Monday, November 6, 2017

ප්‍රශ්ණය තෙල් නොව දාම්ය... - Matter is Dam not fuel !!


හන්දියේ සිට පෝලිමය. ශෙඩ් එකටය. බෝතල් ගත් එවුන්ය. ත්‍රීවීල් බයික් ඈතින් පාර්ක් කරලාය. වාහන පෝලිම අවුල් නිසාය. ඈතින් පාර්ක් කර පෝලිමේය. ඒ අතර ත්‍රීවීල් වලම ආ ඩෑල්ය. දවසම ඉන්න බලාගෙනය. සියළු කටයුතු අත් හැරලාය. එදා වේල සොයා ගන්නටය. පෝලිමේය. පෙට්ට්‍රල් ගහන්නටය. සමහරක් පත්තර දිග හැරගෙනය. සමහරක් නිදිය. කරන්නට දෙයක් නැතිය. පොම්පය හිස්ය. තෙල් නැතිය. එන තුරුය. බවුසරය එනතුරුය. ඊලඟ පැයේ හෝ, වරුවේ හෝ දවසේ හෝ එනතුරුය. බලාපොරොත්තුය. ලැබෙනතුරයා. තෙල්ය. එදා වේලය.



ඒ අස්සේ එකෙක් දාම් බෝඩ් එකක් දිග ඇරගෙනය. තවත් එකෙක් සමඟය. වැඩේ නැගලා යන්නේය. බලා ඉන්නා උන්ට කික්ය. කම්මැලිකම මඟ හරිනා ඔසුවක්ය. කරන්නට දෙයක් නැති උන් වට වෙලාය. අදිනා උන්ට හුරේ කියන්නටය. නැති නම් වෙලාව යවා ගන්නටය. අදිනා උන්ට ගානක් නැතිය. එහෙත් බලන් ඉන්න උන්ට කික්ය. ලොකු ගේමක්ය. අදිනා උන් බර කල්පනාවක්ය. පැයකට වැඩිය. ඉත්තන් දහයක්ය. දෙපැත්තට බෙදිලාය. එකෙක්ට හයක්ය. අනෙකාට හතරයක්. උන් දෙන්නා වට පනහකට වැඩි පිරිසක්ය. සියල්ල තෙල් එනතුරුය. ඒත් ඊටත් වඩා ගේම ලොකුය.

එකෙක් සිරිපාලය. හන්දියේ කඩේ නිතරම දාම් අදින ඩෑල් එකය. චැම්පියන්ය. බුලත් විටක් හපනා, ඇඟිලි අතරේ සිරකර සුරුස් ගා කෙල ගසනා ඩෑල් එකය. ඔස්තාර්ය. දාම් වලට වැඩිය හැඩයට විට හපනා නිසාය. කෙළ රතුය. පොරක්ය. විටක බීඩියක්ය. උණු රොටියක්ය. ප්ලේන්ටියක් සමඟය. බ්‍රිස්ටල් එකක්ය. පොරක්ය. දාම් ද ඔස්තාර්ය..

අනෙකා ජෙහාන්ය. රැඩිකල්ය. වටේම කෙල්ලෝය. සියල්ල බැලන්ස්ය. අත හැර නොයන ඈයෝය. විට කටේවත් නැතිය. හපන්නේ චුයින්ගම්ය. පොරක්ය. කවි අතැඟිලි අගය. කොටන්නේ ස්මාර්ට් ෆෝන් එකෙන්ය. වෙනදාට චෙස්ය. අද දාම්ය. දාම් නම් ගානක් නැතිය. අදින්නේ චෙස්ය. ගේම පිටරටය. දාම් සිරිලංකන්ය. ඒත් ගේමට එන්ටර්ය. සිරිපාල සැලැන්ඩර්ය.

සිරිපාලට ඉත්තෝ හතරයක්ය. ජෙහාන්ට ඉත්තෝ හයක්ය. දෙදෙනාටම දාමෝ දෙක බැගින්ය. පිරිවර පනහකට වැඩිය. ක්ලැප්ය. විසිල්ය. බල්ටිය. සියල්ල තෙල් ගසන්නට ආවෝය. තෙල් එනතුරුය. කතාය. ඩෑල් එක සොයන සටනක්ය. එකෙක් සිරාය. අනෙකා ජෙහාය.

