Thursday, March 14, 2019

ගුරු වර්ජන - Teacher's Strike !!


ගුරු වර්ජන අස්සේ කියවන්නට ලැබුනේ සුන්දරයි සුනන්දා හෙවත් රෝජාගේ පෝස්ට් එකක්ය. ඇය කියන්නේ..

"ගුරුවරු සේවය කරන්නෙ පැය කිහිපයකැයි මම නොකියන්නේ එය පැය කිහිපයකට සීමා නොවන බව අප කවුරුත් දන්නා නිසා වුවද? මෙය ඒක පාර්ශවීය වරදක් නොව ද්වීපාර්ශවීය වරදැකැයි මට සිතෙන නිසා මෙලෙස සටහන් කරමි. දිගින් දිගටම පිරිහෙන සමාජයක ගුරුවරු දුවා දරුවන් පමණක් නොව ඔබද මාද ඇතැම්විට වරදකරුවන් වී හමාරය." (පෝස්ට් එක මෙතැනින්)

ගුරුවරුන් පිළිබඳ සෑමා සතු වූ සුන්දර මතක අසුන්දර වූයේ උසස් පෙළ කාලයේය. ඒවා ගැන කෙටි බ්ලොග් සටහන් බොහොමයක් බ්ලොග් එකේ ලියැවී ඇත්තේ අමිහිරි සුන්දර මතකයන් ලෙසය. ගුරුවරුන්ගේ ඇතැම් දුර්ජන ක්‍රියා හේතුවෙන් ගුරු සංහතියම එපාවන බව නම් කිව යුතුය.



සෑමාට උසස් පෙළ ගණිත සර්ව එපා වූයේ ඔහු කළ අසාධාරණ පළිගැනීමක් නිසාය. එදා මා ඇතුළු පන්තියේ බොහෝ දෙනෙක් ගෙදර වැඩ කරගෙන ඇවිත් නොතිබුණු බව සත්‍යයක්ය. එහෙත් කලින් දිනක පන්තියේ සිසුවෙකු වෙනුවන් සාධාරණය කතා කරන්නට ගිය ඇරියස් එක සර්ගේ හිතේ තිබුණු බව සෑමාට සිහි වූයේ මේ සිද්ධියෙන් පසුය. පන්තියේ ඉතිරි හතලිස් දෙනා සිටියදී සර් ඉදිරියට කැඳවා සෑමාගේ පමණක් ගෙදර වැඩ කළා දැයි පොත පරීක්ෂා කළේය. ඔහු හොඳින් දැන සිටි කරුණ නම් අනිත් අයද ගෙදර වැඩ කරගෙන නොසිටි බවය. සෑමා වැඩ කරගෙන ඇවිත් නැති බව කියමින් පොත විසික් කර පන්තියෙන් එළියට දමා සර් තමන්ට අවශ්‍ය පලිය ගත් බව කිව යුතුය. පන්තියේ අනිත් සිසු සිසුවියන්ටද ඒ බව පසක් වූ බව සැබෑය. තමුන්ගේ තාත්තාත් ගුරුවරයෙක් නේද තමුසෙ දන්නැද්ද ගුරු වරුන්ට සලකන්නන යැයි ඔහුගේ මුවින් පිට වූයේ කළ වරද ගැන පමණක් නොව හිතේ තිබූ තරහවද පිටකරමින්ය. කාලපරිච්ඡේදය අවසන් වන තුරු එළියේ සිටි සෑමා එදායින් පසු ඒ ගුරුතුමා ගැන කිසිම පිළිගැනීමක් හෝ සතුටු සිතක් නොවීය.

රෝජා කියූ පරිදිම ගුරු සේවය උගන්වන කාල සීමාවට පමණක් නොව ජීවිත කාලයටම බලපාන් බව මම උගත්තේ අපේ තාත්තාගෙන්ය. ඔහු උත්සව අවස්ථාවකට ගියත් සැර බීමක් කටේ තිබ්බේ කලාතුරකින්ය. ඒ ගත්තත් බෙහෝ අල්ප වශයෙන්ය. ඒ සියල්ලටම හේතුව වූයේ උගන්වන කාලසීමාවට පමණක් නොව ජීවිත කාලයම ගුරු වරයෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටිය යුතු නිසාය. දිනක් සෑමා වෙඩිමකට ගොස් අඩියක් ගසනා විට ඈත සිට අංකල් කෙනෙක් ඇසුවේ ආ.. මේ සර් ගේ පුතා නේද කියාය. එතැනින්ම සෑමාට හිතුනේ සර් වගේම දරුවන්ද ගුරුවරයෙකුගේ දරුවෙක් යන හැඟීමෙන් කටයුතු කළ යුතු බව සමාජය බලාපොරොත්තු වන බවය.

ගුරු ගෞරවය සෑමාගෙන් නොපිරිහෙලා උදුරා ගත් උසස් පෙළ ගුරුවරුන් නිසාම ගුරු වර්ජනය ගැන සෑමාට ඇත්තේ අප්පිරියාවක් ලෙස සටහන් කළ යුතුය. අද ලෙඩ නිවාඩු දමා වැඩට නොගිය ගුරුවරු අපි මහන්සි වෙන්නේ දරුවන් හදන්න යැයි හෙට පාසැල් ගොස් කටපුරා කියන්නේ කෙසේදැයි සෑමාට නම් ප්‍රශ්නයක්ය. ප්‍රසිද්ධ පාසලකට ඔළුව දමාගෙන ටියුෂන් පිටින් ගොඩ යන බුරුතු සිටිනා බහුතරයක් ගුරු කුලකයෙන්, සැබෑවටම සුජාත ගුරුන් පැතීම ඉදිරියටත් නොකළ යුතු බව සෑමාගේ අදහසය.

