Monday, November 13, 2017

කෙල්ලගේ ගෙදර පළමු රැය... - First Night at Girl's Home !!



සෑමා ඉස්කෝලෙ යන කාලෙ නම් ආදරය මේ තරම් ඇඩ්වාන්ස් නැතිය. දැන් කාලේ ආදරය පට්ට ෆෝවර්ඩ්ය. ෆස්ට් සයිට් එකෙන් ලව්ය. දැක්ක දවසෙ ඉදන්ම ලව්ය. ඉස්සර ඒකට කිව්වේ හිත ගිය තැන මාලිඟාව කියාය. දැන් උන්ට සියල්ල ෆස්ට් සයිට් එකෙන් නිසා දකින හැම එකටම ලව්ය. හැම තැනම මාලිඟාය. ඒකත් ආතල්ය. දැක්ක ගමන් නම්බරය ඉල්ල ගත්තේ නම් ගොඩය. නැතිනම් නම අසා ගැනීම සෑහෙන්නේය. නම්බරය ඉල්ලා ගත් දා සිට වයිබර් හා වට්ස් ඇප් හෝ ඉමෝ මගින් පට්ට ඇක්සස්ය. නැති නම් නම බලා බුකියේ සර්ච් කිරීම සෑහෙන්නේය. ඉතිං දැන් ලව පට්ට ස්පීඩ්ය. ඇඩ්වාන්ස්ය. ඒ එක්කම සෙක්ස් නම්  නතිංය.

ඒ කාලේ සෙක්ස් කියන්නේ මහ දෙයක්ය. කොල්ලා කෙල්ල එක්ක සෙට් වෙලා මුලින්ම අතින් ඇල්ලූ දා පළමු සෙක්ස් කළ දා කියා ගණන් හැදුවාට කාරි නැතිය. ඒ තරමට ලං වීම හෙනම අමාරුය. අතින් අල්ලා දෙවෙනුව කිස් එකක් දුන් දා එවරස්ට් තරණය කළාට වඩා හතිය. ක්ලාස් එකක් කට් කිරීම, බීච් යාම, ෆිල්ම් එකක් බලන්නට යාම දක්වාද, එතනින් එහාටද යෑම මහා දෙයක්ය. දැන් නම් ලව් නතිංය. සෙක්ස් ඊටත් වඩා නතිංය. ලං වෙලා බැරි නම් ඔන්ලයින් හෝ වීඩියෝ හෝ කළ හැකිය. තාක්ෂණය සමඟ සියල්ල ඉක්මන්ය. වටිනාකම අතින් පහත්ය. ඉස්සරහට මොනවා වෙයිද කිව නොහැකිය.

එහෙම අමාරු කාලයක අපේ එකෙක් කෙල්ලෙක් සෙට් කර ගත්තේය. කොල්ලා කෙල්ලගේ ගෙදර යන්න ගත්ත කාලයේද සිටියේ හෙන ඩෑල් එකක් වගේය. අඩෝ මම දැන් කෙල්ලගේ ගෙදරත් යනවා සීන් එක මාර කික්ය. කෑලි නැති උන්ට, ගෙදරට හොරෙන් ලව් කරන උන්ට අපෙ මිත්‍රයා ඩෑල් එකක් වී සිටියේ ඒ සමයේය. ගෙදර ගියාට හැබැයි සම්බාධක බොහෝ බව ප්‍රසිද්ධ රහසක්ය. කවුරුත් ගෙදර නැති වෙලාවට ගෙදරට එන්ටර් විය නොහැකිය. කෙල්ල තනියම නම් කේස්ය. අම්මා හිටියත් ටිකක් අවුල්ය. ගෙදර පිරිමි පරානයක් නැතිනම් කොල්ලාට ලිමිටේෂන්ස්ය. ඒත් අපේ එකා එව්වා සමාජගත් නොකළේය. අපෙ උන්ද එව්වා කොහෙන් හෝ අල්ලා ගන්නේ කොල්ලාව විනාස කරන්නටය. මොකද ඌ කෙල්ලගේ ගෙදර යන මට්ටමට අපට වඩා ඉහල තැනක සිටි නිසාය.

