමක් නිසාය. මීයන් ගෙට පනින පේර ගසේ අතු කැපීම මඟින් තරමක් දුටු වැඩේ ගොඩ ගියේය. ඉන්පසුව නිවසේ සීලිමේ සැගවී සිට පහර දෙන උන් මර්ධනය කිරීමට දැල් කෑලි ගැසීම තරමක් ප්‍රමාණවත් වූයේය. කෙසේ හෝ අවසන් තුරුම්පුව සුපුරුදු ලෙස ගැසුවේ කිටීය. ඒ පූසෙක් නොව සෑමාගේ පවුලය.
“මොන මඟුල කළත් හරියන්නෙ නැහැ බබා.. බැළලියෙක් ගේන්නෝනි ගෙදරට...“
“මගෙ අම්බෝ.. අර එකෙක් ඇවිත් හොරෙන් කාල යනව දැකල නැද්ද? අනික උන්ට පැටව් හම්බුණාම, උන්ගෙ මයිල් ගියාම, අනික උන් මීයො අල්ලන්නෙ නැහැ, මල වදයක් වෙයි... ඉස්සර මෙහෙ හිටිය සීයක් විතර.. අපෙ අම්මටම එපා වුණා..“
සෑමා සියළු වැඩ කැබලි දමා ගෙදරට පූසන් ගෙන ඒමේ හර්තාලය සාර්ථකව ගොඩ දා ගත්තේය. එහෙත් ඉන් පසු දවසක හොර බැලලී සහ තවත් පූස් තඩියෙක් පැමිණ මිෂන් එකක් දෙනු අප ලයිව් දුටුවෝය. එය දුටු විට ත්‍රාසයෙන් හා සතුටින් ඇලලී ගිය අප මිෂන් එකට එක් වූ පූස් තඩියන් දෙදෙනාගෙන් එකෙකු තෝරා ගැනීමේ හර්තාලය නැවත ඇරඹුවෙමු.
“අර හොර බැලලී හොදයි.. ඒකි මීයෝ අල්ලනවා..“
“අර සුදු එකා හොදා ඌ පූසා නේ.. පැටව් හම්බෙන්නෙ නැති නිසා ගොඩ..“
“ඒත් බැලලියෝ තමාලු මීයෝ අල්ලන්නෙ..“
“ඔව්.. මාත් දැකල තියෙනවා 18+ ෆිල්ම් වල.. පූසෝ මීයෝ ගිලිනවා දුක හිතෙන විදිහට..“
“විකාර නෙවෙ.. මම අර බැලලිට කන්න දීලා ගෙදරට පුරුදු කර ගන්නාව..“
“ඔන්න ඉතිං මීයෝ අල්ලන සත්තුන්ව නරක් කරල විනාස කරන්න යනවා..“
“ඇයි ඒ..??“
“ඇයි යකෝ... උන්ට කන්න නැති නිසානෙ මේ වැඩ දාල මීයෝ අල්ලන් ගිලින්නෙ.. උන්ට කන්න බොන්න දුන්නම උන් ආතල් එකේ නිකං ඉදල කන්න පුරුදු වෙනව...“
“අඩේ.. ඇත්ත තමා.. ඔන්න ඔහෙ මීයො අල්ලන් පාඩුවේ හිටපුදෙන්..“
වැඩේ එදාත් ගොඩය. මීයන් ඇල්ලීමට තියා හුරතලයටවත් පූසන් ගෙදරට වද්දා ගන්නේ නැතිය. උන් මැරුණු දාට ගෙදර කැම හැදෙන්නේත් නැතිය. ඒ කෙල්ලන්ගේ ගතියය. උන්ව කරට ගන්නේය. ඉන්පසු ගේ පුරා මයිල්ය. කළ යුතු නියම වැඩේ නම් උන්ට මීයන් අල්ලා ගැනීමට සයිඩ් සපෝට් එකක් දීම පමණක්ය.
ඇත්තටම මීයන්, පූසන් නරක් කරන්නේ කාන්තාවෝය. මීයන්ට විටෙක ඇල්මක් දක්වන්නෝය. ඒ නිසාම පූසන්ට ගෙදර කෑම කන්නට දෙන්නෝය. එවිට ගෙදර මීයෝ පිට පුසන්ගෙන් ගැලවී සිටින්නෝය. මෙවැනි කාන්තා මාෆියා වන්ට නොරැවටී ගෙදර මීයා පිට පූසෙක් ලව්වා හෝ අල්වා ගත යුතුය.
පලි - ලිපියේ අවසානය, වචන අවභාවිතයක් නොවේය.
Written_by_sAm_ශ්‍රී_Perera_7:13am_17.02.14