#sAmsRi_14/03/19_11:59pm

11 comments:

  1. ස්ට්‍රයික් කරණ කොයි එකාවත් මටනම් අරහං. ගුරුවරු මේ තත්ත්වෙට වැටීම ගැන කණගා‍ටුයි වගේම ගුරු සේවය සමාජයේ ඉහලම වැ‍ටුප් ලබන වෘත්තියක් බවට පත් කිරීමට රජයටත් වගකීමක් තියනවා..ළමයාව සමාජ ගත කරණ කෙනා ඉන්නේ අසහනයෙන්නම්, පීඩනයෙන්නම්.. ඒ වගේ අයගෙන් යහපත් අනාගත පරපුරකට මග විවර වෙයි කියලා හිතන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. //ළමයාව සමාජ ගත කරණ කෙනා ඉන්නේ අසහනයෙන්නම්, පීඩනයෙන්නම්.. ඒ වගේ අයගෙන් යහපත් අනාගත පරපුරකට මග විවර වෙයි කියලා හිතන්න අමාරුයි..//

      ++

      Delete
  2. මේ කතාව කියවද්දි මටත් තව කතාවක් මතක් වුණා. ඒකත් ලියන්නම් එදා එහෙම නොවුනනම් අද මීට වඩා වෙනස් නේද කියලා හිතුණා මටත්

    ReplyDelete
  3. ඇත්ත. ගුරුවෘත්තිය ගුරුවරයගෙත් මුළු ජීවිතේටම බලපානව තමයි. බොරු කියනවනං, මේ බලන්න මම කාලෙකට කලින් ලියපු කතාවක්...

    දවසක් ඉස්කෝලෙ මහත්තේක් මගදි හම්බු වෙච්ච අපේ මේ අටම වගේ කෙනෙක් හොඳට බොන කන පොරක්, ආගිය කතා කතා කරල, ඇහුවලු,

    “ඉස්කෝලෙ මහත්තෙය, යංද පොඩි අඩියක් ගහන්ඩ?” කියල.

    ඉස්කෝලෙ මහත්තෙය කාරණා කාරණා සහිතව උන්නැහැට තේරුං කරල දුන්නලු ඒ ගැන.

    “උන්නැහැ, කාරණා තුනක් මත මම ඔය යෝජනාවට බෑ කියනව...

    “එක. මම ගුරුවරයෙක්. මගෙන් ඉගෙන ගත්ත ළමයි බොහොමයක් දෙනා මේ සමාජයෙ ඉන්නව. මං බිව්වොත් ඒක ඒ අයට කරන අගෞරවයක්. ඒ වගේම මගෙ කීර්තියට ලොකු හාණියක්. ඒ වගේම සමාජයට වැරදි ආදර්ශයක්.

    “දෙක. මම ලොකු මහත්වෙච්ච දරුවො තුන් දෙනෙක්ගෙ තාත්ත. මං කරන දුරාචාර දේවල් වලින් ඒ අයට සමාජයට මූණ දෙන්ඩ බැරුව යනව.

    “තුන තමයි...

    “...උන්නැහැට කිව්වට මොකද, මං දැනටමත් ටිකක් බීලයි ඉන්නෙ. තව බිව්වොත් මට ගෙදර යන්ඩ බැරුව යනව. කාණුපල්ලෙ තමා ඉන්ඩ වෙන්නෙ...”

    ඉස්කෝලෙ මහත්තුරු ගැන මම පෝස්ට් තුනක් දැම්මා. මේං...

    http://drackey.blogspot.com/2016/08/blog-post.html
    http://drackey.blogspot.com/2016/10/blog-post.html
    http://drackey.blogspot.com/2017/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඔය කතා තුන සමහර විට මම කියවල ඇති ඩ්‍රැකියා. ආයෙ බලන්නම් !

      Delete
  4. "අපි ඉගෙණගැනීමට පෙර ඉගෙන ගන්නා සැටි ඉගෙන ගත යුතුය " කියල රසායන විද්‍යා ගුරුතුමා කියපු උපදෙසක් මතක් උනා

    ReplyDelete
    Replies
    1. සමහර ටියුෂන් ගුරුවරු පාසැල් වල ගුරුවරුන්ටත් වඩා ආදර්ශමත්

      Delete
  5. දැං ඉන්න සම හරක් ගුරුවරු ගැනනං කතා කරල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ඉදන්ම එහෙමයි ප්‍රසා

      Delete
  6. ඉස්සර අපේ පන්තිබාර සරුයි , විද්‍යාව සරුයි අපේ ගෙදර ඇවිල්ල අපේ තාත්ත එක්ක සෙට් වෙලා බොනවා . මගේ ළඟ ෆොටෝසුත් තියෙනවා ... හෙහ් හෙහ් ..
    හැබැයි ඒ මිනිස්සු ගුරුවරු කියල අමුතු චරිත වෙන්න ගියේ නෑ ... කාල බිලා හිටියා . එයාලගෙන් ඉගෙන ගත්තා කියල මම බීමට ඇබ්බැහි වුනෙත් නෑ ...

    සර් කන බොන පොරක් කියන්නේ ගොඩක් වෙලාවට ළමයින්ට ආතල් එකේ උගන්නල ළමයින්ට දැනෙන විදියට හොඳ නරක කියල දෙන්න පුළුවන් මිනිස්සු ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...