එහෙව් කෙල්ලගේ ගෙදරට යන කොල්ලන්ට ලැබෙන චාන්ස් කිහිපයක් තිබෙන්නේය. කෙල්ලගේ ගෙදර කිසියම් බර වැඩක් තියෙන්නේ නම් කොල්ලාටද එයට ආරාධනා ලැබෙන්නේය. වැඩේ කොච්චර අබ්ලික් වුණත් කොල්ලා බැහැලා සීන් එකට බහින්නේ කෙල්ලව මොහොතකට හෝ තමන් ලඟ තනිකර ගැනීමට අවස්ථාවක් බලාපොරොත්තුවෙන්ය. බොහෝ විට බිදී යන එවැනි බලාපොරොත්තු ශෝකානුකූලය. කෙල්ලගේ ගෙදර මලගෙයක් නම් කොල්ලා නයිට ගසන්නේ දවස් හතමය. ඒ සඳ ඇති රැයක කෙල්ලගේ රුව සඳ එළියේ බලාගන්නට විය හැකිය. නැතිනම් සඳ ගිණි ගනී චිත්‍රපටයේ ට්‍රේලරය හෝ බලාගැනීමටය. දානයක්, පිරිතක් වගේ නම් කොල්ලා අත අරින්නේද නැතිය. අද කාලේ නම් කෙල්ල ගෙට වූ දා සිට කෙල්ලගේ පාටිය ගන්නා දින දක්වා කෙල්ලගේ ගෙදර වැඩපල කර දෙන් ආදරවන්තයෝද සිටින්නට පුලුවන්ය. ඒ තරමට දැන් ආදරය ස්පීඩ්ය.
  
ඔහොම කොල්ලන්ට චාන්ස් නැති ඒ කාලේ අපේ මිතුරෙක්ට නියම පල්ලමක් සෙට් වුණේය. කොල්ලා කෙල්ලගේ ගෙදර ගිය වෙලාවක්ය. ගෙවල් දෙකෙන්ම ලව් එක ගැන දැනගෙන සිටියෝය. පර්මිෂන් ද ලැබී තිබුණේය. එහෙත් කොල්ලා කෙල්ලගේ ගෙදර නයිටක් ගසා තිබුණේම නැතිය. හවස තේ එකක් බොන මොහොතේ තිබුණු චිරි චිරි වැස්ස ධාරාණිපාත වැස්සක් බවට පත්වන්නට ගියේ සුළු මොහොතක්ය. කළුවර බොහෝය. අකුණුද අහස පොලොව නුහුලන තරම්ය. කොල්ලා එහෙ ගියේ බයික් එකකය. රේන් කෝට් එකකට දරන්න බැරි කුරිරු වැස්සය.

"අප්පා පායන පාටක් නැහැ වගේ.." කොල්ලා බොරු සුසුම් හෙලන්නේය.

"මේ වැස්සෙ කෝම යන්නද?" කෙල්ල නෙගටිව් ටෝක්ස් මය.

"තව ටිකකින් පායයි. පුතා ටිකක් බලලා යන්න.." නැන්දම්මා පල නොකියා පලා බෙදමින්ය.

මාමණ්ඩී සද්ද වහලාය. විටක කොල්ලාගේ දුක තේරුම් ගෙන විය යුතුය. ටීවීත් බලන්නට බැරි තරම් ගොරවන හඬය. මාමණ්ඩී සෝෆාවේ පත්තරයක් බලමින් සිටියේය. නැන්දම්මා කුස්සියේය. විටක සාලයට ඔළුව දමමින්ය. ලිප ලඟ සිටිමින් සාලයේ සංවාද වලට උත්තර දෙමින්ය. වැස්ස වැඩි වන ලකුණුය. කෙල්ල රූම් එකේ සිට කොල්ලාට ටෙක්ස්ට් කරමින්ය.

"ඔයාට යන්න බැරි වෙන්නමයි ඕනෙ.."

"මේක පායන පාටක් නැහැ. පුතා පුලුවන් නම් අද මෙහෙ නවතින්න." මාමණ්ඩිය කිව්වේ පත්තරය පසෙකට තබමින්ය.

"ඉන්නව නම් පුතා ගෙදරට කෝල් එකක් දිලා කියන්න" ඒ නැන්දම්මාය.

"එහෙනම් මම කෝපි එකක් හදන් එන්නම්." ඒ කෙල්ලය.

