Saturday, January 7, 2017

මේසන් බාස් කතන්දර... - Masonry Stories !!




නෝමන් සීයා යනු එච්චර වයස ඩෑල් එකක් නෙවේය. දුරින් නම් අපේ නෑයෝය. නෑකමට අනුව නම් සීයාය. මෑන්ස් මේසන් බාස්ය. සෑමාගේ අම්මා නම් කියන්නේ ‘නෝමන්‘ සීයාට ලැබී ඇත්තේ නියම නම කියාය. මෑන්ස් කොච්චර වැඩ තිබුණත් ඕනෑම වැඩක් භාර ගන්නේය. ඉන් පසුව වැඩ අන්ජ බජල් වී ඉවර කර ගැනීමට නොහැකිව තවත් වැඩක් අතරමඟ දමා යන්නේය. ඒ කාලේදී “නෝ මෑන්“ ය. ඒ අන්දරස්දහන් වන සමය නෝමන් සීයා, නෝ මෑන් වන නිසා නම නම් හරිය. කෙසේ හෝ අන්තිමට පැමිණ වැඩ අවසන් කරන නිසා මෑන්ස් ට වැඩ ඇත්තේය. කොහේ වැඩ කළත් උදේට ලංකාදීපය පෙරලීමට පොර සෑමලෑ කඩේට එන නිසා නෝමන් සීයා සුපුරුදු දසුනක්ය. බොරු කළබල නිසා කතා කරන්නට අවස්ථා නැති වුණත් මෑතකදී බාස් කතන්දර කිහිපයක් පොර දිග හැරියේය.

දිනක් නෝ මෑන් සීයා සෑමලෑ නැදෑ නිවසක වැඩය. මෑන්ස් තාප්පයක ගඩොල් අල්ලන සීන් එකක් කරමින් සිටියේය. සාමානයයෙන් ටයිල් හෝ ගඩොල් ඇල්ලීමට පෙර විශාල වතුර භාජනයක ගිල්ලවන්නේය. ඒ ගඩොල් තෙත අල්ලා සිමෙන්ති හොදින් ග්‍රහණය වීමටය. නෝ මෑන් සීයාගේ අත් උදව්වට සිටි ඩෑල් එක එදා නොසිටි හෙයින් එදා අත් උදව් දී ඇත්තේ අපේ සහෝදරයෙක් ය. 

“පුතා ඔය ගල් ටික තෙමෙන්න දාන්න“ යැයි නෝ මෑන් සීයා විධානය දී ඇත්තේය.

අපේ මෑන්ස් හෙඩ් බාස්ගේ විධානය පිළිගෙන භාජනය පිරෙන තුරු ගල් සියල්ල වතුර එකේ බස්සවා ඇත්තේය. මොහොතකින් නෝමන් සීයා ගල් ගන්නට භාජනය බලද්දී තාප්පයේ අත්තිවාරමට ගෙනා කළු ගල් සැට් එකක් වතුර භාජනයේ තිබී ඇත්තේය.

“ඈ බං ගල් ටික දැම්මද භාජනයට ??“

“ඔව් මේ දාල තියෙන්නෙ..“

“මරු ගෝලයා.. ගඩොල් නෙ බොල පොඟවන්නෝනි. කළු ගල් පොගෝලා අහවල් එකක් කරන්නද??“

එදා සිට අපේ ඩෑල් එක දකිද්දී නෝමන් සීයා මතක් කරන්නේ කළු ගල් පොඟවපු සීන් එකමය.

****

මෑතකදී නෝමන් සීයා දේව වරමින් සාස්තර කියන පොට් එකක ටොයිලට් එකක් බැඳීමට ගොස් ඇත්තේය. ගිය පළමු දිනයේම සාස්තර කියන කාන්තාවගේ කතන්දර නෝමන් සීයාට සහ ගෝලයාට දිරවා නැත්තේය. වැඩ පටන් ගත් මොහොතේ සිට සැරින් සැරේ ඇය පැමිණ කියා ඇත්තේ එකම කතාවය.