ඊලඟ මූව් එකට පෙර බර කල්පනාය. සිරිපාල විටක් කොටන්නට වීය. අතරතුර ජෙහාන් සුදු කළු කොටු අතර බර ගමන්ය. සිරිපාල විට කටේ දමා ගත්තේය. ජෙහා වයිබර් චැට් එකකය. බර සාර කතාය. කෙල්ලෙක්ය. ඩේට් කිරිල්ලක්ය. බැලන්ස් කළ යුතුය. සැප කනේය. සිරිපාල නැවත සුදු කළු කොටු අතර බර අඩිය. බර ගමන්ය.

පනහකට වැඩි පිරිසක්ය. දෙදෙනා දෙස බලාගෙනය. ඉවරයක් නැතිය. සියල්ල සිටින්නේ තෙල් වලට වැඩි හිතේ බරකින්ය. තෙල් කවදා හෝ පැමිණෙනු නියතය. දැන අවශ්‍යය තෙල් නොවේය. දිනන්නේ කවුද කියාය. පනහකට වැඩි පිරිසක්ය. වාහන පෝලිමේ තබාගෙනය. රියදුරු අසුන හිස්ය. සියල්ල බෝඩ් එක වටේය. සිරිපාල සහ ජෙහාන් සමඟය. කික්ය. තරඟයක්ය. බර හිත් අතැතිවය.

සිරිපාල සංයමයෙන්ය. ජෙහාන් නෙත් යොමාගෙනය. දෙදෙනා බලාගෙනය. තරඟය අතරය. කිසිවෙකු ඉක්මන් නැතිය. පැයකට වැඩිය. ඊලඟ පියවර බැලිය යුතුය. හෙන ගේමය. සියල්ල සන්සුන්ය. බලා සිටින සියල්ලම සිත්නනේ දෙදෙනගෙන් කිසිවෙකු හෝ දරුණු ලෙස ඊලඟ පියවර තබාවි යැයිය. කිසිවෙකු සද්ද නැතිය. දෙවෙනි පැයත් එලෙසමය. සියල්ල නිසොල්මන්ය. බලා සිටින උන් දෙදෙනාගේ බුද්ධි මට්ටම විචාරන්නෝය. නිසොල්මන්ය. දෙදෙනාම නිස්කලන්කය. කැලඹිලාය. බලා ඉන්න උන් කැළබිලාය. කිසිවෙකු ඉත්තෙක් අදින්නේ නැතිය. අම්මට උඩුය. දෙන්නාම ඩෑල්ය. මූව් එකකට මෙච්චර කල්පනා කරන්නෝය. 

අවසන හඬක් නැඟුනේය.

"සිරිපාල අයියේ මමද ඊළඟට අදින්න ඉන්නේ නැත්තම් ඔයාද?"

දෙදෙනාම පැටලී ඇත්තේ එකම ප්‍රශ්නයකය. නැතිනම් දාර්ශණික කල්පනා කිරීම් නොවේය.

තෙල් ආවේය.

සියල්ලෝම තෙල් ගසාගෙන ගෙදර ගියෝය. 

Written_by_sAm_ශ්‍රී_Perera_16/11/2017

9 comments:

  1. Replies
    1. තව ටිකක් උත්සාහ කරන්නයැ.
      ‍නැතිනම් වෙනියාගෙන් උපදෙස් පැතීම යහපතියැ.

      Delete
    2. පව් යකු..
      ඕම රිප්ලයි දාන්න එපා..

      Delete
  2. පට්ටයැ.
    ෂෙඩ් එකක් ළඟ බූරු පිටියක් ඕගනයිස් කිරීමට කාට හෝ සිතක් පහළ නොවුනොත් පුදුමයැ.
    තෙල් නැති වාහනයත් උගසට තබා ගේම පැරදී අයින්වෙලා පයින්ම ගෙදර යා හැකියැ.

    ReplyDelete
    Replies
    1. අන්නේකයි පොලිසිය දාල ඉන්නෙ..

      Delete
    2. මේක බලහංකො.
      http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Nov/07/23361164_1639889562742158_1752745740_n.jpg

      Delete
    3. සැපේ යකෝ.. පට්ට !!!

      Delete
  3. තෙල් ගැටලුවෙන් සෑදී ඇති පෝලින්වලට හොඳ විසදුමක්...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...