"පුතාට ඉස්සරහ කාමරේ ලෑස්ති කරලා දෙනවා හොඳයි.." ඒ මාමණ්ඩිය ය.

සියළු ඇප්රූවල්ස්, ඇරේන්ජ්මන්ට්ස් අස්සේ කස්ටිය සාලයෙන් ඩිස්මිස් විය. ගෙදර හෙන කළබලයක්ය. මොහොතකින් කෙල්ල ආවේ කෝපි කෝප්පයක් සමඟය. කොල්ලා මිසින්ය. හිටි තැන නැතිය. හෙල්මට් එකත්, ජැකට් එකත්, බයික් එකත් සමඟ මිසින් ය. අම්මාත්, තාත්තාත් පැමිණ ගේ පුරා හෙව්වේ කෙල්ලගේ කොල්ලා කෝ කියාය.

"කොල්ලට ලැජ්ජ හිතුණද දන්නෑ.. අපි එහෙම නම් ඒ කාලේ පැනලා නවතින්නේ.." මාමණ්ඩීය.

"අනේ හැදිච්ච කොල්ලෙක්.." ඒ නැන්දම්මාය.

"අයියෝ ෆෝන් එකත් ආන්සර කරන්නෙ නෑ.." ඒ කෙල්ලය.

සියළු දෙනාගේ කමෙන්ට්ස් මැද ගෙදර දොර වැසුනේය. කස්ටිය වැස්ස නිසා නිදා ගන්නට සූදානමය.

ටොක් ටොක් ටොක්..

දොරට ගසන සද්දයක්ය. මාමණ්ඩිය ගොස් දොර ඇරියේය. නැන්දම්මාද ඉස්සරහට ආවේ මේ වෙලාවේ කවුද කියාගෙනය. කෙල්ල කාමරයෙන් ඔලුව දොට්ට දමාගෙන සිටියාය.

අම්මට උඩු කොල්ලාය. ජැකට් එක, කලිසම සියල්ල තෙමීගෙන නැවත ගෙදර ඇවිත්ය.



"කොහෙද පුතා ගියෙ.." ප්‍රශ්න කෝටියකින් එකක්ය.

"නෑ අප්පා.. මම ගෙදරට දුවල ආවා රෑට අදින්න ඇඳුමක් අරගෙන.."


Written_by_sAm_ශ්‍රී_7:48pm_13/11/2017

21 comments:

  1. ඒකට නම් හුකෑස්‍ ය.සෑමෝ උඹ නම් පට්ට ය.

    ReplyDelete
    Replies
    1. මම නෙවේය, ඌ නම් පට්ටය.

      Delete
  2. Replies
    1. අන්න හැදිච්ච කොල්ලෝ !

      Delete
  3. මම හිතුව ඌ රේන්කෝට් එකක් ගන්න කඩේට දුවලවත්ද කියලා...

    ReplyDelete
    Replies
    1. අම්මෝ බං උබ හිතල තියෙන දුර

      Delete
  4. මදැයි...
    ඊට පස්සෙ කොල්ලද නැත්තං කෙල්ලගෙ අම්ම තාත්ත දෙන්නද අංගොඩ නැවතුනේ.

    ReplyDelete
    Replies
    1. හිකිස්.

      සැට් එකම ගියාලු

      Delete
  5. බුදාම්මෝ බං ඒක
    පව් බං අසරණය
    😂 😂 😂

    ReplyDelete
  6. හෙක් හොක් හොක්.. සෑම නම් සෑම.. අන්නෙහෙම.. :))))))

    ReplyDelete
  7. මන් හිතුවෙ රේන්කෝට් එකක්වත් ගෙනෙයි කියලා

    ReplyDelete
    Replies
    1. උබත් හෙනම දුර හිතලා..

      Delete
  8. හයියෝ බං.මාමගේ සරමක් හරි ඇඳන් ඉන්න තිබ්බානේ.

    ReplyDelete
    Replies
    1. මාමාගේ සරම් දිරලාලු. හිල් ලු !

      Delete
  9. හැදිච්චි කොල්ලෙක් ඕයි!!!

    ReplyDelete
  10. කොල්ලාට උපන් ඇඳුමින් හරි ඉන්න තිබ්බෙ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...