“දෙවියන්ගේ වැඩ වලට සල්ලි ගන්නෑ..“

කියමින් ඇය පැයකට වරක් ඔවුන්ට පැමිණ සිහි කැදවා ඇත්තේය. එය හිතට ගත් ගෝලයා කියා ඇත්තේ නෝමන් අයියේ වැඩේ අල්ලලා දාලා යමු. අද නම් අපිට මේ ගෑණි සල්ලි දෙන්නේ නැහැ කියාය. 

“තෝ කට වහං වැඩ කරපං මම නේ සල්ලි ගන්නේ..“ යැයි උත්තර දී නෝමන් සීයා දිනය අහවර වෙන තුරු වැඩ කර ඇත්තේය. අවසන කුලිය ඉල්ලීමට ගිය විට ඇය සුපුරුදු පිළිතුර දී ඇත්තේය.

“දෙවියන්ගේ වැඩ වලට සල්ලි ගන්නෑ..“

“අනෙ මේ දෙයියන්ගෙ අම්මට *&කන්නෙ නැතුව සල්ලි දියං මෙහෙට..“

කියූ සැනින් ඇය ඇතුලට දිව ගොස් මුදල් රැගෙන විත් ඇත්තේය. ඉතිං නෝමන් සීයා දෙයියන්ගේ අම්මාගෙන් පවා කුලියක් අය කර ගත් වැඩ්ඩෙක්ය.

****

බාස් ලා අතර ආවුද වලට සීතල යුද්ධයක් ඇති බව නොරහසක්ය. එකෙක් තවකෙකුට ආවුදයක් දෙන්නේ කලාතුරකින්ය. ඒ දුන්නත් කොන්දේසි සීයයක් උඩය. එහෙව් තත්වයක් යටතේ නෝමන් සීයා තව බාස් ඩෑල් එකකින් කියතක් ඉල්ලා ඇත්තේය. 

“අනේ බං නෝමන් කියතේ දැත්තක් කැඩිලා බං දෙන්න විදියක් නැහැ..“

කියමින් පොර, නෝමන් සීයාගේ වැඩේ මඟ හැර ඇත්තේ ය. කිසිම අවුලක් නැතිව එතැනින් පිටත්ව ගිය නෝමන් සීයා පොරට රිටන් එකක් දෙන දවස එනතුරු බලා සිට ඇත්තේය. කෙසේ හෝ කාලාන්තරයක් ගොස් පොර නැවත නෝමන් සීයා හමුවට පැමිණ ඇත්තේ දෙපැත්තට අදින විශාල කියතක් ඉල්ලාගෙනය.

“නෝමන් මට අර කියත දියං බං. ගහක් තියෙනවා කපා ගන්න..“

“අනෙ බං මහතුවෝ මගෙ කියතේ දැති දෙකක් කැඩිලා දෙන්න විදියක් නෑ ඕයි..“

මහතුවා අන්දොස් වී නෝ කතා, නෝ සිනා ඇතුව ඉවත්ව ගිය බවක් නෝමන් සීයා කියා සිටියේය.

****
Written_by_sAm_ශ්‍රී_09:40pm_06/01/17

19 comments:

  1. අපිට නැතිවුනාම දෙවියොත් නැති නිසා වැඩක් කලොත් දෙවියන්ගෙන් වුනත් සල්ලි ගත යුතුය.
    බාස්ලා ගැන නියම කතාවක් අපේ අම්මා කියල තියනවා, මෙහෙමයි ඒ කතාව...
    ඉස්සර අපේ ගේ හදද්දි වෙච්ච දෙයක් (එතකොට මට අවුරුදු 4ක් විතර ඇතිලු)ඒ වෙද්දි බිත්ති බ්ලොක් ගල් 3ක් වගේ තමයි උස්සල තිබිල තියෙන්නෙ. බාස්උන්නැහේ පුවක් ගෙඩියක් කපාගන්න කියල පිහිය ඉල්ලගෙන ගිහින්. දවල්ට උයන්න එහෙම ලෑස්තිවෙලා අම්මා බාසුන්නැහෙගෙන් පිහිය ඉල්ලුවලු. මෑන් කියනවලු පිහිය ආපහු දුන්නය කියල. හැබැයි අම්මට ෂුවර්ලු බාසුන්නැහැ පිහිය ආපහු දුන්නෙ නෑ කියල. ඉතිං උයාගන්නත් විදියක් නැති හින්දා අම්ම ආයිමත් කිව්වලු බාසුන්නැහැ හොඳට මතක් කරල බලන්න කියල. බාසුන්නැහැ ටිකක් වෙලා කල්පනා කර කර ඉඳල ගිහිල්ල අලුත් බැඳපු බ්ලොක් ගල් පේලි දෙක ගලවනවලු. වැඩේ මෙහෙමයි බාසුන්නැහැ පුවක් ගෙඩිය එහෙම කපල කාරිය පිහිය බැඳපු බ්ලොක්ගල් පේලිය උඩින් තියල මතක නැතුව ඒක උඩින්ම ආපහු තව ගල් පේලි දෙකක් බැඳල.

    ReplyDelete
    Replies
    1. අඩො යකාගෙ බාසෙක් නේ..

      දොස්තර ඔපරේශන් එක කරල කතුර ඇතුලට දාලා මැහුව වගෙ සීං එකක්..

      Delete
    2. ඔව් ඒ වගේ සීන් එකක්. ඒ පිහිය ඊට පස්සෙත් අපේ ගෙදර තිබුණ අවුරුදු ගාණක්ම.

      Delete
  2. අවංකවම හිනා නම් ගියා. වෙන බාස් කතා නැද්ද ආයිබෝං?

    ReplyDelete
    Replies
    1. නෝමගෙම තව එකක් තිබ්බ බං ඒක දැම්මෙ නෑ..

      ගමේ උන් ලීක් කලොත් කියලා

      Delete
  3. කතා දෙකක් නෑ ...හොඳ බාස්...

    --------
    සැමෝ , කාලෙකට පස්සේ ආවේ..
    කතාව එලස්..

    ReplyDelete
  4. අඩේ පට්ට ඇහ්. දවසට කතා දෙකක් වත් ලියන්න ඕන මම නම් කියන්නෙ

    ReplyDelete
    Replies
    1. උබා නාටාං...

      උපරිම සතියට තුනයි.
      ඊට වැඩිය එකක්වත් නෑ...

      Delete
  5. //අනෙ මේ දෙයියන්ගෙ අම්මට *&කන්නෙ නැතුව සල්ලි දියං මෙහෙට// හැක්.. මරු ටෝක් එක. අර ගෑනිට බඩ වෙන්න ඇති.

    ReplyDelete
  6. බාස් කියන්නේ මොන භාෂාවේ වචනයක් ද කියන එක ගැන හරි මතයක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ////A Dutch word for supervisor/leader/master, from which the American word "boss" is derived./////WIKIPEDIA.

      තැන්ක් යු ඩූඩ්.

      Delete
    2. Dutch Lanka කම්පැනිය ඒම අදහසකින් දාපු නමක් වෙන්ටෑ !

      Delete
  7. අර දෙයියොන්ගෙ කතාවනම් මරු බන්

    ReplyDelete
  8. අර දෙයියොන්ගෙ කතාවනම් මරු බන්

    ReplyDelete
  9. සුපිරි පොරක්නේ බන්.. සාස්තර ගෙදර කක්කුස්සිය හදන්න ගිහින් කියපු කතාව කියවල තාම හිනා බන්.. සාස්තර ගෑනිට කක්කුස්සියට යන යන වතාවක් ගානේ නොමෑන්ස්ව මතක් වෙනවා ඇති නේද...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...